ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2024-01-14

ගොළුහදවතේ සැබෑ දම්මි


















ගොළු හදවත යනු 60 දසකයේ මෙරට බිහිවූ සාර්ථකම ප්රේම කතාව විය. පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැළඳගත් එම නවකතාව කරුණාසේන ජයලත්ගේම අත්දැකීමක් බව දන්නේ ඉතා සුඵ පිරිසකි.

ජයලත් අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යායලයෙනි. එකල ඔහු ඩී.කේ. ජයලත් විය. කලෙක නවකතාකරුවකු, මාධේදිය‍ෙකු හා සිනමා විචාරකයකු ලෙස ප්‍රසිද්ධියට පත් ඔහු කරුණාසේන ජයලත් නමින් ප්‍රකට විය. කලක් සිරිලක පුවත්පතේ කතුවරයා වූ ජයලත් නවකතා රැසක් රචනා කළේය.ගොළු හදවත, බඹා කෙටූ හැටි, මුව දඩයම, ලස්සන ඇස්, ගැහැණු ළමයි, පිරුණු හදක්, යහළු යෙහෙළි,මව සහ දුව,ඇවැස්ස නෑයෝ,හතුරු හිතක්,රිදී නිම්නය,සතීගේ කතාව,කුල කුමරිය වැනි නවකතා ඔහු රචනා කළ අතර ඒ අතරින් වඩාත් ජනප්‍රියම නවකතාව වූයේ ගොළුහදවතය.


ඔහුගේ එම ‍ෙප්‍රමණිය නවකතාවේ ප්‍රධාන චරිත තුනක් විය. ඒ සුගත්, දම්මි සහ නිහාල්ය. මේ තිදෙනාම සැබෑ චරිත වූහ. එවක හොරණ තක්ෂිලාවේ සිටි එක්තරා යුවතියක පිළිබඳව ජයලත්ගේ සිතෙහි පේමයක් ඇති වී තිබිණි. ඇයට වෙනත් පන්තියක සිටි සිසුවකුද ඇලුම් කළ බැව් ඔහු දැන සිටියේ නැත. අවසානයේ ඔවුන් දෙදෙනාටම එම යුවතිය හිමි වූයේ නැත. ඔහු තම නවකතාවේ දම්මිගේ චරිතය මැවුවේ එම යුවතියගේ චරිතය පදනම් කර ගනිමිනි.

එදා තක්ෂිලාවේ සිටි දම්මිට පෙම්කල නිහාල් දොන් බෝල්ඩ්වින් කුරුප්පු නොහොත් ඩී. බී. කුරුප්පුය. ඔහුද ප්‍රකට ලේඛකයකු විය. ජීවිතයේ අවසන් කාලයේ ඔහු ජීවත් වූයේ ඔස්ට්රේලියාවේය. ඔහුගේ පසුකාලින කෘති කිහිපයක් සඳහා පිටකවර නිර්මාණයෙන් දායක වීමට මට හැකි විය. එම සම්බන්ධතාව ගොඩනගා දුන්නේ අප මිතුරු නිමල් දිසානායකය.

නවකතාවේ සුගත් සැබැ කතාවේ ජයලත් විය  .

හොරණ තක්ෂිලාවේදී ජයලත්ගේ හා බෝල්ඩ්වින්ගේ ප්රේමයට පාත්ර වූ දම්මි කුරුප්පු ආරච්චිගේ පද්මා නාලනී ගුණරත්නය.පසු කාලයේ ජයලත් තක්ෂිලාවේම උගත් රූපා නම් යුවතියක සමග විවාහ විය. කුරුප්පුද වෙනත් යුවතියක හා විවාහ වී පසුව ඔස්ට්රේලියාවේ පදිංචියට ගියේය. පද්මා නාලනීද විවාහයෙන් පසු පද්මා ගුණරත්න විය.

. ජයලත්අද අප අතර නැත. නිහාල් වූ බෝල්ඩ්වින් ද අප අතර නැත. ඔවුන් දෙදෙනාගේ ප්රේමයට මැදිව ප්රේමනීය නවකතාවක් නිර්මාණය කරන්නට දායක වූ පද්මා නාලනී ගුණරත්නද 2018 මැයි මස 22 දින ජීවිතයෙන් සමුගත්තාය.

