පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-07-10

අතීතය මකනවද ?.















අතීතය මකනවද

මහවැලිය උතුරන්න
කඳුළු ඇස් පුරා ඇති
ඒ කඳුළු හංඟන්න
කප්පරක් හේතු ඇති
ඉඳහිටක නොවේ හැම
මොහොතකම දැනෙනවැති
මගෙ මැණික නිහඬවම
දුක දරන් ඉන්නවැති
මදනලක පටලවා
සුසුම් පා කර යවා
නෙත පියා මොහොතකට
මතක අමතක දවා
තව දිනක් උදා වී
මියෙන දවසක හොවා
අතීතය මකනවද
හිනාවක පටලවා
අහස ගුගුරන තරම
මහ පොළොව දන්නෙ නැති
පොළොව උහුලනා බර
ඒ අහස දන්නෙ නැති
ලෝකයක් එළි කළත්
හිරු සඳුට උරුම නැති
මගෙ මැණික ඒ ලොවේ
තනිවෙද්දි මමත් ඇති
දිලනි
❤️


A day in the life

2024-07-09

අතීතය අතහරින්න ...




අතීතය අතහරින්න ...
රාජාලියෙක් වගේ ජීවත්වෙන්න.!!
(Forget everything in the past..
Let’s live like an Eagle. Turn unfavorable
Event into strength……! )
**********************************

සාර සොබාවට හිනැහෙන උන් ළඟ
කඳුළු තියෙන්නේ පපු මැද්දෙයි
ගිනිකඳු ලාවා ගලා හැලෙන්නේ
විදාරණය වී ගිය පසුවයි.
ගොදුරු සොයා ඉගිළෙන රාජාලිය
මළකුණු දෙස කිසිදා නොබලයි
අතීතයක් ගැන සිතමින් වැළපෙන
එකම සතා මිනිසා පමණයි.

මතකය මිහිදන් කරමින් දළුලන
සිතිවිලි අතරේ සිත රන්දා
වාන් දමන්නට ඉඩක් නොදී දුක
ඇතැමුන් වෙස් මුහුණක් බැන්දා

ඉර හඳ පායන එකම අහස යට
සතුට හුඟක් මිළ වැඩි හින්දා
සෝලි නොගෙන දුක වසා තබන්නට
දලදර සුදු සේලය ඇන්දා .
(දලදර =වළාකුළු )

චණ්ඩ මාරුතේ පුංචි කුරුල්ලන්
තැති ගෙන සැඟවෙන අතරතුරේ
රාජාලියෙකුට ,ඒ සැඩ සුළඟම
ඉහළට ඔසවා තබයි වැරේ

බාධක අබියස නො වැටී ඉන්නට
ජවයක් ඇත්නම්, මා මිතුරේ
සොවින් තැවෙන්නට කාලය දී නැත
හිනැහෙමු අරුණළු දැක අඹරේ .


රෝ.සි.









A day in the life