ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-01-29

රෝම පොලිසියේ ආචාර පෙලපාලියක්

notes of imaginary

2013-01-09

අපේ තාත්තේ !.



ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදා 
මහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියා
කියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා
තත්තාගේ ආදරේට තාමත් නෑ උපමා

තාත්තා ම වෙලා මගේ ඊලග භවයේ 
ගෙවා ගන්න බෑ යුතුකම් මේ සංසාරේ
ලග ඉන්නට බැරිවුනාට වෙනදා වගේ
හිරු මඩලක් වුනේ නුබයි අපගේ ලෝකේ
 

කරගාවට අපි එනකොට කාටත් රහසේ 
අපි හින්දද නුබ වැහරී දවසක් ගානේ 
සොයාගන්න  එක දවසක්  සිතුවත් පරදී
ජීවිතයම නුබ දුන්නද  අපේ තාත්තේ

ගතේ සවිය නැති වුනාට හිත හයියයි සැමදා 
මහා මෙරක් සේ නොසැලී අපි වෙනුවෙන් සිටියා
කියා දෙමින් ගුරුහරු කම් යන මාවත හදලා
තත්තාගේ ආදරේට තාමත් නෑ උපමා
තාමත් නෑ උපමා


Main Artist - Bhuminda KarunatilakeMusic - Suresh MaliyaddeMelody, Music - Roshan FernandoLyrics - Wimalka Mohandiram


notes of imaginary

2012-12-30

සුබ නව වසරක් !.





notes of imaginary

2012-12-24

සුබ නත්තලක් !





notes of imaginary

2012-12-11

තොරතුරු තාක්‍ෂණයයි පොලිසියයි.



පසුගිය දාක බාලිකා විද්‍යාලයක ප්‍රදේශයේ පොලිසිය විසින් සංවිධාණය කල සම්මන්ත්‍රණයකට සහභාගිවුනා. තේමාව නම් කරලා තිබුනේ “ ඉදිවැට “ කියලා. ඉදිවැට ගෙවතු වට කොට ඉදිකරගන්නා ආවරණයක්. බාල අපරාධ වලින් දූ දරුවන් ආරක්‍ෂා කරගන්න ඉදිවැටක් ඉදිකරගන්න දෙමාපියන්ට දෙන අත්වැලක් ලෙසයි වැඩ සටහන හදුන්වා දුන්නේ.
මීදුම සාරවත් දේශණා කිහිපයක් අහන්න පුළුවන් වෙයි කියල හරිබරි ගැහිලා වාඩිවුනා. පොලිස් මහජන සම්බන්‍ධිකාරක වරයෙකු, උප පොලිස් පරීක්‍ෂකවරයෙකු සහ මුලස්ථාණ පොලිස් පරීක්‍ෂක තුමා ගෙන් මත්ද්‍රව්‍ය, ලිංගික අපයෝජන , පිලිබදව තේමා කරගත් දේශණා කිහිපයක් අසන්නට හැකිවුනා.
මේ එක් දේශණයක පරිගණකය තදබල ලෙස විවේචනය වුනා. පරිගණකය කාමරයක් තුල පාවිච්චිකරන්නට දරුවන්ට දෙන්න එපා එය නිවසේ විසිත්ත කාමරයේ තබා ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්නට සලස්සන්න කියා දෙමව්පියන්ට උපදෙස් දුන්නා . අන්තර්ජාල සමාජ වෙබ් අඩවි, සහ තොරතුරු අඩවි හරහා අපරාධ වන අන්දම පෙන්වා දුන්නා. මේ අතරට අමරිකාණු ගැති ගූගල් සහ යාහු වර්ජණය කරන්න කියලා විමල් විරවංශ මැතිතුමාගේ දර්ශණයත් විස්තර කලා.අමරිකාණු ආක්‍රමණ ගැනත් කියාපි.
පාසල් දූ දරුවන් උදෙසා e’ Sri Lanka වැනි වැඩ සටහන් වලින් කෙරෙන්නේ මොකක්ද කියලා මේ මහත්වරුන්ට ගනිච්චියක් තිබුනේ නෑ. මේ බාලිකාවෙම තොරතුරු තාක්‍ෂණය ඉගැන්වීම සදහා ගුරුවරුනුත් ඉන්නවා. ජනධිපතිතුමා කියනවා සැම දරුවෙකුටම පරිගණකයක් ලබාදිය යුතුයි කියලා මේ පොලිස් මහත්තුරුන්ට අනුව පරිගණකය පාසල් දූ දරුවන්ට අකැප වස්තුවක්.
අද පාසල් වල පරිගණකය සහ තොරතුරු තාක්‍ෂණය අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ ඉගැන්වීම් , ඉගැන්වීම් පරිපාලනය සදහා භාවිතා කරනවා. ශ්‍රව්‍ය දෘෂ්ඨ මෙවලම් සහ පරිගණක උපයෝගී කරගෙන පංතිකාමරයේ සිටම අන්තර්ජාල පහසුකම් මගින් අධ්‍යාපන කටයුතු කරනවා. පසුවෙන් තොරතුරු ගබඩා තරගන්නත් පසුව එම තොරතුරු නැවත ලබාගන්නත් පරිගණකයන් උදව් වෙනවා.
ඉතින් දරුවන් පරිගණකයෙන් බැහැර කල යුතුද කියලා මීදුම හිතන්න පටන් ගත්තා. මත්ද්‍රව්‍ය භාවිතය සහ වලක්වා ගත යුතු අන්දම ලිංගික අපයෝජන ගැන ප්‍රදේශයේ ඇති තත්වයන් දේශන තුලට එකතු වෙලා තිබුනා.මේ උවදුරු වලින් ජනතාව ගලවා ගන්න පොලිසිය බලය භාවිතා කරන අන්දමත් විස්තර වුනා. බලය යෙදීම මුලික අයිතිවාසිකම් වලට අණුරූපව සිදු නොවන බවයි මීදුම හිතුවේ.
අරක්කු බොන මිනිහෙක්ගේ ඔළුවේ ඉදන් අරක්කු බෝතලයක් වක්කරන එක නිතියට අණුකුලයි කියලා හිතන්න බැහැ. ඒක බලහත්කාරයක්. තමන්ගේ නිල ඇදුම තුල අසීමිත බලයක් ඇති බවයි ඒ මහත්තතුරුන්ගේ කතාවලින් මීදුමට හිතුනේ.
මීදුම දේශණයන් අහලා ශාලාවෙන් එලියට ආවේ මීට වඩා සංවරව දේශණයන් පැවතුනා නම් හොදයි කියලා හිත හිතා.

