Friday, November 17, 2023
මම උණුහුම්ම ප්‍රේමයෙනි
Thursday, November 16, 2023
එකෙක් වත් කුඩයක් දුන්නේ නෑ .
කමල් මහත්තයා දකින දේවල් ලියන කොට බලන්න ආසයි. මේ කතාව ඉවර වෙන කොට සැදැහැත්බවේ සීමාවත්, තැනට සුදුසු නුවනත් ඇදිලා තිබුනා.
මුණු පොතට
කමල් පී අලහකෝන් මහත්තයා එක් කරලා තිබුන මේ වියමන කියවමුකෝ.
අපෙ සාලියගුණවර්ධන මහත්තයා ගෙ පාට පාට කුඩේ නැති වී ඇත.එතුමා එය ප්‍රකාශ කළ ආකාරයයි මෙි.කවියෙකු ලෙස සතතාභ්‍යාසයේ යෙදීමේ පලය විසින්"මට කළ මෙහෙය ඔහුටද කරනු ඇත" අදහසෙහිදී"ඔහු අතිනුත් කුඩය නැති වේවා!" යන්නද තිබේ.!"වැහි,කාලයට කුඩ නැති වීම සාමාන්‍යය ය.අපේ,වාඩියේ,කුඩයක්,ඇත.එය කාගේදැයි තවමත් නොදන්නෙමු.මේ අපේ තවත් මිතුයෙක්ගේ,අත්දැකීමකි.එදා උදේ බිරිඳ කුඩේ දුන්නේ,"මතක ඇතිව මේකවත්,ආපහු අරං එනවා!" කියමිනි.නමුත් කුඩේ,අමතක විය.බස්සෙකෙන්,බැස ගෙදරට යත්දී වැස්සා වූ වැස්ස නිසාඋදේ බිරිඳ ගේ අනතුරු,ඇගවීම මතක් විය.දැන් ඉතින්,ගෝරනාඩුව අනිවාර්ය ය.මිත්‍රයා කළේ මේක ය.ඇය හොඳ ආගම්,භක්තිය ඇත්තියකි.ගෙට ගොඩ වෙන ගමන් හේ,"හරි අපූරු බෞද්ධයෝ තමයි. මෙහෙ ඉන්නෙ........!"විස්සෝපයෙන් යුතුව කීවේ ය."ඇයි මොකද වෙලා තියෙන්නෙ?" බිරිඳ ඇසුවා ය."නෑ හාමුදුරු නමක් පට්ට වැස්සෙ තෙමි තෙමි වඩිනවා!""ඉතිං ?""ඉතිං....එකෙක්වත් කුඩයක් දුන්නෑ නෙ ?""ඉතිං?""මම ඔයාගෙ කුඩේ උන්නාන්සෙට පූජා කළා!"
Wednesday, November 15, 2023
ගොඩ එන්න පුළුවන්..
දවසක් ගොවිපළක හිටපු බූරුවෙක් ගොවිපළේම තිබුණු තරමක් ගැඹුරු ළිඳකට වැටෙනවා... මේ සතා ගොඩට එන්න බැරුව පැය ගණනක් තිස්සේ හයියෙන් කෑගහනවා... මේක ඇහුණු ගොවිපළ අයිතිකාරයා දුවගෙන එනවා... පැය ගාණක් ඔහුත් මේ සතාව ගොඩට ගන්න දන්න හැම උත්සාහයක්ම ගන්නවා... ඒත් වැඩක් වෙන්නේ නෑ...
