Wednesday, March 05, 2025

හැට්ට කට්ට Safety pln



Walter Hunt created the safety pin in 1849. Today, it still looks almost exactly same as when he invented it.

Sadly, Hunt, needing to settle a $15 debt, sold the patent rights for just $400 — far less than the fortune it later generated.

Other companies made millions of dollars off the product.

Crafted from a single piece of wire with a coiled spring and protective clasp, his design was both simple and effective.

Beyond the safety pin, Hunt developed early sewing machines, repeating rifles, a streetcar bell, and even a precursor to the Winchester rifle. Though his inventive mind greatly influenced various industries, he rarely profited from his creations. Yet, his legacy lives on, with the safety pin remaining a staple in households worldwide.

The next time you use one, think of Hunt.


safety pin අපේ වහරෙදි " හැට්ට කට්ට ,ආයා කට්ට , යතුරු කට්ට යන විදියට එක් එක් ප්‍රදේශ වලදී හැදින්වෙනවා .

1849 දී වොල්ටර් හන්ට් නිර්මාණය කල අද වන විට හැට්ට කට්ටේ උපතට අවුරුදු 176 ක් !.

නොවෙනස් නිර්මාණයක්ව අදත් භාවිතයේ පවතිනවා. එයත් පුදුමයි.

හන්ට් ආර්ථික අර්බුදයකට ලක්ව ඩොලර් 15 ක ණයක් ගෙවා ගැණීමට නොහැකිව හැට්ට කට්ටේ පේටන්ට් අයිතිය  ඩොලර් 400 කට විකුණනවා. දගරයක්  උල් කෙළවරක් සහ ආරක්ෂිත ගාංචුවක් සහිත තනි කම්බියකින් නිර්මාණය කල සරල උපකරණයක්වු යතුරු කට්ට පසුව ධන උල්පතක් බවට පත්වෙනවා.

හන්ට් ගේ ප්‍රකට නිර්මාණ අතර මහණ මැසිම , පුනාරාවර්ථන රයිපලය , වීදී කාර් සදහා සීණුව,වින්චෙස්ටර් රයිපලය වැඩි දියුණු කිරීම සදහන් වනවා.

හන්ට් විවිධ කර්මාන්ත වල ප්‍රගතියට දායක වුනත් ඔහු ලැබු ප්‍රතිලාභය ප්‍රමානවත් වුනේ නැහැ.

යතුරු කට්ට ලොවපුරා ප්‍රචලිතව හැම නිවසක 1849 යේ උපත ලද විදියටම භාවිතා වෙනවා.

අඩුම තරමේ හන්ට් සිහිපත් කරන්නේ වත් නැතිව.


A day in the life

Tuesday, March 04, 2025

Back to home'



 

සැලසුම වෙනස් කරන්න සිදුවුනා.
12 වෙනිදා වෙනකම් නන්නාතර වෙන්න හිතාගෙන හිටපු මට ආපසු ගෙදර එන්න සිදුවුනා.
කාලෙකින් නොලැබුන අත්දැකීමක් එක්ක.
පුදුම නිදහසක්.
බලංගොඩ ඩිපෝවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් එකක ලස්සන සිංදු ටිකක් පැය හයක් එක දිගට වාදනය වුනා.
ඒක වෙනමම අත්දැකීමක්.. හිත නිවන සිංදු. දඩාං බඩාං නැති සංගීත රාවය
කාර්ය මණ්ඩලයට ස්තුතිය.
පස්වරු එකයි විසිපහට ගාල්ලෙන් පිටත් වුන බසය වෙරළ තීරය දිගේ හතයි විනාඩි පහලව ට බලන්ගොඩ. මම පුංචි කාලේ ගාල්ලට ගිය පාර දිගේ ...ගාල්ල - පාණදුර -රත්නපුර- බලංගොඩ.
මීට අවුරුදු හැටකට පමණ පෙර පැය දාසයක් දාහතක් ගිය ගමනක් ....
සැළසුම වෙනස් වීමත් සහෘද සමාගමෙන් හිටිහැටියේ සමුගන්න සිදුවීමත් වේදනාවක්. ඒක වෙනම කතාවක්.
අසුනේ තනියට පාණදුර - කුරුස හන්දියෙන් සමුගත් ගමන් සගයා ගැන වචනයක්.
අපි කතා කර කර ආවා.බසයේ වාදනය වු සිංදු ගැන.මමයි ඔහුයි අතර අවුරුදු හතලිහක් විතර වයස පරතෙරය තිබුනත් රසිකත්වය මගේ මට්ටමේ. සිංදු අගය කරගෙන ඇවිත් පස්සේ දේශපාලනයට බැස්සා. රට දියුණු වෙනවා නම කවුරු කලත් මොකද ? .එහෙම හිතන්න පුලුවන් නම් කොයිතරම් හොදද ??.
දැන් පාණදුරේට කිට්ටුයි. එයාගේ විසිටිං කාඩ් එකක් මට දුන්නා. බස් එකේ නිසා මම කිව්වා , "මම මේ නම්බර් එකට කෝල් කරන්නම් .එතකොට මගේ නම් එක සේව් කරගන්න , මම ලයනල් ලියනගමගේ "කියලා
පොඩ්ඩක් ඉන්න .....පොඩ්ඩක් ඉන්න.....
ඔහු ප්‍රතිවාදනය කලා.
මොබයිලය ඇදගෙන මෙටාවට ගිහින් ලයනල් ලියනගමගේ හොයා ගෙන පෙන්නනවා. අපි මෙටාවේ යාලුවෝ කාලෙක ඉදන්. පුංචි පුංචි සංවාදත් කරමින් ඉන්නවා.
මටනම් සතුටුයි. පුදුමයි අහම්බෙන් හමුවීම.......
සමාන අදහස් තියෙන අය නොදැක වුනත් සහසම්බධන්තා පවත්වාගෙන යනවා. කිසිම වාසියක් ප්‍රතිලාභයක් නොතකා. කොයිතරම් සුන්දරද ?. මම එතන ඉදන් සහෘද ලෝකයේ සැරිසරමින් බලංගොඩට ආවා.
පොදු ප්‍රවාහන සේවයත් මිනිස්සු තනි කරන්නේ නැහැ.

හෙටටත් මොනවා හරි කතා කරන්න එපැයි. ලේබලය " ජීවිතය "යෙන්ම හමුවෙමු. 

A day in the life

Sunday, March 02, 2025

අහංගම.....





