සිරිමා – ශාස්ත්‍රී
ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල්
බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970
ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට
මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ
පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ්
ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී
මේකර්, රබර්
මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර්
කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී සිටියේය.
මේ සියල්ලෝම
විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු
වලට පාත්‍ර වර්ගයා බවට එම ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන්
අතරින් කම්කරු වෘතියට අමතරව යම් යම් උප
ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින
සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට
හැකිවු නිසාවෙන්ය.
අද මගේ කතාවේ
කතානායිකාව නමින් ‘මීනායි
”ය.
මට වයස දහ අට විස්ස වන අවදියේ ඈ
විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ
සිංහල ගැමි කාන්තාවක මෙන් පිලිවෙලකට ජීවත් වන්නියකි . පිලිවෙලකට සකස් කර ගත් ඇගේ
වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින්
සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව
අවබෝධයක් ලබන්න පුංචි ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල
පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස මගේ
පියා බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි. ඒ අරපිරිමැස්මෙන් හරි හම්බු කර ගත්
වත්කමය.වතු ද්‍රවිඩ ජාතිකයන් තම වත්කම්
රැස් කරන්නේ රත්තරන් වලින්ය.
රුපියල් 6500/= යනු
එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම
මුදලේ අගය ඈ වැනි කාන්තාවකට විශාල මුදලකි. මගේ මතකය නිවරදි නම් එකල කම්කරුවෙකුගේ
දෛනික වැටුප රුපියල් දෙකක් පමන විය.
මා සදහන් කරන
මෙම කාලයේ ජනප්‍රිය වර්ගයේ
ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ
විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක්
ගැණීමට අවශ්‍ය වී එම මහතා – මීනායි මවගෙන්
රුපියල් 6500/= ණයට ගත්තේය.
නමුත් තම බල පුළුවන් කාරකම් දක්වා එම මුදල
අර අසරණ මවට ආපසු නොගෙව්වේය. ඈ
වරින් වර මුදල් ඉල්ලුවත් කල්
මරමින් ආපසු ගෙවීම පැහැර හැරියේය.
කාලය ගත
විය.
එක් උදෑසනක මෙම
ව්‍යාපාරිකයා හමුවීමට ව්‍යාපාරික ස්ථානයට
පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් )
සාප කරමින් බිමින් ගත් වැලි අහුරක් අහසට විසිකර, වෙනත් කර කියා ගත හැකි දෙයක් නොමැතිව සාප කරමින් ආපසු
ගියේය.
ක්‍රමයෙන්
ඔහුගේ ව්‍යාපාර ද දේශපාලන කීර්තියද පිරිහී
ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ
තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුට, ඔහුගේ නමින් කිසිදු දේපලක් නැත.
මීනායි
අම්මාගේ සාපය විසින් ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපලත් ඔවුනුත් විනාශකර දමන
ලද්දැයි මේ සිද්ධිය සිහිපත් වෙන විට මට
සිතෙන්නේය.
notes of imaginary
0 comments:
Post a Comment