notes of imaginaryවිචාරක ලියලා තිබුනා“ දාලා බලනවද - බලලා දානවද“ කියලා වියමනක්. විචාරකට ඕන වුනේ කමෙන්ට්ස් ගැන එයාගේ ප්‍රතිපත්තිය පල කරන්න.
මට මේ ලිපිය කියවන කොට මතක් වුනේ අපිට AL පන්තියේදී APPLIED සහ PHYSICS උගන්වපු අපේ සර්. එතුමාට තිබුනා “ දාලා අහක්ලා බලමු “ කියන පුරුද්දක්. ඔය සමීකරනයක් වගේ තැනකදී ආදේශයක් කරන කොට ආදේශය කරන්නේ “ අපි මේක දාල අහක්ලා බලමු “ කියලා. වැඩේ හරි ගියොත් ගොඩ. මාත් අනෙක්වා කොයික නැතිවුනත් ඒ විෂයයන් දෙකෙන් ගොඩ ගියා.
සර් ගැන මතක් වුනාම පංතියේදී උන දේවල් ගැන ලියන්න මතකය අවදි වෙනවා.
ඊට ඉස්සෙල්ලා විචාරකගේ කතාවට පොඩි ඌණ පූරණයක් කරන්න හිතුවා. නැත්නම් මේ වියමන දිග පලල අඩුවෙන හින්දා. පනින්නට පෙර සිතා බලන්න කියලා කතාවක් තියෙනවා . දාලා බැලිල්ලෙයි- බලලා දැමිල්ලෙයි හොද නොහොද සොයාගන්න මේ කතාවෙනුත් පොඩි තල්ලුවක් ගත්තොත් හොදයි කියලා මම හිතනවා. ගින්දර ගොඩක් තියෙනවා.මේකට අත දාන්න හිතෙනවා. විචාරකගේ තියරියේ හැටියට දාලා බැලුවොත් .................මොකද වෙන්නේ ?. පුච්ච ගන්න වෙනවා. එතනදී දාලා බැලිල්ල අනතුරුදායකයි. ගෙදර දොරේදී නම් දාලා බැලිල්ල ගුණදායකයි. ප්‍රතිචාර බලලා තමුන්ගේ වැඩේට බහින්න පුළුවන්.නැත්නම් වැඩේ අත්හරලා මොනවත් නූනා වගේ ඉන්න පුළුවන්. මෙතෙන්දී පනින්න පෙර සිතා බලන්න කියන එකටත් ගැලපෙනවා.
ඔය ප්‍රතිපත්ති සම්ප්‍රදාය කියන ජාති අවස්ථාවේ හැටියට වෙනස් කරලා ආයෙත් අළුතින් ප්‍රතිපත්ති සම්ප්‍රදායන් හදා ගන්න ඕනී. නැත්නම් ජීවිතේ පවත්වා ගෙන යන්න බැරිවෙනවා. අතර මගදී හිර වෙනවා. අපේ උත්තරීතර ලියවිල්ලත් ප්‍රතිපත්තියක්නේ !. මොකක්ද ඒකට වෙලා තියෙන්නේ ?.කරලා තියෙන සංශෝධන ගණන මතකත් නැහැ.මෙහෙ එහෙම උනාට ඇමරිකාවේ එහෙම නැහැ. කොටින්ම ලිඛිත ව්‍යවස්ථාවකුත් නැහැ කියලානේ කියන්නේ. ( ඔය ලිඛිත ව්‍යවස්ථාවක් නැත්තෙ ඇමරිකාවෙ නෙමෙයි එංගලන්තෙ. එංගලන්තෙ ව්‍ය්වස්ථාව කියන්නෙ ඔටුන්නෙ බලය සහ තවත් නීති පද්ධතියක එකතුවක්. අන්න ඒ නිසයි ලිඛිත ව්‍යවස්ථාවක් නෑ කියන්නෙ. - කමෙන්ට්ස් වලින් මේ නිවරදි කිරීම ආවේ. මම මේ වියමන edit කලත් මගේ වරද එහෙමම තියෙන්න අරිනවා.)
