පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-02-05

අපියි මළ මිනිස්සු



In "Mala Minissu," I shed light on the pressing political issues surrounding the healthcare system in Sri Lanka. It's a raw, industrial rock anthem that exposes the harsh reality faced by countless citizens due to the importation of low-quality drugs. This negligence has resulted in tragic consequences, with lives lost unnecessarily in our hospitals.

"මල මිනිස්සු" තුළ මම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය වටා ඇති දැවෙන දේශපාලන ගැටලු පිළිබඳව ආලෝකයක් ලබා දුන්නෙමි. එය ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් අසංඛ්‍යාත පුරවැසියන් මුහුණ දෙන කටුක යථාර්ථය හෙළි කරන අමු, කාර්මික පාෂාණ ගීයකි. නොසැලකිලිමත්කම හේතුවෙන් අපගේ රෝහල්වල අනවශ්‍ය ලෙස ජීවිත අහිමි වන ඛේදජනක ප්‍රතිවිපාක ඇති වී තිබේ.



Lyrics - Somalatha Herath Menike
Music & Composing - Dileep Mann
lyrics
තලා දමා අප හප කෙරුවා
හිනාවෙවී උන් රජ වෙනවා
බෙහෙත් පෙත්තටත් දමා කොමිස් ලණු
තුසිතය මත මහ මාළිගාව තැනු
දෙවියන් ලෙස පෙන්නූ
අවජාතක හොරුරැල
ඉන්දියන් සාගරේ මුතු ඇටයක්
මකා දමා හැදුවා පුස් ඇටයක්
හදවතම පිලිස්සූ
බිම වැටුණ මිනිස්සු
යුක්තියක් නැති බිමක
අපියි මළ මිනිස්සු
ඔලව අතගා ටොක්කකුත් ඇන්නාය අපහට
බුරිය අතගා රුපියලත් ගත්තේය හෙමිහිට
බෙහෙත් පෙත්තත් හප හපා කෑ
කලු පාට ගුල්ලෝය මහ උන්
දරුවන්ගේ බොටුවත් මිරිකලා
මොනර කොළ ළඟ රෙද්ද ඉස්සූ
හදවතම පිලිස්සූ
බිම වැටුණ මිනිස්සු
යුක්තියක් නැති බිමක
අපියි මළ මිනිස්සු

 A day in the life

2024-02-04

චන්දන ග්‍රාමය හෙවත් හදගිරිය

ඓතිහාසික චන්දන ග්රාමය හෙවත් හදගිරිය වර්තමානයේ වැලිගෙපොල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ හදගිරිය හදගිරිගොඩ වසම් දෙකෙහි විසිර පවති.බලංගොඩ වැලිගෙපොල මාර්ගයේ 16km පමණ පැමිණ එතැන් සිට 8km පමණ කපුගල මාර්ගයේ ගමන් ගත් පසු මෙම ස්ථානයට ළගා විය හැක.වළව ගං මිටියාවතේ පිහිටි මෙම රාජධානිය කෘෂිකාර්මික අතින් ඉතා සරුසාර ප්රදේශයකි.ජය ශ්රි මහා බෝධින් වහන්සේ රෝපණ උත්සවයේදි රෝපණය සදහා බෙදන ලද අෂ්ටපල බෝධින් වහන්සේගෙන් එක් අංකුරයක් ලෙස හදගිරියේ පිහිටි බෝධින් වහන්සේ බව ඉතිහාසයේ සදහන් වේ

 සබරගමු පළාතේ රත්නපුර දිස්ත්රික්කයේ වැලිගෙපොළ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ සඳගිරිය ග්රාම සේවා වසමට අයත් ගිරමාදොල හා කටුපත්ඔය නිම්නයේ පිහිටි වර්තමාන හඳගිරිය අතීත දක්ඛිණගිරි මණ්ඩලයේ බත්තිය ජනපදයට අයත් චන්දන ග්රාමය (සඳුන්ගම) ලෙස හඳුනා ගැනීමට සාධක ඇත.

