තෙරුවන් සරණයි .
පොසොන් පෝය 29 වෙනිදා.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2023-09-15
බා බා බා කිකිළී
2023-09-14
සත්කුළු පව් විලාශයෙන් නුඹ සිටියා අම්මේ .
අත පා මුදු පය පා මුදු නැත දිලුණේසිත දහිරිය සත්කුළු පව් මෙනි රැඳුණේඅත හැරියේ හුස්මද අපවද මවුනේ .නෑරා අතින් අත ගම් දොර ළඟ හිටියාදීලා සෙවන සළුවෙන් වට කොට සිටියාපාලා ළතෙත් ගුණ කඳුළැලි පිස සිටියාමෝරා තලමලක් සේ සෙනෙහෙන් සිටියා .විලේ නෙළුම් පිපුණේ හිරු රැස් හින්දාමලේ බමරු රොන් ගත්තේ මධු හින්දාසිලේ පහන් රැකුණේ දුන් තෙල් හින්දාඅපේ ඔටුණු පැළඳුවෙ අපි නුඹ හින්දා .සුවඳ බොජුන් නැතුවත් නුඹගේ කුසටනිබඳ දරු සෙනේ දැනුණ යි හද ගැබටළමැද කිරි පොවා සා පැටවුන් හයටසුවඳ සමන් වැලකි ය නුඹ අප හැමට.නුඹ අප නැවත කිසිදින නෙත නො ගැටෙන්නේකළ පව් සමා අයදින්නම් පා වඳිනේදළ රළ පෙළ මැදින් එතෙරට යා ගන්නේබව ගිම් නිවා සසරට තිත තියපන්නේ .!
2023-09-09
සබද අපි කදු නොවෙමු.
1989 මැතිවරණ සමයේ ශ්‍රීලනිපයේ අපේක්‍ෂකයෙකු එක්ක ජයට ප්‍රචාරණ කටයුතු කරගෙන හිටියා.
මට මතකයි පුංචි පත්තරයක ස්වරූපයෙන් පිටු දෙකක පත්තරයක් අපේ සගයෙක් අතින් නිර්මාණය වුනා.
අපි මේ දවස් වල සිල්ක් ස්ක්‍රීන් ක්‍රමයට පෝස්ටර් නිර්මානය කරන පුංචි මුද්‍රනාලයක් පටන් ගත්තා අවම සම්පත් අපට තිබුනේ. තොගයට ඩිමයි පේපර්ස් කොළඹින් ගෙනාවා. තීන්ත ලග පාත තිබුන හාඩ්වෙයාර් වලින් අරගෙන වැඩේ කරගෙන යන කොට මේ කොටස විතරක් මුද්‍රනයවෙලා තිබුන ඩිමයි පේපර් එකක් හමුවුනා. දකින දකින එක කියවන මට එකපාරටම හිතට වැදුනා පද පෙල. මම හිතුවේ නැහැ ගීතයක් කියලා.
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
මගේ අතින් පද පෙල දේශපාලනය වුනා.
මැතිවරණය අවසන් වුනා. මා නියෝජනය කල අපේක්‍ෂකයා පාර්ලිමේන්තු ගියා.
මම පදපෙල ගැන හොයන්න පටන් ගත්තා එතකොට තමයි ගුණදාස කපුගේ ගායකයානෝ ගීතය ගායනා කරන බව දැනගත්තේ. පද පෙලේ අයිතිකාරයා දර්ශණ මේදිස් මහතා කියලා තවත් අවධානයෙන් ඉන්න කොට දැනගත්තා ඔහු දිවයින පත්‍ර යේ - කව්මුතු තීරයට ලියු මේ පදපෙලින් ගුණදාස කපුගේ “සබද කදු නොවෙමු“ උපත ලැබුවේ කියලා.
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින
චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන
පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින
.සබද අපි කදු නොවෙමු.
අයියෝ සිරිසේන.
2023-09-08
"මා...දැන් මහළු...වියේ"...!
2023-09-07
බෙල්ලේ පහල මොලය තියෙන අය.
මෙල්බර්න් වල
ජීවත්වන සහෝදරයෙක් මුණු පොතේ බිත්තියේ මේ පෝස්ට්
එක අලවලා තිබුනා.
බෙල්ලෙන් පහල මොලය තියෙන අය තාමත් NPP එකට විරුද්ධයි කියලා
එයා පාච්චල් කරනවා. මම නිරීක‍්ෂණය කරපු කාරනයක් තමයි සියළු
සහෝදරවරු තම දේශපාලන අදහසට ප්‍රතිවිරුද්ධ අය පහත් කර සැලකිල්ල. අපහාස කිරීම. මට හිතෙන්නේ
එය පක්‍ෂ ප්‍රගතියට බාධාවක් කියලා.
