බේකර්ස් බෙන්ඩ් - බෙලිහුල්ඔය

නොන්පෙරියල්

හුණු ගල් පොකුණ - කල්තොට

හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ.



යාපහුව

දඹදෙනිය රාජධානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. මේ දළදා මැදුරට යන පියගැට පෙළයි.


සමනලවැව

වලවෙිි ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජලයෙන් පෝෂිත වන සමනල වැව.



කළුදිය පොකුණ

මිහින්තලේ.

2020-03-19

කොරෝනා සව්දම


පන්සලේ රතන සූත්‍රය දේශනා කරනු ඇසේ. සැළුනාවු මනසට පිරිත් හඩ සිසිලකි.සියල්ලෝම ලෙඩ රෝග වලට බියවෙති. මරණයට බියවෙති. ජීවිතය රැක ගැණීමට ඉතා සුළු දෙයක එල්ලී හෝ සැනසීමට වෙර දරති. දියේ ගසා ගෙන යන විට පිදුරු ගසත් මහා වෘක‍්ෂයකි.

මේ සියල්ල අතර දේශපාලනය කරන අනාගත පාර්ලිමේන්තු සිහින දකින්නෝ සාකච්ඡා කරනුයේ මේ පිදුරු ගහේ එල්ලී ජීවිතයද මරණයද තෝරා ගැණීමට නොහැකිව අතරමං වී සිටින ජනතාව ගැන නොවේ. එකෙකුට මැතිවරණය කල් දමා ගත යුතුය. තව එකෙකුට මැතිවරණය මේ ජරමර අස්සේ හෙට පැවත්වුවත් ජොලිය.තවත් එකෙක් මෙය දකින්නේ පාලනය විසින් මරණය සමග සූදු කෙලින බවකි.

මට සිතෙන්නේ මුන් වාගේ අමන රැලක් තවත් සිටීද යන්නයි.

පාර්ලිමේන්තුව අවසානයට රැස්වු දිනයේදී රජය ඉදිරිපත් කිරීමට සුදානම්වු මුදල් පනතට සහය නොදීමට විරුද්ධ පක්‍ෂයයි කියා ගන්නා කණ්ඩායම හඩ තැලීය. එහි සදහන්වු ණය ගෙවීම සාධාරණය. එහෙත් එම මුදල් ගෙවීමට මුදල් සොයා ගැණිමේ ක්‍රමවේදය විෂ සහිතය. කොහිල අල ප්‍රනීතය. එහෙත් අල ගලවා ගන්නට යාමේදී ඇනෙන කටු වේදනා කාරීය. පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

අතර මංවුවෝ කවුරුන්ද ?.

බැංකු වලට පුද්ගලයින්ට ණය තුරුස්ව පසුගිය රජයේ ඉදිකිරීම්, සංවර්ධණ ව්‍යාපෘති, රාජ්‍ය ආයතනයන්ට සැපයුම් කල ( ඖෂධ, පොහොර ආදී ) ව්‍යවහාසිකයන් ආයෝජන කල මුදල් පියවා ගත නොහී අතරමං විය. ඔවුන් පිටුපස බැංකු පොලී, ණයකරුවන්, අඹා එල්ලදී ඔවුන් හට සේවා සැපයු කම්කරුවා දක්වාම අතරමං විය.මේ කිසිවක් ගැන සංවේදී හදවතක් නානාවිධ දෙශපාලන අම්බරුවන්ට තිබුනේ නැත.

මැතිවරණයට කල් නියම විය. නාමයෝජනා දින තීන්දු විය. මේ අල්ල පනල්ලේ කොරොනා - චීනයට ආවේය. යුරෝපයට ආවේය. ජනතාව ගැන හාංකවිස්සියක් නැතිව නාම යෝජනා ගැනම ඒ පැත්තට මේ පැත්තට අල කලංචි ඇති කර ගත්තා මිස පොදු මිනිසාගේ ජීවිතය ගැන සිතිවිල්ලක් ඇති වුනේ නැත. ඒ ගැන සොයා බැළු ඇත්තන් ගේ අඩු පාඩු දැක ඒවා සාකච්චා කරන්න පාර්ලිමේන්තුව රැස් කරන්න ඕනා බව කීයන්නේය. තමුන්ගේ අදහස් පලකරන්න පාර්ලිමේන්තුවම ඕනාද ?.

නිවාඩු දුන්නත් වැරදිය. Shut down, shut down කියන්නේය. දැන් අපිට අර්ධයක් එසේ වෙලාය. එතකොට ඒකත් වැරදිය. shut down උනොත් කන්න නැතිවෙනවාය. අපේ රටේ බොන්න නම් වතුර සොයා ගත හැක. එලවළු මස් මාළු මාසයක් හමාරකට තබා ගැණිමට හුදී ජනයාට පහසුකම් නැත. වියලි ආහාර ද්‍රව්‍යනම් සල්ලි ඇත්නම් ගබඩා කර ගත හැක.හාල් පොල් ඇත්තෝ සම්බෝලයක් හදා ගන්න මිරිස් ළුනු ටිකක් තිබුනොත් ප්‍රමානවත්ය. කව්පි මුංඇට වගේ ධාන්‍ය ටිකක් ඇත්නම් කල් තබා ගෙන ආහාරයට ගත හැක. සැමන් සහ පරිප්පුත් කල් තබා ගෙන පරිභෝජනයට ගත හැක.සැමන් පරිප්පු මෙන්ම හාල් පොල් කවුපි මුංඇට හාල් පොල් පහසු මිලට ගන්නා හැටියක් ගැන ජාතිය අමතන විට කීමට නොහැකිවී , පරිප්පුත් සැමනුත් කොරෝනාවට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයයි වරදවා වටහා ගෙන බුකිය දෙවනත් කරන්නෝද සිටින්නේය. හොද වෙලාවට මේ දිනවල දේශපාලක තුමන්ලා යයි කියගන්නා උදවියගේ මහජනතාව අමතන ජන හමු නැත.එසේ තිබුනා නම් පරිප්පුත් සැමනුත් දෝරේ ගලන්නේය
.

notes of imaginary

2019-08-09

මමත් - ඔහුත්.


තකය අවදිවන්න කිසියම් උත්තේජකයක් අවශ්‍යවේ .  
අපි වෙන්ව ගොස් බොහෝ කලකට පසු  සහෘද මුහුණක්  මුහුණු පොතේ මතුවී ඇති බව දිනක දුටුවෙමු . මම වහා ඇරයුමක් සටහන් කලෙමි. එවිටම පාහේ  අප යලිත්  සහෘදයන් බවට  පත්වුනෙමු.
මගේ මතකය යලිත් අවදි වන්නට පටන් ගනී.
කාලය පනහේ දශකය දක්වා දිවයයි.
ඔහුගේ පියාත් මගේ පියාත් සමකාලීන මිත්‍රයෝ වු බැවින් බහ තොරන වයසේ සිට ඔහු මගේ ලොකු අයියා විය. මගේ පමනක් නොවේ එකල අප වටා ගොඩ නැගී තිබු මිත්‍ර සමාගමේ ප්‍රධානියා ඔහු විය.විසේ ඇති වියේ සාධාරනය සොයා ගිය අප වියපත් වන විට අපි අපේ ලෝකයේ තනි තනිව කදවුරු බැදගන්නා ගන්නා ලදී. අසූවිය එලිපත්තේ සිටද අපි මෙන් නොවී අදත් අසාධාරනය උදෙසා ඔහු සටන් කරයි.
ඔහුත් අපත් අතර  ඇති වෙනස පරතෙර එය වුවද අපි සදාකාලික මිත්‍රයෝවමු. සහෘදයෝ වමු.
1970දී මගේ වයස අවුරුදු 22 කි.. 71 අවධිවීම ආස්වාදජනක වුවද අපේ කුටුම්භයන් තුල තිබු රැකවරණය ආශ්වාදජනක දේශපාලනයට ඇදී යාම අවහිර කරන ලදී. එදත් මගේ සහෘදයා අන්තවාදීව ධනවාදීයයි හදුන්වන කදවුරේ නියමුවෙකි. මම එහාට මෙහාට දෝලනයවු ගන්ධබ්බ අවස්ථාවේ පසුවු දේශපාලන කීටයෙකි.
අපි ආගමිකව මාවත් දෙකක ගමන් කලෙමු. මා පන්සල් යන විට ඔහු පල්ලියට ගියාය. මා මෙන් නොව  ඔහු පන්සලට  පල්ලියට එකවන්ව ලෙන්ගතුව කටයුතු කරමින් අප සමාජය තුල නායයෙකු බවට පත්වීනි.
අපි අපේ ග්‍රාමීය සමාජය තුල බින්න බැස තිබු ඒකාධිකාරී සමාජ ක්‍රියාකාරීන් පිරිසකට එරෙහි බලවේගයක් ගොඩනැගුවෙමු. මෙම පීඩක සමාජය ඔවුන්ට ඉහලින් කිසිවෙකු. නොසිටිය යුතු යැයි යන මානසිකත්‍වයක් දැරු ගම්මුලෑදැනින්, කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන් වැනි පිරිසකි. මේ නිසා අප ඔවුන්ගේ වෛරයට භාජනය විනි.
අපි අවුරුදු උත්සව සංවිධාන කර පැවැත්වුයෙමු. වෙසක්, පොසොන් පොහොය උත්සවාකාරයෙන් සමැරුවෙමු. දෙසැම්බරයේ නත්තලත් දෙසැම්බර් 31 දා විසේකාර සැමරුමත් වසර ගනනාවක් පවත්වා ගෙන ගියෙමු මෙම ක්‍රියාකාරකම් තුලින් සමාජ පරතෙරය අවම කරගත්තෙමු. එදා පටන් ගත් සමාජ ව්‍යාපාරය අද වන විට පලදරා ඇති වුවත් අප සහෘදයා අප අතහැර තනිව විමුක්තිය , නිදහස  සොයා ගිය බවකි.
1975 වන විට ධාර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමේ අපේ පරම අරමුන විනි.  1977 ධාර්මිෂ්ඨ සමාජය බිහිකිරීම උදෙසා විසේකාර කොල්ලන් කුරුට්ටන් නඩයක නඩේගුරාව ගමක් ගමක් ගානේ කදවුරු බදිමින් සපුරන ලද ඒ උවමනාව 1987 වන විට මට අප්‍රසන්න අත්දැකීමක්ව තිබු අතර මගේ සහෘදයා හැපෙමින් ගැටෙමින්  එහිම රැදී සිටියා යයි මම සිතමි.
මම ඉන් පසුව මගේ දේශපාලන ධාරාව වෙනස් කිරීමට මට සිදුවිනි.   එම වෙනස් වීම නිසා  කිසියම් ප්‍රමානයක සමාජ සත්කාරක කටයුතු සිදුකිරීමටද හැකිවිනි. දැන් අප වයෝවෘදියටත් අපේ කාලයේ අප ඇසුරු කල සමාජය අප සමග වියපත්ව වියකී යන විට නව සමාජය තුල අමතක වන චරිත බවට පත් වෙමින් සිටී.

