පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-10-07

ඓතිහාසික සොරගුණේ දේවාලය - හල්දුම්මුල්ල













#දුටුගැමුණු රජු ඉදිකළ කතරගම මහා දේවාලයෙන් පසුව ඉදිකළ ඉපැරැණිම කතරගම දේවාලය ලෙස මෙම සොරගුණේ කතරගම දේවාලය හැඳින්විය හැක.
#අවුරුදු 700 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම ස්ථානයේ අදටත් හාස්කම් වලින් පිරුණු ඓතිහාසික පුදබිමකි...
#මාපා නම් ඇමැතිවරයකුගේ කටහඬෙ ඇති වුණ ස්වර අපහසුතාව සුව වීමට භාරයක් වු ස්ථානය... ස්වර අපහසුතාව ගුණ වු ස්ථානය ස්වරගුණේ පසුකාලීනව සොරගුණේ ලෙස මෙම ස්ථානයට නම ලැබී ඇත.
#ඇම්‍බැක්ක දේවාලය මෙන්ම හෙළ වඩුවන්ගේ හැකියාව මානව පිළිබිඹුවන ලී කැටයම් බොහොමයක් මෙම පුදබිමේදී අපිට දැකගත හැකිය.
#වැඩි දෙනාගේ වැඳුම් පිදුම් වලට ලක්වන ජනප්‍රිය පූජනීය ස්ථානයක් නොවුණත් ඉතා නිස්කලංක පරිසරයක ඇති මෙම ස්ථානය දැක බලා වැඳපුදා ගත යුතුම වටිනා පුදබිමකි...
#කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල මංසන්ධියෙන් හැරී 7 km ගමන් කල විට මෙම ස්ථානයට ළඟාවිය හැකිය.

මෙම Post එක හැකි පමණ shere කර ඓතිහාසික සොරගුණේ දේවාලය මතු පරපුර උදෙසා රැක ගැනීමට දායක වන්න...

රජ දවස --මෙටාවේ පලකල වියමනකි.

A day in the life

2024-10-06

නොමියෙමි - මහගම සේකරයන්





මහගමයන් 1973 එලිදැක්වු “නොමියෙමි“ මගේ ඇස ගැටෙන විට එකල මට අවුරුදු 25 ක් විතර ඇති. මට එකල මහා අප්‍රබංශයක් මේ පද හරඹය. නොයෙකුත් විචාර කියවන කොට විචාරකයෝ කියන්නේ මොනවද කියලත් තේරුම් ගන්න බැරි වුන මම නොමියෙම් කොපමන වාරයක් කියෙව්වද , තවත් කියවමින් මහගමයන්ගේ සදාකාලිකවු සත්‍යයයන් සොයන්නේ ආශාවෙන්.
දහසක් කම්කටොළු වලට මුහුණ දෙමින් මරණයේ එලිපත්තේ සිට නොමියෙමි නැවත දකින්නේ මහගමයන්ගේ තුන්කල් දුටු බුද්ධි මහිමය අගේ කරම්න්.
මම මරණය විදිනවා.මරණය විදවන්නේ නැතිව කෙළවර වෙනවා නම්… කියලා හිතනවා.


“පරෙස්සම් වෙන්ඩ වෙයි
දැන් ඉතිං
කෑමෙන් බීමෙන්
අවුරුද්දක් දෙකක් තුනක්
පරෙස්සම් නූනොතින්
අංශබාගෙට හැරෙයි
සන්නිපාතෙට හැරෙයි
නහර පුපුරයි
උන් හිටි ගමන් මැරෙයි


හිටියා අපේ ගමේ එක මිනිහෙක්
හැදිලා ඔය ලෙඩේම
පරිස්සම් උණා මුළු අවුරුද්දක්
කිසිම වැඩක් පලක් නොකර

අවුරුද්දකට පස්සේ ඔහු හිතුවා
දැන් මට නෑ කිසිම ලෙඩක්
එහෙම හිතලා
කෙහෙල් ගහක් ළගට ගිහින්
පොළව ටිකක් උදළු ගෑවා
විනාඩි දහයක් ගියේ නෑ
එතනම මැරිලා වැටුුණ

බොහොම බයානකයි
නයෙක් කෑව වගේ තමයි.

ඒ උණාට
ලෙඩක් ය කියලා ඔය ගැන
හිත හිතා ඉන්න එපා
කිසිම දෙයක් ගණන් නොගෙන
සන්තෝසෙන් ඉන්ඩ ඕනෑ
ලෙඩෙක් කියලා හිතුවොත්
හැමදාමත් ලෙඩෙක් වේවි.“

මේ ටික අපි කොච්චරක් අහලා තියෙනව ද ? 
මේ විදියට. 
බය වෙනවා කියලා හිතන්නේ නැතිව ආදරේට කියනවා. 
අහගෙන ඉන්න කෙනා අහන්නේ කොයි වගේ සිතිවිල්ලක ඉදගෙන ද කියලා 
හිතන්නේ නැතිව .




A day in the life