ජයලත් 1995 අගෝස්තු 25 දිවියෙන් සමුගත් අතර බෝල්ඩ්වින් කුරුප්පු 2017 ජුලි මාසයේ සමු ගත්තේය.

එහෙත් ගොළු හදවත 60 වසරකට අධික කාලයක් මුළුල්ලේ මෙරට පාඨකයන්ගේ සිත්තුළ සදානුස්මරණීය නවකතාවක් බවට පත්ව ඇත්තේය.

ඔහුගේ සෑම නවකතාවකම නමේ විශේෂත්වයක් තිබේ. සෑම නවකතාවකම නමට ඇත්තේ අකුරු හයකි. පද්මා නාලීනී යන්නටද ඇත්තේ අකුරු හයකි. පද්මා සිහිපත් වීම සඳහා ඔහු අකුරු හයකින් යතුව තම නවකතා නම් කළේදැයි මම නොදනිමි.

පද්මා නාලිනී මහත්මිය පිළිබඳ තොරතුරු ලබා දුන්නේ අප හිතවත් පාලිත නාරංගොඩ මහතා විසිනි.පද්මා නාලිනී ගුණරත්න මහත්මිය නාරංගොඩ මහතාගේ මවගේ එකම සොහොයුරියයි.

සටහන 

ප්‍රියන්ත සුරේෂ් ද සිල්වා මහතාගෙන් උපුටා ගැනීමකි 

ස්තුතියි

 

notes of imaginary

කුරියර් අංකල්



70 දශකයේ කාර්යාලවල රැකියාවන් කල බොහෝ පිරිසකට ගෙදර ඉන්න බිරින්දෑවරැ දහවල් ආහාරය සකසා පිගානට බෙදලා ඒක උඩින් තවත් පිගානක් තියලා කෑම එක වහලා සුදු රෙද්දකින් කෑමපිගානේ කිටි කිටියේ බැදලා තමන්ට අදාල අංකයත් යොදලා පාපැදියේ එන කුරියර් අංකල්ට ලබා දෙනවා...
ඒකට කිවුවේ ඒ කාලේ ටිෆන් සිස්ටම් එක කියලා....
මෙයාලා එක දිගටම බයිසිකල් එක පැදගෙන අදාල තැන්වලට යන්නෙ නෑ මෙයාලා සෙට් එකම හම්බවෙන හන්දි තියෙනවා එහෙම හන්දියෙදි හමුවෙලා එක එක්කෙනා යන පැතිවලට අර කෑම පිගන් ටික නැවත බෙදා ගන්නවා,ඊට පස්සෙ අදාල සේවා දායකයට පරිස්සමින් ගිහින් දෙනවා...
දැන් වගේ උදෙන්ම නැගිටගෙන ස්වාමිපුරැෂයට කෑම එක හදන්න මහන්සිවෙන්නත් ඕනි නෑ..ස්වාමිපුරැෂයටත් උදේ හදපු කෑම එක සීතල වෙලා කන්න ඕනිත් නෑ..ටිෆින් එකෙන් හැමෝටම ලේසි.....
හැබැයි වහින දවස්වලට තමයි ටිකක් කේස් වෙලා තියෙන්නෙ...⁣කෑම පිඟන් ටික තෙමාගෙන තමයි ගිහින් තියෙන්නෙ ඒත් පසුව ඒකටත් විකල්ප හොයාගෙන...මොනා උනත් මේකෙන් සෑහෙන පිරිසක් ජීවිකාව ලෙස බඩවියත රැකගෙන.....
අතීතයේ සොදුරැ දසුන්....❤️❤️
සැ,ල යු - වර්තමානයේ බහුජාතික සමාගම් වලින් ඔයාලා කෑම කුරියර්කරගත්තට ⁣අතීතයෙදි මේවා අපේම මිනිස්සු system දාගෙන කරපු වැඩ,,ඒවා වැඩිදියුණු කරගන්න බැරි උනු අපි දැන් පිටරට කොමිපැනි කාරයින්ට සල්ලිගෙවනවා..කෑම ටික ගෙන්න ගන්නත්..
උපුටාගැනීමක්
අමල් අත්තනායක
notes of imaginary

2024-01-13

ශ්‍රී ලංකාව හැදුන්වු නම් - සමාජවාදී.........


