ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2023-08-20

අපේ සිංහල .




සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.
1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.
2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.
3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.
4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.
5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.
6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.
7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.
8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.
9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.
10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.
11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.
12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.
13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.
14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.
15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.
16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.
17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.
සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.
උපුටාගැනීමකි




notes of imaginary

2023-08-18

මේක ටිකක් පරණ කතාවක්.


රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ දෙවර්ෂ පාලනසමයේ සිදුවුවක් .

උතුරු මැද පලාතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී උත්තමයෙකු සහ විදුහල්පතිවරයෙකු මේ කතාවේ පාත්‍රවර්ගයා වෙනවා. විදුහල්පතිවරයා විශ්‍රාමව වසර ගනනාවකට පසු මීට තෙවසරකට පෙර දිවංගත වුනා.එවකට තරුන ප‍හේ මන්ත්‍රී උත්තමයා නම් තාම වේදිකාවේ රග දෙනවා.

මීදුමට නෑකම් කියන විදුහල්පති වරයා සෘජු චරිතයක්

ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරුකටයුත්තක් බව දෙමව්පියන් නොදන්නා කරුණක් විය හැකියි. පන්තියකසිටිය යුතු උපරීම ශිෂය සංඛ්‍යාවද ඉක්මවි ගිය පසුත් සිසුන් ඇතුලත් කරගැණිම අසීරු කටයුත්තක් වන අතර සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන්හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම් අගයමින් ඉගැන්වීමේ කටයුතු පවත්වා ගෙන යාම අසීරු බව දෙමව්පියන් අදහන්නේ නැත.

තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් විනය මුල්තැන ලා සලකන දඩබ්බර පන්නයේ අයෙකුවු විදුහල්පතිතුමා යකාටවත් තම අදහස් වෙනස් කරන්නට කැමති .කෙනෙක් නෙමෙයි.රාජකාරි ජීවිතයේ ගත්ත සමහර තීන්දු තීරණ රස කර මෙනෙහි කරමින් විශ්‍රාම ජීවිතය සුවබර ව ගෙවන්නට හැකි වුනේ විශාල සේවයක් සිසු පරපුර වෙනුවෙන් ඉටු කල නිසා කියලා මීදුම හිතනවා.

හිටපු ජනාධිපති වරයෙකු ගේද නිජ බිමවු මේ ප්‍ර දේශයේ , බලවත්වු පක‍්ෂයක මන්ත්‍රී වරයෙකු ඔහුගේ බලපරාක්‍රමය පැවති කාලයක මේ විදුහල්පති තුමා රාජකාරි කලේ ප්‍ර දේශයේ ජනප්‍රිය පාසලක. මෙකල මන්ත්‍රී තුමා ගේ පාර්ශවය බලවත්ව තිබු නිසා මන්ත්‍රීතුමාද සර්ව බලධාරි ව වැජඹුනා.

මේ කියන වකවානුවේ මන්ත්‍රීතුමාගේ ගෝල බාලයෙකුට තම දරුවා මේ විදුහල්පති තුමා පාලනය කල විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය වුනා විදුහල්පති වරයා හමුව අයදුම්පතක් දී. ඉල්ලීමක් කලද පන්තියේ සිසුන් ප්‍රමානය වැඩි නිසා ඉල්ලුම් පත නිෂ්ප්‍රභාවුනා. පසුව මංත්‍රී උත්තමයා මගින්ද දිගින් දිගට ඉල්ලීම් කලත් විදුහල්පති වරයාගේ තීරණය වෙනස් වුනේ නැහැ.

මන්ත්‍රී තුමාටත් මේ වැඩේ හිසරදයක් වුනා. ලජ්ජාවටත්කාරණයක් වුනා. එක් දවසක තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා ගත් මන්ත්‍රීතුමා පැමිණ විදුහල්පතිවරයා සොයා කාර්යාලයට කඩා වැදුනා.

එතැන් සිට සිදුවීම එතුමා දිවංගත වන තෙක්ම අතීත රසමුසු තැන් සිහිපත් කරමින් විදුහල්පතිවරයා රස වින්දේ ඉමහත් සතුටින් .