අහංගම කෙනෙක් අහංගම වෙනස දකින්නේ නැහැ.
අද ප්‍රදේශයේ හැමතැනම විදේශික සංචාරකයින්ගෙන් පිරිලා.
වෙරළ තීරයේ ,ප්‍රධාන මාවත දෙපස හෝටල් වල විතරක් නෙමෙයි ඇතුලත ගම්වලත් නිවාසවල , නිවාස කොටස්වල .විලාවල සංචාරකයෝ.
මීට අවුරුදු හැටකට විතර ඉස්සර තාත්තත් ඒක්ක මම අහංගම ඒනවා.
තාත්තගේ උපන් ගම , තාත්තගේ ඥාතීන් බලන්න මුණගැහෙන්න.
අපි මේ ගමන ඒන්නේ මධ්‍යම කදුකරයේ නැගණහිර බෑවුමේ පිහිටි බෙලිහුල්ඔය ඉදන්.
උදේ පාන්දර පාණදුර බස්සෙකක නැගිලා පාණදුරෙන් ගාල්ල හෝ මාතර බස්
ඒකක මේ ඒන ගමනට අඩුමතරමේ පැය දහතරක් පහලොවක් ගතවෙනවා.
රෑ නවයට දහයට බස් ඒකෙන් බහින තාත්තයි මමයි, කරුවල මකාගන්න අහංගම - ඉමදුව පාරේ තියෙන වෙළදසැලකින් ඉටිපන්දම් දෙකක් සමග පොල්කට්ටක් ඉල්ලාගෙන හැතැම්ම දෙකක් විතර දුර පයින් ඇවිත් තාත්තගේ මහගෙවල් තිබුන නාකන්දට ආපු ඒ ගමන් බිමන් මතක් වෙන කොට හරිම රසවත්.
මහ රෑ ගෙට ගොඩවෙන කොට ආත්තම්මා අපිව පිලිගන්නේ විස්සසෝප වෙමින්.
ඔලගන්දුවේ හණ්දියේ අරුන් හිටියැයි.
උන් උඹලා අදුරගත්තැයි.......හැමදාම අහන ප්‍රශ්නවැලට මුලට ඒකතු වුනා
බීමත්ව ඉන්න මංපහරන නැඩයෝ පිරිසක් ගැනයි මේ අහන්නේ.
මට අද ඉමදුව පාරේ ඔලගන්දුව පහුකරන කොට අර බෝක්කු කනු කිහිපය ඒදා වගේම පහුකරන්න සිද්ධ වුනා.
ඒතකොටත්  ආත්තම්මා ඒදා කියපු කතාව මතක්වුනා.
දැන් පාර වැඩි දියුණු වෙලා , බෝක්කු කණු අළුතින් ඉදිිිිවෙලා.‍
බෝක්කු කණු උඩ රෑට ඉන්න නැඩයෝ දැන් නැහැ.
ඒදා අදුරේ ගිලිලා තිබුන ගම්මාන කළඒළිවෙලා.
අපි දැන් අහංගමට ඒන්නේ කලාතුරකින්.
තාත්තා වියෝ වෙලත් අවුරුදු විසිහතක්.
නෑදෑ සබද කම් වියෙකිමින් යනවා
අපිත් වයසට ගිහින්.
ඒදා පැය දාහතරක් පහලොවක් ගිය ගමනට දැන් පැයහතරක් විතරයි යන්නේ බරවකුඹුකෙන් කිරිපැණි -ඇඹුල්තියල් අරගෙන ඒන මාවතට ගොඩවුනාම විනාඩි ඒකසියපහක් දවලාන විට ඉමදුව හුවමාරු වෙන් අහංගමට ඒනවා.බරවකුඹුකට ඒන්න බලංගොඩ -වැලිගෙපොල -පල්ලේබැද්ද හරහා ඇඹිලිපිටිය ,බරවකුඹුක හුවමාරුවට ගොඩ වෙනවා.
මට තාත්තා හිටියනම් කියලා මතක් වෙනවා.
ඒහෙනම් හැම නිවාඩුවකටම තාත්තා ගමේ ඒයි.
වියකිලා යන ඥාති හිතවත් කම් සුරැකිලා තියෙයි.

Aay in the life

Saturday, March 01, 2025

සනුහරය



සනුහරයක් සොයා ගිය ගමනක් අද කතාව බවට පත්වෙනවා.
ඒකවගේ කතා කියවා කියවා ඉන්න අතරට මේකත් ඒක කතාවක්. අපි ලියනගමගේ වාසගමට යෙදුන පරම්පරා කිහිපයක් පැවත ඒන පරපුරක සාමාජිකයෝ.
ලියනතමගේලා කොළඹ දී හමුවෙනවා. නුවර ,මාතර ,ගාල්ල ,රත්නපුර ,තංගල්ල ,ගල්නෑව , අනුරාධපුරය පොලොන්නරුව වගේ ලංකාවේ හැම තැනකදීම ලියනගමගේ කෙනෙක් හමුවෙන්න පුළුවන්.
අපි අදුරන්නේ නැහැ.
ඒ්ත් ලියනගමගේ ලා.
මේ කතාව ඇහුවෙත් ලියනගමගේ කෙනෙක්ගෙන්. නමින් සුමිත් ලියනගමගේ.
පදිංචිය ගාල්ල නගරයේ.
අවාසනාවට මෙයාට ඉන්නේ දූ වරු දෙදෙනෙක්.
සුමිත් ලියනගමගේ ගෙන පස්සේ ලියනගමගේ සනුහර නාමය ඒයාට නැතිවෙනවා.
හරිම වේදනාවක් තියෙන්නේ ඒයාට ඒ් ගැන.
තවත් අහම්බයෙන් මුණ ගැසුන ලියනගමගේ කෙනෙක් ඉන්නවා. මගේ ලැයිස්තුවේ.
ඒයා පදිංචි වෙලා හිටියේ ගල්නෑවේ.
පසුකාලයක කොළඹට ආසන්නව පදිංචි වෙනවා.
ඒයාටත් ඉන්නේ දූ වරු හතර දෙනෙක්.
ඒතනින් ඒහාටත් ලියනගමගේ යන්නේ නෑ.
මේ ලියන මටත් මගෙන් ඒහාට ලියනගමගේ අරගන යන්න කෙනෙක් නැහැ.
ඔහොම බලන කොට වදවී යන පරපුරක්.
මගේ මුණුපොතේ ඉන්නවා මුණු පොතෙන් හමුවුන කවදාවත් මුණනොගැසුනු ලියනගමගේ ලා.
මම කතාවක් අහලා තියෙනවා.
ලියනගමගේ ලාට සම්බන්ධ.

මෙයාලගේ මුල් වාස භුමිය වෙලා තියෙන්නේ අහංගම - නාකන්ද කියන ගම් පියස.
ක්‍රි. ව 1818 කැරැල්ල අවස්ථාවේ අහංගම හරහා ගිය සුදු බල ඇනියකට අහංගම කන්ද කියන ප්‍රදේශයේදී පහර දීලා පලවා හැරලා තියෙනවා.
මේ පහර දීීීම මෙහෙයවලා තියෙන්නේ ලියනගමගේ සහෝදර පිරිසක්.
මේ සහෝදරයෝ දාහතක් ඉදලා තියෙනවා.
සුද්දන්ට පහර දීම හේතුවෙන් මේ පිරිස ලංකාවේ විවිධ ප්‍රදේශවලට පැනලා ගිහින් සැගවුන ජීවිත ගත කරලා.
ඒ් ප්‍රදේශවලින් අවාහ විවාහ කර‌ගෙන පැලපදියම් වෙලා.
ඉතින් ලංකාවේ තැනින් තැන ලියනගමගේ ලා හමුවීම අරුමයක් නෙමෙයි.
නාකන්දේ ඉතිරිවුන මුත්තාගෙන් පැවත ඒන්නෝ අපි.
අපේ තාත්තා නාකත්ද අත්හැරලා බෙලිහුල්ඔයට ඒනවා.
අපි මේ පැත්තේ ඉන්න ලියනගමගේ ලා වෙනවා.







A day in the life

Friday, February 28, 2025

මේ මළ ඉළව්වත් පරණ ඉළව්ව වගෙයි.




පාර්ලිමේන්තුවේ කතා  ගැන අහගෙන ඉන්න කොට යමක් ලියන්න හිතුනා.
පරණ පාර්ලිමේන්තුව දූෂිතයි
225 ම වැඩකට නැති මිනිස්සුන්ගෙන් පිරිලා තිබුනා.
වර්තමාණයේ බලයට පත් පිරිස අපිට කිව්වා 
මහා ශ්‍රමදානයක් කරන්න - තියෙනවා.මේ කුණු කන්දල් සියල්ලම අතුගාලා දාන්න ඔ්න කියලා.
අපි ඒකග වුනා
තුනෙන් දෙකක්ම අළුත් කලා.
අළුත් අය ඇවිත් කියන්නේ කරන්නේ මොනවද කියලා අහගෙන ඉන්න කොට දුක හිතෙනවා.
මඩ හැරෙන්න කිසිම අළුත් දෙයක් නැහැ.
පරණ බයියෝ කරපු කියපු දේවල් හරි නැති නිසානේ අළුත් අය පත් කරගත්තේ කියලා නිනව්වක් නැහැ. 
පරණ බයිලමේ දිග අරිනවා 
ඒ කියෝ කියෝ ඉන්න නැතිව වැරදි පාරේ ගිය ඒවුවොන්ට ආයෙත් නොකරන්න පුළුවන් දෙයක් කරන්නේ නැතිව.
මඩ ගහලාම වැඩක් නැහැ.
අහලා අහලා ඒපා වෙලා. දැන් ඒ්වා ඇත්ත කියලා පිලිගන්න ප්‍රමාණය දවසින් දවස අඩුවෙනවා.
ඒ්ක ආණ්ඩුවේ සෞඛ්‍යටත් හොද නැහැනෙ.
දැන් ඔ්ක නතර කරලා ඉස්සරහට තියෙන අවුරුදු තුන හතරේ කරන්නේ මොනවද කියලා කතා කරමු.
අපි හීන දකින්න හරිම කැමතියි.
කැළණි වැලි දුම්රිය ගැන , කිමි ලක්ෂයක මාර්ග සංවර්ධණය ගැන........අර ලොකුවට තියෙන අයවැය පරතෙරය පියවන ඒක ගැන.......කොච්චර හීන ගැන කතා කරන්න පුළුවන්ද ?.
අයවැය පරතෙරය පියවන්න නම් වැය නතරකරලා දැම්මම ඒවරයි.ඒහෙම තමයි වෙනවා ඇත්තෙත්.
ණය අරන් පරතෙරය පියවන්න ආණ්ඩු ඔ්න නැහැනේ.
ඒදා කරපු දේ අදත් වෙනවා නම්
මේ මළඉලව්වෙනුත් වැඩක් වෙන ඒකක් නැහැ 
කියාලා හිතෙනවා.


