ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2009-11-08

අංතට්ටුව




මේ දවස්වල මාධ්‍ය ඇස් පුරවන්නෙත් කන පුරවන්නෙත් අං තට්ටුව කාටද දෙන්නේ කියලා.
මහින්ද මහත්තයාට ව්‍යස්ථාවෙන් හිමි අවුරුදු හයක් තියෙනවා ජනාධිපති ධුරයේ වගකීම් ඉටුකරන්න. ගතවුනේ අවුරුදු හතරක් විතරයි නොවැම්බර් 18 වෙනිදා වෙන කොට.ජනාධිපතිවරණ ප්‍රතිඵල එතුමාගේ උපන් දිනේට ජනතාව දුන්න තෑග්ග කියලයි ඒ දවස්වල කිව්වේ. තෑග්ග තව අවුරුදු දෙකක් තියාගෙන ඉදලා එලියට ගන්න එක තමයි හොද කියලයි මීදුම හිතන්නේ.

අවුරුදු හතරකට පස්සේ යලිත් ජනාධිපතිවරණයකට මුහුණ දෙන පූර්වාදර්සයක් අතීත ජනාධිපතිවු පුද්ගලයින් විසින් ඇතිකරලා තියෙනවා. තමන්ට කැමති නම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කලොත් දිවුරුම් දීම නියමිත නිලකාලය අවසන් වුනාම කරන්න පුළුවන්. පරාජයවුනොත් ප්‍රතිපලත් සමග තනතුර අත්හැර යන්න වෙනවා.

අප්රේල් මාසය වන විට නිලකාලය අවසන් වන පාර්ලිමේන්තුවකුයි අපට තියෙන්නේ . නෛතික වසයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක මුව දොර තමයි අපි ඉන්නේ. දැනට මාස කිහිපයකට ඉස්සර ජනාධිපතිවරණක් පිළිබද කතා බහ වේදිකාවට ආවා.මිදුම හිතන්නේ යුධ ජයග්‍රහණත් සමග මහින්ද මහත්තයා පපඩම් ජනප්‍රි යතාවයකින් පිම්බුන හින්දා වට පිටාවේ ඉන්න කේවට්ටයෝ තමන්ගේ නොහැකියාව වහ ගන්න මේ සින්දුව ගායනා කරන්න පටන් ගන්න ඇති මුලදී.

රනිල් මහත්තයා කලබල වුන බවක් ඒ දිනවල මාධ්‍ය වාර්තා සිහිපත් කරවනවා.මලික් සමරවික්‍රම නොනිල මට්ටමෙන් ජනාධිපතිවරණ ඉක්මනින් පවත්වන්න එපා කියලා මහින්ද මහත්තයාගෙන් ඉල්ලීමක් කලා කියලත් වාර්තා වුනා.කොහොමත් රනිල් මහත්තයා නම් මේ දඩිබිඩි වැඩේට කැමති වන්නේ නෑ එතුමා ඉන්න සෲණ- 30% මායිමෙන් එතුමාට කොහොමවත් ගොඩ එන්න බැහැ.පොදු අපේක්ෂතකයෙකු බිල්ලට දීමේ කතා වස්තුවක් නිර්මාණය වන්නේ මේ අතරතුරේදී. දැන් ඒකත් යථාර්තයක ස්වරූපයට පත්වෙමින් තියෙනවා.

මේ ව්‍යවස්ථාවේ අඩුපාඩු තියෙනවා.ඒක හින්දා අධික පිරිවැයක් දරමින් ආණ්ඩුවක් පවත්වා ගෙන යාම සදහා නොයෙක් මාදිලියේ වරදාන දෙමින් පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට රාජ්‍ය නායකයින්ට සිදුවෙලා තියෙනවා.මහින්ද මහත්තයා යුද්දෙ පවත්වා ගෙන ගියේ පාර්ලිමේන්තු දේස හිතෛසීන්ට බඩ පිරෙන්න අල්ලස් දීලා. අයවැයක් වෙලාවේ රිමෝට් කොන්ට්‍රෝලරයේ හයිය පෙන්නපු ඇත්තෝ යටවෙලා හිටපු බලවේග ගැන අපිට නැවත සිහිපත් කරන්න පුළුවන්නම් ඒ ගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා අපිට හිතා ගන්නත් පුළුවන්.එදා අයවැය පරාජය වෙලා පාර්ලිමේන්තුව බිද වැටුනා නම් අපිට මේ නිදහස තියෙන එකක් නැහැ.

යුද්ධය මහින්ද මහත්තයාගේ ව්‍යාපෘතියක් වුනාට බටහිර බලවේග හසුරුවන ලද කන්ඩායම් අනුගමනය කලේ කොටි හිතවාදී ව්‍යාපෘතියක්. චන්ද්රිකා සමයේත්,රනිල්ගේ අගමැති ආණ්ඩු සමයේත් කොටි යනු පරාජය කල නොහැකි බලවේගයක් ලෙසටයි අපිට හදුන්වා දිලා තිබුනේ.ඩී.බී. විජේතුංග සමයේ එතුමාගේ ස්ථාවරය නම් මහින්ද ස්ථාවරයට සමපාත වෙලා තිබුනා.මීදුම හිතන්නේ කොටි අවුල නියම විදියට කළමනාකරණය කලේ මහින්ද මහත්තයා කියලා. බටහිර බලවේග වලට ඇහුන් කන් නොදෙමින් අසල් වැසි ඉන්දියාවෙන් උපරීම සහයෝගය ලබාගනිමින් ගිය ගමන බොහෝ ජත්‍යාන්තර සම්බන්ධ තා තිබුන අපේ රටේ නායක කාරක ආදීන්ට වඩා ඉහල මට්ටමක් "ගොඩේ මහින්දට" තිබුනා.
බලය බෙදා හැරීමේ සුදු අලියා පලාත් සබාව. මේ ක්‍රමය නැගණහිර පලාතේ ජනතාවට අත්හදා බැලීමේ අවස්ථාව උදාවුනා. උතුරටත් මේ තත්වය ඇතිවුනාම යම් තරමකින් ද්‍රවිඩ ජනතාවගේ සිත් සතන් තුලනය වෙයි කියලා මීදුමට හිතෙනවා. මේවායේ පාලනයට එන ජනතා නියෝජිතයෝ නේ සියල්ලම අවුල් වියවුල් කරමින් රට විනාසයට පත් කරන්නේ.එයාලට සුපිරි රැකියාවක් ලැබුනම තෘප්තිමත්ව සියල්ල සන්සුන් වෙනවා.ද්‍රවිඩ ජනතාවට ගැටළු තියෙනවා කියන සද්දේ නැති වෙනවා.

මහින්ද පුටුවට තල්ලු කලේ කව්ද කියන එකට නම් අයිතිකාරයෝ බොහොමයි. අයිතිවාසිකම් කියන එක්කෙනෙකුටවත් ඒ වැඩේ කරන්න බැහැ. ඒක කලේ අපි වගේ අය. අපි තමයි නියම උරුමක්කාරයෝ.අපි වේදිකාවවල ගයන බයිලා මායිම් කරන අය නෙමෙයි. 1956 දී දන ගෑවට නිදහස් අධ්යායපනයේ පිහිටෙන් දැන් අපි හොදට ඇවිදින්න පුළුවන් අය. කිරලා මැනලා වැඩ කාරයා- කවුද බොරු කාරයා -කවුද හොරා- කවුද මිණිමරුවා කවුද කියලා තක්සේරු කරලා 'වැඩ කාරයාට' කතිරේ ගහන්න අපිට කාගෙවත් උපදෙස් වැඩක් නැහැ.ඒ තරමට ජනතාව වන අපේ බුද්ධි මට්ටම දියුණුයි.

