අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Wednesday, April 09, 2025

4/09/2025 10:46:00 pm


මෙයාව දන්නවද? 
නෑ මම හිතන්නේ නෑ...
මේ ආචාර්‍ය නෙවිල් හේවගේ මැතිතුමා.
මේ ජාතිකවීරයෙක්.
ඈ..කොහොමද එහෙම වුනේ?
අපේ හමුදාව අවුරුදු 30 යුද්ධ කරල කොටි ත්‍රස්ථවාදීන් පැරැද්දුවට. ලෝකේ විවිධ රටවල කොටි ඉන්නවා. උන් සෑහෙන උත්සාහයක යෙදෙනවා ලංකාවේ දෙමළ ජන සංහාරයක් වුනා කියන එක "ඇත්ත" කියල ලෝකෙට කියන්න.
උන් උත්සාහ අරන් තියනව කැනඩාවේ පාසැල් පෙළපොත්වලට මේ දෙමළ සංහාර කතාව දාන්න.
අන්න එතනදි තමයි අපේ වීරයා එලියට එන්නේ.. තමන්ගේ අතින් කයිට් කරන්..මුදල් වියදම් කරල.. ලෝයර්ස්ලා හොයාගෙන එක දිගට නඩු කියල.. තමන්ගේ අසයිලම් එක බේරගන්න දගලන වෙඩි හඩක් නාහපු..අපේ රටේ තල් හකුරු කෑල්ලක් කාපු නැති, යාපනේ කිලිනොච්චිය හැබැහින් නොදැකපු කොටි එක්ක සහ 80 ගනන් වල කැනඩා පැනපු ජාතිවාදී උන් එක්ක නඩු කියල දිනනවා..
කැනඩාවේ උපරිමාධිකරණයෙන් සහ තවත් ඔන්ටාරියෝ වල අධිකරන දෙකකින් තීන්දු කරනව මේ දෙමළ සංහාර කතාව දේශපාලනික හේතූන් මත ගොතනලද අමූලික බොරුවක් බවත් එය කිසිසේත් කැනඩාවේ පාසැල් පෙළ පොත්වලට ඇතුල් නොකළ යුතුබවත්.
දැන් කොටින්ට ඇඩෙනව ඇති
මේ නෙවිල් මහත්මයට තිබ්බානේ " අනේ මට මොකෝ...පෙළ පොතේ බැරිනම් ඕවා කොහේ දාගත්තම " කියල කරබාගෙන ඉන්න?
එතුමා එහෙම කරේ නෑ... කඩුවෙන් තුවක්කුවෙන් විතරක් නෙවෙයි පෑනෙන්, කටින් , නීතියෙන් සහ සාධාරණත්වයෙනුත් යුධ කරතෑකි කියන එක එතුමා පහුගිය දවසක ලෝකෙටම පෙන්නුවා.
ලංකාවේ කිසි එකෙක් දන්නේ නෑ.. ලංකාවෙ තියන වැටමාර ඉනි වගේ ගවර්මන්ට් එක.. උන් දන්නෙත් නෑ.. උන් දැනගත්තත් ජන්ද කැඩෙන නිසා ඕවා එලියට දාන්නෙත් නෑ.. හරිනම් ලංකාවට ගෙන්නල මල් තියල වදින්න ඕන..
අපේ රට මහ නරක රටක් කියල පරම්පරා ගානක් යනකන් අන්තර්ජාතිකව නෝන්ඩි කරන්න කොටි අවතාර ගහපු ගේම සුනේ සුන් කරපු එතුමා කාට නැතත් මට නම් ජාතික වීරයෙක්..
මුණුු පොතට ලියුුවේ  ධම්ස කරුනාරත්න

A day in the life

0 ප්‍රතිචාර: