wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2023-03-09

දිනපොත - මාර්තු 8



යේ කාන්තා දිනය.ඊයේ විතරක් කාන්තාවන්ට මුල්ම තැන දීලා. අපේ රටේ කාන්තා ජනගහනය 52% ක් . අධ්‍යාපනයේ, රාජ්‍ය කාර්යාලවල නම් කාන්තා නියෝජනය පැහැදිලිව පේනවා. පෞද්ගලික අංශය ඇගළුම් කර්මාන්තයේ හා තාක්‍ෂණික කර්මාන්ත තුල කාන්තා නියේජනය ඉහලයි. ඒත් ක්‍ෂෙත්‍ර රැකියාතුල කාන්තා නියෝජනය තවමත් අවමයි. දේශපාලනයේ කාන්තාවන්ට නිදහසේ කටයුතු කරන්න ඉඩ දී ඇති බවක් පේන්නේ නැහැ. එයටත් නිදහසේ ඉදිරිපත්වන්න ඉඩ දිය යුතුයි.

අපේ රටේ පාලනය 1956න් පස්සෙත් 1977න් පස්සෙත් පැහැදිලි වෙනසක් සටහන් වුනා. 2023 ත් එවැනි වෙනසක් ඇතිවෙයි කියලා මම හිතනවා. මේ වෙනස පැහැදිලි ලෙසම කණ්ඩායම් කිහිපයක් බලවත් වීමක් ලෙසයි මම දකින්නේ. මින් සුළු ජාතීන් බලවත් වීමත් දේශපාලනයේ බලය සදහා කේවල් කිරීමත් නිර්මාණය වේවි.අස්ථාවර පාර්ලිමේන්තුවක් ඇතිවීමත් එක හොද දෙයක් .ජනාධිපති තනතුර ඒකාධිපති ස්වරුපය පාලනය වීමක්.

ඔය මට හිතෙන දේවල්.

අධ්‍යාපනය ගැන නොයෙක් දේවල් හිතෙනවා. පසුගියදා අධ්‍යාපන ඇමතිතුමාට කලබල වෙලා එතුමාගේ කතාවකදී කවිරත්න ඇමතිතුමියට ලිංගය අවභාවිතාවට පත්කරලා වදන් ප්‍රාහාරයක් එල්ල කලා.

 ග්‍රාම්‍ය වදන් පාර්ලිමේන්තුවටත් ඇවිත්. අසල්වාසි පාසලක විදුහල්පතිවරයෙක් සිසුවක අපයෝජනයට පත්කර රිමාන්ඩ්භාරයට පත්වු බවක් පලවුනා. ගුරුවරුන් වන හිමිවරුන් දෙපලකට එවැනි චෝදනා එල්ල වෙලා තියෙනවා. සමාජයට මොනවා වෙමින් පවතිනවාද ? කියලා හිතා ගන්න බැහැ.ගුරුවරු හිමිවරු ගෞරවණිය තනතුරු දරන්නන්.අපි පරම්පරා ගණනාවක් ඔවුන්ගේ යහ පැවත්ම , ඔවුන්ගේ යහපත් ආකල්ප ගැන , සාරධර්ම ගැන බලාපොරොත්තු ඇතිකරගෙන තියෙනවා. අද ඒවා දිනෙන් දින විනාශ වෙමින් පවතිවා. ඔවුන් කෙරෙහි අපේ පවතින ගෞරවය බැදීම වියකෙමින් පවතිනවා.

හෙට මොනවා හිතෙයිද ?.

notes of imaginary

2023-03-08

දින පොත



ම දිනපොතක් ලියමින් සිටියා. ටික කලක් යන කොට මටත් නොදැනීම දින පොතේ සටහන් තැබීම නතරවුනා. අද  මාර්තු මාසේ  අටවෙනිදා. ඔච්චමට කියන්නේ අටවන ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ කියලා.ඒ ඇටවිල්ලත් නරක නැහැ. දකුණු අතින් සූරලාම අරන් වම් අතින් ඩිංගක් බෙදනවා.

දින පොත ලියන්න පටන් ගන්න කොටම මතක් වුනේ එතුමා. මම පුළු පුළුවන් විදියට සටහන් තියන්න හිතාගෙන පටන් ගත්ත වැඩේ කොයි වෙලා වේ නතර වෙයිද දන්නේ නැහැ. දැන් වයසත් හොද නැහැ.

අතේ තියන ගානට ණය වෙලා හිටපු මට මේ දවස් වල හෙනහුරා ලබලා.අතට එන ගාන එතනම තිබියදී විදුලිය,ජලය,ටෙලිපෝනය, සහ බැංකු පොලියත් ඉහල ගිහින්. ඒ මදිවට ෆාමසියේ බිල හතර ගුණයකින් ඉහල ගිහිල්ලා. මහන්සිවෙලා හොයා ගන්න දේත් උදුරා ගන්න දේශීය ආදායම් කාරයෝ රත්වුන නිවේදන නිතර එවනවා. මේ එකක්වත් කපලා කොටලා වැය සංශෝධනය කර ගන්න බැහැ.අන්තිමට ආහාර වේල , ගමන් බිමන් ස්වයංක්‍රීයව කප්පාදු වෙලා.

අය අටවා ගන්න වෙහෙසෙ මහන්සිය , සැලසුම් ,බලාපොරොත්තු ඇතිකරගත්තත් ඒවා සක්‍රීය වෙන්නේ නැහැ. රටම ගල් වෙලා. IMF සිහිනය අවදි වෙමින් තියෙනවා.ඒකත් ණය ගෙවන්න ගත්ත ණයක් වුනොත් වැඩක් නැහැ. රටේ නිෂ්පාදණය ආනයනය වැඩි දියුණු වෙන ණයක් වුනොත් අටවන වැඩේට අරුතක් එකතු වේවි.

අම්මා තාත්තා සල්ලි නැතිව අසරණ වෙලා ඉන්න කොට හයහතර නොතේරෙන පුංචි එවුවෝ කෑ ගහනවා. කෑ ගහන එක ඉවසන්න බැරිම තැන පුංචි පුංචි තරවටු කරනවා.

මේවා බලාගෙන ඊයේ දවස ගෙවිලා ගියා. හෙට මොනවා වෙයිද ?.



notes of imaginary

2023-02-25

කැරොලිනා මාරියා ඩී ජීසස්


“ජනාධිපතියෝ,

උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි.  උන් ඉන්නේ කෝපයෙන්    අවස්ථාව ආපු ගමන් උඹව ගොදුරු කර ගන්නවා“ ---කැරොලිනා මාරියා ඩී ජීසස්

මේ දවස් වල මූණු පොතේ  හුවමාරු වන උධෘතයක් මගේ හිත ලග නතරවුනා.  හිතන්න බොහෝ දේවල් තියෙනවා.  අපේ රට , අපේ රටේ වර්තමාන පරම්පරාව . ඔවුන් ඉන්නේ ව්‍යාඝ්‍රයෝ  වගේ. උන් දත් විලිස්සා ගෙන රතුවුන ඇස් බෝල කර ගෙන කර කවමින් බලා ගෙන ඉන්නේ ගිරවා මරා දමන්න. ඉවසීමේ සීමාව ඔවුන්ගෙන්  ඔබ්බට ගිහින්. සීමාව අවුල් වියවුල් කරන්න අපේ ඇත්තන්ගේ දායකත්වයත් ඉහලයි. එයාලටත් කූඩුවේ හිරවෙන්න සිහින තියෙනවා.ඒකට මග පාදාගන්න  ඉන්න ගිරව් මේ ව්‍යාඝ්‍රයෝ රෑනට  මවන්නේ සුරංගනා ලෝකයක්.

මාරියා බ්‍රසිලියානු ජාතික ලේඛිකාවක්. ඈ සාඕ පවුලෝ නගරයේ පීඩිතයන් සමග මුඩුක්කු ප්‍ර‍දේශයක  ජීවත්වු දිරිය කතක් .ඇගේ ජීවන සටහන් පීඩිත ජීවිතය ඇගෙන්    මුදවා ගත්තත් ඈ දරිද්‍රතාවය සහ පාලකයන්ගේ දුෂ්ඨ  භූමිකාව පීඩිතභාවයේ  සිටම , පීඩිතභාවය අත්විදිමින් සටහන් කලා.                                                                                 

  බ්‍රසීලයේ  සැක්‍රමෙන්ටෝ  නම් කුඩා නඟරයේ දී 1914 මාර්තු මස 14 දින  උපත ලද කැරොලිනා  කුඩා කලම නිවසින් පලා යනවා. ජීවිතය ගැන  කිසිත්  අවබෝධයක් නොමැතිව, දන්නා හදුනා ගත් කිසිවෙත් නැති සාඕ පවුලෝ නගරයට.එතකොට ඇගේ වයස අවුරුදු දාහතක්. පියා මව අතහැර ගිහින්. මවගෙන් ඇයට ආදරය ලැබුනේ නැහැ. මව ගෙන් පලා ආ ඇය සාඕ පවුලෝ  නගරයේ තනිවනවා.මුඩුක්කු ජීවිතයටත් පියෙක් නැති ති දරු මවකගේ උරුමයත් සමග කටුක ජීවන අරගලයක යෙදෙන ඇය විවේක ඇති විට ලියන්න පෙලෙඹෙනවා.

අක්‍රමවත් ව විසිකරන කඩදාසි කැබලි වල සටහන් වන ඇගේ දරිද්‍රතාවයෙන් උණුසුම් වු ලියවිලි පැල්පතේ ගෝණි මල්ලක එකතුවෙනවා. ඈ රීඩර්ස් ඩයිජස්ට් සගරාවට මේ පිටපත් හැරියත් අප්‍රසිද්ධ චරිතයක්වු මාරියාගේ නිර්මාන ඔවුන්ගේ අවධානයට පත්වෙන්නේ නැහැ. කාලය මෙලෙස ගෙවී යද්දී “ අවුඩාලියෝ ඩාන්ටාස්  “ නම්  'ඕක්රූක්ශයරෝ' කියන සගරාවේ සේවය කරන මාධ්‍යවේදියා හමුවෙනවා. අවුඩාලියෝ ඇගේ සටහන් මළු සංස්කරණය කරමින් තමන් සේවය කළ පුවත්පත් ආයතනයේ පුවත් පතේ පළකරනවා.පසුව අවිධිමත් ජීවණ සටහන් මාරියෝගේ දීනපොත් සටහන් ලෙසින් බෞතීස්ම ලබා බ්‍රසීලයෙන් පිටතටත් පැතිරෙමින් මාරියෝ ගේ දූගී ජීවිතයට අරුතක් සපයනවා.

 

The Diary of Carolina Maria De Jesus නම් ලැබු පොත

 පිටවු පසු පොතට ලැබුන ජනප්‍රියතාවය මාරියෝටත් ලැබෙනවා .විශාල ලෙස පිටපත් අලවි වෙනවා.  පොත බ්‍රසීල විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව කරන සිසුන්ගෙ අත් පොතක් බවට පත්වෙනවා. නීති විද්යාලයේ සාමාජිකත්වය දීමෙන් ඈ හට  බුහුමන්  කරනු ලැබෙනවා.                                                                                     

1977 පෙබරවාරියේ ඈ මිය යන්නේ ජීවිත කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා කාලයක් තිස්සේ ඇ සිහින මැවූ සෞභාග්‍යමත් ජීවිතය අත්විදිමින්.  

 

අපි අදුරට සාප කරමින් සිටිනවා. එක් පහනක් හෝ දල්වන්න උත්සහා කරන්නේ නැතිව.අපි එක් එක් පහන බැගින් දැල්වුවහොත් අදුර දුරුවෙලා යාවී. මාරියෝගේ ජීවිතය අදුරෙන් ගොඩ නැගුනේ අදුරේ සිට සාප කරමින් නොසිට පහන් එකින් එක දල්වපු නිසා කියලා මම හිතනවා.එය  අහම්බයක් ලෙස පෙනුනත් ජීවිතයේ හැඩරුව වෙනස් කරන දෛවය ක්‍රියාත්මක වෙන්නේ අප නොසිතනා අයුරින්.නොසිතනා විලසින්.


notes of imaginary

2023-02-20

පුංචි ඡන්දේ දොරකඩට ඇවිත්.