අන්තිමේදී ගොවියා තීරණයකට එනවා...දැන් බූරුවාත් වයසට ගිහිල්ලයි ඉන්නේ... ඌගෙන් හරියට වැඩක් ගන්නවත් බෑ... ඒ වගේම තමයි මේ ළිඳත්... මේකෙත් දැන් වතුර හිඳිලා, වියළීලා ගිහිල්ලයි තියෙන්නේ... කරන්න දෙයක් නෑ... බූරුවා ඇතුළේ ඉද්දිම පස් දාලා මම මේ ළිඳ වහලා දානවා... ඇත්තටම බූරුවා ළිඳෙන් එළියට ඇදලා ගන්න වියදම් කරන එකෙයි, ඒකට මහන්සි වෙන එකෙයි තේරුමක් නෑ...ඔහු ගමේ මිතුරන් කීප දෙනෙකුට විස්තරේ කියලා ළිද ගොඩ කරන්න ඔවුන්ගෙන් උදව් ඉල්ලනවා... ඔවුන් පැමිණ සවල් වළින් වටේ තිබෙන කුණුරොඩු, පස් අරගෙන ළිඳට දාලා ළිඳ ගොඩ කරන්න පටන් ගන්නවා...දැන් ළිඳ ඇතුලේ ඉන්න බූරුවාට මේ සිද්ධවෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඇතුලේ ඉඳන් මහ හයියෙන් දරුණු විදියට කෑගහන්න පටන් ගන්නවා... කට්ටිය දුකෙන් උනත් වෙන කරන්න දෙයක් නැති නිසා, බූරුවාගේ සද්දෙත් ඉවසගෙන දිගටම ළිඳ කුණු සහ පස්වලින් පුරවන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හැමෝම පුදුමයට පත් කරමින් මේ කෑගහපු බූරුවා නිහඬ වෙනවා... බුරුවා යටවෙලා මැරෙන්න ඇති කියලා හිතන මේ කට්ටිය ළිඳ දිහා බලන්නෙවත් නැතුව, ඒ ගැන තැකීමක් නොකර දිගටම ළිඳ වහන්න පටන් ගන්නවා...දැන් මෙහෙම සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ළිඳ සෑහෙන ප්‍රමාණයක් ගොඩවෙලා තිබෙන බව ගොවියාට තේරෙනවා...ඔහු ළිඳ අසළට ගිහින් බලනවා... කට ළඟටම පිරුණු ළිඳ ඇතුලේ දුටු දෙයින් ගොවියා පුදුමයට පත්වෙනවා...මෙතරම් කාලයක් නිෂ්ශබ්දතාවයකින් හිටපු බූරුවා පිරුණු කුණු සහ පස් මතින් ළිඳේ කට ළඟටම ළඟාවෙලා හිටපු විදිය දැකපු සියළුම දෙනා පුදුමයට පත්වෙනවා...මොලේ නැති බුරුවා කියලා කවුරු කිව්වත්, අවශ්‍යම වෙලාවේදී තමන්ගේ ජීවිතේ බේරගන්න මේ සතා මොලේ පාවිච්චි කරපු විදිය හරි අපූරුයි නේද..? මානසිකව වැටිලා ඉන්නකොට අපි හිතන්න ඕනී, ජීවිතය කියන්නේ හැම වෙලාවේම විවිධ වර්ගවල අපිරිසිදු කුණු එකතුවෙන තැනක්... කුණු නිසා එකතුවෙන අපේ හැම ප්රශ්ණයකින්ම අපි එක පියවරක් හරි උඩට එන්න ඕනි... එහෙම කරන ගමන් අපි අපේ ජීවිතය අත් නොහැර උඩටම ආවොත් අපිට අපි සිටින ගැඹුරුම තැනින් කොහොමහරි ගොඩ එන්න පුළුවන්...
Tuesday, November 14, 2023
රාජාලි න්‍යාය.
අයවැය කතා ඉදිරිපත් වෙයි. මේවා
සුරංගනා කතාවන් ද ? යැයි සිතන
තරමට සුන්දරවේ. කල හැකිදේ වලින් සහ නොකල
හැකිදේ වලින්ද මේ කතා පිරී තිබේ. පාර්ලිමේන්තුවේ
නොයෙක් මාදිලියේ කතා කියවමින් කාලය නාස්ති කර අන්තිමේදී වැඩි පිරිසක් පක්ෂවද ඊට
වා අඩු පිරිසක් විපක්ෂවද ඡන්දය භාවිතයෙන්
සම්මතවේ.
