මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹිම පිලිබදව විරෝධතාවයක් ඇතිවී මේ වන විට ඒ පිලිබද සමාජ කතිකාවක් ආරම්භ වී ඇත.
වෛද්‍යවරුන් සුලභ වීම ජනතාවගේ පැත්තෙන් සුබවාදී ප්‍රතිපලයකි. ගිණි ගනන් දී චැනල් සේවයේ අලවි වන රෝගීන්ට වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩීවීමෙන් එම ගසා කෑමේ ප්‍රවනතාවයට තරග වෙළද පළක් නිර්මාණය වන්නේ නම් වෛද්‍ය විද්‍යාල එකක් නොව දහයක් ඇති වීමද පලදායි නිමිත්තක් වනු ඇත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ටියුෂන් කඩ මෙන් ප්‍රමිතියක් නැති අවලන් කඩ වන්නේ නම් අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරුන් ප්‍රමානයද සමානුපාතිකව වැඩි විය යුතුය. එසේ නොවුන හොත් ජනතාවට සිදුවන්නේ මිණි පෙට්ටි ගිණිගණන් ගොස් පෙට්ටියද නොමැතිව මිහිදන් වන්නටය.
පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා වන අදහස මුලින්ම ඇති වුයේ 1977 බලයට පත් වූ ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව යටතේය අවසානයේදී එජාප ආණ්‌ඩුවට තමන්ගේ එකඟතාවයෙන් පිහිටු වූ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්කරන්නට සිදුවිය. මේ රජය යටතේ යටපත්ව තිබු පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය යළිත් හිස ඔසවන්නේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඉදිකිරිම පිලිබද කතා බහත් සමගය.

උසස් පෙල සමත් මුදල් වියදම් කිරීමට හැකි දෙමව්පියෝ තම දරුවන් විදේශ රට වලට යවා අධ්‍යාපනය ලබා දීම නිසා විශාල විනිමය ප්‍රමාණයක් අහිමි වන බැවින් එයට පිළියමක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම වැදගත් බව රජයේ මතය වී ඇත.ඇත්තෙන්ම උසස් අධ්‍යාපනය සදහා යොමු වීමට සුදුසු කම් ලැබුවත් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට වරම් නොලබන කොටසට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් යම් සහනයක් ඇති වන බව අප පිලිගතයුතුය. එහෙත් එම අධ්‍යාපන ආයාතන නිසි ප්‍රමිතියකින් යුතුවීය යුතුය.
රජයේ වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එරෙහි වන්නේ සත්භාවයකින් යයි සිතිය නොහැක. සෑම රජයේ වෛද්‍යවරයාම පෞද්ගලික ප්‍රතිකාර කරන ව්‍යාපාරිකයෝය. ඔවුන්ගේ වෙළද පොලට අළුතින් වෛද්‍ය කඩ විවෘත වීමෙන් ඇතිවන වෙළද තරගයෙන් සිදුවන ආර්ථික හාණිය අවම කර ගැණිමට වෛද්‍ය කඩ ප්‍රමාණය අවම කර ගත යුතුය. ඊට පිලියමක් ලෙස වෛද්‍ය වෘත්තිකයන් ප්‍රමාණය සීමා කර ගැණිමට දැනට ඇති වෛද්‍ය විද්‍යාල පවා වසා දමන්නේ නම් ඔවුන් කැමති වනු ඇත.අධ්‍යාපනය ලැබීමේ අයිතිය සැමගේම අයිතිවාසිකමක් බැවින් රජයෙන් නොහැකිනම් පෞද්ගලිකව හෝ අධ්‍යාපනය ලැබීමට පුරවැසියනට අයිතියක් ඇති බව අප අමතක කල යුතු නැත. මෙම අයිතියට අධ්‍යාපනය ලබා ඉහලට ගිය අය අකුල් හෙලීම සුදුසු නැත.




















