බේකර්ස් බෙන්ඩ් - බෙලිහුල්ඔය

නොන්පෙරියල්

හුණු ගල් පොකුණ - කල්තොට

හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ.



යාපහුව

දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. මේ දළදා මැදුරට යන පියගැට පෙළයි.


සමනලවැව

වලවෙිි ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජලයෙන් පෝෂිත වන සමනල වැව.



කළුදිය පොකුණ

මිහින්තලේ.

2022-06-16

බලන්ගොඩට බත සපයන කල්තොට .


කල්තොට පුරාන ජනපදයක්. පසු කාලීනව වලවේ ගග හරස් කර අමුණක් ඉදිකිරීමෙන් වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා.

පුරාණයේදී කල්තොට ඉතා සශ්‍රීක භූමියක් වශයෙන් පැවති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගැනීමට වලවේ ගඟ හරහා තැනූ පැරණි අමුණ ඉංග්‍රීසි පාලන යුගයේ දී ප්‍රතිසංස්කරණය කරලා. වලවේ ගඟ හරහා ඉදිකළ පාලමට නුදුරින් මෙම අමුණ පිහිටා තිබෙනවා. අදත් ඉන් ලබාගන්නා ජලයෙන් කුඹුරු අස්වද්දනවා.

කල්තොට වම් ඇල සහ දකුණු ඇල ලෙස මෙම වාරි ඇළවල් හදුන්වනවා. මෙම ව්‍යාපෘතිය මගින් ගොවි ජනපද ව්‍යාපාරයක් ඇරඹීමෙන් පසු කල්තොට සරු පස ගොවි බිමක් බවට පත්වුනා.

බලංගොඩට බත සපයන්නේ කල්තොට ගොවි ජනපදයයි.

 

හුණුගල් පොකුණ

හුණු ගල් පොකුන

හුණුගල් පොකුණ

දුවිලි ඇල්ල

සංවර්ධනයවු කූරගල

කල්තොට ගොවි බිම්.

කල්තොට යාමට බලංගොඩ සිට විකිලිය, රජවක, මොලමුරේ, තංජන්තැන්න හරහා ගමන් කරන්න ඕන. මෙය පුරාන ගමන් මගක්. මෙම මාර්ගය ඔස්සේ තනමල්විල හරහා කතරගම දක්වා යා හැකියි . එම මගම නව්‍යකරනය වී කතරගමට මත්තල දක්වා වර්තමානයේ යා හැකියි.

බලංගොඩ, කිරිමැටිතැන්න, වැලිගෙපොල, කපුගල, දියවින්න හරහාත් ගොස් කල්තොට - දියවින්න මාර්ගයට සම්බන්ධ වනවා. මේ මාර්ග දෙකින් පළමු පාර ඇදී යන්නේ කඳුකර බෑවුමක් මැදින්. කල්තොටට යන ඔබට මධ්‍ය කඳුකරය අවසාන වී පහතරට වියළි කලාපය ආරම්භ වන ආකාරය බෙල්ලන්ගල බෑවුමේදී නිරීක්‍ෂණය කරන්න පුළුවන්.

බෙල්ලන්ගලකන්ද මධ්‍යම කඳුකරයේ අවසානය සටහන් කරන දකුණු බෑවුමයි. එහි උතුරු මායිමේ රජවක ඖෂධ උද්‍යානය පිහිටා තිබෙනවා අතරමැදි කලාපයට අයත් මෙහි වියළි කලාපීය වනාන්තර වගේම තෙත් කලාපීය වනාන්තරත් පැතිර තිබෙනවා.

බෙල්ලන්ගල කන්ද වටිනා ඖෂධයක් වන ගම්මාලු ගස්වලට ප්‍රසිද්ධයි. සමහර තැන්වල ගම්මාලු ගස් මණ්ඩි වශයෙන් දක්නට තිබෙනවා. සංජීවනී නම් දුලබ ඔසු පැළෑටිය ද මෙහි තිබෙනවා. බිංකොහොඹ, කොතලහිඹුටු වැනි ඖෂධ වගේම අප රටට ආවේණික මැන්දෝර ගස්ද, නෙල්ලි, බුරුත, වීර, කහට, කිරිකෝන් ආදී ගස්ද මේ වනාන්තරයේ අගය ඉහළ නංවනවා.

මෙම දුර්ග මාර්ගයේ ගමන් කරන විට පහළින් වලවේ ගංගා මිටියාවත හා උඩවලව වනෝද්‍යානය අලංකාරව දිස්වන අයුරු දැකගත හැකියි. බෙල්ලන්ගල කන්ද පසුකරන විටම පිවිසෙන්නේ කල්තොට තැනිතලා බිමටයි. මෙය කුඩා නගරයක්. නාගරීකරණය නොවූවත් රෝහලක්,පොලිසියක්, පාසල් සහ වෙළද පලක් ආදී රාජ්‍ය ආයාතන පිහිටා තිබෙනවා.

බලංගොඩ සිටදුර කි. මී. 32ක් .

ක්‍රිව 1018 – 1029 වකවානුවේ “වීර මහාසූරිය” නම් රජ කෙනකු කල්තොට ප්‍රදේශාධිපතිව කටයුතු කර ඇති බව පැව‍සෙනවා. එමෙන්ම චූල වංශයේ සඳහන් පරිදි ඉන්දියාවේ සිට පැමිණි “පාණ්ඩ්‍ය” නැමැති කුමාරයකු කල්තොට පරිපාලනය කල බවද කියවේ.

ඉන් පසු ක්‍රි.ව. 1042 – 1043 කාලය තුළ වික්‍රම පාණ්ඩ්‍ය නැමැති කුමරකු කාලතිත්ථ හෙවත් කල්තොට රාජ්‍ය කරවූ බව ද කියවේ. කල්තොට වියලි දේශගුණයකින් යුත් සුන්දර ගොවි බිමක්.

කල්තොට ගමානාන්තයට පෙර අපට දූවිලි ඇල්ල ,කූරගල.හමුවනවා. කල්තොට ප්‍රදේශයට යන අපිට ඓතිහාසික බුදුගල ආරන්‍ය , සඳගනා නුවර, උඩුපියන් ගල්ගේ ,ගල්ටැම්යාය අපට හමුවෙනවා.

දර්ශනීය දියවින්න ඇල්ල මේ ගමනේදී අපට පාරිසරික වින්දනයක් ලබා දෙනවා.

 

දූවිලි ඇල්ල - දියවින්න

 

 

notes of imaginary

2022-06-15

වියපත්වු මතකයක්.




සිරිමා – ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා බවට එම ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් කම්කරු වෘතියට අමතරව යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙන්ය.
අද මගේ කතාවේ කතානායිකාව නමින් ‘මීනායි ”ය. මට වයස දහ අට විස්ස වන අවදියේ ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල ගැමි කාන්තාවක මෙන් පිලිවෙලකට ජීවත් වන්නියකි . පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න පුංචි ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස මගේ පියා බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි. ඒ අරපිරිමැස්මෙන් හරි හම්බු කර ගත් වත්කමය.වතු ද්‍රවිඩ ජාතිකයන් තම වත්කම් රැස් කරන්නේ රත්තරන් වලින්ය.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට විශාල මුදලකි. මගේ මතකය නිවරදි නම් එකල කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දෙකක් පමන විය.
මා සදහන් කරන මෙම කාලයේ ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා – මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය. ඈ
වරින් වර මුදල් ඉල්ලුවත් කල් මරමින් ආපසු ගෙවීම පැහැර හැරියේය.

කාලය ගත විය.
එක් උදෑසනක මෙම ව්‍යාපාරිකයා හමුවීමට ව්‍යාපාරික ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් ) සාප කරමින් බිමින් ගත් වැලි අහුරක් අහසට විසිකර, වෙනත් කර කියා ගත හැකි දෙයක් නොමැතිව සාප කරමින් ආපසු ගියේය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර ද දේශපාලන කීර්තියද පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුට, ඔහුගේ නමින් කිසිදු දේපලක් නැත.
මීනායි අම්මාගේ සාපය විසින් ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපලත් ඔවුනුත් විනාශකර දමන ලද්දැයි මේ සිද්ධිය සිහිපත් වෙන විට මට සිතෙන්නේය.

notes of imaginary

2022-06-12

යාපනයේ මතක - ඩෙල්ෆ් දූපත 3.