එහෙත් ඔහු නිහඩ නැත. තවමත් සමාජයේ යහ පැවත්ම උදෙසා සටන් කරයි.මම උපේක්‍ෂා වෙන් බලා සිටිමි. 

notes of imaginary

2019-07-23

නී නාෂමා පෝ.........




සිරිමා - ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය.
1970 ට පෙර අප ගම වටා පැතිර තිබු තේ වගාව අක්කර 1200ක් පමණ විය. මට මතක ලෙසට විශාල ද්‍රවිඩ ජනගහනයක් මේ තේ වගාවත් සමග වතුකරයේ පදිංචිව සිටියාය.
වතු සංස්කෘතියේ පෙරිය දොරේ , සින්න දොරේලා , කනක්කපුල්ලේලා, ෆීල්ඩ් ඔෆිසර්ලා, ක්ලාක් මහත්තුරු, ටී මේකර්, රබර් මේකර් ආදී තනතුරු මෙන්ම කම්කරු කණ්ඩායම් ප්‍රධාණින් ලෙස කන්කාණී, මැනේජර් කන්කාණී තනතුරුද පහලම මට්ටමේ තනතුරු ලෙස කම්කරුවෝ ගොනුවී සිටියේය.
මේ සියල්ලෝම විවිධ මට්ටමෙන් ආශ්‍රය කිරීමට මට ඉඩ හසර ඇතිවී තිබුනේ අපේ පියාගේ ව්‍යාපාරික කටයුතු වලට පාත්‍ර වර්ගයා බවට මේ ජනතාව පත්ව සිටි බැවිනි.
කම්කරුවන් අතරින් යම් යම් උප ක්‍රියාකරම් කරමින් මුදල් රැස් කර ගත් ද්‍රවිඩ කම්කරු පවුල් කිහිපයක් මා හැදින සිටියේය. මම දෙමල කතා කරන්න ඉගන ගත්තේ මේ දෙමළ පවුල් කිට්ටුවෙන් ආශ්‍රය කිරීමට හැකිවු නිසාවෙනි.
ඈ නමින් ‘මීනායි ”ය. මට වයස දහ අට විස්ස වන අවදියේ ඈ විශ්‍රාමික කම්කරු මවකි. සාමාන්‍යයෙන් දකින කම්කරු කාන්තාවක් පරිද්දෙන් නොව ඈ සිංහල කාන්තාවක මෙන් පිලිවෙලකට දෛණික කටයුතු සිදුකරයි. පිලිවෙලකට සකස් කර ගත් ඇගේ වතු නිවාසය දැකුම්කළුය.සහයකයින් යොදා ගෙන එළවළු, එළු , ගවයින් සහ කුකුළන් ඇති කල ගොවිපලක් ඈ සතුය.
ඇගේ ධනවත්බව අවබෝධයක් ලබන්න ඉගියක් පළකරමි. 1958 දෙමළ කලකෝලාහාල පැවති අවදියේ ඈ පරිස්සසම් කර දෙන ලෙස අප බාරයේ රත්රන් පවුම් හැට තුනක් තබා තිබිනි.
රුපියල් 6500/= යනු එකල විශාල මුදලකි. ඇරත් ඉතාමත් අරපරිස්සමින් ජීවිත කාලයක් එකතු කරගත් මුදලකින් මෙම මුදලේ අගය ඈ වැනි කාන්තාවකට කොයි
තරම් විශාල මුදලක් වි හැකිද ?.
එකල ජනප්‍රිය වර්ගයේ ෆෝර්ඩ් පිපෙක්ට් වර්ගයේ කාරයක මිල රුපියල් 10500.00ක් පමණ විය.
ප්‍රදේශයේ විසු ව්‍යාපාරිකයෙකු ග්‍රාමීය දේශපාලකයෙකුවු මහත්මයෙකු හට එම වර්ගයේ මෝටර් රථයක් ගැණීමට අවශ්‍ය වී එම මහතා - මීනායි මවගෙන් රුපියල් 6500/= ණයට ගත්තේය. නමුත් තම දුෂ්ඨ බල පුළුවන් කාරකම් දක්වා එම මුදල අර අසරණ මවට ආපසු නොගෙව්වේය.


කාලය ගත විය.
එක් උදෑසනක ව්‍යාපාරික ස්ථානයට පැමිණි ඈ වැලි අහුරක් අතට ගෙන නැගෙන හිරු දෙසට “ නී නාෂමා පෝ ” යයි ( උඹ නැති වෙලා පලයන් ) සාප කරමින් වැලි අහුර අහසට විසි කලාය.
ක්‍රමයෙන් ඔහුගේ ව්‍යාපාර දේශපාලන කීර්තිය පිරිහී ගියේය.කාලයක් ගත වන විට පවුලේ සාමාජිකයන් විවිධ අන්දමින් විසිර ගියාය. අවසානයේ තනිව මිය පරලොව ගියාය. අද වන විට ප්‍රදේශයේ වැඩිම දේපල වත්කම් තිබු ඔහුගේ නමින් දේපලක් නැත.
ආසාධාරන ලෙස හරි හම්බ කර ගත් දේපල නැතිවෙලා ගොස් ඇත.


notes of imaginary

2019-07-07

කැකිල්ලේ කතා.



පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම සම්බන්‍ධව පරීක්‍ෂණ ගලා යමින් පවතී. දවසින් දවස එක් එක් නවමු පුවත් අසන්නට ලැබේ.
කැකිල්ලේ නඩුතීන්දු ගැන අපි පුංචි සන්දියේ සිට අසා ඇත.
එක් රට වැසියෙකුගේ නිවසක් වැස්සට කඩා වැටීම නිසා එම වැසියා පිලිසරනක් පතා කැකිල්ලේ රජතුමා මුණගැසීමට රාජ සභාවට පැමිණියේය.
දේවයන් වහන්ස , මගේ නිවස කඩා වැටුනේ වහල නිසි පරිදි සකස් කර නොදුන් නිසා වෙන්  වැස්සට බිත්ති තෙමිලා මැටි දියවෙලා නිවස බිමට සමතලා වුනා.
අසරනවු නිවසියා පැමිණිල්ල ඉදිරිපත් කලේය.

මෙකල මෙන් එකල රජවරු දිනපතා සිදුවෙන මහජන රැස්වීම් වල යෝජනා චෝදනා නියෝග ප්‍රකාශ නොකරන අතර  රාජ සභාවේදී දුක් ගැනවිලි විසදමින් ජනතාවට සහන සැලැස්සුවෝය.
රජතුමා කල්පනා කලේය..

