අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2023-12-19
බළන්ගොඩ

12/19/2023 12:42:00 pm
1

කොළඹ නගරයේ සිට කිලෝමීටර් 147ක් පසුකර ගමන්කළ විට හමුවෙන කොළඹ බදුල්ල මාර්ගයේ පිහිටි බළන්ගොඩ නෙතට රසඳුනක් මෙන්ම ගතට සිසිලසක් ගෙන දෙන රමණීය ගම් ...

Read more »
2023-12-18
සෙනෙහස

12/18/2023 10:27:00 am

ඔබේ තනියට සෙවණැල්ල වෙමි සයුරු තෙර වෙරළ ක් වෙමී ඔබ රැගෙන එන තැවුල් රඳවා සිනා පෙණ පිඬු විසිරමී. වළා රොද සේ පාව යනවිට කඳු මුදුන වී රැක ගමී විඩා...

Read more »
2023-12-16
GSF ගේ කාටුන්

12/16/2023 07:30:00 pm

එවකට අග්‍රාමත්‍ය ව සිටි සර් ජෝන් පොල්ගොල්ලේ පිහිටි කෘෂිකර්ම දෙපාර්මේන්තුවට අයත් සත්ව ගොවිපලක් බැලීමට ගිය අවස්ථාවක එහි සේවය කරන සේවිකාවන්ගෙන්...

Read more »
2023-12-15
නිදාන කතාව

12/15/2023 09:52:00 am

Deamon Hood මං එවකට කිඹුල්වත්පුර ඉඳන් සැවැත් නුවරට යන පාරේ හැටනව වැනි පටුමගේ හිටියේ. අපේ තාත්තගේ යාළුවෙක් තමයි කොසොල් රජතුමා. ආදරේට කිව්වෙ ක...

Read more »
2023-12-14
ඉන්දියාවෙන් බුදු දහම තුරන් වූයේ කෙසේද?

12/14/2023 09:48:00 am

බ්‍රාහ්මනිකයන්ගේ සහ පසුව පැමිනි මුසල්මානු ආක්‍රමණ හමුවේ ඉන්දියාව අසරණ වූයේ ‘මයුර්‍ය’ සහ ‘ගුප්ත’ රාජ වංශ වලින් යුතුවූ මහා මඝද රාජධානිය කාලයාග...

Read more »
2023-12-12
ගජමන් නෝනා

12/12/2023 10:29:00 am
1

ඉසුරු දෑල බණ්ඩාර උපත ක් ‍ රි.ව 1746 - විපත ක් ‍ රි.ව 1815) ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙල් පෙරුමාල් කොර්නේලියා උපත ලබන්නේ 1746 වසරේ කොල්ලුපිටියේ...

Read more »
2023-12-10
අතුරුදහන් වීමට නියමිත වස්තුවකි.

12/10/2023 04:06:00 pm
2

අපේ පුංචි මුණුපුරා අසන ප්‍රශ්න වලට ඔහුට ගැලපෙන අන්දමින් උත්තර සපයන්න අසීරු වේ. ඔහු පලමුවෙනි වසරේ අධ්‍යාපනය ලබයි. අද උදේ ඔහු ශිෂ්ඨාචාරය කියන...

Read more »