ලියලන ගල

ආදම්ගේ පාදය

පරවි කූඩු 

ලන්දේසි උසාවි සංකීර්නය

කැලෘ අශ්වයින්

කැලෑ අශ්වයින් 

බලකොටුව


අපි දූපත ඇතුලතට ගමන් ඇරඹුවෙමු. අපේ නඩයේ අවශ්‍ය තාවය වුයේම වල් අශ්වයින් නැරඹීමය. වර්ෂා සහිත කාලගුණය නිසා එලිමහනට අශ්වයින් පැමිණීම අඩු බව මාර්ගෝපදේශකයාගේ මතය විය. අපි අශ්වයින් ඉලක්ක කරගෙන උන්ගේ වාස භූමිය සොයා ගෙන ඉදිරියට ගමන් කලෙමු

අතර මගදී අප දුටු ඩෙල්ෆ වල සිහිවටන කිහිපයක් මෙසේය

ලියලන ගල

මෙම පාෂාණය සතුව අද්භූත බලවේගයක් පවතින බව දූපත් වාසීන්ගේ විශ්වාස කරයි. ඔවුහු මෙම පාෂාණය සඳහා මල් පහන් පුදා නොයෙකුත් පුද පූජා පවත්වති . අප එතනට යනවිටත් මල් පහන් පුදා සරසා තිබිනි. “ලියලන ගල” ලෙස හඳුන්වන මෙම පාෂාණය පොළොවේ සිට අඩි පහක් පමණ උසින් යුක්තවේ. ඔවුන්ගේ විශ්වාසය මෙම ගල වැඩෙන පාෂාණයකි.

මෙම කුලුන යටත් විජිත යුගයේ ප්‍රදීපාගාරයක් ලෙස යොදාගන්නට ඇතැයි උපකල්පනය කෙරේ. මෙහි මැද කොටස දුම් කවුළුවක් ලෙස ඉදිකර ඇති අතර සුළං ඉහලට රැගෙන යාමට හැකිවන අයුරින් සකස් කර ඇත. මෙය බොහෝ විට පහල කොටසේ ගිණි දල්වා නිකුත්වන දුම මගින් නාවික යාත්‍රා සඳහා සඥා ලබාදීමට යොදා ගත්තා විය හැක. නමුත් මෙම කුලුන පිළිබඳ තවත් මතයක් වන්නේ මෙය යටත් විජිත යුගයේ මෙරට තුල සිදුකල මිනුම් කටයුතු සඳහා ඉදිකර ඇති බවකි.
අපේ පිරිසේ අරමුණ වුයේම ඩෙල්ෆ්ට් දූපතේ දැකිය හැකි මෙම අශ්වයන් නැරඹීමය. වර්තමානයේ කැලෑ අශ්වයන් ලෙස හැඳින්වුවද අතීතයේ මෙම දූපතට අශ්වයින් ගෙනවිත් ඇත්තේ ලන්දේසීන් වන අතර ඔවුහු මෙම දූපත තුලදී දහස් ගණනින් අභිජනනය කර ඩෙල්ෆ්ට් හරහා වැටී ඇති මුහුදු මාර්ගය ඔස්සේ ගමන් ගන්නා නෞකාවලට අශ්වයින් අලෙවි කොට ඇත.

පැරණි අශ්ව ඉස්තාලය
ලන්දේසීන් විසින් අශ්වයින් අභිජනනය කර විකිණීමට ගාල් කිරීම සඳහා මෙම පැරණි අශ්ව ඉස්තාලය ඉදිකර ඇති එකකි.
මෙවැනි බයෝබැබ් ගස් ඉතියෝපියාව නිජබිම කරගත් ශාක වර්ගයකි. වර්තමානයේ මෙරට පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක වල දක්නට ලැබෙන අතර මෙය අරාබි වෙළඳුන් විසින් දකුණු ආසියාවට රැගෙන ආවා යයි සලකනු ලබයි. ඩෙල්ෆ් හි ඇති මෙම බයෝබැබ් ශාකය ඩෙල්ෆ්ට් දූපතේ අශ්වයින්ගේ අවශ්‍යතාවයන් මත ලන්දේසි යුගයේ රෝපණය කරන්නට ඇති බව සිතාගත හැක. වර්තමානයේ ඩෙල්ෆ්ට් හි දක්නට ලැබෙන බයෝබැබ් ගස ඉතා විශාල වටප්‍රමාණයකින් යුක්තවේ. විශාල බෙනයකින්ද යුක්ත වේ.

යෝධ නුග ගස
විශාල වපසරියක් වසාගෙන වැවී ඇති මෙම නුගගස වියනක් ලෙස සකස් වී ඇත. මෙහි අතුවලින් පහලට එල්ලී ඇති මුල් වලින් ගසට ආධාරක සපයා ඇත. දූපත් වාසීන් මෙම නුග ගසට පුද පුජා පවත්වනු ලැබේ. ඒ අසල කෝවිලක්ද ඉදිකර ඇත.
ආදම්ගේ පාදය
හිරිගල් වලින් සෑදී ඇති යෝධ අඩි සලකුණක හැඩය ගත් මෙම නිර්මාණය ආදම්ගේ පාදය ලෙස හැදින්වේ.

ලන්දේසි බලකොටුව
යටත් විජිත සමයේ පෘතුගීසීන් දිකල බව පැවසේ.පසුව ලන්දේසීන් විසින් ඩෙල්ෆ්ට් දූපත පෘතුගීන්ගෙන් යටත් කර ගන්නා ලදී. පසුව ලන්දේසීන් විසින් මෙම බලකොටුව මහල් දෙකකින් ශක්තිමත්ව ඉදිකර ඇති අතර වර්තමානයේ ඩෙල්ෆ්ට් රෝහල ආසන්නයේ දක්නට ඇත්තේ එම ලන්දේසි බලකොටුවේ නටබුන් වේ. මෙහි පහල මහල වෙඩිබෙහෙත්, අවිආයුධ ගබඩාවක් සහ සිරමැදිරියක් ලෙස භාවිත වී ඇති. පහල මාලයේ වා කවුළු කිසිවක් පිහිටා නැති බව නටබුන් අනුව සිතා ගත හැක. ඉහල මහලේ වා කවුළු පිහිටා ඇති අතර , සෙබළුන් සඳහා මෙම මහල ඉදිකර ඇතැයි සිතිය හැක.

ලන්දේසි රෝහල,
ලන්දේසි බලකොටුවේ නටබුන් පසුකර ඩෙල්ෆ්ට් ජැටිය දෙසට ගමන් ගන්නා විට මෙම නටබුන් සහිත භූමිය හමුවේ. එම භූමියට ඇතුල්වනවාත් සමගම පැරණි ලන්දේසි රෝහල පිහිටි ගොඩනැගිල්ල දැකිය හැක.

ඉපැරණි ස්ථූපවල නටබුන්
සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ අංකුරය රැගෙන දඹකොළ පටුන දක්වා වැඩම කල ගමනේදී මෙම ස්ථානයේ මදක් නතරවී විවේක ගත් බවට කියවෙන නමුත් එය සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිවක් ලැබී නැත.

ක්වීන්ස් කුලුන
කුලුන හෙවත් මිණුම්දෝරු ... 
ඉංග්‍රීසි පාලන සමයේ දී ඉදිකරන ලද රැජින කුලුන හෙවත් මිණුම්දෝරු කුලුන (ක්වීන්ස් ටවර්) ඩෙල්ෆ්ට් දූපතේ දකුණු වෙරළ තීරයේ පිහිටා ඇත.

කැලෑ අශ්වයින්
ලන්දේසීන් මෙරට හැරයාමෙන් පසුව මෙම අශ්වයින් වල්වැදී කැලෑ අශ්වයින් බවට පරිවර්තනය වී ඇත.

ඉන්පසු දූපත් වාසීන් විසින් මෙම අශ්වයින් අල්ලා හීලෑ කිරීම, හණ ගැසීම ආදී ක්‍රියාකාරකම් වල යෙදුණ නමුත් වර්තමානයේ මෙම අශ්වයින් වාසය කරන ප්‍රදේශය වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

වසරේ බොහෝ කාලවලදී මෙම ප්‍රදේශයට බලපාන අධික පෑවිල්ල හේතුකොටගෙන දූපතේ ජලය හිඟ වන නමුත් වර්තමානයේ වනජීවී දෙපාර්තමේන්තුව නාවික හමුදාව සමග ඒකාබද්ධව නියං කාලවලදී අශ්වයින්ට ජලය සැපයීම සඳහා පහසුකම සලස්වා ඇත. අශ්වයින් නියගයෙන් සංරක්‍ෂණය වීමට මෙම ක්‍රියා පිලිවෙත පිටිවහලක් වී ඇත.

බයෝබැබ් ගස

බයෝබාබ් “Baobab”  ශාකයේ මවුබිම අප්‍රිකා මහද්වීපයයි. අප්‍රිකා බන්ටු ගෝත්‍රිකයන්ගේ “බුහු - බැඩ්” යන බන්ටු වචනයෙන් මිඳී සැකසුණු මේ ගසේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇඩම්සෝනියා ඩිජිටටා (Adamsonia Digitata) ය. Adams ‍කොටස එක්වී ඇත්තේ එනමින් යුතු ජෛව විද්‍යාඥයාට උපහාර පිණිස වන අතර, Digit යනු ඇඟිලි සඳහා ජර්මන් භාෂාවේ යෙදෙන වචනයකි. සැබැවින් ම ගස දිග හරින ලද ඇඟිලි සහිත අල්ලක් වැනි ය.
මේ ගස බොම්බකාසේ (Bombacacea) ශාක කුලයට අයත් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් මේ ගස හැඳින්වීමට Baobab, Cala Bash, Monkey Bread tree යන නම් භාවිත වේ. Monkey Bread tree ලෙසින් යොදා ඇත්තේ වඳුරන් මේ ගසේ ගෙඩි කෑමට ඉතා ප්‍රියකරන නිසාය.
බයෝබාබ් ගස විනාශ කිරීම ඉතා අපහසු කාර්යයකි. එසේ වන්නේ ඕනෑම අන්තරායකට ඔරොත්තු දීමේ හැකියාව මේ ගසට ඇති බැවිනි. 

මේ ගසට ආවේණික වූ අපූරු භයංකර ස්වරූපය ඇති වන්නේ මෙහි පත්‍ර හැලීගිය පසුවය. එවිට ගස බිමට ඇන මුල් උඩට විහිදී ඇති ආකාරයක් පෙනේ. මාස හයක පමණ කාලයක් මේ කොළ නොමැතිව වියළි ගසක් ආකාරයෙන් පවතී. සමහර ප්‍රදේශවල ජනයා මේ ගස “අලි ගස” ලෙසට ද හඳුන්වති. බයෝ බැබ් ශාකය එනමින් හඳුන්වන්නට ඇත්තේ අලියකුගේ පිට වැනි ඝන පොත්තකින් ඒ ගස ආවරණය වී තිබෙන නිසා විය හැකිය.

ගසේ උසට නොගැළපෙන පරිදි කඳ ප්‍රදේශය මහත් ය. තුරු වියන මීටර් 50 – 60 ක් පමණ ප්‍රමාණයක් වන සේ විහිදේ. අතු විශාලය. ගසේ උස උපරිමය මීටර විස්සක් විසිපහක් පමණ වේ. කොළ හැළී ගිය අලි ගසක් තරම් විරූපී ගසක් තවත් ලොව දක්නට නැතැයි “Aristrocrats of the trees” ලියූ අර්නස්ට් එම්. විල්සන් සඳහන් කර තිබෙන්නේ ද මේ නිසා ම විය හැකි ය.

ඔක්තෝබර් මාසයේ දී බයෝබැබ් ගස්වල මල් හට ගැනීම පටන් ගන්නා අතර මල් සුදු පැහැතිය. ගස මෙන් ම මල් ද විශාලත්වයෙන් වැඩි අතර, මල් පිපෙන්නේ රාත්‍රී කාලයේ දී ය. මල් පොහොට්ටුව ‍‍‍‍ගෝලාකාර හැඩයක් ගන්නා අතර පැයක් පමණ සුළු කාලයක දී පොහොට්ටුව මලක් බවට පත්වේ. රැයේ පිපෙන මල උදෑසන වනවිට පරවී යයි. පිපෙනා අතරතුරේදී මලෙන් මිහිරි සුවඳක් හමන අතර පරවුණු විට දුගඳ හමයි.

ගසේ පත්‍ර තද කොළ පැහැතිය. කොළ වකුගඩු ‍රෝගීන් සඳහා ඖෂධයක් ලෙසින් ද යොදා ගැනේ. ආහාර රස කාරකයක් ලෙසින් ද මේ කොළ අඹරා කුඩුකර යොදා ගනී. මුල් ඉහළට විහිදී ගිය අතු පහළට ඇදුණු සදාකාලික ගසක් පිළිබඳ හින්දු ග්‍රන්ථයක් වන “භගවත් ගීතාවේ” ද සඳහන්වී තිබේ. එකී ලක්ෂණ හා සමානවන ගස වනුයේ අප සඳහන් කරන බයෝබාබ් ශාකය යි. 
මේ ගසට හිමි අපූරු පෙනුම නිසාම අප්‍රිකා බන්ටු ගෝත්‍ර අතර, විශේෂ ජනකතා නිර්මාණය වී තිබේ. ඔවුන්ගේ පිළිගැනීම අනුව මෙය ‘යක්ෂයාගේ ගසයි’.
වනාන්තරයේ සිටින සියලු දෙනාටම සිටුවන්නට විවිධ ගස් වර්ග දෙන ලදී. හයිනා නම් සත්ත්වයාට දෙන ලද්දේ මෙම බ‍යෝබැබ් ශාකයයි. එවිට හයිනා ගස කොටස යටි අතටත් මුල් කොටස උඩුඅතටත් සිටවූ නිසා මේ ශාකයේ ස්වරූපය මෙලෙස වෙනස් වී ඇත. ගසේ උත්පත්ති කතාව පිළිබඳ ප්‍රවාදය එයයි.

අලි ගසේ ගෙඩි මිනිසාට ඉතා ප්‍රයෝජනවත් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මේ ගෙඩිවලට “වඳුරු දෙල්” Monkey Bread යැයි කියති. දෙසැම්බර් මාසයේ දී පමණ අලි ගසේ ගෙඩි හට ගන්නා අතර එහි ස්වරූපය විශාල පුහුල් ගෙඩියක් මෙනි. 

අප්‍රිකා වැසියෝ මේ ගෙඩි පානයක් ආකාරයෙන් රසවත්ව සකසා ගනී.
එසේම බයෝබාබ් ගසේ කඳ හාරා අප්‍රිකා වැසියෝ නිවෙස් ද තනා ගනිති. ඇතැමුන් මේ ගසේ ඉහළින් හාරා ජල ටැංකි ලෙස සාදා ගනිති. ගසේ පොත්තෙන් කෙඳි රැගෙන එමඟින් කඹ සෑදීම, මාළු දැල් සෑදීම, ගෝනි සෑදීම ආදිය සිදුකරති. මතුපිට පොත්ත දැළ පිහියක් ලෙසින් ද උපයෝගී කරගන්නා අතර හම් පදම් කිරීම සඳහා යුෂ යොදා ගනිති.

ගසේ ආයු කාලය අවුරුදු සිය ගණනක් වන අතර මේ සුවිශේෂී ගසට ගින්නෙන්, ගංවතුරින් කුණාටු ආදියෙන් පීඩාවක් කළ නොහැකි ය. ඒ සියල්ලටම මුහුණදීමේ ශක්තිය ගසට ස්වභාව ධර්මයෙන් ම උරුමකර තිබේ. බයෝබාබ් ගසේ මුල්වලට වතුර සොයා මීටර සිය ගණන් දුරට වුවත් ගමන් කිරීමේ හැකියාව තිබේ. නියං කාලයන්හිදී ආහාර සහ ජලය සොයා යන අලි ඇතුන්ට ආහාරයක් වන්නේ අලිගසේ සවිමත් පොත්තයි.
අප රටේ ද මෙම ශාක විශේෂය දක්නට ලැබේ. 

මන්නාරම් දූපතේ “පල්ලිමුනායි දූපතේ” අවුරුදු 800 කට වඩා වයසින් පැරැණි යැයි විශ්වාස කරන බයෝ බැබ් ගසක් තිබේ. මන්නාරමේ සිට පේසාලේ හරහා තලෙයිමන්නාරමට ගමන් කරන A14 මාර්ගයේ මේ ගස අදත් දක්නට ඉතිරිව තිබේ.
ප්‍රධාන මාර්ගයට ඉතාම ආසන්නයේ මදක් ඇතුළට වන්නට පිහිටි මන්නාරම් බ‍යෝබැබ් ගස මධ්‍යයේ විශාල කුහරයක් ද සහිතව අපූර්වාකාරයෙන් දක්නට ලැබේ. 
ඩෙල්ෆ් දූප‍ෙත්ද, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද, කලා වැව් නිම්නයේ ග‍ඟේවාඩිය නම් ගම්මානයේ ද මේ විශාල ගස් ඉතිරිව තිබෙන බව කියැවේ. 
අප රටට මේ ගස් පැමිණියේ අතීතයේ වෙළෙඳාම සඳහා පැමිණි අරාබි වෙළෙඳුන්ගෙන් බැව් විශ්වාස කෙරේ. එමෙන්ම ඉන්දියාවේ ද ටැන්සානියාවේ ද මෙවැනි බයෝබාබ් ගස් ඉතිරිව තිබේ.
ශාක විද්‍යාඥයන් පවසන පරිදි මෙම ශාකය දුර්ලභ ශාක විශේෂයක් වන අතර ශ්‍රී ලංකාවේ ද මේ ගස් දුර්ලභ වන නිසා ම ආරක්ෂිත ශාකයක් ලෙසින් නම්කර තිබේ. එනිසාම “යක්ෂ ගසක්” වූවත්, ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන බයෝබාබ් ශාකය මතු පරම්පරාවගේ දැකීම සහ දැනුම සඳහා වර්තමාන පරම්පරාව විසින් රැකදීම කාගේත් යුතුකම වේ.
උපුටනයක්.

උසාවි සංකීර්ණයේ නටබුන්

රෝහලට පිටුපසින් උසාවි සංකීර්ණයේ නටබුන් දැකිය හැක. මෙම උසාවිය ලන්දේසීන් විසින් ආරම්භ කරනු ලැබූ අතර පසුව බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යාමෙන් අනතුරුව නටබුන් බවට පත්වී ඇත.

