පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2013-04-09

පාළු අදුරු නිල් අහස මමයි.



පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
අසාරවු මහ පොලොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
අසාරවු මහ පොලොව මමයි

ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාතනික පැතුම ඇයයි

පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
කැලෑව මැද කටු පදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි.
යුගයෙන් යුගයට හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි

පාළු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

පණ්ඩිත් අමරදේව.








notes of imaginary

2013-03-29

ඇමතිතුමාට .. ජයවේවා !.



ප්‍රාථමික පන්තිවලදී එකට හිටිය බින්දුසාර ටයි මට යි පහවසරේදී වෙන්වෙලා යන්න සිද්ධවුනේ මගේ පාසල් මාරුව නිසා. ජීවිතේ වටිනාකම් වැඩිකරගන්න සහතික හොයා ගන්න ගිහින් අතරමංවුන මට අද බින්දුසාර ගේ නම දකින්න ලැබෙන්නේ මාධ්‍ය තුලින්.

බින්දුසාරයි මමයි අහස පොලොව වගෙයි. 
බින්දු සාරගේ නම පාසල් නාමලේඛනේ වීරසේකර මුදියන්සේලාගේ නවරත්න බංඩාර . 
 ඔහුට පාසල්කාලේ මේ නම ලැබුනේ අපේ මුල්ගුරුතුමාගෙන්.

හැමදාමත් පන්තියේ අන්තිම ඉදන් පළවෙනියා වෙන බින්දුසාර සමහර විෂයයන්වලට බින්දු ගන්නත් සමත්වෙනවා. එක වාර විභාගයක් අවසානයේ මුල්ගුරුතුමා අතින් රිපෝට් එක ගන්න ගියාම “ෂා ! මේ පාරත් බින්දුවලින් සාරයිනේ” කියලා , මුල්ගුරුතුමා විසින් වීරසේකර මුදියන්සේලාගේ නවරත්න බංඩාර බින්දුසාර නමින් භෞතීස්ම කෙරුවා.

අපි ලියන රස්සාවක් හොයාගෙන කන්තෝරුවක මහත්තැන්කෙනෙක් වෙන්න දගලන කොට බින්දු ගමේ ඉරුම්කාරයෙක් එක්ක පලංචිවල උදව්වට ගියා. පස්සේ දක්‍ෂ ඉරුම්කාරයෙක් වෙලා තව කවුරුවත් හවුලට තියාගෙන ඉරුම් බාස්කෙනෙක්වුනා. යන්තම් ලියනමහත්තෙක් වෙලා කන්තෝරු රස්සාවක් හෙයා ගෙන බත් මුලත් බැදගෙන හම්බෑග් එකත් අරගෙන ගමේ ගුරු පාරදිගේ පාන්දර උජාරුවෙන් නගරයට ගාටන සමහර දවස්වල ඉරුම් ආම්පන්නත් අරගෙන මුණ ගැහෙන බින්දු “මහත්තයා රාජකාරියට යනවා වෙන්නනැති ” කියලා හිනාවක් දාගෙන මාරුවෙනවා.

බින්දු ගම් ඉස්මත්තේ කැලෑවට පෙම් බැන්දා . පා‍ගන බයිසිකලයක් , නයින්ටියක් , රුක්මනී මොඩල් හයිඒස් එකක් එල් ත්‍රී හන්ඩර්ඩ් එකක් හරහා ගමන් අරඹපු බින්දු දැන් ඉස්සරහින් පස්සෙන් පරිවාරක රථ පෙළක් තියා ගෙන මැද්දේ මම නමවත් දන්නේ නැති වාහනේක පිටිපස්සේ ආසනේ පත්‍රයක් පොතක් කියවමින් විවේකීව ගමන් බිමන් යන කොට අපිව අපි කළු වීදුරුවෙන්වත් දකින්නෙත් නැතිව ඇති. බින්දු මාව පහුකරගෙන කන්බිහිරි කරන සයිරන් නලාවක් සද්ද කරගෙන යන හැම වරෙකම මම හිතුවා.

මම එහෙම හිතුවත් මහ චන්දෙකට ඔන්න මෙන්න කියලා බින්දුගේ ආරක්‍ෂක හමුදාවේ භටයෙක් “මේක අපේ ඇමතිතුමා ඔබතුමාගේ අතට දෙන්නම කියලයි දුන්නේ “කියලා මට ගෙනත් දුන්න ආරධනා පත්‍රයකින් මම ඒ සිතිවිල්ල වෙනස් කරගන්න සිද්ධවුනා. බින්දුට අපිව මතකයිනේ එහෙනම්. මම හිතුවා.

මාසේ අන්තිමට ලැබෙන සොච්චම වියදම් කරන්නේ කොහොමද කියලා මාසෙම කල්පනා කරන මට ඔය චන්ද ගැන, මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය කියන එවා ගැන හාංකවිස්සියක්වත් හිතෙන්නේ නෑ. ඒවා ඔක්කොම ප්‍රජාචාර පොතේ පාඩම් විතරක් වෙලා තියෙන්නේ. කන්තෝරුව ඇරිලා හවස ගෙදර ගිය මම කෝක වුනත් කමක් නෑ කියලා හිතාගෙන මගේ මුලික අයිතිවාසිකම් සියල්ල අත්අඩංගුවට ගෙන තියෙන පියබිරිද වෙත මේ ආරධනාව ඉදිරිපත් කලා අදහස් විමසන්න.එතුමිය වහාම අණ කලා මේ ආරධනාව පිලිගන්න කියලා. ඇමතිතුමාගේ ආරධනාවක් නේ !.

මාත් ඉතින් නියමිත දවසේ බින්දුගේ මාළිගා පරිශ්‍රයේ වෙනම ඉදිකරලා තිබුන රැස්වීම් ශාලාවේ වෙන්කරලා තිබුන පුටු පේලියේ ඉස්සරහින්ම වාඩිවුනා.බින්දුගේ අවධානය ගන්නත් එක්ක. ටික වෙලාවකින් ආරක්‍ෂක භටයෙක්ගේ නියෝගයක් නිසා මට පේලියක් දෙකක් පිටිපස්සෙන් වාඩිවෙන්න සිද්ධවුනා ඒකත් හොදයි කියලා දෙපැත්තේ ඉන්න දෙන්නත් එක්ක කතාවට වැටුනා. ඇමතිතුමාගේ තත්වේ මේපාර නම් හොද මදි කියලයි ඒ දෙන්නගේ කතාවෙන් මට හිතුනේ. පරදින්නත් බැරි නෑ ඒ ගොල්ලා ප්‍රතිපල විශලේෂණයක් කරනවා මම අහගෙන හිටියා.

නියමිත වෙලාව පැයක් විතර‍ ඉක්මවෙලා ඇමතිතුමා අසනාරූඩ වුනා. සභා ශාලාවේ ආසන එකින් එක ගනින්න වගේ බල බලා හිටිය ඇමතිතුමාට මාව නිරීක්‍ෂණය වුන බවක් පෙනුනේ නෑ. මට ඒ ගැන සංවේගයකුත් ඇතිවුනා.

දැන් එක එක දේශනා පවත්වනවා. එතුමාව මහමැතිවරණයෙන් ජයග්‍රහණය කල යුතු හේතු දක්වලා. එතුමා කරලා තියෙන සේවයක් ! . ජීවිත කාලයක් කන්තෝරුවක කුරුටු ගාන මට, එතුමා අවුරුදු පහකට කරලා තියෙන වැඩ කන්දරාව අහලා පුදුමයි. ඔය කතා අතරේ මතකයේ ඉතිරිවුන එක ඉල්ලීමක් සහිත සාධාරන කතාවක් නිසාවෙන් මමත් එතුමාට සයෝගය දක්වන්න ඔනී කියලා අන්තීමේදී තිරනය කලා.
මේ ඊසෝප්ගේ කාලේ සිද්ධ වුන දෙයක්. ඊසෝප්ටත් ඕන කතාවකට හිටියේ සත්‍ව චරිතනේ.
ඔන්න එක නරියෙක් ගගකින් එතර වෙන්න යනවා. එදා කන්දට වැහැලා වතුර වැඩිවෙලා ගග ගලන වේගෙත් සැඩ පහරත් වැඩියි. ගැඹුරු වක්කලමකට අහුවුන නරියා ඔළුව උඩ තියාගෙන වක්කලමේ කැරකෙනවා. මේ ජරමර අස්සේ නරියාගේ ඇගේ හිටපු කිණිතුල්ලෝ රොත්ත නරියාගේ හොම්බ ගාවට රොක් වෙලා. මේ සිද්ධිය බලා ගෙන හිටපු ඉත්තෑවෙක් ගං ඉවුරට මෙගාපෝන් එකක් ගෙනත් සද්දේ දාලා අහනවා “යාළුවේ යාළුවේ කිණිතුල්ලන්ගේ කරදරෙන් බේරෙන්න උන් ටික ගලවා දාමුද” කියලා .


නරියා කැරකෙන ගමන්ම කියනවා” ඒක නම් කරන්න බෑ . මුන් මගේ ඇගේ ලේ ටික බීලා තියෙන්නේ ආයෙත් ‍ බොන්නේ නෑ මුන්ගේ බඩ හොදටම පිරිලා”.කියලා ඒකට කමක් නෑනේ ඉත්තෑවා උත්තර බදිනවා.
ඉත්තෑවෝ උඹ දන්නේ නෑ “මුන් ටික ගලවා දැම්මොත්, යන්තම් හරි බේරිලා ගොඩට එන්න පුළුවන් උනොත් ආයෙත් අළුත් කට්ටියක් ඇගට ගොඩ වෙලා ඉතිරි ලේ ටිකත් බීලා දායිනේ “ කියලා නරියා ගොඩ එන්න ට්‍රයි කරනවා.

නවරත්න බංඩාර ඇමතිතුමාට .............
ජයවේවා!.

notes of imaginary