ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-04-16

බතල



බතල දියවැඩියාව ඇති අයට හොඳයි. බතල යනු අඩු ග්ලයිසමික් ආහාරයක් වන අතර එයින් අදහස් වන්නේ ඒවා රුධිරයේ සීනි මට්ටම හදිසියේ වැඩිවීමක් ඇති නොකරන බවයි. ඒවා තන්තු, විටමින් A සහ C සහ පොටෑසියම් වල හොඳ ප්‍රභවයකි.

ඔබේ ආහාර වේලට බතල ඇතුළත් කර ගැනීම ඔබේ රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. ඔබට ඒවා පිසූ, බැදපු ලෙස  හෝ පොඩි කර රස විඳිය හැකිය. අමතර රසය සහ පෝෂ්‍ය පදාර්ථ සඳහා ඒවා සුප්, ස්ටූ හෝ එළවළු කෑමවලට එකතු කිරීමට උත්සාහ කරන්න.

බේක් කරන ලද බතල යනු ඔබට වසර පුරා භුක්ති විඳිය හැකි පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය  සම්පන්න සංකීර්ණ කාබෝහයිඩ්‍රරේටයකි. පැණිරස හා රසවත් යන දෙකම, බතල  ඉහළ  විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක සහ තන්තු වලින් පිරී ඇත.

 බතල පොඩි කර  , කැස්රෝල්වල හෝ බතල ෆ්රයිස් සඳහා පෙති කපා බේක් කළ හැකිය.

  බතල ඔබට සුදුසු දැයි කුතුහලයෙන් සිටිනවාද? මෙම ජනප්‍රිය එළවළුව ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙන්න.

 බේක් කළ බතල පෝෂණ කරුණු

මධ්‍යම ප්‍රමාණයේ (ග්රෑම් 150) බේක් කරන ලද බතල (මේදය එකතු නොකර සහ පොතු ඇතුළුව) කැලරි 142 ක්, ප්රෝටීන් ග්රෑම් 3.2 ක්, කාබෝහයිඩ්රේට් ග්රෑම් 32.7 ක් සහ මේද ග්රෑම් 0.2 ක් සපයයි. බේක් කරන ලද බතල විටමින් A, විටමින් C, විටමින් B6 සහ පොටෑසියම් වල විශිෂ්ට ප්‍රභවයකි. පහත පෝෂණ තොරතුරු USDA විසින් සපයනු ලැබේ.1

 කැලරි: 142

මේදය: 0.2g

සෝඩියම්: 273 mg

කාබෝහයිඩ්රේට්: 32.7g

තන්තු: 5.3g

සීනි: 9.3g

ප්‍රොටීන්: 3.2g

විටමින් A: 1370mcg

විටමින් C: 28.8mg

විටමින් B6: 0.5mg

පොටෑසියම්: 717 mg

කාබෝහයිඩ්රේට්

බතල මූලික වශයෙන් සෑදී ඇත්තේ කාබෝහයිඩ්රේට් වලින් වන අතර මධ්‍යම ප්රමාණයේ අලයකට ග්රෑම් 33ක් පමණ වේ. මෙයට ආසන්න වශයෙන් තන්තු ග්රෑම් 5 ක් සහ ස්වභාවිකව ඇති සීනි ග්රෑම් 9 ක් ඇතුළත් වේ. බතල යනු සංකීර්ණ කාබෝහයිඩ්රේට් වල සෞඛ් සම්පන්න ප්රභවයකි.

 බතල වල ඉහළ ග්ලයිසමික් දර්ශකයක් 94ක් ඇත.  කියන්නේ ඒවා ආහාරයට ගැනීමෙන් අඩු ග්ලයිසමික් දර්ශක ආහාර සමඟ සසඳන විට රුධිරයේ සීනි වේගවත් වේගයකින් වැඩි විය හැක.

 මේද

බටර් හෝ තෙල් එකතු නොකර බේක් කරන ලද බතල වල සම්පූර්ණ මේදය ඉතා අඩුය, මධ්‍යම ප්රමාණයේ අලයකට ග්‍රෑම් 0.2ක් පමණ වේ. එම කුඩා මේද ප්රමාණයෙන් වැඩි ප්රමාණයක් බහු අසංතෘප්ත මේදය වේ.

