ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-07-12

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ



මගේ මතකය මින් දශක හතරකට පමණ පෙර මගේ තරුණවියට ගොස් මොහොතක් නතර විනි. මිතුරු කැලක් සමග තට්ටු දෙකේ බස් රියක නැගී  අසල්වාසී මගියන්ටද හිරිහැරයක් වෙමින් වෙසක් තොරන් බලමින් ගිය ජොලි ගමනකදී සුනිල් ශාන්තයන්ද අපේ අතින් හෑල්ළුවු බව තේරුනේ ඉන් බොහෝ කලකට පසුව බව කනගාටුවෙන් සිහිපත්වේ.

වර්තමානයේ සීයා කෙනෙකේව පුංචි මුණුපුරෙකුට හිමිකම් කියන  මට මා ගැන ඇත්තේ ලැජ්ජාවකි. පුංචි මුණුපුරා අසන්නට කැමති ගීත අතර සුනිල් ශාන්තයන්ගේ “හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ ” ගීතයට ඇත්තේ මුල් තැනකි.  සතියේ වැඩ කරන දවස් පහක පුංචි එකා සමග ගතකරන අසීරු කාලය කරදරයක් යයි නොසිතෙන තරමටම දැන් සුන්දරය.

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ
දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
මද මුදු සුලගින් අප නැලවෙන්නේ
බැබලෙන හදපානේ
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මා ඉහල බලා
අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
බැබලෙන හදපානේ
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
දිය මතුපිට කිරි රැල්ල නැගේ
ඹරුවෙක් තනිවී ඈත පෙනේ
හෝ ගා මුහුදේ රැල්ල බිදෙන්නේ
බැබලෙන හදපානේ
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
වවුලන්ගේ බක මූණන්ගේ
නාදේ ඉදහිට මටද ඇසේ
කිරි වෙනුවට ගො සොයම්න් යන්නා
බැබලෙන හදපානේ

හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
අසන්න මා සමගින් 

notes of imaginary

2013-07-08

ශ්‍රී ලංකාවේ තේ කෝප්පයේ ඉතිහාසය.







ශ්‍රී ලංකාවත් තේ දල්ලත් අතර ඇත්තේ සුවිෂේශ සම්බනධයකි. අපේ රටේ වානිජ වගාවන් අතර කෝපි යුගය අවසන් වන්නේ තේ යුගය ආරම්භයෙනි. 1867 අක්කර 19 ක භූමි භාගයක වගා වකින් ආරම්භවු තේ වගාව පසුකාලීනව අක්කර 1,87309 ක පමණ භුමි ප්‍රමාණයක් අත්පත් කර ගත්තේය.තේ වගාව පිළිබදව උතුරු ඉන්දියාවේ අත්දැකීම් සමග 1867 දී ශ්‍රී ලංකාවට පැමිණි ජේම්ස් ටේලර් නම්වු යුරෝපීයා ලූ කොන්ඩෙරා වතුයායේ ඔහුගේ ප්‍රථම අත්දැකීම් පර්යේෂන වගාව ආරම්භ කල බව සදහන්ය.
ජේම්ස් ටේලර් නිපදවූ තේ ලන්ඩනයේ වෙන්දේසියකදී ඉතා හොද මිලකට අලෙවි විය. මේ අලවි වාර්තා ශ්‍රී ලංකාව පුරා තේ වගා කිරීමට උත්ප්‍රෙරකයක් විය. 1873 සිට 1880 දක්වා කාලය තුළ පවුම් 23ක වටිනාකමක් වු තේ නිෂ්පාදනය 1890 වන විට ටොන් 22,900 ධාරිතාවක් අත්පත් කර ගෙන තිබිණි.
1960 දක්වා ශ්‍රී ලංකාවේ වූ බොහෝ තේ නිෂපාදන ආයතන බ්‍රීතාන්‍යයන්ට අයත් ඒවා විය. "ඉඩම් ප්‍රතිසංස්කරණ පනත" හදුන්වා දීමෙන් අනතුරුව, මෙම තත්වය වෙනස් විය. සියළුම විදේශික වගාවන් රජයට අත්පත් කරගත් අතර 1990 දක්වා ආයාලයේ ගිය අතර සිට නව කළමනාකරනයකට පත්ව කර්මාන්තය රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අතර බෙදී ගියේය. බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද වතු 1960 දී රජයට පවරා ගන්නා ලදී. නමුත් එතැන් පටන් පෞද්ගලීකරනය වී වර්තමානය වන විට වතුකර කීපයක් හෝ තේ වත්තක් හෝ හිමි "වැවිලි සමාගම්" මගින් කළමනාකරණය පවත්වා ගෙන යයි.
අද වන විට ජාත්‍යන්තර තේ වෙළද පලේ ලිප්ටන් , සර් වින්ස්ටන් සහ අහ්ලන් යන තේ ‍සන්නාම තේ ලොව පුරා ප්‍රකට ශ්‍රී ලාංකික තේ වර්ග වේ.
ශ්‍රී ලංකාව ලොව තුන්වෙනියට විශාල වශයෙන් තේ නිශ්පාදනය කරන රට ලෙස ජාත්‍යන්තර නිෂ්පාදනයෙන් 9%කට හිමිකම දරන අතර ගෝලීය අවශ්‍යතාවයෙන් 19%ක පමණ කොටසක් හිමිකම් කියන ලොව ප්‍රධානතම අපනයන කරුවෙකි.

