Monday, July 23, 2012

අම්මා සහ මේකලා.




තංගල්ල පොළොම්මාරුව අන්ධ බිහිරි විදුහලෙන් අධ්‍යාපනය ලබා සැමට ආදර්ශයක් සපයන දිරිය සොයුරියණි,,, තංගල්ලේ අපිට නුඹ ආඩම්බරයක්....අපි හැමෝම මේ ලෝකය දකින්නේ එකම විදිහකටද..? නැහ... අපේ ඇස් වලින් අපි ලෝකය දකිනේ එක එක විදිහට... ඒ ඇස් ඇති අපි...ඒත් ඇස් නැති අය, දෙනෙත් අන්ධ අය ලෝකය දකින්නේ අපි දකින ආකාරයටත් වඩා හුගාක් වෙනස් විදිහට... අපි එක එක විදියට ඇස් දෙකෙන් ලෝකය දකිද්දී,, ඇස් නොපෙනෙන අය වෙනස් විදියකට ලෝකය දකිනවා... ඒ ඇස් වලින් නොවේ... හදවතින්... ඇස් දෙක නැතත් ඒ අයට හොද හදවතක් තියනවා... ලස්සන හදවතක්... ලස්සන විදිහට ලෝකය දකින්න, ඔවුන්ට ඒ හදවතින් පුලුවන්... අහන් ඉන්න,,, අහගෙන ඉන්න... මගෙ හදවත,,, මොනවද මුමුණනවා... ඇය හදවතින් ලෝකය දකින යුවතියක්... ඇගේ හදවතින් මුමුණන දේ,, මේ දවස් වල ඇය ගීයකින් ගයනවා... රුව නොවේ, ඇගේ හඩ, ඔබට මේ දිනවල හුගාක් හුරුපුරුදු බව නම් විශ්වාසයි... ඒ ගීය කියන්නේ මෙයාද..? සමහරවිට හිතට කුකුසක් ඇති වෙන්නත් පුලුවන්... විශ්වාස කරන්න... මේ ගීය ගයන්නේ මැයම තමයි... දෙනෙතින් නොව හදවතින් ලෝකය දකින ඇයමයි... ඈ චින්තනී මේකලා ගමගේ... මේකලා උපන්නේ හම්බන්තොට මිද්දෙණියේ තලාව කියන ගමේ... තාත්තා නැහැ... අම්මයි, අක්කලා තුන්දෙනෙකුයි, අයියයි... මේකලා පවුලේ බාලයා... මේකලා මෙලොවට බිහිවෙද්දීම ලෝකය දකින්න වරම් ලැබුනේ නැහැ... ඒත් මේකලා තංගල්ල පොළොන්මාරුව අන්ධ බිහිරි ව්දුහලෙන් උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තා.... පස්සේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ආවා... ඒ ඇවිත් බෞද්ධ සංස්කෘතිය සදහා විශේෂවේදී උපාධියක් ලබාගත්තා... ඇස් පෙනෙන අපටත්, අද ඇය මහා ආදර්ශයක් ලබා දුන්නේ එහෙමයි... බෞද්ධ සංස්කෘතිය පිළිබද උපාධියක් ගත් කෙනෙක් ගායනයට යොමුවීම? ඔබට පැන නගින ගැටලුවක් වෙන්න පුලුවන්... "මම උසස් පෙළ දක්වා සංගීතය ඉගෙන ගත්තා... විශ්ව විද්‍යාලයට ආවෙත් සංගීතය හදාරන්න... ඒත් බටහිර සංගීතයට අදාළ ස්වර ප්‍රස්ථාර ගැන බ්‍රේල් ක්‍රමයට කියා දෙන්න ආචාර්යවරුන්ට අවබෝධයක් නැහැ කිව්වා... ඒ අයගේ අකමැත්ත මත මට ඉගෙන ගන්න බැහැනේ... ඒ නිසා බෞද්ධ සංස්කෘතිය උපාධියට තෝරා ගත්තා... ඒත් මම කැම්පස් එකෙන් පස්සේ ජයසිරි සේනාරත්න ගුරුතුමා යටතේ භාත්ඛණ්ඩේ සංගීත ඩිප්ලෝමා විශාරද පාඨමාලාව හදාරන්න පටන් ගත්තා... දැනටමත් ඒ විභාග දෙකත් අවසන්... ඒ බ්‍රේල් ක්‍රමයට..." මේකලාගේ හඩට ආදරේ කරන රසික රසිකාවියන් රැසක්ම දැන් බිහිවෙලා... ඇයට ඒ දවස්වල සරසවියෙත් රසික පිරිසක් හිටියා... "ඔව්... පාසලේදීත් එක එක තරගවලට මම ගී ගැයුවා... විශ්ව විද්‍යාලයේදි සංගීතය හැදෑරුවේ නැතත් "හිමිදිරිය", "නළමුදු සුවද" වගේ වැඩසටහන් වලට මම එකතු වුණා... සරසවියේ "ගී පැදුරටත්" සහභාගී