පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-02-12

අලුත්නුවර දේවාලය - තනතුරු සහ නිළවරණය.



පසු ගිය දිනවල ලංකාවේ ප්‍රසිද්ධ දේවාල කිහිපයක බස්නායක නිළමේ වරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ තෝරා ගැණීම සදහා නිලවරණ පැවත්වින.

මෙම නිළවරණ සදහා ඡණ්දය හිමි වන්නේ ප්‍රදේශයේ දේවාල වල බස්නායක නිළමේ වරුන් , විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ දිස්ත්‍රික් ලේකම් වරු ප්‍රාදේශීය ලේකම් වරුන්ටය.

දිස්ත්‍රික් ලේකම් වරු ප්‍රාදේශීය ලේකම් වරු රජය නියෝජණය කරන පාර්ශවය ලෙස හැදින්විය හැකිය.

“බස්නායක නිළමේ (නිලධාරී)” යනු කලින් කලට තේරී පත්වන නිතර කාර්ය මණ්ඩලයට නොගැණෙන තනතුරක් වන අතර එය රජු හෝ රජය නියෝජනය කරයි. දේවාලයේ සියලු කාර්යයන් අධීක්ෂණයත් මෙහෙයවීමත් ඒ සියල්ලේම ප්‍රධානත්වය ගැනීමත් අවශ්‍ය පහසුකම් සැලසීමත් දේවාලයේ කාර්යයන් නිසි පරිදි පවත්වා ගැනීමත් මෙම නිලයට අයත් ප්‍රධාන යුතුකම් ලෙස සැලකේ.

නිළවරණයකදී රජය නියෝජනය කරන පාර්ශවය රජය නියෝජනය කරයිද ? . යන්න මෙම දේවාල නිලවරණයේදී මට ඇතිවුන එක් ප්‍රශ්ණයක් විය.නිලවරනයන්හීදී කැමත්ත ප්‍රකාශවීම පඩුරු පාක්කුඩම් වලට යට වු බව මගේ නිරීක්ෂණයයි. එහෙයින් විහාර දේවාල පනතේ නිළවරන පිළිබද අන පනත් කාලීනව සංශෝධන විය යුත්තකි.

අනෙක් දේවාල සහ දදා මාළිගාවේද  උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පරිපාලන කටයුතුද පුරානයේ සිට ඉතා විධිමත්ව සකස් වී ඇත. දේවාලයේ ආවත්තාව හා පෙරහැර උත්සව කිරීමට අත්තනායක නිලධාරී ප්‍රධානව රාජකාරී 99ක් ස්ථාපිතව ඇති අතර එය පරම්පරා උරුමයක් ලෙස පවත්වාගෙන එයි. එය පිටස්තරයෙකුට හිමිකර දීමට බලයක් කිසිවෙකුට නැත. එපමණක් නොව එක් පරම්පරාවකට අයත් “රාජකාරියක්” වෙනත් පරම්පරාවක අයෙකුට කිසිසේත් කර නොහැක.

කිසියම් රාජකාරියක් නිසි පරිදි ඉටු නොදේ නම් එය එම පරම්පරාවේ හෝ ඊට සමීප පරම්පරාවක වෙනත් කෙනෙකුට පැවරිය හැකි බලයක් ඔහු සතු වේ. සෑම රාජකාරියකටම අදාළව “පංගුව” ලෙස හඳුන්වන රාජකාරී පංගුවක් ඇති බැවින් දේවාලයේ කටයුතු අඩුපාඩුවක් නොවන ලෙස පවත්වාගෙන යාමට කටයුතු සැලසා ඇත.

නිල පංගුවේ ඇත්තන් අශුද්ධව ඇත්නම් එම රාජකාරිය වෙනත් කෙනෙකු යෙදවීම අත්තනායක මොහොට්ටාල නිගමනයෙන් සිදු වේ. අත්තනායක මොහොට්ටාල යනු නිතර කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලයයි. බස්නායක නිලධාරී නිගමන වලට එන්නේ මෙම අත්තනායක මොහොට්ටාලගේ නිර්දේශයන් අනුවයි.

අලුත්නුවර දේවාලයේ නව බස්නායකවරයාගේ අවධානයට පහත සදහන් වන කරුණු කාලීනව අවධානයට ලක්විය යුතුයැයි මම සිතමි. කාලයක් තිස්සේ බස්නායක නිළමේවරුන් අනුගමනය කර ඇත්තේ දේවාලය සතු මැණික් ඉඩම් වලින් යම් කිසි ආදායමක් ලබා ගැනීමට පමනකි.

01. දේවාලය සතු මැණික් සම්පත් නිසි ක්‍රමවේදයකට යටත් කොට විනිවිදභාවයකින් යුතුව ආදායම් ලබා ගැනීම
02. දේවාලය සතු ගොඩ මඩ ඉඩම් පිළිබඳව සමීක්ෂණයක් සිදු කොට එමඟින් ලැබෙන ආදායම් විධිමත් කිරීම
03. දැනටමත් මුඩු ඉඩම් ලෙස ඇති ඉඩම් හඳුනාගෙන කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවීම මගින් දේවාලය සඳහා ස්ථාවර ආදායම් මාර්ග ඇති කිරීම
04. දේවාලය සතු ඉඩම් හරහා ගලා යන ජල ප්‍රභව හඳුනාගෙන ජල විදුලි බලාගාර ඇති කිරීම
05. බැතිමතුන්ගෙන් ලැබෙන ප්‍රදානයන් විනිවිදභාවයෙන් යුතුව පරිහරණය හා සියලු ලැබීම් බස්නායක නිලධාරීතුමාගේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කිරීම
06. දේවාලය ආශ්‍රිතව දිවි ගෙවන ප්‍රජාව දායක කර ගනිමින් ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරමින් ඔවුන්ගේ මෙන්ම දේවාලයේද ආදායම් ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති දිරිගැන්වීම හා ඇරඹීම.
07. බලන්ගොඩ , බෙලිහුල්ඔය සංචාරකයින් පැමිනෙන ප්‍රදේශයක් බැවින් මෙම දේවාලය පිළිබඳව ප්‍රචාරණය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළින් බැතිමතුන්ගේ සහ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීම



A day in the life

2026-02-11

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයට - පුනරුදයක් .


රත්නපුර සමන් දේවාලය හැරුණු විට  දිස්ත්‍රික්කයේ ප්‍රධානතම දේවාලය උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය වන අතර එකම කතරගම දේවාලය ද උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයයි .

පෙර වියමනක දේවාලයේ ඉතිහාසික ජනකතාව පලකලෙමි. දේවාලයේ වර්තමාන භුමිකාව සම්ප්‍රදායෙන් වෙනස් විය යුතුයැයි මගේ අදහසයි. පැරණි සම්ප්‍රදායන් එලෙසම පවත්වා ගෙන යමින් කාලීනව ප්‍රෙයා්ජනවත් ලෙස සම්පත් යොදවන්නේ නේ නම් යන්න මගේ සිතිවිලි අතර නිතර සැරි සරයි. 

දේවාලයට පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ගොඩනැගිලි, පවුරු, වෘක්ෂයන් මෙන්ම අක්කර දහස් ගණනක නින්දගමක් පවතින අතර රාජකාරි පංගු හිමියන් අති විශාල සංඛ්‍යාවක් මෙම නින්දගම ආශ්‍රිතව ජීවිතය ගෙවති. එසේම පාරම්පරික රාජකාරී ශිල්පීහුද මෙම නින්දගම් පරිහරණය කරමින් සිටිති.

දැනට ප්‍රධාන දේවාල ගොඩනැගිලි සංකීර්ණය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් ලෙස සංරක්ෂණය කර ඇත. දේවාල සංකීර්ණය වටා ඇති තුන් මහල් පවුරද එසේමය. දේවාලයේ උඩ මළුවේ පිහිටි බෝධි වෘක්ෂය හා ගණ දෙවි කෝවිල අසල කොස් රුක්පයද ඉතිහාසික වටිනාකමකින් යුක්තය.  

දැනට දේවාලය සතු මෙවැනි සම්පත් ඉදිරි පරම්පරාවට දායාද කිරීමට සැලසුම් කළ යුතු වේ.

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය සතු අක්කර දහස් ගණනක් පුරා විහිදී ඇති සම්පත් මනා කළමනාකරණයකට ලක් කළ යුතු බව නිරීක්ෂණය වේ. විශේෂයෙන් ගොඩ මඩ ඉඩම්වලින් ලැබෙන ආදායම් විධිමත් කළ යුතුය. එසේම දේවාලය සතු මුඩු ඉඩම් ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීමට සැලසුම් කිරීම කාලීන අවශ්‍යතාවයකි.

දැනට මෙම දේවාලය සතු ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගය වන්නේ දේවාලය සතු ඉඩම්වලින් ලැබෙන මැණික් ආදායමයි. නමුත් මැණික් ආදායම් ලැබීම් පිළිබඳව ගැටලුකාරී අත්දැකීම් පවතින බවක් පෙනේ. 

එබැවින් මැණික් ආදායම් උත්පාදනය විධිමත් වැඩපිළිවෙළකට යටත් කළ යුතුය.

අනෙක් අතට දේවාලය ආශ්‍රිත අස්පර්ශනීය සම්පත් ඉදිරි පරම්පරාවන් වෙත සංප්‍රේෂණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් යෙදිය යුතු බව මම දකිමි. විශේෂයෙන් දේවාලය සතු චාරිත්‍ර, වාරිත්‍ර, පුද සිරිත් හා පිළිවෙත් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු අතර, අහිමිව ගොස් ඇති එවැනි දෑ නැවත ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතු වේ. 

එසේම දේවාලය සමඟ බැඳී ඇති සාහිත්‍යය, නාටුම් සහ සම්ප්‍රදායන් තරයේ හඳුනාගෙන සංරක්ෂණයට වැඩපිළිවෙළක් සකස් කිරීමටද  කාලය පැමිණ ඇත.

මෙම දේවාලය ආශ්‍රිත මානව සම්පතද නවීන අවශ්‍යතාට සරිලන ලෙස කළමනාකරණය කරමින් දේවාලය සමඟ සමීප සබඳතා තර කර ගැනීම තුළින් තිරසාර පැවැත්ම සහතික කිරීමට උත්සාහ කළ යුතුය. 

දැනට මෙම ප්‍රජාව විශේෂයෙන් නව පරම්පරාව ශීඝ්‍රයෙන් දේවාලයේ රාජකාරී හැර යාම දැකිය හැක.

මා දන්නා කාලයේ සිට පත්වු බස්නායක නිළමේ වරුන්ගේ පාලන කාලය තුල දේවාල ඉඩම් මැණික් කර්මාන්තය සදහා භාවිතා කලා හැර වෙනත් සංවර්ධණ කටයුතු සදහා යොමු නොවු බව පැහැදිලිය .

දේවාල නින්දගම පරිහරණ පිරිස සහභාගී කරගෙන ඉඩම් සංවර්ධණය කර දේවාල පංගුවේ ආදායම වැඩි කරගත හැක. මෙම පිරිස බහුල වශයෙන් කුඩා තේවතු පවත්වා ගෙන යන අය සහ වී ගොවිතැන් කරන අයවළුන්ය.ඔවුන්ට මග පෙන්වන සංවිධානත්මක් ව්‍යුහයක් ඇති කිරීමට දේවාල නායකත්වයට හැකි යැයි මගේ සිතිවිල්ලක්ය.


දේවාලය අවට පදිංචි ගම්වාසීන් දේවාලයට සම්බන්ධකරගැනීමට ප්‍රජා සංවර්ධණ සැලැස්මක් ඇතිවිය යුතුයැයි මට සිතු තවත් දෙයකි.

පුස්තකාලයක් , ශාරීරික ස්වතා ,රැකියා පුහුණු ආයතනයක් , ( භාෂා සංවර්ධණය ) වැනි තරුණ කොටස ආකර්ෂණය කර ගත හැකි වැඩපිලිවෙලවල් ඇතිකිරීමට දේවාලය සතුව භෞතික සම්පත් අනූනය.

දේවාලය සතු නිසසංල වන පෙත ආගමික සංවර්ධණය සදහා යොදා ගත හැකි සෞන්දර්යාත්මක බවින් ඉහලය.

භාවනා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධණය කලහොත් විදේශීය සංචාරකයන්ගේ අවධානය යොමු වනු ඇත.

සංචාරක කලාපයක් ලෙස අවධානයට ලක්වන බලන්ගොඩ ට මෙවැනි සම්පත් සංවර්ධන වීම වැදගත් බව මගේ හැගීම විය.


විෂයය අදාල සම්පත්ධාරීන් සම්බන්ධකරගෙන විධමත් සැලස්මකින් උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය  සංවර්ධණය කිරීමට නව බස්නායක නිළමේ වරයාගේ අවධානය යොමු වේවායි මගේ ප්‍රාරථණයයි.

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයත් ජාතික සම්පතකි.












A day in the life