     

ටොයියෝ බයියෝ..................වෙනත් වෙනත් විවිධ නම් වලින් ප්‍රතිචාර දක්වනවා. අපිව හදුන්වනවා.හිතවත් වයසක ඇත්තන්ට  බර අවි කියනවා. ප්‍රති පක්සයේ  අය වැඩ බැරි නාකි හැත්ත. වෛරය හාස්‍යය භූමියේ  ගලා යනවා.අපි අසා සිටිනවා. බලා සිටිනවා. “අංකල් මේ පාර වෙනස් කරමු. රටම විනාශයිනේ.............. කියන පුතාලා වෙනස් කරන්න සහයෝගය ඉල්ලනවා.

88 වන විට මට හතලිහයි.  ක්‍රීයාකාරී දේශපාලනයේ නියළුන කාලයක්.  පැතුරුන දේශපාලන ජාලයක මමාත් ඉත්තෙක්. 88 -89 මම සටන් වැදුන පිරිසව ආරක්ෂා කරන්න  කැපවීමක් කලා තෝරා බේරා ගන්නේ නැතිව. මේවා නිහඩව කල සේවාවන්. අඩ බෙර මම 71 දිත්  ඇහුම්කන් දුන්නා....මගේ වයස විසිතුනයි.  ආරක්‍ෂා සහිතව  සටන් බිමේ ඉන්න කොට මට වඩා අත්දැකීම් තිබු  වැඩිහිටියෝ මගේ මොලේ සෝදලා දැම්මා.

ගැහැවානම් ප්‍රේමදාස ගේ ගිනුමේ මගේ නමත් තියෙන්න ඕන. මම කල සේවාව දැන් කාලේ අපි ලගට ඇවිත්  උපදෙස් දෙන අනුශාසනා කරන මේ උදවිය දන්නේ  නැහැ. අසා සිටිනවා මිස වෙන මොනවා කරන්නද ?.ත්‍රීමා විතාරන  අතුරුදහන් වෙන්න දවස් දෙකකට ඉස්සර මට හමුවුනා.  88 89 මම හිටියේ කොතනද කියලා ඉතිරි හරිය ......හිතා ගන්න ඉගියක් ඒ පල කලේ.

අපි වේගවත්......අති ධාවනයක යෙදිලා ඉන්නවා. ගෝඨා ගෙනාවෙත් බලාපොරොත්තු රැසක් සමග. ගෝඨා ට තමන්ගේ ස්වාමි පන්තියට සේවය කරන්නත් හැට නව ලක‍්සයට සේවය කරන්නත්  බැරිවුනා. තමන්ගේ ස්වාමි පන්තිය විසින් ඔහු එලවා දැමුවා කියන අදහසයි මට තියෙන්නේ. ස්වාමි පන්තිය විසින් තමන්ට කැමති පුද්ගලයා රජ කමට ගෙනාවා.

ඒ සමගම දකුනේ ජාතිකත්වය මත ගොඩ නැගුන දේශපාලනය විනාශ කරන්න තිබු අවශ්‍යතාවයත් ඉටු කර ගත්තා. අද දකුනේ සිංහල බෞද්ධ පදනමට නායකයෙක් නැහැ. සී සී කඩ විසිරුන නායකයෝ  රොත්තක් ඉන්නේ. මේ හැත්තට එකගතාවයක් නැහැ.  උතුරේ හා නැගණහිරත් සුළු ජාතීනුත් කේවල් කරන කාලය උදා වෙමින් පවතිනවා. ඔවුන්ගේ අරමුණු ඉටු කරගනීවී. ප්‍රභාකරන් හට යුද්ධයෙන් කර ගන්න බැරිවු  දේ  ඉටුවේවී.

 මෙපමන කලක් රටෙ සිද්ධවුනේ  අපේ චන්දය නොපෙනෙන පිරිසකගේ කැමැත්තට පාලනයවු බවයි. අපිට තනියෙන් රට ගොඩනගා ගන්න පුළුවන් පරිසරයක් තියෙයිද කියන එක වර්තමානය වන විටඋත්තරයක් නැති ප්‍රශ්නයක්.

තනියෙන් රට ගොඩ නගා ගන්නා උත්සහායක අපි රටවැසියන් හැටියට සහයෝගයක් දෙනවද ?.  උත්තරය   ඇත්තටම නැහැ. මට   සිහියට එන එක උදාහරණයක් දක්වන්නම්. අද වියලි කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 1150.00 යි.  මේ  තත්වයට පත්වෙලා  අවුරුද්දක් විතර ඇති.... අළුතින් කවුරුවත්  කිරි ගවයෙක් හදන්න පෙළඹීලා තියෙනවාද ? නැහැ. වෙළද පලට සාප කරිමින් ඉන්නවා මිස තමන් කිරි නිෂ්පාදනය කර ගන්න හිතන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා  ගොවි බිමක් නැහැ. කිරි ගවයෙක් ගන්න ආයෝජනයක් කරන්න විදියක් නැහැ. මේවා විසදා ගත හැකි ප්‍රශ්න වුනත්...................ඒවා ලගට එනකම් බලා ඉන්නවා.

අපේ දේශපාලනයත් අංග විකලයි. සැලැසුම් නැහැ.  කරන එකාට බාල්දි පෙරලමින් බලය ඩැහැගන්නා උත්සහායක මිස කරන එකාට සහයෝගය දෙන ප්‍රතිපත්තියක නැහැ. බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ වගේ ප්‍රතිපත්තියක්  ඒක.

 

 

 



 notes of imaginary

2022-11-23

පහසු ඇඳුම සහ ගැලපෙන ඇඳුම

  


මම කැමැතිම ඇඳුම තමයි අත් තියෙන මේස් බැනියමයි සරමයි. පොඩි කාලෙ නම් ගෙදරට ඇන්දෙ සරම විතරයි. උඩට ඇඳුම් නැහැ.
මම රස්සාවට ආවෙ 2006 අවුරුද්දෙ සීමාවාසික වෛද්‍යවරයෙක් විදියට. මම ඉගෙනගත්ත බටහිර වෛද්‍ය විද්‍යාවෙ සංස්කෘතිය විසින්ම මම රැකියාවට ඇඳිය යුතු ඇඳුමත් තීරණය කරලයි තිබුණෙ. සපත්තු මේස් දාල, දිග කලිසමට අත්දිග ෂර්ට් එක ඇඳල, ටයි එක දාල, පින් එක ගැහුවම ඇත්තටම ලස්සනයි. ටයි එක දාගෙන ඉන්න එක ටිකක් අමාරුයි තමයි. ඒත් ඒ අපහසුතාවය මැඩගෙන ඒ ඇඳුම නිසා රාජකාරිය කරන්න අපිට පුදුම පහසුදායක පරිසරයක් හැදිල තිබුණ.

