සරත් සෘතුව සිසිරට පෙර ඇවිත්
3 days ago
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
නාගරික සමාජය තුල වර්තමාණයේ අවමංගල අධ්‍යක්‍ෂවරු බිහිවී තිබේ. ඹවුන් ඉදිරිපත් කරන මිළගනන් හදුන්වන්නේ පැකේජයන් වශයෙනි. මේ පැකේජයන් මළසිරුර සැකසීම යොදන බහාලනය, අමුත්තනට ලබා දෙන සංග්‍රහ සුසානාගාරයේ සිදුවිය යුතු කටයුතු ආදී සියළු මළගෙදරක සිදුවිය යුතු සේවවාන් සදහා විවිධ මට්ටමේ මිළ නියමවේ. තෝරාගන්නා පැකේජය අනුව මළගෙදර කටයුතු සියල්ල ඔවුන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුවේ . මළවුන්ගේ සමීප ඥාතීන්ට සිදුකිරිමට ඇත්තේ පැමිනෙන්නන් පිළිගැණිම පමණි. මිහිදන්වන්නට හෝ අළුවි යන්නට යන ගමනේ සිරුරට කලින් ටයි කෝට් ඇදි අධ්‍යක්‍ෂවරයා ශොකාකූල මුණින් පිරිසට මග පෙන්වමින් යන බැවින් අවසන් ගමනට උදාරත්‍වයක්ද නොමිලේ ලැබේ.
තවමත් ගමට මේ සියළු අංග පැමිණ නැතත් මල්ශාලාකරුගේ භුමිකාව අවසන්ව නිවසේ ශාලයේ ප්‍රදර්ශණ භාණ්ඩයක්ව තැන්පත්වන සිරුර නැරඹිමට ( මට එසේ සිතේ) පැමිනෙන්නන්ට අහාර පානාදියෙන් සංග්‍රහ කිරිමේ ක්‍රමවේදයක් නිවසේ සිටින අව- මංගල්‍ය අධ්‍යක්‍ෂවරුන් ලහි ලහියේ සකස් කල යුතුවේ. පලතුරු බීම, තේ කෝෆි, බිස්කට් , දිවා රාත්‍රී අහාර-පාන ඇතුළු දෑ දින තුනහතරක් තිස්සේ සැපයීමේ ක්‍රමවේදයන් ගමින් ගමට වෙනස්වේ. බොහෝ ගම්වල මේ කටයුතු සදහා ස්වේච්චාවෙන් කටයුතු කරන පුද්ගලයෝ සිටිති. සමහර ගම්වල අවමංගල්‍ය සමිති සාමාජිකයන් මේ කටයුත්තට දායක වෙති. ඹවුන් මූලික ආයෝජනය කර ස්වේඡාවෙන් දායක වන පිරිස අතර වියදම සමසේ බෙදාගෙන මළගෙදර නිවසියන් එම බරපැනෙන් නිදහස් කර හරී.
ඒත් ඉහත කී සමාජ සම්බන්‍ධතා නැති ස්ථානවල තමන්ම ආහාර පිලිවෙල කර සංග්‍රහ කටයුතු කරයි, නැත්තම් සමීප ඥාතීන් එක් එක් ආහාරවේල සපයාදී දායක වෙති. සාමාන්‍ය සංග්‍රහ කටයුතු නිවසයෝම සංවිධාණය කර ගනී.. දැන් දැන් කොෆි බ්ලෙන්ඩරය, ජූස් එක්ස්ලේටරය වැනි උපකරණ සමග ආහාර පාන සැපයීමේ Out door Caterings service මේ කටයුත්ත සදහා දායකවන අයුරු ගම් වලද දක්නට ලැබේ. අවසන බිල්පත පමණක් ගෙවීමෙන් මේ අසීරු කටයුත්තෙන් සංවේගාප්‍රාප්ත නිවසියන්ට සැහැල්ලුවට පත්විය හැකිවේ.
දැන් ඒ කටයුත්ත සම්පූර්ණය. ප්‍රදර්ශණයේ ඊලග අංගය බැරැරෑම්ය.
අව - මංගල්‍ය උත්සවය අවසානයේ අසල්වාසීන්ගේ තක්සේරු වාර්තාවක් ඇතිවන බැවින් ඒ සදහා මුහුණ දීමට නිවසියන්ට සිදුවේ. මෙය මැරෙන්නට කලින්ම තමන් විසින්මත් නිවසියන් විසින්මත් කළ යුතු දෙයකි. තැනක් නොතැනක් බලා මළ ගෙවල ගොස් මුහුණ පෙන්වා ඇත්නම් මළ ගෙදර පැමිනෙන පිරිස වැඩිය. එ බැවින් එම කටයුත්ත ජීවත්ව සිටියදී පූරණය කල යුතුය. අහවල් දේශපාලනඥයා ජනාධිපති අගමැති සිරුරට මූහුණ දා අචාර කර ගියොත් එය ශ්‍රේෂ්ඨ ගනයට අයත් වී ලැබෙන ලකුණු වැඩිය. ප්‍රාදේශිය සභාවේ සභාපති හෝ මන්ත්‍රී කට්ටෙක් ආවොත් ආවොත් එයට ලැබෙන ලකුණු ප්‍රමාණය ඉතාමත් අඩුය .
අනෙක් අව - මංගල්‍ය උත්සව කටයුතු ගැන හෙටත් කතා කරමු.
සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු වෙමින් පවතින බෙලිහුල්ඔය ගැන තොරතුරු මෙම පිටුවේ පළවෙයි.
https://miduma.blogspot.com/p/blog-page_24.html
!doctype>H.G.Wells (1866 - 1946)යනු ඉංග් රීසි ජාතික නවකතාකරුවෙකි ඔහුගේ සම්පූර්ණ නම Herbert George Wells ය. පුරෝගාමී විද් යා ප් රබන්ධකරුවෙක් ...