A day in the life

Tuesday, February 25, 2025

චරිත තුනක්.


මීදුමට අපුරු චරිත තුනක් මතක් වුනා. තුන්දෙනාම මීදුමගේ අසල්වාසීන්.

නම් කියන්න හොද නැහැනේ.

අපි නම් තුනක් හදා ගනිමු.

දෙන්නෙක්ට තිබුනේ එකම නම. වැඩේ ලේසි වෙන්නත් එක්ක ඒ දෙන්නට “ පුංචි මහත්තයා “ කියමු.

ඒ දෙන්නා ගමේ අය හදුනාගත්තේ කොණ්ඩෙන්.

එක්කෙනෙක් කොණ්ඩේ බැදලා . අනිත් එක්කෙනා කොණ්ඩේ කපලා.

කොණ්ඩේ බැදලා හිටපු එක්කෙනාට ද්‍රවිඩ සහෝදරවරු කිව්වේ “ කොණ්ඩ කට්ටි “ කියලා.

එතකොට කොණ්ඩේ කපපු එක්කෙනා “ කොණ්ඩ වෙට්ටි “ වුනා

දෙන්නාම පදිංචි වෙලා හිටියේ පාරෙන් වෙන්වුන ඉඩම් දෙකක මුහුණට මුහුණලා හදපු ගෙවල් දෙකක.

මේ දෙන්නා නෑ කමට අමතරව හරිම යාලුවෝ. 

දෙන්නම ඉර හැරෙන යාමෙට යන ගමනක් තිබුනා. ආපහු ආවම කොණ්ඩ කට්ටි නිශ්ශබ්දයි. ඉරියව් වල අමතර වෙනසක් තියෙන්නේ වැඩියෙන් හිනා වෙන එක, වෙනත් වෙලාවට දකින්න නැති ලෙන්ගතු කමක් ආරූඩ වෙනවා.

කොණ්ඩ කට්ටි එහෙම නෙමෙයි. ගෙදර ෂන් ෂේඩි එක යටට ඇවිදින් මුලු ගමම අමතනවා. 

ආරච්චි මහත්තයා, වෙල් විදානේ මහත්තයා, ස්කොලේ ලොකු මහත්තයා, මුදලාලි මහත්තුරු කී නොකී ගමේ චරිත සෝදා සෝදා මඩේ දානවා.

හැමදාමත් හිරු ගිලෙන හැන්දෑවට කොණ්ඩවෙට්ටිගේ ප්‍රහාරයට මේ චරිත වලින් එකක් දෙකක් ලක්වෙනවා.

මතක නැතිවුනානේ කොණ්ඩවෙට්ටි දෙවන ලෝක මහා යුද්ධයට හමුදාවට බැදී සිංගප්පූරුවට ගිහින් ආපු විශ්‍රාමික යුද සෙබලෙක් .

ඉතින් , වීරයා වගේ අමතන්න අමුතු හයියකුත් තියෙනවා නේ.

මේ ඩෝප් සීන් එක එවරවුනාම මිනිහා පූසා වගෙයි. කාටවත් හිරිහැරයක් නැහැ.

තුන්වැන්නා එහෙම චරිතයක් නෙමෙයි.

රතු ලේ ඇග පුරා ගලන තදබල මාක්ස්වාදියෙක්, සමාජවාදියෙක්.  ( වෙනස් මතවාදි වෙනසකට පත්වු අවස්ථාවක් තිබුනත් ).

නමින් ජුවානිස්.

වැඩිහිටියෙක් නිසා කවුරුත් කිව්වේ ජුවානිස් අයියා කියලා. මෙච්චර කාලයක් හිටියානම් දැන් වයස සීයයකට ආසන්නයි. 

මීදුම එහෙම ලීවේ සියයක් වසරක් ඉදලා ජුවානිස් අයියාගේ දේශපාලන අභිමාර්ථය කිරුල පලන්දන් ඉන්නවා දැකලා සතුටු වෙයි ජයටම කියලා හිතලා. 

ඒත් දුක්වෙන්නත් වෙයි කියලා මීදුමට හිතුනා මේ විකෘතියට.

ගමේ තිබුණා කම්හලක් . පිහිය මන්න කැති වගේ උපකරණ හදන. මේ කම්හලේ ලිපට ඕන කරන දර සදහා යොදා ගත්තේ ප්‍රදේශයේ තිබුන “මරන් “ කියන ගස් වර්ගයෙන්. 

“මරන් “ කිව්වාම ආදියේදී බලංගොඩ යකඩ නිස්සාරණ යේදී  මේ දැව වර්ගය.යොදා ගෙන තිබුනා . මේ දැව බහුලව තිබුන ගම් ප්‍රදේශ “ මරන්ගොඩ, මරන්ගහවෙල “ වගේ නම් වලින් අදත් හදුන්වනවා. 

ජුවානිස් අයියා ගැන කියාගෙන ඇවිත් අතුරු කතාවකටත් ආවා.

ජණගහණය වැඩිවෙන්න වැඩිවෙන්න ජනාවාස වෙන කොට කැලෑ එළිවුනා. මරන් වැනි ශාඛ ක්‍රමයෙන් වදවෙලා ගියා.

අපි දන්නා කාලයේ ඉතාමත් සීමිත ඉඩම් පුමාණයක තමයි මරන් ගස් තිබුනේ. අවසානයේ ප්‍රදේශයෙන් මේ ගස් වර්ගය වද වෙන තුරු ම දර සපයන්න ජීවිත කාලය ම කැප කර ජුවානිස් අයියා මියයන වකවානුව වන විට අර යකඩ වැඩ කල කම්හලත් නවීකරණය වෙලා.

මීට අමතරව පාන් බේකරියට ටිකක් යමක් කමක් තියෙන ගෙවල් වල උදවියත් ජුවානිස් අයියාගෙන් දර මිළදී ගත්තා. 

මුල් කාලයේ කැලේ දර විකුණන්න පුළුවන් වුනත් කාලයක් යන විට දර සොයා ගන්න අපහසු වුනා. ගමේ ජනගහනය පසු ගිය දශක පහේ දස ගුණයකින් විතර වැඩි වුනා. කාලයක් යන විට වැඩි වුන ජනගහනය ට නිවාස ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුවේ කැලෑව වැසියන් අතර බෙදා දුන්නා. නැත්නම් ඉඩම් අනවසරයෙන් අල්ලා ගෙන පැල් කොටයක් අටවා ගෙන පදිංචි වුනා. ගම විසින් ගිල ගත් කැලෑව ජනා වාස වුනා.