 ප්‍රොටීන්

බතල වල ප්‍රොටීන් අඩුයි, මධ්‍යම ප්‍රමාණයේ බේක් කරන ලද බතල වල  ග්රෑම් 3ක් පමණ සපයයි.

 විටමින් සහ ඛනිජ

බතල වල ප‌ොෂ්‍යදායි වන්නේ  ඉහළ විටමින් සහ ඛනිජ ප්‍රමාණයයි. බතල විටමින් A, B6, C සහ පොටෑසියම් වලින් පොහොසත් . මධ්‍යම ප්රමාණයේ බතලයක විටමින් A 1370mcg (RAE) ඇති අතර එය එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලනය විසින් දිනකට 900mcg (RAE) ලෙස යෝජනා කරන දෛනික අගයට (DV) වඩා වැඩිය. ඔබට විටමින් C 28.8mg (DV වලින් 32%) සහ විටමින් B6 0.5mg (DV වලින් 30%)  ලැබේ.

 ඛනිජ වර්ග සම්බන්ධයෙන් ගත් කල, මධ්‍යම ප්‍රමාණයේ බේක් කරන ලද බතල වල පොටෑසියම් 717mg (DV වලින් 15%), කැල්සියම් 57mg (DV වලින් 4%) සහ මැග්නීසියම් 42mg (DV වලින් 10%) ඇත.

 කැලරි

 මේදය එකතු නොකළ විට මධ්‍යම ප්‍රමාණයේ බේක් කරන ලද බතල අලයකින්  කැලරි 142 ක් පමණ සපයයි.

 සාරාංශය

බේක් කරන ලද බතල විටමින් A, C සහ B6 වලින් පිරී ඇත. කැලරි 142 ක්, කාබෝහයිඩ්රේට් ග්රෑම් 32 ක් සහ හෘද සෞඛ්‍යය සම්පන්න තන්තු ග්රෑම් 5 ක් සපයන අතර පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම් ඇතුළු ඛනිජ  ඒවායේ අඩංගු වේ.

 

සෞඛ්‍ය  ප්‍රතිලාභ

 රසවත් බවට  අමතරව, බතල සමබර ආහාර වේලක කොටසක් ලෙස ඇතුළත් කළ විට සැලකිය යුතු සෞඛ්‍ය ප්‍රතිලාභ  ලබා දෙයි.

 ප්‍රතිඔක්සිකාරක අවශෝෂණය වැඩි කරයි

බතල, විශේෂයෙන්  බීටා කැරොටින් ඉහළ මට්ටමක පවතී, විටමින් A.3 බීටා-කැරොටින් නිපදවීමට ඔබේ ශරීරය භාවිතා කරන ප්‍රොවිටමින්, ඔබේ ශරීරයේ නිදහස් රැඩිකල් හානි අවම කිරීමට උපකාරී වන ප්රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සැලකේ.

 ප්‍රතිඔක්සිකාරක මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගීව තබා ගැනීමට සහ නිදන්ගත රෝග අවම කිරීමට උපකාරී වේ. ඔබේ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා අතිරේකවලට වඩා බතල වැනි ආහාර ප්‍රභවයන් වඩාත් ප්‍රිය කරයි.

 ආහාර ජීර්ණ සෞඛ්‍ය වැඩි දියුණු කළ හැක.

 බතල ආහාර තන්තු වලින් ඉහළ බැවින්, ආහාර දිරවීමේ සෞඛ්‍ය සඳහා අනුභව කළ යුතු ආහාර ලැයිස්තුවේ ඒවා බොහෝ විට ප්‍රමුඛ වේ. බතල වල ද්‍රව්‍ය සහ දිය නොවන තන්තු යන දෙකම අඩංගු වන අතර එය මලබද්ධය සමනය කිරීමට සහ වළක්වා ගැනීමට උපකාරී වේ.

 කෙසේ වෙතත්, ප්‍රතිලාභ උපරිම කිරීම සඳහා, ඔබ අලවල සම සහ මස දෙකම අනුභව කළ යුතුය. සමේ දිය නොවන තන්තු ඇත, එය රළු වේ. තවද බතල ද්‍රව්‍ය තන්තු ඇති අතර   එමඟින් "බඩවැල්" වල   ආහාර දිරවීම මන්දගාමී වේ.