ගිරිනුවර, සඳගිරිනුවර, සඳමහනුවර, සඳගම්නුවර, සදගනානුවර යනුවෙන් විවිධ නම්වලින් විවිධ කාල වලදී හඳුන්වා ඇති මෙම බෞද්ධ භූමිය කාලයාගේ වැලි තලාවෙන් යටව ගොස් නැවතත් එළිවෙමින් පවතී.
රමණීය වෙල් යායක් මධ්යයේ තිබෙන හඳගිරියේ බෞද්ධ නටබුන් අක්කර 5 ක පමණ භූමි ප්රමාණයක ව්යාප්තව තිබේ. මුලු වෙල්යාය පුරා තැනින් තැන ගොඩනැගිලි පාදම්, මැටි මෙවලම්, ගල්, ගඩොල් හා උළු කැබලි විවිධ අවස්ථාවන්වලදී පොළොවෙන් මතුවෙන බව වෙල්යායේ කුඹුරු කොටන ගොවීන් පවසයි.
හඳගිරියේ නටබුන් පිළිබඳව මුලින්ම සටහන් කරන්නේ සබරගමු මහා දිසාපති ලෙස කටයුතු සී, එච්. කොලින්ස් මහතාටය. රාජකීය ආසියාතික සංගමයේ ශ්රී ලංකා ශාඛාව මුද්රණය කරන සඟරාවේ 31ක් වෙන වෙළුමට (1932) ඉදිරිපත් කල “සබරගමුව බින්තැන්නේ පුරාවස්තු” නැමැති වාර්තාව වර්ග සැතපුම් ගණනාවක් පුරා විසිරී ඇති නටබුන් අතර ඇති ගල් කණු සමූහය, උස් භූමියක වෘත්තාකාර විශාල මළුව, ගරා වැටී ඇති දාගැබක අවශේෂ විනාශයට පත් ගඩොල් ප්රාකාර බැම්මකින් වට වූ බෝධි වෘක්ෂය, අක්කර 20-40 අතර වූ විනාශයට පත් වැව් පහක නටබුන් ඔහුගේ නිරීක්ෂණයට ලක්වී ඇති බව පෙන්වා දෙයි.


 

හඳගිරිය අසල ඇති මාලිගාගොඩැල්ල මුරපොළඅතුර වැනි ග්රාම නාම හා ඒ අවට ඇති ගල් ගුහාවන් මෙම ප්රදේශය ක්රිස්තු පූර්ව 200 දී පමණ ජනාකීර්ණ අගනගරයක ලක්ෂණ පිළිබිඹු කරන බව කොලින්ස් මහතාගේ නිගමනය විය.
නැවතත් වර්ෂ 1942 දී “සපරගමුවේ පැරණි ලියකියවිලි” ග්රන්ථයේ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් හඳගිරිය පිළිබඳව සටහන් කොට ඇත. බඳගිරියේ කුඹුරුවල තැනින් තැන විසිරුණු කැටයම් කල ගල් කණු කිහිපයක්ද සාමාන්ය ගල් කණු කිහිපයක්ද කුඹුර මැද උස් බිමක ගරාවැටුණු ස්තූපයක නටබුන් ද ජරාවාස වූ වැව් කිහිපයක නටබුන්ද තිබුණු බව මෙම සටහනේ දක්වා ඇත.
ශ්රී ලංකා පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්යා කොමසාරිස්ගේ 1960-61 පාලන වාර්තාවේ හඳගිරිය පිළිබඳ ගවේෂණයක තොරතුරු සටහන් වේ. මෙහි නටබුන් අතර අඩි 25ක් උස දාගැබක නටබුන්ද අඩි 25ක හතරැස් කුළුණු සහිත ගොඩනැගිල්ලක්ද, ගල් කුළුණු සහිත අඩි 37×17 ප්රමාණයේ ගොඩනැගිල්ලක්ද. විසිරී ඇති වෙනත් ගල් කැටයම් කිහිපයක් හා පුරාණ ගඩොල් බැම්මකින් වට වූ බෝධි වෘක්ෂයක් ද ඇති බව සඳහන් වේ.
නැවත මෙහි විධිමත් ගවේශණයක් වන්නේ 2003 වසරේය. 1960 වසරේ අඩි 25ක් උස්ව පැවති ස්තූපය අඩි 11 ක් දක්වා අඩු වී තිබිණි. ස්තූපය මැදින් අඩි 15ක් පමණ ගැඹුරු වළක් නිදන් කොල්ලකරුවන් විසින් හාරා තිබිණි. 1992 දී පූජ්ය විකිළියේ නාරද හිමියන් සටහන් කල ගල්කණු 119 කණු 52 ට අඩු වී තිබිණි. වටාපත හා දෑකැත්ත කොටා ඇති ගල්ටැඹක් දෙකට කඩා ඇති අතර එය පුරාවිද්යා මුර කුටියේ දැනට තැන්පත් කොට ඇත.