කැලේ දවසින් දවස අඩු වුනා. අපේ කථානායකයා වන - ජුවානිස් අයියට දර සොයා ගන්න බැරි අවස්ථාව ආවාත් ඔහු රස්සාව අත් හැරියේ නෑ. කැලේ ගස් කපලා දර බවට පත් වෙන්න හැරලා ඉන් පස්සේ විකුණන්න පටන් ගත්තා. අන්තිමේ කැලේ නැත්තට ම නැති වුනා. වන සංරක්ෂණ‍ය උදෙසා වගා කර තිබූ වන වගාව ආක්‍රමණය කරලා දරට විකුණා දමමින් පොලිසි උසාවි ගානේ යාමිනුත් මරණය තෙක් ම තම රක්ෂාව නම් අත් හැරියේ ම නැහැ. රජයේ නිලධාරියන්ගෙන් රැකියාවට පීඩන වැඩි වෙන කොට තාවකාලික රැකියාවකට ගමෙන් බැහැර වුනත් ටික දවසකින් ගමට ආ විට ආයෙත් පරන රස්සාවට බැස්සා.

ඔහුගේ දේශපාලනය හැමදා මත් ප්‍රතිසංස්කරනවාදියි. 

අප දැනුම් තේරුම් ඇති කාලයේ සිටම තදබල සමසමාජ පාක්ෂිකයෙක්. 

අවුරුදු හත අටකට ඉස්සර සමෘද්ධි සහනාධාර පිළි බද ප්‍රශ්ණයක් ඇතිවී එජාපයට ගිය ඔහු තද බල එජාප වාදියෙක් වුනා. 

ඔහු ගම් වැසියන් දරන හැම මතයම දැක්කේ ඔහුගේ  කෝණයෙන් වැරදි මතයක් ලෙසයි.දැන් කාලෙත් ඔය ඉන්නේ තම දේශපාලන මතයට අභියෝග කරන මතවාද දරන්නන් අපහාසයට උපහාසයට දක්වන අය.

 ඒ හැම මතයට ම ප්‍රති විරුද්ධ මතවාදයක් ඔහු ට තිබුණා. කැලේ විනාශ කිරීම හැර. ඒ ඔහු ගේ රස්සාව නිසා කරන වැඩේ වැරැද්දක් දුටුවේ නෑ. නිතරම කතා කලේ ගමේ සිදු වන දේවල් ගැන විරුද්ධ මතයක සිට ඔහු සෑහීමකට පත්වෙන මතවාදයක් ගමේ කවදාවත් තිබුණේ නැහැ. පාරක් හැදුවත්, ළිඳක් හැදුවත් ,ජල නල මාර්ගයක් එළුවත්, ඒ වැඩේ කරන අන්දම ගැන වැරදි පැත්තක් තමයි ඔහු දුටුවේ.හැමදේම විවේචනය කලා.

මොහු හොද කියවන්නෙක් . දිනපතා ම පුවත් පතක් කොයි තරම් අමාරු කම් මැද්දේ උනත් මිළ දි ගැණීමේ පුරුද්දක් ඔහු ට තිබුණා. කලින් “ඇත්ත , රාවය , දිවයින ,හිරු වගේ විකල්ප පුවත් පත් , පසු කාලයක ලංකාදීපය වැනි පුවත් පත් කියවන බව ගම් වැසියන් නිරීක්ෂණ‍ය කරලා තිබුණා. මේ පුවත්පත අකුරක් නෑරම කියවීම ඔහුගේ පුරුද්ද. මේවායින් ඔහු දැනුවත් වුනා.

කේන්ති කාරයෙක් වුන ජුවානිස් අයියා සමග වාද විවාදවල පැටලෙන්න නම් කවුරුත් කැමති වුනේ නැහැ.

ආයෙත් දවසක හමුවෙමු .

අපේ ගමේ විත්තිත් සමග.

A day in the life

Monday, February 24, 2025

බුරුවෝ . - නස්රුදීන්ගේ කතා.







"මීදුම" නස්රුදීන්ගේ කතා ලියලා තියෙනවා. මේ දවස් වල වැඩි වැඩියෙන් බූරුවෝ ගැන කතා වෙනවා.ස්ට්‍රෙස් එක රතු කට්ට පැනපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් තම බූරුවා හොයන රූපවාහිණි දර්ශණ පහුගිය දවස් වල ප්‍රවෘත්ති අතර ජනප්‍රිය  මාතෘකාවක් වුනා. 

කලබල වුනහම ඔහොම තමයි. 

නස්රුදීන් ගේ කතාවල හැම එකකම වගේ බූරුවා හමුවෙනවා. උන්නැහේගේ කාලෙ ජනප්‍රිය වාහනය වුනේ බූරුවා. දැන් කාලේ රථවාහන පදවන්නේ බුරුවෝ.

නස්රුදීන් ගුරුවරයෙකු ලෙස හදුන්වනවා. නිතර නිතර රාජ්‍ය පාලකයින් සමග සහසම්බන්ධතා තිබුන කෙනෙක් හැටියටත් කතාන්දර වලදී මුණ ගැහෙනවා.

නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. 

එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. 

ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. 

 කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා.මෙහෙම කිව්වේ නස්රුදීන් තේ කතා සිංහල අප අතරට ගෙනා පර්සි ජයමාන්න මහත්තයා

නස්රුදීන් තමන්ගේ කර ගන්නා බොහෝ රටවල් ලෝකයේ තියෙනවා. රුසියාවෙ සලකන්නේ ජනතා වීරයෙක් ලෙසට. චීනයේදී ඔහු “ නස්රුදීන් අවන්ති “ වෙනවා. “නස්රුදීන් ගෝභා” ලෙසයි යුගොස්ලාවියාවෙදි හමුවෙන්නේ.

ග්‍රීසිය, ප‍්‍රංශය ආදී රටවල  ජනකතා අතරත් ශ්‍රී  ලංකාවේ අන්දරේගේ කතා අතරත් නස්රුදින්ගේ කතා තියෙනවා.නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන රටවල් ලොව පුරා තිබුණත් ඔහු වෙනුවෙන් සොහොනක් ප‍්‍රදර්ශනය කරන එක එකම රට තුර්කියයි. ඒ රටේ නස්රුදින් උපන්නා යැයි කියන එස්කිෂෙයර්වල වාර්ෂික උත්සවයකුත් පැවැත් වෙනවා. නස්රුදින්ගේ ප‍්‍රතිමාවක් ඉදි කරපු උයනකුත් තියෙනවා

නස්රුදීන් සංචාරකයෙක්. සංචාරය කරන ගමන් පුංචි පුංචි ව්‍යාපාරත් කරලා තියෙනවා.

කලක් ග්‍රීසියට බූරුවන් අපනයනය කිරීම තහනම් වෙලා තිබුනා.

නස්රුදීන්ගේ වාහනය වුනේ බූරුවෙක්. බුරුවෙක් පදවපු වාහනයක් නෙමෙයි. ඉතින් පර්සියාවේ සිට ග්‍රීසියට යන නස්රුදීන් දේශසීමාවෙදි රැකවලුන්ගේ පරීක්ෂාවට ලක්වෙනවා.අපේ රටේදී රේගුව කරන පරීක්ෂා දන්නවනේ. සමහරවිට පරීක්ෂණවලට ලක් නොවීත් කන්ටේනර් දෙතුන්සීය ඉගිලෙන වෙලා වලුත් තියෙන්නේ.

ඒවා කෘතිම බුද්ධියට යටත් වුනත් ග්‍රීසියේ ඒ තක්ෂණය තිබුනේ නැහැ.

ඉතින් ……..

නස්රුදීන් නිතර නිතර දේශසීමාව හරහා එහා මෙහා යනවා. දේශසීමා රැකවලුන් ඔහු  ගෙන යන  බඩු බාහිරාදිය හොදින් පරීක්ෂා කරනවා.ඔහුවත් පරීක්ෂා කරනවා.  හැමදාමත් බූරුවගේ පිටේ ලොකු ගෝණියක දාලා බැදලා පටවලා තියෙන්නේ පිදුරු .

එකවතාවකවත් සැක කටයුතු කිසිවක් නස්රුදීන්ගේ බඩුබාහිරාදිය අතර තිබුනේ නැහැ.

ආරක්ෂකයින් නස්රුදීන්ගේ ප්‍රශ්න කරනවා.

“ තමුන් හැමදාමත් ග්‍රීසියට  මේ ගෙන යන්නේ මොනවද ?.

නස්රුදීන් උත්තර බදිනවා.

“ මොනවද ? . හොරබඩු මිසක් !”