ශ්‍රී ලංකාව හැදුන්වු නම්

  • ශ්‍ර්‍රී ලංකාව
  • ආමු ද්විප,
  • ඉන්දියන් සාගරයේ මුතුඇටය,
  • ඉළංගෙයි,
  • ඉළංදු,
  • ඉළනාර,
  • ඊළ,
  • ඊළාම් (මෙය දමිල භාෂාවෙන් ලක්‌දිව හැඳින්වූ නාමයයි),
  • ඕජදීප,
  • කසිගෝ,
  • කේට්‌ ලංකා,
  • කෙයිලෝන්, ්්
  • චල (අරාබි භාෂාවෙන්),
  • චිංකලෙයි (දෙමළ භාෂාවෙන්)
  • තනසරිම්,
  • තපරවාන්,
  • තපර්බාන්,
  • තම්බපණ්‌ණී,
  • තම්බපණ්‌ණී ද්විප,
  • තම්තබින්,
  • තඹපැන් ද්විප,
  • තැප්‍රොබේන් (ග්‍රීක -රෝම භාෂාවලින්),
  • තාර්සිස්‌,
  • තාමුදීප්,
  • තිලක (රුහුණු පිහිටි මායා බෙදීම මුල්කොට ගෙන භාවිත විය), ත්‍රි සිංහලය (ඉහත බෙදීම හා බැඳේ),
  • තේහු හොයිගෝ (බුරුම භාෂාවෙන්),
  • දසඛණ්‌ඩි රාජ්‍ය,
  • දිල්මුන්,
  • දශෂිර,
  • පුර,
  • පරවාන් ද්වීප,
  • ්පලාංකොට්‌,
  • පළේසිමන්ද්‍ර,
  • පාඕ - චූ (චීන භාෂාවෙන්),
  • ජැසිරාත් - අල් යකුත් (අරාබි භාෂාවෙන්),
  • ජම්බු ද්වීප (පාලි භාෂාවෙන්),
  • මණ්‌ඩ ද්වීප,
  • මණ්‌ඩු ද්වීප,
  • රත්න ද්වීප (ලක්‌දිව මැණික්‌ ලොව ප්‍රකට බැවින්),
  • රත්නදීප,
  • රාවණපුර, රාවණද්වීප,
  • රාක්‍ෂ ද්විප, රාක්‍ෂපුර,
  • රකියුෂ්,
  • රුවන්දීප, ලංකා (හෙල භාෂාවෙන්),
  • ලංකා ද්වීප,
  • ළක,
  • ලක්‌දිව,
  • වරදීප,
  • ෂිති ක්‌වෝ (චීන භාෂාවෙන්),
  • ශ්‍රී ලංකා (වර්ෂ 1972 ජනරජ ව්‍යවස්‌ථාවෙන් ඉක්‌බිතිව)
  • සග
  • සස්‌දිව්,
  • සයිලන්තු (මලයාලම් භාෂාවෙන්),
  • සලීස්‌,
  • සළිකේ,
  • සාලයික්‌,
  • සින්දු,
  • සිමන්ඩා,
  • සීමන්ඩාදු,
  • සිරිලක (හෙළ භාෂාවෙන්),
  • සිසිල,
  • සිහලද්විප,
  • සිලිදිව්,
  • සිලෝන් (ඉංග්‍රිසි භාෂාවෙන්),
  • සිංගල් දිව්,
  • සංගලම් (දමිළ භාෂාවෙන්),
  • සිංහලය,
  • සිංහලද්විප,
  • සිලන්,
  • සිහලදිව්,
  • සිහලාන් ද්විප,
  • සිහොලේ (පාලි භාෂාවෙන්),
  • සිගෝ (බුරුම භාෂාවෙන්),
  • සිලාන් (අරාබි භාෂාවෙන්),
  • සුපර් චාන් (තායි භාෂාවෙන්),
  • සෙයිලාන් (පෘතුගීසි භාෂාවෙන්),
  • සෙයිලාන් දීවන්,
  • සෙරන්දිබ් (අරාබි භාෂාවෙන්),
  • සෙන්කියා (චීන භාෂාවෙන්),
  • හෙලන්දු,
  • හෙල ද්විප, හෙල දෙරණ, හෙළය,
  • හේලීකේ,
  • පලෛයිසිමන්ඩා,
  • පරවාන් ද්විප,
  • පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය. 
notes of imaginary