වුණා... කැම්පස් එකේදී මම ඒ අංශයෙන් නමක් දිනා ගත්තා... ඒත් මගේ නම රටට ගියේ නැහැ...." මේකලාගේ හඩ රටම හදුනාගත්තේ "අහන් ඉන්න අහගෙන ඉන්න" ගීයෙන්... ඒ වගේම ඇය ගයන තව ගීයක් තියනවා... මට දෙන්න... මට දෙන්න... මොහතකට මට දෙන්න... ඔබේ ඇස් යට නටන... පාට බිදුවක් දෙන්න... "දෘශ්‍යාබාධිත අන්ධ ජනසේවා මණ්ඩලයෙන් මගේ දුරකථන අංකය සොයාගෙන දවසක් නලින්ද ප්‍රේමරත්න සොයුරා මට කතා කළා... ඒ විශේෂ අවශ්‍යතා ඇති අය සම්බන්ධයෙන් හදන නාට්‍යක තේමා ගීතය ගයන්න... ඒ නාට්‍යයට තමයි මම "අහන් ඉන්න..." ගීය ගැයුවේ... මේ ගීතය ලියුවේ අක්ෂි තාක්ෂණය පිළිබද විශේෂඥවරියක් වන සෝමලතා හේරත් මැණිකේ මහත්මිය... සංගීතය රුවන් ශ්‍රී වල්පොල සොහොයුරාගේ... මගේ අනෙක් ගීයටත් මේ දෙදෙනාම තමයි දායක වුණේ..." "අහන් ඉන්න..." ගීතය වගේම රූපවාහිනි තිරය ඔස්සේ අපි දකින ඒ ගීයේ රූප රචනය එහෙමත් නැත්නම් විෂුවල් එකත් හැගුම්බරයි... එහි පෙනී සිටින්නේත් මේකලායි... ඒත් ඇයට මේ රූප රචනය කිසිදා දකින්න ලැබෙන්නේ නැහැ... "මේ ගීතය මම වින්දා... ඒත් ඒ තරමට අනෙක් අය විදීවි කියලා මම කවමදාකවත් හිතුවේ නැහැ... අපිට සංවේදිවෙන්න පුලුවන්... ඇස් නොපෙනුනත් අපිට විදින්න පුලුවන්... ඒ බව සමාජයටම කියන්නම ඕනේ... ඇස් දෙක නැහැ... ඒ වුණාට අපිට හදවතින් ගනුදෙනු කරන්න පුලුවන්... හදවතින් කරන ගනුදෙනුව හරිම ප්‍රබලයි... මේ ගීතයේ විෂුවල් එක රූගත කළේ අම්බලන්තොට උස්සංගොඩ මුහුදු වෙරළේ... මුහුදු රළ එක්ක ගල් උඩ ඉදගෙන අපි ඒක කළා... හරිම සුන්දර බවක් දැනුනා... ඇස් අන්ධ වුණත් මම මේ විෂුවල් එක දැක්කා... ඒත් හදවතින්... මම විදපු ආකාර‍යට රටේ අනෙක් අය විදීද දන්නේ නැහැ..." අපි හිතනවා දෙනෙත් නොපෙනෙන කෙනෙක්, එහෙමත් නැත්නම් කතා කරන්න බැරි කෙනෙක්, ඒ වගේම විශේෂ අබාධ ඇති කෙනෙක්,,, ඒ ගැන හිතින් දුක් වෙනවා ඇති කියලා... ඒ අපිට හිතෙන සාධාරණ සිතුවිල්ලක්... මේකලා ඊට කදිම පිළිතුරක් ලබාදුන්නේ... "නැහැ... මට දුකක් කණගාටුවක් නැහැ.... ඇස් පෙනෙන්නේ නැති කෙනෙක් වීම ගැන මට කිසිම දුකක් දැනෙන්නේ නැහැ... සමහර සාමාන්‍ය අයට වඩා වැඩි දුරකට මම ඉගෙන ගත්තා... මට උපාධියක් තියනවා... දැන් මාව රටම හදුනාගෙන ඉන්නේ... මගේ ශක්තියෙන් මම ආවා... ඉදිරියටත් මට ශක්තිමත්ව යන්න පුලුවන්... ඇස් දෙකෙන් දකින්න ඕනෑ දේ හදවතට දැනෙනවා නම් ප්‍රශ්නයක් නැහැ... බාධා නම් තියනවා... ඒත් ඒ එන බාධා ජය ගැනීමේ පිනත් මට තියනවා... එනිසා ඒ ගැන දුකක් නැහැ..." මේකලා දැඩි ආත්ම ශක්තියකින් කතා කරන්නේ.. ඇයට ඇය ගැන පුදුමාකාර විශ්වාසයක් ඇති බවයි අපට වැටහුණේ... "මගේ ඇස් දෙක අන්ධ වුණේ උපතින්මයි... මේ ලෝකයට මම ආවේ ඇස් දෙක නැතිව... හොදට පෙනිලා, හිටි හැටියේ නොපෙනෙන්න ගත් අයකුට ඇති වන දුක, මානසික කඩා වැටීම, අපි වගේ උපතින්ම අන්ධ අයට නැහැ... මම පවුලේ බාලයා... පුංචි කාලයේ ඉදලාම අපේ පවුලේ අයගේ ආදරය කරුණාව මට ලැබුනා... ඒ ලැබීම තුළ මානසික ශක්තියක් ලබා ගන්න මට හැකි වුණා... බ්‍රේල් ක්‍රමයෙන් අකුරෙන් අකුර ඉගෙන ගත්තා..." මේකලා වගේ කෙනෙක් සරසවියට ආවාම,,, අනෙක හම්බන්තොට වගේ ඈත කොනක ඉදන්,,, කොලඹ පරිසරය, අනෙක් සරසවි සිසුන් ඇයව කොහොම පිළිගන්න ඇත්ද...? "මම පුංචි කාලේ, එක වසරේ ඉදලාම මගේ යෙහෙළිය වුණේ දයානි බණ්ඩාර සොයුරිය... ඈත් මා සමගම සරසවියට ආවා... ඒක මටත්, එයාටත් හයියක් වුණා... ඒ නිසා තනිකම පාලුව දැනුනේ නැහැ... අනෙක මගේ බැජ් එකේ මං වගේ අන්ධ අය පස්දෙනෙක්ම හිටියා... අපි හතර දෙනෙක් හිටියේ එකම කාමරයේ... අනෙක් කෙනා පිරිමි ළමයෙක්... අපි පස්දෙනා නිතරම හිටියේ එකට... අපිට තවත් යාලුවෝ හිටියා... ඒ ඇස් පෙනෙන යාලුවෝ අපිට පොත් කියවා දුන්නා... සමහරු නම් මග හැරියා... පුස්තකාලෙට ගිහින් පැවරුම් ලියද්දි,, සමහර දේ උපුටා ගන්න ඕනේ... ඒ වෙලාවට යාලුවෝ වගේම එයාලගේ අම්මලාත් අපිට ඒවා ලියා දුන්නා..." සරසවි ජීවිතයට සමුදී සමාජයට පැමිණීම මේකලාට තවත් අභියෝගයක්... ඒ අභියෝගය ඇයට කෙසේ වෙන්නට ඇතිද...? "මම සරසවියෙන් පිටවූ විගසම ගීතයට යොමු වුණා... ඒ වගේම ගමේ,, තලාව ශ්‍රී ප්‍රඥානන්ද දහම් පාසලේ උගන්වන්න පටන් ගත්තා... මා දිහා සමාජයේ හැම දෙනාම අනුකම්පාවෙන් බලන්න පටන් ගත්තා... ඒත් මම ඒකට කැමති නැහැ... අනුකම්පාව නොවේ, මටත් මං වගේ අනෙක් අයටත් ඕනේ මිත්‍රශීලීත්වයයි..." ඇය උපාධිධාරිණියක්... රැකියා විරහිත උපාධිධාරිණියක්... රැකියාවක අවශ්‍යතාව මේකලාටත් තදින්ම දැනෙන්නක්... "මම තවම යැපෙන්නේ අම්මලාගෙන්... අයියා වඩු වැඩ කරලා, අක්කා ඇදුම් මහලා හම්බ කරන මුදලින් තමයි මමත් යැපෙන්නේ... දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හුගක් ඉන්නවා රැකියා නැතිව... අපිට හැම රැකියාවක්ම කරන්න බැහැ... ඇස් දෙක පෙනෙනවා නම් උපාධිය පැත්තක දමලා ඇගලුම් කම්හලක මහන්න යන්න පුලුවන්... ඒත් ඇස් දෙක පෙනෙන්නේ නැති නිසා ඒක කරන්නත් බැහැ... අපිට ගුරු වෘත්තිය කළ හැකියි... රටේ සංවර්ධනයට අපිවත් දායක කරගන්න, කියන ඉල්ලීම තමයි කරන්නේ..." මේකලා අප සමග කළ සාකච්ඡාව නිමා කළේ එක්තරා ඉල්ලීමක්ද කරමින්... "මගේ අම්ම කේ.ඒ.සෝමලතා... නිතරම මගේ කණවැල අල්ලාගෙන මා එක්කම හැම තැනකටම යනවා... මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය පිළිබද බාහිර උපාධිය ලබා ගන්න ආසයි... ඒත් දේශනවලට, විවිධ සංගීත වැඩසටහන්වලට නිතරම හම්බන්තොට ඉදලා කොලඹට එන්නේ කොහොමද.? ඒ නිසා මට කොලඹ ඉන්න හිටින්න තැනක් තියනවා නම් ඒක මගේ කටයුතුවලට පහසුවක්..." චින්තනී මේකලා ගමගේ ඇගේ ගායනය ගැන රසික ප්‍රතිචාර දැනගන්න කැමැත්තෙන් ඉන්නේ... ඇය සමග ඕනෑම කෙනෙකුට කතා කරන්න පුලුවන්... ලියන්න පුලුවන්... මේකලාගේ ලිපිනය:- 13/2, මැදකොරටුව, තලාව, කාරියමඩිත්ත... දුරකථන අංකය:- 0723816537