ඒ බව කියා දෙන්න
ගිහිල්ලා ඇතිවුන කතා බහක් මම මෙහි පල කරනවා. සමහරවිට මගෙත් බෙල්ලෙන් පහල ඔළුව තියෙනවා
කියලා නිගමනය වේවි.
තවත් දවසක මගේ අසල්වාසියෙක් මට අවවාද කලා.
මෙවන්ම දේශපාලන සංවාදයකදී. එතුමා උපාධිධාරී
ගුරුවරයෙක්. එතුමා කරුණු කාරනා කිහිපයක් මට කියාදීලා බුද්ධිමත්ව හිතන්න කියලා NPP එකේ ආර්ථික න්‍යාය මට
එවලා තිබුනා. එය හොද ප්‍රවනතාවයක්.මගේ යම් අනවබෝධයන් දුරලා ගන්න එය හොද මගක් වුනා. ඒත් මට හිතුනා මම ගැන එතුමා හිතුවේ එතුමා තරම් මාබුද්ධිමතෙක් නෙවෙයි කියලා.
පලාත් පාලන ඡන්දෙට
නාමයෝජනා දීලා පක්‍ෂ ප්‍රචාරක කටයුතු සදහා පැමිණි නියෝජිතයෝ පිරිසක් අපේ නිවසට
ආවා. ඉන් වැඩි දෙනෙක්ගේ සමාජ අධ්‍යයනය ගුරුවරියකවු මගේ බිරිය සමග වාදයක
පැටලිලා. මට හිතුනේ මෙවන් බුද්ධිමත්
කණ්ඩායමකට සවන් දෙන්න උපදෙස් දෙන්න කියා දුන්නේ නැත්තේ ඇයි කියලා. වර්තමාන දේශපාලන
බහුභූතයොත් කරන්නේ ජනතාවට කන් නොදීම. තමන් ලග තියෙන දේ බෙදා දීලා එයින්පල නෙලා ගන්නත් දක්‍ෂ වෙන්න ඕනි.
මම මුණු පොතෙන් අප අතර වු
සංවාදය පල කරන්නම්.
Melbourne වල ඉන්න අනෙක් අය ඔහොම කියන්නේ නැ මල්ලී. ඔය වගේ අපවාද කරන කොට බෙල්ලේ පාළුවට ඔළුව තියෙන අය තව තවත් විරසක වෙනවා. බහුතරයක් ඉන්නේ බෙල්ලේ පාළුවට ඹළුව තියෙන අය.
ඔහු
මෙල්බර්න් ඉන්න ගොඩක් අය NPP ආන්ඩුවකින් ලංකාව හරි මගකට ගනියි කියල විශ්වාස කරනවා. දැක්ක නේද අනුර ආව දවසෙ එකතුවුන සෙනග?
දැක්කා. තොරතුරුත් ඇහුවා.
මට තොරතුරු කියන්නේ මල්ලිගේ කෝනයෙන් නම් බෙල්ලේ පහල මොලය තියෙන අය.
මම අදහස් කලේ NPP එක තවමත් බහුතරයක් වු ඡන්ද දායක ජනතාවට අපහාසවන ආකාරයට ආමන්ත්‍රණය කිරීම සම්බන්වයි. එසේ කිරීමෙන් විශ්වාශය දිනා ගන්න බැහැ. *******************
මල්ලී ඉන්නේ Melbourne වල. ලෝකයේ දියුණු රටවල පවා ආර්ථිකය සෙලවිලා තියෙන මොහොතක්.අපේ කතාවක් තියෙනවා නේද කූරපහියට හෙන ගහපුවම හුණු කිල්ලෝටේ ට මොන කතාද ? කියලා . අපේ රටත් අත්විදින්නේ ඒ වගේ වින්නැහියක්.
මෙවැනි ආර්ථික අර්බුදයකට 1970 -1977 කාලෙදිත් අත්වින්දා. ඒ කාලය රෝහණ විජේවීර තම කැරල්ල අත්හදා බැළුවා. අදත් සිදුවන්නේ එයයි. වාසනාවකටද කොහේද මල්ලිගේ විද්වතුන් රනිල්ට UNDERGROUNDS ස්වරූපයේ සහයෝගයක් දෙනවා.
ඒකට රනිල් ප්‍රතිඋපකාර කරනවා. ඊලගට එන්නේ ජනාධිපතිවරණය. බෙල්ලට උඩින් මොලය තියෙන අය 12% - 15% පගුවක් දැනටමත් වෙන් කරගෙන තියෙන්නේ . දැනට ඉතිරි 60% කට පමණ පංගුකාරයෝ ගොඩයි. රනිල්වත් එක්ක.ඔය කන්ඩායම් වලින් රනිල්ට එකතුවෙන කන්ඩායම් වැඩියි. සුළුජාතිකයන්ගේ ඡන්ද 75% ක් විතර රනිල්ට ලැබෙනවා. එවිට මොකක්ද ප්‍රතිපලය ?.රනිල් දිනනවා. මේ මම හිතන විදිය. මල්ලිලා අනියමින් රනිල්ට සහයෝගය දක්වනවා.
