තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්යයෙන් සත්යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්රහණය කරන්නේ හොදය.
රබීන්ද්රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2023-12-24
මොළදණ්ඩේ කුමන්ත්රණය
2023-12-23
ටිබෙටයට ඉහළින් ගමන් බැහැ
ටිබෙටය ඉහළ උන්නතාංශයක් ඇති භූමි ප්රදේශයකි. මේ නිසා ටිබෙටයට ඉහළින් ගුවන් යානා පියාසර නොකරයි.
ගුවන්යානා රේඩාර් පද්ධතිය දෙස බැලුවහොත් ලොව පුරා බොහෝ ගුවන් යානා පියාසර කරන නමුත් චීනයේ ටිබෙට් කලාපයේ ගුවන් යානා නොමැති බව ඔබට පෙනෙනු ඇති. ටිබෙට් කලාපය වටා ඇති ගුවන්තොටුපළවල් වෙත ඒ හරහා පියාසර කළහොත් කෙටි කාලයකින් යා හැකි වුවත් ටිබෙටයට ඉහළින් ගුවන් යානා පියාසර නොකරන්නේ ඉහල උන්නතාංශයක ඇති නිසායි.මේ නිසා ටිබෙටයට "ලෝකයේ වහලය - Roof of the world" නම් සාදෘශ්යය හැඳින්වීම කරනු ලබයි. ටිබෙටය යනු මුහුදු මට්ටමේ සිට මීටර් 5000 ක සාමාන්ය උන්නතාංශයක් (Altitude) සහ ලොව උසම ස්ථානය වන එවරස්ට් කන්ද පිහිටි භූගෝලීය පිහිටීමකි....
අඩි 35,000ක් උඩින් යන ගුවන් යානා අඩි 29000 ක් උස හිමාලය කදු වැටිය මග හැරීම ගැටවක් ලෙස අපි දකිමු.
ලෝකයේ ගුවන් ගමන් මාර්ග දිහා බැලුවම අපි දකින දෙයක් තමයි චීනයේ ටිබෙට් ප්රදේශය සහ හිමාලය කඳු වැටියට ඉහළින් ගුවන් යානා ගමන් කරන්නේ ඉතාම අඩුවෙන් කියලා. ඇත්තටම ලෝකේ උසම කන්ද වන එවරස්ට් කන්දේ උස අඩි 29,000ක් විතර වුණාට, සාමාන්ය මගී ප්රවාහන ගුවන් යානයක් අඩි 35,000ක් විතර ඉහළින් ගමන් කරනවා. ඉතින් නිකන් බැලූ බැල්මට ගුවන් යානාවන් කන්දේ වදින්න විදිහක් නැහැ.
එහෙනම් ඇයි මේ පාර මගහරින්නේ?
මේකට හේතුව තමයි හදිසි අවස්ථාවකදී ගන්න ඕන ආරක්ෂක ක්රියාමාර්ගය. අඩි 35,000ක් උඩදී යම් හෙයකින් යානයේ ඇතුළත පීඩනය නැති වුණොත් (Cabin Decompression) මගීන්ට හුස්ම ගන්න අමාරු වෙනවා. ඒ වෙලාවට නියමුවන්ගේ එකම ඉලක්කය වෙන්නේ හැකි ඉක්මනින් යානය හුස්ම ගන්න පුළුවන් මට්ටමක් වන අඩි 10,000 සීමාව දක්වා පහත් කරන එකයි.
නමුත් ගැටලුව තියෙන්නේ හිමාලය ප්රදේශයේ සාමාන්ය කඳු වල උස පවා අඩි 10,000 - 15,000ට වඩා වැඩියි. ඉතින් හදිස්සියකදී යානය පහත් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම කන්දක හැප්පෙනවා. ඔක්සිජන් මාස්ක් එකෙන් ලැබෙන සීමිත ඔක්සිජන් ප්රමාණය ඉවර වෙන්න කලින් ආරක්ෂිත උසකට යන්න බැරි වීම තමයි ලොකුම අවදානම.
ඒ වගේම හිමාලය වගේ උස කඳු පන්ති වලට ඉහළින් වායු ගෝලයේ ඉතා දරුණු කැළඹීම් (Clear Air Turbulence) ඇති වෙනවා. මේවා රේඩාර් එකටවත් අහු වෙන්නේ නැහැ. ඒ වගේම හදිසි එන්ජින් දෝෂයක් ආවොත් ගොඩබෑමක් කරන්න අවශ්ය පහසුකම් සහිත ගුවන් තොටුපළවල් ඒ අවට නැති තරම්. මේ ඔක්කොම අවදානම් නිසා තමයි ගුවන් සමාගම් සැතපුම් ගාණක් වටෙන් ගිහින් හරි හිමාලය මගහරින්නේ.
2023-12-22
සෙනෙහස
වළා රොද සේ පාව යනවිට
කඳු මුදුන වී රැක ගමී
විඩාබර සිත නිවා සනසන
සිසිල් මුදු පවනක් වෙමී.
විස ඇනී ළය රිදුම් දෙනවිට
සඳුන් සිසිලස තවරමී
අවලාද , දුක් ගැහැට පිසදා
තුන් සුතුර මතුරා යමී.
අඳුරු රැයකට පුරහඳක් වී
සඳ රැසින් ඔබ නහවමී
සුසුමකට දුර තබා ඈතින්
බලා කඳුලක සැඟවෙමී.
රෝ.සි..
2023-12-20
ගෞරවය හා නින්දාව
ගමේ සිටි තරුණියක් දරුවෙක් බිහි කළා. දරුවාගේ පියා කවුදැයි පවුලේ අය විමසුවා. තරුණිය පැවසුවේ දරුවාගේ පියා තරුණ භික්ෂුව බව යි.
බොහෝ කාලයක් පුරා භික්ෂුවට ඉමහත් ගෞරවයක් දැක්වූ ගමේ පිරිස භික්ෂුවගේ ආරාමයට අතට අසු වන දෙයින් පහර දෙන්න පටන් ගත්තා. ඉන් නොනැවතී ඔවුන් ආරාමයට ගිනි තිබ්බා. පිරිස අතර සිටි අයෙක් දරුවා රැගෙන ඇවිත් භික්ෂුවගෙ අතට දුන්නා. භික්ෂුව ඇහුවා " මොනවද මේ කරන්නෙ...? මොකක්ද හේතුව...?
මිනිස්සු මහ හයියෙන් කෑගහන්න ගත්තා. " අපෙන්ද අහන්නෙ හේතුව...? මේ දරුවා ඔබේ...බලන්න මේ දරුවා දිහා...බලන්න මේ ගෑණු ළමයා දිහා...ඔබේ ඇතුලාන්තයෙන් අහන්න මොකක්ද හේතුව කියල..."
"ඒකත් එහෙමද...එතකොට මේ දරුවා මගෙද...? භික්ෂුව ඇහුවා. දරුවා හඬන්න පටන් ගත්තා. භික්ෂුව ගිනිගත් ආරාමය අසළ බිම වාඩිවී දරුවා නලවන්න උත්සාහ කළා.
දරුවා හඬන්නට වුණා. අවට පිරිස ජනෙල්වලින් එබිකම් කරමින් බලාගෙන සිටියා. තරුණියට තව දුරටත් දරාගෙන ඉන්න බැරි වුණා. ඇය තම පියාගේ දෙපා මුළ වැඳ වැටුණා."මට සමාවෙන්න තාත්තෙ...දරුවගේ ඇත්ත තාත්තා සඟවන්න ඕනැ වුණු හින්දයි මම භික්ෂුව ගැන කිව්වෙ...දරුවගෙ ඇත්ත තාත්තා භික්ෂුව නෙමෙයි...මම භික්ෂුව හරියට හඳුනන්නෙවත් නෑ "
තරුණියගෙ පියා හොඳටම කලබලයට පත් වුණා. නිවසින් එළියට දුවගොස් භික්ෂුවගෙ දෙපා මුළ වැඳ වැටුණා. භික්ෂුව ගෙන් දරුවා ලබාගැනීමට උත්සාහ කළා.
"මොකක්ද හේතුව ?" භික්ෂුව ඇසුවා.