වැරැද්ද සිදුව ඇත්තේ වඩුවා ගේ වැරැද්දෙන් බවරජතුමාට  නිරීක්‍ෂණය විය.
වහාම වඩුවා කැදවීමට නියෝග කලේය.
රාජ පුරුෂයෝ වඩුවා කුදලා ගෙන ඒමට පිටත් විය. මේ ආරංචිය කලින් අසන්නට ලැබු වඩුවා වහා වෙදනා හමු වන්නට ගියේය.
වඩුවාට ක්‍ෂණිකව ඇතිවු පපුවේ වේදනාවකි.එහෙයින් වෙදනා වඩුවා ප්‍රතිකාර වලින් නිදහස් කිරීමට වෙදනා අකමැති විය.
නඩුව විසදීම කල් ගියේය.
දෙවනි අවස්ථාවේ  රජතුමාට සිදුවුයේ වේදනා ගේ නිවසට ගොස් වඩුවා මුණ ගැසීමටය.
කැකිල්ලේ උවත් අවස්ථාව තේරුම් ගැණීමට රජතුමාට හැකිවිය.
වහා වඩුවා කුදලා ගෙන රාජ සභාවට ගෙන යාමට රාජ පුරුෂයින්ට අණ කලේය.
රාජසභාවේදී  , වඩුවාට ‍චෝදනා කියවා දඩුවම් කිරීමට පෙර නිදහසට කරුණු විමසීය.
“පස්වාන් දහසකට බුදුවන්න රාජ උත්තමයාණනි ,  මම වහල නිසි ප්‍රමිතියට සකස් කලෙමි. වහල රදා පවතින්නේ බිත්ති මතයි. එම බිත්ති සවිමත් නොවු නිසා වෙන් මහ වැස්සෙන් වට වැසි ජලයෙන් බිත්ති ගරා වැටිනි. මෙම අනතුර සිදුවුයේ බිත්ති ගරා වැටීම නිසාවෙනි.වහල නිසාවෙන් නොවන බැවින්  මා වරද කරු නොවෙමි.
බිත්ති ඉදිකල බාස් උන්නැහේ ගෙන්වා කරුනු විමසනු මැනවි. ඉන් පසු මා ගැන කලයුත්තක් තීරණය කල මැනවි”.
යයි වඩුවා එකත්පස්ව රජතුමා ගෙන් අයදුනු ලැබිනි.
රජතුමාට සංචාරයක් යෙදී තිබුන බැවින් නඩුව විමසීම කෙටි කාලයකට කල් තැබිනි.සංචාරය නිමවා රාජසභාව කැදවු රජතුමා  වහාම මේෂන් බාස් උන්නැහේ රාජ සභාවට කැදවීමට නියෝග කෙරිනි.
මේෂන් බාස් උන්නැහේ බාස් උන්නැහේට පුර්ව චෝදනා කියවා දුනි. නිදසට කරුණු විමසිනි.
මේෂන් බාස් උන්නැහේ “ පස්වාන් දහසකට බුදුවන උත්තමයාණනි, මැටි ඇනුවේ කුඹලා ගෙනවිත් දුන් කළයෙන් වතුර වක්කරමිනි. එම කළයේ කට නිවරදි ලෙස සකස් කර නොතිබිනි. කට වක්ව තිබු බැවින් මැටි අවශ්‍යවු පදමට සකස් කර ගැණීමට වතුර යෙදීමට නොහැකි විනි.
එසේ හෙයින් ස්වාමිණී, මේ නම් මගේ වරද නොවේ .වරද කුඹලා ගේමැයි.”
රජතුමාට උපදෙස් දුන් අති පන්ඩිතයෝ ද එය අනුමත කල බැවින් , රජතුමා  කුඹලා කැදවීමට නියෝගයක් දුනි.
කුඹලා මේ මොන වින්නැහියක්දැයි සිතමින් රාජ සභාවට ඒ මට පෙර තම අඹු දරුවන්ගෙන් ද සමුගනිමින් නැවත එන්නවේදො නොවේදෝ යයි සැකයෙන් රාජපුරුෂයන් සමග පිටත්විනි. එතරම්ව කැකිල්ලේ රජතුමාගේ නියෝග විසදීම් ගැන ඔහුට වැටහීමක් තිබිනි.
රජතුමා ඔහුට ඇති චෝදනා කියවා දී නිදහසට කරුණු ඉදිරිපත් නොවුන හොත් තමා මගුල් ඇතු ලවා පාගවා මරා දමන බවට පුර්ව දැනුම් දීමක්ද සිදු කරන ලදී.
මේ කඩා වැටුනේ මොන වින්නැහියක්ද  කුඹලාට තරු විසිවිනි.
පස්වාන් දහසකට රජවන රාජ උත්තමයාණනි,  වඩුවා කියන්නේ ඇත්තය. මම සෑදු කළගෙඩියේ කට ඇදය. එයට හේතුව මම කළය සාදන විට එක්තරා රූමත් කාන්තාවක පාරේ දිනපතා එහා මෙහා ගියා ය. ඇය දෙස බලමින් කළය සෑදු බැවින් එහි කට ඇදවිය. එම කළය මිල අඩුවෙන් දුන් නිසා , කුඹලා එය  මිළට ගෙන රැගෙන ගියාය.මා එයට කුමක් කරන්නේද ?.
පාරේ එහා මෙහා ඇවිද ගිය රූමත් කන්තාව නිසා කළ ගෙඩියේ කට ඇදවීම සිදුවිය.
රජතුමාට එම කාන්තාවගේ රූප ස්වභාවය බැලීමේ අනියම් අශාවක්ද සිත්තුල ඇතිවිනි. වහා එම කාන්තාව කැදවා එන ලෙස රාජපුරුෂයෝ යවිනි.
රජතුමා , පෙර පරිද්දෙන්ම චෝදනා කියවා දඩුවම් කිරීමට පෙර නිදහසට කරුණු ඇත්නම් කියන ලෙස නියෝග දුනි.
“රජතුමනි, මම මෙම වඩුවා නිවස සාදන විට පාරේ එහා මෙහා ගිය බව සත්‍යයකි. නමුත්  නිවස කඩා වැටීමට මම වරදකාරිය නොවෙමි.  මම සතුවු රත්රන් කොටසකින්  ආභරණ සාදාගැනීමට  නගරයේ වෙසෙන රන්කරුවාට බාර දුනිමි. ඔහු නියමිත දිනට ආභරන සාදා නොදුන් බැවින්  , ආභරණ ලබා ගැනීමට මට දිනපතා රන්කරුවා හමුවීමට සිදුවිනි”.
එසේ හෙයින් මා වරදකාරිණියක් වන්නේ කෙසේද රජතුමනි. රන්කරුවා මගුල් ඇතු ලවා පාගා මරණීය දණ්ඩනය දුන මැනවි.
රජතුමාට මේ ප්‍රකාශය ඉවත දමන්නට කොහෙත්ම නොහැකිය . මේ සුරුපිණිය කෙසේ මරා දමන්නද ?.

කැකිල්ලේ රජතුමා රාජ පුරුෂයින් අමතා වහාම රන්කරුවා ගෙන්වා කාරණා විමසීය.
රජතුමනි, මෙතුමිය  කියනකරුණු  කාරණා සියල්ල සත්‍යයයි. මම වැරදිකරු වෙමි. මම ඇය දුන් රන් වලින් රන්භාණ්ඩ නිපදවුවෙමි.  එම ආභරණ තවමත් ඇයට ආපසු භාර නොදුන්නෙමි. නමුත් මම ඔබගේ මගුල් ඇතු ලවා පාගවා මැරීමට තරම් සුදුස්සෙක්   නොවෙමි. මම ඉතා කෙසඟ ශරීරයක් ඇත්තෙක්මි. සද්දන්ත මගුල් ඇතු ලවා මා වැන්නෙකු මරා දැමීම එම හස්තිරාජයාට කරන අවනම්බුවකි.
එහෙයින් මරා දැමීමට නම් මහත දෙහෙත කෙනෙක්ම වියයුතුමැයි.
නගරයේ වෙසෙන බඩමහත මුදලාලි නම් උස මහත පුරුෂයකි. ඔහු මගුල් ඇතු ලවා මරා දමන්න සුදුසුයයි මම සිතමි ”.  
කපටි රන්කරුවා රජතුමාට යෝජනා කෙරිනි.
ඇත්ත නේන්නම් මේකා මගුල් ඇතු ලවා පාගා දැමුවොත් ඇතු හට තුවාල සිදුවන්නේය. වහා බඩ මහත මුදලාලි කුදලා ගෙන එන ලෙස රාජ පුරුෂයින් හට අණ කෙරිනි.
මෙයින් වත් මේ නඩු විභාගය අවසන් වේදෝ යි බලා සිටින පිරිසට දැන ගන්න ලැබුනේ රජුගේ වැඩ දන්නා බඩ මහත මුදලාලි පෙර දා දුරු රටකට පලා ගිය බවයි.





notes of imaginary

2019-06-16

අණ්ඩර දෙමල.