රැකියාවට එන කාලෙ අපි දැන් වගේ නෙමෙයි. ඒ තනතුරේ තියෙන වගකීම් වල හැටියට අපි ටිකක් වයසින් පොඩි පාටයි. ඉත්න් රෝහලේ කොතනට ගියත් රෝගීන්, කාර්ය මණ්ඩලය, ඒ වගේම අනිත් වෛද්‍යවරු අපිව එසැනින් අඳුනගත්තෙ අපේ ඇඳුම් පැළඳුම් විලාශයෙන්. කිසි කෙනෙකුට හඳුන්වල දෙන්න අවශ්‍ය වුණේ නැහැ මම වෛද්‍යවරයෙක් කියල. ඒ වගේම බොහොමයක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඉදිරියේ රෝගීන් ගැන විශේෂඥ වෛද්‍යවරයට present කරන්න ඒකෙන් අපිට ලොකු ආත්ම විශ්වාසයක් ලැබුණා.

ආයතන සංග්‍රහයෙ කිසිම තැනක අපේ ඩ්‍රෙස් කෝඩ් එකක් ඩිෆයින් කරල තිබුණෙ නැහැ. මට කැමතිනම් ඩෙනිමක් ගහල ටීෂර්ට් එක උඩින් දාල යන්නත් තිබුණ. ජාතික ඇඳුම අඳින්නත් තිබුණ. සරමට බැනියම අඳින්නත් තිබුණ. ඒත් එහෙම කරන්න මට කවදාවත් හිතුනෙත් නැහැ හිතුවෙත් නෑ. මම මගේ ජාතික ඇඳුමට ගොඩක් ගරු කරනව. එහෙම කියල කාලයක් තිස්සෙ තියෙන බොහොම පහසුවෙන් දුවන සම්ප්‍රදායට එරෙහි වෙන්න මට වුවමනාවක් ඇති වුනේ නැහැ. සමහර දවස් වලට උදේට දාන ටයි එක ගලවන්නෙ රෑට. දවස පුරාම මැරීගෙන වැඩ කළත් ඒ ඇඳුම තුළ තියෙන අපහසුවට වඩා පහසුව මම අත්වින්ද.

සීමාවාසික පුහුණුවෙන් පස්සෙ මට දිගටම වැඩ කරන්න ලැබුණෙ සේවාමුර විදිහට වැඩ කරන තැන්වල. දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක වල අවුරුදු 14ක් වැඩ කළා. පැය හයේ එහෙම නැතිනම් 12 සේවා මුරයට unit එක ඇතුලට ගියාම ආයෙ එළියට එන්නෙ සේවා මුරය ඉවරවෙලා. ඒවයෙ අපි හොඳින්ම හඳුනන කාර්යමණ්ඩලයක් ඉන්නෙ. ඒ වගේම අපි ගැටෙන රෝගීන් ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ නිසා smart casual අඳින්න පුරුදු වුණා. ඒකත් හැබැයි බොහොම පිළිවෙලකට කලේ.

රාත්‍රී සේවා මුර වලදී නිදාගන්න ලැබෙන්නෙ බොහොම පොඩි වෙලාවක්. රෝගීන්ගෙ වැඩ ඔක්කොම ඉවර කරල ළඟ තියෙන රෙස්ට් රූම් එකේ ඇඳට වැටිල ටිකක් නිදාගන්නව. පැය බාගෙකට පැයකට වගේ ඇහැ පියා ගන්න එක තමයි කරන්නෙ. ටික වෙලාවකට වුනත් සරමක් ඇඳගෙන ඒ වෙලාව ගත කරන්නෙ. හොඳට ventilate වෙන හින්ද 😂 පහසුවට නින්ද යනව. ඉතින් ඔහොම ඉන්නකොට කවුරුහරි ඇවිත් දොරට තට්ටු කරනව doctor patient කෙනෙක් ඇවිත්, එහෙම නැතිනම් ලෙඩාගෙ මොනවහරි ප්‍රශ්නයක් කියල.

ඉතින් ඔන්න ඔය වෙලාවට මට හිතිච්ච වාර අනන්තයි මේ සරම ඇඳගෙනම එලියට යන්න තියනව නම් නම් කියල😂. ඇත්තටම ඒ වෙලාවට යුනිට් එකේ ඉන්නෙ රෝගීන් කීප දෙනෙකුයි හෙද හෙදියො, කාර්යමණ්ඩලය දෙතුන් දෙනෙකුයි මමයි විතරයි. සරම ඇඳගෙන ගියත් අවුලක් නැති මට්ටමට එයාල ගොඩක් හිතවත්. ඒත් දඩි බිඩි ගාල ආයෙ කලිසමට මාරු වෙලා ටී ෂර්ට් එක දාගෙන තමයි වාට්ටුවට යන්නෙ.

මොකද හදිසි ප්‍රතිකාර ඒකකයෙ නැතිනම් දැඩි සත්කාර ඒකකයෙ රෝගියෙකුට අමාරුවෙලා හාට් මසාජ් දෙනකොට ඇඳ උඩට නැගල දණිස් දෙක මෙට්ටෙ උඩ තියාගෙන තමයි පපු තෙරපුම දෙන්නෙ. ඉතින් මම ආසම ඇඳුම ඇඳගෙන ගිහින් ඒ වෙලාවට ඕක ගැලවෙලා බිම වැටුනොත් එහෙම ආයෙ ඇඳුම ඇඳගෙන එනකොට ලෙඩා ජීවතුන් අතර නැති වෙයි.

ලෙඩා නම් ලෙඩා කියලවත් කියමුකො. ඒත් ඒක දැකල අර යසට ඉන්න මිසීලට හාට් ඇටෑක් එකක් වත් හැදුනොත් අපරාදෙනෙ. ඒක නිසා කැමති ඇඳුම සරම වුනත් ඒ වෙනුවට හිත හදාගෙන හරි සුදුසු ඇඳුම මම තාමත් අඳින්නෙ.

විශේෂයෙන් මිනිස්සු ගරු කරන රැකියාවක තමන්ගේ ඇඳුම නිසා සේවාදායකයින් අපහසුතාවට පත් නොවිය යුතුමයි. මොකද මේ සමාජයේ කෙලෙස් ප්‍රහාණය කරපු අය අති දුර්ලභ නිසා. නීති පොත්වල කොහොම තිබුනත් සමාජයක ජීවත් වෙනකොට අපිට කැමති කැමති දේවල් කරන්න හැමවිටම බැහැ.