 රුධිර පීඩනය පාලනය කිරීමට උපකාර විය හැක

 බතල යනු පොටෑසියම් වල විශිෂ්ට ප්‍රභවයක් වන අතර පොටෑසියම් බහුල ආහාර රුධිර පීඩන මට්ටම නියාමනය කිරීමට උපකාරී වේ. ඔබේ පොටෑසියම් මට්ටම ඉතා අඩු නම්, ඔබේ රුධිර පීඩනය වැඩි වීමක් දැකිය හැකිය. විශේෂයෙන් අධික සෝඩියම් පරිභෝජනය සමඟ සංයෝජනය වූ විට, මෙය ඔබට අධි රුධිර පීඩනය ඇතිවීමේ අවදානමක් ඇති කළ හැකිය,

 බේක් කරන ලද බතල වැනි ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීමෙන්, ඔබේ පොටෑසියම් මට්ටම ඉහළ නංවා ගැනීමට සහ අධි රුධිර පීඩනය ඇතිවීමේ අවදානම අවම කර ගැනීමට ඔබට හැකි වේ.

 අක්ෂි සෞඛ්‍යට සහය දක්වයි

 බතල වල ඇති බීටා කැරොටින් අක්ෂි සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට සහ පෙනීම නැති වීම වළක්වා ගැනීමට උපකාරී වන ප්බල ප්‍රතිඔක්සිකාරකයකි.

 හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.

 බතල දියවැඩියාව ඇති අයට හොඳයි. බතල යනු අඩු ග්ලයිසමික් ආහාරයක් වන අතර එයින් අදහස් වන්නේ ඒවා රුධිරයේ සීනි මට්ටම හදිසියේ වැඩිවීමක් ඇති නොකරන බවයි. ඒවා තන්තු, විටමින් A සහ C සහ පොටෑසියම් වල හොඳ ප්රභවයකි. ඔබේ ආහාර වේලට බතල ඇතුළත් කර ගැනීම ඔබේ රුධිරයේ සීනි පාලනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. ඔබට ඒවා පිසූ, බැදපු හෝ පොඩි කර රස විඳිය හැකිය. අමතර රසය සහ පෝෂ් පදාර්ථ සඳහා ඒවා සුප්, ස්ටූ හෝ එළවළු කෑමවලට එකතු කිරීමට උත්සාහ කරන්න.

 



A day in the life

2024-04-15

අලුත් අවුරුද්ද හා අපේ රටේ රෑපවාහිණී කලාව..

ඉස්සර පිපුණු එරබඳු මල් දැන් ගමේ කොතනකවත් දකින්න නැත. ඉස්සර අවුරුදු සමයට අඹ අත්තක , කොස් අත්තක බැඳපු ඔන්චිලා, දැන් දැන් ගෙවතු වල බැඳෙන්නේ නැත. බොහොමයක් වෙලාවට කොවුල් හඬ ඇහෙන්නෙත් රෑපවාහිණිය ඇතුලෙන් පමණි. එදා පැවැති ජන ක්‍රීඩා දැන් අවුරුදු උළෙලකදිවත් දකින්නේ නැත. ඒවත් දැන් නවීකරණය වෙලා. සමහර වෙලාවට අසභ්‍ය වෙලා. සංකර වෙලා. සමහරු ඒ අස්සේ වෙන වෙන ඇරියස් කවර් කර ගන්නවා.
අද දවස වෙනකොට විශේෂයෙන් ම අවුරුදු කියලා දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ කුඩා දරුවන් නිසාත්. වැඩිහිටියන් අමාරුවෙන් රකින පිළිවෙත්, යුතුකම් ටික නිසාත්. හැර වෙන දෙයකින් නොවේ. නමුත් 2000 අවුරුද්දෙන් පසු ඉපදුණ දරුවන් මේ සම්ප්‍රදායික හා පාරම්පරික දෙයින් , වේගයෙන් දුරස් වෙමින් ඉන්නවා. එය දරුවන් වෙතම පවරා විවේචනය කල යුත්තක් නොවේ. වැඩිහිටියන්ද බලධරයන්ද එකට එක්ව වගකිව යුතු දෙයකි. මෙය නම් රටේ, ජාතියේ, පරිහානියේ සලකුණකි.
අපේ රටේ රූපවාහිණි නාලිකා ටික උත්සහ කරමින් ඉන්නවා ‍රට තොට නොමැති අවුරුදු සිරියක් අයාසයක් ගෙන මවන්න. ඒත් ඒව තුලිනුත් ඒක එහෙමම වෙනවද කියලා, හිතා ගන්න බෑ.. හැබැයි එහෙම දෙයකුත් නොතිබුනානම්, මෙහෙමවත් අවුරුද්දක් දකින්න, අහන්න ලැබෙන එකක් නෑ.
අපේ රටේ සමහර රෑපවාහිණි නාලිකා හිතනවා ඔය අලුත් නළු නිළියෝ ටික පාට පාටින් අන්දවලා ගෙනාවම, රටම අසාවෙන් බලා ඉන්නව කියලා. එතකොට රටේම අවුරුදු සිරිය මැවෙනව කියලා. කිරි ඉතිරෙනවා කියලා. ඒක මෝඩ සිතුවිල්ලක්. එතැන ජනප්‍රිය සංස්කෘතිය හඹා යෑමක් හැර , සමාජ යුතුකමක් , වගකීමක් කියා දෙයක් නැත.
ඉස්සර එක ටෙලි නාට්ටියක් විකාශය වුනේ සතියට වතාවයි. තිබුනේ චැනල් දෙකයි තුනයි. ඒ කාලේ නළුවෙක් හෝ නිළියක් දකින එකයි, අද දකින එකයි, එක සමාන නෑ. අනිවාර්යයෙන් දෙකක්. නිතර දකින නිසම සමහර නළු නිළියෝ දැක්කම කිසිම හැගීමක්, ගෞරවයක් දැනෙන්නේ නෑ..
එහෙම සතියේ දවස් හතේම, චැනල් අට දහයක දකින නළු නිළියෝ අවුරුද්දටත් වැනල් හය හතක දකින කොට මටනම් අප්පිරියයි. එක චැනල් එකක දේවල් දැකලා ඇති වෙනකොට, අපි අනිකට මාරු කරනවා.ඒකෙත් එයාම දකින කොට කනා ( වාසනා ) මුට්ටියට ගහනවා වගේ, රෑප පෙට්ටියට ගහන්න හිතෙනවා. ඒක කරන්න බැරි නිසා කරන්නේ, රෑපවාහිණිය වහලා දාන එක.
මෙහෙම ගියාම බොහෝ මිනිසුන් ( දැනටත් වෙලා වගේ ) රූපවාහිණී බලන එක අත් හරියි. තත්වය තේරුම් අරගෙන එක නළුවෙක් එක නිළියක් , එක චැනල් එකකට විතරක් ගෙන්න ගන්නවනම්, ලොකු දෙයක්. එතකොට මේක තව ටිකක් දුරට අල්ලලා හිටී. ඇත්තටම නළුවෝ නිළියෝ හැර , ගායක ගායිකාවෝ හැර වෙන ගේන්න කෙනෙක් ඇත්තෙම නැද්ද ? අනේ මන්දා. මම දැකලා නෑ ඔය එක රූපවාහිනී අවුරුදු උත්සවයකටවත්, එක සාකච්ඡාවකටවත් කලාකරුවෙක්, කලාවට සම්බන්ධ වෙන කෙනෙක් හැර, වෙන මනුස්සයෙක් ව ගේනව.
තම පවුල් සංස්ථාවවත් රැක ගන්න බැරිවුන මිනිස්සු, තාමත් දෙතුන් පාර ජීවිතේ අත්හදා බලන මිනිස්සු, රෑප වාහිණිය ඇතුළට ඇවිත් පවුල ගැන, හැඳියාව ගැන , පත පොත බලලා අහුල ගත්ත කතන්දර කියනකොට ඇත්තටම අප්පිරියයි.
A day in the life

2024-04-14

වැඩ ඇල්ලීම , අත හැරීම හා අම්මා..




වැඩ ඇල්ලීම ,
අත හැරීම හා
අම්මා..
සාමාන්යයෙන් අපෙ අම්මා වැඩක් නොකර නිකරුණේ බලා ඉන්නා මොහොතක්, මගේ මතකයේ නැත. බලන බලන හැම වෙලාවක ඇය කුමන හෝ කටයුත්තක නියැලී සිටියාය.
කරන කිසිවක් ඇය උඩින් පල්ලෙන්, ආවට ගියාට සිදු කලේ නැත. විශේෂයෙන් ඇය පිරිසිදු කම ගැන මහ ඉහළින්ම සැලකිලිමත් වූවාය.

එතරම් තාක්ෂණික පහසුකම් ඒ කාලයේ රට තොට තිබුණේ නැත. තිබුණත් එවන් පහසුකම් අප නිවසට පැමිණ තිබුනේ නැත. සාමාන්යයෙන් දෛනිකව නිවසක සිදුවෙන සියළු කටයුතු සිදු කෙරුනේ අම්මාගේ අතිනි.
ඇය තුන් වේලටම බත් මාළුව පිසුවාය. මිදුල් අතු පතු ගෑවාය. නිවසේ සිට මීටර් තුන්සීයක හාරසීයක දුරක පිහිටි ළිදකට ගොස්, දවසේ හත් අට වතාවක් කළයක් හා බාල්දියක් පුරවා වතුර ගෙන ආවාය. අප පස් දෙනෙකුගේ කිළිටි රෙදි සෝදන්නට හා දිය නාගෙන එන්නට කිලෝ මීටර් බාගයකට වඩා දුර පිහිටි දොළකට ගියාය. ඊළග මොහොතේ දර කෑල්ලක් කඩා ගන්නට යාබද රබර් ඉඩමට වැදුනාය. එකල මිරිස් ටිකක් අඹරාගන්න , පොල් ටික ගාන්න අමතර විශේෂ උපකරණ තිබුනේ නැත. මේ එදිනෙදා කටයුතු කිසිවක් කාලය මදි කියාවත්, වෙහෙසයි , තෙහෙට්ටුයි කියා අම්මා කල් දැමුවේ නැත. ඔය කී වැඩ දහය දොළහ අස්සේ වුව, පැය භාගයක් සොයාගෙන අම්මා එකල ආතම්මා බලන්නට ද ගියාය.

එකල පැවැති පැය විසි හතර හා දැන් පවතින පැය විසි හතර යනු දෙකක් දැයි මට සැක සිතෙයි. වෙනදා මෙන් දැන් තුන් වේලටම, අප නිවසේ බත් ඉදෙන්නේ නැත. දිනපතාම රෙදි සේදෙන්නේ නැත. මිරිස් අඹරන්නට පොල් ගාන්නට එකල තරම් වෙහෙසක් අද දරන්නට දැන් සිදු නොවෙයි. එකල සතියකට වතාවක්වත් කැඩුණු මකුළුදැල්, දැන් මාස දෙකකට වතාවක්වත් කැඩෙන්නේ නැත. නාන්න රෙදි සෝදන්න, දැන් අප නිවසින් පිට යන්නේ නැත. නමුත් අද අපට කාලය මදි වෙයි. නැතිනම් අසනීපයක් , වෙනත් තෙහෙටුවක් මුල්වී දෛනික කටයුතු වලට බාදා පැමිණෙයි.

ආපසු හැරී බලද්දී අම්මා යනු විස්මිත කෙනෙකි. ශක්තිමත් කෙනෙකි. එක්කෝ අම්මා ඉඳහිටවත් අසනීප නොවුවාය. නැතිනම් අපට නොකියා ඉවසුවාය. රැයකදි පවා රෑ දෙගොඩ හරියේ නින්දට යන අම්මා, දවාලකදී ඉඳහිට වත් නින්දට නොගියාය. හරි හැටි පොත පත අධ්යාපනයක් නොමැති වුවත්, අම්මා ළග පැවැති දැනුම, කුසලතා, කාල කළමනාකරණ හැකියා වැඩ සැළසුම් කිරීම , මූල්ය පාලනය අපිට නුහුරුය. කොටින් ම අපට අම්මා සමඟ හැරෙන්නටවත් නොහැකිය.

මතකයේ හැටියට අම්මා වැඩ අත් හල අවස්ථා දෙකකි. එකක් අවුරුද්දේ නොනගතය වෙනුවෙනි. නැගත් පතේ කියවෙන ලෙසම නොනගතය එළඹෙද්දී , අම්මා ලිප ගිනි නිවා, අලු අස්කර වැඩ අතහරින්නේය. ඉස්පාසුවක් ලැබෙන එම පැය හතර පහේදී ඇය අප සමග පංච දැමීමට ආවාය. දවාලක නම් කැටයක් ගහන්නට ආවාය. එක්කෝ අප ඉස්සර කරගෙන පංසල් ගියාය. යළි ගිප ගිනි මොලවන මොහොතේ සිට වැඩ අරඹන ඇය, ඊළඟ වසරේ නොනගතය තෙක් වැඩ අත් නොහරින්නීය. ඉස්පාසුවක් නොලබන්නීය.

