පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-30

හිත සුවපත් කිරීමේ ඖෂධයක්



ප්‍රියතම මිනිස්සු එක්ක දීර්ඝ කතාබහක් කියන්නෙ සුවකිරීමේ ඖෂධයක්....
අපේ ජීවිත වල අනිවාර්යයෙන් ඉන්නවා ප්‍රියතම මිනිස්සු එක්කෙනෙක් හෝ කීපදෙනෙක්. ඒ වගේ මිනිස්සු එක්ක ඔබ ගත කරන කාලයක් ගැන හිතලා බලන්න...
ඔබට සතුටක් දැනෙනවා නේද?
ඔව්! මටත් එහෙමයි.
මගේ ජීවිතයේ ප්‍රියතම පුද්ගලයක් කිහිප දෙනා එක්ක සංවාදයක් කියන්නෙ, මම පෞද්ගලිකව අතිශය ප්‍රිය කරන මොහොතක්.
ඒ වෙලාවට මට බොහොම තදබල නිදහසක් දැනෙනවා. මට විවෘතව කතා කරන්න බාධාවක් නැති බව දැනෙනවා. හරිම සුවපහසු බවක් දැනෙනවා.
හිත සුවපත් කිරීමේ ඖෂධයක් ලැබුණු බව දැනෙනවා.
මගේ ජීවිතයේ ප්‍රියතම මිනිසුනි,
ඔබේ කාලයෙන් යම් මොහොතක් මං වෙනුවෙන් වැය කළාට ස්තූතියි.
අසීරු මොහොතවල් වලදී මාව අහගෙන උන්නාට ස්තූතියි!
මාව වැළඳගත්තාට ස්තූතියි.
නැවත ඔබ සමඟ දීර්ඝ කතා බහක් කරන්න ලැබෙන තුරු මම බලාගෙන ඉන්නවා.
ඉතිං....
මං වෙනුවෙන් උන්නාට නැවත වරක් ස්තූතියි!

Note Book

නොනිමි 





A day in the life

2024-06-28

දුුඹුරු සීනී




උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණු දෙයක් හුදීජන පහන් සංවේගය සඳහා ලියලා තියන්න හිතුනා. කතාව මෙහෙමයි, සීනි නිෂ්පාදනයේ දී මුලින්ම හැදෙන්නේ දුඹුරු සීනි. ඒ හැදෙන දුඹුරු සීනි වලට තවත් වියදමක් කරලා ගෙන්දගම් සහ වෙනත් විරංජක රසායනික ද්‍රව්‍ය දාලා සුදු සීනි බවට පත් කරනවා. සුදු සීනි ඒ හින්දා දුඹුරු සීනි වලට වඩා පිළිකාකාරකයි, මේ කතාව ගොඩ දෙනෙක් දන්නවා. සමහරවිට ඔබ නොදන්න කතාව මෙන්න...
සෞඛ්‍යමය හේතු නිසා දැන් දැන් ලංකාවෙ වැඩිපුර ඉල්ලුම තියෙන්නේ දුඹුරු සීනි වලට. එත් දුඹුරු සීනි කල් තියාගන්න බෑ. තෙත ගතියෙන් යුක්තයි. ටික කලක් ගිහිල්ලා පැසීම නිසා මද්‍යසාරමය සුවඳක් එනවා. ඒ නිසා කර්මාන්ත ශාලාවලින් වැඩිපුර නිෂ්පාදනය වෙන්නෙත්, ආනයන කරන සීනිත් සුදු සීනි. දුඹුරු සීනි වලට තියෙන මෙම සෞඛ්‍යමය ඉල්ලුම නිසා තොග පිටින් සුදු සීනි ලබාගන්නා කර්මාන්තකරුවන් ඒවට ඩයි දාලා දුඹුරු සීනි බවට පරිවර්තනය කරනවා .
හොඳම දුඹුරු සීනි හම්බුනොත් හොඳයි. ඩයි දාපු දුඹුරු සීනි හම්බුනොත් ඒව සුදු සීනි වලටත් වඩා පිළිකා කාරකයි...
ඩයි දාපු දුඹුරු සීනි අඳුනගන්නේ මෙහෙමයි. ඒව තෙත ගතියෙන් යුක්ත නෑ. ඒකාකාරීව දුඹුරු පාට නෑ සමහර ඇට වැඩිපුර දුඹුරුයි සමහර ඇට ටිකක් සුදුයි.
මේක ශෙයා කරොත් තව කෙනෙක් පිළිකාවකින් බේරෙයි....

උපුටා ගැනීමකී.
A day in the life