දෙන්නාම පිට රටය.

ඒ මෙරට කරන්න මගුලක් නැති නිසා වෙන්න ඇත.හොද වෙලාවට මේ සතියේ විශේෂ යමක් සිදුවුනේ නැත. උනා නම් මේ වාහේලා  එක්වරම කියන්නේ “ මම දැන ගෙන හිටියේ නැහැ ” නැත්නම් “මම ලංකාවේ හිටියේ නෑ ’වගේ අණ්ඩර දෙමලයක්ය.

ලංකාවේ සිදුවන ඕනම දෙයක් ගෝලීයකරනය වන්නේය.කිසිවක් සරල නැත.
මේවා අපට නම් බහු බුතය. ඒ වුනත් අණ්ඩර දෙමල තෙපර බබා දෙසන්නන්ට බැරෑරුම් දේවල්ය.

විල්පත්තු වන සංහාරය මෙන්ම පාස්කු ඉරිදා ප්‍රාහාරය ගෝලීයකරණ සිදුවිම්ය.සීනී ගෝණි වගේ කුඩු හුවමාරුවෙන්නේද ගෝලීය කරණය නිසාය. දවසක සතොසට ගෙනා සීනී අතරටද කුඩු එක්ව තිබු බව වාර්තා විය. මේ සියල්ල වාර්තා පමනක්ය.

ලෝකය ගෝලයක් නිසා අපි මේ තරම් හිරිහැර විදින්නේද ?

මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවට කතාවක් ඇසුනේය. වාර්තා කැදවු බවක් පැවසිනි. අපි අද එයි මරු - හෙට එයි යයි සිතමින් සිටියෙමු. මරු ආවේ  නැත. ගෝලීයකරණවු රටක මරණ දඩුවමද ගෝලීය කරණය වී ඇත්දැයි නොසිතා වේදිකාවේ පාරම් බා කරන්න ගිය තැන හබක් බව නොදන් මේ ඇත්තන් “කඩුල්ල පනින්න පෙර සිතා බලන්නට” ප්‍රඥාව කදුලක් නැත.

එහෙත් අසන්නෝ මෝඩයයි සිතා ගෙන දෙසන්නෝය.


මෙවැනි දෙසුම් අනන්ත අප්‍රමාන අපි අසා ඇත්තෙමු.දැන් මේ කතා  එකකින් දෙකකින් පසු  ප්‍රලාප බව තේරුම් ගෙන  පිලිකෙව් කරන්නට තරම් අපි ප්‍රඥාවන්තය.

notes of imaginary

2019-06-07

අතීසාරයට අමුඩ ගැසීම.





මෙගා ටෙලියේ  ඊයේ පෙන්වනු ලැබු කොටස නරඹා අවසානයේ මට සිතුනේ මෝඩයා කට අරිනතුරු ප්‍රඥාවන්තයෙකු බවය.
අද ටෙලියේ පෙන්වනු ලැබුවේ එහි තවත් කොටසකි.
පූරක කතාවක් කියමින් සිටී.
ඔහුට අනුව සෑම ගමකම වඩු මඩුවක් තිබුන යුගයක් විය. අපේ ගෙවල් වල තිබු කොලොම්බුව නම් වු මිටි අසුනේ සිට මේස පුටු ඇද පවා නිපයුනේ මේ වඩු මඩුවේ. වඩු බාස් උන්නැහේ නිවසට විත් උළුවහු දොර ජනේල් වැනි බර භාණ්ඩ සාදා වහල සිවිලිම සකස් කර දු වින්නේය.
පූරකගේ මේ විවරනය අවසානයේ තිරයේ වඩු  බාස්වරු පිරිසක් බෝර්ඩ් ලෑලි උස්සාගෙන පාරට බැස උද්ඝෝෂණයක නිරතව සිටින දර්ශණ පෙලක් පෙන්වමින් සිටී.
කට  වසා සිටි ප්‍රඥාවන්තයෙකු කට ඇරි පමනින් වඩු මහත්වරුන් පාරට බැස්සාදැයි සිතිවිල්ලක මම කිමිදෙන්නට විමි.
විල්පත්තුවේ අක්කර දහස් ගණණක් විනාශයට පත් කර ඇතැයි මහා ඝෝෂාවක් පසු ගිය කාලයේ  විකාශණය වු කොටසක පෙන්විනි. ඒ අතර හදිස්සියේ වාගේ “චේන් ෂෝ ” තබා ගෙන ඇත් නම් ලගම ඇති පොලිසියේ ලියා පදිංචි කර ගැණීමට සිදුවිනි.
චේන් ෂෝ අසු දහසක් මේ ශ්‍රී ලංකාව තුල විසිර තිබු බව කියනු ලැබිනි.
මේ සමග විල්පත්තුවේ ගස් කැපීමට  චේන් ෂෝ නොමැතිව එම ව්‍යාපෘතිය  ඇන හිටින්නට ඇත.
අතීසාරයට අමුඩ ගසන වෛද්‍ය ප්‍රතිකර්ම ගැනද අසා ඇත්තේ මේ රටේදීමය. අපේ සමහර උදවිය ප්‍රඥාවෙන් යුතුවද අතීසාරයට අමුඩ ගසති.
මහා වන විනාශයක් කර ඇති රටක වඩු මඩු වසා දමන්න සිතිවිල්ලක් පහල වෙන්නේ  නම් එය වසා ගෙන සිටි කට ඇරි  ප්‍රඥාවන්තයකුගේ සිතිවිල්ලකි
වඩු කර්මාන්තය මේ රටේ එක් වෘත්තියකි.
වඩුවන් හට  දැව නැතිව   මෙම කර්මාන්තයේ නියලෙන්න නොහැක. වඩුවන් හට දැව සපයා ගැණිමට විකල්ප සලස්වනු  විනා වඩුමඩු වසා දමන්න සිතනවා නම් එය අතීසාරයට අමුඩ ගැසීමකි.





notes of imaginary

2019-06-06

දැන් පෙන්නනවා.



දේශපාලන ප්‍රවෘත්ති දිනෙන් දින පෙල ගැසෙන්නේ එක්තරා විකාරී ස්වරූපයකටය. ජනතා අවධානය පාස්කු ඉරිදා ඛෙදවාචකය පාදක කර ගෙන ඇති වන එක් එක් ප්‍රවනතා ඔස්සේ පුවත් මවමින් ඉදිරියට ඇදෙන විට ජනතාවද හැගෙන ලෙස නිහඩව ආර්ථික මර්මස්ථාන විදේශීයකරණය වෙමින් දේශීය පාලනයෙන් ගිලිහී යමින් පවතින බව දක්නට ඇත.

අප යහපාලනය උදෙසා කැමැත්ත පල කලේ ඇයි යන්න ? අද ප්‍රශ්නයක් බවට පත්වෙමින් ඊලගට ප්‍රතිචාර දැක්වීමේ  අවස්ථාව ඇති වන තෙක් චිත්ත වේදනා විදිමින් සිටින්නෝ බවට පත්ව ඇත.
අප මේ ඛේදනියත්‍වයට යොමු කිරීමට ගතු කිවු බොහෝ වියතුන් හට ශාපවිය යුතු අතර සමහර වුන් අප යලිත් රැවටීම සදහා අළුත් රග පෑමකට අඩව් කරනම් කස්තිරම් පාමින් සිටින බවක් දැන් දැන් දක්නට ඇත.

රට අරාජිකය.
යලිත් රට ගොඩ ගැණිමට විශ්වාසය තැබිය හැකි නායකත්‍වයක් පිලිබදව ජනතාවට එකගතාවයකට පැමිණිය හැකි ඉලක්කයක් ........?. තෝරා ගැණීම ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

එක් මුස්ලිම් ඇමතිවරයෙකුට විරුද්ධව ගොඩ නැගුණ චෝදනාවට මුස්ලිම් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු මාසයකට තම තනතුරු වලින් ඉවත් විය.අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය නිම විය.ඊයේ වන විට මහා සංඝරත්නය  (දේශපාලන රත්නයන්) විසින් මුස්ලිම් ඇමතිවරුනට යලිත් තම තනතුරු බාරගන්නා ලෙස ඉල්ලමින් ප්‍රකාශ නිකුත් කරමින් අනුශාසනා කරන්නෝය.
මේ සිද්ධීන්  අතර දේශපාලන රංගනය විශ්වාසනීය ලෙස විග්‍රහ කර ගත හැකිද ?.