මේ විහිලුව දිගටම කෙරෙනවා. නස්රුදීන් පිදුරු පටවාගත්ත බූරුවෙක් එක්ක නිතර නිතර දේශසීමාව පහු කරගෙන නිරුප්‍රදිතව ග්‍රීසියට යනවා එනවා.

හැබැයි එන්නේ පයින්.

කාලය මෙහෙම ගෙවීගියා. පර්සියාවත් ග්‍රීසියත් අතර තිබුන වෙළද සම්බන්ධතාවය අහවර වෙලා නස්රුදීන් ඊජිප්තුවට ගියා.

විවේකයක් ගන්න. ඊජිප්තුවේ සංචාරය කරමින් ඉන්න අතර තුර එක් දිනක් ඔහුට පර්සියාණු දේශසීමාවේ රැකවල් කර සිටි නිළදාරියෙක් හමුවුනා. 

ඔහු මේ වනවිට විශ්‍රාමිකයෙක්.

දෙදෙනා දැන හදුනාගෙන සතුටු සාමිචියේ යෙදිලා ඉන්න අතර විශ්‍රාමික නිළදාරියා අහනවා.

“ඔයා ඒ දවස්වල දේශසීමාව පහුකරන කොට මොනවා හරි හොර බඩු ගෙන යන බව අප සැක කලා. ඒත් අල්ල ගන්න නවදාවත් බැරිවුනා 

දැන් මෙහෙ ධනවතෙක් වගේ සංචාරය කරනවා.

ඒ නීති මෙහෙ බලපාන්නෙත් නෑ.

හැබෑට මෙනවද පර්සියාවේ ඉදන් ග්‍රිසියට අරන ගිය හොරබඩු ?.

කියන්නකෝ දැන්වත් .

ස්ට්‍රෙස් එක නැතිවම නස්රුදීන් උත්තර බැන්දා. 

“බුරුවෝ “.

A day in the life

Sunday, February 23, 2025

ඉන්දියාවේ ජාතික වීරයෝ.


94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය.
පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලාස්ටික් බාල්දියක් සහ මග් එකක් හැර වෙනත් කිසිඳු දෙයක් මහලු මිනිසා සතුව නොතිබූ තරම්ය.
මහල්ලා අයිතිකරුගෙන් ඉල්ලා සිටියේ කුලිය ගෙවීමට යම් කාලයක් ලබා දෙන ලෙසයි. අසල්වැසියන් ද මහලු මිනිසාට අනුකම්පා කළ අතර, කුලිය ගෙවීමට ඔහුට යම් කාලයක් ලබා දෙන ලෙස ඔවුන් ඉඩම් හිමියාට ඒත්තු ගැන්වූහ. ඉඩම් හිමියා ඔහුට කුලිය ගෙවීමට අකමැත්තෙන් වුවද යම් කාලයක් ලබා දුන්නේය.
මහල්ලා ඔහුගේ බඩු බාහිරාදිය ඇතුළට ගත්තේය.
ඒ අසලින් ගිය මාධ්‍යවේදියෙක් නැවතී මුළු දර්ශනයම දුටුවේය. මේ කාරණය තම පුවත්පතේ පළ කිරීම ප්‍රයෝජනවත් යැයි ඔහු සිතුවේය.
"කුරිරු ඉඩම් හිමියා මුදලට කුලී නිවසින් මහල්ලා පන්නා දමයි" යන සිරස්තලය යටතේ පුවත පල විය.
ඉන්පසුව ඔහු කුලී නිවැසියාගේ පින්තූර කිහිපයක් ගත් අතර කුලියට ගත් නිවසේ පින්තූර කිහිපයක්ද ඒ සමඟ විය.
මාධ්‍යවේදියා ගොස් තම මුද්‍රණාල හිමියාට සිද්ධිය කීවේය. ඡායාරූප දුටු මුද්‍රණාලයේ හිමිකරු අතිශ්‍ය කම්පා විය. ඔහු මාධ්‍යවේදියාගෙන් ඇසුවේ, "ඔබ වයසක මිනිසා හඳුනනවාද?" මාධ්‍යවේදියා ඒ වයසක මිනිසා කවුදැයි දැන සිටියේ නැත.
පහුවදා පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස එය පල විය
මාතෘකාව වූයේ,
"ඉන්දියාවේ හිටපු අගමැති ගුල්සාරිලාල් නන්ද දුක්ඛිත ජීවිතයක් ගත කරයි" යන්නයි.
හිටපු අගමැතිට කුලිය ගෙවා ගැනීමට නොහැකිව ඔහු නිවසින් එළියට දැමූ හැටි, එම පුවතේ වැඩිදුරටත් ලියා තිබුණි.
වර්තමානයේ නවක දේශපාලනඥයන් ද විශාල මුදලක් උපයන රටම දැන සිටියේ ය.
එහෙත් දෙවතාවක් ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක්, දීර්ඝ කාලයක් මධ්‍යම ඇමතිවරයෙක් විදියට කටයුතු කළ අයෙකුට තමන්ගේම කියා නිවසවත් නැත!.
පණ්ඩිත් නේරූගේ මරණයෙන් පසුවත් ලාල් බහදුර් ශාස්ත්‍රිගේ මරණයෙන් පසුවත් අගමැති වූ එතුමා ආර්ථික විද්‍යාඥයෙක් හා කම්කරු සබඳතා පිළිබඳ විශේෂඥයෙක් විය.
ඉන්දු චීන යුද්ධයටත්, පාකිස්තාන ඉන්දියා යුද්ධයත් යන යුද්ධ දෙකම මෙහෙය වූ ඉන්දියානු අගමැතිවරයා ද වූයේ ගුල්සාරිලාල් නන්ද මහතා ය.
ඇත්තෙන්ම ගුල්සරිලාල් නන්දට රු. 500/- මාසික දීමනාවක් ලබා ගත හැකි විය. ඒ නිදහස් සටන්කාමියෙකු ලෙස ය. නමුත් ඔහු 'නිදහස් සටන්කාමීන් රට වෙනුවෙන් මිස දීමනාවක් වෙනුවෙන් සටන් නොකළ බව' පවසමින් මෙම මුදල් ප්‍රතික්ෂේප කර තිබුණා.
පසුව ඔහුට වෙනත් ආදායමක් නොමැති බව පෙන්වා මිතුරන් ඔහුට එය භාර ගන්නා ලෙස බල කර තිබුණි. මේ මුදලින් නිවසේ කුලිය ගෙවමින් යඔහු ජීවත් වූයේ.
පසුදා වත්මන් අගමැතිතුමා මැති ඇමැතිවරු නිලධාරීන් වාහන තොගයක් සමඟ ඔවුන්ගේ නිවෙසට යවන ලදි.
ප්‍රභූ වාහන සමූහය දැකීමෙන් ඉඩම් හිමියා තුෂ්නිම්භූත විය. ඔහුගේ කුලී නිවැසියා වන ගුල්සරිලාල් නන්ද මහතා ඉන්දියාවේ හිටපු අගමැති බව ඔහුට දැන ගන්නට ලැබුණේ එවිටය.
තමාගේ නොමනා හැසිරීම පිළිබඳව ඉඩම් හිමියා වහාම ගුල්සාරිලාල් නන්දගේ පාමුල වැටී සමාව අයැද සිටියේ ය.
රජයේ නවාතැන් සහ අනෙකුත් පහසුකම් පිළිගන්නා ලෙස නිලධාරීන් සහ ප්‍රභූවරුන් ගුල්සාරිලාල් නන්දගෙන් ඉල්ලා සිටියහ.
ගුල්සරිලාල් නන්ද මහතා මේ මහලු වයසේ මෙවැනි පහසුකම්වලින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි කියමින් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේද නැත.
අවසන් හුස්ම හෙළන තුරුම ඔහු සාමාන්‍ය පුරවැසියෙකු මෙන් සැබෑ ගාන්ධිවාදියෙකු ලෙස ජීවත් විය. 1997 දී රජය ඔහුට භාරත රත්න සම්මානයෙන් ගෞරව කළේය.
ඔහුගේ ජීවිතය, ලංකාවේ "හිටපු" දේශපාලකයන් සමඟ සසැදීමෙන් ලංකාවේ 76 වසරක සාපය කවරේදැයි නිසැකවම හිතාගත හැකිය

උපුටා ගැනීම,
Channa jayawickrama.
A day in the life

Saturday, February 22, 2025

මුණුපොතේ ආක්‍රමණ ....