පරවි කූඩු

මෙම පරිශ්‍රයේ ඇති සුවිශේෂීම නිර්මාණය වන්නේ පරෙවියන් සඳහා ලන්දේසි යුගයේ නිර්මාණය කරනු ලැබූ පරෙවි කූඩු සහිත ස්ථම්භයයි. ඩෙල්ෆ්ට් දූපත සහ අවට වෙනත් ගොඩබිම් අතර පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා එකල පරෙවියන් පුහුණු කර තිබූ බව කියවේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙම ස්ථානයේ මුල් වරට සිදුකරනු ලැබූ කැණීම් වලින් මෙම ස්ථානයේ බෞද්ධ විහාරයක නටබුන් සොයා ගෙන ඇත. පසු කාලයේ නිදහස ලැබීමෙන් පසුව මෙම ස්ථානයේ නැවත සිදුකල කැණීම් වලින් මෙම ස්ථූපය ඉදිකිරීමට යොදාගත් හුණුගල් සහ එහි කොතද හමුවී තිබේ. ප්‍රධාන ස්ථූපයට පසෙකින් එහි පරිවාර ස්ථූප යයි සිතිය හැකි තවත් කුඩා ස්ථූපයන්ගේද නටබුන් වර්තමානයේ දක්නට ලැබේ. එකල හුණුගලින් නිමවා තිබූ මෙම ස්ථූපවල වර්තමානයේ ඉතිරිව ඇත්තේ පාදම පමණකි . පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු නඩත්තුවක් කරන බවක් දක්නට නැති අතර වල් බිහි වෙමින් පවතින බව සදහන් කල යුතුය.

සුන්දරය වෙරළ තීරයක් සතු ඩෙල්ප්ට් දූපතෙන් පිටත්වීමට කාලය පැමින තිබිනි. උදේ ජැටියට පැමිණි “ වඩ තාරකී “ යාත්‍රාව ආපසු පස්වරුවේ කුරිකඩ්ඩුවාන් බලා පිටත් වීමට නියමිත වෙලාව ලංවන බැවින් දූපත තුල රැදී සිටීමේ අවස්ථාව කෙටි විය. අප ආපසු පිටත් වීමට ඩෙල්ෆ්ට් ජැටියට පැමිනෙන විට කාර්යාල සේවකයින්ද නිවෙස් බලා යාමට වඩතාරකී යාත්‍රාව බලාපොරොත්තුව රැදී සිටියාය.
අපද ඩෙල්ෆ්ට් දූපතෙන් සමුගත්තෙමු .

notes of imaginary

2022-06-11

යාපනයේ මතක - ඩෙල්ෆ් දූපත 2

වෙළද පල
මුහුද ලිහිනියා

සපාරි රථය සූදානම්ව තිබිනි. මැදි වියේ සිටි රියදුරු මහතා හොද මාර්ගෝපදේශකයෙකු විය. සිංහල භාෂාව හොදින් හසුරුවන ඔහු අපට මැනවින් තොරතුරු කියා දෙන්නෙක් විය.
රථයට ගොඩ නැගෙන්න පෙර ජැටිය අවටට එක් කරගෙන ගිය ඔහු ඩෙල්ෆ්ට් ජැටියෙන් දකුණු පසින් පිහිටි ප්‍රධාන නාවික හමුදා කඳවුරත් එය පසුකර ඉදිරියට යනවිට ක්‍රිස්තියානි පියනමක්ව” ජැක්ලොප් වෑන් ජෝන්ස් පියනමගේ” ප්‍රතිමාවත් පෙන්වා දුන්නේය.

ජැක්ලොප් වෑන් ජෝන්ස් පියනම මෙම දූපත ඩෙල්ෆ්ට් යනුවෙන් නම් කිරීමට මුල් වූ බව සදහන් විනි. ඩෙල්ෆ්ට් යනු ඕලන්දයේ එවකට තිබු නගරයකි.
මේ දූපත ඉලිප්සියාකාර හැඩයකින් යුක්තය. තැනිතලා බිමක්‌ සහිතවු වගුරු බිම් සහිත මනරම් වෙරළ තීරයක් දූපතට හිමිය. වැලි සහ හුණුගල් සහිත පසක්‌ ඇති මෙහි තිබෙන පාෂාණ මයෝසීන යුගයට අයත් බව පැවසෙයි.

ප්‍රතිමාව අසලින් දකුණට ප්‍රධාන මාර්ගය දිවෙන අතර එය ඔස්සේ ගමන් කිරීමෙන් ඩෙල්ෆ්ට් දූපතේ පරිපාලනය සඳහා පිහිටුවා ඇති නොයෙකුත් රාජ්‍ය ආයතන සහ වෙළදපල කරා ප්‍රවේශ විය හැක. ඩෙල්ෆ්ට් හි පරිපාලනය සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතන අතර පොලීසිය, තැපැල් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාසල, වනජීවී කාර්යාලය සහ විවිධ බැංකු ආදිය ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටා ඇත.
ජනගහනයෙන් 60%ක් කතෝලික ආගමිකයන් වන අතර ඉතිරි 40% හින්දු ආගමිකයෝ වෙති.ඔවුන්ගේ ආගමික කටයුතු සඳහා කෝවිල් සහ ක්‍රිස්තියානි පල්ලි කිහිපයක්ද දූපතේ විවිධ ස්ථානයන්හි පිහිටුවා ඇත.

දූපත් වාසීන්ගේ ප‍්‍රධාන ජීවන වෘත්තීය ධීවර කර්මාන්තය යි. තල් ආශ‍්‍රිත නිෂ්පාදන කටයුතු ද සිදුකෙරේ.
ඩෙල්ෆ් දූපත වර්ග කි.මීටර් 50ක පමණ විශාලත්වයකින් යුතු ය. දූපත තුල සංචාරය කිරීමට පැය හතරක පහක පමන කාලයක් ගත විය. ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සහ ග‍්‍රාමසේවා කොට්ඨාස හයකින් සමන්විත එම දූපතේ ජනගහනය හාරදහස් පන්සියයක් පමන වන බව මාර්ගෝපදේශක තේ අදහස විය. පොලිස් ස්ථානයක්, රෝහලක්, පාසල් අටක්, අධිකරණයක්, හින්දු කෝවිල් හා කතෝලික දේවස්ථාන කීපයක් ඇත.
මෙහි මාර්ග පද්ධතිය නම් බොහෝ අබලන් තත්ත්වයේ තිබිනි. ඩෙල්ෆ්ට්‌ වැසියන් හුණුගල්වලින් උපරිමයෙන් ප්‍රයෝජන ගෙන තිබිනි. මත දෙපස තල් අතු යොදාගනිමින් සිය මායිම සලකුණු කර තිබුණ ද බොහෝදෙනා තම ඉඩම් වෙන් කරගෙන ඇත්තේ හුණුගල් එකපිට එක තබා අලංකාරව ඉදි කළ උසැති හුණුගල් තාප්පවලිනි. මෙය ද ඩෙල්ෆ්ට්‌ දූපතේ අනන්‍යතාව ප්‍රකට කරන්නකි.

තල් අතු පැලක් හෝ හුණුගලින් බැඳි කුඩා නිවසක් හැරුණු කොට මනා ලෙස ඉදිවුණු නිවාස මෙහි නැති තරම්ය. මිශ්‍ර ශුෂ්ක වියළි ඝර්මකලාපීය වන වැස්මක් දූපත පුරා පැතිර තිබේ. දූපතේ බොහෝ පෙදෙස්‌ තල් ගසින් පිරී වනාන්තර ස්‌වභාවයක්‌ ගනී. තල් ආශ්‍රිත නිෂ්පාදන ද සිදු කෙරෙයි. තල් හැරුණු කොට සරු පොල් වගාවක්‌ ඩෙල්ෆ්ට්‌ දූපත සතු ය. තැනිතලා බිම්වල පඳුරු සහිත කැළෑ දක්‌නට ලැබේ.

සංචාරක පක්‍ෂීන් ගේ නවාතැනක් වන මේ දූපත සංචාරක සමයේදී විවිධ විශේෂවලට අයත් පක්‍ෂීන්ගෙන් නවාතැනක් බවට පත්වෙයි. මුහුදු උකුස්සන්, කපුටන් හා මයිනන් මේ දූපත පුරා සරන ආකාරය අපට දැකගත හැකි විය. මීට අමතරව මුහුදු බෙල්ලන් නිදැල්ලේ සරන ගව ,එළුවන් රංචු සුලබව දැකිය හැකිය.
අපි තවමත් ඩෙල්ෆ්ට් ජැටිය අසල සිට මාර්ගෝපදේශකයාට ඇහුම් කමින් දෙමින් සිටින්නෙමු. කඩා හැලුන වැස්සත් සමග සපාරි රථය අපත් සමග දූපත ඇතුලට ගමන් කිරීමට සුදුසු අවස්ථාව පැමිණියේය.

ඊලග වියමනෙන් තවත් තොරතුරු සමග ......................


 notes of imaginary

යාපනයේ මතක - ඩෙල්ෆ් දූපත -1.

මෙම සටහන කළ යුතුව තිබුනේ ජනවාරි මාසයේදීය. අප යාපනයේ සංචාරයක් සදහා දින නියම කර ගෙන සිටියෙමු. එක්වු පිරිස ගේ කැමැත්ත වූයේ අශ්වයින් බැලීම සදහා ඩෙල්ෆ් දූපත වෙත යාමය. 
බොහෝ දෙනාගේ කැමැත්ත ජයග්‍රහනය කරනු ලැබීය.

ගමනට සූදානම්ව

ගමාන්තයේ.


ජනවාරි 11 දා කන්කසන්තූරේ තල් සෙවනේ ලැගුම් ගත් අපි තෙවෙනි දින පාන්දරින්ම කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණියෙමු . වෙලාව පෙරවරු හත පමන් විය. වඩතාරකී යත්‍රාව ඩෙල්ෆ් බලා පිටත් වීමට සුදානමින් ජැටියේ නැන්ගූරම් ලා තිබුනේය. මෙම යාත්‍රාවේ පිටත් වීමට සීයයකට අධික මගී පිරිසක් පෙල ගැසී සිටිය අතර ඔවුන් දූපත තුල සේවය කරනු ලබන ගුරුවරුන් රාජ්‍ය සේවකයන් බව කතා බහෙන් සිතා ගන්නට හැකිවිය.

යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ලංගම සහ පෞද්ගලික බස්රථ සේවාවක් ඇත. කුරිකඩ්ඩුවාන් ජැටියෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවා ඇති වඩතාරකී සහ කුමුදිනී නමින් යාත්‍රා දෙකක් සේවයේ යොදවා ඇත. මේ යාත්‍රා දෙකෙන් යන මගීන් ගෙන් මුදල් අය කරන්නේ නැත.පෞද්ගලික යාත්‍රා කිහිපයක් ඇති අතර ඔවුන් ගමන් වාර සදහා මුදල් අය කරනු ලබන්නේය. මුහුද රළු නොවන කාලවලදී මෙවැනි යාත්‍රාවකට කුරිකඩ්ඩුවාන් සහ ඩෙල්ෆ්ට් අතර ගමන් කිරීමට පැයක පමණ කාලයක් ගතවේ. මුහුද රළු කාලවලදී ගතවන වේලාව ඊට තරමක් වැඩිවන බව සදහන් විය.

ඩෙල්ෆ්ට් දූපතට යාත්‍රාවක් පැමිණෙනවාත් සමගම එහි මගීන් රැගෙන යාමට ඒ සඳහා යොදවා ඇති බස් රථය දූපත වටා ඇති නොයෙකුත් ගමන්නාන්ත කරා මගීන් ප්‍රවාහනය කෙරේ. දිනකට හතර වතාවක් පමණ මෙම බස් රථය සේවයේ යොදවා ඇත.ආපසු පැමිණිමේදීද මෙම සම්බන්ධතාවය ප්‍රවාහනය සදහා ක්‍රීයාත්මක වන්නේය.

"වඩතාරකී" යාත්‍රාව අප රුගෙන නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ් දූපතට නිරූපද්‍රිතව පැමිණියාය. වෙලාව පෙරවරු නවයට ආසන්නය. ජැටිය ආසන්නයේ එක් ආපන ශාලාවක් අපේ අවශ්‍යතාවය තෝසේ , වඩේ වැනි කෑම වලින් සම්පූර්න කලේය.

උදේ ආහාරය සම්පුර්න කලාය.

සපාරි රථයක් වෑන් රියක් ගනුදෙනු කරුවන් සොයමින් සිටි බැවින් අපි ගමනට සපාරි රථය තෝරා ගතිමු. වැසි සහිත කාලගුණය මැද ඇරඹි ඩෙල්ෆ් දූපත ඇතුලත සංචාරයට ඊළග වියමනෙන් කැදවා ගෙන යන්නට දැනට නවතින්නම්.

notes of imaginary

2022-06-09

යාපනයේ - මතක.


යාපනය ෙකාටුව

ප්‍රවාහනය

DELFT ISLAND;




යාපනය චාරිකාවකට එක්වෙන්නෝ බොහොමයක් දෙනා යාපනය පුස්ථකාලය,නාගදීපය ,නල්ලූර් කන්දසාමි කෝවිල, සාන්ත ජේම්ස් පල්ලිය, කීර මලෙයි, නිලාවරෙයි, ඕලන්ද කොටුව , සහ කන්තොඩෙයි පුරාන රජ මහා විහාරය යන ජනප්‍රිය ස්ථාන නරබන්න සහ තොරතුරු එක් රැස් කර ගන්නට ගියත් මම මෙවර ඩෙල්ප්ට් දුපතට යාමට සැලසුම් කර සිටියෙමි.
2010 වසරේ ඉහත සදහන් ස්ථාන කරා ගිය මුත් මේ වන විට එදාට වඩා එම ස්ථානත් මාර්ග පද්ධතියත් සංවර්ධණය වී ඇති බව දැන ගන්නට ලැබිනි.


යාපනය නගරය අවට තොරතුරු බැලීමට දිනක් වැය කල බැවින් නල්ලූර් කෝවිල, යාපනය පුස්ථකාලය ඕලන්ද කොටුවට යා හැකිවිය. යාපනය නගරයද අළුත් අත්දැකීමක් වු බව සදහන් කල යුතුව ඇත.

විශේෂයෙන් ඉන්දියානු රෙදි පිලි, රසකැවිලි, විදේශිය සන්නාමයෙන් යුතු ටොෆී , චොක්ලට් වෙළද පලෙහි සුළභ විය. රන් ආභරණ වෙළද පලද, ආකර්ෂණීය බව සදහන් කල යුතුය.

අපේ කන්ඩායමට නවාතැනෙන් බැහැරව යාපනයේ ආහාර ගැණිමේ උවමනාවක් තදින්ම තිබුන බැවින් ඒ සදහා ද උදේ සහ දහවල් ආහාර යාපනයේ ඌරුවට ලබා ගත්තේ තවත් අළුත් අත්දෑකීමක් එක් කරමින්ය.

මීලග වියමනෙන් ඩෙල්ප් දූපතට. 






notes of imaginary

2022-06-07

අප්‍රසන්නවු ප්‍රසන්න.

👨👨👨👨👨👨👨👨👨👨👨 


ප්‍රසන්න අප්‍රසන්න මාතෘකාවක් බවට පත් වුනා. කොළඹ මහාධිකරණය දුන් තීන්දුවක් වර්තමාන දේශපාලනයේ සෑබැ යක‍්ෂ මුහුන හෙළිදරවි කලා.

මේ මග ගියෙත් යන්නේත් බස්නාහිර මහ ඇමති  පමනක් ද ?.

මට මතක් වුනේ ඉණ්දියාණු දමිළ චිත්‍රපටිවල ඉන්න දේශපාලන චරිත. ඔවුන් දූෂණය. මැරකම්, කරමින් තම මඩිය පිණිසම අවලම් ජඩ වැඩ කරන්නන්. නිවාස ව්‍යාපෘතින් සදහා දුප්පත්න්ගේ ඉඩම් කොල්ල කා ගන්නා වෘත්තාන්ත ත් මේ චිත්‍රපටිවල තියෙනවා.

දේශපාලනඥයන්ගේ කප්පම් ඉල්ලීම් නිසා මේ රට අත්හැර වෙනත් රටවල ආයෝජනය කල විදේශීය ආයෝජකයින් ගැන මීදුම අහල තියෙනවා. ඒ තරමටම කප්පම් මුදල බරපතලයි. දේශීය ව්‍යාපෘති කරන විට කොන්ත්‍රාත් කරුවන්ගෙන් කප්පම් ගන්නවා. කප්පම අනුව තමයි ව්‍යාපෘතිය ලැබෙන්නේ. මේ පේලියට දේශපාලකයා, ඉන්ජ්නේරුවා ගේ පටන් වැඩපරිපාලකයාත්  ලිපිගොනුව සකස් කරන ලිපිකරුවා සහ කාකසත් අයත්.

මේ අප්‍රසන්න ක්‍රියාදාමයට තිත තියන්න මහාධිකරනය ගත් තීන්දුව අති විශිෂ්ඨයි. නීතිපති දෙපාර්තමේන්තුවත් තම කොදු ඇට පෙල යම්කිසි ප්‍රමානයකට ශක්කිමත් බව පෙන්නුවා. අනෙක් දේශපාලනඥයොත් මෙය ආදර්ශයට ගෙන විනය ගරුක වුනොත් යහපත් වගේම ජනතාවද අවධියෙන් සිටිය යුතුයි.

අධිකරනය . ව්‍යවස්ථාදායකය විධායකය ස්වාධීන කනු තුනක් මත පිහිටියා නම්  රාජ්‍ය සුවපත් වේවි. 
 

 



notes of imaginary

බොහෝම කාලයකින් .





බොහෝම කාලයකින් සටහනක් මීදුමට වියමන් කලේ නැහැ. වියමන් නොකරපු කාලේ බොහෝම විපර්යාසයන් සිද්ධවෙලා තියෙනවා. අළුත් රජයක් අළුත් ජනාධිපතිවරයෙක් ඇවිත් අද වන විට ඒ ආයතන දෙකම අර්බූදයට ලක්වෙලා. රටත් අර්බූදයට ලක්වෙලා. ජනතාවගේ ආහාර, ඇදුම් පැළදුම් පවා ඒ අර්බූදය විසින් ගිල ගෙන.