මෙය පාර්ලිමේන්තුව ඇතිවු දා සිට සිදුවන්නකි.
මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා බිය නොවේ. 225ත්
රාජාලියන් වගේයයි මීදුමට සිතේ . වෘත්තීය සමිති විකල්ප සංවිධාන කපුටන් ගනයට පත්ව තිබේ.
රාජාලියාට සුවිසල් පියාපත්
තිබේ. තියුණු දෙනෙතකි. හොටය මුවහත්ය. සිරුර ශක්තිමත්ය. ඌ ඉහල අහසේ නිදහසේ පියාසර
කරයි.
මේ තේජාන්විත
කුරුල්ලාට සටනක් දීමට , කපුටා ඔහු තමා ගැන
තබා ගෙන ඇති අධිතක්සේරු මානසිකත්වය නිසාවෙන් ඉදිරිපත්වේ.
කපුටා රාජාලියාගේ පිට මතට පියාසර කර ලැගුම් ගනී. පිට මත ඉඳගෙන බෙල්ලට
කොටමින් ප්‍රහාර එල්ල කරයි.
රාජාලියා ප්‍රතිචාර නොදක්වයි. ඔහු නිදහසේ අහසේ ඉහලට පියාසර කරයි. ඔහුගේ
ඉලක්කය අහසේ ඉහලට පියාසර කිරීමයි. ඔහු කපුටා සමඟ සටන් නොකරයි, ඒ සදහා කාලය
හෝ ශ්‍රමය නාස්ති නොකරයි. අහසේ තව තවත් ඉහලට පියාසර කරයි.
කපුටාද සටන අත්නොහැර පියාපත් මත ඉදගෙන රාජාලියාට හිරිහැර කරයි. අහසේ ඉහලට
යන්න යන්න ඔක්සිජන් හිගවේ. කපුටාට හුස්ම ගන්න අපහසුවේ. ඔක්සිජන් නොමැතිකම
නිසා කපුටා අඩපනවේ. ඉහල අහසේ තමන් පාලන කර ගත නොහැකිව රාජාලියා හා කරන සටන නවතී
කපුටා රාජාලියාගේ පිටමතින් ඇද වැටේ.
Monday, November 13, 2023
අපි අමුතු මිනිස්සු
මුතු ඇටයක ඉපදීලාසාගරයෙන් වටවීලාඒරොප්පෙන් , සැමන් ගේනපුදුම මිනිස්සු..පුදුමයි වාගේ පෙනුනට, අමුතු මිනිස්සු..ඩෙනිම මැදින් පෙන්නනකොටසදාචාරෙ ඔලුවට ගෙනබනින මිනිස්සු..වෙලාවකට පුදුමයි, අපි අමුතු මිනිස්සුතමන්ගෙ රෙදි ගැලවෙද්දිත්හෙළුව අතින් වහගෙන හරිඅනුන්ගෙ රෙද්දේ ඇද කුදහොයන මිනිස්සු..වෙලාවකට හිනා යනවා, මෙහෙම මිනිස්සුටයි පොල්ලෙන් බෙන්ස් එකෙන්,ටැටූ එකෙන් කලර් එකෙන්මිනිස්සුන්ට සහතික දෙනඅමුතු මිනිස්සු..නිධානයක නිදන් ඉන්න , අරුම මිනිස්සුරයිස් කොත්තු උඩ නැගගෙනකෝක් බෝතලෙන් සැනහෙනබෙහෙත් පෙත්තෙ,Side effectහොයන මිනිස්සු..දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සුහොඳම කඩෙන් රෙදි ඇඳගෙනහොඳම quality බඩු අරගෙනහොඳම හොරුන් දියවන්නායවපු මිනිස්සු..ඊට පස්සේ රට ඉවරයි , කියන මිනිස්සුඅනේ මන්දා අපි නම් මහ පුදුම මිනිස්සු..මුතු ඇටයේ ඉපදුන , අපි අමුතු මිනිස්සු
Sunday, November 12, 2023
සමාවෙනවද චන්දරේ...
