පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-11-02

බෙලිහුල්ඔය



++++පද පෙල සුරංග බණ්ඩාරයන්ගේ .

සීතල මහඑළිය සිය මවුතුමිය කොට
සිරිපා සිසිල ලද තුරුලිය වදුලු යට
විදහාලමින් සුදු පෙනපිඩු ඔසරිපොට
බෙලිහුල්ඔය ගලයි මනහර රුවින් සිට

වැසිදින වලදි තිමිරය අතරින් බේරී
හාගල අද්දරදි තව දියවැල් මේරී
සියුමැලි රටාවෙන් රළු සෙල්තල සීරී
නව හැඩමවයි මේ සුන්දර හැඩකාරී

රූසිරි මවා ලොව අමුතුම කලාවක
පහනක් තනා සුවිසල් සෙල් තලාවක
දල්වනු පිණිස තෙල් හිගවුනු වෙලාවක
පුරවා තිබේ දිය කොළපැහැ ගුලාවක

තානායම අසල ඇති පාලමට යටින්
සැරසී ගියත් සුපුරුදු සුදු ඔසරි පටින්
විටෙකදි වෙනස්වී රූසිරි එහෙම පිටින්
රුදුලෙස පහරදෙයි ඇයසිය අතින්කටින්

ළෙංගතුකමින් සිට සියදහසක් වාර
ඇය හා සබැඳි සැමටම කර උපකාර
අවසානයේ මෙතුවක් සපැමිණි පාර
සමනල වැවට ජීවිතයම දෙයි බාර



notes of imaginary

2023-11-01

ඇය



කඳු යායට ඔබින් සරතැස නිවාලන
මුදු මඳ පවන් සනසා තුරු පත් සලන
වියපත් හිරු සිඹියි රත් දෙකොපුල සොඳින
රන්වන් සිතුවමකි වැව අසබඩ හිඳින .
රළ පෙළ සසළ වෙයි වැව් තාවුලේ ඇනී
බිඟු කැළ ගී ගයති කුමුදක සුවඳ දැනී
මඳනල කියඹු වැල් හා දඟ කරනු පෙනී
සුලකළ වටොර නෙත් සළෙළුන් වැළඳ ගනී .
දිය කාවුන් ඉගිළ යති සුළි නංවාලා
ගිරවුන් කුඹුක් අතු මත පළසක් වියලා
තනි වූ ඔරු කඳක් එගොඩට යන ලීලා
ඇයගේ දෙපා වෑ කණ්ඩිය මත රැඳිලා .
සිතිජය රේඛාව කෙළවර වන බැද්දේ
විළිකුන් හිරු මඬල වැටිලා වැව මැද්දේ
අත වූ රෙදි බරට පුළුලුකුලත් පැද්දේ
දිය බිඳු වැටෙන ගෙල ලැම මා මන බැන්දේ .
පළුගස් මංඩියේ සුපුරුදු සෙවනැල්ලේ
මා නෙත් ඇගේ නෙත් යාවුණි එක එල්ලේ
තොල්පෙති ලිහී මතුවුණු පෙම් හසරැල්ලේ
නාමල් සුවඳ දැනුණා මට ඇගෙ.... කොපුලේ.
රෝ.සි.

ඈ රෝ. සි .මුහුණු පොතේ හැදින්වෙන්නේ එහෙමයි. නිතර නිතර නිර්මාණ එකතු කරන කිවිදියක්.විශ්‍රාමික විදුහල්පතිනියක් , අධ්‍යාපන නිළධාරිනියක් . එමෙන්ම අධ්‍යාපනවේදිණියක්.
පරිසරය මවා ගෙන ලියන පදවැල් නිතර ඇගේ පෑන්තුඩින් මැවෙනවා.
මෙයත් ඇයගේ අපුරු නිර්මාණයක්.
මට සිහිපත්වුනේ විමලරත්න කුමාරගමයන්ගේ හැඩරුව.




notes of imaginary