2024-01-11

උතුරේ අරුන් සිද්ධාර්ථන් .

notes of imaginary

 


ඔහු දරණ අදහස් ගැන මා දන්නවා. ඔහු බෞද්ධයෙක්. ඔහු තමන් කවුද කියා දන්නවා.
මෙරටඅරුන් සිද්ධාර්ථන් මා හමුවීමට පැමිණියා. ඔහු කලක සිට මා හා දුරකථනයෙන් සම්බන්ධ වී තියෙනවා දෙමළ ප්රශ්නයක් නැහැ. විස්තරාත්මක ව කියනව නම් දෙමළ ජනයාට (දෙමළ ජන කොටස්වලට) දෙමළ වීම නිසා ම පමණක් වූ ප්රශ්නයක් නැහැ. මේ ගැන මා ලියන්න පටන් අරන් අවුරුදු තිහකට වැඩියි. එකල අරුන් ළමයකු වෙන්න ඇති. ඔහු මා ගැන දැන ගන්න ඇත්තේ ඉතා මෑතක දි වෙන්න ඕන.
මා ඔහුට ප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතත් එහි ඉංගිරිසි පරිවර්තනය වූ An Introduction to Tamil Racism in Sri Lanka පොතත් දුන්නා. ගුණදාස අමරසේකර උපහාර උළෙලේ දී මා කළ කතාවට ඔහු සවන් දී තිබුණා. මගේ අදහස් ගැන ඔහු දැන සිටියා. මෙරට ඊනියා දෙමළ ප්රශ්නය වෙල්ලාලයන්ගේ ප්රශ්නයක් බව මා දැන බොහෝ කල්. ඔහුට යාපනයේ ඊනියා අඩුකුල අයගේ ප්රශ්නය ගැන වැටහීමක් තියෙනවා.
ඔහු නලවාර් කුලයට අයත් වුවෙක්. නලවාර් යනු යාපනයේ රා මදින රැකියාවේ ද නිරත වූ පසුව දෙමළ වූ සිංහලයන්ගෙන් පැවත එන්නන්ගේ කුලය ලෙස සලකනවා. තමන් උසස් කුලයක් ලෙස සලකන එහෙත් ඉන්දියාවේ (භාරතයේ) ශ්රද්රයන් ලෙස සලකන පිරිසකගෙන් පැවත එන වෙල්ලාලයන් නලවාර් කෝවියාර් කරෙයියර් මඩප්පුලි පරෙවාර් ආදී කුල පහත් ලෙස සලකනවා.
කිසිම කුලයක් අහවල් රැකියාව කරන්නන්ගේ කුලය කියා කියන්න බැහැ. ගොවිතැන මසුන් ඇල්ලීම කුරුඳු තැලීම රා මැදීම ආදී රැකියා හැම කුලයක ම අය කරනවා. නලවාර් කුලයත් එහෙමයි. අරුන්ලා රා මදින්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මා පොතපතින් දැන ගත් කරුණු කිහිපයක් අරුන්ට කිවුවා. ඒ බොහෝ දේ මා මේ ලිපිවල ලියා ඇති නමුත් අරුන්ට කී දෙය ඉතා කෙටියෙන් මෙහි සඳහන් කරනවා. මා අරුන් සමග පැය දෙකක් පමණ කතා කළ බව කියන්න ඕන. ඔහු මගේ පුතුන්ගේ වයස්වල.
මෙරටට දෙමළ කතා කරන ජනයා ස්ථිර වාසයට පැමිණියේ දොළොස්වැනි සියවසට පසු. ඉන් පෙර වෙළඳාමට රජ පවුල්වල ආවාහ විවාහ සඳහා දෙමළ පමණක් නොව තෙළිගු මලයාලම් ඔඩෙස්සා නැත්නම් ඔරිස්සා හෙවත් කාලිංගයේ මරියා භාෂා කතා කරන ජනයාත් මෙරටට පැමින තියෙනවා. ඔරියා කියන්නේ මාගධී භාෂාවෙන් ව්යුත්පන්න වුවක්. මිහිඳු මහා රහතන් වහන්සේ කතා කරන්න ඇත්තේ මාගධිය . එහෙත් උන්වහන්සේ සිංහල (හෙළය) උගත් බව සඳහන් වෙනවා. උන්වහන්සේ මෙරට ධර්මය දේශනා කර ඇත්තේ සිංහලෙන් බව පැහැදිලියි. මෙරට ජනයා මාගධිය දැන සිටියා කියන්න බැහැ.
මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්රපාල ද පවසන්නේ දහතුන්වැනි සියවසට පෙර මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන නොතිබූ බවයි. දහතුන්වැනි සියවසේ පමණ සිට මෙරටට වත්මන් තමිල්නාඩු කේරළ කර්ණාටක ප්රාන්ත මායිමෙන් ජනයා සංක්රමණය වී තියෙනවා. ඔවුන්ගෙන් හින්දු ආගම ඇදහු පිරිස උතුරේ දී තරමක විශාල පිරිසක් වෙන්න ඕන. ඔවුන් තම හින්දු බව රැක ගත්තා. එහෙත් දකුණට ආ පිරිස් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වී තියෙනවා. පැමිණි මුස්ලිමුන් දෙමළ බස දිගට ම කතා කරමින් තම ආගම දිගට ම ඇදහුවා. මා දැනට දරණ මතය වන්නේ එසේ මෙරටට ජනයා සංක්රමණය වූයේ කර්ණාටක ප්රාන්තය ආශ්රිත ව විජයනගර් රාජධානිය ඇති වීමත් සමග කියා.