හඳගිරිය නටබුන් අතර ප්රධාන කේන්ද්රස්ථාන හතරක් හඳුනාගත හැක
1. ස්තූපය
2. පිළිම ගෙය
3. ප්රධාන සංඝාවාසය හා අවශේෂ කුටි
4. බෝධිය හා බෝධිඝරය
වෙහෙරගොඩැල්ල නැමති ස්ථානයේ ස්ථූපයේ අවශේෂ පවතී. ගරා වැටුණු මෙම ස්ථූපය නිදන් හොරුන්ගේ ග්රහණයට අසුවී ඇත. එබැවින් එය ගඩොල් ගොඩක් බවට පත්වී ඇත. එහි ප්රමාණය අනුරාධපුර ථූපාරාමයේ ස්තූපයට සමාන විශාලත්වයක් තිබිය හැක.
ස්තූපය අවට ගොඩනැඟිලි බොහොමයක් අතුරුදහන් ගොසිනි. දාගැබට වයඹ දෙසින් මීටර් 60ක් පමණ දුරින් පිහිටි පිළිම ගෙයක නටඹුන් හඳුනාගත හැක. ස්තූපයට යාර 50 ක් පමණ නැගෙනහිරින් ප්රධාන සංඝාවාසය හා ඊට දෙපසින් අඩි 10×10 ප්රමාණයේ කුටි දෙකක් තිබූ බව පෙනේ.
ස්තුපයේ සිට යාර 150ක් පමණ ඈතින් නිරිතදිග දෙසට වන්නට බෝධිය හා බෝධිඝරය පිහිටා ඇත. ගල් ඇන්දක් මත බෝධි මාලකයක් හා බෝධිඝරයක් තුළ රෝපණය කර ඇති බෝධිය අෂ්ඨඵලරූහ බෝධීන්ගෙන් එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. කර්ණිකාව සහිත විකසිත නෙළුම් පෙති හතකින් හා කුඩා නෙළුම් පෙති වලින් සමන්විත කවාකාර සඳකඩ පහණ ගලවා බෝමළුව මත මල් පූජා කිරීමට යොදා ගෙන තිබේ. මෙහි ප්රවේශ දොරටුව ඇත් සොඬ කොරවක්ගල් දෙකකින්ද පියගැටපෙළ සතරකින්ද සමන්විත බව පෙනේ. බෝධිඝරය අෂ්ඨාකාර හැඩයෙන් යුක්තය. එය වටා වැලි මළුවක් සහිත ගඩොල් ප්රාකාර බැම්මක් තිබූ බවට සාධක ඇත.

