“ඉස්සන් පිසාපිය
රා කලයක්ම බීපිය
මෝ ව තම්බාපිය
මෙ තුන කරලා මාව කාපිය”
තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන්
කුරුට්ටන් එකතුව සෙල්ලම් කරන විට කිවු පද හතරක් මට යලි සිහිපත්වුයේ දේශපාලකයින්
අපේ රටට කරන විනාශය දුටු විටය. මොවුන්ට රට ගැන කිසිම හාං හූ වුවක් නැත. තම බලය සහ
බඩ තරකර ගැණීමේ උපාය මාර්ගයන් ගෙන් එපිට කිසිදු හැගීමක් මවු බිම වෙනුවෙන් නැත. බලය
හා තන්හාවෙන් ඇතිවු - තන්හාවෙන් නොකරනා දෙයක්
නැත. මේ හේතුවෙන් අවුරුදු හැත්තෑවක්වු ස්වදේශීය පාලනයෙන් දිනෙන් දින අප රට වල
පල්ලට ගියා මිස ගොඩ ගියේ නැත.
කෙනෙක් පටන් ගත් දේ අනෙකාට වැරදිය. ඒ දේ
විනාශ කර එතනම අළුතින් එයම කරනවා හැර වෙන යමක් කිරීමට දැනුමක් ද නැත.දශක හතම
ගතවුයේ මෙලෙසින් රට ගොඩ ගැනීමය.
අවසන තියන දේත් නොරටුනට විකුනා බඩ පුරවා
ගන්නේය.
අන්තිමට නටපු නැටුමකුත් බෙරේ පළුවකුත්
ඉතිරිව නැත.
පසු ගිය දිනවල එහාට මෙහාට පැන්නවුන්ගේ
තක්සේරුව සොයා බැළුවිට මුන්ට රට ගැන නොව බඩ ගැන කැක්කුමක් ඇතිවී ඇති බව නම්
පැහැදිලිය. ප්‍රධාන පක්‍ෂ දෙකෙන් එහාට මෙහාට මැරුවු අයට තමා නියෝජනය කරන පක්‍ෂයෙන්
තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයෙන් යලි ගොඩ ඒමට බැරි බව දන්නා මොවුන් පක්‍ෂය මාරු
කරමින් ගොඩ එන්න උත්සහා දරන බවක් නම් පැහැදිලිය. පරාමාධිපත්‍ය නම් වු විකාරය ඔළු
ගෙඩි 225 කට සහ එක් නායක ඔළුවකට බාරදී කැමැත්තෙන් සිර ගතවු පරාමාධිපත්‍ය හිමි ජනතාවකට
කවදා හෝ දිනක එක් දිනකට පමනක් පරමාධිපත්‍යයේ හිමි කම ලැබෙනු ඇත.
සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝය. අනෙක් ජාතීන් තම
තමන්ගේ ජාති උරුමය පමනක් වෙන්දේසි කරමින් සිංහල ජාතිකය සිරගත කරත්නේය. උදර පෝෂනය ගැන
පමනක් සිතන දේශපාලකයෝ දෙපිලටත් තවත් පිල් වලටත් බෙදුන බහුතරයක්වු සිංහල ජාතියක් නිර්මානය කරගෙන
බලය උදෙසා රට පාවා දෙන්නේය.
යලි කවදා හෝ පරමාධිපත්‍ය හිමි වුදාට - යලි සිර ගත නොවන්නට එකමුතුව සිතන්නේ නම්
කොයිතරම් පලදායිවේද ?.
මේ අතුරු කතාව මුල් කවි පද හතරට වැදගත්
නොවු වත් ඉන් කියවෙන ගැඹුරු අරුත පැහැදිලි කරමි.
“ඉස්සන් - ඊර්ෂ්‍යාව
රා -
රාගය
මෝ ව -මෝහය
මාව -
මම මමත්‍වය
මාව කාපිය - මමත්‍වය විනාශ කර ගැණීම.”
.
0 comments:
Post a Comment