notes of imaginary

2012-11-07

ළදරු සෞඛ්‍ය රක්‍ෂණය.



ළදරු සෞඛ්‍ය කටයුතු සදහා රජය විශාල වගකීම් රැසක් ඉටුකරන බව මීදුම අත්දැකීම් ලැබුවේ පුංචිත්තා සමග සායන වලට සහභාගී වීමෙනි මව් පියන් වෙනුවෙන් වෙනම දැනුවත්කිරීමේ වැඩ සටහන් පවත්වා ගෙන යන පවුල් සෞඛ්‍ය ඒකක දරුවන් වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ පෙළක් නොමිලයේ ලබා දෙනු ලබයි.

· උපතේදීම රජයේ රෝහල්වල මාතෘ වාට්ටුවේදී බී.සී.ජී එනනන්නත ලබා දීමෙන් ප්‍රතිශක්තී කරන වැඩ සටහන ආරම්භකරනු ලැබේ.
· දෙවනි මාසයේ සිට ප්‍ර දේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත ද
· මාස හතර සම්පුර්ණ වීමෙන් පසුව පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත දෙවනි මාත්‍රාවද
· මාස හයේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද හෙපටයිස්ට් බී එන්නත තුන්වන මාත්‍රාවද
· මාස නවයේදී සරම්ප සහ විටමින් ඒ අධිමාත්‍රාව ද
· මාස දහ අටේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද ඒ අධිමාත්‍රාවද

· මාස දහ අටේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,පිටගැස්ම,හා කක්කල් කැස්ස යන රෝග සදහා ත්‍රිත්ව එන්නත ද ඒ අධිමාත්‍රාවද

· අවුරුදු තුනේදී සරම්ප හා රුබෙල්ලා එන්නතද
· අවුරුදු පහේදී පෝලියෝ මුඛ එන්නත, සහ ගලපටලය,හා පිටගැස්ම, යන රෝග සදහා ද්විත්ව එන්නත ද
· අවුරුදු දහයේ - දහහතර අතර වයසේදී ඒ ටී ඩී එන්නතද ( වැඩිහිටි පිටගැස්ම හා ගලපටල එන්නත)
නොමිලයේ ලබා ගැණීමට හැකිය.