 තමන්ගෙ පොටෝ එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න.

අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් තමන්ගෙ වගේ දාලා ගිණුම් හදාගන්නවා. හුඟක්ම තරහවක් පිරිමහගන්න තමයි මේ වැඩේ කරන්නෙ.

ඒකත් වැඩිපුරම කෙල්ලන්ගෙ පොටෝ තමයි උස්සලා දාගන්නෙ.. එහෙම දෙයක් වුනොත් හුඟාක්ම අය කරන්නෙ කලබල වෙන එක සහ බයවෙන එක විතරයි.. කොච්චර බයවෙනවද කිව්වොත් තමන් fb ප්‍රොෆයිල් එකේ දාගෙන තියෙන හැම රියල් පොටෝ එකක්ම ඩිලීට් කරනවා.. තමන්ගෙ බය නිසා එතන කරන්නෙ සම්පූර්ණම මෝඩ වැඩක්..
තමන්ගෙ පොටෝ එකක් අවසරයකින් තොරව කාගෙහරි ප්‍රොෆයිල් එකක ප්‍රොෆයිල් පික්චර්, කවර් පොටෝ, වෝල් එකේ හෝ කමෙන්ට් එකකට යන ඕනෑම විදිහට දාලා තිබුණහොත් අපිට ඒ එකවුන්ට් එක එක රිපෝට් එකකින් පැය 24ක් ඇතුලත ඩිසේබල් කරලා දාන්න පුලුවන් බව ඔබ දන්නවාද..?

මෙහෙමයි තමන්ගෙ නම චායාරූප විස්තර යොදාගෙන කවුරුහරි ෆේක් එකවුන්ට් හැදුවොත් මුලින්ම කලබල නොවී ඉන්න, බය වුනොත් මුකුත්ම කරගන්න බෑ.. තමන්ගෙ පොටෝ කිසිසේත්ම ඩිලීට් කරන්න එපා මොකද ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක සාර්ථක ඉක්මණින් සාර්ථක වෙන්න පොටෝ එකක් තිබිය යුතුයි.. එහෙනම් මං ප්‍රිටෙන්ඩින්ග් රිපෝට් එකක් ගහන විදිහ කියලා දෙන්නම්...
මුලින්ම fb එකට ලොග් වෙන්න. 
(UC බ්‍රවුසරයකින් ලොග් වුනොත් වඩාත්ම සාර්ථකයි.) අදාල ෆේක් එකවුන්ට් එක සර්ච් කරන්න.. ඒ එකවුන්ට් එක විව් වුනාට පස්සෙ දකුණු පසින් ඩොට් 3ක් පෙන්නනවා ඒ ඩොට් 3 ක්ලික් කරන්න.. 
ඊටපස්සෙ එතන එන ඔප්ෂන් වලින් Give a feedback or report ඔප්ෂන් එක කිලික් කරන්න..
ඊටපස්සෙත් අපිට ඔප්ෂන් ටිකක් දෙනවා එතනින් pretending to be කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. 
ඊට පස්සෙ අපෙන් අහනවා කාටද මෙයාගෙන් හිරිහැරයක් වුනේ කියලා එතන 
ඔප්ෂන් 3ක් දෙනවා, Me , A friend and Celebrity කියලා එතනින් Me කියන ඔප්ෂන් එක දෙන්න ඊටපස්සෙ submit to report කියන එක ක්ලික් කරලා ඊටපස්සෙ එන ඔප්ෂන් එකේ තියෙන පුංචි කොටුවට ටික් එකක් දාලා Done කරන්න. 
ඔන්න දැන් ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක වැදිල ඉවරයි එතනින් නවතින්න එපා.
ආයෙ පස්සට ගිහින් රිපෝට් ඔප්ෂන් එකට ගිහිල්ලා This is a fake එකවුන්ට් කියන ඔප්ෂන් එකෙනුත් රිපෝට් එක සබ්මිට් කරන්න.. ඊට පස්සෙ ඒ එක්වුන්ට් එකේ තමන්ගෙ පොටෝ දාලා තියෙනව නම් ඒ පොටෝ එකෙ දකුණු පැත්තෙ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Give a feedback or report කියන ඔප්ෂන් එක ක්ලික් කරලා එන ඔප්ෂන් වලින් Harassment කියයන ඔප්ෂන් එක ක්ලික් කරන්න..
ඊටපස්සෙ සබ්මිට් කරාම ඔප්ෂන් 5ක් දෙනවා එතනින් this shouldn't be on Facebook කියන ඔප්ෂන් එක ක්ලික් කරාම තවත් ඔප්ෂන් 5ක් දෙනවා එතනින් 4වෙනි එක ක්ලික් කරන්න ඊටපස්සෙ Me , A friend and celebrity කියලා ඔප්ෂන් 3ක් දෙනවා එතනින් Me කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ෆේස් බුක් සබ්මිට් කරන්න.. එච්චරයි වචන ගොඩකින් පැහැදිලි කරාට කරද්දි හරිම ලේසියි. 
හොඳට මතක තියාගන්න කිසිම විටෙකත් ඒ එකවුන්ට් එක බ්ලොක් කරන්න එපා.. දැන් පැය 24ක් ඇතුලත ඩිසේබල් එක වැඩ කරනවා.. වැඩේ ඊටත් වඩා ඉක්මණ් කරගන්න නම් තමන්ගෙ ලිස්ට් එකේ ඉන්න තව යාලුවො දෙන්නෙකු ලව්වා උඩ කියපු පිලිවෙලටම අර Me කියලා දෙන්න ඕනි තැන්වල A friend කියන ඔප්ෂන් එක දීලා එතන එන සර්ච් බාර් එකේ තමන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එක සර්ච් කරලා රිපෝට් එක සබ්මිට් කරන්න කියන්න. 
එතකොට ෆේස්බුක් හෙල්ප් සෙන්ටර් සිස්ටම් එකෙන් ඉක්මණින්ම රිපෝට් එක රිවිව් වෙනවා.. සපෝට් ඉන්බොක්ස් එකට නොටිෆිකේෂන් එකක් එනවා ඉන් අ රිවිව් කියලා.. එකවුන්ට් එක ඩිසේබක් කරාමත් නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි...

 Hansi Lakchani Kaushalya

Copied....

A day in the life

Friday, February 21, 2025

හිරු මුදුන් වීමත් සමග.




