Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Sunday, December 03, 2023

සොර බොර - සිලෝවක්




 




 

ගංගාවක් වන්,

දියවන්නාව පාදා

විස්කම් දැක්වූ,

බුලතානන් එකල් හී

බින් තැන්නේ හී,

මහ මූදක් නිමෙව්වා

වෙල්ලස්සේ කෙත්,

සරු සාරයි දෙකන්නේ,

කාලේ සේ

නැහැ දැන්නම් දඹානේ,

ඌරන් ගෝණුන්,

පසු පස්සේ දුවන්නේ

හේනත් සාරයි,

සරු අස්වැන්න දේයා

සංතෝසෙන් මයි

වන පොජ්ජේ රැඳෙන්නේ,

 

 

ත්‍රිෂ්ටුප් ඡන්දස, වාතොර්මි විරිත,

පාදයක්,

,, ,, ,, ගණ හා ගුරු දෙකක්,

 

තුති පුද,

සඳස මග කියන ධර්මසිරි වීක්කොඩි, ඇදුරු තුමන්ට,

,

පබැදුම .. චමින්ද ලියනගේ විද්වතාගේ


notes of imaginary

Tuesday, November 21, 2023

සීයා බලන්න යන්න ඕනී


Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා...

එයා තාත්තට කිව්වා..

"මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ" කියලා...

තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු...

"ඕනේ කමක් වුනොත් බලන්න.."

කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා...

ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන ගතිය චූටි Martinoට දරන්න බැරි වුනා....

මිනිස්සු අමුතු විදියට ඔහු දිහා බලනවා....

තනියෙන් යන්නේ ඇයි කියලා අහනවා....

ඉතිං පැටියට හරි දුකයි. ඇගට ලෙඩ ගතියක් දැනුනා....

කදුළු බිංදු වැටෙන්නට ඔන්න මෙන්න....

කලබල ගතියක් දැනුනා...

පුංචි Martinoට තාත්තා දාපු කොලේ මතක් වුණා...

Martino කලබලයෙන් වගේ සාක්කුවෙන් තාත්තා දාපු කොලේ අරන් කියෙව්වා...

ඒකේ තිබුනේ.....

"පුතේ මම අන්තිම පෙට්ටියේ ඉන්නවා"

කියලා...

අපි අපේ දරුවන් විශ්වාස කරන්න ඕනේ...

දරුවන්ට විශ්වාසයක් ඇති කරන්න ඕනි....

දරුවන්ට අවශ්යදේ කරන්න දෙන්න ඕනේ...

දෙමාපියෝ සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ...

ඔවුන්ට හමුවන බාධා, ඔවුන් මොනවා කරන්නද කියලා නොතේරෙන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ...

දෙමාපියන් ජීවත් වෙනකම් දරුවන්ට ලංව සිටිය යුතුයි...

මතක තබා ගන්න...

" දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ..."

 

මෙම සටහන මුණුපොතෙහි හුවමාරුවු බොහෝ ප්‍රසාදයට පත්වු සටහනක්. අපි දරුවන්ගේ පෞරුෂත්වය සංවර්ධණය කිරීම දරුවන්ට ඇති ආදරය නිසා නැති කරනවා.

උදේට පාසල් යන දරුවන්ගේ පොත් බෑගය කර තියාගෙන යන්නේ අම්මා . දරුවත් සමග පාසල් ගේට්ටුව දක්වා යන අම්මලා පාසල අවසන්වන තු  රු ගේටට්ටටුව ලග.

පාසල තුලට යන දරුවාට පංති කාමරය පිරිසිදු කර ගන්න ඕන නැහැ. එය පවිත්‍ර කරන්නේ සේවිකාවක හෝ සේවකයෙකු විසින්..

එතනින් ඉගන ගන්න ඕන ක්‍රියාකාරකම දරුවට ලැබෙන්නේ නැහැ.

ටීචර් දෙන පත පොතේ ගෙදර වැඩ ගෙදරදී සම්පුර්න කරලා දෙන්නේ අම්මලා.

මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම්  දරුවට ආදරේට අම්මලා කරලා දෙනවා.

සීයලගේ කාලෙට වඩා මුණුපුරු මිණිපිරියන්ගේ කාලය වෙනස්

සීයලාටට ආත්තම්මලාට අභියෝග වලට මුහුණ දෙන්න පෞරුෂත්වයක් ගොඩ නැගුවේ පුංචි  කාලේ ඉදන්..







notes of imaginary

Monday, November 20, 2023

පන්සල් බිම නිසලය .



