ලංකාවේ සහල් මිල පාලනය කරන ගොවියාත්, පාරිභෝගිකයාත් සූරා ගෙන කන සමාගමක ගරු කටයුතු සාමාජිකයෙක් කලබල වී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් රුපියල් 10,000/=ක් දෙන්නේ කොහොම දැයි ප්‍රශ්න කරයි.
ආර්ථික විශ්ලේෂකයෝ කලබල වී මාධ්යන්ට පුකාශ නිකුත් කරමින් රුපියල් 10,000 X 120,0000 = 1200000,0000 ක් අවුරුද්දකට ගෙවන්නේ කෙසේ දැයි විමසති. මේක අවුරුද්දක් නොවේ රාජ්‍ය සේවයේ යලිත් වැටුප් යාවත්කාලීන කරන තුරු ගෙවිය යුතු වේ. ඉන් පසු වද නො නවත්වා වැටුප් වැඩිවේ.
මහින්ද ට ජවිපෙ පැත්තෙන් නිතර කරන වර්ජන තර්ජනත් පහ වී අනාගතයේ දී වර්ජන තර්ජන සදහා පහලවිය හැකියැයි අප බියට පත් කරවන ප්‍රකාශ මගින් පෙන්වා දෙන හමුදා මැදිහත් වීම් ආදී යත් ඇති නොවන පුවේශයකට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් හොද උත්තරයක් දී තිබේ .
වැඩි වැටුප් ලාබෙන විට මොන වර්ජන තර්ජන ද ?. දැනට අවම වැටුප රුපියල් 14,000/= පමන වන සේවකයෝ එක්වර රුපියල් 24,000/= ක වැටුපකට හිමිකම් ලැබෙන විට එය නම් කෙතරම් අසිරියක් ද ?.
වැඩේ සිම්පල් බව නම් මීදුම දනී.
ඇති තැන් හඳුනා ගෙන නැති තැනට යොමු කල විට වැඩේ කෙරේ. එය කල හැක්කේද ජවිපෙටත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත් පමනි.
120,0000ක්වු රජයේ සේවකයන් සහ පවුල් වල සාමාජිකයෝත් ජනාධිපතිවරණයේ දී තීරණයක් ගැණීමට ලබා දී ඇති මෙම අත්වැල නම් අවධාරණයට ලක් කල යුතු වේ.
කපුටා සහ කේජු කෑල්ලේ කතාව සිහිපත් වී මෙන් මහින්දට ඡන්දය දෙන්න හිත හදා ගත්තොත් වැඩි වෙන රුපියල් 10000/=ට ‘සොරිම තමයි”