අපේ බලාපොරොත්තුව රට දියුණු වෙනවා දකින්න. රට දියුණු වෙනවා නම් ජනතාවගේ ආර්ථිකය, මානසිකත්වය දියුණුවට පත්වෙනවා. ඒත් අද මේ සියල්ල පරිහාණියට පත්වෙලා. දියුණුවට ජනතාවත් කැපවීමකට ලක්වෙන්න ඕන. ජනතාවට ආදර්ශයක් වෙන්න පාලකයොත් කැපවීම් කරන්න ඕනි. පාලකයෝ දක්වන්නේ කකුළු න්‍යායක්. ඔවුන් හරහට යන ගමන් ජනතාවට කෙලින් යන්න කියනවා.

සහනාධාර මත රැදී රටක් දියුණු වේද ?. මෙයත් ප්‍රශ්නයක්.

අධ්‍යාපනය , සෞඛ්‍ය , නොමිලේ ලබා දෙනවා. ඉන්ධන , විදුලි බිල .වතුර බිල වැනි දේ සදහා රජය සහන සලස්වනවා. මේ සහනාධාරයන් ඒ ඒ ආයතනයන්ට කපා හැරියොත් මිළ ඉහල යනවා. ජනතාව මේ ක්‍රමයට හුරුවෙලා. මේ ක්‍රමයෙන් බැහැර වෙන්න ගියාම ආණ්ඩුව කරන අයගේ අම්මා අප්පා මතක් කරනවා.

ආණ්ඩුව ලෝකේ වටේ දුවනවා ණය......ණය .........ණය හොයා ගෙන ජනතාවට කන්න දෙන්න. ඉන්ධන අඩු මිළට හොයා දෙන්න. මේවා නිෂ්පාදන පිරිවැය නෙවෙයි. පරිභෝජන පිරිවැය. කාලා බීලා , වාහනෙන් රවුමක් ගියාම ණය වාෂ්ප වෙලා යනවා. ආපහු ගෙවන්නේ කොහොමද ?.

මේ සහනාධාර දෙන ක්‍රමවේදය රටකට ඔරොත්තු දෙන්නේ නැහැ.සහනාධාර සැපයිය යුතු කොටස් ඉන්නවා. ඒත් අද වෙන්නේ සහනාධාර නොදිය යුතු කොටසටත් සමගම සියල්ල සහනාධාර සැපයීම. ඉන්ධන තැන හිතමු . V8 පදින අයට වගේම ස්කූටරයේ තෙමි තෙමී අවුවට කර වෙවි යන කෙනාටත් ලැබෙන්නේ එකම සහන මිලට ඉන්ධන.

ඉන්ධන විතරක් නෙමෙයි. සෞඛ්‍ය පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ. අධ්‍යාපන පහසුකම් සියල්ලටම නොමිලේ සැපයිය යුතු නැහැ.
මේ දිගට සාකච්ඡා කල යුතු මාතෘකාවක්. කලකට පසු මීදුමට ආ මම දිගටම වියමන් කරන්න බලාපොරොත්තු වනවා. අපි හමුවෙමු. නැවතත්.


notes of imaginary

2021-12-24

අපි සහ විජය

notes of imaginary                                                       




 "අප විජයගෙන් පැවතෙන්නමෝ වෙමු" යැයි යන්න ප්‍රකට මතයයි.
මට අනුව නම් එය මහානාම හිමියන් විසින් විරචිත ෆික්ෂනයකි.

එය ඇත්තක් නම් අප ලැජ්ජා විය යුත්තමෝ වෙමු.
මන්දයත් ,
විජය වූ කළී සිංහබාහු සිහ සීවලී සොයුරු සොයුරියන් නොහොත් 
සහ උදරයන්ගේ දරුවන් වන්නෙමු.
එමතු නොව ඔවුහ තිරිසන් මිනිස් සංවාසයක ප්‍රතිඵලයක් වන්නාහුය.
එම මව කුළ කාන්තාවක් වන මුදු
හිතුවක්කාරියක වෙයි.
දෙමාපිය අණ නොතකා අයාලේ ගිය එකියක වෙයි.
තිරිසනෙකු සමඟ සහවාසයේ යෙදුනේද වෙයි.

අනික විජය වනාහී මවු රටෙන් පිටු වාහල් කරන ලද්දෙකි.
මෙරටට සහ පිරිවර සමඟ එන විජය
ස්වදේශික කාන්තාවක් සමඟ පෑහී
ඇගේ ඥාති සමුහයා මරා දමන්නේ 
ඔවුන් නිරායුධව සිටින මොහොතකය!

මෙම කතා පුවත හය වැනි සියවසේ රචිත මහනොම හාමුදුරුවන්ගේ
අතේ රෝලකි.
උන් වහන්සේ මහා වංශය රචනා කරන්නේ
ඉතිහාසය ලියා තැබීමට නොව
දුටු ගැමුණු "පොර"කිරීමටය.

ප්‍රශ්ණය සිංහල ජාතියේ උපත පිළිබඳව
මීට සියවස් හතරකට පමණ පෙර ලියැවී ඇති
තවත් පොතක් ඇතද,
එය මතු නොවීමය.

"දිව්‍ය දානය" එම කෘතියයි.
එහි එන කතා පුවත කෙටියෙන් මෙසේය.
එක් රටක "සිංහල"නම් නරපතියෙක් විය.
ඔහුට එම නමින්ම යුත් පුතෙකු විය.
මෙ පුතාට විදේශ වෙළඳාමේ යෙදෙන්නට  සිතෙයි.
එය පියාට පවසයි.
පියා පවසන්නේ තමා ඉපයූ ධනය
මියෙනතුරු ජීවත් වීමට සෑහෙන බැවින්
වෙළඳාමේ යාම නොකළ යුතු බවයි.
නමුත් තම මතයේම එල්බ ගන්නා සිංහල කුමාරයා
තවත් වෙළඳුන් පිරිසක් සමඟ
මෙරටට පැමිණේ.
මෙරට කුමරියක සමඟ අවාහ වන ඔහු
නව ජෙනරේෂනයක් අරඹයි.
එහි වසන යක්ඛ,නාග,දේව,ආදී ගෝත්‍රිකයන් සමඟ
එකඟතාවයකට පැමිණ "සිංහල රට"නමින් නාමකරණය කරයි.

මෙම කතා පුවත් දෙකෙන් මම විස්වාස කරන්නේ
දිව්‍ය දානයේ එන දෙවන කතා පුවතයි.  

*****    කමල් පී අලහකෝන් මහතාගේ අදහසකි   .                 

2021-02-10

පිලේ පැදුර හේනට අරගෙන යනවා






පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ඉර පායා ඉර අවරට ගියදෝ
සද පායා සද අවරට ගියාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ
හැඩු කදුළු මුහුදට එක්වුනාදෝ

ළමා ලපටි නෑනා කොයි ගියාදෝ
ඔබේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
ඔබේ කටින් ගී සීපද අහන්නට

ඔබේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට

පිලේ පැදුර හේනට අරගෙන යනවා
එලා පැදුර එහි මැස්සේ සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

-ආචාර්ය අමරදේව




notes of imaginary

2020-07-08

හන්තාන සිහිනය . ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේව




බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග ගලා සිත් මග
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ................

වැහි පබළු යට
රග මඩල මැද
ඔබේ දෑතේ තුරුළු වන්නට

බිසෝ හැර ගිය
ලසෝ රග හල
අමාවක අදුරේ
නොයනු මැන ලදුනේ..............

බලා වැලපිලි
නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ..
දරා නෙත් අග ගලා සිත් මග
ගොතනු මැන ලදුනේ
සංසාර සිහිනේ................

වඩිනතුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම්
ගී ගයන්නම්

සොදුර ඒ සද
දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරනේ...............
හ්ම්...............
හ්ම්...............
හන්තාන සිහිනේ...................


notes of imaginary

2020-06-16

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ



උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ

පන අදිද්දී තමන්ගේ උන්
පැළදි කණ කර ඉරාගෙන ගිය
හරන්තිකයන් ඉතිරි කර වෙරළේ
අහින්සකයින් ගෙන ගියා වතුරේ

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ

වැළපෙනා බෝසතුන් දන් දුන්
නිදන පැදුරත් සොරා ගෙන ගිය
අමනයින් රැල තබා අප අතරේ
අහිංසකයින් ගෙන ගියා වතුරේ

උදම් රල ඔබ උදම් විය යුතු නැහැ
ගෙන ගියේ ඔබ මුහුදු පතුලට
රැගෙන යා යුතු අය නොවේ
උදම් රල ඔබ උදම් විය යුතු නැහැ




අමරසිරි පිරීස් ගේ ගායනයක්

notes of imaginary

2020-05-18

පොතුවිල් මුහුදු මහා විහාරය.- දෙවන කොටසක්.






මුහුදු මහා විහාරය.
මතුගම සෙනෙවිරුවන් ගේ වියමනක්.

