Saturday, June 11, 2022

යාපනයේ මතක ඩෙල්ෆ් දූපත -1.

මෙම සටහන කළ යුතුව තිබුනේ ජනවාරි මාසයේදීය. අප යාපනයේ සංචාරයක් සදහා දින නියම කර ගෙන සිටියෙමු. එක්වු පිරිස ගේ කැමැත්ත වූයේ අශ්වයින් බැලීම සදහා ඩෙල්ෆ් දූපත වෙත යාමය. බොහෝ දෙනාගේ කැමැත්ත ජයග්‍රහනය කරනු ලැබීය.

ගමනට සූදානම්ව

ගමාන්තයේ.


නවාරි 11 දා කන්කසන්තූරේ තල් සෙවනේ ලැගුම් ගත් අපි තෙවෙනි දින පාන්දරින්ම කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණියෙමු . වෙලාව පෙරවරු හත පමන් විය. වඩතාරකී යත්‍රාව ඩෙල්ෆ් බලා පිටත් වීමට  සුදානමින් ජැටියේ නැන්ගූරම් ලා තිබුනේය. මෙම යාත්‍රාවේ පිටත් වීමට සීයයකට අධික මගී පිරිසක් පෙල ගැසී සිටිය අතර ඔවුන් දූපත තුල සේවය කරනු ලබන ගුරුවරුන් රාජ්‍ය සේවකයන් බව කතා බහෙන් සිතා ගන්නට හැකිවිය.

යාපනයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ලංගම සහ පෞද්ගලික බස්රථ සේවාවක් ඇත. කුරිකඩ්ඩුවාන් ජැටියෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යොදවා ඇති වඩතාරකී සහ කුමුදිනී නමින් යාත්‍රා දෙකක් සේවයේ යොදවා ඇත. මේ යාත්‍රා දෙකෙන් යන මගීන් ගෙන් මුදල් අය කරන්නේ නැත.පෞද්ගලික යාත්‍රා කිහිපයක් ඇති අතර ඔවුන් ගමන් වාර සදහා මුදල් අය කරනු ලබන්නේය. මුහුද රළු නොවන කාලවලදී මෙවැනි යාත්‍රාවකට කුරිකඩ්ඩුවාන් සහ ඩෙල්ෆ්ට් අතර ගමන් කිරීමට පැයක පමණ කාලයක් ගතවේ. මුහුද රළු කාලවලදී ගතවන වේලාව ඊට තරමක් වැඩිවන බව සදහන් විය.

ඩෙල්ෆ්ට් දූපතට යාත්‍රාවක් පැමිණෙනවාත් සමගම එහි මගීන් රැගෙන යාමට ඒ සඳහා යොදවා ඇති බස් රථය  දූපත වටා ඇති නොයෙකුත් ගමන්නාන්ත කරා මගීන් ප්‍රවාහනය කෙරේ. දිනකට හතර වතාවක් පමණ මෙම බස් රථය සේවයේ යොදවා ඇත.ආපසු පැමිණිමේදීද මෙම සම්බන්ධතාවය  ප්‍රවාහනය සදහා ක්‍රීයාත්මක වන්නේය.

"වඩතාරකී" යාත්‍රාව අප රුගෙන නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ් දූපතට නිරූපද්‍රිතව පැමිණියාය. වෙලාව පෙරවරු නවයට ආසන්නය. ජැටිය ආසන්නයේ එක් ආපන ශාලාවක්  අපේ අවශ්‍යතාවය තෝසේ , වඩේ වැනි කෑම වලින් සම්පූර්න කලේය.

උදේ ආහාරය සම්පුර්න කලාය.


 සපාරි රථයක් වෑන් රියක් ගනුදෙනු කරුවන් සොයමින් සිටි බැවින් අපි ගමනට සපාරි රථය තෝරා ගතිමු. වැසි සහිත කාලගුණය මැද ඇරඹි ඩෙල්ෆ් දූපත ඇතුලත සංචාරයට ඊළග වියමනෙන් කැදවා ගෙන යන්නට දැනට  නවතින්නම්.


notes of imaginary

0 comments:

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.

 

මීදුම Published @ 2014 by Ipietoon