ඉතින් මේ දවස්වල ගොඩක් කතාවෙන ගුරුතුමියන්ගෙ ඇඳුම ගැනත් යමක් කියලම නතර කරන්නම්. පළමුවෙන්ම ඔවුන් ඇඳිය යුතු ඇඳුම ගැන බලපෑම් කරන්න මට අයිතියක් නැති බව කියලම පටන් ගන්නම්. මට දැනෙන දේ විතරක් මම කියන්නම්.

සරියක් ඔසරියක් ඇඳල එන ගුරුතුමියන්ට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි. ඒ ඇඳුම තුළම ඔවුන් කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙනව. පාසල අවට කොහේ හිටියත් අපි ඒ ඇඳුමෙන් ඔවුන්ව හඳුන ගන්නව. ඒ ඇඳුම තුළ ඔවුන් කෙරෙන් හොඳ පෞරුෂයක් මට පෙනෙනව. සමාජය තුළ බොහෝ කාලයක් මට තියෙන අත්දැකීම් අනුව මේ සාරියට ඔසරියට හැම මිනිහෙක්ම සාපේක්ෂව ගොඩක් ගරු කරනව. ඒ ගොඩනැගෙන පෞරුෂය ඉදිරියේ කාන්තාවකට සමාජයේ ලොකු රැකවරණයක් ආරක්ෂාවක් පවා තියෙනව.

දැන් ඉතින් කියන්න එපා ඇඳුමෙන් මිනිස්සු මනින්න තරම් මේ සමාජය ගෝත්‍රික ද කියල. හේතුව අහන්න එපා. මම මේ කියන්නෙ ඔබ කැමති වුණත් නැති වුණත් මේ මහපොළොවෙ තියෙන යථාර්ථය. ඒක එහෙමම තමයි. ඉතින් ඒක දන්න කිසිම ගුරුවරියක් සාරියෙන් වෙන ඇඳුමකට මාරු වෙන එකක් නෑ. ඇත්තටම ලෝකෙ පහසුම ඇඳුමක් කියල එකක් නැහැ. ඒක තීරණය වෙන්නෙ ඇඳුම අඳින කෙනාගෙ අවශ්‍යතාවය, අපේ සංස්කෘතික සමාජ සහ ආගමික වටිනාකම්, වෘත්තීයමය ස්වභාවය වගේ සාධක බොහොමයක් එකතුවෙලා.

system change කියන්නෙ මිනිසුන්ගෙ ඇතුල වෙනස් කරන්නෙ නැතුව පිටකවරය මාරු කරන එක නෙමෙයි. ඒ වගේම ඇතුලතින් පරිපූර්ණ කෙනා දැනට තියන කවරෙ වෙනස් කරන එක ගැන ඒතරම් වද වෙන්නෙ නෑ කියන එකත් ලියලම මම නවතින්නම්. 👍

ෆොටෝස් ටික නං නිකමට දැම්මෙ 😂😂🙏 
 notes of imaginary

2022-11-18

කුමට මෙවන් රජයක් ?.


පාසල් ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහල ගොස් ඇත. මෙය දෙමව්පියනට දරා ගත නොහැකිය.සීමිත ආදායම් රටාවක් තුල හිරවී සිටින දෙමව්පියන් ආහාර,ඖෂධ, සහ බැංකු ණය  මාසිකව තුලනය කර ගන්නනේ ඉදිරි මාසයටද හිග ශේෂයක් ඇති කරගෙනය.

ආදායම් අතිරික්තයක් නොමැති සමාජ ස්ථර අතිරේක ව්‍යාපෘති සිහිනයක් බවට පත් කරගෙන ඇති බැවින් එදිනෙදා රැකියාවක් කර මුදල් උපයා ගන්නා කම්කරු  ,ගොඩනැගිලි ඉදිකිරීම් කේෂත්‍රයේ ,වැනි රැකියා කරන අයට අද රැකියා නැත.

අවුරුද්ද එවර වෙමින් අළුත් පාසල් වාරයක් ආරම්භ වෙමින් ඇත. පාසල් යන වයසේ දූ දරුවන් ඇති දෙමව්පියන් අනිවාර්යෙන්ම පාසල් ලිපි ද්‍රව්‍ය සදහා මුදල් වැය කල යුතුය. වැය කිරීමට අයක් නැති බාවින් දෙමව්පියන් අසරන තත්වයකට පත්වී ඇති බව රහසක් විය නොහැකිය.

ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයට අවබෝධයක් නැද්ද ?. අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපන අමාත්‍යවරයාට මේ ගැන සංවේදිත බවක් නැද්ද ?.

පාසල් ලිපි ද්‍රව්‍ය . සහ උපකරරන සදහා පමනක් සෙස් බද්ද අඩුකිරීමට නුවනක් නොමැති නම් කුමට මෙවන් රජයක් ? .......



notes of imaginary

2022-11-12

සීතල මරණය - ඇස් හතරකින්.






නාවලා මේ සිමේන්තිය උඩ
බාවලා තිබ්බාම ලැජ්ජයි
රෙදි කෑල්ලක් දමාපල්ලා
අඩුම ගානේ ඉණටවත් මගෙ .

තැනින් තැන සුදු වෙලා තිබුණට
ජීවිතේටම පාට නොකරපු
කොන්ඩෙ කළු කරලා තියෙන්නං.
වැරදිලාවත් සැලුන් එකකට
අරං ආවද සැකයි මට නං .

පැපොල හැදිලා මූනෙ හැමතැන
ආවාට වගෙ කැළැල් තිබුණට
උළල උලලා තට්ටු ගාලා
මොකක්දෝ මේ කරන විගඩම..

දරකෝටු වගෙ තිබුණු අතපය
මිටියකින් ගහලයි නමන්නේ
කොහු පාන්කඩ ඔබලමයි මුං
පපුවෙ කරඬුව හදාගන්නේ .

