ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
10 comments:
ඉක්මනට නෙවෙයි, හැබැයි ජනතාවට ඕන වෙලාවට එයි.
ජනතා විමුක්ති පෙරමුණ ගැන එක්තරා මධ්යස්ථභාවයක පිහිටා ලියපු ලිපියක්. ඒක තමා අවශ්‍ය ය. ඕකුන් 89 මිනී මැරුවා ඒ නිසා උන් පස්සේ කරපු සියලු හොඳ දේවලුත් නරක් වෙලා පේනවා සමහරක් ට. ඇත්තට ම 1994 සිට ඔවුන් ලාංකේය දේශපාලයේ යම් ආදර්ශවත් ගමනක් ගියා. 2005 සිට ආපසු ගමන. මේ තත්ත්වය ගැන මමත් ලීවා. (http://sanhindha.blogspot.com/2009/01/blog-post_20.html) පක්ෂය නිවැරදි කරගන්න යම් සමාජමය කතිකාවක් ඇති වෙනවා නම් හොඳයි නේද?
ලංකාවේ- යටත් පිරිසෙන් දකුනේ- පීඩිත සමාජ ස්ථරයන්ගේ අභිලාෂයන් නියෝජනය කරන/කරන ලද දේශපාලන ව්‍යාපාරය වූයේ ජවිපෙ.ඔවුන් සමග කුමන පරස්පරතා කාට පැවතියත් මෙය වූ කලී පිලිගත යුතු කරුනක්.ජවිපෙ දේශපාලන සිතියමෙන් ඈත් වන තරමට සමාජයේ පීඩ්ත ස්ථරයන්ගේ ස්වරය දේශපාලන අවකාශයෙන් පිටමං වෙනු ලබනවා.ජවිපෙ පරාජය වීම හුදු ජවිපෙහි පුද්ගලික පරාජයකට වඩා සමාජමය පරාජයක් ලෙසයි මා අදහස් කරන්නේ.එය ඉදිරියේදී වඩාත් හොදින් අත්දැකීමෙන්ම සමාජයට පසක් කරගැනීමට අවස්ථාව ලැබේවි
විමල්ව ඉවත් කිරිමෙ ප්‍රතිපලය තමයි
නාමල්ගේ අදහසට මම එකඟ මෙන්ම එකඟ නො වෙන කරුණක් ඇත. මට කිව හැක්කේ ලාකේය දේශපාලනයේ ජනතා විමුක්ක්ති පෙරමුණේත් කථාවට මිස ක්‍රියාව නොමැති බවයි.
අපේ රටේ සාම්ප්‍රදායක් තමා ඕනේ ජඩ වැඩක් මිනීමැරුමක් වනචර කමක් කරලා 'සිංහල බෞද්ධ' ලේබලය අලවා ගත්තායින් පසුව උන්ගේ මඩ හෝදන්න උන්ට කඩේ යන්න යම් කාලකණ්ණින් පිරිසක් සැදී පැහැදී සිටීම. මෙතැනදී ජවිපෙ සම්බන්ධව සිදුවන්නේද එයමයි.
අයියෝ ඔයා සාගර වුණාට දිය බිංදුවක් තරමට හිතන්න බෑනේ. මේක බෞද්ධ සමාජයක්. අපි යන්නේ බුදු මඟ. අංගුලිමාල කියන මිනිමරුවට අපේ බුදු රදුන් සමාව දුන්නා. උතුම් පැවිද්ද ලබාදුන්නා. 'මහණෙනි, අංගුලිමාල නම් මිනිමරුවෙකි. ඕකා තව මොහොතකින් උගේ අම්මත් මරනවා.' කියලා නෙමෙයි පින්වත බුදු රදුන් දෙසුවේ.අන්තිමට අංගුලිමාන නම් මිනිමරුවා අංගුලිමාල මහ රහතන් වහන්සේ වුණා. අදත් අංගුලිමාල පිරිත මහ බලගතු පිරිතක් ලෙස භාවිත කෙරෙනවා. ඒක තමා මේ රටේ මිනිසුන්ගේ විඥානය.
ජවිපෙට විතරක් නෙමෙයි, කරුණා පිල්ලයොන් ආදීන්ටත් අපි ඒ විදිහට ම සලකනවා. ඕන ම මිනිහෙකුට නිවැරදි වෙන්න අවස්ථාවක් දිය යුතුයි. ඒත් අවස්ථා 9ක් දීලත් නිවැරදි නොවුණු එකාට අපේ රණ විරුවෝ දැන් අන්තිම පාඩමේ අන්තිම ඡේදය උගන්වනවා.
අංගුලිමාලලා, මර්වින් සිල්වලා, දුමින්ද සිල්වලා, සුසන්ත පුංචිනිලමෙලා දෙමළ නොවිච්චි එක කොච්චර හොඳද? දෙමළ උනා නම් මුන් ඔක්කොම ත්‍රස්තවාදියොනේ.
අනේ නෑ. ඔයා සාගර වුණාට හැමදේම අඤ්ඤකොරොස් වෙලානේ පේන්නේ. මම ඔය කිසිම සිල්වා කෙනෙකුට නිලමේ කෙනෙකුට පෞද්ගලිකව කැමති නැහැ. ඔය කියුපු හැම එකාම unpයෙන් දේශපාලන මුල්පොත කියවපු අය. මුල ම වැරදිලානේ.
ඇයි උඩින් පැනලා ගොහින් කතා කරන්නේ. පිල්ලයොන්ලා කරුණාලා ගැන මම කීවා.
"ජවිපෙට විතරක් නෙමෙයි, කරුණා පිල්ලයොන් ආදීන්ටත් අපි ඒ විදිහට ම සලකනවා. ඕන ම මිනිහෙකුට නිවැරදි වෙන්න අවස්ථාවක් දිය යුතුයි."
ඒ අය හටපු බෝධිසත්වයෝ නෙමෙයි. ඒ වගේ ම සිංහලත් නෙමෙයි. දැන් ත්රස්තවාදීනුත් නෙමෙයි. තේරුණා ද උක්කු පැටියට?
කොහොම උනත් jvp කියන්නේ නියම පක්ෂයක් හේතුව තමයි කැපකීරීම්
Post a Comment