කෝ මේකේ විදුහල්පති ?. මංත්‍රීතුමා බෙරිහන් දෙනවා.
ආයුබොවන් !
මංත්‍රීතුමා. විදුහල්පතිතුමාගේ තැන්පත් හඩ.
වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩේ ?. මෙයාගේ ළමයා අදම පාසලට ඇතුලත් කර ගන්න ඕනි .

මංත්‍රීතුමා , පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි. ඒ නිසා තවත් පන්තියට බරක් වෙන්න ලමයි බාරගන්න බැහැ.
තමුසේගේ කතා වලින් වැඩක් නැහැ මේ ලමයා ගන්න ඔනී.
මට නම් ඒ වැඩේ කරන්න බැහැ.
විදුහල්පති තුමාගේ සෘජු බාවයට මන්ත්‍රී උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.තම ගෝල බාලයන ඉදිරියේදීම හෑල්ලු වීම ඉවසන්න බැරිවුනා.

තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ තේරුනාද ? තමුසේ කතා කරන්නේ කා එක්කද ?
විදුහල්පති තුමාත් අත ඇරියේ නැහැ.
‘මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.‘
මංත්‍රීතුමා , මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් . 
මගේඅප්පච්චි ගොවියෙක්. 
කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ.

අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ. 
මාත් මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා අප්පච්චීගේ වැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.

ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම් අරුමයක්නැහැ.
ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.

මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලා. විදුහල්පතිවරයාගේ දේශණාවට මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැහැ.
පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියා .වගේ අන්දමන්ද වෙලා.
මංත්‍රී තුමා ගෝලයාත් නංවා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම් යයි සිතා ගෙන පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සා.

මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය විදුහල්පතිවරු තමන් දුන් සාක්‍ෂි කට උත්තර දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක මේ විදුහල්පතිවරයාට තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසාඋතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්‍ෂණික මාරුවක් ලැබ කොට්ටමෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවුනා.

රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවුනා. විදුහල්පතිවරයා මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස පත්ව පසු කාලයේ අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියා.

ජීවතුන් අතර සිටි කාලයේත් අර මන්ත්‍රීවරයා ඔහු හැදුන්වුයේ ගරු සරු නැතිව නමින් පමනයි.

notes of imaginary

2023-08-12

කෑලි කැඩිය හැකියි පුංචි දූපතක්

න්දක් වුණත් නාය යා හැකිය
අන්ධකාර රාත්රියක
හිතුවක්කාර කුණාටුවකට හසුව
ලන්ද පාමුල මලක්
තැලී පොඩිවී ගොසිනි
ආර්ථික කුණාටුවකට
කෑලි කැඩිය හැකියි පුංචි දූපතක්
කොඳු නාරටිය කඩා බිඳ දමමින්
සමතලා කළ හැකිය ආත්මය
මේ එහෙව් කාලයක්
පපු කැවුතු පවා හප කරන
යක්ෂ ප්රේතයින්ට රජවෙන්ට ඉඩ දුන්න
ආර්ථික අයුක්තියේ උණ්ඩයෙන්
වෙඩි තිබ්බෙ වැඩ කරන මිනිසුන්ට
ඇවිලුණේ පොඩි උන්ගෙ බඩගින්න
මහ එවුන් රයිෆලය අත ගගා
දැවටුවා ලේ බිංදු වහගන්න සුදු රෙද්ද
ආර්ථික යුක්තිය
ගඳ ගහන වීදියේ කුණු ගොඩක
ලන්ද පාමුල මලක්
තැලී පොඩිවී ගොසිනි
මහ කඳු ද නාය ගොස් අවසන්ය
- සෝමලතා හේරත් මැණිකේ
(කවි නොවේ )

notes of imaginary

2023-08-09

වැස්ස




අතීතයෙ සිටම කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යාමට පහසු වනසේ කාලරාමුවක් තිබු බවත් ,එකල යල කන්නය පිට දඩ හස ලෙසත් මහ කන්නය අකල හස ලෙස සහ මැද කන්නය මද හස ලෙසත් හදුන්වා ඇති බව තෝනිගල සෙල් ලිපියේ සදහන් වනවා

කෘෂිකාර්මික කටයුතු  පහසුවටත් නියමිත කාලරාමුවකට පවත්වා ගෙන යාම සදහා මෙලෙස වර්ෂය කාර්තු තුනකට බෙදා ගෙන තියෙනවා.මෙසේ බෙදීමේදි සැලකිල්ලට ගෙන ඇත්තේ කාලගුනයයි.

කටයුතු අරම්භ කිරීමටත් - අස්වනු නෙලා ගන්නා කාලයටත් අතර කාලය  කන්නයක් ලෙස නම් වෙනවා.

යල කන්නය

පලමුවන අන්තර් මෝසම>> මාර්තු සිට අප්රේල් දක්වා දිවයිනේ සියළුම ප්‍ර දේශවලට වැසි ලැබේ.

නිරිත දිග මෝසම  >>>>  මැයි සිට සැප්තැම්බර් දක්වා තෙත් කලාපයට වැසි ලැබේ. (සිරිපාදේ අවාරය)

පෙර මහ >>>>>>>>>>>> යල කන්නයටත් මහ කන්නයටත් අතර කන්නය. මෙම කන්නයේ මාස තුනක වයසකින්  අස්වැන්න ගත හැකි බීජ වගා කරන ලදී

මහ කන්නය

දෙවෙනි අන්තර මෝසම >>> ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා දිවයින පුරා වැසි ඇතිවේ. ( සංවහන වැහි)

ඊසාන දිග මෝසම     >>>>>  දෙසැම්බර්  සිට පෙබරවාරි දක්වා වියලි කලාපයට වැහි ඇතිවේ.

ගොවීන් අනුගමනය කරන වගා සැලසුම ගැන අවබෝධයක් ලබා ගැනීමට උපකාරී .වෙනවා.

මේ වසර ප්‍රමානවත් වැසි නොලැබීම නිසා ගොවීන් අගෝස්තු මාසය ආරම්භ වන විටම ජල අර්බූදයකට මුහුන පාන්නට සිදුවී ඇති බව නිරීක්‍ෂණයයි.

අප්රේල් 15 – 20 විට ගොයම් කපා අස්වැන්න නෙලා ගත්තා යයි උපකල්පනය කරමු.

මැයි මස අවසන් වන විට බීජ වපුරා හෝ සිටවා අවසන් කල යයිද සිතමු.

ජුනි ජුලි අවසන් වන විට ගොයමට දින 60 – 75 ක් අතර කාලයකි. අද අගෝස්තු08 අට වෙනිදාය. උඩ වලව ගොවීන් ජලය ඉල්ලන්නේ තවත් සති දෙකකටය. අප්රේල් 10 ට අස්වනු නෙලා ගත්තා නම් මේවගා සැලැස්මේ සති යක් - දින 10 ක වෙනසක් ඇතිකර ගන්න පුළුවන් ඒත් සිංහල අළුත් අවුරුද්දත් සමග සති තුන හතරකින් තමයි ගොවි බිම් ගැන සොයා බලන්නේ.

සමනල වැව පෝෂිත වන ප්‍ර දේශයට වැසි ලැබෙන්නේ පලමුවන අන්තර් මෝසම වන මාර්තු සිට අප්රේල් දක්වා කාලයේත් දෙවෙනි අන්තර මෝසම  වන  ඔක්තෝම්බර් සිට පෙබරවාරි දක්වා කාලයෙත්   වන අතර මැයි සහ ජුනි මාසවල සුළු ප්‍රමානයක වැසිත් ලැබෙනවා . මෙම වැහි ගංගාවලට ජලය එකතු වීමට තරම් ප්‍රමානවත් නැහැ

සමනල වැව ප්‍රධාන ඉලක්කය.වුනේ විදුලි බලය උත්පාදනය කිරීමයි. සමනල වැව ආරම්භ කරන අවදියේ ඇති කරගත් සක්‍යතා වාර්තාවල මේ බව සදහන් වෙනවා.මෝසම් දෙකකින් සමනල වැවට ජලය ලැබෙනවා.පලමුවන අන්තර් මෝසමත් දෙවන අන්තර් මෝසමත් විශේෂයි.

2012 වර්ෂයේත් මේ ප්‍රෙද්ශයට නියගය බල පෑවා මෝසම් වැසි ලැබුනත් හරියට සක්‍රීය වුනේ නැහැ. අඩු ජල පලදාවක් ලැබුන නිසා සමනල වැව සිදී ගියා. මේ වසරේදී ලැබුනේ එවන් අත්දැකීමක්.

අපට ස්වභාව ධර්මයට පිටුපාන්න බැහැ. එහෙත් වර්තමානයේ අභියෝග කරන්න පුළුවන්.කාලගුණ දෙපාර්තමේන්තුවට මේ තත්වය කලින් අවබෝධ කර ගන්න හැකියාව තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට , ගොවි ජන දෙපාර්තමේන්තුවට සැලසුම් හදා ගෙන පහල මට්ටමකට ගේන්න පුළුවන් .ඒ ආයතන අකාර්යක‍්ෂමයි. ගොවීන්ට ව්‍යාප්ත සැලැස්මක් නැහැ. ඔවුන් අයාලයේ යනවා.

බලයට කෑදරවු දේශපාලන- ඥයින්  වතුර බොරවු පසු මාළු බානවා. දැන් ජලයට කරන තර්ජන වර්ජන අතුහැරලා විදුලිය නෑ කියලා පොළු මුගුරු ඔසවා ගනීවි.

අපේ රටේ හැටි.......................................................


notes of imaginary

2023-08-08

ඒකා නං යකා ලියු කවි.







සකා - ලක බලලා..!"
""""""""""""""""""""""""""""""""""
"ගෙදර ඇවිත් යන්න එන්න.."
බිරිඳ මැසේජ් කරල මෙන්න
කෝල් එකක් අරන් දැන්ම..
බලන්නෝනි.. මොකද අවුල..?
විස්තරයක් නැති හින්දා
පස් සැරයක් රිං කෙරුවා..
"ඔබ අමතන ග්රාහකයා
ගෙන් ප්රතිචාරය නැතුවා"..!
"ලේට් වෙලා" බැරි හන්දා
"ෂෝට් ලීව්"වක් දැම්මා..
"ලෝන් පාර"වැඩ කෙරුවා
කෝච්චියෙන් මං යනවා..!
ස්ටේෂන් පැත්තෙ අන්න
පුදුම දෙයක් වෙයි නොදන්න
දිස්නෙ දෙනව ඇස් රිදෙන්න
විස්තර කර බැහැ කියන්න...!
ශෛලාසන මස්ථකයේ
වැඩ ඉඳගන සක් දෙයියෝ
පටන් ගත්තු දේශනාව
අහන්න හිතෙනව ආයේ...
"රකින්න මේ පුන්ය භූමි
බැලුම් හෙලා ගෙන සිටියා..
මගෙන් පවා වැඳුම් ගත්ත
උතුම් රටක් කෙළසනවා"..!
රජුන් පුහු මානයෙන් පිම්බී
පෙලද්දී ජනතාව මෙලෙසින්..
තොපිත් උන්ටම බලේ දෙනවා
වගක් නැති මීහරක් විලෙසින්..!
රටම උගසට සින්න කරවා
කෙළින්නේ පිස්සුයැයි පෙනුනා..
යකුන්නෙන් මුලු රටම ගලවා
හරින්නෙමි තුන් බියම පලවා..!
සුදම් දේසෙට උවම් කළහැකි
බුදුන් තෙවරක් වැඩිය පින්බිම..
අදින් පසු යලි මගේ අණසක
නොදෙන්නෙමි.. වනසන්න දිවයින..!"
සිව් වරම් දෙවිවරුන් අතරේ..
සක් දෙවිඳු හඬ නගයි මෙලෙසේ..!
"ලෝකෙටම තොපි නය වෙලා
එදා වේලට කඹුරලා..
වහල් මනසින් මිදෙන්නට නම්
අනුන්ගේ දේ තොපට තහනම්..!
මෙතැන් සිට මේ රටේ අග් මුල්
පිරිස්සනවා දිවැස් බලයෙන්..
අනුන්ගෙන් ගත් සියලු දෑ ගෙන
දමන්නෙමි මහමෙර දෙබෑකර..!"
● සක් දෙවිඳුගේ දෙසුම අවසන
චෙක් කරන්නට සැදුනි පෝලිම..
අනුන්ගේ කිසි දෙයක් මාලඟ
නැති බැවින් මට නම් බයෙක් නැත..!
කොල්ල කෙඳිරි ගාන නිසා
"ඔෆිස් එකෙන්" එන්න කලින්