මීදුමට නම් අවබෝධ වී ඇත්තේ මෙම සිද්ධී මාලාවම  එක්තරා අන්දමක දේශපාලන උප්පරවැට්ටියක් ලෙසින්ය.  දේශපාලන ටෙලියක් ලෙසය. 

notes of imaginary

2019-04-20

බෙලිහුල්ඔය නිවාඩුව ගැන සිතන්න.

නිවාඩුවක් ගත කරන්න බෙලිහුල්ඔය තෝරා ගන්නේ ස්වභාව ධර්මය දායාද කල පරිසරය දේශගුනය හේතුවක් කරගන්නා නිසා කියලා මම හිතනවා. මේ නවාතැනේ සිට ඊට වඩා එහාට ගිය දැනීම් සම්භාරයක් එක් රැස් කරගන්න පුළුවන් උනත් ඒ ගැන සංචාරකයන්ට අවබෝධයක් සහ දැනුම්වත් වීමක් නැහැ.
මට හමුවන බොහෝ දෙනා බෙලිහුල්ඔයෙන් දිය නා හවස් වන තෙක් කා බී පසුදා බෙලිහුල්ඔයෙන් නික්ම යන්නන්. එයත් සතුටක් යයි සිතන්නන්.
සබරගමුව පලාත් සභාව විසින් බෙලිහුල්ඔය සංචාරක කලාපයක් ලෙස නම් කරමින් ආයෝජනයන් කිහිපයක් කර තිබෙනවා. ඒත් ඒවා ගොඩනැගිලි පමනක් වෙලා.සංචාරකයින් දැනුම්වත් කිරීමේ වැඩ පිලිවෙලක් ඇත්තේම නැහැ. මෙය විශාල අඩුපාඩුවක්.


පෙරවදන ඉදිරියේ පලකරන වියමන් පෙලට අදාල නොවුනත් කා බී මත්ව ගෙවන දවස පලවත් දවසක් බවට පත්කරගන්න මග පෙන්වීමක් වෙයි කියලා මම හිතනවා.


බෙලිහුල්ඔය සංචාරක කලාපයක් කොට සලකන්නේ නම් මෑත ඉතිහාසයේ වළගම්බා , මායාදුන්න රාජ්‍ය යුගයන් , ඉංග්‍රීසි පාලන කාලයේ නටබුන් සහ සංස්කෘතිම වටිනාකම් අධ්‍යයන කිරීමට ඉතිරි කරමින් ඇති ස්ථාන බොහෝමයක් තිබෙනවා. බලංගොඩ ආදී මානවයා ගැවසුන ප්‍රදේශ හරහා අපට අතීත වටිනාකම් රැසක් හදුනාගන්න පුළුවන් වේවි.


අද කතාබහට තෝරා ගන්නේ සම්ප්‍රදායික ඇදහිලි පිලිබද කේන්ද්‍රස්ථාන කිහිපයක් ගැන. අළුත්නුවර කතරගම දේවාලය , බොල්තුබේ සමන් දේවාලය , ගලගම පත්තිනි දේවාලය, කුඹල්මුල්ල පත්තිනි දේවාලය යන සතර දේවාල ගැන බෙලිහුල්ඔයට ආ ගිය ඔබේ අවධානය කිසිදා යොමු වි ඇතිද ? .
අළුත්නුවර දේවාලය ඇසුරු කර මා මිත්‍රයෙක් වන එම්.පී.ජී.ගුණසිංහයන් ලියන sugv.wordpress.com බ්ලොග් අඩවිට පිවිසෙන්න.ඔබට දේව ඇදහිලි ආශ්‍රිත කරුණු කාරනා බොහොමයක් හමුවේවී.


https://www.facebook.com/search/top/?q=%E0%B6%87%E0%B6%B8%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%20%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80&epa
මේ පේස් බුක් ගිනුමත් ඔබට තොරතුරු සපයාවි.
























notes of imaginary

2019-04-14

සිහිනයක්වු රැයක්.

යන්න මේ අඩවියට.
http://www.rupavahini.lk/index.php?option=com_content&view=article&id=22676:2019-03-17&catid=168&Itemid=529

පරාක්‍රම කොඩිතුවක්කු.


දේශපාලන මාරුවක් නිසා අති දුෂ්කර පුංචි පාසලකට එන ගුරුතුමෙක්. ඔහු මාරැව උපේක්‍ෂාවෙන් බාර ගෙන දුෂ්කරක් ක්‍රියා කරන්නට පටන් ගන්නවා. ප්‍රධාන පාරේ සිට හැතැම්ම පහක් විතර කන්ද නගින ඔහු තට්ටය දහඩියෙන් පුරෝගන පාසලට එනවා. ආයෙත් පාසල අවසන්ව පල්ලන් බහිනවා ඒ හැතැම්ම පහ.දාඩිය පෙරා ගෙනම. ඒත් තට්ටය වසා ගත් කැප් තොප්පිය ගැලවෙන්නේ නෑ. මේ පාසලේ එකල ඔහුත් අනෙක් ගුරුමණ්ඩලයත් එකතුව සිසුන් විසි පහක් ඉන්න ඇති.
මතකය නිවරදි වන්නේ නම් ධාර්මිෂ්ඨ පාලන සමයේ තමයි මේ සිද්ධිය වෙන්නේ.

මේ ඔල මොට්ටල වැඩේට දායක වුන ඇත්තෝ බුද්ධිය සිරගත කලේ ඒ විදියටයි.
ධාර්මිෂ්ඨ පාලනයේ වැරද්දම නෙමෙයි ඔල මොට්ටල ප්‍රාදේශීය මොට්ටයන්ගේ බුද්ධියේ මහිමය.
මේ සොදුරු ගුරුතුමන් මට හමුවන්නේ එවකට අප ඇසුරු කල එරත්න පදිංචි කෘෂිකර්ම උපදේශක සෙනවිරත්න යන්ගේ මැදිහත් වීමෙන්.
දැන් අපි ඔක්කොම හැත්තෑවේ දශකයේ මුණුපුරන් දකින සීයලා.....

ඔහුගේ හඩට සවන් දෙන්න. එදා හඩමයි...........තවමත්.



notes of imaginary

2019-04-08

බෙලිහුල්ඔය - සටහනක් .


හාගල කන්ද මුදුනේ සිට 

බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුවන්.පුද්ගලික වාහනයක නම් මීට වඩා අඩු කාලයක් ගන්නවා.
බෙලිහුල්ඔය කොළඹ - බදුල්ල මාර්ගයේ ( ඒ 4 ) කොළඹ සිට කිමී 167ක දුරින් පිහිටනවා.පානදුරේ සිට බදුල්ල දක්වා මාර්ග අංක 64,කොළඹ සිට බදුල්ල දක්වා මාර්ග අංක 99, රත්නපුර සහ බලන්ගොඩ සිට පඹහින්න දක්වා මාර්ග අංක 439 බස් රථ බෙලිහුල්ඔය පසුකරනවා.


කාලගුණය
සෙල්සියස් අංශක 230-280 අතර වෙනස් වෙන පරිසර උෂ්නත්‍වය ක් පවතිනවා.
වැහි කාලගුණය සැප්තැම්බර් - ජනවාරි
මාර්තු- මැයි
වියලි කාලගුණය ජනවාරි 15 - මාර්තු අග දක්වා
ජුනි සිට සැප්තැම්බර් දක්වා


බෙලිහුල්ඔයට එන ඔබට හමුවන සුන්දරවු ස්ථාන


බෙලිහුල්ඔය - ඔයට
හිරිකටුඔයට දුර
සමනල වැව දුර
ඹමරකන්ද ඇල්ල
පහන්තුඩා ඇල්ල
දුවිලි ඇල්ල - තන්ජන්තැන්න
සුරතලී ඇල්ල
දියවිනි ඇල්ල - දියවින්න
ගැරඩි ඇල්ල - මස්වැන්න
වලවේ ගගේ අලිකට - යහලවෙල
ලංකා ඇල්ල
බේකර්ස් බෙන්ඩ්
රන්මුදු ඇල්ල
ගලගම ඇල්ල (කැතිගාන ඇල්ල )




‍ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන.
දියවින්න ( නයිගල )
කරගස්තලාව රජ මහා විහාරය
තුඹතැන්න පන්සල
කූරගල
බුදුගල රජ මහා විහාරය
හදගිරිය -බෙල්ලන්බැදි පෑලැස්ස
-බලංගොඩ මානවයා වාසය කල ප්‍රදේශ
ශාන්ත මුණිදුන්ගේ දේවස්ථානය
ශ්‍රී සුදර්ශන මහා විහාරය
භාවනා මධ්‍යස්ථානය
කල්තොට පුරා විද්‍යා භුමිය
ගල්ටැම්යාය පුරාන භුමිය -තන්ජන්තැන්න
දියවින්න දේවගිරි රජමහා විහාරය - දියවින්න
බෙලිගල රජ මහා විහාරය පල්ලෙකන්ද
මහවලතැන්න වලව්ව - මහවලතැන්න
වෙහෙරගල - මැදබැද්ද
ශෛලතලාරාමය - බලන්ගොඩ
කොට්ටිමුල්වල රජ මහා විහාරය
හල්දුම්මුල්ල පෘතුගීසි බලකොටුව


බෙලිහුල්ඔය නවාතැන් ගතහොත් මේ ස්ථාන වලටද ගොස් ආපසු එදිනම නවාතැනට ආ හැකිය.