මහින්ද මහත්තයාත් සාක්කුවෙන් වියදම් කරනවා වගේ චන්ද වලට අපේ සල්ලි දියකරන්නේ නැතිව , අපිට නිවී හැනහිල්ලේ කාලා බීලා ඉන්න පරිසරයක් හදලා අවුරුදු දෙකක් ඉදලා තව වැඩ ටිකක් පෙන්නලා ජනාධිපතිවරණයකට ගියොත් තමයි හරි..
පාර්ලිමේන්තුවේ ඉන්න බඩගෝස්තරවාදීන්ට අපි ගාවට එන්න ඉඩ සලස්සලා., නිසි කලට පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් අපිටපුළුවන් තෝරලා බේරලා එවන්න. තවත් ඒ වගේ කට්ටියක්.ඇයි අපට නාමයෝජනා තෝරන්න පක්ෂවල ඉඩක් නැහැනේ.ප්‍රජාතන්ත්‍රවාදය කියලා අර්ථ නිරුපනය කරන්නේ ඒ ගොල්ලන්ට කැමති අය අපි තෝරන එකටනේ.

2009-11-07

බෙලිහුල්ඹය - හාගල කන්ද






හාගල කන්ද ලෙසින් හැදින්වෙන මෙම කන්ද බෙලිහුල්ඹය නගරයට දිස්වෙන අයුරුයි මේ.
බෙලිහුල්ඹය ඒ 4 කොළඹ බදුල්ල මහා මාර්ගයේ 159 කි.මී පිහිටි සංචාරකයින් ප්‍රියකරන නවාතැනක් ලෙස ප්‍රසිද්ධය.
හාගල කන්ද ජුලි සැප්තැම්බර් මාසවල වියලි කාලගුණයක්ඇති කාලයේ දිස්වන අයුරු සහ ඉන්පසු එලබෙන වැසි සහිත කාලගුණයක් ඇති මාස වල දකින්නට ඇති අයුරුයි.

2009-11-06

සැදැ අදුර තුල හිරු මියයනවා




සැදැ අදුර තුල හිරු මියයනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා

හඩා වැටෙන තරු -කදුලැලි වැස්සේ
මට හමුවෙනවා - ඔබ මට හමුවෙනවා
මට හමුවෙනවා - ඔබ මට හමුවෙනවා
සොයමින් එනවා - ඔබ සොයමින් එනවා
අඩ සදබැස යන -අළුයම් යාමේ
ලොව වැලපෙනවා - මුළු ලොව වැලපෙනවා
ලොව වැලපෙනවා - මුළු ලොව වැලපෙනවා

විලිලන අදුරින -හිරු බිහි වෙනවා
වෙන්වී යනවා - මම වෙන්වී යනවා
ලොව වැලපෙනවා - මුළු ලොව වැලපෙනවා
වෙන්වී යනවා - මම වෙන්වී යනවා

ආචාර්ය අමරදේවයන්






2009-11-03

ගුණදාස කපුගේ වෙනුවෙන්




“සබද අපි කදු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගගකට වැටෙන
වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
නපුරු සිහිනය නොවෙමු
ලමුන් නිදි සුව බිදින
සොදුරු අඩහැරය වෙමු
දනන් නින්දෙන් මුදන.”
කම්පන - ගුණදාස කපුගේ.

“කපුගේ නිදහස් සමාජවාදියෙකු හා වාමාංශික මතධාරී කලාකරුවෙකු විය.කලාව ජනතාව සදහාම විය යුතුය යන්න ඹහු උපරීම ලෙස ඇදහු අයෙකි.
මේ නිසාම ඔහු තැලෙන පෑගෙන ජනතාවගේ හඩ හා වේදනාව තම නිර්මාන වලට හසු කර ගත්තාය.ඒ අතින් මෑත යුගයේ ඉදිරියෙන්ම සිටින ගායකයා කපුගේ යැයි සදහන් කිරීම අභියෝගයක් නොවේ.නිසගයෙන්ම ඔහු තුල පැවති වාමාංශික දේශපාලන ස්ථාවරය නිසා විවිධ අවධිවල සටන් පාඨ වලට ගැලපෙන පරිදි ඔහු වමේ දේශපාලන වේදිකාව තෝරා ගත්තේය.

ඔහු මොන වේදිකාවේ සිටියත් ජනවාර්ගික සමගිය හා සාමය වෙනුවෙන් සෘජු ලෙසින් පෙනී සිටි කලාකරුවෙක් විය.ඔහු යුද්ධයට විරුද්ධ පැත්තේ සිටි අයෙක් විය. උතුරේ අර්බූදය දේශපාලන විසදුමක් හරහා විසදිය යුතු ස්ථාවරයක පසුවිය”.

-දෙසතිය 2003 අප්රේල්30

2009-10-22

හඩ්සන් සමරසිංහ සමග විග්‍රහයක් .



උදෑසන විද්‍යුත් නාලිකාවල පුවත් පත් සමග ගෙවන කාලය අසන්නන්ට සහ බලන්නන්ට ප්‍රයෝජනවත් යමක් ඉතිරි කර දෙයි. ස්වර්ණවාහිණිය ඇරඹු මෙම මාවත දිගේ සියළුම විදයුත් නාලිකා අනුකරනය කරමින් තරගයක යෙදී ගමනේ යෙදී සිටී. ස්වර්ණවාහිණියත් , දෙරණත් මෙම වැඩ සටහන ඉතාමත් වැදගත් ලෙස ඉදිරිපත් කරන අන්දම ප්‍රශංසණියයි.

ජාතික රූපවාහිණියත් , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් මේ කාරියේදී හැසිරෙන අන්දම ............... අපිට අසන්න සිදුව ඇත්තේ හඩ්සන් සමරසිංහ මහතාගෙන්ම පමනි.

ස්වාධීණ රුපවාහිණියේ මහින්ද අබේසුන්දරගේ විපරම අමුම අමු ආණ්ඩුවේ හඩකි.ඒත් එය අසන්න හැකි ලෙස පිටපත ලියවෙයි. තේමාවෙන් කියවෙනවාසේ අන්තර්ගතය යමක් හිතන්න ඉතිරි කරයි.

හඩ්සන් සමරසිංහ මහතා කලක් ඇසුරු කල පෙම්වතිය බුට් එක දුන් ප්‍රේමවන්තයක බදුවේ. වියෝදුක ඉවසා ගත නොහැකිව කම්පනයෙන් ආතතියට පත්වු පෙම්වතා හමුවන හමුවන හැම දෙනාටම තම දුක්ගැනවිල්ල ප්‍රකාශයට පත් කරන්නේ පෙම්වතියගේ අහයපත් ගති ලක්ෂාණ පමණක් මතු කරමින් ද්වේෂ සහගතව අවලාද කීමේ ස්වරූපයෙනි. හඩ්සන් සමරසිංහ මහතාගේ පුවත් පත විග්‍රහයද ඉදිරිපත් කරන්නේ එවැනිවු ද්වේෂ සහගත ලීලාවෙනි.