notes of imaginary

2012-10-25

පුංචිත්තාගේ ආහාර රටාව ( මාස 8-9)

notes of imaginary

2012-10-17

පිපෙන මලේ රුව




පිපෙන මලේ රුව 
එ පිපෙන මලේ රුව 
එමල දනිදෝ මල දනිදෝ
මලකි දුවේ නුබ හැඩ රුව
බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක් වී
නැති බැරිකම මුතු මාල හතක් වී
 නුබ අත කරලන දා
නුබ අත කරලන දා
කටු මැටි බිත්තිය හැඩ  කර අදිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා
ආදර දියණියනේ
ආදර දියණියනේ...........
පාළු කනට නුඹෙ
අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිමදැමුවේ..


notes of imaginary
විශාරද නන්දා මාලනි

2012-10-13

මහගම සේකර යන් සමග සඳකත් පිණි දිය




සදකන් පිණිදිය දියවී ගලනා
සීතල කදු අතරේ
අද ඔබගේ ඉකිබිද
ඔබ හඩනා හඩ මා සවනේ පෑරේ............
නිසංසලේ රෑ අහසේ ....
නිසංසලේ රෑ ඝණ බොල් අහසේ
මිලානවු තරු එළියේ
ඔබේ නුවන් මිණ පහන් එලියේ
ඇවිලේ මා දෑසේ

විලේ මා දෑසේ....
සුසුම් හෙලන තුරු ලතා ලපල්ලේ
 සිහිල් සුලග පාවි  
මගේ කවුළු දොර තුලින් එබී
 ඔබ සොයා ඇදේ

- ආචාර්ය අමරදේව
notes of imaginary

පුංචිත්තාගේ ආහාර රටාව 2.


මාස හතරේ සිට හය දක්වා.

පුංචිත්තාට එකම පරිදි ආහාර ලබා දීමෙන් අහාර රුචිය අඩුවන බැවින් අහාර රටාව විවිධාංගීකරණය කිරිම සුදුසුවිය.මාස හතරෙන් පසු මාස හය දක්වා සීනී සහ ළුනු රහිතව පොඩි කරන ලද තලපයක් සේ සකස් කර පහත දැක්වෙන ආදර්ශය පරිදි වට්ටෝරුවක් සකස් කිරීමෙන් අහාර රටාවේ ඒකාකාරී බව  ඉවත්විය.

ඉරිදා
Ø  බත් සමග කඩල,බටර්, සහ පළා  කොලØ  බත් සමග හාල්මැස්සෝ සහ කැරට්Ø  බත් සමග වට්ටක්කා සහ පරිප්පු
සදුදා
Ø  බත් සමග පොල්කිරි ස්වල්පයක් එකතු කර පිසින ලද අළුත්මාළු,සහ පලා කොල
Ø  බත් සමග  බතල ,සහ පලා කොල
Ø  බත් සමග  කඩල පරිප්පු ,සහ පලාකොළ
අගහරුවාදා
Ø  බත් සමග බිත්තර ,කැරට් ,සහ පලා කොළØ  බත් සමග පරිප්පු සහ බෝංචිØ  බත් සමග  වට්ටක්කා සහ ලීක්ස්
බදාදා
Ø  බත් සමග කව්පි ,බටර් සහ පළාකොලØ  බත් සමග හාල්මැස්සෝ සහ ලීක්ස්Ø  බත් සමග අළුත්මාළු  සහ පලා කොළ 
බ්‍රහස්පතින්දා
Ø  බත් සමග කඩල සහ පළා  කොලØ  බත් සමග  හාල්මැස්සෝ සහ බෝංචිØ  බත් සමග  කඩල පරිප්පු සහ බටර්
සිකුරාදා
Ø  බත් සමග අළුත් මාළු,පරිප්පු සහ පළාකොලØ  බත් සමග පොල්කිරි  කුඩා ප්‍රමාණයක් මිශ්‍රකර පිසින ලද කැරට්,Ø  බත් සමග කව්පි, වට්ටක්කා සහ ලීක්ස්
සෙනසුරාදා
Ø  බත් සමග බිත්තර සහ කැරට්,Ø  බත් සමග හාල්මැස්සෝ වට්ටක්කා සහ ලීක්ස්Ø  බත් සමග බෝංචි සහ පරිප්පු
සෑම දිනකම ප්‍රධාණ කෑම වේල් අතරට
Ø  බටර්  සහ චීස් අවස්ථානෝචිතව ලබාදීමØ  දිනකට දෙවරක් පලතුරු යුෂ ලබාදීම ( ගස්ලබු ,අලිගැට පේර, කෙසෙල්, දෙළුම් වැනි)

notes of imagin