ඇඩිසම් බංගලාව
හෝර්ටන් තැන්න
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය
හාගල කන්ද
පරෙයියන්ගල කන්ද
වවුල්පනේ - හුණුගල් නිධිය
උඩ වලව ජාතික වනෝද්‍යානය
පුස්සදේව සොහොන
සංකපාල රජමහා විහාරය
කන්දේවිහාරය - හපුතලේ

ඇත් අතුරු සෙවන

notes of imaginary

2019-03-30

ස්තුතියි !.



කාලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ.
පසුගිය දිනක මට මුණගැහුන යුවලක පිලිබද මතකය ඉතිරිව තියෙනවා.
ඔවුන් දෙදෙනාම කෘෂි විද්‍යා උපාධිධාරින්..........
එක් උදෑසනක  අවන්හලේ උත්සව ශාලාව වෙන් කරගන්න මේ යුවල පැමිණ සිටියා. මම කතා බහට යොමු වුනේ සාමාන්‍ය රාජකාරියක් ලෙසට.
ඔවුන්ට කතා කරන්න ඉඩ දීලා මම අසා සිටියා.
කොන්ඩේ සුදු රැලි වැටි ගෙන එන මගේ සිරුර නිසාදෝ  ඔවුන්ගේ අංකල් බවට මම පත්වුනා.
මට ඔවුන් පුතෙක් සහ දුවෙක් වුනා.
ශාලා පරිශ්‍රය නිරීක්‍ෂණය කිරීමෙන් පසු මගේ පැකේජය ගනන් හිලව් කතා බහට යොමුවුනා. මේ දෙන්නම අනවශ්‍ය වියදම් වලට කැමැත්තක් තිබුනේ නැහැ.
කලින් යොදා ගත් දවසක විවාහය ලියාපදිංචි කිරීමත් චාරිත්‍ර වාරිත්‍ර  නිවසේදි සරලව කිරීමත් මෙ දෙන්නාගේ සැලසුමක්.
නිවාඩු දවසක ( සෙනසුරාදා ) කුඩා පිරිසකට පුංචි සාදයක් ඔවුන්ගේ සැලසුම උනා.
මගේ ව්‍යාපාරික අරමුණු බිද ගෙන ඔවුන්ගේ අරපිරිමැස්ම අගේ කරන්න මට හිත හදාගන්න පුළුවන් උනා.
නියමිත දිනයේදි  උත්සවය චාම් උනත් ගරු ගාම්භීරත්වයෙන් නිමවුනා.
ස්තුතිය පලකරන්න ( thank you card එක වෙනුවට) සහභාගී වුන සැමට ලැබුනේ ලස්සන ඇසුරුමක බහාලු දෙළුම් පැල දෙකක් !.

හිතා ගන්න පුළුවන් නේද උත්සවය කොයිතරම් නැවුම් අන්දමින් පැවතුනාද කියලා !.

notes of imaginary

2019-01-08

දික්කාසාද වන්නට දෛවය නියම කර තිබේ.

මල්කිත් මාත්දැන් දවස් ගානක්තිස්සේම හිත්වලින් ඔද්දල් වෙලාය. අපේ ආදරේ කතන්දරය පටන්්ගත්තේනම් උසස් පෙලවිභාග කාලයේදීය.ඒකත්ලෝකමහා සංග්‍රාමය වගේ එකකි.ප්‍රේමය හටගැණීම හෙවත්ඇති වීම , එය ප්‍රකාශ කිරීමට ඇතිඋවමනාව එය ප්‍රකාශ කිරීම අනිත්පරවශ විසින් එය ග්‍රහණය කිරීම හෝ ප්‍රතික්‍ෂෙප කිරීම පිලිබදවිචිකිච්චාව .........ඒවා ඇත්තටම මාර යුද්ධයක්වගේය.
සියල්ලටම වඩා ප්‍රේමය ප්‍රතික්‍ෂෙපවුවහොත් ..අවට සිටින සගයින්ගෙන් ලැබෙන  අනුකම්පා විරහිත පරවශ  උපහාස අපහාසයන්  පිලිබද භිතිය මාස ගණනාවක් තිස්සේ එක දිගටම පැවතිනි.
ඇත්තටම ඒ කාලසීමාව තුලමට කෑමක්බීමක් ගන්නට හිතුනේවත් නැත.


