යොවුන් ආදරය වැඩිහිටි දෑසින් දකින්නේ විවිධාකාර කෝන තුලින් බොහෝ වැඩිහිටියන් තමන් ජීවිතයේ පසුකර ආ තරුන ගැටවර වියේ දුර තමන් ලද අත්දැකීම් දූ දරුවන්ගේ ආදර සම්බන්‍ධතා දකින විට ඒවාට ආදේශ කරගන්නේ විරෝධාත්මක හැගීම් මතු කරමින්. එක් වරම තම දූ දරුවන් කෙරෙහි තද බල විරෝධතාවයන් වාරනයන් වලට එළබීම බොහෝ දෙනා තුලින් මීදුම දකිනවා. තම අත්දෑකීම් ඇසුරු කරගෙන වාරණයන්ට විරෝ ධතාවයන් දක්වනවාට වඩා දූ දරුවන් සමග සාකච්ඡා කරන තැනකට යනවා නම් අපූරු බවයි මීදුම හිතන්නේ.අප තරුන විය පසුකල හැත්තෑව දශකයට වඩා ගෙවී ගිය දශක හතරක අතීත කාලය - වර්තමානය වන විට කාලය විසින් අපේ ජීවන වට පිටාව වෙනස් කරලා. ලිහිල් වෙලා. ඉතින් අපිට ඒ අතීතයේ ජීවත් වෙන්න බැහැ. අපි එදා බැද දමා තිබු තහංචි අද විහිළුවක් කෝළමක් ලෙස දකින දූදරුවන් සමගයි අද අපි ජීවත් වෙන්නේ. වැඩිහිටියන් අතර දියණියකට තියෙන වැට කඩොළු ඒ වැඩිහිටියන් අතර පුතනුවකට ඇත්තේ නැහැ. මේ වෙනස දෙමව්පියන්ගේ ආත්මාර්ථකාමී හැගීමක් වගෙයි කියලයි මීදුම දකින්නේ.අද තරුන වියේ දරුවන්ගෙන් වැඩි පිරිසක් ආදරය ප්‍රේමය විවාහයම ඉලක්ක කරගත්ත ඉමක් සදහා තෝරා ගත් මාවතක ගමන් කරනවා කියලා නිශ්චිත කරන්න අපහසුයි. විවාහ වන විට ඔවුන් ප්‍රථම ප්‍රේමයන් ගණනාවක් පසුකර විවාහය ප්‍රථම ප්‍රේමය බවට පත් කරගන්නවා යයි මීදුම හිතනවා. අහිමිවු ප්‍රේමය ගැන සිත සිතා හඩා වැලපෙනවාට වඩා තමන්ට ප්‍රේමකරන ආදරය කරන කෙනෙක් සොයා යාම වැදගත් බව බොහෝ දෙනා තේරුම් අරන් ඇති බවයි මීදුම සිතන්නේ. මේ දියුණු මානසික තත්වයක්ද විය හැකියි. මීදුම අනුමානය කරනවා.මීදුම තම අත්දැකීම් වර්තමානය වන විට විග්‍රහ කරන්නේ අහිමිවු ආදරයට හඩා වැලපීම නිශ්පල ප්‍රයත්නයක් ලෙසටයි. ඒ අත්දැකීම් මත සිට ගෙන අතීත කතා දකින්නේවියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්
හැඞූ දා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්....ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි....හඳක් නැතිදා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්....
මේ ගී
පද වැල අයිති
ගී පද
- බන්දුල නානායක්කාරවසම්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මේ
තුන්දෙනා ආදරය ප්‍රේමය දිහා බලපු ආකාරයටයි. පනින්න පෙර සිතා බලන්න කියනවානේ. ප්‍රෙමයත්
ඒ වගෙයි පටන් ගන්න පෙරත් ඒ වගේ හිතා බලන්න
ඕනි. තම තමන්ගේ වැඩිහිටියන් අනුමත කරයිද ?
යන ප්‍රශ්නයට කලින්ම විසදුම් සොයා ගත්තොත් වැඩිහිටියන් හා කතා බහ කර ඇතිවිය හැකි බාධක ප්‍රශ්න සමනය කරගතහොත් ආදරයෙන් වියෝවීමක් ඇතිවිය හැකිවෙන්නේ නෑ.
notes of imaginary
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.