Saturday, November 11, 2023
සබද ඔහු කන්දකි.
පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.“මොකද්ද ප්‍රශ්නෙ..?“ කපුගේ අහනවා.“නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.“හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.“ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.“ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.“එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්‍රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.“එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.ප්‍රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.“සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.“කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“කපුගේ අහනවා.අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!“කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.“නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්‍රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.“කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“කපුගේ අත දිගු කරනවා.අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.“ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්.අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.“වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.“ලොකු දුවගෙ වළල්ල සර්. ප්‍රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“ අමරසිංහ කියනවා.“වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.“නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.“දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.“සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.“හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“ කපුගේ ප්‍රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.“මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?“ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි." සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන - සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන..."
Friday, November 10, 2023
කාලගෝලගෙන් දික්තලාට .....
Thursday, November 09, 2023
එයයි විශ්වයේ නියමය.
පාරේ ගමන් කරන හැමෝම මේ රැවුල කොන්ඩේ වවාගෙන ඉතාම කිලිටි ඇදුම් ඇද සිටින යාචකයා දිහා සමච්චල් සහගත ලෙසත් පිලිකුල් ලෙසත් බලනවා.නමුත් ඉහත කී කාන්තාව එම හිගන්නා ලගට යනවා.යාචකයා දුටු ගමන් මේ කාන්තාවගේ හදවත ඔහු කෙරෙහි කරුනාවෙන් පිරී යනවා.පෙබරවාරි මාසයේ අධික ශීතල දිනයක් වුවත් මේ යාචකයා ශීතකට ඔරොත්තු දෙන ආකාරයේ ඇදුම් හැද සිටියේ නැහ.කාන්තාව හෙමින් මේ යාචකයාට සමීප වෙලා,"සර්,ඔබ හොදින්ද?"කියලා අහනවා.යාචකයා පුදුම වුනා.යාචකයා මේ කාන්තාව දිහා හොදින් බලනවා.ඔහුට පෙනුනා ඉතාම ධනවත් පෙනුමක් සහිත කාන්තාවක් ඔහු ඉදිරියෙ සිටිනවා.යාචකයා හිතනවා මේ කාන්තාවත් අනික් මිනිස්සු වගේම තමා කියලා.ඔහු හිතනවා ඇය ඔහුට සමච්චල් කරන්න ඒ විදියට කතා කලා කියලා.ඉතිං යාචකයා තරහින් ඈ හට බනිනවා."කරුනාකර මට පාඩුවෙ ඉන්න දීලා මෙතනින් යනවා" යාචකයා කිවුවා.නමුත් කාන්තාව හෙලවුනේවත් නැහ.ඇය සිටි තැන ඉදන්ම"ඔබට බඩගිනිනි නම් යමු අවන්හලකට ආහාර ගන්න"යාචකයා හිතුවෙ මෙවරත් ඇය ඔහුට සමච්චල් කලා කියලා.ඔහු මෙහෙම කිවුවා."නැහ මම මේ ජනාධිතුමා එක්ක කෑම වේලක් අරන් ඉන්නේ.දැන් මෙතනින් යනව යන්න" යාචකයා තරහින් මෙන්ම සමච්චල් කරන අදහසින් කාන්තාවට එසේ පැවසුවා.එහෙම කිවුවත් ඒ කාන්තාව හෙලවුනේවත් නැහ.ඇගේ මුහුනේ තිබූ කරුනාබර හිනාව තව දුරටත් එසේම තිබුනා.කාන්තාව තවත් මේ මහලු යාචකයා ලගට ලං වෙලා ඔහුගේ අත්වලින් ඔහුව නැගිටවීමට උත්සහා කලා.යාචකයාර හොදටම තරහා ගියා."මොකක්ද ගෑනියේ මට පාඩුවේ ඉන්න නොදී මේ කරන්න යන්නේ"කියල කෑ ගැහුවා.සද්දේ ඇහිලා ලගම හිටිය පොලිස් නිලධාරියෙක් එතනට ආවා."ඇයි මැඩම් මොකක්ද ප්‍රශ්නේ"පොලිස් නිලධාරිය ඇහුවා."නැහැ කිසි ප්‍රශ්නයක් නැහ.මම උත්සහ කලෙ මෙයාව නැගිට්ටවන්න.ඔබට පුලුවන්ද මට උදව් කරන්න." කාන්තාව පොලිස් නිලධාරීයගෙන් ඇහුවා.පොලිස් නිලධාරියා පුදුමයෙන් ඈ දෙස බලා මෙහෙම කිවුවා..."ඔය ඉන්නේ වයසක ජැක්.එයා දැන් අවුරුදු ගානක් තිස්සේ මෙතන ඉන්නවා.ඔබ මොකක්ද මොහුට කරන්න යන්නේ?"කාන්තාව මෙහෙම කිවුවා."මම මේ කියමින් හිටියේ ඔහුට කැෆේ එකකට යමු කියලා.කෑම මොනවා හරි කන්නත් ඔහුගේ සීතල නැති වෙන්න කෝපි කෝප්පයක් බොන්නත්"යාචකයාට තවත් තරහ ගියා.ඔහු මෙහෙම කෑ ගැහුවා."උබට පිස්සුද ගෑනියේ.මම කොහෙවත් යන්නේ නැහ." කියලා ඇගේ අත ගසා දමා පොලිස් නිලධාරියා දෙස බලා "අනේ මහත්තයා මට යන්න දෙන්න" කියලා කිවුවා.."ජැක් මේක ඔයාට හොද කෑම වේලක් ගන්න ලැබුනු අවස්ථාවක්.