රබීන්ද්‍රනාත් ඨාගූර්.

වළාකුලක් වූවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතයි. වළාකුල සිතන්නේ “ මා කුරුල්ලෙක් වුවානම් කොතරම් හොදද කියායි.




















ලියෝ තොල්ස්තෝයි

හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම දිනන්නේ හොදය ජීවිතයේ විශ්ව සාධාරණ නීතිය එය බැවිනි.























පුංචි තාරකාවෝ.

දෙවියන් වහන්සේ විසින් මැව් ලොකු තාරකාවන්ට වඩා උන්වහන්සේ මිනිසා විසින් දැල්වු පුංචි පහන් දකින්නට කැමතිය - රබීන්ද්‍රනාත් තාගෝර්.
























- බුදුරජානන් වහන්සේ.

වීර්යත් ප්‍රඥාවත් නැත්තහු හට ධ්‍යානයක් නැත . භාවනා නොකරන්නාට ප්‍රඥාව නැත. යමෙක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත්නම් හෙතෙමේ ඒකාන්තයෙන්ම නිවනට සමීපව සිටින්නේය.
























බුදුරජානන් වහන්සේ .

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි ය .

2023-11-07

මං බකල චන්ද‍රේ .




ලැබුණ මට ඇමතුමක්
දාගත්ත මං දෙකක්...
දවස ගොඩ දාගන්න
ඔන්න එනවා වැඩක්...

ඉටි කොලේකින් ඔතල
ගෙනාවා ගෑනියක්...
මූන බැලුවම දැක්කෙ
දැක පුරුදු ඇති රුවක්...

ඉස්සරහ පේලියේ
නුඹ උන්නු සන්දියේ...
පිටිපස්සෙ පේලියේ
මං බකල චන්දරේ...

පොතට වැඩියෙන් මතක
සුදු මූනෙ හැඩ උබේ...
ආදරෙයි කිව්වාම
කනට ගැහුවා මගේ...

බැලුව මං සුදු මූන
කඳුළු වැල් වේලිලා...
ගුටි කාපු පාරවල්
පේනවා නිල් වෙලා...
මං බලපු සුදු මූන
නියවලින් හූරලා...
අහුවුනොත් ඌට මං
ෆෝමලින් ගහනවා..
.
ලඟ පාත කවුරුවත්
නැති වෙලාවක් බලා...
ඉම්බ මං සුදු මූන
ඇතත් සීතල වෙලා...
එම්බාම් කරන්නට
බෑ සෙනෙහස වැඩි නිසා...
කනට ගහපන් අදත්
ඊය බකලයා කියා...

නිසදැස් ගී අරණ
බොහෝ රසිකයන්ගේ අවධානයටත් වින්දනයටත්  පත්වු පැදිපෙලක් විද්යුත් මාධයයේ පවා සාකච්චාවුවක් විදින්න බකල චන්දරේගේ අන්දරය.

notes of imaginary