භුගෝලිය පිහිටීම අනුව ශ්‍රී ලංකා තේ උඩරට තේ, මැදරට තේ සහ පහත රට තේ ලෙස කාන්ඩ 3කට බෙදේ.

notes of imaginary

2013-06-18

හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස - විශාරද නන්දා මාලණි





හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල  තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.

කුසින් අඩක් දල අහරින් සකසා
කෙසග සිරුරු  රළු යහනේ සතපා
අනියත් හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප වන පොත් කරනා
මානව මනවිකාවන්ගේ 
නලියන රුධිරයේ උණුසුම් සුසුම
ප්‍රේමයේ සුවද නොවේ.

හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල  තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
පීඩනයෙන් පැනසර හිස ඔසවා 
පෙරමුන ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන්  සිහිකරමින්
විද්‍ය ශිල්ප කලා වනපොත් කරනා
මානව මනවිකාවන්ගේ 
 පුපුරන මනසේ කකියන පැතුමයි 
ප්‍රේමයේ සුවද නොවේ.

හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල  තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ............................... සුවද නොවේ.

notes of imaginary

2013-06-14

ඔන්න බබෝ ඇතින්නියා.




 සම්ප්‍රදායික නොවු නැළවිලි ගීතයක් පල කරමින් සීයා කල අත්හදා බැලීමක් නැවත බලන්න.. ඊයේ වියමනේ පල කලෙමි.
මේ නැළවිලි ගීතද පුංචිත්තා නිදිකරවීමට  සීයෝ යොදා ගන්නේ ඒකාකාරි ශබ්ද රටා ඇසීමෙන් පුංචිත්තා අසහනයට පත් නොකරන්නට සිතාගෙනය.

මේ නැලවිලි ගීත පදවැල් කාලීනව අදට කොහොමවත් ගැලපෙන්නේ නැත.ද රට යන අම්මලා අද නැති තරම්ය.අම්මලා සුපර් මාකට් එකෙන් පලා පලතුරු ගෑස්  සිලින්ඩර් උස්සාගෙන ත්‍රිවිලරයෙන් ගෙදර එන්නේ පඩි වැඩිකරන්න වෘත්තීය සමිති කාරයින්ට උපදෙස් දෙන සිතිවිල්ලේය.

මාත් පුංචිත්තාත් මේ වාද විවාද මායිම් නොකර  සුව නින්දකට දොර විවර කරගන්න තැත් කරන්නේ ලෝක‍ය සරල බවේ සිට සංකීර්නවීමට දරනා උත්සහාය ගැන සිතමින්ය.


ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා

පුතුට බයේ දුවන්නියා


දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
නුඹේ අම්මා කිරට ගියා
කිරි එරවා එන්ට ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් කොක්කු ගියා

අතට වෙරළුඇහිද ගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩාගෙනේ
එයි අම්මා විගසකිනේ

ලිඳ ළඟ මී අඹ අත්තේ
දසයකි ගෙඩි එක ඉත්තේ
ඉන් එකකුත් ඇත පුතාට
ඇත්නම් සැතපී ගත්තේ 

දුවේ නුබේ ලොකු අම්මා
අතේ වලල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
දුවේ මගේ නිදි යම්මා

අතට වළළු කොහෙන් දුවේ
කරට මාල කොහෙන් දුවේ
ඉනට සේද කොහෙන් දුවේ
නැළවී නිදියන්න දුවේ.

  
නුබේ අම්මා කොතන ගියේ
පතන කැලේ  දරට ගියේ
දර අරගෙන එන්නට ගියේ
ඒ එනකල් නුඹ දොයියේ.

නුබේ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා  ගියා

සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම්නැති
කිරිල්ලෝද සැතැපෙති

තොටිල්ල සැම සුව පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්න  පුත රන් කිරී

 කන්දක්ගිනි ඇවිලෙන්නේ
හැන්දක්කිරි බීපන්නේ
නැන්දයි නුඹ නලවන්නේ
නින්දක්නිදියා ගන්නේ

 ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා

පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක්පඩිකනවා
ඉන් පවුමක්මට දෙනවා



උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි

ලොවේ පුතුන් බොහොම ඇතා
ඩා  නැලෙව්වත් අඩතා
මගේ පුතා එහෙම නැ තා
නාඩා  නැලවියන් පු තා

දොයි දොයි දොයිය බබෝ
 බයි බයි බයි බයිය   බබෝ

ක න් ද  ක්  ගිනි ඇවීල ගෙනේ
හැ න් ද  ක්  කිරි බීපන්නේ
නැ න් ද ක්   නුඹ නලවන් නේ
නි න් ද  ක්  නිදි යා ගන්නේ

දොයි දොයි දොයි දොයිය බබෝ
බයි බයි බයි බයිය බබෝ

න් බබෝ හොරුඑනවා
  ලමයි අල්ලනවා
 රේ තියාගෙණ යනවා
 අල්ල අල්ලා  විකුනනවා 
  න්   විකුණා රා බොනවා          
 විකුන විකුන රා බොනවා



notes of imaginary