පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-11-08

නොමැති කෙළවර ඉමක් සසර සරනා බවේ


















සිතුවිලි සසළ යි.......
*********************
හැඩැති සුවඳැති මලුත් පිපෙයි පරවෙයි ලොවේ
උසැ'ති කඳු නාය ගොස් විවර සෙලුවත මැවේ
නොමැති කෙළවර ඉමක් සසර සරනා බවේ
පිනැති උපතක් ලදුත් මංමුළා වී තැවේ.
දෙතෙර යාකරන් ඉඳු දුන්න ක්ෂිතිජයෙ මැවේ
එතෙර යාගත නොහී මෙතෙර මා හද තැවේ
සුනෙර .සැලෙනා තරම් සසළ හදවත දැවේ
කතර වාලුකාවකි මිරිඟුව කි මට ලොවේ.
සලපතළ මලුවක් අතුළ සුදු වැලි දමා
සඳ වතළ කල දිසෙයි දෙව් ලොවට මං යොමා
වත කමළ සිහිවත්ම සෙනේ දිය නොව නිමා
හද මඬල උතුරාවි මව්පියෙනි බැති පෙමා.
රුදුරු රළ රැළි වැදී සැලෙන නෞකා බඳේ
නපුරු දැති මෝරු දත් විළිස්සා එන සඳේ
නුදුරු ගොඩ බිම ක් නැත ගිජු ලිහිණි නෙත් ඇදේ
සොඳුරු ලොව සිහිනයකි රුවල ඉරුණොත් හදේ .
රෝ.සි.
notes of imaginary

2023-11-07

මං බකල චන්ද‍රේ .




ලැබුණ මට ඇමතුමක්
දාගත්ත මං දෙකක්...
දවස ගොඩ දාගන්න
ඔන්න එනවා වැඩක්...

ඉටි කොලේකින් ඔතල
ගෙනාවා ගෑනියක්...
මූන බැලුවම දැක්කෙ
දැක පුරුදු ඇති රුවක්...

ඉස්සරහ පේලියේ
නුඹ උන්නු සන්දියේ...
පිටිපස්සෙ පේලියේ
මං බකල චන්දරේ...

පොතට වැඩියෙන් මතක
සුදු මූනෙ හැඩ උබේ...
ආදරෙයි කිව්වාම
කනට ගැහුවා මගේ...

බැලුව මං සුදු මූන
කඳුළු වැල් වේලිලා...
ගුටි කාපු පාරවල්
පේනවා නිල් වෙලා...
මං බලපු සුදු මූන
නියවලින් හූරලා...
අහුවුනොත් ඌට මං
ෆෝමලින් ගහනවා..
.
ලඟ පාත කවුරුවත්
නැති වෙලාවක් බලා...
ඉම්බ මං සුදු මූන
ඇතත් සීතල වෙලා...
එම්බාම් කරන්නට
බෑ සෙනෙහස වැඩි නිසා...
කනට ගහපන් අදත්
ඊය බකලයා කියා...

නිසදැස් ගී අරණ
බොහෝ රසිකයන්ගේ අවධානයටත් වින්දනයටත්  පත්වු පැදිපෙලක් විද්යුත් මාධයයේ පවා සාකච්චාවුවක් විදින්න බකල චන්දරේගේ අන්දරය.

notes of imaginary