සටහන:- අජිත් අලහකෝන් (2011-12-04 වන දින "දිවයින" පුවත්පතේ "මීවිත" අතිරේකයෙහි පලවූ ලිපියක් ඇසුරෙනී)


"අහන් ඉන්න අහගෙන ඉන්න" ගීතය නැරඹීම සදහා ඉහත Link එක මත Click කරන්න....

http://www.youtube.com/watch?v=Mg_nPxc8B9U&feature=related

"මට දෙන්න... මට දෙන්න... " ගීතය නැරඹීම සදහා ඉහත Link එක මත Click කරන්න....

http://www.youtube.com/watch?v=kvXdw2n16PQ&feature=related

"සුසුමක උණුසුම" ගීතය නැරඹීම සදහා ඉහත Link එක මත Click කරන්න....

http://www.youtube.com/watch?v=FRRSy2KF1hg&feature=related

"හිරු මඩල වී සඳවතට එලිය දී විශ්වයම හැඩ කෙරුව ඔබයි මගෙ අම්මා" ගීතය නැරඹීම සදහා ඉහත Link එක මත Click කරන්න....


තංගල්ලේ අපි මුණු පොතට ලියු පෙරවදන

Thursday, July 19, 2012

කදු පාර ඈත අයිනේ. මිල්ටන් මල්ලව ආරච්චි.



අසන්න ආදරය.



කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා............................

කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා............................

යාළුවී දෙවටේ එදා -
කී කතා අසා

යාළුවී දෙවටේ එදා -
කී කතා අසා
යාළුවේ ඇඩුවා සදා  ජීවිතේපුරා

කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා............................
ගං ඉමේ
මාදං කැලේ
පාසලේ පුරා

ගං ඉමේ
මාදං කැලේ
පාසලේ පුරා

මා සොයා ආවා වගේ
වෙන් වෙලා  ගියා...........

කදු පාර ඈත අයිනේ - සද රෑක ඈ සිනාසේ
වේදනා සිතරයේ- ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා        ජීවිතේ පුරා        .ජීවිතේ පුරා.............................





මුල් ගායනය. මිල්ටන් මල්ලවආරච්චි.



Tuesday, July 10, 2012

බෙලිහුල්ඔය - හාගල කන්ද






notes of imaginary

Tuesday, June 12, 2012

සෙනසුරුටත් බට ‍කොළ



අද ජුනි 12 ‍වෙනිදා.



ආදරණිය සුදු,

ඉතින් ‍කො‍හොමද පහු ගිය සතිය ?.
අද මම ලියන්න හිතාගෙන ඉන්න ‍කොට ජීවි‍තේ ගැන කතා බහක් ඇතිවුනා . ඒකත්  ඔයාට කියන්න මට හිතුනා.
මම ම‍ගේ ‍කේන්ද‍රෙත් අරන් ‍ජොතිශ‍වේදි‍යෙක් ලගට ගියා.  එයා‍ගේ අදහසට අනුව මම ‍මේ ගෙවන්‍නේ රාහු මහදශා‍වේ අවසාන මාස කිහිපය. මහ අපල කාලයක් ‍ගෙවලා ඊට පස්‍ ‍සේ  ලබන්‍නේ  ගුරු මහදසාව. ම‍ගේ කේන්ද‍රේ  පලාපල කියන ‍බො‍හෝම ‍දෙ‍නෙක්  මට කියලා තියෙනවා   ගුරු   මහදසා කාලය ම‍ගේ ‍ජීවිත‍යේ හොදම කාලයයි කියලා.  ම‍ම කතබහක ‍යෙදී ඉන්න ගමන් ‍මේ විස්තරය ම‍ගේ මිත්‍රයෙකුට  කිව්වා.  ජීවි‍තේ ‍ අවසන්  ‍කොටස පටන් ගන්න ‍කොට ‍හොද කාලයක් ලැබිලා වැඩක් නෑ . අපි ඉගනගත්ත කාල‍යේ අපි මහන්සි ‍වෙලා වැඩ කරපු කාල‍යේ , තමයි ජීවිත‍යේ ‍හොද කාලය ‍වෙන්න ඕනි . එත‍කොට තමයි මුළු ජීවිතේම ‍හොද කාලය ‍වෙන්‍ ‍නේ   කියලා පසු  වදනකුත්  එකතු කලා.

එයා‍ මට කියනවා ,  ‍  බැරි‍වෙන කා‍ලෙට තමයි ‍හොද කා‍ලේ එන්න ඕනි.   එත‍කොටයි ජීවිත‍යෙන් ‍කොන්‍ ‍වෙන්‍ ‍නේ නැතිව තනි‍වෙන්‍ ‍නේත්  නැතිව ජීවිතය යහපත් විදියට විදින්න  පුළුවන් ‍වෙන්‍ ‍නේ  කියලා. මිත්‍රයා උදාහරණ ‍‍ගේන් න  පටන් ගත්තා “ ‍ගෝල්ඩන් කී “ සභාපතිට ‍වෙලා ති‍යෙන ‍දේත් වැඩි ‍පොලී ගන්න ආ‍යෝජනය කරපු ගණු‍දෙනු කාරයින්ට ‍වෙලා ති‍යෙන ‍දේත් පෙන්නල.
ආශාවට බදා ගත්තට අහු‍වෙන්නේ අපිට උරුම ප්‍රමාණය විතරයි කියලා මට හිතුණා.මේ අත‍රේ සරත් ‍ෆොන්‍ ‍සේකා මහතා ඉරිදා දිවයින (මැයි  27 ) කතා බහකට එක්‍ ‍වෙමින් ‍ කියලා තිබුන ‍දෙයක් මට සිහිපත් වුනා.

දිවයින ‍මෙ‍හෙම ප්‍රශ්නයක් අහනවා. “ - යුද්ධය, දේශපාලනය, සිරගත වීම ඔබේ ජීවිත කාලය තුළ මූලිකව අත්විඳින්නට වූ සිද්ධීන් ත්‍රිත්වයක්‌. අද දවසේදී එම ජීවිත අත්දැකීම් දෙස බලන විටදී ඇති වන හැඟීම කෙබඳු එකක්‌ද?“ කියලා .
සරත් ‍පොන්‍සේකා මහතා ‍ගේ පිළිතුර  ‍මේ විදියටයි. “- ඔබ සඳහන් කළ මාර්ග තුනම දෛවෝපගතව මා ගමන් කළ යුතු මාර්ග තුනක්‌ ලෙසයි මා දකින්නේ.

ජනාධිපතිවරණයට කලින් සිළුමිණ පත්‍රයට අනාවැකි ලියන ජොතිශ‍වේදි‍යෙක් සරත් ‍පොන්‍සේකා මහතා ගැන අනාවැකි පල කර තිබුනා. සරත් ‍පොන්‍සේකා මහතා‍ගේ ඉදිරි කාලය අයහත් බවත් ඔහුට අසීරු කාලයක් පහු කරන්නටත් සිදුවන බවත්  කියා තිබුනා.

මම එය විශ්වාශ ක‍ලේ චන්දදායකයින් සරත් ‍පොන්සේකා මහතාට චන්දය ‍දෙන්න වලක්වන්න ඔහු ‍කෙ‍රෙහි ති‍යෙන විශ්වාසය බිදවන්න  කියන ලද  ‍දේශපාලන අනාවැකියක් ‍ලෙසයි. නමුත් පසුගිය අවුරුදු තුනෙත්     තවමත් විදින අතවර දිහා බලපුවහම ජීවිත‍යේ  විදින්න ති‍යෙන ‍දේවල් ‍කොයිතරම් තරාතිරමක ‍කෙ‍නෙකුට වුනත් වලක්වා ගන්න බැහැ කියලා හි‍තෙනව.  ඔයා ‍සෙනසුරුටත් බට ‍කොළ කැව්වා කියලා අහලා කතාවක් ති‍යෙනවද   ?.


ටැමිල් ඩයස්‍පෝරාව ‍මේ දගලන දැගිලිල්‍ ‍ලේ හැටියට සරත් ‍පොන්‍සේකා මහතා ජනාධිපති වුනානම් ‍, මහින්ද මහත්තයාට එල්ල කරන ‍චෝදනා සරත් ‍පොන්‍සේකා මහතාට එල්ල ‍නොකර ඉදියි කියලා මට හිතන්න බැහැ. සේනාධිනාය   කයා  අණ ‍‍දෙන්‍ ‍නේ   හමුදාපතිට. හමුදාපතියි යුද්ධය ‍මෙ‍හෙයවන් ‍නේ .   යුද්ධ නීතියට අනුව කටයුතු කරන වගකීම පැව‍රෙන්‍ ‍නේ හමුදාපතිට. කියලා  ‍නොකියා හිටී කියලා හිතන්න පුළුවන්ද ? එ‍‍හෙම උනානම් ජාත්‍යන්තර අධිකරණයකට අ‍පේ වීරයා අර‍ගෙන යන්න ටැමිල් ඩයස්‍ ‍පෝරාව කටයුතු ‍නොකර ඉදියි කියලා ‍මේ ‍වෙන ‍දේවල් වල හැටියට හිතා ගන්න බැහැ.


මම ‍ගෙව් ‍වේ  ජවිත‍යේ ‍හොදම කාලයක් ‍නෙ‍මෙයි. වැඩ කරන්න ති‍යෙන කා‍ලේ කරන වැඩවල නියම ප්‍රතිපල ‍නොලැ‍බෙන ‍කොට ‍ඒ හොද කාලයක් ‍නෙ‍මෙයි කියලා හි‍තෙනවා. ඔයාලට ‍මේ ‍හොදම කා‍ලේ . ඉගන ගන්න ති‍යෙන කා‍ලේ ඉගන ගන්න ඕනී. මම මුලින්ම කිව්වා ව‍ගේ ‍ ඉහලට ඉගන ගන්නවා කියන එක ජීවිත කා‍ලෙටම කර ගන්නා ‍හොද ජීවිත රක්‍ෂණයක්. දැන් තරගකාරී රැකියා ‍වෙළද ‍පොල ජයගන්න  සාමාන්‍ය උපාධියකට බැහැ. පංති සාමාර්ථයක් ති‍යෙන්න ඔනී. එ‍තෙන ඉලක්ක කරගන්න දැන්ම ඉදන්ම.ඔබට සුබ අනාගතයක් හදා ගන්න අත්තිවාරම ති‍යෙන්‍ ‍නේ  එතනයි.

මම නතර‍වෙන්නම් සුදු,ආ‍යෙත් දවසක ලියන්නම්.










ලොකු 


Monday, June 11, 2012

මේ හැටි දුර පියමං කරලා

Tuesday, June 05, 2012

දියණියනි , ජූනි මස 5 වැනිදා



 2012 ජූනි මස 5 වැනිදා


ආදරණිය සුදු,


ම‍ගේ 31 දා ලිපිය කියෙව්ව හැටි‍යෙම ව‍ගේ සුදු මට කතා කලා. මට හරි සතුටුයි ම‍ගේ සමහර අදහස් වලට සුදු එකග වුනාම.
මම එදා ‍කේන්දර ගැලපිම් ගැන අදහසක් පල කලා. ‍‍මේවා පිලිබදව ම‍ගේ  නම් අදහසක් නැහැ. ඒ මට මේ පිළිබදව සාස්ත්‍රීය අවබෝධයක් නැති නිසයි.
කේන්දරය සකස් කරන්‍ ‍නේ   උපන් දිනය මුල් කර‍ගෙන. විවාහ ගැලපිම් සදහා ‍‍ජොතිශාස්ත්‍රාඥ‍යෝ උප‍යෝගි කරගන්නා දත්තයන්  ති‍යනවා. ‍මේවා හදුන්වන්නේ  ‍පො‍රොන්දම් කියලා.  ‍පො‍රොන්දම්  විස්සකින් සමන්විතයි. බොහෝ ජොතිශාස්ත්‍රාඥ‍යෝ මේ පොරොන්දම් විස්ස කේන්දර දෙක හා  ආදේශ කර  ගැලපීම් බලනවා. ඒවා  සුබ,අසුබ මධ්‍යස්ථ ලෙස වර්ග කර සුබ පල සියයට පනහකට වඩා වැඩි නම් විවාහයට සුදුසුයි කියා තීරණය කරනවා.    
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එක නැකතකින් උපන්නානම්  ,  රෙහෙන අද පුස ...............ආදී නැකැත්  කණ්ඩායම් තුනකට බෙදා සුබ ,අසුබ , මධ්‍යම ලෙස කාණ්ඩ කර විවාහයට සුසුදුසුද නුසුදුසු ද යන්න   තීරණය කරන ක්‍රමවේදයකුත් තියෙනවා.
මෙම ක්‍රමවේදයන්  අසාස්ත්‍රීයයි  කියලයි මට හිතෙන්නේ.
එහෙනම් ලොකුට  සමාජය  අදුරා ගෙන විවාහයට කෙනෙක් තෝරා ගන්නා එක සුදුසුයි කියන මතවාදය අනුමත කරන්න වෙනවා නේද ?. සුදු මගෙන් ප්‍රශ්නයක් අහයි.
අපිට ගැටුම් අවම කර ගතහැකි  ක්‍රමවේදයක්  සකස් කරගත යුතුයි කියලයි මට හිතෙන්නේ.වැඩිහිටියෝ කියලා අපි මුලින්ම හදුන්වන්නේ අම්මයි තාත්තයි නේ ?. කවුරු හරි විවාහය සදහා තෝරා ගන්නා කෙනෙක් හමුවුනොත් මුලින්ම එයා අම්මටයි තාත්තටයි හදුන්වලා දුන්නෝත් එයාලට පුළුවන්වේවි නේද හොද නරක යෝජනා කරන්න. එතකොට වෙන බලපෑම් අඩුයි. අවදානමත් අඩුයි. අම්මයි තාත්තයි ගැලපෙයි කියලා හිතන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා කලින් හිතන්න වෙනවා. ඒ අනුවයි තමන් සැලසුම් සකස් කර ගන්න ඕනී.
වැඩිහිටියන්ගේ සම්ප්‍රදායික නිර්ණායකයන් කිහිපයක් තියෙනවා. සමහර නිර්ණායක වල දැන් කාලේ වලංගු භාවයක් නැහැ කියලා මට හිතෙනවා. කුලය කියන එක වැඩ වසම් යුගයේ ඇතිවු දෙයක්.ගොවිතැන් කල ඇත්තන්ගේ පරපුර ගොවිකුල ලෙසයි හැදුන්වුයේ. රජ වාසලට සේවය කලෝ රදළ වුවා. මේ වගේ එක් එක් වෘත්තීන් අනුව වර්ග කලා. අද මේ තත්වය වෙනස්. වෛද්‍ය,ඉංජිනේරු, ...................ආදී වෘත්තින්අනුව  වර්ග කලොත් එවැනි නව පරපුරක් ඇතිවේවි.මෙතෙන්දී මට නම් යෝජනා කරන්න වෙන්නේ තමන්ගේ වෘත්තීයට තමන්ගේ සමාජ පරිසරයට ගැලපෙන කෙනෙක් තෝරා ගත්තොත්, පවුල් ජීවිතයේ ගැටුම් අඩු බවයි.

ඉතින් අදට නතරවෙන්නයි මගේ අදහස. ආයෙත් දවසක මම ලියන්නම්

තෙරුවන් සරනයි.










ආදරණිය ලොකු 

Thursday, May 31, 2012

දියණියනි, - මැයි 31 දා.

notes of imaginary

 

31.05.2012

ආදරණිය සුදු,

thank  loku. මට ලැබුන sms පණිවිඩයේ තිබුනා. මගේ විච්චූරනේට සුදු පිළිතුරු එව්වේ එහෙමයි.

 ඒත් මම කියාගෙන එන කතන්දරය සුදුට කියන්න හිතුනා. එක විවාහයක් සිද්ධවුනේ මෙහෙමයි. පාසල් කාලයේ ඉදන් දැන ඇදිනගෙන ආදරවන්තයෝ වෙලා හිටියා. දෙන්නම උසස් පෙල උසස් විදියටම සමත් වෙලා ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලය හමාර කරලා විවාහ වුනා. දෙන්නගේ කේන්දර ගැලපෙන්නේ නෑ කියලා දෙපාර්ශවයේම වැඩිහිටියෝ විවාහයට කැමැත්ත දුන්නේ නෑ. ඒත් මේ ආදරවන්තයෝ දෙන්නාට විවාහ වෙන්නම ඔන වුන නිසා දෙමව්පියෝ කැමැත්ත දුන්නා.

එක දරුවෙකුත් ලැබිලා දරුවට මාස හත අටක් වයසේදී දෙන්නා දෙපලකට වුනා. මාත් මේ දෙමවිපියන්ගේ උවමනාවට මේ දෙන්නත් එක්ක කතා කලා . දෙන්න ‍වෙන ‍වෙනම කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දරුවා ලැබුනට පස්සේ එයා මට ආදරේ නෑ කියලා. මේ දෙන්නා ප්‍රාර්ථනා කරන ආදරේ මෙකක්ද කියලා මට තේරුම් ගන්න බැහැ. මේ දෙන්න සමථයකට පත්කරන්න ගත්ත සියළු උත්සහායන් ව්‍යාවර්ථ වෙලා අද වන විට වෙන්වන්න අධිකරණයේ පිහිට පතා ගෙන වැඩ කටයුතු කෙරෙනවා.

මේ වරද කේන්දරේද ?. අනවබෝධයද ?.

අනිත් යුවල ටියුෂන් ක්ලාස් එකේදි හමුවෙලා .එක බස් එකේ ගමන් ගිහින් දෙවෙනි වර උසස් පෙල ලියා ගත්තා විතරයි කසාද බැන්දා. කඩුල්ලි මේ මනාල මහත්තයා ‍ගේ අම්ම‍ගෙන්  විවාහ උත්සවය දවසේ ඇහුවා ප්‍රශ්ණයක්. “නංගා  ඔයා පුතා බෝනික්කෙක් ඉල්ලලා අඩන කොට බෝණික්කෙක් අරන් දුන්නා වගෙයි නේද ? “ කියලා  කඩුල්ලීගේ ප්‍රශ්ණයට  උත්තරය  අවුරුදු එකහමාරක් විතර යන කොට ලැබුණා. ‍මේ ‍දෙන්න‍ගේ ‍ගෙදර ප්‍රශණ පත්‍රයට උත්තර ලියන්න බැරිව මාස හත අටක දරුවෙක් සමග  දැන් දෙන්න දෙපලේ !.

සුදුලාගේ ව‍ගේ තරුණ වයසේ  අය  මග දෙපස තියෙන අන්ධකාරේ දකින්නේ නැහැ. ඈතින් ‍පෙ‍නෙන මිරිගු‍වේ ආලෝකය විතරයි දකින්නේ. විවාහයට ‍පෙර දැන අදුනා ‍ගෙන ඉන්න ඔනී කියන මතය තරුණ වය‍සේ දරුවන්  නිවරදිව අදුරා ගන්න පටන් ගන්‍නේ විවාහ‍යෙන් පස්‍ ‍සේ කියලයි ඉස්‍සෙල්ලා කියාපු සිද්ධි ‍දෙ‍කෙන්ම මට හි‍තෙන්‍ ‍නේ.

දැන  දරන අදුනා ගන්න ආදරේ කලත් විවාහයේ ප්‍රශ්නත් සමගයි දෙන්නා අදුනා ගන්න පටන් ගන්‍නේ.. එතනදී වගකීම් බෙදා ගන්න  ගන්නා උත්සහායේදී වගකීම් වලින් බැහැර වෙන කොට ගැටුම් ඇතිවෙනවා. ‍බැදීමක් වගකීමක් නැතිව ‍කොයිතරම් දැන ඇදිනගත්තත් වැඩක් ති‍යෙනවද ?. යෝජිත විවාහ ගැන තර්ක විතර්ක කරන තරුණ වය‍සේ දරුවන්  මම කැමති දැන අදුනා ගත් අ‍යෙක් සමග විවාහ ‍වෙන්නයි  කියලා තර්ක කරනවා.

අධ්‍යාපනයම දැණිමයයි හිතන්නත් බැහැ. විභාග සහතික ‍‍කොයිතරම් තිබුනත් ප්‍රායෝගික  නැත්නම් වැඩක් ති‍යෙනවද ?. වැඩිහිටි‍යෝ තම ජීවිත‍යෙන් අත්දැකීම් එක්රැස්කර ගත් අය. වැඩිහිටියන් සිතන්නේ ඒ අත්දැකීම් මූලාශ්‍රකර ගෙන. ඉතින් එයාලට ඇහුම්කම් දීමත් වැදගත්වනවා.

අපි ලබන සතියේ ආයේ හමුවෙමු. පොසොන් පෝයත් ලගයි. සිල් ගන්න අදහසක් එහෙම නැද්ද. ලොකු නම් සිල් සමාදන් වෙන අදහසින් ඉන්නේ.

තෙරුවන් සරනයි.

ආදරණිය ලොකු 



Friday, May 25, 2012

When I am dead

notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon