කමල් පී අලහකෝන් සහෝදරයා 2021 අප්රේල් 06 වෙනිදා මුණු පොතට එක් කල මේ ලිපිය කියවමු. - ඔහුට ස්තුතියි.
ඇරඹී අඩ සිය වසක් ගෙවුනදඑම කාලාවකාශය.තුළ වඩා වැඩි බලපෑමක් සමාජයට එල්ල කළදේශපාලන ව්‍යාපාරය ජවිපෙය බව සැකයක් නැත.ඒ කෙසේ වෙතත් කුමන විග්‍රහ කෙරුනත්වඩාලාත්ම දුර දක්නා ණුවනකින් හාදැක්මකින් යුක්තව දේශපාලනයට පිවිසි දේශපාලනඥයා"රෝහණ විජේවීර බව මගේ අදහසයි.ඉංග්‍රීසීන්ගෙන් අනතුරුවමෙරට දේශපලෙනයට පිවිසි චරිත විග්‍රහ කොට බැලීමේදීඒ බොහෝ චරිත දේශපාලනයට පුවිශ්ඨ වන සාධකසළකා බලන කල ඒවා "අහඹු"බව හෝ"ඥාතීත්වය" නැතහොත් "පවුල් පසුබිම" අනුව කෙරැනු බව සනාථ වෙි.ඇන්,ඇමි,කොල්වින්,කෙනමන් ආදී පැරණි වමේ නායකයන්දේශපාලනයට පිවිසෙන්නේ අහඹු ලෙසය.ඩි ඇස් ගේ පටන් ධනපති දේශපාලනයේ නියුක්ත වූවන්පවුල් පසුබිම මත එළඹුනාහ ය.විජේවීරයන්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය වූ කලීපැවති වාස්තවික දේශපාලන වුවමනාවන් පදනම් කරගෙන සිදුකෙරුනකි.මෙරට බිහිවන පළමු දේශපාලන ව්‍යාපාරය වමේ බලවේගයක් බව ඇත්තකි.ඉන් කියවෙන්නේ නිදහස ලැබූ ඉංග්‍රීසි යටත් විජිතයන් අතරින්ලාංකීය දේශපාලනය ඉහළ තලයක නැතහොත්දියුණු මට්ටමක පැවති බවයි.එනමුත් එම වාම ව්‍යාපාරයට නිසි එල්ලයක් නොතිබූ බව53 හර්තාලයේ දී රට අරාජිකවූ අවස්ථාවෙි කැපී පෙනිණ.නිසි දැක්මක් වැඩ පිළිවෙළක් වූයේ නම්රජය අත්පත් කර ගැනීමේ අවස්ථාව එදා වමට ලැබිණ.එදා රජයට පාර්ලිමෙින්තු රැස්වීම පවත්වන්නට සිදු වූයේ නැවක් තුළය."බලය"අත්පත් කරගැනීමේ අවස්ථාව එළඹුනදඑදා වමට එවන් හැකියාවක් හෝ දැක්මක් නොතිබිණ.එවන් පසුබිමක රෝහණ විජේවීරයන් දේශපාලනයට පිවිසෙනුයේතාර්කික පදනමක් මත ය.රැසියාවේ අධ්‍යාපනය ලබමින් සිටරැසියානු මතවාදයට එරෙහි වීමම මෙහිදී කැපී පෙනේ.සුමට දේශපාලන ගමණකට ඔහුට රැසියානු පිළ තෝරා ගත හැකිව තිබිණ.නමුත් හේ තම මතවාදය වෙනුවෙන් එම වරප්‍රසාදය කැප කළේ ය.ඒ තමා වගා කරගත් දේශපාලන මතවාදය වෙනුවෙනි.මෙ බව සනාථ කෙරෙන අවස්ථා කිහිපයකි.හැමන්හිල් බන්ධනාගාරයේ සිටියදී ඔහු විසින් ලබා දුන්පුවත්පත් සාකච්ඡාවකදී දැක්වූ අදහස්සේම ජවිපෙ ය පිහිටුවා හයිඩ් පිටියෙහිදී පැවැත්වූ රැස්වීමේ දීඔහු විසින් කරන ලද කථාව ඊට නිදසුන් ය.හැමන්හිල් සාකච්ඡාවේදී ලාංකීය ආර්ථිකය ගැනඔහු විසින් ප්‍රකට කළ දැක්ම වර්තමානයේ සැබෑවක්ව ඇත.සමිප්‍රදායික කෘෂි ආර්ථික භෝගයන් මත අනාගත ආර්ථිකයපවත්වාගෙන යාමේ අනතුර එදා ඔහු දැක තිබිණ.තේ,රබර්,පොල් ආර්ථිකය මත යැපීමේ අනතුර ඔහු කළින් දුටුවේ ය.අද දවසේ අත් විදින පොල් තෙල් අර්බුදය ආදියත් එදා ඔහුගේදැක්මට හසුව තිබිනවිශේෂයෙන් හයිඩ් පිටියේ දී කළ කථාව තවත් එවන් අවස්ථාවකි.එහිදී ඔහු දැක්වූයේ"ඉංග්රසීන් විසින් මෙරට මධ්‍යය කඳුකරය වනසන ලද බවත්ඔවුනගෙන් පසුව කළු සුද්දන් විසින්එම කාර්ය දිගින් දිගටම පවත්වා ගෙන ගිය බවත්මෙරට දේශපාලනයේදී ඉටු කළ යුතු ප්‍රධාන කාර්ය භාරයක් වන්නේමධ්ය කඳුකරය නැවත වන ගහනයක් කිරීම," බවත් ය.එසේ නොකළ හොත් තව දශක දෙක,තුනකට පසුමේ රටේ මිනිසුන් පවුල් පිටින්,ගම් පිටින් වැළලෙන බවත්එසා ඔහු කීය.ඒ නාය යාම් වාර්තා නොවන කාලයකදී ය.විවිධාකාර විවේචන තිබුණත් ලාංකීය දේශපාලනයේරොහණ විජේවීර යනු වඩා නිවැරදි දේශපාලන දැක්මක් ප්‍රකට කළලාංකීය දේශපාලනඥයා වෙතියි සිතමි.
කමල් පී අලහකෝන්.
0 comments:
Post a Comment