රනිල් මෙන්ම මහින්ද ද කාලීනව විග්‍රහ කරයුතු චරිත බවට පත්ව තිබේ. නමුත් විවේචන විග්‍රහ සිදුවිය යුත්තේ වැදගත් ස්වරූපයෙනි. නානාප්‍රකාර නම් පට බදිමින් මඩ ස්වරූපයෙන් රනිල්ට පමනක් දමා ගසනාවා නම් අසා සිටින බලා සිටින අපට පිළිකුලක් ඇති වන්නේ මඩ පහර එල්ල කරන තැනැත්තාට මිස මඩ පහර කන පුද්ගලයා කෙරෙහි නොවේ.හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයද දරයි. අගමැති, ඇමති ,මන්ත්‍රී,අමාත්‍යාංශ ලේකම් ආදී නම් කියවි එන විට රාජ්‍ය අංශයේ ආයාතනයක සභාපති තනතුරත් ඒ කිට්ටුවෙන් කියවේ. එහෙම තනතුරක් දරන උත්තමයෙකු කොයිතරම් විනීත හා සංවර විය යුතුදැයි සිතුවත් අපේ රටේ එසේ විය යුතු නැතැයි හඩ්සන් සමරසිංහ මහතා සිතනවා විය හැකියි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ දේශපාලනය තුල අවුරුදු හතලියක් පමන කාලයක් රටට යම් සේවාවක් සහ රටට අහිතකර තීරන සදහා දායකවු මහත්මයෙකි.ඔහු හදුනාගත් මොඩලය අපිට දිරවන්න බැරිවු නිසා 30% මායිම දක්වා ජනප්‍රියතාවය බස්සවා ගත් ඔහු වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් නොවෙයි. හඩ්සන් සමරසිංහ මහතාට මහින්ද රාජපක්‍ෂ මහතාට කඩේ යාමට කල යුතුව ඇත්තේ රනිල් වික්‍රමසිංහමහතාගේ රටට අහිතකර කෙරුවාවල් ටික වැදගත් ස්වරූපයෙන් රටට දියකර හැරීමයි. එවිට අනුපානත් සමග බොන හුදී ජනයා 30% මට්ටමෙනුත් පහලට එතුමා රැගෙනයාමට අවධාණය තවත් දුරට යොමු කිරීමට අනිවාර්යෙන්ම පෙලෙබෙනු ඇති.

අද ශ්‍රී ලංකාවේ ජනගහණය අධ්‍යාපන සාක්‍ෂරතාවය ඉතාමත් ඉහල අගයක පවත්වා ගෙන සිටින රටකි.අඩුම තරමින් වයස අවුරුදු 40 පමන දක්වාවු ජනගහනය අපොසප සාපෙල දක්වාවත් පාසල් ගිය අයවෙති. මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍ය බොහෝ ප්‍රචලිත මෙසමයෙහි ගෝචරදේ තෝරා බේරා ගතහැකි ස්වයං බුද්ධියක් අඩු අධ්‍යාපනයක් ලැබු අය තුලද වර්ධණය වී තිබේ. මෙහි ප්‍රතිපල ලෙස මින් දශක තුන හතරකට පෙර මෙන් ආරවුල් ඇතිකරගෙන පොලිසිවලට අධිකරණයට යොමුවන පිරිස් වැඩිවන ජනගහනයට සාපේක්ෂව අවම බවට පත්වී තිබේ.චන්ද පොලට යන්නේද දැනුවත් භාවයකින් මිස වේදිකාවේ ඇද බාන බොරු බේගල් වලට රැවටී බොරුව බොරුව ලෙස තේරුම් ගෙන ඇත්තට මනාප දැකිවීම සදහායි . මින් අදහස් වන්නේ ලාංකීක ජනගහණය යම් දියුණු මානසික ඉසව්වක සිට ප්‍රශ්න හා ගැටළු දෙස බලන බවයි.

හඩ්සන් සමරසිංහ මහතාගේ පුවත්පත් විග්‍රහයේ තේමාව මේ ගති ලක්ෂණ අභිබවා අසන්නෝ සමග උඩු ගංබලා පීණිමට තැත් කිරීමකි. අසන්නන්ට සහ බලන්නන්ට වැඩ සටහන නීරස කිරීමකි. මේ කාර්යෙන් මහින්ද රාජපක්ෂ මහතාට අවැඩක් මිස සේවයක් නොවේ.ඔහු සිදු කරන්නේ දැළි පිහිය අත ඇති වදුරා රැවුල බෑම වෙනුවට රජුගේ බෙල්ල කපා දමනවාසේ .. හාණියකි.

2009-10-13

රුසියාවෙත් ඔහොම තමයි.





දකුනේ පලාත් සභා මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වී ඇත. තරග කල ප්‍රධාණ පක්ෂ පිලිබද මනා විග්‍රහයක් ජනතාව විසින් කර ඇත. මැතිවරණයෙන් පසු බක පන්ඩිතයෝ තමන්ගේ ඇස් කන්නාඩි දාගෙන රෙදි ගලවා ති‍යා කරන විග්‍රහ වලින් වැඩක් නැත. රනිල්ට නායකත්වයෙන් යන්නත් මහින්දට දේශප්‍රේමය විතරක් අලවි කර ඔටුන්න රැකගත නොහැකි බවත් දකුනේ ජනතාව පැහැදිලිව කියා ඇත.ජවිපෙය නම් දකුනේ තම ඡන්ද පදනම විමල් වීරවංශගෙන් ආරක්ෂාකර ගෙන ඇත.

මහින්ද මහත්තයාගේ දේශපාලන ව්‍යාපෘතිය තුල ශ්‍රීලනිපයේ පරණ කකුල් වලට වැඩක් නැතිවී අළුත් කකුල් චේදිකාවේ මොර දෙන ප්‍රවනතාවයක් මෑත කාලයේ පෙනෙන්නට පටන් ගැනිනි. හතර වටේ ඉන්නා කහපාට කොළපාට සිග්නල් කනු ( කොන්ක්‍රිට් ,ලී වැනි දේවලින් නිර්මිත බැවින් ඒවා කනු මිසක ශ්‍රිලනිපය තුල සජීවී වස්තු නොවන බව තව තව කල් යන කොට තේරෙනු ඇත.) එකතු කර පාර්ලිමේන්තුව ගැට ගසා ගත්තේය. එහෙත් මෙම පෞද්ගලික හා කෘතිම පදනම පාර්ලිමේන්තු මැතිවරණයකට නම් ශ්‍රීලනිපයට කොහෙත්ම ගැලපෙන්නේ නැත. මේ පාට පාට සරුංගල් ටික මුදා හැර ඡන්දේ ඉල්ලන්න ගියොත් සරුංගල් වලින් දෙකක් තුනක් හැර ඉතිරි ඒවා එකතු කරගන්න මහින්ද මහත්තයාට හැකි නොවනු ඇත.

අපි විද්‍යුත් මාධ්‍ය වල කොමඩි වැඩ සටහන් බොළද වැඩ සටහන් දෙස බලා ඉන්නේ කාලය ගෙවා ගන්නට මිස ඒවායේ අරුත් බර යමක් ඇතියැයි සිතාගෙන නොවේ. ඒ වාගේ අයියාට කඩේ යන්න ඕනෑ වුන විට මල්ලී කඩේ ගොස් කරපු දෙයක ප්‍රතිපල දකුනේ දුටුවේ නැත. ගීනස් පොතට යන්න පැයගානක් අයියා වෙනුවෙන් බෙරිහන් දුන්නාට ජනතාව ඒවාට ඇහුන් කන් දෙන්නේ නැත. මල්ලී වේදිකාවට විත් කරන්නේ ජනතාවට කොමඩි සපයනවා මිසක ඉන්නවයි කියන සාමාජික සමාජිකාවන්ගෙන් පෙරමුනේ ඡන්ද පෙට්ටිය පුරවන එකනම් නොවන බව මහින්ද මහත්තයා දකුනෙන්ම පැහැදිලි කර ගත යුතුය. මල්ලීට පුළුවන් කතාව පමනය . කතා කාරයාට වැඩ බැරිය.

බස්නාහිරදී දිනේෂ් ගුණවර්ධන මීට වඩා මෙහෙයක් පෙරමුනේ ඡන්ද පෙට්ටිය පුරවන්න කරන බව අපට පැහැදිලිය. දකුනේදී කොමිනියුස්ට් පක්ෂය ඡන්දේට ගෙන ආ ගාල්ලේ පියසිරි වගේ අයගෙන් යාන්තම් නම්බුව බේරා ගත්තේ ඔවුන් සැබැවින්ම ශ්‍රීලනිපයේ ඡන්ද පදනමත් සමග බද්ධව කටයුතු කරන නිසාවෙනි. එවැනි දෙයක් කරන්න තවමත් රුසියාවේ ක්‍රමයෙන් බැරිය.

මැතිවරණ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට පොඩ්ඩක් ඔළුව දා බලන්නට මහින්ද මහත්තයාට කාලය ඇවිත් ඇති බව දකුනේ මැතිවරණය සන්නිවේදනය කර ඇත.එවිට සරුංගල් සමග පාවී ආ වේයෝ ශ්‍රීලනිපයේ පරන කකුල් බයිට් එකට ගෙන ඇති ආකාරය පැහැදිලි වනු ඇත.සමහරු ඡන්ද පොලට ගෙන්නා ගන්නත් බැරිතරමට දුර්වලබවට පත් කරලා ඇත .ඉතින් කොහොමද 80% ටාගට් ගන්නේ.හොද වෙලාවට රනිල් මහත්තයාට බැරි නිසා සියයට හැට ගනන්වල ඉන්න පුළුවන් වෙලා ඇත.නැත්නම් අභියෝගය තරමක් බරපතල තත්වයට පත්වීම අනිවාර්ය වන බව සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පැහැදිලි කිරීමක් කර ඇත.

2009-10-10

ශාස්ත්‍ර පීඨය කඩුව ගැණිම.


කොළඔ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය 2010 වසරේ සිට ඉංග්‍රිසි මාධ්‍ය උපාධි පාඨමාලා ඇරඹිම සිදුකරන බව පලවී තිබේ. හැම එකකටම විශේෂඥ විග්‍රහයක් කරන විමල් වීරවංශ සහෝදරයාට මේ පිලිබදවද මතයක් තිබේ.ඔහුගේ අදහස නම් මෙය දුෂ්කර පාසල්වල සිසුන් විශ්ව විද්‍යාලයට පිවිසිමට ඇති ඉඩකඩ ඇසිරීමකි.
“භායානක යටත් වීජිතවාදී කුමන්ත්‍රණයකි. රුසියාවේ එලෙස නොවේ” යන චින්තනයේ සිට මෙම විෂය දෙසද බැලීමකි. සමාජයේ විවිධ වෘත්තිකයන්ගෙන් විරෝධතාද දැන් දැන් කල එලි බසී.

මීදුම අදහස් කරන්නේ දුෂ්කරතා ඇතිවුනත් මෙය යහපත් ආරම්භයක් බවයි.අද ගම්බද පාසල් වල දරුවන්ට ඉංග්‍රීසි ඉගන ගැනීමේ උවමනාව තිබුනත් උගන්වන්න ගුරුවරුන් ගේ බරපතල හිගයක් තිබේ. උපාධිධාරීන් තිස් හතලිස් දහස් ගනනින් ගුරු ප්‍රවාහයට එකතුවූ වත් එම පිරිසෙන් මෙම රික්තය පුරවා ගැනීමට ඉන් දෙතුන් සියයකින් ගෙන්වත් හැකියාව ඇතිවීදැයි සැකයකි. ඉංග්‍රිසි විද්‍යා පීඨ හරහා ගුරු සේවයට එකතුවන පිරිස හැරෙන්නට ඉංග්‍රීසි විෂයයක් ලෙස ඉගැන්වීමට ගුරු ධාරාවට අළුතින් එකතු වන පිරිසක් ගැන මීදුම නම් නොදනී.

ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම ඉගැන්වීමට නොව අතිරේක භාෂා විෂයයක් ලෙස ඉගැන්වීමට පවා පාසල් වල ප්‍රමානවත් ගුරුවරුන් නැති බව සත්‍යයකි. එහෙත් ජාතික පාසල් අතරින් අඩක් පමන මෙම ගුරු අඩුව අභියෝගයක් ලෙස පවත්වාගෙනත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් චිෂයයන් ඉගැන්වීම ආරම්භ කර තිබීමද ප්‍රශංසනීය කටයුත්තකි. බොහෝ ශාස්ත්‍රවේදී උපාධිධාරීන් ගුරු ධාරාවට එකතුවන රටක දරුවන්ගේ ඉංග්‍රිසි අධ්‍යාපනය දියුණු කිරීමට ශාස්ත්‍රවේදී උපාධිධාරීන් ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරා තිබීම ඊලග පරපුරට නම් අත්වැලකි.

මේ අදහස පසක තබමු. අද දැනුම අන්තර් ජාලයෙන් අතලගටම පැමින තිබේ. ඒත් අතට ගැනීමට සිංහලෙන් කර ගත හැකි නොවේ. පෞද්ගලික ව්‍යාවාසකයන් බොහෝ විට සම්බන්ද වන්නේ ඉංග්‍රීසියත් සමගිනි. අද ඉංග්‍රීසිය ඇත්නම් රැකියා අවස්ථාද බොහෝ වෙති. උපාධියත් ඇතත් රැකියා නැතිව රජයට එරෙහිව බෝර්ඩ් ලෑලි එල්ලා ගෙන ලිප්ටන් වට රවුමේ කොටුව දුම්රිය පොලේ පාළු කපන විට කඩුව මුවහත් සාමාන්‍ය පෙල සමත් අය පවා රැකියා එකක් අතහැරෙන විට තව එකක් ක්‍ෂණිකවම සොයා ගත හැකි ඉල්ලුමක් ඇති කර ගෙන සිටි.

විමල් වීරවංශට තමන් ගේ දේශපාලනය කර ගැණිමට රටේ ප්‍රශ්න තිබිය යුතුය යන්න පදනමේ සිට නම් මේ වැඩේ නතර කිරීම හොද දෙයකි.

විශ්ව විද්‍යාල තුලද මාධ්‍යය වෙනස් කිරීම ගැටළු ඇතිකරන්නක් විය හැකියයි මීදුම උපකල්පනය කරයි. සිංහල භාෂාව රජ කරවු දා පටන් අධ්‍යෘයපනය සිංහලවී අවුරුදු පනහක් පමන ඉක්මවු යුගයක සිංහලෙන් ඉගන සිංහලෙන් උසස් අධ්‍යාපනය හැදෑරු යාම්තම් ඉංග්‍රීසිය හසුරුවන සම්පත්දායකයෝ ඕනැතරම් සිටිය හැකියයි සිතිය හැකිවේ. මේ ඇත්තන් සමග වහාම ඉංග්‍රීසියට යාමද විශ්ව විද්‍යාල අර්බූදයක් නිර්මානය කරගැනීමකි. එහෙත් අසනීප සදහා දෙන බෙහෙත් තිත්ත උවත් බීම සිදුකල යුතුමවේ. සිංහලෙන් උපාධිය හමාර කරන දෙවන වසරේ සිට අවසන් විභාගය දක්වා විශ්ව විද්‍යාලයේ රැදී සිටින සිසුන්ටත් මෙය ප්‍රියජනක දසුනක් නොවීම අනිවාර්යවේ.ඉතින් විශ්ව විද්‍යාලය තුලින්ම වැඩේ අබ්ලික් කිරීමේ අවස්ථා නම් මතුවිය හැකි බව මීදුම සිතයි.