පිල්ලි ගැසූ "හාෆ් ෂීට්"..
දෙයියන්නෙත් දෑස් වසා
කුණු කානුවෙ "දොයිය බබා.."!
ගෙදර යන්න හදිස්සියට
මං පෝලිමෙ ඉස්සරහම..!
බෑග් එකත් හිස් හින්දා
ඒක මේසෙ උඩ තිබ්බා
පළවෙනි සිකුරිටි දෙයියා
මුලින්ම මාදෙස බැලුවා..!
කේශ අන්තයේ ඉඳලා
පාද අන්තෙ තෙක් බලලා
නලල ටිකක් රැලි කරලා
ඔලුවට පාරක් නෙලුවා ..!
තගේ වයස හැටට වැඩියි
"කෙසේ" තාම පාට කලුයි
හිසේ ගාල නොවෙද "හෙනා"..?
දෙයියන්ටත් ගියා හිනා..!
"හෙනා" තොපේ දෙයක් නෙමේ..?
ඉංදියාවෙ දෙයක් විනා..
ඉවත් කරනු පිනිස "හෙනා"
හිසත් මගේ බූ ගෑවා..!
කණ්නාඩිය ඇදල අරන්
චෙක් කෙරුවා දිවැස් හෙලන්
මේක ඇවිත් "සුවිස් රටෙන්"..!
තොපට අයිති නෑ එබැවින්..
කටත් විවර කර බැලුවා
"දත් සැට්" ගලවනු".. කීවා..
අප්සෙට් කට මක් කොරන්ද..?
චීනගෙ බූදලේ ඒක..!
කතරගම ගිය වෙලේ
අපල දුරුවන ලෙසින්..
කපුව බෙල්ලේ එතූ
කහ පාට නූල් පොට..
"හුටස් ගාලා"කඩා දැම්මේ
ඉංදියාවේ එකක් හින්දලු..!
ඇතුලෙ තාම බැලුවෙම නෑ
පිටින් බලාගන යනවා..
කකුලට ත්රිශුලෙන් ඇනලා
සෙරෙප්පු ගලවා බැලුවා..!
"ඉටැලි මොඩල්" ලියා තිබේ..
"ෂැංහයි" කියලයි කීවේ..!
පිටින් බලල නම් ඉවරයි
ඇතුලට දැන් එබෙන හැඩයි..
බොත්තම් ගලවන්න කලින්
ෂර්ට් එකත් ඇදල අරන්..
කොලරේ හරවා බැලුවා
ඒකත් චිනගේ ගොඩෙයි..!
බැනියම දැන් හොලෝනවා
"වෙලෝන"යැයි මං කිව්වා..
ගලෝනවා.. බලන්න..යැයි
දෙයියා මට සැර වූවා..
මෙලෝ දෙයක් පේන්න නෑ
දූවිලි කුණු වලින් වෑහී..
බැලූ නිසා දිවැස් හෙලා
පියෑඹුවා මගෙන් මිදී..?
කලිසම ගලවන්න කලින්
පෙනුනා "ලෝගෝ" පිටතින්
පැන්ඩා දැක්කා එතුලින්
ගැලවුනි කලිසම ඔලුවෙන්..!
"ලීස්"කෙරූ ෆෝන් එකත්
පැන්නා කලිසම් කකුලෙන්..!
විජ්ජාවක් වගේ වුනත්
ලැජ්ජාවක් දැනුනි හිතට
පැන්නා පැන්ඩා එලියට..
(පැන්ඩා කීවෙ "ලෝගෝ)
දැන් තියෙන්නෙ උපන් ඇඳුම..!
පැන්ඩ වුන්නෙ මගෙ කරුමෙට..!
හැං ගෙන්නට තැනක් කොහෙද..
හංගන්නට දෙයක් තියෙද..?
මං ඉන්නේ බිම් බලාන..
තෙමිච්ච කුකුළෙක් ගානට..!
● ඇඳිවත අයිතියත් අද චීනා සතුය
නිරුවත රැකගැනීමත් දැන්නම් සැකය
මුනිවත රකිමි මට කට උත්තර නැතිය
පරිනත වන්ට පෙර මැරුනානම් හොඳය..!
කටමැත දෙඩූ පාලකයන් මට සිහිව
පටපට ගගා පුපුරනවා දැන් පපුව
එතකොට වැදී ඇඳ ගැට්ටේ මගෙ ඔලුව..
මට ඇහැරුනා.. අතගා බැලුවා "හෙලුව"..!
* එකා යකා අමු හෙලුවෙන්..😫

notes of imaginary

2023-08-04

ගතවු සතිය.