මම ආයෙත් මගේ AL පන්තියටම යනවා. ගිය මාසේ දවසක අපේ පන්තියේ හිටපු කෙල්ලෙක් ඒකිගේ මුළු පවුලත් එක්කම හමුවුනා. ඒකිගේ පුතා අපේ ගෙවල් ගාවයින් කසාදයක් කරගන්නව. පදිංචිය කොළඹ - කොල්ලාගේ කෙල්ල වෙඩින් එක ගන්නේ බෙලිහුල්ඔය තානායමේ. ඉතින් දුර ගෙවා ගෙන පාන්දරින්ම එන්න බැරි නිසා මතක් වුනා පංතියේ හිටපු “ ල‘යියාව “ ල‘යියට සිද්ධවුනා ඒකිගේ නව පරපුරටත් සහෝදර පරපුරටත් නවාතැන් පහසුකම් සලස්වන්න.
APPLIED සහ PHYSICS උගන්වපු අපේ සර් ආයෙත් මේ හමුවත් එක්ක මතක්වුනා.එදා අපි හිටියේ lab එකේ. පාඩම යන අතර විසේ ඇති මම පහන් දැලි ටිකක් ඇගිලි දෙකක උලා ගෙන මේ කෙල්ල ලගට පිටුපසින් ගිහින් කම්මුලට ලගින් ඇගිලි දෙක තියගෙන කතා කලා කෙල්ල මුහුණ පිටුපස්සට හැරෙව්වා. කම්මුලේ මගේ ඇගිලි දෙක වැදුනා. කෙල්ලගේ කම්මුලේ දැලි තැවරුනා. උන ඇබැද්දියට ප්‍රතිචාර දක්වන්න හිතා ගත්ත කෙල්ල අත්ල පුරා දැලි තවරා ගෙන ගිහින් තිබුන හදිස්සියට මම කියලා හිතගෙන සර්ගේ මූන පුරා දැලි තැවරුවා. මම බේරුනා.
සර්ගේ හොදකමට අපි දෙන්නම බේරුනා. දැන් කාලේ නම් ගෝලයෝ දෙන්නට නතර වෙන්න වෙන්නේ ගෙදර .
මේ හාදකම දාලා බැලිල්ලක් නෙමෙයි. බලලා දැමිල්ලකුත් නෙමෙයි.
එහෙම දාලා බලාපු තැන්වලින් පස්සේ කාලේ අත්දෙක පුළුස්සා ගන්න සිද්ධවුනා. බලලා දමන්න ගිය තැන් වල හිරවුනා.
විචාරකගේ මාතෟකාව උදුරා ගන මම දාලා බැළුවට අවුලක් වෙන එකක් නැහැනේ.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago
3 comments:
හිහ්...හී.........දැන් බලනකොට කවුරු කවුරුත් තම තමන්ගේ ජීවිත කාලේදී ඔය දාලා බැලිල්ලයි බලලා දැමිල්ලයි දෙකම කරනවා.
අර ගුරුතුමාගේ මූනේ අර දැරිවි දැලි ගාද්දී හොඳ සනීපයක් දැනෙන්න ඇති. ඒකයි දඬුවමක් කරන්න නැත්තේ.
අම්මපා ඉස්කෝලේ යනකාලේ ඔහොමවත් දෙයක් නොකරන එකා මොකාද?
ඔය ලිඛිත ව්‍යවස්ථාවක් නැත්තෙ ඇමරිකාවෙ නෙමෙයි එංගලන්තෙ. එංගලන්තෙ ව්‍ය්වස්ථාව කියන්නෙ ඔටුන්නෙ බලය සහ තවත් නීති පද්ධතියක එකතුවක්. අන්න ඒ නිසයි ලිඛිත ව්‍යවස්ථාවක් නෑ කියන්නෙ. ඒත් හරිට කියනවම් කියන්න වෙන්නෙ "එංගලන්තෙ ව්‍යවස්ථාවක් කියල වෙනම එකක් නෑ" කියලයි.
මේ ලිපිය රහයි, ඒත් තව පද සහ ඡේද බෙදල ඉඩ ඇරල ලිව්වනම් කියවන්නන්ට පහසුයි.
ඔය ලිඛිත ව්‍යවස්ථාවක් නැත්තෙ ඇමරිකාවෙ නෙමෙයි එංගලන්තෙ. එංගලන්තෙ ව්‍ය්වස්ථාව කියන්නෙ ඔටුන්නෙ බලය සහ තවත් නීති පද්ධතියක එකතුවක්. අන්න ඒ නිසයි ලිඛිත ව්‍යවස්ථාවක් නෑ කියන්නෙ.
---------මගේ මතකයට වැරදිලා. නිවරදි කලාට බොහෝම ස්තුතියි.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.