මධ්‍ය මහා විද්‍යාලයකට ශිෂ්‍යත්‍ව විභාගයෙන් සමත්ව පස්වන වසරට ඇතුලත්වු මිදුම ඉංග්‍රීසියෙන් උගත් අවසන් කන්ඩායම බල බලා සිංහලෙන් උගත් අයෙකි.එකල සිංහලෙන් ඉගනගැනීම මහත් අභිමානයක් වුවද සමාජ ගත වීමත් සමග ඉංග්‍රීසියේ වැදගත් කම කොයිතරම්ද යන්න තේරුම් යනවිට අප යා යුතු කෝච්චිය ගොස් හමාර වී තිබිණි.

2009-10-06

දකුනේ ප්‍රතිපල.


මැතිවරණය අතලගය.
මැතිවරණත් සමග සිහියට එන මගේ මිතුරෙකු සිටි. මිතුරා හදුනා ගැනීමට අමරේ යයි කියමු මෙතැන් සිට වියමන් වන්නේ අමරේගේ මැතිවරණ කතාවයි.

අමරේ 1989 සිටම හොද ශ්‍රී ලංකා කාරයෙකි. ඊට පෙරනම් හොදම යූඑන්පී කාරයෙකි.අමරේ යුඑන්පියට යන විට වටා පිටාවේ අයත් යුඑන්පියට යා යුතුය.ඒ වාගේම අමරේට ශ්‍රීලනිපවු විට වටා පිටාවම ශ්‍රී ලංකා කාරයෝ විය යුතුය. නැත්නම් මැතිවරණ කාලයට පෙරත් ටික කාලයක් පසුව වත් අමරේගේ පැත්තේ නොවන හැම දෙනාම ඔහුගේ තරහ කාරයෝය. ඔහුගේ හොදම මිතුරන් පවා විකල්ප මත දරන්නෝ නම් මැතිවරන දවස්වලට ඔහුට පෙන්නන්නම බැරිය. කුමන්ත්‍රණ කරුවෝ කඩාකපල්කාරයෝ ඔත්තුකාරයෝ ආදීයෙන් සටහන් වී ඇති ලේබල් අලවා ඔවුන්ගෙන් පිටමං වීම අමරේගේ සිරිතය..

නාමයෝජනා දුන් දින පටන් අදාල මැතිවරණයට අයත් පැරණි ප්‍රතිපල ලේඛණ ඔහුගේ ලේඛනාගාරයෙන් ගොඩ ගන්නා අමරේ මහත් වෑයමකින් ප්‍රතිපල විශ්ලේෂණයක් කිරීම ආරම්භ කරයි. හත් දික්භාගයේ විසිරී ඇති ඔහුගේ නෑදෑ මිතුරන් සමග පුළුල් සංවාදයක්ද අරඔනු ලැබේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට තොරතුරු එක් රැස් කර ගෙන දිනෙන් දින මැතිවරන ප්‍රතිපල පිලිබදව අනාවැකි පල කිරීමත් දේශගුණය මෙන් වෙනස් වන මැතිවරන උනුසුම පිළිබද අදහස් පල කිරීමත් ඔහුගේ පුරුද්දකි . පොඩි වැරද්දකට ඇත්තේ සියළු අනාවැකි පල වන්නේ ඔහුගේ පෞද්ගලික මතවාදයනට පක්ෂපාති කෝනයෙන් වීමයි.
මනාපය මැතිවරණයට ඈදීමත් සමග ඔහුගේ මනාප අනෙක් අයගෙත් මනාප බවට පත්කරවීම තවත් නිර්නායකයක් ලෙස එකතු වී තිබේ.
වර්තමානයේ නම් මැතිවරන කාලයට ශ්‍රී ලංකා කාරයෙකු වී ඔහුගේ මනාපත් අනුගමනය නොකරන නෑදෑ හිතමිතුරන් වත් ඔහුට පෙන්නන්න බැරි වාතාවරණයක් ඇතිවේ.

මහින්ද රජ වීම සතුටක්වු ඔහුට මැතක සිට මහින්ද එලවා දමන තෙක් නින්ද නොයන අසනීපයක් ඇතිවී ඇති බව පලකරයි.ඒත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයයට නායකත්වය සදහා පත්කිරීමට විකල්පයක් නැති නිසා ඔහුගේ තදියම තවමත් බුරුලෙන් ක්‍රියාත්මකවේ.යුඑන්පියට නම් හත්ගව්වක් දුරකින්වත් විකල්පයක් නැති නිසා ඒ ගැන හිතන්නටවත් අමරේට උවමනාවක් ඇති නොවේ.ඒ නිසා තවවමත් අමරේ තල තලා ශ්‍රිලනිපය රැකගනී.

පසු ගිය දිනක අමරේ මිදුමට හමුවිනි. කොහොමද දකුනේ ඡන්දේ ? මිදුම ප්‍රශ්නයක් ඇතිකර උත්තර බදින තෙක් බලාසිටී. – “යුද්ධෙ යුද්ධෙ කිය කියා හිටියා . දැන් තාමත් ත්‍රස්වාදීන් ඉවර නෑ කියනවා දේශප්‍රේමෙ කියලා බලාගෙන ඉන්න පුළුවන්ද බඩගින්නේ දැන් බඩු මිළ අධිකයි. ආනයනික සීනි රුපියල් 105.00කි කන්තලේ පැල්වත්තේ සීනි නිෂ්පාදන වියදම රුපියල් 30.00කි.දයා ගමගේ (කන්තලේ පැල්වත්තේ නිෂ්පාදන සමාගම් අයිතිකරුය අමරේ එහි පැරණි සේවකයෙකි.) සීනි කිලෝවකින් රුපියල් 75.00 ලාභ ගනී. මුන් ඔක්කොම කරන්නේ එකයි පොඩි මිනිහා ගැන කිසිම අනුකම්පාවක් නෑ.” ආණ්ඩුවට තදබල ප්‍රහාරයක් ඇතිවේ. “ අමරේ රජයට නිෂ්පාදන බදුත් ගන්නවානේ ” මීදුමට අතුරු ප්‍රශ්නයකි. “මොන පිස්සුද ආනායනික සීනී වලින් විතරයිනේ බදු ගන්නේ”අමරේ කියයි. තර්කයට බැස්සෝත් මීදුම ට මිතුරා නැතිවේ “එහෙමද ?” කියා මීදුම පල්ලම් බසී.
අමරේ ගෙන් දකුනේ ප්‍රතිපල අනාවැකි නිකුත්වේ.ගාල්ල මාතෘකාවේ මුලට පිහිටයි. අනර්කාලි ,අක්මීමන හාදයා කැපී කෙටී ජයග්‍රාහි ලැයිස්තුවෙන් ඉවත්ව ගොසිනි. “මේ දෙන්නනේ නිකම්ම ජනප්‍රිය වුනේ. මම නම් හිතන්නේ වැඩිම මනාප ගන්නේ මුතුහෙට්ටිගමයි. අනර්කාලිත් ගාල්ලේ ලැයිස්තුවේ හතරට පහට එයි”. මීදුම අදහසක් දමයි . අමරේට තදවේ. “කොහෙද රස්තියාදු කාරයින්ට මානාප දෙන්නේ ? ” ඔහුගේ විග්‍රහයයි. - ගාල්ලෙන් එකයි, මාතරින් එකයි, හම්බන්තොටින් එකයි ජවිපෙයට ලැබෙන්නේ ඔහුගේ තවත් මතයකි. “හම්බන්තොටින් නම් දෙකක් ලැබෙයි ” ජවිපෙ අජිත් අතරමැද සිට සීරුවෙන් වචනය මුදා හරියි. ( ජවිපෙ අජිත් අමරේ සමග සෙට් වන කන්ඩායමේ මිත්‍රයෙකි.) අමරේ කියන්නේ ඉස්සර වගේ හම්බන්තොට ජවිපෙට සරු නොවන බවයි.
එජාපය දිස්ත්‍රික්ක තුනේම කරට කර සටනකි. හේතුව බඩු මිල , රාජපක්ෂීකරණය නිසා මහින්දගේ ජනප්‍රියතාවය දකුනේ දියවෙමින් පවතින නිසාවෙනි.දෙනියායේ මාලිගාව උදාහරණ වලට ගෙනේ . හම්බන්තොට වරාය ගුවන් තොටුපල දකුනේ කඩිනම් ව්‍යාපෘති අමරේ ගේ අවධානය නොලැබ දුක්වේ. අමරේ චන්ද්රිකාට බැන වදිමින් සිටි යුගය මිදුමට මතක් වේ. පුද්ගලික කරණ මුවාවෙන් කොමිස් ගසා පිටරට මාලිගා ගත් බවක් ඒ කාලයේ ඔහුගේ මතයවී තිබිණි.හොද වෙලාවට එතුමියගේ ධුර කාලය අවසන් වී මහින්ද ජයග්‍රහණය කල බැවින් අමරේ තවමත් ශ්‍රීලංකා කාරයෙකි.