මමත් අප දෙතුන් දෙනාත්  බුදු මැදුරේ  දෙ අත් වැද ගෙන පිරිත් නුල් පටත් පටලවා ගෙන එකත් පසව දැහැන් ගතව සිටිමි.  හිමිවරුන් කිහිප  නමකගෙ පිරිත් සජ්ජායනය පාලි වචන   සජ්ජායනයේ ඇත්තේ ගීතවත්   බවකි.

බුදුන් වහන්සේගේ සියලූ දේශනා මෙන් ම පිරිත් දේශනා ද වදාළා ඇත්තේ පාලි භාෂාවෙනි. අප අසන කියන සියලූ ගාථාවල කිසියම් රිද්මයානුකූල භාවයක් පෙන්නුම් කරනු ලබන්නේ ද  එබැවිණි.
‘‘
එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ කො අඤඤතරා දෙවතා අභික්‍කන්‍තාය රත්‍තියා අභික්‍කන්‍තවන්නා කෙවලකප්පං ජතෙවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඬ්කමි. උපසඬ්කමිත්‍වා භගවන්‍තං අභිවාදෙත්‍වාඒකමන්‍තං අට්ඪාසි.එකමන්‍තං ඪිතා ඛො සා දෙවතා භගවන්‍තංගාතාය අජ්ක්‍ඞභාසි :-’’

මුලින් දේශනා කල ගාථවේ සිංහල අරුත මෙසේය.

‘‘එක් කාලයක බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටතුමාගේ දෙව්රම් වෙරෙහි වැඩ සිටියෝ ය. එවිට එක්තරා දෙවියෙක් රාත්‍රී පළමු යාමයේ  දී මුළු ජේතවනය ම ඒකාලෝක කරමින් බුදුන් වහන්සේ වැඩසිටි ස්ථානයට සැපත්  වූවේ ය. පැමිණ උන්වහන්සේට ගෞරවාපූර්වක ව වැඳ නමස්කාර කර සිටියේ ය. එසේ ගෞරවාපූර්වකව වැඩ සිටිමින් ඒ දෙවියන් බුදුන් වහන්සේට  මෙසේ කියා සිටියේ ය.’’

පිරිත් පටන් ගන්නේ එසේය. හැම පිරිතකටම නිදාන කතාවක් වෙති. අප නිතර අසන සෙත් පිරිතෙහි ඇත්තේ එදිනෙදා අපේ ජීවිතය පවත්වා ගෙන යාමේදී ඇවැසි වන උපදෙස් මාලාවකි.

 

 අප සියලූ දෙනා පුරුදු පුහුණු වී සිටින්නේ සංඝයාවහන්සේලා විසින් දේශනා කරනු ලබන පිරිත් ශ්‍රවණය කර සාධුකාර පිරිනැමීම පමණි. සැබෑ බෞද්ධයන් නම් කළ යුත්තේ අදාළ පිරිතෙහි වචනාර්ථය මැනවින් අවබෝධ කර ගෙන ඒ අනුව තම දිවි පෙවෙත සකසා ගැනීම යි

 

පිරිත් නුලක් අත බැදීමෙන් ආශිර්වාද ලැබු බවක් ප්‍රදර්ශණය වේ. එය වර්තමානය වන විට මෝස්තරයකි. තරාතිරම දක්වන හැදුනුම් පතකි.

කඹයක් තරම් නූල් බැද ඇති අත්ද  නැතිවා නොවේ

 

 පිරිත් සජ්ඞායනයේ දී පවත්නා රිද්මයානුකූල භාවය නොමැති වූයේ නම් එය ශ්‍රවණය කිරීම සඳහා මිනිසුන් නො පෙළඹෙන බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. එහෙත් අප උකහා ගත යුත්තේ එහි ශබ්ද රසය හෝ රිද්මයානුකූල භාවය නොව අදාළ පිරිතෙහි අඩංගූ වචනාර්ථයයි. 

 නමුදු එදා සිට අද දක්වා කිසිදු බෞද්ධයෙක් මේ පිළිබඳ ව අවධානය යොමු කර ඇති බවක් දක්නට නොලැබේ. 

