ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
3 comments:
ඉතාමත් අගනා විශ්ලේෂණයකි. දේශපාලනය හා බලලෝභිත්වය බොහෝ විට, මිනිසා දීනත්වයට ගෙන ගොස් සේ ය. අනෙක් අතට සංඝඥාවන් ද කරනුයේ දේශපාලන ඕනෑ එපාකම් මත මිස, වෙන කවර පරමාර්ථ පෙරදැඩි කොට ද? ඒ හෙයින් මෙහෙව් ක්‍රියාවන් මගින් ස්වකීය මිනිපෙට්ටියට අවසාන ඇණයත් ගසා ගනියි. අපගේ අවාසනාව නම්, වත්මන් සඝ පරපුට මෙය නො තේරීම යි.
සංඝාඥාවක් පැනවිය යුත්තේ සංඝයා වහන්සේ විසිනුයි. එහෙත් හිස මුඩු කරගත් පමණින් හෝ සිවුරක් පැළැඳි පමණින් ශ්‍රමණයෙක් නොවන බව බුදුන් වහන්සේද වදාරා ඇත. ඉතින් සැබෑ ශ්රමණයන් නොවන පැවැත්ම වෙනුවෙන් සිවුරු පොරවාගත් බුදුන්ගේ ධර්මය කිසිදාක නොදකින නොහැගෙන අමන රැලක් තව කිසිවෙක් වෙනුවෙන් කඩේ යාම සංඝාඥාවක් ලෙස සලකන මිනිසුන් සිටීනම් ඒ ඊටත් වඩා අමන කොටසකි.
සිවුර දාගත් පමනින් පැවිද්ෙදක් ෙනාවන් බව මමත් අනුමත් කරමි. අදපන්සල් වල අැති වාහන නවීන විදුලි උපකරණ පරිගනක අාදිය දුටු විට මට හිෙතන්ෙන් නිවන් යන්න ෙම්වායින් ලැෙබන පිටුවහල කමක්ද යන්නයි. ඒලිපිට කතාකලෙෙහාත් අප අෙබෘද්ධයන් ෙලස හංවඩු ගසන බැවින් අපි අපි වත් ෙම්වා ගැන ෙමෙෙහම කතාකරමු .
...............සියලුෙද් අාරම්භය කුඩාය...........................
Post a Comment