අපේ රටේ විපක්‍ෂය හැම දේටම විපක්‍ෂයි.කටුක විවේචන ඉදිරිපත් කරනවා. පොලොවේ පැලකරගන්න බැරි දේවල් ගැන කතා කරනවා. යහපත් දේ යහපත් ලෙසත් අයහපත් දේ අයපත් දේ අයපහත් ලෙස දකින්නත් යහපත් ලෙස කටයතු කරන්න මග පෙන්වන්නත් කැමති නැහැ.

ආණ්ඩු පක්‍ෂයත් ඊට දෙවෙනි නැහැ. ඔවුන් සියල්ල දත් පණ්ඩිතයන් ලෙසයි කටයුතු කරන්නේ විකල්ප මත පිලිකෙව් කරනවා.ඇහුම්කන් දෙන්නේ නැහැ. මර්ධණයෙන් තර්ජනයෙන් පාලනය කර ගන්න උත්සහා කරනව මිසක් නිවරදි වෙන්න කැමති නැහැ.

කුංකුණාවේ හාමුදුරුවෝ මෙහෙම කියනවා.
 
 “ අනේ කූඹියනේ තොපටත් රජෙක් ඉන්නේ 
අපට නැ ඉන්නේ - 
ඒ නිසයි අප තැවෙන්නේ 
රජෙක් ලැබුනොත් පෙරහැර කරඤ්ඤම් 
සාධුකාරයෙන් ගිගුම් දෙන්නම් “ කියලා. ඒක අපිට නම් හීනයක්.



මමත් බෞද්ධයෙක්. වන්දනාව දෙවනුවත් ධර්මාවබෝදය කරගනු පිණිස උත්සහා දරන බෞද්ධයෙක්. කෙටියෙන්ම බුදුන් සහ දහම් සරණ යන තෙරුවනක් නැති බෞද්ධයෙක්.

මෙලෙස මුලින්ම සටහන් කරන්න අදහස් කලේ බෞද්ධාගම විවේචණය වන අදහසක් පල කිරීම පාපකර්මයක්  නිසා.

විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා විහාරස්ථාණයට සපයන ලද විදුලිය වෙනුවෙන් ඉදිරිපත්  වු ලක්‍ෂ හතලිස් එක්  හාරසියයක  මුදලක විදුලි  බිල් පතට මුදල් නොගෙවීම නිසා විදුලිය විසංධි කරලා. ඊයේ මිහින්තලාව  අදුරේ. පන්දම් එළියෙන් මිහින්තලාව නගින විදේශික කණ්ඩායමක් ප්‍රවෘත්ති අතර දැක්කා  . විගණනය නොවන විහාරස්ථානයේ ආදායම කොතෙක් ද කියා අපි දන්නේ නැහැ. මෙම විදුලි බිල ඉන් සොච්චමක් වෙන්නත් ඇති.

එක් එක් ප්‍රචාරාත්මක දේශපාලන - ඥයින්ට මේ ප්‍රවෘත්තිය රස මසවුලක්. ඔවුන්ගේ විග්‍රහ තුල ජාතිහිතෛෂී භාවයත් බෞද්ධාගමට හිතැති බවත් සමග ඔවුන්ගේ අභිලාෂය දොරේ ගලනවා.

හොරුන් කල දේ නැවත නැවතත් කල යුතු නැහැ. හොරකම් කරන්න ඉඩ දිය යුතුත් නැහැ.නාස්තිය දුෂණය පිටුදැකිය යුතුයි. එමෙන්ම පාලනය විය යුතුයි. රනිල්ගේ පාලනය තුල මේ කටයුත්ත පාලනයට පත්ව ඇත්දැයි තාමත් පැහැදිලි නැහැ.ඔහුගේ කාර්ය මණ්ඩල මුහුණු දැක්කම මේ ගැන අවබෝධයකට පැමිණිය හැකියි. සමහර  සිද්ධීන් පාලනය කරන අයුරු සාධරන අපක්‍ෂපාති ස්වරුපයක් නැහැ.