සිංහල බෞද්ධයන්ගේ අද්විතීය වන්දනා ස්ථානයක් වන පොතුවිල් මුහුදු මහා විහාරය කාලයක් තිස්සේම අන්‍යාගමිකයන්ගේ අතවරයන්ට ලක්ව වැනසුණු පුදබිමකි. මහා දාඨිකමහානාග නොහොත් මහදැළියාමානා රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන මෙම විහාරය වටා තිබෙන ඓතිහාසික නටබුන් රාශියකි. නැගෙනහිර පළාත ලන්දේසීන් විසින් සිය සමාගමේ ආධිපත්‍යට ගැනීමෙන් පසු මෙවැනි ස්ථාන රැසක් අනතුරට පත් විය. මේ ප‍්‍රදේශවල සිංහල ජනගහනය ක‍්‍රමයෙන් තුනීව ගියේය.

රජයේ ජන සංගණන වාර්තා නිරීක්ෂණය කරන කල්හි මේ බැව් දත හැකිය. කෙසේ වෙතත් සේරුවිල ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ ප‍්‍රතිසංස්කරණය කිරීමේ අදිටනින් දකුණේ සිට නැගෙනහිරට ගිය සිංහල වාණිජයන් නිසා මේ පෙදෙස් යළි පිබිදෙන්නට වූයේය. ඒ පිබිදීම අඩපණ කරමින් නැගී සිටි දෙමළ ත‍්‍රස්තවාදය නිසා වාණිජ ආධිපත්‍ය දැරූ සිංහලයන්ට අවතැන් වීමට සිදු විය. මුහුදු මහා විහාරය පමණක් නොව නැගෙනහිර සියලූ ඓතිහාසික සිද්ධස්ථානයන් අවදානමකට ලක් වන්නේ එතැන් සිටය.


මුහුදු මහා විහාරය ඇතුළත් භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ගැසට්ටුවකට නැගෙන්නේ 1951 වර්ෂයේ දීය. ඒ අක්කර හැත්තෑදෙකකුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක භූමියක් වෙන්කරලමිනි. මතුපිට පවතින පුරාවස්තු සලකා බලමින් නිකුත් කරන ලද එම ගැසට්ටුවෙන් පසුව 1965 දී නැවත වෙනස් කොට අක්කර 30 කුත් රූඞ් තුනකුත් පර්චර්ස් දහතුනක් වන පිරිදි නැවත සංශෝධනය වී තිබේ. ඒ කුමන හේතුවක් නිසාදැයි දක්වන කිසිදු වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නැත. 

1975 වර්ෂයෙන් පසුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජාද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් මුහුදු මහා විහාර භූමියේ කරන ලද කැණීම්වල ප‍්‍රතිඵලයක් වශයෙන් අතිවිශේෂ පිළිමගෙයක් මතු කර ගැනීමට සමත් විය. මෙම පිළිම ගෙය අනුරාධපුරයේ පසු භාගයට අයත් සහ මුල් භාගයට අයත් බවට හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප‍්‍රතිමාවක්ද මෛත‍්‍රී බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුළ තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්නට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්‍යා මුරකරු වන මජීඞ්ගේ ගෙයි ළිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි.



පුරාවිද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් විහාරාධිපතිව වැඩසිටි පූජ්‍ය කතරගම සිරිරතන හිමියන්ට අඩන්තේට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. බුද්ධ ප‍්‍රතිමාවට පළන්දන ලද සිවුර ගලවා වීසි කළහ. මේ ආකාරයට කොටි ත‍්‍රස්තවාදී සමයේ හුදකලා වූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම් වලින් අක්කර නවයක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම් වරු සන්තක කිරීමටද ප‍්‍රාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක‍්‍රියා නොකළහ. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය ලෙසට කටයුතු කළ වකවානුවේදීය. එතුමියගේ අත්සනින් යුතු ජයභූමි ඔප්පු ගත් මුස්ලිම් ජන කොටස් දිගින් දිගටම මෙම ඓතිහාසික භූමිය ආක‍්‍රමණය කරමින් සිටී. කතරගම සිරරතන හිමියන්ගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත් පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණුව උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කර ඇත.

ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් පිරිස මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍යය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්ත්වය තුළ රජයට තවත් කරබාගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැඳුරක් ද එයට ප‍්‍රවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ. මෙයට හේතු වූයේ මුහුදු මහා විහාරයට ප‍්‍රවිශ්ඨ වීමට තිබූ පැරණි මාවත දෙපස ඉඩම් අල්ලා ගෙන යන එන වාහන වලට කරදර පැමිණවීමට කටයුතු කිරීමයි. අලූතෙන් මාවතක් ඉදිවී විහාරස්ථානය සංවර්ධන වීම නිසා කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.

යහපාලන රජය සමයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් නියෝගයක් නිසා උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණ කටයුතුද ගැසට් කිරීමේ කටයුතු ද අත්හිටුවින. ඒ යුගයේ දී සාම්පූර් දාගැබ තිරුකෝවිල් සහ සාගම දාගැබ් ඩෝසරයට යට කරන ලද්දේ අන්තවාදීන්ගේ ඉඩම් තණ්හාවට ඉලක්කයක් වෙමිනි. මේවායින් ලැබුණු ඇතැම් පුරාවස්තු අදටත් උසාවි වල නඩු භාණ්ඩ වශයෙන් පවතින බව මතක් කළ යුතුය. 

මුහුදු මහා විහාරයේ රක්ෂිතය සම්බන්ධ ගැටලූව විසඳීම පිණිස අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නීතිපති අදහස් විමසන ලද අතර 2019 දී එයට පිළිතුර ලැබුණි. නීතිපතිවරයාගේ පිළිතුර වූයේ 1965 වර්ෂයේ නිකුත් කරන ලද නව ගැසට් පත‍්‍රය වලංගු බවයි. කෙසේ වෙතත් 1951 වර්ෂයේදී හඳුනාගන්නා ලද මතුපිට පුරාවස්තු සියල්ල ඒ වන විට මුසල්මානුවන් විසින් විනාශ කර තිබුණි. අක්කර හැත්තෑදෙක තිහට අඩුවූයේ ඒ හේතුවෙනි. ඉන්පසු අනූව දශකයේ දී තවත් අක්කර නවයක් මුසල්මානුවන්ගේ ග‍්‍රහණයට ලක් වී තිබුණේ පළාතේ දේශපාලකඥයන්ගේ සහ මුස්ලිම් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුග‍්‍රහයෙනි. ඒවායේද මතුපිට පවතින පුරාවස්තු කිසිවක් ඔවුන් ඉතිරිකර තබා නැත.

වත්මන් රජය පත් කිරීමට මූලික හේතුවක් වූයේ මෙරට ජාතික උරුමය සංරක්ෂණයට ආරක්ෂාවට ලැබෙන අනුග‍්‍රහය පිළිබඳ විශ්වාසයකිනි. කූරගල සහ මුහුඳු මහා විහාරය වැනි තැන් සංවර්ධනය වන්නේ ඒ අනුග‍්‍රහය නිසා බව බහුතරයකගේ අදහසයි. එහෙත් ඒ තත්ත්වය සැම තැනකම දක්නට නැත. පුරාවිද්‍යා කටයුතු පිළිබඳ නැගෙනහිර කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙන්නේද පෙර කී අරමුණු සාක්ෂ්‍යාත් කර ලීම පිණිසමය. වත්මන් රජය යටතේ මුහුදු මහා විහාර භූමිය නැවත ගවේෂණය කරන ලද අතර එහි වාර්තාව 2020 ජූලි මස 21 දින නිකුත් වී ඇත. එම වාර්තාව ප‍්‍රකාරව මුසල්මානුවන් වෙත ලබා දී තිබූ ඉඩම්වල භූ අභ්‍යන්තර ගවේෂණයක් නවීන තාක්ෂණය යොදා කිරීමට යෝජනා වී තිබුණි. නමුත් වර්තමාන දේශපාලන තත්ත්වය මත යළිත් මුස්ලිම් බලවතුන්ගේ දේශපාලන කප්පම් වලට වත්මන් ආණ්ඩුව යටවීමේ ප‍්‍රවනතාවක් ඇති වී තිබේ යැයි සැකයක් මතු වී ඇත. 
පොතුවිල් මුස්ලිම් මන්ත‍්‍රීවරයෙකු ගේ බලපෑම මත දැන් මුහුදු මහා විහාර භූමිය නිරවුල් කිරීමේ කටයුතු නැවතත් මුල් තත්ත්වයට පත් වී තිබේ. මෑතකදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමකදී ප‍්‍රකාශ කොට ඇත්තේ මුසල්මානුවන් විසින් අල්වා ගෙන ඇති භූමිය පුරාවිද්‍යා රක්ෂිතයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදීම සුදුසු බවයි. එම තීරණය ගත යුතු ද නැතිද යන්න තීරණය කළ යුත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා වුවද ආරක්ෂක ලේකම් වරයාට ඒ බලතල ලබා දුන්නේ කවුරුද යන්න විමසිය යුතුය. පොතුවිල් මුහුදු තීරය ආරක්ෂාව අතින් අතිශයින් සංවේදී ප‍්‍රදේශයකි. ඒ ගැන නොසලකා මුසල්මානුවන් වෙනුවෙන් හිත උණුකර ගන්නා පුද්ගලයන් පිළිබඳ අපට නැවතත් සිතා බැලීමට සිදුවන්නේ යැයි මෙහිදී සඳහන් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්