උතුරට පැමිණි අය වැඩි වශයෙන් කරෙයියර් හා මඩප්පුලි කුලවලට අයත් වී ඇති බව පෙනී යනවා. පෘතුගීසීන් යාපනයට යන විටත් එහි බහුතරය සිංහල. පෘතුගීසීන් දෙමළ කතා කරන ජනයා අතර විශේෂයෙන් සලකා ඇත්තේ (තනතුරු දීමේ දී ආදී ලෙස) කරෙයියර් හා මඩප්පුලි කුලවලට. එහෙත් ලන්දේසීන් තොග වශයෙන් මෙරටට වෙල්ලාලයන් ආනය කර තියෙනවා දුම්කොළ වැවීමට. එසේ ම ලන්දේසීන් වෙල්ලාලයන්ට තනතුරු විශේෂ වරප්රසාද දී කරෙයියර් හා මඩප්පුලි කුල පහතට දමා තියෙනවා.
මගේ විශ්වාසයක් (හිතළුවක්) තියෙනවා ඔවුන් සමහරකු දකුණට සංක්රමණය වුණා කියා. සමහර විට පුත්තලමේ සිට මීගමුව ජා ඇල ආදී ප්රදේශ දක්වා ඔවුන් සංක්රමණය වන්න ඇති. අදත් මඩප්පුලි නමින් සිංහලයන් ඉන්නවා. ඒ කෙසේ වෙතත් ලන්දේසීන්ගේ අනුග්රයෙන් යාපනයෙහි විසූ සිංහලයන් වෙල්ලාලයන් යටතේ ඊනිය අඩුකුල පිරිස් ලෙස දෙමළ හින්දු සංස්කෘතියට අවශෝෂණය කෙරී තියෙනවා. ලන්දේසීන් තේසවලාමේ නීතිය හෙනැවිත් ඇත්තේ අස්වැන්න නෙළා ගැනීමෙන් පසු වෙල්ලාලයන් ඉන්දියාවට ආපසු යැම වැළැක්වීමට.
මා නොදැන සිටි කරුණක් අරුන්ගෙන් මාස කිහිපයකට පෙර දැන ගත්තා. ඒ තේසවලාමේ නීතියෙන් අර ඊනියා අඩුකුල වූ සිංහලයන් වෙල්ලායන්ගේ වහලුන් බවට පත්කර ගත් බව. මෙරට ලේඛනාගාරවල බොහොමයක ඇති තේසවලාමේ නීතියේ ඒ වහලූන් කර ගත් බව සඳහන් ඡෙදය නැහැ. එහෙත් අරුන් ඉතා මහන්සි වී එකී ඡෙදය සඳහන් පිටපතක් සොයා ගෙන තියෙනවා. මෙරට ඉන්න ඊනියා ඉතිහාසඥයන්ට වඩා සේවයක් අරුන් මෙරට ඉතිහාසයට කර තියෙනවා.
මින් පසු වෙල්ලාලයන්ගේ කතාව ප්රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා මස්සිනාලා පොතේ තියෙනවා. මෙරට ඇත්තේ ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ අනුග්රහයෙන් පළමුව යාපනයේත් පසුච මුළු රටේමත් නායකයන් බවට පත් වූ වෙල්ලාලයන්ට අමද්යප ව්යාපාරයෙන් පසු ඒ තැන අහිමි වීම නිසා හටගත් දුක්ඛ දෝමනස්සයෙන් රටෙන් කොටසක් වෙන් කරගෙන එහි නායකයන් බවට පත්වීමට ඇති ආශාව නිසා හටගත් ප්රශ්නයක්.
අද ඒ බව යාපනයේ ඊනියා අඩුකුල ජනයා ක්රමයෙන් තේරුම් ගනිමින් ඉන්නවා. අරුන් එහි දී විශාල කාරයභාරයක් ඉයු කරනවා. අද රනිල්ටත් අරුන් සමග සාකච්ඡා කිරීමට සිදු වී තියෙනවා. අපි එය පසුව කතා කරමු. අරුන් සමග ඇති වු සාකච්ඡාවේ දී මා තේරුම්ගත් ප්රධාන ම කාරණය වුණේ මෙරට සිංහල ජාතිය සමග දෙමළ ජනකොටස්වලට එකතු වීමට ඇති ප්රධාන ම මාර්ගය වැටී ඇත්තේ බුදුදහම හරහා බව. අපි ඒ ගැනත් පසුව කතා කරමු. මිහිඳු මහා රහතන් වහන්සේ එදා කළ දේට සමාන ක්රියාවක් අද යාපනයේ කරන්න පුළුවන්.


නලින් ද සිල්වා. 

තොපි දෙන්නා නාඬා හිටු..!


"එතකොට හාමුදුරුවනේ
මට කසාද කොලේ ලියන්න පුළුවන්
මල් හාමිගෙ නම විතරයි..??"
පසුපස බිරාන්තව
සිද්දිය නරඹමින් සිටි ගැහැණු දෙදෙනා
ගැස්සී එකිනෙකා ගේ අත් අල්ලා ගත් හ..!
"ඔව් ලොකු උන්නැහේ
ඒක තමයි නීතිය...
දෙන්නෙක් කසාද බඳින්න බෑ..."
"ඉතින් හාමුදුරුවනේ
අපි තුන්දෙනාම එක පැලේ
ආරෝවක් නැතුව ඉන්නවා නේ..."
"ලොකු උන්නැහේ
ඒක නීතියට අනුව වරදක්...
ලොකු උන්නැහේ බහු විවාහ
ඒ කියන්නෙ කසාද දෙකක් කරගන්න බෑ..."
මේ වන විට කදුළු හලමින් සිටි
ගැහැණු දෙදෙනාගේ හැඬීම
ඉකි ගැසීමක් දක්වා වර්ධනය වී තිබිණි...
"මං තැන්නෙ කුඹුර ගාව පැලක් අටෝලා
මල්හාමි ඇන්න එද්දි
ඒකිගෙ නැන්දගෙ දෝනි ඇන්දා
ඉහදිය නාවලාවත් තිබ්බේ නෑ...
දහ පහලොස් පෝයකින්
ඒ පොඩි එකී ගෙට අරං නාවලා
සුදු බංඩියා එක්ක ඒකිත්
දෙනියේ පැල් කොටයක් අටෝගෙන ගාල් වුණා..."
"සුදු බංඩියට පොලඟා ගහද්දි
කෙලීගෙ බඩට පස් හය පෝයක් ඇති...
ඒ වෙද්දිත් කුසේ හිස් නිසා
අඬ අඬා හිටපු මල් හාමිම තමයි
නගා අපේ පැලට ගෙනාවේ..."
"හීන් හාමි වැඳුවා
මල් හාමි හැදුවා...
මං උන් දෙන්නටම කුඹුරු කෙටුවා...
දරුවො හයක් වඳලත්
හීන් හාමි එක දරුවෙක් නාවලා නැතුව ඇති මහිතේ..."
"කුස පුහු වුණාට මල් හාමිට කිරි එරුණා හාමුදුරුවනේ...
මට උන් දෙන්නා වෙන් කොරන්ඩ බෑ...
මට කසාද ඕන් නෑ..."
"මෙච්චර කල් කොලේ අස්සං කොරේ නැති වුණාට
අපි තුඃ නොදකින් කියා ගත්තෙ නෑ...
වරෙව් බොල ගෙදර යන්ඩ...
අපිට ඔය සුද්දගෙ නීති ප්රකාර ඕනෙන් නෑ..."
"තොපි දෙන්නා නාඬා හිටු..!
මං කසාද බඳින් නෑ..!!