මැරිල හින්දා රිදුනෙ නැතුවට
අපේ උන්දෑ දැක්කනම් හෙම
වාවන්නෙ නෑ පපුව පැලෙනව.
රහස් සේරොම වහන්කරලා

තත්තෙ රැකගෙන වලදාන්නයි
ලොකු එකී වියදම් කරන්නේ
දුක නැතෑ ඒකිටත් අම්මප .
හත් අවුරුද්දකින් දැක්කෙ නැහැ නොවැ
පෝන් එකකින් මිසක් ඇත්තට

අඬාගෙන මා බදාගත්තම
ඇහැරලා පොඩ්ඩක් බලන්නට
හිතක් හිතුණත් නොකෙරුවේ මං
ඒකි බයවෙයි කියලමයි.
හුස්ම ටික ගිය මේ සරීරේ
හැඩ කොරන්නට ගිහිං අයියෝ
ඇහැකි වේවිද ඇඳින ගන්නට
ඉස්ටෝරුවෙ කිරිකපාපු
ඇල්පිනාව .....කාටවත්ම....????

රෝ.සි.

 💜💜💜💜💜💜💜

ඒ මරණය දුටුව රෝහිණි සිසිප්‍රිය.


රංජිත් කෝණාර ත් මරණයේ සුන්දරතාවය දකිනවා. 

මේ සිතිවිලි මම ගත්තේ වත පොතෙන්. 

මගේ හිත මේ සිතිවිලිත් එක්ක නතරවුනා. 

💜💜💜💜💜💜💜💜💜




හිටි හැටියේම
වමි අත දිගේ හිං කැක්කුමක්
උපැස් යුවල ගලවා ලියන කොලය
උඩින් පෑන තබා හයියෙන් හුස්ම
පොදක්
කැක්කුම පපුවටම
අක්කේ
පෙනඩෝල් පෙති දෙකක්
හොදටෝම මදි වී
1990 සයිරන් හඩක්
ලගම රෝහලේ
OPD එකේ දොස්තර මහතාගේ
නලලේ රැලි තුනක්
සීරියස් 😕😕😕😕😕තනි වචනයක්
වමතට ,දකුනතට කටු වැස්සක්
ට්‍රාන්සර් එකක්
රත්නපුරේට
කහපාට තීන්ත පතුරු
ගැලවුනු ට්‍රොලියක්
පෑනක් පොතක් ගන්න ආපු
දවසට හිනහ වෙලා විහිලුවක්
කරපු ඇටෙන්ඩන්ටි මහත්තයාගේ
බොද වු සේයාරුවක්

රතුපාට බල්බි එකක් කැරකෙන
ගිලන්රථයක් වෙිගයෙන්
ගමනක්
පිලිගන්න පෙරමග සුදානමක්
මහ රෝහල දොරකොඩ ඉදිිරිපිට
ට්‍රොලියක් සමග දෙදෙනෙක්
කෙලින්ම
ඇදකට
සියලු සේයා බොද වීමක්

හදවතේ ගැඹුරුම තැනක
සදාතනික මතකයක සිහිවීමක්
දෙනෙත් කොනින් ගලා ගිය
සීතල කදුලු බිදුවක්
ඇමිබුෂ් කරමු
පපුව උඩ වෙද නලා කිහිපයක්
ෂිහ්
ඩවුන්

මොනව කරන්නද
අපි ෆුල් ට්‍රයි කරා
මහ වෙදදුරුගේ මලානික
කෙටිම කෙටි වචන පෙලක්

ජයරතත්න ද,රත්න,ද කැමති තැනක් ,
නැෂනල් එකද, කලු කලිසමයි සුදු අත්දිග කමිසයි

හැබැයි ඇන්දෙම ටී ෂර්ටි
චැහ් ඒක හරි නැ එහෙනං කැමැත්තක්
මහගෙදර පාමුලද,
ආංඩුවෙි කනත්තද
ඔිනි තැනක්

දුරින් ඈතින් එන්න නැති නිසා
එකම එක දවසක්
හිත හැදෙන මතක බනක්
කොප්පෙන් ඉතිරි පිගානට
පැන් ටිකක් එය අනිත්‍යයට

සමකිරීමක්

"මාව දාලා යන්න එපා රත්තරනේ"
කියන්න කෙනෙක් සින්නක්කරේටම
නැති නිසා
සතුටු හිතෙන ගමනක්
පරවුන මල්වඩමක්
ඇවිලි නිවී ගිය පොල් ගෙඩි දෙකක්
පෙටිටියට උඩින් වැටුනු සත පහේ
කාසියක්
පෙනි නොපෙනි යන
අමිමා ගේ රන් රුව

සීතල මරණයක්


notes of imaginary

2022-11-10

සාරිය


සාරිය ........මේ දවස්වල කතා බහට මාතෘකා වුන දෙයක්. ස්ටාලින් ගුරු සංගම් වෙනුවෙන් තදින්ම පෙනී හිටිනවා. ගුරුතුමියන්ගේ ඇදුම වෙනුවෙන්.

සාරියට  අපේ රටේ ප්‍රධාන මෝස්තර දෙකකි. වෙනත් ප්‍රබේදද ඇතිවි තිබේ. ඒ අදින පිලිවෙලට මෝස්තර එකතු වීමෙනි. කැන්ඩියන් අදින ඇත්තියන් මෙන්ම ඉන්දීය මෝස්තරයට සාරිය අදින ඇත්තියන්ද අප අතර සිටි.

සාරිය අපේ නොවේ. ඉන්දියාවෙන් මෙරටට ප්‍රචලිතවු කාන්තා ඇදුමකි. වහරේද ඉන්ඩියන් අදිනවද ? කැන්ඩියන් අදිනවද යන්න භාවිතය වේ.

 ශ්‍රී ලංකාව තුල සාරි වඩාත් ප්‍රචලිත වන්නේ මහනුවර රාජධානි සමයේයි .එයට හේතුව එම අවදිය ලංකාවට දකුණු ඉන්දීය බලපෑම් වැඩි වශයෙන් ලැබුන යුගයකි.ඉන්දීය සංස්කෘතියේ ආභාෂය හේතුවෙන් ලංකාව තුල සාරිය වඩාත් ප්‍රචලිත වන්නට ඇතැයි ඉතිහාසඥයන් විශ්වාස කරයි.කෙසේ වෙතත් අතීත යේ ශ්‍රි ලංකාව තුල කුල හීන කාන්තාවන්ට සාරිය හා ඔසරිය ඇඳීම තහනම් විය.එකල  පැවති වැඩවසම් සමාජ ක්‍රමය බිඳ වැටීමත් සමග සෑම ලංකික කාන්තාවකටම සාරි හා ඹසරිය අඳීමට අවස්ථාව සැළසින.වර්ථමානය තුල පවා සාරිය ගෞරවාන්විත ඇඳුමක් ලෙස සළකනු ලැබේ. කාරයාලීය සහ .ගුරුවෘත්තියේ යෙදෙන කාන්තාවන් වැඩි වශයෙන් භාවිත කරන්නේ සාරියයි.

සාරියට සහ ඔසරියට ( කැන්ඩියන්) කාන්තාවෝ සිරියාවත්ව පෙනේ. මනස ඇතුලත සිතිවිලි කෙසේ වෙතත් යම්කිසි ශාන්ත බවක් ගාම්භිර බවක් සාරිය ඇන්ද කාන්තාවන්ගෙන්  දක්නට ලැබේ. ඇදලා ඔසරිය නෙරිය තියලා - කොන්ඩේ මල් ගවසලා පාසල වෙත යන ගුරුතුමියක් සුනිල් ශාන්තයන් දකින්න ඇත්තේද මේ නිසා විය හැකියි.

ස්ටාලින්ට අවශ්‍ය වන්නේ යුරෝපීය පන්නයේ ඇදුමැති  විප්ලවකාරීයක විය හැකියි. අපට ඉන්දීය පන්නයේ ගුරුමවක් සිටීම භාග්‍යයවත්වේ.අපි ආසියාතිකයෝ වන බව අපට අමතක කල නොහේ. 



notes of imaginary

2022-10-30

බයියෝ...




බයියන් නිර්වචනය කරන්න බැරි වචනයක් වෙලා.

දේශපාලනිකව ටිකක් හිතන කොට ලංකාවේ ඉන්නේ සියල්ලෝම බයියෝ. පොහොට්ටු කාරයින්ට බයියෝ කියලා සජබේ,ජවිපේ,පෙරටුගාමින් වගේම වෙනත් දේශපාලන පක්‍ෂවල උදවිය ගරහනවා. මෙයාලට විරුද්ධ දේශපාලන මත විවේචනිකව හිතන්න ,ප්‍රතිචාර දක්වන්න බැහැ.එවන් අදහසක් දැකපුවම පලකරපු කෙනා බයියෙක් වෙනවා.

වේදිකාවල මේ හැම පක්‍ෂයකම උදවිය කෑ මොර දෙන දේවල් ඇත්ත පදනම් වු දේවල්ද ?. බොරු බේගල් ඇත්ත වගේ අතහරිනවා. සමහර දාර්ශනික මත පලකරපු කෙනා හිටියදී වෙනත් කෙනෙක් ගේ නමින් එයා මෙහෙම කිවුවා කියලා තමන්ගේ ප්‍රඥාව බහුශෘතභාවය පෙන්වනවා.

එය වැරදියි කියලා යමෙක් පෙන්වලා දුන්නොත් එයා බයියෙක් වෙනවා. “ අටට මේ පහ කිව්වොත් අපි පහ කියලා පිලිගන්න ඕනි.නෑ නෑ ඒ අට කිව්වොත්  “බයියෙක් නැත්නම් හිටපු බයියෙක් !.

හිටපු බයියන් දිනාගන්න ඕන.....කලකදී අනෙක් අයටත් බයියන් වෙන්න.

ලංකාවේ දේශපාලනයේදී කලකදී වහළු කලකදී රස වෙනවා. එයයි ස්වභාවය.



notes of imaginary

2022-10-20

"නර පණුවෝ සහ ගරිල්ලෝ"





ඔබ වන් ගුරුවරයෙකු ලැබීමට අප පින් කර ඇත්තෙමු.!
එද,ඔබ සේ පෑණ හසුරවන්නට අප නොසමත්මු
එදා තුන් කල් දැක්මෙන් යුතුව ඔබ ලියූ දේ එදාට වඩා අදට අදාලය ශ්රීමතානෙනි!"
කමල් පී අලහකෝන් ගේ වත පොතෙන් උපුටා ගන්නා ලදී. ලිපිියේ කතුවරයා ( රයිගම්රාළට ) වෙනුවෙන් කරන ලද ඇගයීම ඔහුගේය.
අපි නර පණුවෝ සහ ගරිල්ලෝ කියවමු.

"නර පණුවෝ සහ ගරිල්ලෝ"😋😋😋😋
හොර හිත ඇති තැනැත්තා නාකරම බියෙන් පසුවෙයි.
ඔහු පොළිස් කාරයෙකැයි සිතා තැපැල් පියුන්ට බයවෙයි.
සුරාබදු නිළධාරියෙකුයැයි සිතා මහජන සෞඛ්යය පරීක්ෂකට බිය වෙයි.
මෙය පුදුමයක් නොවේ.
බියපත් වූ මිනිසාට දෑස් හරියට නොපෙනේ.
කණ හරියාකාර නෑසේ.
අදහස් පැහැදිලිව ප්රකාශකරගත නොහැකිව ගොත ගැසෙයි.
මේ සිදුවන්නේ "හෘදය ශාක්ෂිය" නම් යමක් හැම කෙනෙකු තුළම සැඟවී,ඇති හෙයිනි.
අන්තිම බිහිසුනු හොරා තුළ පවා යම් පමණක හෝ හෘර්දය ශාක්ෂියක් වෙයි.
අන් කවරෙකුට බොරු කළත් හෘදය ශාක්ෂියට බොරු කළ නොහැක.
එහෙයින් හොරෙකු විසින් කරන හැම හොරකමක් පාසාම අභ්යන්තරිකව පිරිහෙයි.
අධ්යාත්මිකව පිරිහෙයි.
මෙසේ දිගින් දිගටම බොරැ කළහොත් අවසානයේ ඔහු තුළ ඉතිරිවන්නේ
ආධ්යාත්මයක් නොව,ඉහඳ පිරි ගඳ ගසන කුණු ගොඩක් පමණය.
මෙය කුකුල් හොරු,කම්බා හොරු,කෙසෙල් කැන් හොරු,ආදී වූ
නන්වැදෑරැම් හොරුන්ට පමණක් නොව,
"දේශපාලන හොරුන්"ටද පොදු වූවකි.
මෙවන් හොරුන් තුළ එකතුවන කුණු කන්දරාව
කිරි මෙන් සුදු ඇඳුමකින් වැසිය නොහැකිය.
බණ පොත් වන පොත් කර වැමෑරීමෙන් වැසිය නොහැකිය.
ගත හා මුව කෙතරම් සැරසූවත්
ඔවුන් තුළ ගොඩ ගැසෙන දහජරාව එලෙසම පවතී.
තලියෙහි පැනෙහි කිඹුලන් දකින තරම් බියක්
ඔවුන් තුළ නිබඳවම කැකෑරෙන්නේ එනිසාය.
ඍජු අවංක මිනිසා කිසිවෙකුට බිය නොවේ.
පොලිස් කාරයෙකුට තබා පොලිස්පතිටවත් ඔහු බය නැත.
සුරා බදු පරීක්ෂකට තබා අග්ර විනිශ්චයකාරයාටත් ඔහු බය නැත.
තලියෙහි පැන් මිස කිඹුලන් දකින්නට හේතුවක් ඔහුට නැත.
මෙවැනි පුද්ගලයෝ ශබ්ද නඟා විවෘතව කතා කරති.
එසේ කතා කරන අන්යයන් ප්රිය කරති.
නිදහස් අදහස් දරමින් නිදහස්,අදහස් වලට ගරු කරති.
කොරවක්කන් වෙඩි තැබීමට යන දඩයක්කාරයන් සේ
හැංගෙමින් එබෙමින්,එබි එබී බලමින්,වකුටු වෙමින්,
තුන් කුදු ගැහෙමින්,ශබ්දයට කන් දෙමින්,කොළයක් පෑගෙන හඩට පවා තිගැස්සෙමින්
දෙගිඩියාවේ ගමන් නොකරති.
හුදෙක් ඍජුවම ගමන් කරති.
කොන්ද කෙලින් තබා ගෙන එඩිතරව ගමන් කරති.
දේශයේ ලොකුම සම්පත,ජාතියේ ලොකුම සම්පත ඔවුහු වෙති.
මුළු ජනසමාජයේම ස්ථාවරත්වය රඳා පවතිනුයේ
සුදු හෝ කහ රෙද්දෙන් වැසූ ජරා ගොඩවල් මත නොව
මෙබඳු පුද්ගලයන් මතය.
රටක්,ජාතියක් පිරිහී යන විට ඍජු අවංක පුද්ගලයෝ දුරලභ වී,යති.
ඊට අනුපාතිකව ජංගම ජරා ගොඩවල් බඳු පුද්ගලයෝ සුලබ වී යති.
අද රට මුණ පා ඇත්තේ එබඳු අවාසනාවන්ත,දුර්දසාපන්න අවදියකටය.
එහෙත් සියළු බලාපොරොත්තු සුන් කරගැනීමටත්,
සියළු අපේක්ෂා භංගත්වයට පත් කර ගැනීමටත් වුවමනා නැත.
අප එසේ කියන්නේ ඓතිහාසික සිද්ධාන්තයක් මතය.
අන්තිමට පිරිහී ගිය ජනසමාජ තුළ පවා
කොතැනක හෝ සභ්යත්වයේ ගිනි පුපුරක් සැඟවී තිබුණු බැවු
ඉතිහාසය අපට කියා දෙයි.
මුළු සමාජයේම කුණු කන්දල් දවමින් එය නැවත පවිත්ර කරන
මහා ගින්න ඇවිලෙනුයේ එම ගිනි පුපුරෙනි.
අද අප ආර්ථික මෙන්ම මානසික පරිහානිය කරා ගමන් කරමින් සිටින්නෙමු.
දැනටමත් අප එම මඟෙහි සෑහෙන දුරක් ගමන් කර අවසානය.
මේ,අන්දමින් අප තව දුර ගමන් කළහොත්
අපේ දරුවන්ට ඉතිරිකර තබා යන්නට සිදුවන්නේ
රටක් නොව මුලු ආසියාවම ගඳ ගස්වන කුණු ගොඩකි.
තත්වය එතරම් අසාධ්යය වන්නට පළමු එය වලක්වා ලීමේ පියවර ගැනීම
මිනිසුන් වශයෙන් අප සතු යුතු කමකි.
ගොඩ ගැසෙමින් පවතින ආධ්යාත්මික කුණු කන්දරාවල්
දවා හළු කිරීමට අවශ්යය ගිනි පුපුර මෙලවිමට අප උත්සාහ කළ යුතුය.
එහෙත් හැම දෙනාම ඊට කැමති නොවනු ඇත.
මක් නිසාදයත් කුණු ගොඩේ සිටින පණුවා මෙන්ම,
ජරා ගොඩේ සිටාන නර පණුවාද
තමා වටා,රැස්කරග් කුණු ජරාවට මිස අන් දෙයකට ප්රිය නොකරන බැවිනි.
පවත්නා තත්වයන් ශේෂයකින් හො වෙනස් කෙරන කිසිදු පියවරකට
ඔවුහු කැමති නොවෙති.
කැමති,නොවනවා පමණක් නොව
ඊට එරෙහිව මුලු ශක්තිය යොදවා සටන් කරති.
මුහුණට මුහුණ ලා සටන් කිරීමේ ශක්තියක් පණුවන්ට නැත.
එහෙයින් ඔවුන් ගරිල්ලා සටන්වල යෙදෙති.
නිදහස් අදහස් ප්රකාශනයට බිය ඔවුහු ඊට විරුද්ධව සටන් කරති.
පිරිසිදු චේතනාවෙන් කරන විවේචනය පවා ඔවුන් දකින්නේ
තමන්ට එල්ලවූ මහා තර්ජන ලෙසය.
මේ නිසා හැම මිනිසෙකුගේම කට වැසීම ඔවුන්ගේ ප්රයත්නයයි.
පුවත්පත් හා අන් ජනමාධ්යය සියල්ලක්ම ඔවුන් දෙසට හිස නමා සිටිය යුතුය.
හිස නොනමා ඍජුවම තබා ගන්නා ⁣යමෙකු වෙතොත් ඒ සතුරෙකි.
ඔහු වනසා දැමිය යුතුය.
එහෙත් ඔවුන්,අවබෝධ කර නොගත් එක් දෙයක් ඇත.
එනම්,යුගයක අවශ්යයතාවය මත යම් බලවේගයක් මතුවූ විට
"පණුවෙකු"ට තබා,
"අනන්ත නම් නාග රාජයා" ටවත් එය නවතා ලිය නොහැකි බවයි!"
රයිගම් රාළ -
දිවයින ඉරිදා සංග්රහය.


notes of imaginary