ඒක මග හරවා ගන්න එපා"පොලිස් නිලධාරියා කිවුවා.පස්සේ ඉතා අමාරුවෙන් මහලු ජැක්ව අවන්හලකට එක්ක යාමට පොලිස් නිලධාරියාට සහ අර කාන්තාවට හැකි වුනා.දහවල් ආහාරය ගන්න වේලාවට ඉතා ආසන්නව තිබුනා.ඔවුන් තිදෙන එකම මේසයල අසුන් ගෙන සිටියා.ටික වේලාවකින් අවන්හල් කලමනාකරු ඔවුන් ලගට ආවා."ඇයි සර්,මේ මනුස්සයාට කරදරයක්ද?" කලමනාකරු පොලිස් නිලධාරියාගෙන ඇහුවා."නැහැ මේ නෝනාට මේ මහලු ජැක්ට කෑම වේලක් අරන් දෙන්න ඕනේ කියනවා."කිලිටි,මහලු යාචකාය දෙස පිලිකුලෙන් බැලූ කලමනාකරු"ඒකට මගේ අවන්හලේ ඉඩ නැහ.මේ වගේ මිනිස්සු මේ වගේ තැන් වලට ආවාම අපේ බිස්නස් වලට හොද නැහ"කලමනාකරු කිවුවා."දැන් ඔබට තේරෙනවාද මම මෙහෙ එන්න බැහ කිවුවේ ඇයි කියලා.මට මෙහෙ ඉන්න ඕනෙ නැහ.දැන්වත් මට යන්න දෙන්න"යාචක ජැක් අර කාන්තාවට පැවසුවා.කාන්තාව කලමනාකරු දෙසට හැරුනා."මහත්මයා ඔබ දන්නවද එඩිසන් ඇන්ඩ් ඇසෝසියේට් කියන මූල්‍ය ආයතනය.පහල වීදියේ තියෙන?"කාන්තාව ඇහුවා ."අනිවාර්යෙන් මම දන්නවා.ඔවුන් හැම සතියෙම මේ අවන්හලේ කාමරයක් වෙන් කරගන්නවා ඔවුන්ගේ රැස්වීම් පවත්වන්නට "කලමනාකරු පැවසුවා."මම හිතනවා ඔවුන්ගේ රැස්වීම් සදහා ඔබේ හෝටලයට සැලකිය යුතු මුදලක් ගෙවනවා කියලා"කාන්තාව ඇහුවා."ඔබට ඒකෙන් ඇති වැඩේ මොකක්ද?කලමනාකරු ඇහුවා."මොකද මම තමා ඒකේ හිමිකරු"කාන්තාව පැවසුවා.කලමනාකරුගේ විරෝධතාවය මැකී ගියා.ජැක් සහ අර කාන්තාව වෙත කෝපි සහ ආහාර මේසය වෙත ලැබුනා.පොලිස් නිලධාරියා පිටව ගියා.කාන්තාව ජැක් ඇමතුවා."ජැක් ඔයාට මාව මතකද?"ජැක් ඇගේ මුහුන දෙස හොදින් බැලුවා.ඔහුට ඇගේ මුහුන කොහෙදි හෝ මුණ ගැසී ඇති බව වැටහුනා."ඔබට මතකද ඔබ මෙහෙ වැඩ කරන කාලයෙර් නිතරම සීතලෙන් ආරක්ශා වීමටත් බඩගින්න නිවා ගන්නටත් මෙහෙ ආව දුප්පත් කෙල්ල?"කාන්තාව කිවුවා.ජැක්ගේ මුහුන වෙනස් වුනා.ඔහු පුදුම වුනා.එදා ඔහු දැක්ක කන්නවත් නැතුව දුක් විදපු කෙල්ල අද ඉතා ධනවත් ව්‍යාපාරික කාන්තාවක් වෙලා ඔහු ඉදිරියෙව් සිටීම ගැන.කාලය කොතරම් ගෙවී ගිහින්ද කියලා ජැක් පුදුමයෙන් කල්පනා කලා."ඒ වෙනකොට මම උපාධිය සම්පූර්ණ කරලා රැකියාවක් අපේක්ශාවෙන් හිටියෙ.ඒත් සෑහෙන කාලයක් යනකන් මට රැකියාවක් හොයා ගන්න බැරි වුනා.ටිකෙන් ටික මගේ ලග තිබුන සල්ලි ටික ඉවර වෙමින් තිබුනා.මම නැවතිලා හිටිය කාමරෙන් යන්න කියලා ගෙහිමියන් මට බල කලා.ඉතින් මම ඉට පස්සේ හිටියේ මේ වීදියේ.දවසක් මගේ ලග තිබුනු ඉතා කුඩා මුදල වැයවැය කරලා කෑම ටිකක් ගන්න ඇවිදගෙන ආවේ මේ අවන් හලට.එතකොට ඔබ මෙහි මුදල් අයකැමිව හිටියා.