මල්ලි බෙල්ලෙන් උඩ තියෙන කොටස REFRESH කර ගන්න.
ඔහු.
ලෝකෙම මුහුනදුන් දරුනු වසංගතයක් නිසා අපේරට කිල්ලෝටයක් වෙලා අසල්වැසි රටවල්වලින්පවා හිගමන් යදිමින් ඉන්න තත්ත්වයට පත්වෙලාතියෙන්නෙ ඇයි කියල හිතල බැලුවොත් එකම හේතුව කිසිම විනයක්, කලමනාකරනයක්, සමාජ සාධාරනත්වයක් නැති අන්තනෝමතික තග් පාලනය කියල තේරුම්යනව. මැතිවරනයකින් රනිල්ල දිනුවත් රාජපක්ෂල දිනුවත් සජිත්ල හෝ සිරිසේන්ල දිනුවත් කිසිම වෙනසක් වෙන්න්නෙ නෑ
මම
වෙනසක් වෙන්නේ නැහැ. ඇත්ත.
එය නොවෙයි මම ලියුවේ වර්තමාන දේශපාලන හැසීරීමයි. අපේ කැමැත්තට වඩා රටේ දේශපාලනය ඇමරිකාව ඉන්දියාව හරහා මෙහෙවනවා. චීනය ,එක පිලක. අරගලයේ මුල් තිබුනේ අමරිකානු තනාපති කාර්යාලයේ.දැන් සිදුවෙන ආර්ථික වෙනස් කම් අධ්‍යයනය කලත් අනාගත පාලනය ගැන හිතා ගත්ත හැකියි.
කිසි ලෙසකත් අස්ථාවරව ආයෝජනයන් සිදුවෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පසුබිමි සකස් වෙනවා. අපිට හිතට එකගව මේවාට දායක වෙන්න බැහැ.
ඔහු.
රටක් උනත් පුද්ගලයෙක් උනත් ගෙවාගන්න බැරි ප්රමානයකයට ලෝකෙට නයවුනාම කියන කියනදේ කරන්න වෙනවා. අපේ අසල්වැසි රටවල් එක එකාගෙ පදේට මෙහෙම නටනවද?
2023-09-05
2023-09-04
වස විෂ කන අපි.
Anusha Rathnayake මුහුණු පොතේ පල කල ලිපියකි.r
2023-09-03
මං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලා
ගොම ගෑ පොළොවෙ,පන් පැදුරේ නිදපු මටතුන්වේලටම අල දෙල් කොස් කාපු මටසරමක් කමිසයක් විතරක් තිබුනු මටදුක ගැන කියන්නට අටුවා ටීක මොටඉස්කෝලෙන් දීපු ඇදිහැස කිරිබීලාලන්දේ කැළේ තිබු හැම කොල ගෙඩි කාලාමං ලොකු වුනේ ගස් ගල් වගෙ දුක් විඳලාදුක බඩගින්න නැති බැරිකම තුරුළු කරන්සෙනෙහස ආදරය වින්දෙත් කඳුළු පෙරන්අග හිගකම් නොසැලකිළි කම් ඕනැතරන්දුක ගැන දනිමි මම "මහභාරතය" තරන්පොත පත පෑන පැන්සල නැති හින්දාමගුරුවරු තැලුව දොස්කීවා හැමදාමපොත් නෑ කියල ඇඬුවත් මම හැම රෑමරුපියල් පහක් නෑ මුළු ගේ සන්තකෙමඅයියල අක්කලා පාසල් ගමන නොයාවත්තේ දළු නෙළන්නට,පතලෙකට ගියාඅත දුන් නිසා ඒ අය අඩුවක් නොතියාසරසවි වරම් ලැබ මම ඉහළටම ගියාඅතු ඉති රළු වෙලා,නටු අග කටු සදලානුඹෙ කඳුළිනුයි මම පිපුනේ මලක් වෙලාකළ යුතු යුතුකමක් ඇත මට පැවරීලාමම මියැදෙන්නෙ ඒ යුතුකම ඉටුකරලාමේ රට දමා පිට රටකට නොයන්නෙමීදුටු හැම තැනම වරදට එරෙහි වන්නෙමීහෙට උපදින උන්ට ලස්සන රටක් හිමීකරදී මිසක මම නම් මිය නොයන්නෙමී



















