අමුඩය අපුරූයග අපේ උද්ඝෝෂකයින්ට හිතුනොත් ඇද ගෙන අගනුවර එන්න පවා ස්මාට් ඇදුමකි අමුඩය. කාන්තා පක්‍ෂය අමුඩ වාගේ ඇදුම් අදිතත් ඒවාට කියන්නේ වෙනත් ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.
නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.
ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්රදානය කරන ලදී.
1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.
ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.
නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?
1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.
එම විෂය ක්ෂේත්‍ර වන්නේ,
භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.
!doctype>අමුඩය අපුරූයග අපේ උද්ඝෝෂකයින්ට හිතුනොත් ඇද ගෙන අගනුවර එන්න පවා ස්මාට් ඇදුමකි අමුඩය. කාන්තා පක්‍ෂය අමුඩ වාගේ ඇදුම් අදිතත් ඒවාට කියන්නේ වෙනත් ...
ම ම කාලයක් දින පොතක් ලියමින් සිටියා . මගේ කඩුල්ල බ්ලොග් අඩවියට. මේ පහතින් පලවෙන්නේ 2015 ලියන ලද සටහනක්. පුංචි පුංචි වෙනස් කම් ටිකක් කලත් එදා...
පොඩි සන්දියෙ ලොකු හරියක් චක්කරේට මට යි ලැබුනෙ කොටුවෙ ගෙදර ගමරාළගෙ කේ .ජී .ජී .සිරියලතා. පන් ඉදිරුවෙ ,පාට දැම්මෙ ලොකු හැළියේ තම්බන්නට අත...
“ටීචර්............. ” ය යි මුව පුරා පියකරු සිනහවකින් පිරි ඈ දැන් අවුරුදු 42 ක පමන වයසැති කාන්තාවකි. මගේ මතකය ඈ හදුනාගත්තේ මා පලමු පත...
වැටි වැටී නැගිටින හැටී වචන අමුණා මුමුණන හැටී දවසින් දවස ලොකු වෙන හැටී බලා ඉන්නෙමු තවමත් අපී කවට වදනින් සිනහ ගෙන එන කිසිවකුටත් වචනයෙන් නොපැරද...
කසුන් ලියනගමගේ තම මුහුණු පොතේ පලකර තිබු ලිපියක්. බෞද්ධාගම , බෞද්ධ දර්ශණය පලවන මත විවිධයි. අප සංඝ සමාජය විසින් බුදු දහම ගැන පල කරන අදහස් විව...
පස් පියුම් සුසැදි නිල් වනපෙතින් පියාඹා හිමව් ගිරි අරණ හැර අහස් කුස සිසාරා උකුසු ඇස යොමන්නෙමි සැබෑ ප්‍රේමය සොයා විශ්වයේ සත්සරට සවන...
හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා. මිහායෙල් ගොර්බචොව් මහ...