අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Sunday, July 17, 2022
ඉස්කෝලේ

7/17/2022 02:21:00 am
2

ඩෙල්ෆ් දූපතේ පාසලක් එකමත් එක කාලෙක මේ රටේ හිටපු පුංචි එවුවො සුදු සපත්තු , මේස් දාල ජැන්ඩි පහට සුදු ඇඳගෙන පොත් බෑග් එකත් අරගෙන ගියා...

Read more »
Saturday, July 16, 2022
අපි බලා ගෙන ඉමු.

7/16/2022 11:48:00 am
7

මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි. මේ පැය ඔරලෝසුව...

Read more »
Friday, July 15, 2022
මාර්ක් සකර්බර්ග්.

7/15/2022 04:35:00 pm
9

එඩ්වඩ් සැවරින් සමඟ මාර්ක් සකර්බර්ග් කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ නිර්මානයක් අද ජාත්‍යන්තර ව්‍යාප්ත වු මහා ව්‍යාපාරයක්.2004 පෙබරවාරි ම...

Read more »
අවනඩුවක් .

7/15/2022 12:31:00 am
8

වි දුලිය කපනවා. ජවිතේ අවුල්. ගෙදර  දොරේ කඩපිලේ කතාව මේ කැපිල්ල ගැන. මහජන උපයෝගීතා කොමිසම කියලා එකක් තියෙනවා . ඒකේ ලොක්කා රූපවාහිනියට ඇවිල්ලා...

Read more »
Wednesday, July 13, 2022
නරිත් හිතන්න පටන් අරන් .

7/13/2022 09:26:00 pm
5

notes of imaginary   අපි ඉන්නේ ගිණි ගොඩක් උඩ. මේක කොයිතැනකට ගිහින් නතර වෙයිද හිතා ගන්න බැහැ. අදහස් දැක්වීමත් භයානක වෙන්න පුළුවන්. මට...

Read more »
Friday, July 08, 2022
කාලය ගලා යන හැටි.

7/08/2022 01:50:00 pm
6

  කාලය බොහෝ අරුමයන් මවනවා .වෙනස් වීම් සිදුකරනවා. යහපතට වගේම අයහපතට.  අපේ දැනුම සහ අවබෝධයේ තරම   කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ...

Read more »