පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, February 20, 2023

පුංචි ඡන්දේ දොරකඩට ඇවිත්.

     

ටොයියෝ බයියෝ..................වෙනත් වෙනත් විවිධ නම් වලින් ප්‍රතිචාර දක්වනවා. අපිව හදුන්වනවා.හිතවත් වයසක ඇත්තන්ට  බර අවි කියනවා. ප්‍රති පක්සයේ  අය වැඩ බැරි නාකි හැත්ත. වෛරය හාස්‍යය භූමියේ  ගලා යනවා.අපි අසා සිටිනවා. බලා සිටිනවා. “අංකල් මේ පාර වෙනස් කරමු. රටම විනාශයිනේ.............. කියන පුතාලා වෙනස් කරන්න සහයෝගය ඉල්ලනවා.

88 වන විට මට හතලිහයි.  ක්‍රීයාකාරී දේශපාලනයේ නියළුන කාලයක්.  පැතුරුන දේශපාලන ජාලයක මමාත් ඉත්තෙක්. 88 -89 මම සටන් වැදුන පිරිසව ආරක්ෂා කරන්න  කැපවීමක් කලා තෝරා බේරා ගන්නේ නැතිව. මේවා නිහඩව කල සේවාවන්. අඩ බෙර මම 71 දිත්  ඇහුම්කන් දුන්නා....මගේ වයස විසිතුනයි.  ආරක්‍ෂා සහිතව  සටන් බිමේ ඉන්න කොට මට වඩා අත්දැකීම් තිබු  වැඩිහිටියෝ මගේ මොලේ සෝදලා දැම්මා.

ගැහැවානම් ප්‍රේමදාස ගේ ගිනුමේ මගේ නමත් තියෙන්න ඕන. මම කල සේවාව දැන් කාලේ අපි ලගට ඇවිත්  උපදෙස් දෙන අනුශාසනා කරන මේ උදවිය දන්නේ  නැහැ. අසා සිටිනවා මිස වෙන මොනවා කරන්නද ?.ත්‍රීමා විතාරන  අතුරුදහන් වෙන්න දවස් දෙකකට ඉස්සර මට හමුවුනා.  88 89 මම හිටියේ කොතනද කියලා ඉතිරි හරිය ......හිතා ගන්න ඉගියක් ඒ පල කලේ.

අපි වේගවත්......අති ධාවනයක යෙදිලා ඉන්නවා. ගෝඨා ගෙනාවෙත් බලාපොරොත්තු රැසක් සමග. ගෝඨා ට තමන්ගේ ස්වාමි පන්තියට සේවය කරන්නත් හැට නව ලක‍්සයට සේවය කරන්නත්  බැරිවුනා. තමන්ගේ ස්වාමි පන්තිය විසින් ඔහු එලවා දැමුවා කියන අදහසයි මට තියෙන්නේ. ස්වාමි පන්තිය විසින් තමන්ට කැමති පුද්ගලයා රජ කමට ගෙනාවා.

ඒ සමගම දකුනේ ජාතිකත්වය මත ගොඩ නැගුන දේශපාලනය විනාශ කරන්න තිබු අවශ්‍යතාවයත් ඉටු කර ගත්තා. අද දකුනේ සිංහල බෞද්ධ පදනමට නායකයෙක් නැහැ. සී සී කඩ විසිරුන නායකයෝ  රොත්තක් ඉන්නේ. මේ හැත්තට එකගතාවයක් නැහැ.  උතුරේ හා නැගණහිරත් සුළු ජාතීනුත් කේවල් කරන කාලය උදා වෙමින් පවතිනවා. ඔවුන්ගේ අරමුණු ඉටු කරගනීවී. ප්‍රභාකරන් හට යුද්ධයෙන් කර ගන්න බැරිවු  දේ  ඉටුවේවී.

 මෙපමන කලක් රටෙ සිද්ධවුනේ  අපේ චන්දය නොපෙනෙන පිරිසකගේ කැමැත්තට පාලනයවු බවයි. අපිට තනියෙන් රට ගොඩනගා ගන්න පුළුවන් පරිසරයක් තියෙයිද කියන එක වර්තමානය වන විටඋත්තරයක් නැති ප්‍රශ්නයක්.

තනියෙන් රට ගොඩ නගා ගන්නා උත්සහායක අපි රටවැසියන් හැටියට සහයෝගයක් දෙනවද ?.  උත්තරය   ඇත්තටම නැහැ. මට   සිහියට එන එක උදාහරණයක් දක්වන්නම්. අද වියලි කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 1150.00 යි.  මේ  තත්වයට පත්වෙලා  අවුරුද්දක් විතර ඇති.... අළුතින් කවුරුවත්  කිරි ගවයෙක් හදන්න පෙළඹීලා තියෙනවාද ? නැහැ. වෙළද පලට සාප කරිමින් ඉන්නවා මිස තමන් කිරි නිෂ්පාදනය කර ගන්න හිතන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා  ගොවි බිමක් නැහැ. කිරි ගවයෙක් ගන්න ආයෝජනයක් කරන්න විදියක් නැහැ. මේවා විසදා ගත හැකි ප්‍රශ්න වුනත්...................ඒවා ලගට එනකම් බලා ඉන්නවා.

අපේ දේශපාලනයත් අංග විකලයි. සැලැසුම් නැහැ.  කරන එකාට බාල්දි පෙරලමින් බලය ඩැහැගන්නා උත්සහායක මිස කරන එකාට සහයෝගය දෙන ප්‍රතිපත්තියක නැහැ. බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ වගේ ප්‍රතිපත්තියක්  ඒක.

 

 

 



 notes of imaginary

2 comments:

Anonymous said...

ඔයා භීෂණ කාලේ කළු බළලෙක්‌ නේද? පැජරෝවේ ගිහිං ටයර් සැයවල් මෙහෙයවපු.

නමියගෙ වීදිය said...

හ්ම්. අඳුරට සාප කර කර ඉන්නවාට වඩා... එක පහනක් හරි දල්වන එක තමා කරන්න තියෙන්නෙ