අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Sunday, April 27, 2025

4/27/2025 10:15:00 pm

නිදහස් අධ්‍යාපනය දුටුවද
කාමර අස්සේ හිරවෙලා
රටකට තිබුණ ආදරය
ලිබරල් තැනෙක කොරවෙලා
පුරසඳකට වුණත් ඒ ඝනදුර
දියවෙන්නෙ නෑ ඝනවෙලා
ඇත්තම කියන්නම් මම
අපට කොහේ හරි වැරදිලා
සිස්ටම් චේන්ජ් එකකට
යමු අපි කියා නටවලා
වැරදිම පාරකට දමා
වල්මත් කළා ගොරවලා
එකටම හිටිය උන් ගෙන
හිත් බිඳ දෙපොලෙ තනිකළා
ඇත්තම කියන්නම් මම
අපට කොහේ හරි වැරදිලා
වැරදියි කියූ උන් ගෙන
මහවැලි ගඟට විසි කළා
නිවැරදි කියු උන් අත
මහවැලි ගඟට දිගු කළා
ආයෙම පරණ තැනමය
සිස්ටම් චේන්ජ් බොඳ කළා
ඇත්තම කියන්නම් මම
අපට කොහේ හරි වැරදිලා
සමත් බිමක් තව දුර ඈතද?...

-------සෝමලතා හේරත් මැණිකේ. 

A day in the life

0 ප්‍රතිචාර: