පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-12-09

අයවැයට 157 යි.



විපක්‍ෂය ඡණ්දය භාවිතා කරලා නැහැ.
අයවැයට යම් යම් සංශෝධන ඉදිරිපත් කලත් ඒවා පිලි අරන් නැහැ.
ආණ්ඩු කරන්නේ එයලා නෙමෙයි නේ .
මේ වෙලාවේ අර වාහන ගෙන්වන එක වගේ යෝජනා අයවැයෙන් ඉවත් කර ගන්න තිබුනා.
ඕන තරමටත් වඩා වාහන තියෙනවා කියලා නේ කියන්නේ.
පස්ස පැත්ත තියාගෙන යන්න අළුත් වාහනම ඕනයැ.
කන්න ඔන උනාම කඹරගොයත් තලගොයා වෙනවා.
විපක්‍ෂයේ ඡණ්දය වැඩක් නැහැ 159 ක් තියෙන කොට. විපක්‍ෂය විපක්‍ෂව ඡණ්දය නොදීමත් අයවැයට විපක්‍ෂ නැහැ කියනවා වගේ සීතල විරෝධයක්.
රුවින් කියන්නේ මොකක් ද ?  කියලා බලමු .එයත් ආණ්ඩුවට විපක්‍ෂයි නේ.
ජනාධිපතිවරණයේදී ඡණ්දය ප්‍රකාශ කරපු ජනතාවට වඩා ප්‍රතිශතයක් වත්මන් ජනාධිපති සහෝදරයාට එරෙහිව ඡණ්දය භාවිතා කරලා තිබුනා.
ඒ ජනමතය තාමත් එහෙමමයි. ඒක වෙනස් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාට වාසි සහගත විදියට නෙමෙයි.
දිනෙන් දින ගව සම්පත වැඩි වෙනවා. 
- මගේ සටහන.

ජනාධිපතිතුමාගේ කථාව..
මුලින්ම අකාර්‍යක්ශම සන්නිවේදනය සහ නොසැලකිල්ල නිසා සිදුවූ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට මේ තරමින්වත් සහන පැකේජයක් ලබා දීම ගැන සතුටු වෙමින් ස්තූතිවන්ත වෙමි.
ජනාධිපතිතුමනි. ඔබ තුමා සුනාමි අරමුදලක් ගැන කියනවා දුටු අතර ඒවා හොරකම් කල බව නොකියා කීවෙමි.
ඔබට අමතකද දන්නෙ නෑ සුනාමි ආවේ 2004 දෙසැම්බර් 26 බවත්, ඒ මොහොතේ චන්ද්‍රිකා රජය සමග පරිවාස ආණ්ඩුවක සිටි ජවිපෙ 2004 වන විටත් ආණ්ඩුවෙ පාර්ශවකරුවන් ලෙස ඒ මොහොතේත් සිටි බව.
2005 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයෙදි මහින්ද රාජපක්ශට උදව් කිරීමේදී සුනාමි අරමුදලේ ගැටළුවක් ගැන ඔබතුමාට දැනුනේ නැතැයිද ප්‍රශ්නයක්ව පවතී..

ජනාධිපතිතුමනී..
අද රණවිරුවා ගැන ඉතාමත් ආඩම්බරයෙන් සහ මහත් වූ අභිමානයෙන් කතා කරන ඔබට මැයි මස යුධ ජයග්‍රහන දිනය සැමරුම් උත්සවයේදී රණවිරුවා කියාගැනීමට පණ නැතුව සෙබළා කියා ආමන්ත්‍රණය කල හැටි ඔබට අමතක ඇති. ඔබව එදා සැමරුමට රැගෙන ගිය විදිහ දන්නේ වටේ සිටි පිරිස පමණි.
අදටත් ඔබ කොපමණ ආඩම්බරයෙන් කතා කලත් රණවිරුවා කියා ආමන්ත්‍රණය කිරීමට ඔබට නොහැකි විය.

ජනාධිපතිතුමනී..
මීට මාස කිහිපයකට පෙර හමුදාව ලක්ශයක් දක්වාත්, ගුවන් හමුදාව 18000ක් දක්වාත්, නාවික හමුදාව 40,000 දක්වාත් අඩු කරන බව කිවේ ඔබ තුමාමය.
හැබැයි අද ඔබතුමාට පිහිටට ඇත්තේ ඒ වීරෝධාර රණවිරුවන් පමණි.

ජනාධිපතිතුමනී..
මේ රටේ කිසිම දවසක කඳු මුදුන් වල නිවාස සෑදීමේ trend එකක් තිබුනේ නැත. හැබැයි කඳු මුදුන් වල පන්සල්න සෑදුනි. ඔබ තුමන්ලාගේ 3% පාක්ශිකයින් ඒ පන්සල් විවේචනය කිරීම අප ඕනෑ තරම් දැක තිබේ.නිවාස සෑදීමේ trend එකක් නොමැති අවස්ථාවක කඳු මුදුන් වල ඉදිකිරීම් නැවැත්වීම ප්‍රෙහෙලිකාවකි.

ජනාධිපතිතුමනි..
මේ වසරේ වියදම් සඳහා ඔබ තුමා ඉදිරිපත් කල බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුව සහ දැනට පවතින බිලියන 22.5 ආපදාවට පත් වූ ලක්ශ 17ක ජනතාව වෙනුවෙන් වියදම් කරන බව සඳහන් කලාය.
නමුත් ඔබතුමාගේ අයවැයෙන් බිලියන 60ට වැඩි මුදලක් CAB රථ සඳහා වෙන්කර ඇති අතර මේ මොහොතේ ඒ අනවශ්‍ය වැය බර කපා හැර කැපකිරීමක් කිරීමට සූදානම් නැති බව අපි දුටිමු.

ජනාධිපතිතුමනී..
අවතැන් වූවන් සඳහා නිවාස සාදා ගැනීමට වෙනත් ආණ්ඩු වලින් ලබා දුන්නේ ලක්ශ 15යි, හැබැයි අපි ලක්ශ 50ක් දෙනවා කියන ලදි.
මෑත කාලයේ විශාලම ස්වාභාවික ව්‍යසනයක් ලෙස සිදු වූයේ 2016 ජල ගැල්මයි. එම අවස්ථාවේ එවකට රජය ලක්ශ 15ක් නිවසක් සඳහා ලබා දෙන අවස්ථාවේ සිමෙන්ති කොට්ටයක මිල රු.660කි.
අද සිමෙන්ති කොට්ටයක මිල 1920කි.
භාණ්ඩ වල මිල තුන් ගුණයකටත් වඩා වැඩි වී තිබෙන අවස්ථාවේ තුන් ගුණයකින් සහනාධාරය ඉහළ නැංවීම අනිවාර්‍යයෙන් කල යුතුය.
එය ඉලක්කමින් ලොකු ප්‍රමාණයක් වූවත් උද්ධමනය නිසා රුපියල අවප්‍රමාණ වීමේ ප්‍රතිපලයක් ලෙස එදා ලක්ශ 15න් ඉදි කල ප්‍රමාණයට වඩා විශාල නිවසක් අද ලක්ශ 50න් වත් ඉදිකල නොහැක.
එදා මේසන් වරයෙකුගේ පඩිය 1200ක් වූ අතර අත් උදව් කරුවෙකුගේ පඩිය රු.750කි.
අද මේසන් වරයෙකුගේ අවම පඩිය 4000ක් වන අතර අත් උදව් කරුවෙකුගේ අවමය 2800කි.
ජනාධිපතිතුමනී.. ඉලක්කම් ලොකුයි.. හැබැයි එයින් කරන්න පුලුවන් වනුයේ වෙනත් ආණ්ඩු කල ප්‍රමාණයම තමයි.

ජනාධිපතිතුමණී..
ඔබතුමාගේ මුදල් එකතු කිරීමේ කමිටුව විවේචනය සම්බන්දයෙන් විශාල දුකකින් සහ තරහකින් සිටි බව අපිට දැනුනි.
නමුත් ඔය කමිටු සාමාජිකයින් බහුතරයක් ගෝටාබය ආණ්ඩුවේ ආර්ථික උපදේශකයින් ලෙස වැඩ කරන කාළයේ ඔබතුමන්ලා ඔවුන්ව විවේචනය කල හැටි අපට අමතක වී නැත.

අවසාන වශයෙන් ජනාධිපතිතුමණී.. වටගලගේ කන හරහා මොලයට ටොකු ඇනීම ගැන ඔබට ස්තූතී වන්ත වන අතර ඔය උද්දච්ව් මැති ඇමතිවරුන් මහපොලවට ගෙන්නාගන්නා ලෙස ඉල්ලා සිටිමි..
රට ගොඩ නැගීමට දිවා රෑ නොබලා ඔබ තුමා මහන්සි වන බව ප්‍රංශයෙන් අපට දිනපතා මතක් කරන බැවින් ඒ මහගු කාර්‍යට ඔබ තුමාට ස්තූතිවන්ත වෙමි.
අපි ඩොලර් එවන්න කියන්නේ නැත.
අපි මිනිස්සු පාරට බස්සල උද්ගෝෂණ කරවලා ව්‍යසන අවස්ථාවේ වාසි ගන්නේ නැත..
කොටින්ම කිවුවොත් මීට පෙර ව්‍යසන අවස්ථාවකදී ජෙප්පන් හැසිරුනු අයුරින් අපි හැසිරෙන්නේ නැත.

මොකද මේක අපෙත් රට. මේක වැටෙනවාට අපි කැමති නැත.

- Ruwin Fernando

A day in the life

2025-12-08

MATURA - මාතර .




මාතර පරණ ගාලු පාරේ 99 වැණි සැතපුම් කණුවේ කොටා ඇති MATURA
මෙය පරණ ගාලුපාරේ 1700 වකවානුව දක්වා ඉතිහාසයක් ඇති මාතර මහ වලව්ව නොහොත් ඉලංගකෝන් මුදලි වලව්ව හි ආසන්නයේ මේ 99 සැතපුම් කණුව පිහිටා ඇත...

රුහුණු රට හා මාතොට

රුහුණු මායා සහ පිහිටියැයි පැරණි ලක්දිව ප්‍රධාන රටවල් තුනකට බෙදා තිබිණි. මෙයින් රුහුණු රට හා මායා රට හෙවත් මලය රට" මුල සිට ම දීපවංසයෙහි හා මහාවංසයෙහි සඳහන් වේ. එහෙත් පිහිටි රට හෙවත් රජ රට ගැන පළමු වරට මහාවංසයේ සඳහන් වන්නේ නව වැනි සියවසේ දී සිටු වැනි කාශ්‍යප රජුන් සමයේ දී ය.

රුහුණු මායා පිහිටි යන තුන් සිංහලය මහවැලි ගඟට පීනා ඔය එක් වූ කටුගස්තොට දී බෙදුණ බව වර්තාගතය. සමනොළින් පටන් ගෙන ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මහාචාලුකා නදිය හෙවත් මහවැලි ගඟත් එසේම සමනොළින් ඇරඹී කළුතොට දී මුහුදට වැටෙන කාලගංඟා හෙවත් කළු ගඟත් උතුරු මායිම් ලෙස ඇති ව කළුතර සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදින් වට වූ ලක්දිව දකුණු පෙදෙස පැරණි රුහුණු රට විය. රජ රටට අයත් ප්‍රදේශයක් වු දක්ඛිණ දේශයට පස්දුන් කෝරලය අයත් විමත් සමඟ කළු ගඟ වෙනුවට බෙන්තොට ගඟ රුහුණේ මායිම ලෙස ගැනෙන්නට විය. මෙය වූයේ පළමු පැරකුම්බාවන් සමයේය.

දොළොස් වැනි සියවසේ සිටම මෙම බෙදීම මෙසේ ම පැවැතිණි. දහහතර වැනි සියවසට අයත් මහකඩයිම් පොතීන් හා දහඅට වැනි සියවසට අයත් ත්‍රි සිංහලේ කඩයිම් පොතීන් මෙම ප්‍රදේශ වල විස්තර දත හැකි අතර, ත්‍රිසිංහලේ කඩයිම් පොත රුහුණු මායා පිහිටි රටවල මායිම් විස්තරය හොදින් පැහැදිලි කරයි. එකී විස්තර අනුව වර්තමාන ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, මඩකලපුව යන දිසා
.
මුළුමනින් ද මහනුවර, රත්නපුර, ත්‍රිකුණාමල දිසා වලින් කොටස් ද පැරණි රුහුණට අයත් වේ. මේ අනුව මහනුවර නගරයත් පේරාදෙණියේ විශ්ව විද්‍යාලයයේ සංඝාරාමය හැරෙන්නට ඉතිරි කොටසත් අයත් වන්නේ රුහුණටය.

පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාලය තුළ මෙකී පැරණි රට බෙදීම ව්‍යවහාරයෙන් ඉවත් වන්නට වුයේ විටින් විට ඔවුන්ගේ වසඟයට ගත් ප්‍රදේශ වෙනස් වූ නිසාය. පෘතුගීසින් ලක්දිව මුහුදුබඩ පෙදෙස් අයත් කර ගත් පසු 16 වැනි සියවසේ දී විමලධර්මසූරිය රජතුමා (1592 - 1604) ස්වාධීන සිංහල රාජ්‍යයේ අග නුවර කන්ද උඩ පස් රටේ සෙංකඩගලට ගෙන ගියේ ය. ඉන් පසු මහනුවර ලෙස හැඳින් වෙන එම නගරය හා සිංහල රජුට අයත් ප්‍රදේශ උඩ රට ලෙස හඳුන් වන ලදුව විදේශිකයන් සතු මුහුදුබඩ පෙදෙස් පහතරට ලෙස හඳුන් වන්නට විය. සිංහලයන් අතර භේද ඇති කොට පාලනය කිරීමේ දී උඩ පහත භේදය විදේශිකයෝ අවියක් කොට ගත් හ.

පැරණි රුහුණේ මධ්‍ය ස්ථානය මාගම යි. ඒ අවට ප්‍රදේශයේ එවැනි ආර්ථික, සාමාජික සාමයික දියුණුව සොයා ගෙන ඇති නටබුන්වලින් හා ශිලා ලේඛන වලින් අනාවරණය වේ. එහෙත් කළු ගඟ සිට නිල්වලා නදිය දක්වා වු රුහුණට අයත් පෙදෙස ක්‍රිස්තු වර්ෂයෙන් දොළොස් වැනි සියවස දක්වා එ තරම් ජනාවාසව තිබූ බවෙක් නො පෙනේ. 12 වැනි සියවසේ සිට මේ පෙදෙස් ජනාවාස වන්නටත් දියුණු වන්නටත් පටන් ගති. 13 වැනි සියවස වන විට රුහුණේ මධ්‍ය ස්ථානයෙක ස්වරූපය දොළොස් දහස් රටට අයත් මාතොට උසුලන්නට විය. නිල්වලා ගඟ මුව දොර දියුණු වෙමින් පැවැති මාතොට සිරිය 14, 15 වැනි ශතවර්ෂ වල මා තොට හරහා දෙවිනුවර උපුල්වන් දෙවුරද කරා ගිය මයුර පරෙවි සන්දේශ වලද දෙවිනුවර සිට මා තොට හරහා යැවුණු තිසර කෝකිල සන්දේශ වලද සඳහන් වේ.

කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල 1597 දී සිය රාජධානිය පෘතුගීසින්ට පවරා මිය ගිය විට ඔහුට අයත්ව තිබූ මාතොට දිසාව පෘතුගීසින්ට අයත් විය. වර්ෂ 1645 දී පමණ එම
.

ප්‍රදේශ ලන්දේසීන්ටත් 1796 දී ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසින්ටත් මාතොට දිසාව අයත් විය.

මාතොට නාමය මහාතිත්ථ යන්නෙන් බිඳේ. මහාතිත්ථ ලෙස මහාවංසය හැඳින් වූයේ වයඹ ප්‍රදේශයේ මන්නාරම අසල මාතෛයි යන්නයි. නිල්වලා ගඟ අසල වූ මහා තොට නිසා මාතොට ලෙස සැලැකුණු මාන්තොට මහාතිත්ථ ලෙස මහනුවර යුගයේ දී පාලියෙන් හඳුන්වා තිබේ.

මාතොට ඇත්නිලය ගැන මයුර සංදේශ කතු දකියි. ත්‍රි සිංහලේ කඩයිම් පොත මා තොට දෙව්නුවර ගැන සඳහන් කරයි. රාජාධි රාජසිංහ රජ (1780 - 1798) මාතොට යතිවරයන් ගැන කවියෙන් විමසයි.

පාලි - කාලතිත්ථ > කළුතොට > කළුතර විය. එසේ ම භීමතිත්ථ > බිම්තොට > බෙන්තොට බෙන්තර විය. එහෙත් ගිම්හතිත්ථ > ගිම්තොට ගින්තොට වී එසේම ව්‍යවහාර විය. එය ගින්තර වූයේ නැත. මාතොට නාමයද අද දක්වා මාතොට ලෙස ව්‍යවහාර වන්නට ඉඩ තිබුණ ද පෘතුගීසීන් ගේ වැරැදි උච්චාරණය නිසා එය මාතර බවට පත්වී යයි මතයෙකි.

වර්ෂ 1606 පෘතුගීසි සිතියමක මාතොට මම්පොර Matvre ලෙසත් සසොන් නමැති ප්‍රංශ ජාතිකයා ගේ ලක් සිතියමේ (1652) එය මාතුරෙ Mature ලෙසත් 1677 දි බැල්ඩෙයස් Baldaeus නමැති ලන්දේසි ජාතිකයා ඇඳි ලංකා සිතියමේ එය Matura ලෙසත් රොබට් නොක්ස් නමැති ඉංග්‍රීසි ජාතිකයාගේ 1681 වර්ෂයට අයත් සිතියමේ ද එසේමත් මා තොට ලකුණු කර ඇත.

මාතර නාමය ඉදිරියට වෙනස් නො වේ. එහෙත් ඒ නමින් හැඳින්වෙන නගරයත් ප්‍රදේශයත් තව තවත් ප්‍රගතිය කරා ඉදිරියට වෙනස් වන බව සත්‍යයෙකි.

එච්. ඒ. පී. අභය වර්ධන ගේ ලිපිය ක්

1. දීපවංසය පරි: 18 ගාථා 23, 40 මහාවංසය පරී: 22 ගාථා 6, 8;
2. .Θ. පරී: 7 ගාථා 67, 68;
3. ම වං 08. 52 04;
4. ලංකා විශ්වවිද්‍යාල සමාලෝචනය වෙළුම IX 26 පිටුව
5 යූ. සී. ආර්. වෙළුම VII පිටුව 142;
6 ම. වං පරී. 48 ගාථාව 81 " පරී. 51 ගාථාව 28
7 '' පිතරං. සංඝරාජෙන පෙසිතං ධම්මපාලප්පමුඛාය සිස්සසුනුතං. මහාතිත්ථ රට්ඨ වාසීනං '' ගල්කෙමේ රජමහා විහාරයට අයත් සරණංකර සඟරජ හිමියන් එවන ලද විපරම් පත්‍රය

මුණු පොතෙන් -  Hmsk Herath
A day in the life