ඉදිරි දින වලදී ඉර මුදුන් වීමත් සමග අදික ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහල යන්න පුළුවන් තද හිරු රෂ්මියත් අදික ලෙස ඇතිවිය හැකි ආර්ධතාවත් නිසා ශරීරයේ ඇතිවිය හැකි විජලනයත් උෂ්ණත්වය ඉහල යාමත් නිසා ඇති විය හැකි බයානක තත්වයක් තමයි මේක...(මරණය පවා සිදුවෙන්න පුලුවන්) ..ඉතින් කියවල බලල චුට්ටක් දැනුවත්ව ඉන්න ...මේක මම මීට පෙරත් පල කලා නැවත මතක් කරන්න ඕන නිසා දැම්මෙ..
ගොඩක් දරුවන් මෙන්ම වඩාත් වැඩිහිටි පුද්ගලයින් ඉක්මනින්ම මේකට ගොදුරු වෙන්න පුලුවන් එම නිසා එලි මහලේ වැඩ කරන වැඩි හිටි පුද්ගලයන් වෙහෙස කාරී රාජකාරී වලින් ඈත් වී ඉන්න පුලුවන් නම් ගොඩක් හොදයි ..ඒ වගේම එලි මහනේ උස් ඉස්තාන වල රාජකාරි නොකනවානම් ඒවගෙනුත් ඉවත් වී හෝ වඩා ආරක්ෂිතව කඩින් කඩ වැඩ වල යෙදනවානම් වඩාත් හොදයි..ඒ වගේම තමයි පාසල් වල ඇති ක්‍රීඩා උත්සව පුහුණු වීම් ආදිය ක්‍රමානුකූලව කිරීමටත් වගබලා ගන්නවානම් ගොඩක් හොදයි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.....අපි බලමු මේක හැදීගෙන එනකොට මූලික අවස්තාවේ ( Heat Exhaustion) ඇතිවන රෝග ලක්ෂණ මොනාද කියල..කෙටියෙන් පැහැදිලි කරන්නම් ...
අදික පිපාසය
කලාන්ත ගතිය
අදික ලෙස දහඩිය දැමීම
හිස රදය
ඔක්කාරය
අගේ අදික උණුසුම් ගතියක් දැනීම
මස් පිඩු පෙරලීම
මෙම මූලික අවස්තාව එතරම් බයානක නොවන අතර නමුත් මෙම මූලික ලක්ෂණ එන අවස්තාවේම ...ඉක්මනින්ම ජලය පානය කිරීම මදක් ලුණු ස්වල්පයක් දමා ජලය පානය කිරීම..තැඹිලි වතුර ..ඔරෙන්ජ්,ජූස් ..දෙහි වගේ දෙයක් ලොකුවටම ඇඹුල් ගතිය නැතිව හොදට හදල... ...සහ සෙවන ස්තානයකට ඇවිත් ඇදගෙන ඉන්න ඇදුම් සැහැල්ලු කොට බොත්තම් ගලවා දමා ශරීරය වාතයට නිරාවරනය වෙන්න සලස්වා පොළවට සමාන්තරව වැතිර සිටින්න ..පුලුවන් නම් ශරීරය ජලයෙන් තෙමන්න.. ...ඔබ ඉහත ආපු රෝග ලක්ෂණ නොතකා දිගටම ඔබ කරන කර්තව්‍යය කරගෙන යාමෙන් හෝ මූලික අවස්තාවේදී හරි හැටි ප්‍රථමාධාර ටික රෝගියාට නොලුබීමෙන් දෙවන අවස්තාව වන Heat stroke හෙවත් තාප ආඝාතය නැමති බයානක තත් වයට පත් විය හැක...එහි දී ඇතිවන රෝග ලක්ෂණ නම්
ශරීරයේ කිසිම දහඩිය ගතියක් නොමැත
රෝගියාට පිට දිගට ආශ්‍රිතව සහ ශරීරය සීතලව දැනේ...
උණ බැලුවොත් ෆැරන්ඩ් හයිට් 104 f සෙල්සියස් නම් 40 C උෂ්නත්වයක් උණ කට්ටේ පෙන්වයි..
රෝගියාගේ නාඩි වේගවත්ව පෙන්වයි
වමනය යාමක් සිදුවිය හැක
රෝගියා කලාන්ත ගතියක හෝ මද සිහි ගතියක් පෙන්නුම් කරයි..ගොඩක් දෙනෙක් විකාරෙන් කියවයි ...(තමන්ගේ නමවත් මතක නැති තරමට)
සමහරක් නොසන්සුන් ගතියක් පෙන්නුම් කරයි
. මෙන්න මේ තත්වය ඇතිව දුටුවහොත් ඉක්මනින්ම ඔහුගේ ශරීරයේ ඇති ඇදුම් ඉවත් කොට හොදින් වතුරෙන් තෙමන ගමන් හැකි ඉක්මනින්ම ලගම තියෙන රෝහලක් වෙත රැගෙන යන්න වග බලා ගන්න එමගින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වනු ඇත.......
එම නිසා ඉදිරි දින වල පුලුවන් තරම් සැහැල්ලු ඇදුම් වලින් සැරසීමෙන් සහ පුලුවන් තරම් එළි මහලේ වැඩ කරන අය තද පාට ඇදුම් නැතිව ලා පාටට හුරු ඇදුම් වලින් සැරසී ඉන්න ...ඒ වගේම හොදින් වතුරබොන්න නිතරම තැඹිලි වතුර වගේ දේවල් බාර්ලි වගේ දේවල් පානය කරන්න ....මෙම තත්ත්වය කෙසේත්ම සුලුවට තකන්නම එපා කියන්න ඕනම නිසයි මේ ටික ලියල ඔයාල දැනුවත් කරන්න ඕන කියල හිතුනෙ ...
✍️
සේනක නලින් .....

A day in the life

Wednesday, February 19, 2025

"ජේ. වී. ස්ටාලින් 1879-1953.





ලෙනින්ගේ සිරුර ළගින් ඉවත් කර කිසිදු ආචාරයක් නොමැතිව ක්රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ දෙවැනි ලෝක යුද්ධය ජයග්රහණය සඳහා ගෙන ගිය අසහාය නායකයා ජෝෂප් ස්ටාලින් .
වසර 7 ක් තිස්සේ ලෙනින්ගේ සොහොන් ගෙය තුළ ලෙනින් සමග තැන්පත් කර තිබු ස්ටාලින්ගේ සිරුර එයින් ඉවත් කර සාමාන්ය කෙනෙකු ලෙස කිසිදු ගෞරවයක් නොමැතිව භූමදානය කරේ ඇයි..?
1924 දී ව්ලැඩිමීර් ලෙනින් මිය යන විට රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයේ නායකයා එම්බාම් කර ක්රෙම්ලින් තාප්පය ඉදිරිපිට විශේෂ සොහොන් ගෙයක තැන්පත් කරන ලදී. වීදුරු ආවරණයක් සහිත සොහොන් ගෙය සෝවියට් රුසියාවේ පියා සියලු පරම්පරාවන්ට දැකගත හැකි විය.
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව දශක තුනක් පුරා යකඩ හස්තයකින් පාලනය කළ සෝවියට් නායකයා ලෙස ලෙනින් පත් විය. කෙසේ වෙතත්, දෙවන ලෝක සංග්රාමයේදී ජර්මානු ආක්රමණිකයින්ට එරෙහිව දැඩි ජයග්රහණයක් ලබා ගැනීමට ස්ටාලින් තම රට ගෙන ගිය අතර 1953 දී මිය යන විට ඔහු ලෙනින් සමඟ ඔහුගේ සොහොනට ගියේය. කෙසේ වෙතත්, ස්ටාලින්ගේ මරණයෙන් වසර කිහිපයක් ඇතුළත, සෝවියට් බලධාරීන් ඒකාකාරී ලෙස ස්ටාලින් කුරිරු නායකයේක් ලෙස හෙළා දුටුවේය.
ස්ටාලින් වසර 30 කට ආසන්න කාලයක් සෝවියට් සංගමයේ ඒකාධිපති පාලකයා විය. සාගතයෙන් හා විරුද්ධ දේශපාලන පක්ෂ පවිත්ර වීමෙන් මිලියන සංඛ්යාත ජනයාගේ මරණයට ඔහු දැන් වගකිව යුතු යැයි සලකනු ලැබුවද 1953 මාර්තු 6 වන දින සෝවියට් සංගමයේ ජනතාවට ඔහුගේ මරණය ප්රකාශයට පත් කළ විට බොහෝ දෙනෙක් හඬා වැලපුණහ.
ස්ටාලින්ගේ දේහය හෙදියක් විසින් සෝදා පසුව සුදු පැහැති මෝටර් රථයකින් ක්රෙම්ලින් මෘත ශරීරාගාරයට ගෙන යන ලද අතර එහිදී මරණ පරීක්ෂණයක් සිදු කරන ලදී. මරණ පරීක්ෂණයෙන් පසුව ස්ටාලින්ගේ දේහය එම්බාම් කිරීමෙන් පසු දේහය තාවකාලික ප්රදර්ශනයට ඓතිහාසික හවුස් ඔෆ් යූනියන්ස් හි බෝල්රූම් ශාලාවේ තැබුවේය. දහස් ගණනක් ජනයා ඇදී එන්නට විය.ස්ටාලින් හට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි සෙනග කොතරම් අවුල් සහගතද යත් සමහර අය පාගා දමනු ලැබූ අතර තවත් සමහරු රථවාහන ලයිට් වලට පහර දුන්හ. පසුව කල ඇස්තමේන්තුවේදී ස්ටාලින්ගේ මෘත දේහය පිළිබඳ දර්ශනයක් ලබා ගැනීමට උත්සාහ කරමින් පොරබැදිම තුළ මිනිසුන් 109 දෙනෙකුට ජීවිත අහිමි වූ බවට ගණන් බලා තිබේ. නමුත් සැබෑ මරණ සංඛ්යාව දහස් ගණනක් විය හැකි බවයි.
මාර්තු 9 වන දින මිනී පෙට්ටිය ශාලාවේ සිට දේහය චාරිත්රානුකූලව මොස්කව්හි රතු චතුරශ්රයේ පිහිටි ලෙනින්ගේ සොහොන වෙත අශ්ව කරත්තයක ගෙන ගියහ.
ස්ටාලින්ගෙන් පසු කථා තුනක් පමණක් කරන ලදී.සෝවියට් දේශපාලනඥයෙකු වූ ජෝර්ජි මැලෙන්කොව්, සෝවියට් ආරක්ෂක ප්රධානී සහ රහස් පොලිසියේ ලැව්රෙන්ටි බෙරියා සහ සෝවියට් දේශපාලනඥයෙකු හා රාජ්ය තාන්ත්රිකයෙකු වන වියචෙස්ලාව් මොලොටොව් විය. ඉන්පසු කළු සහ රතු සිල්ක් වලින් ආවරණය කර ඇති ස්ටාලින්ගේ මිනී පෙට්ටිය සොහොන තුළට ගෙන යන ලදී. දහවල් වන විට සෝවියට් සමූහාණ්ඩුව පුරා මහ හඬක් නැඟුණි. ස්ටාලින්ට ගෞරව කිරීම සඳහා විස්ල්, සීනු, තුවක්කු සහ සයිරන් පුපුරුවා හරින ලදි.
සොහොන් ගෙය මුදුනේ ටොන් 48 ක කළු ගල මත මුලදී “L-E-N-I-N” අක්ෂර ලියා තිබුණි. එබැවින් බලධාරීන් එය කඩිමුඩියේ පින්තාරු කර “L-E-N-I-N” යට “S-T-A-L-I-N” ලිවීය.