මුහුදු මහා විහාරය දේශපාලනික වෙලා.
වපසරිය පිලිබදව වචනෙන් දෙකෙන් පලකරන අදහස් මුණු පොතේ
එහාට මෙහාට යනවා.
පුන්නක්කු සාඩින් වහල්ලු මේ කී නොකී හැම දෙනාම කර්කෂක
වාක්‍ය පොල්ලෙන් ගැහුවා වගේ අත හරිනවා.
මගේ උගත් මිත්‍රයෝ සහෝදරයෝ කීප දෙනෙකුත් මේකට
හවුල් වෙලා ඉන්නවා මම කියෙව්වා.
මට දුක හිතුනා අපේ උරුමය ගැන මේ ඇත්තෝ
ඇයි දේශපාලන පිල් බෙදා ගෙන පිලිකුල් ලෙස මරා ගන්නේ කියලා
මම 2011 ඔක්තෝම්බර් මාසේ කරන ලද සංචාරකයින්
පස්සේ
මීදුම බ්ලොග් අඩවිය https://www.blogger.com/blogger.g?blogID=8239596016458743030#editor/target=post;postID=5284353654966504710;onPublishedMenu=publishedposts;onClosedMenu=publishedposts;postNum=316;src=postname වෙත ලියන ලද සටහනක්
මේ තියෙන්නේ.

“පොතුවිල් මුහුදු මහා විහාරය. නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ .

පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.

මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ. අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.
කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත.
මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත.
මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.
1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි.
මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.
මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.
මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.
ශ්‍රී ලාංකිකයෝ ලෙස මෙවැනි ඓතිහාසික ස්ථානයන් සුරකීමට ආගම් ජාති පටලවා ගත යුතු නැති බව
මිදුම අදහස් කරයි.””


අන්තර් ජාලයට පිවිසෙන්න මීට වඩා තොරතුරු දැන් තියෙනවා.


notes of imaginary

2020-05-07

කිනිතුල්ලෝ



කොවිඩ් 19 ත් එක්ක
දැන් දැන් මාතෘකාවට එන්නේ
මැතිවරණය.
කවද හරි මැතිවරණය තිබ්බා කියමුකෝ.
කාටද අපි ඡන්දේ දෙන්නේ ?.
වියතුන්ට දූෂිතයින් නොවන
ඔය වගේ නිර්නායකයන් එක එක්කෙනා කතා බහට එක් කරනවා.
මට පරණ කතාවක් මතක් වෙනවා.
මේක ඊෂොප්  කිව්ව කතාවක් කියලයි කියන්නේ.
ඊෂොප් ග්‍රීසියේ ක්‍රි.පු අටවන සියවසේ පමන ජීවත්වු
උපමා කතා කරුවෙක් ලෙසත් සැලකෙනවා.
-එක් දිනක නරියෙක්
ගංවතුරකට අසුව ගැඹුරු දිය පහරකට අසුවෙනවා.
නරියාගේ ඇගේ වසා ලේ උරා බී
තරවුන සිටි කිනිතුල්ලන් පොකුරක්
ජලයේ ගිලී නොමැති  උගේ පිටමතට එක් වෙනවා
නරියා වෑයමෙන්  ජලයෙන් ගොඩ වෙනවා.
මෙතනට පැමිනෙන ඉත්තෑවෙක්
නරියා ගෙන් විමසනවා
 “ යාළුවේ. මම කිනිතුල්ලන් පොකුර ගලවාදමන්නද ?” කියා.
“එපා යාළුවා.
මේ කිනිතුල්ලන් රෑන මගේ ඇගේ ලේ උරා බී තර වෙලා ඉන්නේ.
මුන් ටික ගැලෙව්වොත්
තවත් කිනිතුල්ලන් රෑනක් මගේ ඇගට ගොඩවී
ලේ උරා බොන්න පටන් ගනීවී.
දැන් ඉන්න කිනිතුල්ලන් ලේ බී තරවී සිටින නිසා
උන් ලේ බොන්නේ අඩු වේගයකින්.
අළුතින් එන අය එන්නේ හාමතේ
උන් තරවෙන තෙක් වැඩි වේගයකින් ලේ බොන්න පටන් ගනීවී.
ඒ නිසා ඔය කිනිතුල්ලෝ ටික ඔහොමම හිටියාවේ.”
ඉත්තෑවා “එකත් ඇත්ත තමයි යාළුවා ”
කියලා සමුගත්තා.
අළුත් අළුත් නිර්නායකයන් මොකටද ?
පරන කිනිතුල්ලන් ටිකටම ලේ උරා බොන්න ඉඩ දෙමු.
එතකොට හාණිය අඩුයි.

මම හිතුවා.


notes of imaginary

2020-05-05

වෛරසයත් සුන්දර දහමක් - කොවිඩ්



කොරෝනා - කොවිඩ් 19.
වේදනාකාරිය.
සහාසිකය.
මරාන්තිකය.

කොවිඩ් 19
ලෝකයම උඩු යටිකුරු කලා
කොවිඩ් 19 මානවයාගේ ඇවතුම් පැවතුම්
මොහොතකින් වෙනස් වු මානයකට රැගෙන ගියා.

අපි මරණයෙන්ම පටන් ගතහොත්........
අපේ අවමංගල්‍ය උත්සව රටාව සහ මුලින්ම වෙනස් වුනා.
දවස් ගනන් නිදි මරමින් බතින් බුලතින් සංග්‍රහ කරමින්
නැති ආටෝපයක් මවා පෑ
අවමංගල්‍ය කටයුතු එක් රැයකින් නිම කරන්නට තරම්
කොවිඩ් 19 මග පෙන්වා දුන්නා.

සිය ගනන් පිරිවර මැද
නිසරු නාස්තියක අරුමය විදි
විවාහ මංගල්‍ය උත්සව
පවුලේ කිහිප දෙනෙක්ගේ සහභාගිත්‍වයෙන් යුතු
සරල උත්සව බවට පත්වුනා.

කොවිඩ් 19 ට හැර වෙනත් කිසිවෙකුට මෙය කළහැකි ද ?.
රාජකීයන් රාජ්‍ය පාලකයන් 
සාමාන්‍ය අසමාන්‍ය ජනතාව
කියා වෙනසක් ජාති ජරා ව්‍යාධි මරණයන්ට අදාල නැති බව
බුදු හාමුදුරුවෝ කියලා දීලා තිබුනා.
ඒත්.....................ඒ ධර්මතාවය නැවත සිහිපත් කලේ කොරෝනවායි.

කෙලෙස් පිරිණු ලෝකය
නිසරු ජීවිත ගත කල මානවයන්
බොරුව ජීවිකාව කර ගත්
දේශපාලනඥයන් ඇතුළු වෘත්තිකයින්
අකුසල සමාජ ගත කරන
මත්පැන් හල් සමාජ ශාලා
කී නොකී අකුසල් වපුරන මේ සියළු දෑ
කොවිඩ් 19 විසින් නිහඩ කරනු ලැබුවා.

කෙලෙස් බර ඔජාරේ ගලන ලෝකයට
කොවිඩ් 19 වෛරසයක්
බුදුහාමුදුරුවන්ගේ දේශනා තුලින්
කොවිඩ් 19
දකින කෙනෙකුට
වෛරසයත් සුන්දර දහමක්


notes of imaginary

2020-03-20

පුංචි පුතා නිදියනවා.





ඔන්න බබෝ ගුරු එනවා - අඩන ලමයි අල්ලනවා
අල්ල අල්ල විකුණනවා - විකුණ විකුණ රා බොනවා “

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

අතට වෙරළු ඇහිදගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

බෝනික්කා නිදියනවා.
සුදු නංගා නිදියනවා
මල් ගවුමේ මල් පිපිලා
මල් මැද්දේ නිදියනවා

අම්මා ගියා පොලේ නගේ
අප්පා ගියා පහල වෙලේ
සීයා ඇවිත් අරන් ගියේ
අක්කා හැදූ සරංගලේ

සුදු ගවුමක් අන්දාලා
දූ යනදා ස්කෝලේ
ලේන්සුවේ මල් මහලා
එල්ලන්නම් හැඩ දමලා

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදු මාමා ගේ සුදු වස්සා
කිරි බීලා උඩ පැන්නා
පිලිකන්නේ බළුකුක්ා
කිරි ඉල්ලා මට බිරුවා.
පූසී පැටව් කිරි බීලා
අම්මා වටේ නිදියනවා.
අම්මා ඇවිත් කිරි දුන්නා
මගේ පුතත් දොයියනවා.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා

සුදුම සුදුයි වලා කුලේ
නිදියනවා පුතා මගේ
ඈත හදේ හා පැටියා නිදියනවා පුතා වගේ
තරු නිවිලා නිල් අහසේ
නිදියනවා පුතා මගේ
මට පැටියා ඇහැරෙනවා
හෙට උදයේ මලක් වගේ.

දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා......
දොයි දොයි දොයිය බබා - බයි බයි බයිය බබා



notes of imaginary