මගේ මතකය මින් දශක හතරකට පමණ පෙර මගේ තරුණවියට ගොස් මොහොතක් නතර විනි. මිතුරු කැලක් සමග තට්ටු දෙකේ බස් රියක නැගී අසල්වාසී මගියන්ටද හිරිහැ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
මගේ මතකය මින් දශක හතරකට පමණ පෙර මගේ තරුණවියට ගොස් මොහොතක් නතර විනි. මිතුරු කැලක් සමග තට්ටු දෙකේ බස් රියක නැගී අසල්වාසී මගියන්ටද හිරිහැ...
ශ්‍රී ලංකාවත් තේ දල්ලත් අතර ඇත්තේ සුවිෂේශ සම්බනධයකි. අපේ රටේ වානිජ වගාවන් අතර කෝපි යුගය අවසන් වන්නේ තේ යුගය ආරම්භයෙනි. 1867...
හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා පිස හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ. හන්ත...
සම්ප්‍රදායික නොවු නැළවිලි ගීතයක් පල කරමින් සීයා කල අත්හදා බැලීමක් නැවත බලන්න .. ඊයේ වියමනේ පල කලෙමි. මේ නැළවිලි ගීතද පුංචිත්තා නිදි...