කට කහනවට දකුණ ගැන අමරේට මිදුම අදහසක් දමයි “මොන පිස්සුද ? 30% ටත් වඩා අඩුවී එජාපය දකුනෙන් පල්ලම් බහි. ඇයි ගිය පාරත් දකුනෙන් 64%ක් 61% ක්ද කොහෙද පෙරමුන ගත්තානේ හම්බන්තොටින් විතරක් 70%ක් ?.’ අමරේ එකග නොවෙයි. වැඩි සංවාදයට ගියොත් වැඩේ අවුල්වේ අමරේ දැන් බාගයක් පදිංචි දරුවන් ගේ ගෙවල් වල බැවින් , “ කවද්ද ආයෙත් දූ දරුවන් බලන්න යන්නේ ?”අසමින් මිදුම ඔහුගේ ප්‍රියතම මාතෘකාවට හෙමින් සීරුවේ මාරුවීමෙන් කතාවට තිත වැ‍ටේ.

2009-10-04

GSP + Generalized System of preferences


අද ‍බොහෝ දෙනාගේ මතෘකාව බවට පත්ව ඇති GSP + බදු සහනය ගැන සටහනක් මීදුම වියමන් කරන්නට අදහස් කලේ එය අද කාලීන ප්‍රවෘත්තියක් වී ඇති බැවිනි. බොහෝ විද්වතුන් මේ සම්බන්ධයෙන් නොයෙක් මතවාද පලකරමින් සිටිති. දේශපාලන වේදිකාවේ ආණ්ඩුව විපක්ෂයටත් - විපක්ෂ ය ආණ්ඩුවටත් මල්ටි බැරල් ප්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නා මේ මාතෘකාව අපට නම් විහිළුවකි. රටකට ආදරේ ඇති පිරිසක්වේ නම් බලය අල්ලා ගැණිමේ ව්‍යාපෘති මැතිවරණ වලට පමනක් සීමා කර මැතිවරණයෙන් පසු රටට හිතකරව සේවය කිරීම සිදුකල යුතුවේ. අපේ රටේ ආණ්ඩුවත් විපක්ෂයත් හැසිරෙන්නේ ජම්ම වෛරක්කාරයෝ පිරිසක් ලෙසිනි.

මේ දෙපිරිසම නඩත්තු වන්නේ දියළුනු කැටයෙන් පවා අය කරගන්නා බදු මුදල් වලිනි.තීරු බදු රහිත දීමනා, මාදිවලින් නේවාසික පහසුකම් දුරකතන, ගමන්,සංග්‍රහ ආදී කී නොකී දීමනා ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයට පමනක්ම නොවේ. විපක්ෂයටත් ලැබේ.වෙනසක් ඇත්නම් සොච්චමක් විය හැකියි. අපේ රටේ මේ දෙපක්ෂයේ ආර්ථික පරතෙරය ඇති කිරීමට පමනක් නිර්මාණය කරගත් අළුත් මාවත ආණ්ඩු පක්ෂය සියල්ලම ඇමතිවරු බවට පත් කිරීමෙන් සිදුකරගෙන තිබේ. මෙම පුර්වාදර්ශයද 1977 දී ධාර්මිෂ්ඨර් විසින් මේ රටට ලබා දුන්නකි.

මිදුම පාරෙන් පිට පැන්නා යයි සිතුවා විය හැකියි. ඒත් අපට වී ඇති දේශපාලන වින්නැහිය සෑම කරුණටම පාදක වී ඇති බව අමතක කර ගත හැකි කරුණක් නොවේ. GSP + කතාව ඇරඹෙන්නේ සුනාමියත් සමගිනි. ආසියාතික රටවලට සුනාමියෙන් ඇතිවු විපතින් ආර්ථිකයද සුනාමියක් බවට පත්වු විට ඒ ඒ රටවල නිෂ්පාදිත භාණ්ඩ 7200 ක් යුරෝපා සංගමයේ රටවල්වලට මිළදී ගන්නා විට තීරු බදු සහ රේගු බදු අය නොකර ගැණිමෙන් සහනයක් ලබා දීමට තීරණය කෙරිණි. මෙම සහනය ඇගළුම් ඇතුළු අපේ කර්මාන්ත වලට යුරෝපා සංගමයේ වෙළද පල තුල යම් ස්ථාවරයක් ගොඩනංවා ගැණිමට හේතු වන්නට ඇත. එමෙන්ම මෙම සහනයෙන් ප්‍රයෝජන ගැණිමට විදේශිය ආයෝජකයෝද යම් යම් කර්මාන්ත ඇරඹීම නිසා අපේ රෑකියා නියුක්තියන්ගේ ප්‍රමාණයද ඉහල ගියාය. අප මෙම සහනය දැන් අවුරුදු හතරක් පමණ භුක්ති විද ඇත්තෙමු.
දැන් ඇතිවී ඇති අනතුරෙන් යුරෝපා වෙළදපලේ අපේ භාණ්ඩවල මිළ ඉහළයාම නිසා එම රටවල පාරිභෝගිකයෝ අප අත්හැර වෙනත් රටවල නිෂ්පාදන කෙරෙහි අවධාණය යොමුවුවහොත් අවසානයේ අපගේ රැකියා නියුක්තියෝ පාරට බසින්නට සිදුවන්නේය. මෙම අනතුර මුව විටට ආ බවක් පෙනෙන්ට ඇති බව දැක දෙගොල්ලෝම අසරන රැකියා නියුක්තියන් ගේ මළමිනී මතින් බලය ලබා ගැණිමේ සහ බලය රැක ගැණිමේ පාපකාරී සිතුවිල්ලක සිටිමින් සිටින බව විද්‍යාමාන කරන බවක් මිස පිලියම් හෝ සැලසුම් ගැන අවබෝධයක් ඇති බවක් නම් නොදක්වන බව මීදුමට සිතේ.