  

පැයක පමන සෙත් පිරිත් සජ්ජායනයේදී  එකිනෙක ගාථා පැහැදිලි කිරීම විසල් මෙහෙයුමක් නිසා මංගල සූත්‍රයේ මේ ගාථා දෙක උදාහරණයක් ලෙස දක්වමි.

 01. බහු දෙවා මනුස්සාච - මංඞලානි අචින්‍තයුං

      ආකක්‍කමානා සොත්‍ථානං - බ්‍රෑහි මඞගලමුත්‍තමං

 තම යහපත කැමති වන්නා වූ බොහෝ දෙවියෝ ද මංගල කරුණු ගැන සිතූහ. උතුම් මඟුල් කරුණු වදාළ මැනවි.“

මෙම ආරාධනයට බුදුන් වහන්සේ පිළිතුරු දෙන්නේ මෙසේය.

02. අසෙවනා ච බාලානං - පණ්ඩිතානඤ සෙවනා

      පූජාච පුජනියානං - එතං මඞගලමුත්‍තමං

“නුවණ මඳ බාලයන් ඇසුරු නො කිරීම, නුවණැති පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, යන මේවා උතුම් මඟුල් ය. 

 

පිරිත් ශ්‍රවණය කර ඉන් සෙත් ශාන්තියක් ලබා ගැණිමට නම් නුලක් අත බැද දිය පොදක් තොල ගා හිස පිරිමැදීමෙන් කල නොහැකි කටයුත්තකි. පිරිත්

දේශනයේ අන්තර්ගතය තේරුම් ගෙන ඒ අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමෙන් පමනක් කල හැක්කකි.

 පැවිදි සමාජය ගතානුගතික බවින්  මිදි   වර්තමාන සමාජයට ගැලපෙන පරිද්දෙන්  විවෘතව දහම ගැන සාකච්චා කිරීමට කාලය පැමින තිබේ.  

එසේ හෙයින් සැබෑ බෞද්ධයන්ගේ යුතුකම සහ වගකීම වනුයේ උන්වහන්සේ පහදා දුන් කරුණු කාරණා පිළිබඳ නිවැරදි දෘෂ්ටි කොණයකින් බලා, ඒ සියල්ල නිවැරදි ව ග්‍රහණය කරගෙන තමාගේත් මතු පරම්පරාවේත් යහපත උදෙසා එකී සත්‍යය ලොවට හෙළිදරව් කිරීම ය.


notes of imaginary

Sunday, November 19, 2023

ඛෙදවාචකයක්.











පාපියුම්..මග හැරුණේ ඇයි ....??


 

ලතා මඬුලු තුරු සෙවණැළි අතරින්
සන්සුන් ගමනින් හිමි වඩිනා සඳ
මාවත රලු තැන් මොළොක් වුණාවද
සිරි පතුලට වෙහෙසක් දැනුණාවද ?
පා ගමනින් වඩිනා සඳ හිමියනි
නො දුටුවේ ද දුක දෝත දරා ආ
සැඩොල් කුලේ ඉපදී සිටි මා රුව
හිස ඔසොවන්නට අවසර නැති වූ...
මාගන්දිය බමුණා දුටු අරුමැසි
පතුල් සටහනක් දුටුවා නම් මම
ගැබක් තුළ ට රිංගන්නේ නෑ යළි
හිමි පා පියුමේ සුවය ලබනු මිස.
සල්මල් සුවඳින් පරසතු කුසුමින්
සිරි පා පියුමේ රොන් සුණු තැවරී
මහ කරුණාවෙන් හිමි නෙත වැසුණේ
හිමියනි ඔබ ....මා නොදුටු නිසයි.
රෝ.සි

notes of imaginary

Saturday, November 18, 2023

නානත්ථ සංඥා








 