"මට සමාවෙන්න... ලොකු වැරදීමක් වෙලා තියෙනවා. මේ දරුවා ඔබගේ නෙමෙයි..." පියා පැවසුවා.
"ඒකත් එහෙමද...මේ දරුවා ඇත්තටම මගේ නෙමෙයිද ?" භික්ෂුව පිළිතුරු දුන්නා.
මිනිස්සු භික්ෂුවගෙන් ඇහුවා " ඔබට පිස්සුද...? ඇයි මුළින්ම නෑ කිව්වෙ නැත්තෙ ?"
භික්ෂුව පැවසුවා. " මොකක්ද ඒකෙන් සිද්ද වෙන වෙනස..? මේ දරුවා කාට හෝ අයිති විය යුතුයි. ඔබ දැනටමත් ආරාමයක් ගිනි තියලා විනාශ කළා. ඔබ තව නිවසක් ගිනි තියයි...ඔබ එක් පුද්ගලයෙකුට බැනලා චෝදනා කරලා සතුටු වුණා. ඔබ තව කෙනෙකුට ඒ විදියට කරලා සතුටු වෙයි...මොකක්ද ඒකෙන් සිද්ද වෙන දේ...? දරුවා කාට හෝ අයිති විය යුතුයි..."
"ඔබට තේරෙන්නෙ නැද්ද...? හැම කෙනෙක්ම ඔබට බැන්නා නින්දා කළා. ඔබව සම්පූර්ණයෙන්ම අවමානයට ලක් කළා." මිනිස්සු පැවසුවා.
භික්ෂුව පිළිතුරු දුන්නා. මම ඔබේ නින්දාවන් ගණන් ගත්තා නම්, ඔබේ ගෞරව කිරීම් ද ගණන් ගත යුතුව තිබුණා. මට නිවැරදි යැයි හැඟෙන දේ මම කරනවා. ඔබට හරි යැයි සිතෙන ඔබ කරනවා. ඊයෙ වන තුරු ඔබට සිතුණා මට ගෞරව කළ යුතුයි කියල. ඉතින් ඔබ එහෙම කළා. අද ඔබට සිතුණා මට ගෞරව නොකළ යුතුයි කියලා.ඉතින් ඔබ එහෙම කළා. නමුත් මම ඔබගේ ගරු කිරීම හෝ නින්දා කිරීම සැළකිල්ලට ගත්තෙ නෑ."
මිනිස්සු කිව්වා. "ගෞරවනීය ස්වාමීනි, ඔබවහන්සේ කල්පනා කරලා බලන්න තිබුණා ඔබගෙ හොඳ නාමය පළුදු වන බව..."
භික්ෂුව පැවසුවා. " මම හොඳවත් නරකවත් නොවෙයි. මම සරළවම මමයි. හොඳ හෝ නරක කියන අදහස අත්හැරිය කෙනෙක්. මම සම්පූර්ණයෙන්ම උපේක්ෂා සහගත තත්වයට පත් වුණු කෙනෙක්. මම මුනිවරයෙක්."
ගමේ මිනිස්සු දින කීපයකින් ආරාමය ගොඩනගලා සියලු දේ පිළිසකර කර පෙර පරිදිම භික්ෂුවට භක්තිමත්ව ජීවත් වුණා.
මතක තබාගන්න, ගෞරව කරන්නෙක් සතුරෙකු බවට පත් වෙන්න එතරම් කාලයක් ගත නොවෙන්න පුළුවන්. ගෞරව කරන්නාගේ මනස තුළ සැම විටම ගර්හාව ද සැඟවී තිබෙනවා. මනස අවස්ථාවක් එන තුරු බලා සිටිනවා. ගෞරව කිරීම අවසාන වූ වහාව ගර්හාව පටන් ගන්නවා. ගරු කරමින් සිටින අය මොහොතකින් නින්දා කිරීම ඇරඹිය හැකියි. ගෞරවය හා නින්දාව එකම කාසියේ දෙපැත්ත වගෙයි. ගෞරවය ලැබෙන විට එය පැළඳ ගත හොත් නින්දාව ද පැළඳගැනීමට සිදු වෙයි.
(උපුටා ගැනීමකි)
#thanhankara
notes of imaginary