" මොකෝ මේ මළපෙරේතයෙක්  වගේ?.හැටි   . එන්න එන්නම දිරලා යනවා. නාකි මිනිහෙක්වගේ.අසනීපයක් තියේනම් පුතේ බෙහෙත් ගනින්කෝ ........"
මගේ අම්මා මට එසේ කීවේ ආදරයට වන්නට ඇත. අම්මා මගේ ජීවිතයේ ප්‍රථම ආදරයයි. දැන් මගේජීවිතයේ ඊලග ආදරය සැදී පැහැදී සිටින වෙලාවය.අවිඥ්ඥාණිකව හෝ එය ඉව වැටී ඇය මට වහසි බස් දොඩවනවා  ඇතැයි එවෙලේමට හිතුණි.
මේ අප මුණ  ගැහෙන ප්‍රථමදිනයයි.
මම පැය භාගයකට කලින් ගොස් නගරයේ මහ බස් නැවතුමේ කෙලවරක ගාල් වෙලාය.
අවට ලෝකය  හෝ අවට මිනිසුන් ගැන කිසිම හැගීමක් නැති පඹයෙකු සේ  මා සිට ගෙනය.
නගරයේ මහා කලිකලහය හෝ ඝෝෂාව මට  නෑසේ.
ඒ ඝෝෂාවල් සියල්ල මගේ සතුරන්  වගේය.මා  මල්කිව හමුවන බව දැන්නු විට අපේ කොළු කට්ටුව දැක්වු ප්‍රතිචාර මට ඒ තරම්  ඇල්ලුවේ නැත.
අපෝ .........ඇත්තද බන් ?...........උබ කේන්දරේ එහෙම බලව ගත්තේනැද්ද බං................?. චාමර එසේ කීවේ ඇහැක් පුංචි  කරමින්ය. ඔහුගේ දෑස්වල ඇතිවපරය මට මුල්වර පෙනුනේ එදාය.
''ආ..................උඹ මාර දියුණුයි නෙ...........................එහෙමතීරනේකට එන්න.........ඒත බං උඹ ඉල්ලන් කන්න යනවද කියලත්මට හිතෙනවා...................එසේකීවේ සූමල්.
ඔහුගේ  දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගේ බොල්ලෑ බව තේරුනේ එදාය.
හරි.......හරි.....උබ වැඩේ කර ගනින්කෝ.....ඕනම සපෝට් එකකට මේ අපි  ඉන්නවා හරිය.......!. එසේ කීවේ දමයන්තය.
මොනතරම් පැහැපත්පාටත් නොතිබුනත්  " කළු යකා " යයි මිතුරන්ගෙන් උසුළු විසුළු ලැබුවත් ඔහුගේ  හිත මොන තරම් සුදු දයයි කියා සිතුනේ එදාය.
දැන් නියමිත වෙලාව ඇවිල්ලාත්   තව පැය භාගයක්  ගිහිල්ලාය.
උදේ නවයට  හමුවීමට මා අදාලතැනට ගියේ අටහමාරටය.දැන් නවය හමාරටත් ආසන්නය.
මගේ සිත කුහුල්බර වෙයි.
මේ ගෑණුන්ගේ හැටිද ?........ලණුදීම.........පොලුතැබීම ...............චපල කම්...............මේක උන්ගේ ජානවල  පැල පදියම් වු දේවල් ද ?.
හිත කළකිරීමකට කලවම් වී ගෙනයද්දී ඉරේ රස්නය දැඩිව දැනෙමින් එද්දී .......... ලාරෝස පැහැතිවස්ත්‍රයක්  ඇදි යුවතියක්  මා අසලට එනවා පෙනුනේ ඇස්වල කදුළු අතරින්ය.
"ගුඩ් මෝර්නින්......ඔයා ඇවිල්ලා ගොඩක්  වෙලාද ?.......පොඩි ප්‍රස්නයක්නේ!.මම පරක්කු වුනා. සොරි......
මල්කි එසේ කියද්දී මට මගේ කන් අදහා ගත  නොහැකිවෙයි. සියල්ලටම වඩා ඇගේ රෑපයේ ලස්සන.
ලා හිරු රැස් වැදී බස් නැවතුම දිලිසෙමින් තිබුන බව මට තේරුනේ ඇගේ සුන්දර මූණ මත ලා සෙවනැල්ලක් පතිත වෙලා තිබෙනු දුටු විටය.
ඇයට ඇත්තේ ආකර්ෂණීය දෑස්ය.  දෙතොල් පොපියා ඈ කතා  කරන්නේ ලතා වකටය. මේ තරම් රෑමත්  කෙනෙක්. මට මගේ රූපය ගැන  කමකට නැතිසිතිවිලි එයි.නමුත් දැන් මම ඇගේ අදහසට උත්තර දිය යුතුය.
"ආනේ ..........කමක් නැහැ....මම ටිකක් කලින් ආවා..................අපි ඉතින්කොල්ලොනේ!................ඕන තරම් වෙලාවක්ඉන්න පුළුවන් නේ.ඔයා ඇවිත් රස්තියාදු කරන්න බෑනේ ..... . ඒකට කමක් නෑ......"
මා කියන කතාවට ඈ ලස්සන හිනාවක් පායි.ඇගේ හිනාව කොයිතරම් ආකර්ෂණියද ?
මගේ එකම යාළුවෙකුට මෙතරම් ගස්සන කෙල්ලක් නැත.උන්ට , මගේ මිතුරු කට්ටුවට මා ගැන ඉරිසියා හිතෙන එක අහන්න දෙයක්යෑ.......
මල්කි මා දෙස ඇස් දල්වා බලයි. ඒ මා කිවු කතාවට ඇගේ තුටු පහටුව පෙන්වීමට මා ආසන්නයට මදක් එමින්ය. මා සමීපයේ ඇයට යම් ආරක්‍ෂාවක් ඇති බව මගේ කතාවෙන් ඇයට වැටහුනා සේය.
ආරක්‍ෂාව පිලිබද හැගීමට ගැහැණු අය හුගක් ලොල් බව වරෙක මට කියා සිටියේ මගේ මිතුරෙකි.මම ඔහුට සිතින් සුතුතිවන්ත වෙමි. ඔවුන් මා මෙන් නොව ස්ත්‍රී විශේෂඥවරුන්ය.
මම අහිංසක විදියට සිනා සී ඈ දෙස බලමි.
මල්කි සාමාන්‍යයෙන් අහංකාර කෙල්ලෙකි.ඒ අහංකාර කමට මම බෙහෙවින් බයය.නමුත් අද ඇය මා හමුවට පැමිණ ඇත.දැන් මා ක්‍රියාත්මක විය යුතුය.
" අපි කැපේ එකකට යමුද මොනව හරි බොන්න ?."
මම එසේ කියන්නේ මර බයෙන්ය.බැරි වෙලාවත් ඇය එය ප්‍රතික්‍ෂෙප කලහොත්....... මා පත්වන තත්වය ......දෙවියනි මා ලෝකයට මුණ දෙන්නේ කොහොමද ?.මගේ ග්‍රහචාරයත් එතරම් හොද නැත.
"ඒ මොකටද කැපේ යන්නේ.... පිස්සුද ......අපි මෙතනම ඉදගෙන කතා කරමු ........" මම ගැස්සී ගියෙමි.
ඈ දෙස බලමි .ඈ මොකුත් කියා නැත .
"ඔව්........ඒක හොදයි නේද ?. හැබැයි මට බයයි අපේ අයියලා දෙන්නා......ඒ දෙන්නා ගේ යාලුවෝ.............හැමතැනම.
ඇගේ මුණට බියපත් පෙනුමක් ඇවිල්ලාය !
ඈතාතිගත් මුව පොව්වක  මෙන්ය ඈ අහංකාර එකියෙකැයි ඇයට හිතින් කිව්වාම මටම දොසු පවරා ගනිමි. අහිංසකත්වයේ උපත ඇයයි.
"ඔ්යාට කරදරයක් නැත්නම් විතරක් යමු ....මල්කි."
" හා ....කමක් නෑ ...යමු..සුරාජ්..."

ඈ මගේ නම ලස්සනට ගායන කරයි.
දැන් අපි දෙදෙනා බස් නැවතුමින් මෑත්වී නගරය කෙළවරේ ඇති කැපේ එකට යන්නට යමු.
ඈ වට පිට බලන්නේ නැත. මාද වට පිට බලන්නේ නැත. මේ තැති ගැන්ම හරිම පුදුමය. මට හදවතක් ඇති බව තේරෙන්නේ මේ තැතිගැන්ම ඔස්සේය.ඒකත් හරිම මිහිරි වින්දනයකි.
මම ඉයෙන් යමි. ඈ මට මදක් පසු පසින් හෙමිහිට පිය නගා එයි.ඇගේ අඩි පාවහන්වල සද්දය මට ඇසෙයි. එය මගේ හදවතේ හඩ හා සමපාත වෙයි.
ඩග් ඩග් ඩග්
ටක් ටක් ටක්.
සංසාරේ මා පසුපස  එන ගැහැණිය.....
සංසාරෙ කිසි භවයක් මා අත නොහරින පතිනිය........
මා හට කවි සංකල්පනා දොරේ ගලාගෙන එන හැටි.....
අපි දෙදෙනා යන මග දෙපසම තවත් අය මෙන්ම තවත් වාහන එහාට මෙහාට  යයි.ඒ කිසිවක් අප දෙස බලන්නේ නැත.අප දෙදෙනා හරියට ගෙයක් බිදින්න යන පල් හොරු වගේද .......? එකවර මමහිස ඔසවා අපේ ඉදිරිය දෙස බලමි.කී දෙනෙක් යන ගමන් මල්කී  දෙස බලයි.මම ඈ දෙස බලමි. ඈ බිම බලා ගෙනය.

" -සගවා ගනු මැන ඔබේ වත සොදුරියේ
අනෙකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි ......" මගේ සිත ගායනා කරයි.
අවන්හලට ඇතුළු වී පුටු දෙකකට බරවු පසු ඈ සුසුමක් හෙලයි. මටද සුසුමක් පිට වෙයි. ඒ සැනසුම් සුසුමන්ය.
අප දෙදෙනාගේ ප්‍රාශ්වාස වාතයේ කාබන්ඩයොක්සයිඩ් වායුවටට අමතරව තවත් වායුවක් ඇත. ඒ අපේ හදවත්වල කැකැරෙමින් කැටි ගැසෙමින් රත් වෙමින් වාෂ්ප වන ආදරයේ මිහිරි වායුවයි.
නිල ඇදුමක් ඇදගත් තරුන වේටර්වරයෙක් මද සිනා ඇතිව අප අභිමුවේ.
"යර්ස් සර් "
මොනවද මල්කි.....බොන්නේ ?.මොනවා හරි කමුද ?
"කන්න එපා ........බොමු......ඔයා කැමති දෙයක්"
මම ඈ දෙස බලන්නට නොලොස් වේටර් දිහා බලා මෙහෙම කියමි.
"අපිට ඔරේන්ජ් ජූස් දෙකක් "
මම බොන දෙයක් ඔයා බොන්නේ..මම වහ බිව්වොත් එයත් බොනවද ?
මට එහෙම හිතිනත් මම එය කියන්නේ නැත.මුල්ම දවසේ මොකටද අවකැපෙන කතා කියන්නේ.....වස් වදීවි.ඒවා භයානකය.
අපි ගොඩාක් වෙලා කතා කරමු.
නැත ඒ ඇස් වලින් විතරක් . වදන් වලින් කතා කලේ සීමිතවය.
එකිනෙකාගේ අදහස් ප්‍රකාශකරන හොදම මාධ්‍යය භාෂාව බව දැන සිටියෙමු.නමුත් ඒ භාෂාව වචන වලින් පුරුද්දන්නට බැරි කම අපේ දුර්වල කමක් බව අපටම ප්‍රත්‍යක්‍ෂ විය.
වට පිට බලා මම ඈ ලග අසුනට ලංව පුටුවේ වාඩිවි ඇගේ වමත මගේ දකුනත තබා එය මදක් එසවා සිප ගත්තෙමි.
ඈ මා වෙත හෙලන බැල්ම ඔස්සේ සදෙව් ලෝකවල ද්වාර විවර වනවා ඇසෙයි.මිණ බැදි සළඹ සල සලා දෙව්ලියෝ  මා වෙත එනවා ඇසෙයි.ඇසි පිය නොහෙලා තව තවත් ඒ දෑස්  දෙස බල සිටිමි.වෙව්ලන ඇගේ දෙතොල් මත මගේ අතැගිලි තැබෙයි..