දහසක් දෙන නිති යන එන
මාවත අයිනෙහි වැජඹුන
වනස්පතියකිය දුටු දන
පිනවන විශ්මය දනවන
සිප් හල වෙත යනෙන අතර
සිසුවන් පැතු පලෙහි මිහිර
කුහක අයෙකු මුවින් මැතිර
පලැති රුකකි ගසමි මුගුර
වඩුවෙක් ගස ළඟ නැවතී
වට අඩි මනසින් මනිතී
දොර උලුවහු ජනෙල් ඇතී
නිවෙස් හත අටක් හැදෙතී
පරිසරවේදියෙක් මෙදැක
සිතුවේ මෙය හරි පුදුමෙක
විදුලි කියත් නොදුටුව එක
දිවි හිමියෙන් ගමි ගස රැක
මෝලේ හිමිකරු දෑහේ
රුපියල් මල් වැහි වෑහේ
හැම අතු අඟලක් පාහේ
ලොරි දෙක තුනකට සෑහේ
තම විමනින් බැස වඩිනා
රුක් දෙවියකු ඇස ගැටුනා
කදිමයි විසුමට මෙතැනා
සිතුවිල්ලකි පැන නැඟෙනා
තරුණ ලියක් මල් වයසේ
පසුකර ගියෙමුත් බොහොසේ
හැගුමක් නොදැනුනි වෙසෙසේ
සිතිවිලි විය දුර අහසේ
පී. ජී. ආරියපාල

notes of imaginary

Friday, November 17, 2023

මම උණුහුම්ම ප්‍රේමයෙනි


ගොරබිරුම් සද්ද මා වටකර
වියළි කර්කෂ සුළඟ හා සතුරුව
ඉරිතැලුන දිය සිඳුන පොළොවක
මියෙන්නට මට ඇවැසි නැත
තවම මම හරිත පැහැයෙනි
ඉතින්
එක ප්රේමණීයම වැළදගැනීමක් මට ඇවැසිය
අවනීතිය එතෙනවිට ගෙලෙහි රුවිතෙට
සිහිනය මේ රඟන්නේ ගිලිහෙනු පිණිසය
රහසින්වත් කළ නොහැකි විට රමණය
ප්රේමය රැගෙනවිත් අර අතන මරණය
මියෙන්නට මට ඇවැසි නැත
තවම මම උණුහුම්ම ප්රේමයෙනි
ඉතින්
එක ප්රේමණීයම වැළදගැනීමක් මට ඇවැසිය
වනන විට නගුට බොහොම වෙිගෙට
නැමෙනවිට කොන්ද බිමට ගෑවෙන තරමට
රඟන හැටි බලන් මොනරකොළ ඕසෙට
බිඳෙනවලු සැණින් රජමැදුරු දොරගුල
නැමෙන්නැති පිටකොන්ද
වනන්නට නගුට කොහිවෙද
මහත්හොරුනි
තුවක්කුවේ ඔය සිදුර කුමකට
විසල් පපුවකට උණ්ඩයක් වුව මිතුරුය
මියෙන්නට මට ඇවැසි නැත
මේ හුස්ම වුව තවම උණුහුම්ය
ඉතින් ප්රේමණීයම වැළදගැනීමක් මට ඇවැසිය
......මම හරිිත පැහැයෙනි .....


notes of imaginary

Thursday, November 16, 2023

එකෙක් වත් කුඩයක් දුන්නේ නෑ .



කමල් මහත්තයා දකින දේවල්  ලියන කොට බලන්න  ආසයි. මේ කතාව ඉවර වෙන කොට සැදැහැත්බවේ සීමාවත්, තැනට සුදුසු නුවනත්  ඇදිලා තිබුනා.

මුණු පොතට කමල් පී අලහකෝන් මහත්තයා එක් කරලා තිබුන මේ වියමන කියවමුකෝ.

