පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-03-01

බනින්න පෙර සිතා බලනු .




ඇය මට ආදරය කළේ ඉහළ උගත්කම් දැකලයිමගේ කැදැල්ලට ආවේ රැස්කළ ධනයම පතලයිනිරතුරුවම ළඟ හිටියේ පැතිරුණු කිතුගොස හිතලයිහරි සතුටින් දැන් ඉන්නේ මේ සියලුම දේ දිනලයි
ආදා ඉඳලම නිවසට ආදරයෙන් ළඟ උන්නාරන් මිණි මුතු සැප සම්පත් නොඅඩුව ඈ හට දුන්නාමව්පිය නෑසිය පරපුර නිවසට නිතරම එන්නාමගේ අයට වැඩියෙන් මා සිටියේ සෙනෙහස පෙන්නා
දැන් දැන් නිතරම ඈ මගෙ වැරදිම පවසන හින්දාමගෙ හිත රිදුනා හරියට කඳුළුත් දෙනෙතෙහි රන්දාබිරිඳකගෙන් ලද යුතු සැලකුම් නැත දෙන්නෙම නින්දාවෙන අයකුගෙ සෙනෙහස ලබමින් සැනසෙනවද මන්දා
මේගැන සිත සිත ළතවී සොයමින් සැනසුම පතලාමිතුරු වුනා මධුවිත හා යහමින් දිව රෑ නොබලාඅතරතුරේ සුරඟන සම නුඹෙ ඔය රූසිරු දැකලානැවත උපන් බව දැනුනා නව ආදරයක් හිතිලා
මුසා වදන් අසා ඇගේ දෙනෙත්වලට කඳුළු පුරනුබලා ඔහුට හැඟී ගියේ එලූ දැලේ එතෙන ලකුණුඇගේ දෙතොල් පෙති ඇරුනා අටියෙන් බිරිඳටම බනිනුසිතේ යටින් ඈ ඇමතී "බනින්න පෙර සිතා බලනු"











පී. ජී. ආරියපාල
l day in the life

2024-02-29

මල් වලට පැන් ඉහින්නේ ඇයි ?.
















මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහින්නේ ඇයි කියලා ඔබ දැනසිටියාද..?
අපි හැමෝම මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහිනවා නේද?
ඒ ඇයි........
අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ කලක් රජගහ නුවරට සමීපව පිහිටි අඹසැඩ නම් බමුණුගම අසල වූ වේදීය පර්වතයේ ඉන්ද්‍රසාල නම් ගුහාවේ වාසය කළේ ය.
එකල දෙව්ලොව අධිපති සක්දෙවිඳු වසර තුන්කෝටි හැටලක්ෂයක් ආයු වළඳා සිටියේ ය. එහෙත් මේ වන විට සක්දෙවිඳුගේ පිං ගෙවී චුත වීමට ආසන්න බව හඟවන නිමිති පහළ විය. සක්දෙවිඳුට දෙව්ලොව සැප අත් හැරීමට දුකක් හට ගත්තේ ය

සක්දෙවිඳු පන්චසික පෙරටු කරගෙන මුළු දිව්‍ය සභාවම සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට ආවේ ය. වේදීය පර්වතය ආලෝකමත් කරමින් ආ මේ පිරිස පන්චසික ගේ මැදිහත් වීමෙන් බුදු සිරිපා වැන්දේ ය.
( කථාව බොහෝ කෙටි කර ඇත )
සක්දෙවිඳු පැමිණ මුණි සිරිපා නමදින විටම සක්දෙවිඳුගේ ආයුෂ ඉවර විය. මෙය සෙසු දෙවියන් නොදුටුවේ ය. බුදු රජාණන් වහන්සේ ආයු බෝ වේවා යැයි පතා, සක්දෙවිඳු නැවත ජීවත් වීමට , ආයු ලැබීමට තරම් පිං කර තිබේදැයි බැලීය.

සක්දෙවිඳු පෙර ආත්මයක මනුලොව සිටියදී ගොපළු දරුවෙකුව සිටියේ ය. මේ ගොපළු දරුවා වනයේ ඇවිදිමින් සිටින විට පොකුණක් අසල ගරාවැටී ගිය ස්ථූපයක මල් අසුනක් මත කවරෙකු විසින් හෝ පූජා කර පරවෙමින් තිබූ දියබෙරලිය මල් ටිකක් දුටුවේ ය. මේ ගොපළු දරුවා වහා ලඟ තිබූ පොකුණට බැස නෙළුම් කොළයක් කඩාගෙන එයට වතුර ගෙනවිත් ඉස, මල් ප්‍රාණවත් කළේ ය.

මේ පින දැක සක්දෙවිඳු හා පිරිසගේ ආයු බෝ වේවා යි ප්‍රාර්ථනා කළේ ය. 
එතැන් සිට නැවත සක්දෙවිඳුට ආයුෂ වසර තුන්කෝටි හැටලක්ෂයක් ලැබිණි.

* හදිසි මරණයකට ගොදුරු නොවේවා! යි පතා ඔබත් මල් වලට පැන් ඉහින්න.


A day in the life