හහ්  .මේ ලෝකේ නෙමෙයි ජීවත් වෙන්නේ ....හරි අපූරුයි. මේ මිනහට වගේ වගක් නැති හැටි කිසිම දේක. !.. උන් හටි ගමන් උල්කාපාතයක් කඩා වැටිනි.මහා හඩින් අහස ගුගුරා එකවරම මුරුගසන් වරුෂාවක් වසී. මගේ සියොලග දහඩියෙන් පෙගී යයි.
"ඔය ඩිවෝස් පේපරස් ටික දෙනවා මෙහාට............."ඒක උඩ ලැගගෙන ඉන්නේ .
මම දෑස් පිසදා බලමි.
මේ කෑ ගසා මට රවා ගෙන සිටින්නී.... මල්කිය
මා දිව්‍ය ලෝකයට කැදවා ගෙන ගිය ඇගේ දෑස් දැන් විසල් වී මට ඔරවා ගෙන මට නරකාදියට යන්න පාර කියා දෙයි.අපේ ආදරයට වසර පහක් බවත් අපේ කසාද දිවියට වසර තුනක් බවත් මට මෙනෙහි වන්නේ දැන්ය.
තව මාසයකින් අපට දික්කාසාද වන්නට  දෛවය නියම කර තිබේ.


මේ කෙටි කතාව දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටා ගත්තකි.
යමුනා මාලණි පෙරෙරාගේ "සේයා පරන මායා" කෙටි කතා සංග්‍රහයේ පලවුවකි.

notes of imaginary

2018-12-24

මාව කාපිය .....





ඉස්සන් පිසාපිය
රා කලයක්ම බීපිය
මෝ ව තම්බාපිය
මෙ තුන කරලා මාව කාපිය

තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන් කුරුට්ටන් එකතුව සෙල්ලම් කරන විට කිවු පද හතරක් මට යලි සිහිපත්වුයේ දේශපාලකයින් අපේ රටට කරන විනාශය දුටු විටය. මොවුන්ට රට ගැන කිසිම හාං හූ වුවක් නැත. තම බලය සහ බඩ තරකර ගැණීමේ උපාය මාර්ගයන් ගෙන් එපිට කිසිදු හැගීමක් මවු බිම වෙනුවෙන් නැත. බලය හා තන්හාවෙන්  ඇතිවු - තන්හාවෙන් නොකරනා දෙයක් නැත. මේ හේතුවෙන් අවුරුදු හැත්තෑවක්වු ස්වදේශීය පාලනයෙන් දිනෙන් දින අප රට වල පල්ලට ගියා මිස ගොඩ ගියේ නැත.
කෙනෙක් පටන් ගත් දේ අනෙකාට වැරදිය. ඒ දේ විනාශ කර එතනම අළුතින් එයම කරනවා හැර වෙන යමක් කිරීමට දැනුමක් ද නැත.දශක හතම ගතවුයේ මෙලෙසින් රට ගොඩ ගැනීමය.
අවසන තියන දේත් නොරටුනට විකුනා බඩ පුරවා ගන්නේය.
අන්තිමට නටපු නැටුමකුත් බෙරේ පළුවකුත් ඉතිරිව  නැත.
පසු ගිය දිනවල එහාට මෙහාට පැන්නවුන්ගේ තක්සේරුව සොයා බැළුවිට මුන්ට රට ගැන නොව බඩ ගැන කැක්කුමක් ඇතිවී ඇති බව නම් පැහැදිලිය. ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එහාට මෙහාට මැරුවු අයට තමා නියෝජනය කරන පක්‍ෂයෙන් තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් යලි ගොඩ ඒමට බැරි බව දන්නා මොවුන් පක්‍ෂය මාරු කරමින් ගොඩ එන්න උත්සහා දරන බවක් නම් පැහැදිලිය. පරාමාධිපත්‍ය නම් වු විකාරය ඔළු ගෙඩි 225 කට සහ එක් නායක ඔළුවකට බාරදී කැමැත්තෙන් සිර ගතවු පරාමාධිපත්‍ය හිමි ජනතාවකට කවදා හෝ දිනක එක් දිනකට පමනක් පරමාධිපත්‍යයේ හිමි කම ලැබෙනු ඇත.
සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝය. අනෙක් ජාතීන් තම තමන්ගේ ජාති උරුමය පමනක් වෙන්දේසි කරමින් සිංහල ජාතිකය සිරගත කරත්නේය. උදර පෝෂනය ගැන පමනක් සිතන දේශපාලකයෝ දෙපිලටත් තවත් පිල් වලටත්  බෙදුන බහුතරයක්වු සිංහල ජාතියක් නිර්මානය කරගෙන බලය උදෙසා රට පාවා දෙන්නේය.
යලි කවදා හෝ පරමාධිපත්‍ය හිමි වුදාට -  යලි සිර ගත නොවන්නට එකමුතුව සිතන්නේ නම් කොයිතරම් පලදායිවේද ?.
මේ අතුරු කතාව මුල් කවි පද හතරට වැදගත් නොවු වත් ඉන් කියවෙන ගැඹුරු අරුත පැහැදිලි කරමි.

ඉස්සන් - ඊර්ෂ්‍යාව
රා    - රාගය
මෝ ව -මෝහය
මාව   - මම මමත්‍වය
මාව කාපිය -  මමත්‍වය විනාශ කර ගැණීම.
.



notes of imaginary

2018-12-21

ජීවිතය අරුමයක්.




මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා.

ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ උදවිය ආගමික කටයුතු වලට පන්සලට පල්ලියට නිදහසේ යනවා . තවත් රසකාමීන් කොටසක් නිදහසේ නිදහස් තැන් වලට එක්වෙනවා. මෙසේ සතුට බෙදා ගන්නා මිතුරන් කිහිප පොලක් මට මුන ගැහෙනවා හැම මාසෙම. මට මේ හමුවීම අමුත්තක් නෙමෙයි.
අති විශේෂ, සෝඩා ඇතිව නැතිව හත් අට දෙනෙක් වට වෙන්න පුළුවන් මේසයක අහගෙන ඉන්න තරම් වාද විවාද ඇති වෙනවා මම පුරුද්දෙන් දන්නවා. අනුන්ගේ කතා බහට කන්දීම හොද පුරුද්දක් නූනත් මේ වියත් සභාව පදම් වෙන කොට කියන කතා අහන එක මට පුරුද්දක්.විදුහල්පතිවරු ගුරුවරු, මාණ්ඩලිකයන් ලිපිකාර මහත්වරුන් අද එකම තලයක විශ්‍රාමිකයන් වෙලා.
මේ කණ්ඩායමේ ඇත්තන් ගෙන් කෙනෙක් හිටපු හැටියේ සමුගන්නා අවස්ථාවන් ,රෝහල් ගතවෙන අවස්ථාවන් ඉද හිට සෞඛ්‍ය හේතුන් මත විවේක ගන්නා අවස්ථාවන් නිසා තාවකාලිකව හෝ සදාකාලිකව ගණපුරණය වෙනස් වෙන අවස්ථා මම පහුගිය අවුරුදු ගනනාව තුල අත් දැක්කා.
මේ හමුවීමත් සමාජිකයෙකුගේ සදාකාලික වෙන්වීමත් සමග එකට සනිටුහන් වු දවසක්.
අද මිත්‍රයින්ගේ මාතෘකාව බවට පත්වෙලා තිබුනේ ජීවිතය..........
“...............
කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති බොලන්නේ...........,”

විදුහල්පති වරයෙක්වු විශ්‍රාමිකයෙක්ගේ හඩ මට ඇසේ රැල් බුරුල් හැර කන්දේ ගෙදර නයිදේට කවියක් කියයි. පිරිස සාවධානව අසා සිටී. දේශපාලන කථා බහකින් හෙම්බත්වු මේ පිරිස යහමගට පිවිසි බවක් මට හැගේ. මම වඩාත් ඕනා කමකින් සංවාදයට දෙසවන් යොමු කලෙමි.

විදුහල්පතිවරයා පැහැදිලි කරයි.

කන්දේ ගෙදර - රුප. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
නයිදේ - තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
ගන් ගිය දා - මියගියපසු
ගෙට ගිණි තියති - මළවුන්ගේ සිරුර පුළුස්සති.
අපි තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර තවත් ගෙයක් සදන්න කරුණු කාරනා එකතු කරමින් සීටී.

පිරිස තවත් කතා බහක පැටලී සිටි. 
මගේ අවධානය බිදිමින් වෙනත් කාරියක් පැවරෙයි.
notes of imaginary