notes of imaginary
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
5 comments:
වටින කතා කීපයක්ම තියෙනවා, ඉස්සරහටත් ලියන්න..
මටත් ඔබ කිව්වට පස්සේ හිතෙනවා හමුදා අවමගුල් චාරිත්‍ර වලින් වෙන්න ඇති අර විදිහට මියගිය කෙනාගේ විස්තර කියන්නේ කියලා. හමුදාවෙනම් කරන්නේ හමුදා අවමංගල චර්යා නියෝග අනුව කටයුතු කිරීමයි. එය හමුදා රෙගුලාසි අනුව කෙරෙන්නක්. බැනර්වල ලියලා තියන විප්‍රකාර අර මියගිය මිනිහා දැක්කොත් වලෙන් නැගිටලා ඇවිත් බනිනවා යකෝ මරුනේ මමද තොපිද කියලා.
අපේ සරල ගති පැවතුම් හැම එකක්ම තව කොහෙන් හරි ආපු දෙයකින් අච්චාරු කරලා. උපතේ සිට මරණය දක්වා කතාව එහෙමවෙලා. මාකටින් ලෝකේ මෙළෝ හසරක් නැතිව වල්මත් වෙලා.
මම නම් කියන්නේ මම මැරිලා පැයය 24ක් යන්න කළින ්සියවම කටයුතු නිමාකොට ඉවර ඛල යුතුයි කියලා.
හදිසි අනතුරකින් මොලය මිය යාම නම් , වකුගඩු ඇතුළු සියළු ජීවත් වෙන අයකුට ජීයවත් වන්න දෙන්න. හැකි නම් ඇට මිදුළු අක්මාව පවා.
නමුත් බහතරයක් මැරිලා දවසින් කරනවාටවත් නැමත් නැහැ. අපේ අම්මාවත්.
නමුත් හාමුදුරුවරුන්ටවත් මේ ගැන ආදර්ශයක් දෙන්න කැමති නැහැතඉතින් කාටද නියන්නේ.
හොද අදහසක් මිත්‍රයා
Post a Comment