පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-10-16

මා පිය සබද මා ගැන මතක ද ? තවම




මට හැකි පමණ අත්වැල් පටලා ලොවම
සිතුවිලි පෙලගසා මානයකින් නවම
රතුපැහැ රුවින් හැඩගන්වූ ලක්දිවම
මා පිය සබඳ මා ගැන මතකද තවම

සැම තොරතුරම සුරැකිව රඳවමින් මුවේ
මාකල මෙහෙය සුළුපටුසේවයක්නොවේ
පරසිදු වුවද එදවස මා මිතුරු ලොවේ
අද නම් විවේකීවම කල දවස ගෙවේ

කුසතුළ හොවාගෙන සිට කරදහි කඳුම
තවමත් රෝග⁣යක් නැති එකමය පුදුම
රෑ දහවලේ සිදුවී දුහුවිලි වැදුම
අවපැහැ වෙලාදෝ මගෙ රතුපැහැ ඇඳුම

ගරුතර ලියුම් රජයේ සලකුණුද තියා
ලියවුනු හසුන් නෑකම් මිතුරන්ද සොයා
යායුතු මංතලය පසුවට සොයන නියා
පුදුමයි නේද පළමුව මගෙ කුසට ගියා

එනමුදු හෙනහුරා පැන මගෙ කුස මතට
කටකන පෙත්ත ආවා ඔබ ගේ අතට
පණිවුඩ දුන් සැනින් ලැබුනත් ඔබ අතට
මහ කණගාටුවක් ඇත මගෙ නම් සිතට

එදවස ලිපි සමග මාවෙත පියමැන්න
රසබර කතා ඇත තවමත් පවසන්න
ඔබටත් අවැසි නම් ඒවා දැනගන්න    
ළඟදිම දිනක ලිපියක් ගෙනවිත් දෙන්න

--සුරංග බණ්ඩාර

notes of imaginary

2023-10-14

දුකට කියන කවි



















ගොම්මන් පාළුවේ පිල්කඩ උඩින් හිඳ
සන්සුන් වෙන්න හැදුවත් කොච්චරක් අද
හොල්මන් කරන බියකරු සිතුවිළි නිබඳ
සැනසෙන්නට නො හැක හිමියනිනො දැක බිඳ
වැවේ මායිමේ තනියා දුටුවාද
රැලේ ගමන් යන නපුරන් හමුවීද
උදේ කාපු කුරහන් රොටි විතරමද
මගේ හිතට සැක සංකා නැතුවා ද .
රෑ බෝවන්ට පෙර එන බව කිව්වාට
වෑ කන්දේ කරුවල ඇවිදින් පිලට
කණාමැදිරි එළි දෙවැටේ නටන කොට
උල ලේනියක් අඬනව ඇහෙනව දුරට .
පොඩි පුතු කුසේ හිඳ දඟලා පහර ගසයි.
වැදුම් ගෙයට හෙට පුරහඳ ඒවි වගෙයි
අලිමංකඩේ තනියා ගැන හිතට බයයි
හිමි ඔබ තවම නැති හින්දා ම’සිත තැවෙයි .
සංහිඳ පාමුලේ දෙවියන් සිටින තුරා
රන්කඳ මගේ රැකදීපන් සමා වෙලා
තනියෝ මංකඩ දි මගෙ හිමි ඇහැ ගැහිලා
හදියක් නො කර පලයන් පුතු ගැන හිතලා .
රෝ.සි.

notes of imaginary