1924 දී ලෙනින් මිය යන විට සංකීර්ණ ක්රියාවලියකින් ඔහුගේ සිරුර ඉක්මනින් එම්බාම් කරන ලදී. නමුත් 1953 දී ස්ටාලින් මිය යන විට ඔහුගේ සිරුර එම්බාම් කරන ලද්දේ වෙනස් ක්රියාවලියකින් එයට මාස කිහිපයක් ගතවීමෙනි.1953 නොවැම්බරයේදී ස්ටාලින්ගේ මරණයෙන් මාස හතකට පසු ලෙනින්ගේ සොහොන නැවත විවෘත කරන ලදී. ස්ටාලින් සොහොන් ගෙය තුළ වීදුරු යට විවෘත මිනී පෙට්ටියක ලෙනින්ගේ සිරුර අසල ස්ටාලින්ගේ සිරුර තැන්පත් කරන ලදී.
ස්ටාලින්ගේ මරණයෙන් පසු සෝවියට් පුරවැසියන් ඔවුන්ගේ මිලියන සංඛ්යාත රටවැසියන්ගේ මරණයට වගකිව යුතු බව පිළිගැනීමට පටන් ගත්හ. කොමියුනිස්ට් පක්ෂයේ පළමු ලේකම් (1953-1964) සහ සෝවියට් සංගමයේ අග්රාමාත්ය (1958-1964) නිකිටා කෘෂ්චෙව් ස්ටාලින්ගේ ව්යාජ මතකයට එරෙහිව මෙම ව්යාපාරයට නායකත්වය දුන්නේය. කෘෂ්චෙව්ගේ මෙම ප්රතිපත්ති "ඩි-ස්ටැලින්කරණය" ලෙස ප්රසිද්ධ විය.
ස්ටාලින්ගේ මරණයෙන් වසර තුනකට පසු 1956 පෙබරවාරි 24-25 දිනවල කෘෂ්චෙව් 20 වන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේ දී දේශනයක් පැවැත්වූ අතර එය ස්ටාලින් වටා ඇති ශ්රේෂ්ඨත්වය බිඳ දැමීය. මෙම රහස් කථාවේ කෘෂ්චෙව් ස්ටාලින් කළ බොහෝ කුරිරුකම් හෙළි කළේය.

වසර පහකට පසුව ස්ටාලින් ගෞරවනීය ස්ථානයන් ඉවත් කිරීමට තීරණය විය. 1961 ඔක්තෝම්බර් මාසයේ පැවති 22 වන පක්ෂ සම්මේලනයේදී මහලු බොල්ෂෙවික් විප්ලවයට කැපවූ කාන්තාවක් සහ පක්ෂ නිලධාරියෙකු වන ඩෝරා අබ්‍රමොව්නා ලාසුර්කිනා නැගී සිට මෙසේ පැවසීය.
"සහෝදරවරුනි මට ඉතාමත් දුෂ්කර අවස්ථාවන්ගෙන් බේරීමට හැකි වූයේ මා ලෙනින් මගේ හදවතට ගෙන ගිය නිසාත් මම කුමක් කළ යුතුද යන්න පිළිබඳව නිතරම ඔහුගෙන් උපදෙස් ලබා ගත් නිසාත් ය. ඊයේ මම ඔහුගෙන් උපදෙස් ලබා ගතිමි. ඔහු ජීවතුන් අතර සිටිනවාක් මෙන් මා ඉදිරිපිට සිටගෙන සිටියේය. පක්ෂයට මෙතරම් හානියක් කළ ස්ටාලින් ඔහු අසල සිටීම අප්‍රසන්න ය"
මෙම කථාව සැලසුම් කර සිදු තිබුණද එය ඉතාමත් ඵලදායී විය. කෘෂ්චෙව් පසුව ස්ටාලින්ගේ දේහය ඉවත් කරන ලෙස නියෝගයක් කියවීය.
දින කිහිපයකට පසු 1917 ඔක්තෝබර් විප්ලවයේ සංවත්සරය සනිටුහන් කරමින් නොවැම්බර් 7 වන දින පැවැත්වීමට නියමිත පෙළපාළිය සඳහා සූදානම් වීම නිසා ඔක්තෝබර් 31 වන දින රතු චතුරශ්‍රය වසා දමන ලදී. චතුරස්රයේ කිසිවක් කිසිවෙකුට නොපෙනේ.
සියලුම සැරසිලි සහ සම්මාන ස්ටාලින්ගේ ජැකට්ටුවෙන් ඉවත් කරන ලදි. රන් බොත්තම් සහ එපෝලට් පවා ඉවත් කර ඇත. ස්ටාලින්ගේ ඥාතීන් පැමිණ සිටියේ නැත. ඔහුගේ සිරුර ලී මිනී පෙට්ටියක තැන්පත් කර ස්ටාලින්ගේ සිරුර නිහඬව සොහොන් කොතෙන් ගෙන යනු ලැබීය.උත්සව හෝ රසික රසිකාවියන් සිටියේ නැත.
ඔහුගේ දේහය සොහොන් පිටියේ සිට අඩි 300 ක් පමණ දුරින් රුසියානු විප්ලවයේ අනෙකුත් සුළු නායකයින් අසල තැන්පත් කරන ලදී. එය ක්‍රෙම්ලින් තාප්පයට ආසන්නව පිහිටා ඇත.සති කිහිපයකට පසු සරල අඳුරු කළුගල් ගලක් සොහොන මූලික අකුරු වලින් සලකුණු කළේය: "ජේ. වී. ස්ටාලින් 1879-1953." 
1970 දී සොහොනට කුඩා පඳුරක් එකතු කරන ලදී. 
අවමංගල්‍ය සේවයක්, වාද්‍ය වෘන්දයක් හෝ ආචාරයක් නොමැතිව ක්‍රෙම්ලින් තාප්පය අසල වළලනු ලැබූ එකම පුද්ගලයා ස්ටාලින් ය.

Indika Kumara / පොත්පත් කියවමු.

උපුටා ගැනීමකි.

A day in the life
 

මීදුම Published @ 2014 by Ipietoon