නොනගතයට නොවී ඊළගට ඇය වැඩ අත් හැරියේ මා කී දෙවන අවස්ථාවේදීය.
ඒ නොනගතයට මෙන් පැය පහ හයකට නොවේ.
එදින ඇය දවස් තුනකටම සියලු වැඩ අත් හැරියේය. එම කාලය තුල වෙන්දා මෙන් ඇය පංච දමන්නට හෝ කැට ගහන්න නොපැමිණියාය. පංසල් යන්නට නොපැමිණියාය. නමුත් අප පංසල් ගොස් පැවසීමෙන් පසු ස්වාමින් වහන්සේලා නිවසට වැඩියාය. සියල්ල දෙස ඇය නිසොල්මන්ව බලා සිටියාය. අවසානයේ ඇය නිවසින් බැහැරව ගියාය.
ඒ ගියායින් පසු යළි කිසි දවසක ඇය නිවසට පැමිණියේ නැත. එය ඉතා දිගු වැඩ අත් හැරීමකි. හැම අවුරුදු සමරන මොහොතක ම යළි යළි වැඩිපුර සිහිපත් වන අතහැරීමකි.
තරම් කැවුමක් කිරිබතක් බතක් මාළුවක් රස නොමැති මොහොතක පවා සිහිපත් වන අතහැරීමකි.
සදාකාලික අතහැරී යාමකි..

සුසන්ත පිටුවලගේ ...

A day in the life

2024-04-13

සිංහල අවුරුද්ද අප්‍රේල් 13 14 තමයි

අවුරූද්දක ම වගේ මතුවෙන ප්‍රශ්නයක්. මේ ගැනත් මා ලිපි රාශියක් ලියා තියෙනවා. මා තාරකා විද්‍යාව ගැන හරි ජ්‍යොතිෂය ගැන හරි දන්නෙ නැති නිසාත් ජනශ්‍රැතවේදියකු නොවන නිසාත් උගතකු බුද්ධිමතකු නොවන නිසාත් හිතලූ කියන්නකු පමණක් නිසාත් ජනමාධ්‍ය ඒ් ලිපි ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ කොහොම වුණත් මා නැවතත් ඒ සමහර අදහස් නැවත කියනවා.

සිංහල අවුරුද්ද සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මත තුනක් තියෙනවා. ඒ සූර්යයා මීන රාශයෙන් මේෂ රාශියට යෑම ගැන. ඇතැමුන්ට අනුව ඒ සිදුවන්නේ මාර්තු 21. සමහරුන්ට අනුව අප්‍රේල් 18 19 දිනවල. තවත් පිරිසකට අනුව අප්‍රේල් 13 14 දිනවල. කවුද හරි. හැමෝම හරි. එහෙම වෙන්නෙ කොහොමද කියල අහන්න පුළුවන්. එක් එක් අය මීන මේෂ දේශසීමාව (රාශි සීමාව) ලකුණූ කරන විධිය අනුව. මට තවත් මතයක් තියෙනවා. අප්‍රේල් 13 14 15 දිනවල සුර්යයා රේවති නැකතෙන් අස්විද නැකතට යනවා. අපේ අවුරුද්ද එ නිමිත්තෙන්.
මේ අවුරුද්දෙ නැකත් දෙක තුනක් තියෙනවා. සිංහල සංස්කෘතියෙ එක නැකත් සීට්ටුවක් එක බෙහෙත් සිට්ටුවක් තිබිල නැහැ. ගමෙන් ගමට ගෙදරින් ගෙදරට නැකැත් සීට්ටු වෙනස් වුණා. වෙද මහතාගෙන් වෙද මහතාට බෙහෙත් සීට්ටු වෙනස් වුණා. එ තමයි විවිධත්වය. සිංහල සංස්කෘතිය චීන සංස්කෘතිය හරි බටහිර සංස්කෘතිය හරි වගේ නො වෙයි. විවිධ අදහස් තියෙනවා. එක වෙලාවට කැව කියල ජාතියක් සමගි වෙන්නෙ නැහැ. එක වෙලාවට කන එක 1993න් පස්සෙ වි ජ මු හොඳ හිතින් එහෙත් වැරදියට කරපු වැඩක්. සිංහල සංස්කෘතියට පටහෑණි ව කරපු එකක්. ඔය විධියට තර්ක කළොත් ලෝකෙ හැම ගෙදර ම එක ම පැනඩෝල් පෙත්ත දෙනවා වගේ අට පත එකට හින්දවන්න එක ම ප්‍රමාණයේ කෝප්ප තියා ගන්න වේවි. ඒක බොරුපන වෙදමහත්තය මට කී කතාවක්. බටහිරයට හරි ඉන්දියානුවට හරි චීනට හරි ඕන විධියට සිංහල සංස්කෘතිය සකස් කරන්න උත්සාහ ගන්න අය ඉන්නවා. ඔවුන්ට පඩි නඩිත් ලැබෙනවා.
මේ සමග රුප සටහනක් ඇති. එයින් පෙන්නන්නෙ ඛගෝලය. (හිස් ගෝලය celestial sphere ) ඒ ඛගෝලයෙ පෘථිවි සමකය ප්‍රක්‍ෂෙපණය කරල තියෙනවා. ඒ වගේ ම සූර්යයාගේ ගමන් මාර්ගයත් (ක්‍රාන්ති වලයය ecliptic) ප්‍රක්‍ෂෙපණය කරල තියෙනවා.ඇඳලා තියෙනවා කිවුවත් කමක් නැහැ. පෘථිවිය තම අක්‍ෂය වටේ පැය විසිහතරකට සැරයක් කැරකෙනවා. ඒ අතර එහි අක්‍ෂයත් බමරයක වගේ අවකාශයෙ අචල අක්‍ෂයක් වටේ කැරකෙනවා. එ නිසා අර සමකයේ ප්‍රක්‍ෂෙපණය වෙනස් වෙනවා. මේ බමර සෙල්ලමට පූූර්වායනය (precession) කියා කියනවා
සමකයේ ප්‍රක්‍ෂෙපණයත් ක්‍රාන්ති වලයයෙ ප්‍රක්‍ෂෙපණයත් ඡෙදනය වන ලක්‍ෂ්‍යයට මේෂ රාශියේ ප්‍රථම ලක්‍ෂ්‍යය කියනවා. එය ග්‍රීක හෝඩියෙ ගැමා අක්‍ෂරයෙන් හැඳින්වෙනවා. සූර්යයා තම වාර්ෂික ගමනේ දක්‍ෂිණාර්ධ ගෝලයේ සිට උත්තරාර්ධගෝලයට යන එක සනිටුහන් වෙන්නෙ ගැමා ලක්‍ෂ්‍යයෙන්. ඒ ක්‍රාන්තිවලයයේත් සමකයේත් ඡෙදන ලක්‍ෂ්‍යය. සූර්යයා සමකය හමුවෙන ලක්‍ෂ්‍යය. අර පූර්වායනය නිසා ගැමා ලක්‍ෂ්‍යය අවුරුදු හැත්තෑදෙකකට දවසක් පමණ ඉදිරියට යනවා. අවුරුදු දෙදදහකට පමණ පෙර ශක වර්ෂ ක්‍රමය ආරම්භ වෙන කාලෙ සූූර්යයා ඔය ගැමා ලක්‍ෂ්‍යය පසු කෙළෙ මාර්තු 21 වෙන්න ඕන. අවුරුදු දෙදහකට විතර පස්සෙ අද එය සිිද්ධ වෙන්නෙ අප්‍රේල් 18 19 දිනවල. ඒ අනුව සමහරු සූර්යයා මීනයෙන් මේෂයට යන්නෙ මාර්තු 21 හරි අප්‍රේල් 18 19 හරි කියල ගන්නවා. මාර්තු 21 වැනි දා බටහිර ලෝකයෙ වසන්ත කාලය නිල වශයෙන් ආරම්භ වෙනවා. මේ තමයි සකුරා මල් පිපෙන කාලය. ලංකාවෙ සකුරා මල් පිපෙන්නෙ නැති වුණත් ඒ ගැන ගීත තියෙනවා. ඇපල් මල් ගැනත් තියෙනවා. කෙහෙල් මල් ගැන ගීත තියෙනවා ද දන්නෙ නැහැ.