ආණ්ඩුව සහ අදහස් දක්වන විද්වත්තු GSP + සදාකාලිකව ලැබෙන සහනයක් නොව තාවකාලික බදු සහනයක් බව පවසයි. අපිද එය පිළිගත යුතුවමු. යම් රටක් හෝ රටවල් සමුහයක් සදාකාලිකවම තම රටේ බදු ආදායම පිනට දෙන්න කෙසේවත් කැමතිවන්නේ නැත.එසේ නොදෙනුද ඇත. සුනාමිය ගෙවී අවුරුදු පහකි. යුද්ධය ඊට අවුරුදු විස්සක් විසිපහක් තිස්සේ පැවත්වෙමින් තිබියදීද අපේ රටේ ඇගළුම් ඇතුළු වෙනත් නිෂ්පාදන අපනයනය වෙළද පලට යොමු කරමින් සිටියේය. සුනාමියෙන් ලැබුන GSP + සහනය අමතර සහයෝගයකි. ඒ සහනය තුලින් අපේ රටේ නිෂ්පාදන සදහා විදේශීය පාරිභෝගිකයන් තුළ නමක් ඇතිවුවාටද සැකයක්ද නැත. එය අමතරව ලැබු ප්‍රතිලාභයකි.

මිදුමට ඇති ප්‍රශ්නය මෙය නොවේ අපේ රටේ එක් එක් විෂය භාර ඇමතිවරු රොත්තක් සිටී. විදේශිය, විදේශිය වෙළදාම, වෙළද ප්‍රවර්ධණ , කර්මාන්ත, ආදී මෙම විෂය පථයන්ට ආදාල ඇමතිවරු අඩුම තරමේ විස්සක්වත් ගැන ගත හැකිවීම සිම්පල් කාරනාවකි.මෙම ඇමති රොත්ත බුරුත්තට ඇති කාර්ය මණ්ඩලය , උපදේශකයෝ කොයිතරම් ඇත්ද ?. මේ මිනිසුන් අවුරුදු පහක් තිස්සේ GSP + සදාකාලිකවම අපට ලැබෙන බව සිතාගෙන ජොලි කල බවක් පේනවා හැරෙන්නට විකල්ප විසදුම් ගැන සැලසුම් ඇතිකලේ නැත. ලෝකයේ ඇත්තේ යුරෝපා වෙළද පොලක් පමනක් නොවේ. වෙනත් වෙළද පලවල් පසුගිය අවුරුදු හතරේ සොයාගන්නට තබා හිතන්නටවත් මේ මිනිසුන් පෙළඹී ඇතිද?.අපේ රට නියෝජනය කරමින් විදේශීය රටවල නිත්‍ය නියෝජිතයින් ,කොමසාරිස්වරුන් , තානාපතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන් ඒ ඒ රටවල සිට නිදිවදින්නේද ?. ඔවුන් ගේ කාර්ය භාරයට විදේශීය වෙළදපල අපනයන සදහා අප රටට සකස් කර දීමට සැලසුම් ඇති කිරීමවත් ඇතුලත්වන්නේ නැද්ද ?.

නහය තෙක්ම ගිලෙන තෙක් සිට ‘අපිව එවරයි කියා මර ලතෝනි දෙන්නන්” සහ ‘උඹට මරු වැඩේ උනේ ඕකත් කාලා මැරියන්” කියන අයගේ බයිලා සංවාදය හැරෙන්නට දේශප්‍රේමය නම් මේ මිනිසුන් ගේ අහලකින්වත් ගෑවිලා නැත.

2009-09-28

ඌරු කොටුව සහ බූරුපිටිය.



පුවත් පත් සියල්ලම කියවන පාඨකයෝ නොමැති නිසාත් පලවන සියල්ල ඇස නොගැටෙන නිසාත් 27 දා දිවයින ඉරිදා සංග්‍රහයේ කරු පරනවිතානගේ සංහිතාව කොලමේ කොටස් කිහිපයක් එලෙසම පලකරමි.ඒ අතරට මීදුමද ඌණපූරණයක්ද කරයි. කාලීන අවශ්යනතාවයක්වු මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අද කතාවට පමනක් සීමාවු මාතෘකාවකි. මැතිවරණයක් මුව විට ඊලග මැතිවරණයෙදි වෙනස් කරඤ්ඤං කියන බාලගිරි දෝෂය ලග තබාගෙන මනාප ක්‍රමය ප්‍රධාන පක්ෂ සියල්ලම කැමැත්තෙන් වැළද ගෙන සිටිනු ලැබේ.මනාප ලබා ගැනිමට වියපැහැදම් කරන සල්ලි කන්දරාව පාර්ලිම්න්තු සහ පලාත් සභා ප්‍රදේශීය සභා ධුර කාලයකදී කිසිසේත් පියවාගන්න බැරි බව වටහා ගෙනත් වියදම් කරනුයේ වියදම පියවා ගත හැකි දූෂිත මාර්ග විවරව තිබෙනා බැවිනි.

පරනවිතානගේ ඌරු කොටුවට පිවිසෙමු . “ එක් ඌරෙක් තවත් ඌරෙකුට අල හාරා දෙන්නේ නැත.” යනුවෙන් ඉංග්රී සි කියමනක් තිබේ.මේ කියමන වර්තමාන මනාප පොර දේශපාලනයට කදිමට ගැලපේ. මනාප තරගයේදී කිසිවෙක් අනෙකාට උදව් කරන්නේ නැත. .....................මේ අර්ථයෙන් ගත් කල දේශපාලනය මුළුමනින්ම ඌරුපිටියක් බවට පත්ව ඇත.මනාප දේශපාලනයට බසින සියළු මිනිසුන්ට ඌරන් වීමට බල කෙරී ඇත.එසේ නැතහොත් බලය නැමති අලය හාරාගැණිමට හැකිවන්නේ නැත.මේ හෑරිල්ලට බැස්ස කල දරුණු දේශපාලන සූදුවක් කිරීමට සිදුවේ.එම සූදුවේදී ප්‍රතිපත්ති මනුෂ්‍යහත්වය අවංකත්වය,ගුණධර්ම, සාරධර්ම, සතය යන සියල්ලම විකිණීමට උකස් කිරීමට සහ සූදුපිටියේ උකස් තැබීමට සිදුවේ.................................ඒ අර්ථයෙන් ගත් කල වර්තමාන දේශපාලනය මුළුමනින්ම ඌරුපිටියක් හා බල දේශපාලන සූදුවක් කෙලිනා බුරුපිටියක් බවට පත්ව තිබේ.”