MADU RANGA FACE BOOK

notes of imaginary

2024-01-10

අහිමි හිමිකම්




සින්නක්කර ලියාගන්න බැරිඋණු පලියට
උයන් තෙරේ ගී ගයන්න
තහන්චි නෑ මට

තනිකම උහුලනු නොහැකිව
ඉකි බිඳිනා කළ
පන්හිඳ ළඟ කවියක් වී
සුසුම් හෙලනවද?

ගඟ දියරැළි සලා මදෙස
හොරෙන් බැලූ කළ
ලැජ්ජාවෙන් තොල පෙරළා
අහක බැලූ සඳ ...
“එදා නුඹේ බඳ වටකර
රැකවල් දුන් අත
අතහැරුණේ කීම” ..විමසයි
අහසේ පුරහඳ .

ඔප්පු තිරප්පුත් ඔක්කොම
අරගෙන ගිය විට
හිමිකම් සහතික කොහෙන්ද
හිස් වෙදැඟිල්ලට

පරසතු මල් නඳුනුයනේ
පිපුණත් කදිමට
වල්මත් වූ අසරණියට
පතොක් මලක් වෙද ..?

කැකුළු සිතක් අවදිකරපු
ප්‍රථම ප්‍රේමයට
ගිලිහුණු රන් මුදු හෙවුවෙමි
සසර පුරාවට

පිය මං කොට ඉස්සරවූ
අතීත රුවකට
දුක ලිව්වට දැනෙයිද එය
අහිමි පපුවකට.!!!


රෝ.සි.
notes of imaginary

2024-01-09

දුර ඈත ළඟපාත



වෙරළ කොනෙක හිඳ බැලුවෙමි සයුර හරිත පැහැය ගෙනා
කඳු මුදුනත නැග බැලු කල තුරුලිය කොළ පැහැති මනා
දුර හිඳ නෙත් යොමන විටදි හරි පුදුමෙකි සිතට එනා
මෙහැම කොහොම පෙනෙන අරුම නිලට නිලේ සිරිය දෙනා

අහස උසට නැගෙන කන්ද බලන කලට ඉරට ළඟයි
පොළොව වැතිර සිටින තැන්න එයට වඩා බොහොම දුරයි
නමුදු ඉහළ හිරු ළඟ තැන ගතට සිසිල සුවය සදයි
දුරක තිබෙන තැනි බිම රැඳි උණුසුම හදවතද දවයි

පෙනෙන ළඟක සිටින කලට සිතුවෙමි පෙම වැඩෙන නියා
නොදැක ගෙවෙන විටෙක සිතෙන් එය වියැකී යාවි කියා
නුඹව අතැර දුරු රට ගිය මගෙ සිත විත් නැවත සොයා
වැඩෙන පෙමක අරුත කියයි මට ඈතින් සිටින ඔයා


පී.ජී. ආරියපාල

notes of imaginary

2024-01-08

ඕපාදූප


එක්තරා රටක රජතුමෙක් පුරුද්දක් ලෙස හැම අවුරුද්දකම රට වැසියන්ට දානයක් දෙනවා. දවසක් දානෙ දෙන දවස උදාවුනා.
සේවකයො දානෙ පිළියෙල කරන වැඩ පටන් ගත්තා.
දානය පිළියෙල කරන තැනට කිට්ටුව පොඩි කැළයක් තිබුනා. ඒ කැළේ නයෙක් මරණසන්නව කැලෙන් එළියට එද්දිම මැරුනා. මේ නයාව රාජාළියෙක් දැකල ඇවිත් ඩැහැගෙන පියාඹගෙන යද්දි නයාගෙ කටින් විෂ බින්දු කීපයක් දානෙට ලෑස්ති කරන භාජනේකට වැටුනා.
දානෙ ලෑස්තිකරල ඉවරවුනු ගමන් මුලින්ම රජතුමා ඇවිත් රජතුමාගෙ අතින් පළවෙනියට දානෙ බෙදල දුන්න. ඒදානෙ වළඳපු කෙනා නයාගෙ විෂ කළවම් වෙලා තිබ්බ කෑම කාපු ගමන් එතනම මැරිල වැටුනා.
රජතුමා කම්පාවෙලා බොහොම දුක්වුනා. එතනින්ම ඒ දානෙ නතරකරා. මේ මරණෙ යම ලෝකෙට වහාම වාර්ථා වුනාම, දැං මේ මරණෙට හේතුවුනු කෙනාගෙ නමට පව ලියන්න යමලෝකෙ ලියන මහත්තයට භාරවුනාට පව ලියන්නෙ කාටද කියන ගැටළුව මතුවුනා. නයා මැරිල උන්නු නිසා මේ පව නයාගෙ පොතට ලියන්න බෑ , විෂ භාජනේට වැටුනු බව රාජාලියාත් දන්නෙ නැති නිසා රාජාළියාට ලියන්නත් බෑ. රජතුමා මේ දානෙ දෙන්න මූලික උනත් , රජතුමා ත් දන්නැති නිසා එයාගෙ නමට දාන්නත් බෑ. ලියන මහත්තයා දැං හෙන අවුලෙන් නිසා පව් පිං පොතත් අරං යම රජ්ජුරුවො හම්බවෙලා අකරතැබ්බය කිව්වා.
යමයත් පොඩ්ඩක් අවුල්වෙලා වගේ උන්නා. ටිකක් කල්පනා කරපු යමය ලියන්න ට කිව්ව...
" උඹ ඕක ඔය පොතේ පැත්තකින් ලියාගෙන ඕක ඔටෝ එලම් එක සෙට්කරල තියපං. අපිට ඔය පව ලියන්න නමක් හම්බෙයි".
ඔය විදිහට අවුරුද්දකුත් ගෙවුනා, අර රජතුමා ආපහු දානෙ දෙන්න ලෑස්ති කරා. අසල්වැසි රටකින් ආපු කට්ටියකට රජතුමාගෙ දානමය පිංකම ආරංචි වෙලා, දානෙ දෙන තැන හොයාගෙන යද්දි, අතරමග වෙළඳාමේ යෙදිල උන්නු වට්ටි අම්ම කෙනෙක් දැකල දානෙ දෙන තැනට යන පාර ඇහුවා...
"අපෝ... ඔයාල වහදාල දානෙ දෙන රජාගෙ දානෙ කන්නද යන්නෙ" කියල අර කට්ටියව බයකරල යැව්වා.
වට්ටි අම්ම එහෙම කියන ගමන් යමලෝකෙ පිං පොතේ එලාම් එක වදින්න ගත්තා. ඒක ඇහුනු ලියන්නා පව් පිං පොතත් උස්සං යම රජ්ජුරුවො ළඟට දිව්වා.
" ඕං ඔය වට්ටි අම්මගෙ නමට අර පව දාපං. මෙලෝ දෙයක් දන්නැතුව කෙනෙකුට දොස් කිව්වයි කියල ලියාගනිං" කියල යම රජ්ජුරුවො අණ කලා.

ඕපාදූප කතාකිරීමෙන් වළකින්න.

වට්ටි අම්මල නොවී ඉමු
අන්තර්ජාලයෙනි ✍️
දැනුම් පොද



notes of imaginary