අපෙ සාලියගුණවර්ධන මහත්තයා ගෙ පාට පාට කුඩේ නැති වී ඇත.
එතුමා එය ප්රකාශ කළ ආකාරයයි මෙි.
කවියෙකු ලෙස සතතාභ්යාසයේ යෙදීමේ පලය විසින්
මෙම පුවතද උත්ප්රාසය දනවන අයුරින් ඉදිරිපත් කර ඇති ආකාරය මරු ය.
"මට කළ මෙහෙය ඔහුටද කරනු ඇත" අදහසෙහිදී
"ඔහු අතිනුත් කුඩය නැති වේවා!" යන්නද තිබේ.!
"වැහි,කාලයට කුඩ නැති වීම සාමාන්යය ය.
අපේ,වාඩියේ,කුඩයක්,ඇත.
එය කාගේදැයි තවමත් නොදන්නෙමු.
මේ අපේ තවත් මිතුයෙක්ගේ,අත්දැකීමකි.
එදා උදේ බිරිඳ කුඩේ දුන්නේ,
"මතක ඇතිව මේකවත්,ආපහු අරං එනවා!" කියමිනි.
නමුත් කුඩේ,අමතක විය.
බස්සෙකෙන්,බැස ගෙදරට යත්දී වැස්සා වූ වැස්ස නිසා
උදේ බිරිඳ ගේ අනතුරු,ඇගවීම මතක් විය.
දැන් ඉතින්,ගෝරනාඩුව අනිවාර්ය ය.
මිත්රයා කළේ මේක ය.
ඇය හොඳ ආගම්,භක්තිය ඇත්තියකි.
ගෙට ගොඩ වෙන ගමන් හේ,
"හරි අපූරු බෞද්ධයෝ තමයි. මෙහෙ ඉන්නෙ........!"
විස්සෝපයෙන් යුතුව කීවේ ය.
"ඇයි මොකද වෙලා තියෙන්නෙ?" බිරිඳ ඇසුවා ය.
"නෑ හාමුදුරු නමක් පට්ට වැස්සෙ තෙමි තෙමි වඩිනවා!"
"ඉතිං ?"
"ඉතිං....එකෙක්වත් කුඩයක් දුන්නෑ නෙ ?"
"ඉතිං?"
"මම ඔයාගෙ කුඩේ උන්නාන්සෙට පූජා කළා!"

notes of imaginary

Wednesday, November 15, 2023

ගොඩ එන්න පුළුවන්..


දවසක් ගොවිපළක හිටපු බූරුවෙක් ගොවිපළේම තිබුණු තරමක් ගැඹුරු ළිඳකට වැටෙනවා... මේ සතා ගොඩට එන්න බැරුව පැය ගණනක් තිස්සේ හයියෙන් කෑගහනවා... මේක ඇහුණු ගොවිපළ අයිතිකාරයා දුවගෙන එනවා... පැය ගාණක් ඔහුත් මේ සතාව ගොඩට ගන්න දන්න හැම උත්සාහයක්ම ගන්නවා... ඒත් වැඩක් වෙන්නේ නෑ...

අන්තිමේදී ගොවියා තීරණයකට එනවා...
දැන් බූරුවාත් වයසට ගිහිල්ලයි ඉන්නේ... ඌගෙන් හරියට වැඩක් ගන්නවත් බෑ... ඒ වගේම තමයි මේ ළිඳත්... මේකෙත් දැන් වතුර හිඳිලා, වියළීලා ගිහිල්ලයි තියෙන්නේ... කරන්න දෙයක් නෑ... බූරුවා ඇතුළේ ඉද්දිම පස් දාලා මම මේ ළිඳ වහලා දානවා... ඇත්තටම බූරුවා ළිඳෙන් එළියට ඇදලා ගන්න වියදම් කරන එකෙයි, ඒකට මහන්සි වෙන එකෙයි තේරුමක් නෑ...
ඔහු ගමේ මිතුරන් කීප දෙනෙකුට විස්තරේ කියලා ළිද ගොඩ කරන්න ඔවුන්ගෙන් උදව් ඉල්ලනවා... ඔවුන් පැමිණ සවල් වළින් වටේ තිබෙන කුණුරොඩු, පස් අරගෙන ළිඳට දාලා ළිඳ ගොඩ කරන්න පටන් ගන්නවා...
දැන් ළිඳ ඇතුලේ ඉන්න බූරුවාට මේ සිද්ධවෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඇතුලේ ඉඳන් මහ හයියෙන් දරුණු විදියට කෑගහන්න පටන් ගන්නවා... කට්ටිය දුකෙන් උනත් වෙන කරන්න දෙයක් නැති නිසා, බූරුවාගේ සද්දෙත් ඉවසගෙන දිගටම ළිඳ කුණු සහ පස්වලින් පුරවන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හැමෝම පුදුමයට පත් කරමින් මේ කෑගහපු බූරුවා නිහඬ වෙනවා... බුරුවා යටවෙලා මැරෙන්න ඇති කියලා හිතන මේ කට්ටිය ළිඳ දිහා බලන්නෙවත් නැතුව, ඒ ගැන තැකීමක් නොකර දිගටම ළිඳ වහන්න පටන් ගන්නවා...
දැන් මෙහෙම සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ළිඳ සෑහෙන ප්රමාණයක් ගොඩවෙලා තිබෙන බව ගොවියාට තේරෙනවා...
ඔහු ළිඳ අසළට ගිහින් බලනවා... කට ළඟටම පිරුණු ළිඳ ඇතුලේ දුටු දෙයින් ගොවියා පුදුමයට පත්වෙනවා...
මෙතරම් කාලයක් නිෂ්ශබ්දතාවයකින් හිටපු බූරුවා පිරුණු කුණු සහ පස් මතින් ළිඳේ කට ළඟටම ළඟාවෙලා හිටපු විදිය දැකපු සියළුම දෙනා පුදුමයට පත්වෙනවා...
මොලේ නැති බුරුවා කියලා කවුරු කිව්වත්, අවශ්යම වෙලාවේදී තමන්ගේ ජීවිතේ බේරගන්න මේ සතා මොලේ පාවිච්චි කරපු විදිය හරි අපූරුයි නේද..? මානසිකව වැටිලා ඉන්නකොට අපි හිතන්න ඕනී, ජීවිතය කියන්නේ හැම වෙලාවේම විවිධ වර්ගවල අපිරිසිදු කුණු එකතුවෙන තැනක්... කුණු නිසා එකතුවෙන අපේ හැම ප්රශ්ණයකින්ම අපි එක පියවරක් හරි උඩට එන්න ඕනි... එහෙම කරන ගමන් අපි අපේ ජීවිතය අත් නොහැර උඩටම ආවොත් අපිට අපි සිටින ගැඹුරුම තැනින් කොහොමහරි ගොඩ එන්න පුළුවන්...
- ධම්මික සමරතුංග -