කරු පරනවිතාන හිතනා අයුරින්ම අපේ පරමාධිපත්‍ය අලවි කරන මැතිවරණ ඌරු කොටු සහ බූරුපිටි බවට පත්ව තිබේ. ජේ.ආර්ගේ ධාර්මිෂ්ඨ ව්‍යවස්ථාවෙන් නිර්මාණය කල මේ තත්වයට පක්ෂ විපක්ෂ ඌරෝද බුරුවා ගසන්නෝද බොහෝ කැමැත්තෝය. මේ නරා වලෙන් ජනතාව මුදන්නට කතා කරන්නෝ හැර ක්‍රියා කරන්නෝ නම් නැත. පරණවිතානයන්ද නායකකාරකාදීන්ට හුළු එලි අල්ලා රත්නපුරය නම් ඌරු කොටුවේ ‍ජරාව නාගෙන බුරුවා කෙලින්නට ස්වේච්ඡාවෙන් පැමිණ ඇති බව පවසයි. එසේ පැමිණියේ පුරවැසි දේශපාලන ගමනක් සබරගමුවේ රත්නපුරයෙන් අරඹනා ලෙස නායකයා උපදෙස් දුන් නිසා බවද පවසයි. දොහොත් මුදුන් දී සාධුකාර දිය යුතුව ඇතත් මේ ගමනටම පැමිණි රත්නපුර ඌරු කොටුවේ සහ බූරු පිටියේ සිටින අයියලා අක්කලා ,මල්ලිලා නංගිලා,දුවලා පුතාලාද , මචංලා ද කියා තමන්ම හදුන්වා ගත් පිරිසද පැමිණියේ ඔය කතාවම කියා ගෙන බැවින් එසේ නොකර අසා සිටිනු ලැබේ. අර මම කලින් කී කට්ටිය දැන් “සර්ලා සහ අප්පොලා,මැණිකේලා, මැඩම්ලා’වී ඇති බැවින් අළුතින් එන මානව හිතවාදීන්ට යම් ඉඩක් නිර්මාණය කර ගත හැකිවේයැයි පරණවිතාන සිතන බවකි . දැන් ඡන්දදායකයෝත් “පරණවිතාන ලා ” මෙන් කපටි සූත්තර කාරයෝ වී ඇති බැවින් කලබලවන්නට හේතුවවක් ඇතිනොවේ.

පරනවිතාන දිවයින සංහිතාවට කියනා අයුරින් පරාක්‍රම කොඩිතුවක්කු මෙසේ කියයි. “...................මුලින් ලොකු මිනිසුන් ලගට නොව නායකයින් වැඩිය හම්බ වෙන්නේ නැති සුළු මිනිසුන් ලගට යන්න. ඔවුන් සමග කතාකල හැකි , ඔවුන්ට තේරෙන භාෂාවක් හදා ගන්න. ඒ සංවාදය ඇතුලේ අලුත් දේශපාලන ස්වර මාලාවක් මතුවේවි.එය මහා ගීතයක්සේ පසුව රටටම ඇසේවී.” – (ධම්ම දිසානායක පරණවිතානට මෙසේ කියයි. ) “නුඔ නිර්ප්‍රභූ පොඩි මිනිසුන් ළගට පයින්ම පළයං ඊට පස්සේ ඒ මිනිස්සුත් එක්ක තවත් ඇවිදපං ” මේ මා මිත්‍ර ධම්ම දිසානායක මට දුන් උපදේශයයි. මෑතකදී ගුවන් අනතුරකින් මියගිය ජනප්‍රිය ඉන්දියාණු නායකයෙකුගේ උදාහරණයක් මට ගෙනහැර පෑවේය........................ඒ උපදේශය හරියට වැඩ කරන්නේ දැයි මම දෙතුන් පොළක පරීක්ෂා කර බැළුවෙමි.මා තෝරා ගත්තේ රත්නපුරයේ ඉතාම දුප්පත් මිනිසුන් වෙසෙන වතුකරයෙන් මැදිව දුප්පත් සිංහල දෙමළ මිනිසුන් වෙසෙනා ගම්මාන කිහිපයකි................... ”වැඩේ හරියන බව කරු පරණවිතානට තේරෙයි.

පරාක්‍රම කොඩිතුවක්කු පතින් පොතින් ලිපි ලේඛන දේශණ තුලින් සමාජවාදී චින්තනයෙන් අප හදුනති. ඔහු තම හිතවතාට මග පෙන්වන්නේ නිර්ධන ගම්බද සුළු තේ සහ වි, එලවළු ගොවියන් , තේ ඉඩම්වල කුළි වැඩ කරනා කම්කරුවන් වැනි පංතිකයන් මුලා කරගෙන වැඩේ පටන් ගත යුතු බවයි .පරණවිතානද අත්හදා බලයි .ඹහුගේ දිනපොතේ දිනයන් වෙන්වෙමින් පිටු පි‍රේ. උපදේශ සාර්ථක බව පවසයි. පරාක්‍රම කොඩිතුවක්කු , ධම්ම දිසානායකත් යා යුතු පාර පෙන්වන්නේ මේ අසරනයින් මුලා කරගන උඹටත් පොරක් විය හැකි බවට ඉගියක් දෙමිනි. එක අතකින් මේ දෙන්නා අසරන මිනිසුන් බිල්ලට යොමු කරන්නේ කවියෙකු කලාකාරයෙකුට ඇති සංවේදිතාවය අමතක කර මස්කඩ මුදලාලියෙකුට මසට ගවයෙකු පෙන්නන ගොරහැඩි බ්‍රොකරයෙකු පරිද්දෙනි.මේ අත්හදා බැලීමම කල අය රත්නපුරේ ඕනෑ තරම් සිටිති. ජනතාව ‘අපි නම් ඕවාට රැවටෙයි.’ යයි මූනට නොකියුවත් කියනා බව බලයෙන් හා දූෂණයෙන් අන්ධවුවෝ නොදනිති.

සංහිතාව පුද්ගල උදාහරණද කිහිපයක් දක්වයි. මෙතෙක් රත්නපුර දේශපාලනයේ රැදී සිටින අය මානව හිතවාදි තියරිය පැත්තක තියා ඌරු කොටුවේ මඩ නා ගෙන බුරුවා ගසිමින් සිටිති. එසේ නැතිව තියරිය පමනක් ක්‍රියාත්මක කරමින් සිටියෝ සද මෙන් බැස ගොස් මානව හිතවාදීව නිවෙස්වල වැජඹෙති. ඒ පුද්ගල උදාහරණ අතර සිටින සමහරු මානව හිතවාදීව පෙරමුනේ මානව හිතවාදී බව නොමැති නිසා දැන් දැන් අලියාගෙන් ඡන්දය ඉල්ලති.‍එසේ හෙයින් පරණවිතානද පරණ අරක්කු අළුත් බෝතලයක දමා රත්නපුර දිස්ත්‍රික්කයේ හුදී ජනයාට බොන්න දෙන්න සුදානම් වන්නේ මේ සියල්ල අධ්‍යයන කරමින් බව මිදුමට සිතේ.

සංහිතාව තුලින් කිසිදු දිනක ඌරු කොටුව සහ බූරුපිටිය විනාශ කර ජනතාහිතවාදී මැතිවරණ ක්‍රමයකට මග පෙන්වු අදහසක් පල නොකල පරණවිතාන, මේ නරාවලේ ජරාව කන්න කොතරම් කාලයක් කාලගෝල ,දික්තල ලබන්නට කැඹුරුවා මෙන් රජගෙදරට කඹුරන්න ඇත්ද යන්න මීදුම නිකමට හිතයි. කල යුත්තේ මනාප චන්ද ක්‍රමය නම් ජරාවේ තවතවත් ගිලෙමින් දග ලන්න නොව ඉන් ජනතාව මුදවා ගන්න කතිකාවක් ඇතිකර ක්‍රියාත්මක තලයට පත් කිරීමයි .මානවහිතවාදී වන්නේ එවිට මිස, මානව හිතවාදී ලේබලයක් අලවාගෙන පජරෝ මොන්ටේරෝ, සිහිනතුල ජරාව කන්නට ඌරෙකු වීමෙන් නම් නොවේ. ජරාව කා සන්තෘප්තියට පත්වුවන්ම බලයට පත් කිරීමෙන් එක් යහපතක් සිදුවේ. උන් බඩ ගින්නේ ඉන්නා එවුන් තරමටම කෑදර ලෙස කෑම නොකන බැවින් කන ප්‍රමාණය පොඩ්ඩක් හෝ අඩුවේ.