කාන්තාව කියවගෙන ගියා."හරි දැන් මට මතකයි ඔබව"යාචකයා පිලිතුරු දුන්නා."ඔබ මගෙන් ඉල්ලා සිටියා පිගන් සෝදලා දෙන්නම් කෑමට යමක් දෙන්න කියලා."යාචකයා කිවුවා.(Positive Thinking-ධනාත්මකව සිතමු page එකට ලයික් කරන්න)"අන්න හරි.ඔබෙන් කෑම ඉල්ලගෙන ආව දුප්පත් කෙල්ල මම තමා.ඔබ කිවුවා එහෙම වැඩ කරන්න දෙන්න අවන් හල් හිමිකරුගෙන් අවසර ගත යුතු බවට.බලාපොරොත්තු සුන් වූ මම ආපසු හැරී එන්න හදනකොට ඔබ මට කතා කරලා ලොකු සැන්විච් පාර්ස්ලයක් එක්ක කෝපි කෝප්පයක් දුන්නා.මම ඒව කන අතරතුර මම දැක්කා ඔබ ඔබේ පසුම්බියෙන් මුදල් රැගෙන මට දුන් කෑම වේලට අදාල මුදල ලාච්චුවට එක් කල විදිය"කාන්තාව කියවගෙන ගියා."ඊට ටික කාලයකට පසුව මට රැකියාවක් හම්බ වුනා.එයින් උපයා ගත් මුදලින් මම මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා"කාන්තාව කිවුවා."දැන් ඔබ ඕනේ වෙලාවක මගේ ව්‍යාපාරයට එන්න.ඇවිත් ඔබට කරන්න පුලුවන් කාර්ය්යක් කරන්න.මම ඔබට වැටුප් ගෙවන්නම්"කාන්තාව කිවුවා.යාචකයා,එනම් මහලු ජැක් ගේ ඇස් වලට කදුලු ආවා.ඔවුන් ගේ මේසයට කෝපි ලැබුනා."ආහ් මට අමතක වුනා.මේ කලු කෝපි.ඒ සදහා ඔබට අවශ්‍ය ක්‍රීම් ද සීනි ද?"කාන්තාව මහලු ජැක් ගෙන් විමසුවා."නැහ මට ඒ කිසිවක් අවශ්‍ය නැහ.ඔබ සමග බොන කෝපි එක මට කොහොමය්හ් රසවත්"දෙදෙනාම අවංක හදවති හිනා වුනා.ජීවිතයේ කෙනෙක්ට උදවු කරන්න ලැබෙන අවස්තා මග හරින්න එපා.අපෙ හැමෝම මිනිස්සු.අපිට උදව් අවශ්‍ය වේලාවට එන්නෙත් ඒ මිනිසුන්ම තමා.ඒ නිසා හැකි සෑම විටෙකම මිනිසුන්ට මෙන්ම සතුන්ටත් හදවතින්ම උදවු කරන්න.හදවතින්ම කරන හොද කෙදිනක හෝ දෙගුන තෙගුන වී අපේ ජීවිත වලටද යහපත උදා කරනවා.
එයයි විශ්වයේ නියමය.
Wednesday, November 08, 2023
නොමැති කෙළවර ඉමක් සසර සරනා බවේ
හැඩැති සුවඳැති මලුත් පිපෙයි පරවෙයි ලොවේඋසැ'ති කඳු නාය ගොස් විවර සෙලුවත මැවේනොමැති කෙළවර ඉමක් සසර සරනා බවේපිනැති උපතක් ලදුත් මංමුළා වී තැවේ.දෙතෙර යාකරන් ඉඳු දුන්න ක්ෂිතිජයෙ මැවේඑතෙර යාගත නොහී මෙතෙර මා හද තැවේසුනෙර .සැලෙනා තරම් සසළ හදවත දැවේකතර වාලුකාවකි මිරිඟුව කි මට ලොවේ.සලපතළ මලුවක් අතුළ සුදු වැලි දමාසඳ වතළ කල දිසෙයි දෙව් ලොවට මං යොමාවත කමළ සිහිවත්ම සෙනේ දිය නොව නිමාහද මඬල උතුරාවි මව්පියෙනි බැති පෙමා.රුදුරු රළ රැළි වැදී සැලෙන නෞකා බඳේනපුරු දැති මෝරු දත් විළිස්සා එන සඳේනුදුරු ගොඩ බිම ක් නැත ගිජු ලිහිණි නෙත් ඇදේසොඳුරු ලොව සිහිනයකි රුවල ඉරුණොත් හදේ .රෝ.සි.