notes of imaginary

Tuesday, November 14, 2023

රාජාලි න්‍යාය.



අයවැය කතා ඉදිරිපත් වෙයි. මේවා  සුරංගනා කතාවන්  ද ? යැයි සිතන තරමට සුන්දරවේ. කල හැකිදේ වලින් සහ  නොකල හැකිදේ වලින්ද  මේ කතා පිරී තිබේ. පාර්ලිමේන්තුවේ නොයෙක් මාදිලියේ කතා කියවමින් කාලය නාස්ති කර අන්තිමේදී වැඩි පිරිසක් පක‍‍්ෂවද ඊට වා අඩු පිරිසක්  විපක්‍ෂවද ඡන්දය භාවිතයෙන් සම්මතවේ.

මෙය පාර්ලිමේන්තුව ඇතිවු දා සිට සිදුවන්නකි. 

මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා  බිය නොවේ. 225ත් රාජාලියන් වගේයයි මීදුමට සිතේ . වෘත්තීය සමිති විකල්ප සංවිධාන  කපුටන් ගනයට පත්ව තිබේ.

 රාජාලියාට සුවිසල්  පියාපත් තිබේ. තියුණු දෙනෙතකි. හොටය මුවහත්ය. සිරුර ශක්තිමත්ය. ඌ ඉහල අහසේ නිදහසේ පියාසර කරයි.  මේ තේජාන්විත කුරුල්ලාට සටනක් දීමට  , කපුටා ඔහු තමා ගැන තබා ගෙන ඇති අධිතක්සේරු මානසිකත්‍වය නිසාවෙන් ඉදිරිපත්වේ.

කපුටා රාජාලියාගේ  පිට මතට පියාසර කර ලැගුම් ගනී. පිට මත ඉඳගෙන බෙල්ලට කොටමින් ප්‍රහාර එල්ල කරයි.

රාජාලියා ප්‍රතිචාර නොදක්වයි. ඔහු නිදහසේ අහසේ ඉහලට පියාසර කරයි. ඔහුගේ ඉලක්කය අහසේ ඉහලට පියාසර කිරීමයි. ඔහු කපුටා සමඟ සටන් නොකරයි, ඒ සදහා කාලය හෝ ශ්‍රමය නාස්ති නොකරයි. අහසේ තව තවත් ඉහලට පියාසර කරයි.

කපුටාද සටන අත්නොහැර පියාපත් මත ඉදගෙන රාජාලියාට හිරිහැර කරයි. අහසේ ඉහලට යන්න යන්න ඔක්සිජන් හිගවේ. කපුටාට හුස්ම ගන්න අපහසුවේ.  ඔක්සිජන් නොමැතිකම නිසා කපුටා අඩපනවේ. ඉහල අහසේ තමන් පාලන කර ගත නොහැකිව රාජාලියා හා කරන සටන නවතී කපුටා රාජාලියාගේ පිටමතින්  ඇද වැටේ.


notes of imaginary