 

අවට ගම්මුන් අතර හඳගිරිය පිළිබඳ ජනප්රවාද බොහොමයක් පවතී. වරක් මෙම බෝධියට පුද සත්කාර කල කාන්තාවක් මියගිය පසු ඇය සතු රෙදිකඩක් ඇයට පින් පිණිස මෙම බෝධියේ එල්ලා ඇත. එදින රාත්රියේ ඇතින්නියක් මෙම රෙදිකඩ සමඟ බෝධි ශාඛාව බිඳ ගෙන ගොස් ඇත. පසුදින මේ ගැන සොයා බැලූ ගම්වාසීන්ට දකින්නට ලැබුණේ බෝධි ශාඛාව හිස මත ඇතිව ඇතින්න මැරී ඇති බවයි. කටුපත්ඔයේ මෙම ස්ථානය අද හඳුන්වන්නේ “ඇතිනිගේ මංකඩ” යන නාමයෙනි.
කපුගල දියඉන්න මාර්ගයේ සිට අඩිපාර දිගේ පහළට ගිය විට මුලින්ම හමුවන්නේ මාලිගාගොඩැල්ල යනුවෙන් හඳුන්වන භූමියයි. මෙහි ඇත්තේ පිළිමගෙයක ශේෂව ඇති ගල්ටැම්ය. අඟල් 8×6 ප්රමාණයේ අඩි 6 අඟල් 6ක් උස අඩි 10×10 ප්රමාණයේ සම සතරැස් කුටියක සිව්කොන පිහිටි ගල් ටැම් මත වහලය සාදා තිබූ බව පෙනේ. පශ්චාත් අනුරාධපුර යුගයේදී මෙම පිළිමගය අඩි 31×26 ප්රමාණයට විශාල කොට තිබේ. මුලදී කුඩාවට තිබු පිළිමගෙය ගල් කණු විසිහතරක් යොදා මහල් ප්රාසාදයක් බවට පරිවර්තනය කර තිබූ බවට සාධක තිබේ.
ජනප්රවාදයට අනුව මෙම ස්ථානයේ බුදුන්ගේ දළදාව වැඩ සිටි බවට විශ්වාසයක් තිබේ. මෙම ප්රවාදය සත්යනම් මෙම ස්ථානය සොළොස් ටැම් මත පිහිට වූ දළදා මැදුර විය යුතු බව පුජ්ය එල්ලාවල මේධානන්ද හිමියන් විශ්වාස කරයි. මෙහි මුලින් තිබූ පිළිමගෙය වට කොට කොන් සතරේ ටැම් 6 බැගින් ගල්ටැම් විසිහතරක් සිටුවා දළදා මැදුරක් සාදා පස්වන මිහිඳු රජතුමා (982-1029) විසින් අනුරාධපුර අවසාන භාගයේ දී චෝල ග්රහණයට හසු නොවී දළදා වහන්සේ රැකගත් ස්ථානය මෙය විය හැකි බව එතුමාගේ විශ්වාසයයි.
ස්ථූපයට ඉදිරියෙන් හා පිළිමයට දකුණු පසින් අඩි 20×30 ප්රමාණයේ එක් පෙලට ගල් ටැම් හයක් බැගින් පේළි හතරකින් යුත් ටැම් විසිහතරක් සහිත සංඝාවාස ගොඩනැගිල්ලක් දක්නට තිබේ. එයින් ශේෂව ඇත්තේ ගල්ටැම් නමයක් පමණි. බිම පතිත පතිත වී ඇති ටැම් ගණන 6කි. මෙයට අඩි විස්සක් පමණ උතුරින් හා අඩි විස්සක් පමණ දකුණින් අඩි 10×10 ප්රමාණයේ කුටි දෙකක් තිබූ බවට ශේෂව ඇති ටැම් වලින් පෙනී යයි. අඟල් හයක් උස අඩි 4, 5 දිග පළලින් යුත් කොනක ටැම් හතර බැගින් කණු දාසයක් සිටුවා ලෑලි තරප්පුවකින් උඩට නැගීමට සකස් කළ මහනුවර යුගයට අයත් ටැම්පිට පිළිම ගෙයක ශේෂ දැයි සිතේ.
ආශ්රිත ලිපි හා ග්රන්ථ
බිනරගම, ද., 2006. සබරගමුව පැරණි රජදහන (මද්ය වලව නිම්නය) මහ බින්තැන්න. 1st ed. කොළඹ 10: ඇස් . ගොඩගේ සහ සහෝදරයෝ, pp.131-153

A day in the life