සමහරුන්ට අනුව අප්‍රේල් 13 14 අවුරුද්ද ගන්නෙ රාශි සීමා ගැන ඇති වුණු පොඩි අවුලක් නිසා. රාශී සීමා බටහිර හා ඉන්දියවෙ වෙනස් වෙලා. ඒක එහෙම වෙන්න පුළුවන්. මට තවත් කතාවක් තියෙනවා. නකත් කියන්නෙ ලංකාවෙ නාගයන්ගෙ (නක) නිර්මාණයක්. ග්‍රහයන් යන වළල්ල නකත් 27කට බෙදල තියෙනවා. අස්විද ආදී වශයෙන්. අවසන් නකත රේවති. මා හිතන්නෙ අපි අවුරුද්ද සමරන්නෙ සූර්යයා රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වෙන වෙලාවෙ කියල. අශ්වින් කියන්නෙ අස්විද සංස්කෘතයට හරවා ගත්ත ම එන වචනය. චිත්‍ර නක්‍ෂත්‍රය කියන්නෙ සිත නකත සංස්කෘතයට හරවා ගත්ත ම එන වචනය. නක්‍ෂත්‍ර කියන්නෙ නකත් සතර සංස්කෘතයට හරවා ගත්ත ම එන වචනය. නක්‍ෂත්‍ර කියන එකට සංස්කෘතෙන් නිරුක්ති නැහැ.
අපි අහසෙ ග්‍රහයන් යන වළල්ල හඳ අනුව නකත් 27කට බෙදුවට බැබිලෝනියන්වරු රාශි දොළහකට බෙදුවෙ. වෛදිකයන් මේ පද්ධති දෙක එකතු කරා කියල හිතන්න පුළුවන්. ඔය තුලා ලග්නය සිත නකත හා සම්බන්ධයි. තුලා ලග්නයෙ ප්‍රධාන ආරම්භක තාරකාව ස්පිකා කියල හඳුන්වනවා. එයට චිත්‍ර නක්‍ෂත්‍ර කියල වෛදිකයන් කිවුව. චිත්‍ර නක්‍ෂත්‍රට හරියට ම අනෙක් පැත්තෙ තියෙන මාසය වෛදිකයන් චිත්‍ර මාසය කියා හැඳින්නුවා. අර චිත්‍ර (ස්පිකා) තරුවට හරියට ම අනෙක් පැත්තට සූර්යයා එන දිනය සූර්යයා අලුත් අවුරුද්ද ආරම්භ වෙන දිනය ලෙස ගන්නවා.
මට හිතෙන්නෙ එය රේවති අස්විද නකත් සීමාව මීන මේෂ රාශි සීමාවට එක් කරන්න ගිහින් වෙච්ච දෙයක්. සූර්යයා රේවති නකතෙන් අස්විදයට යන්නෙ අප්‍රේල් 13 14 15 දිනවල. මේෂ රාශියෙ මුල තියෙන්නෙ අස්විද නකතෙ මුල නොවෙයි. එය තියෙන්නෙ අස්විද නකතෙ දෙවැනි පාදයෙ විතර. නකතක් පාද හතරකට බෙදල තියෙනවා. ඒ කියන්නෙ අර වළල්ල පාද 108කට. පාද 108ක් යන්න දින 365ක් යනවා නම් පාද එකකට ටිකක් වැඩියෙන් විතර යන්න දින තුන හතරක් යනවා. අපේ අවුරුද්ද අප්‍රේල් 18 19 නැතුව අප්‍රේල් 13 14 වෙන්නෙ එ නිසා කියයි මා හිතන්නෙ. අපි භාරතීය පද්ධතියට යටවෙල සූර්යයා මීනයෙන් මේෂයට යෑමක් ගැන කිවුවට අප සමරන්නෙ සූර්යයා රේවති නකතින් අස්විද නකතට යෑම කියලයි මට හිතෙන්නෙ.
අපි නකත් අනුව ජීවිත සකස් කරගත් අය. අස්විද නකතින් අපි අවුරුද්ද අරඹනවා. මුවසිරිස නකතින් දේවානම්පිය තිස්ස රජු දඩයමේ ගියා. අස්ලිස නකතින් ඇසළ උත්සවය පවත්වනවා. ඒ හැම තැනම ස්නානය දිය කැපීම වගේ කතා තියෙනවා. ඒ හඳ එක්ක සම්බන්ධය නිසා ද?

-නලින් ද සිල්වා.
A day in the life