ඩවළවේ ගොවීන්ට කෘෂිකාර්මික කටයුතු වලට ජලය නැහැ. ගොවිතැන් පාළුවෙනවා. ගොවීන්ගේ ආර්ථිකය අවදානමේ. ඔවුන් සත්‍යග්‍රහ කරනවා. ගොවි සමිති නායකයින් නිරීක‍්ෂණ චාරිකා වල යෙදෙන ගමන් ගොවීන්ගේ දුෂ්කරතාවය විකුණනවා. ආණ්ඩුව එක එක බහු බූත අතහරිනවා. විපක්‍ෂ නායකයින් දෙවියන්ට කියලා ආණ්ඩුවට ශාප කරනවා.

 සමනල වැව ජලාශයෙන් උඩවළව ජලාශයට ජලය නිකුත් කලොත්  මේ  ගැටළුව විසදන්න පුළුවන් ගොවීන් කියනවා.  විදුලි බලධාරීන් කියන්නේ එසේ ජලය නිකුත් කලොත් දින නවයකින් -  දකුණට පැය දෙකක් විදුලිය කපන්න සිදුවෙන බවයි.

සමනල වැව ජලාශයට ජලය සපයන ජල පෝශක ප්‍රෙද්ශයට  පසුගිය ජනවාරි සිට ප්‍රමානවත් වැසි ලැබුනේ නැහැ. අප්රේල් වැස්සත් වෙනදාට වඩා අඩක්වත් තිබුනේ  නැහැ. 2012 අවුරුද්දේ මේ වගේ කාලගුණයක් මේ ප්‍රෙද්ශයට තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ තමයි මෙවගේ තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. සෑම වර්ෂයකම  මැයි සිට සැප්තැම්බර් දක්වා වියළි කාලගුණයක් මේ ප්‍ර දේශයට පවතිනවා. වැසි බලාපොරොත් වන්න බැහැ. ඒ  පසුගිය මාස කිහිපයේ තත්වය. සැප්තැම්බර - දෙසැම්බර් කාලයෙත් මාර්තු -මැයි අතර කාලයෙත් නිසි පරිදි වැස්සොත් සමනල වැව උතුරනවා. සමනල වැව නිර්මාණය කරලා තියෙන්නේ මෝසම් දෙකෙන්ම ජලය වැවට ලැබෙන භුමි ප්‍රෙද්ශයක. 

මේ පල කලේ  සමනල වැව ලග ඉන්න මීදුමට තියෙන අත්දැකීම්.

අපේ රටේ ගොවි ජන, කෘෂිකර්ම දෙපාර්තමේන්තු තියෙනවා. කාලගුණ දෙපාර්තමේන්තුවක් තියෙනවා.කෘෂිකර්ම නිෂ්පාදන පරීක්‍ෂණ කියලා නිළදාරි පිරිසක් ඉන්නවා. ගොවිජන කොමසාරිස්ලා ඉන්නවා.ගොවිජන ප්‍රාෙද්ශීය නිලධාරීන් කියලා කොටසක් ඉන්නවා. මේ හැම එකකටම රාජ්‍ය ඇමතිලා ඇමතිලා ඉන්නවා

ඒත් ගොවිතැන් ආරම්භ කළ යුතු කාලයක් - අස්වනු නෙලා ගත යුතු කාලයත් පිළිබදව පුරෝකථනය කර සැලසුම් කරන්න මොළයක් ( යාන්ත්‍රණයක් ) නැහැ.මු ළ සිට යන්යෙ නැතිව අග ඉදන් මුලට එන්න හදනවා.

වේදිකාවේ බේගල් අතහරින නරි රැළක් විතරක් ශිල්ප දක්වනවා.

 

notes of imaginary

2023-08-03

වස් ආරාධනාව සමඟ බැඳි සිරිත් විරිත්




අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනෙක ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනය වන “ධම්මචක්‌ක පවත්තන” සූත්‍රය පස්‌වග තවුසන්ට දේශනාකර ඔවුන්ට ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාදෙන ලදී. පසුදින එනම් “අවපෑලවියදා” බුදුරජාණන් වහන්සේ එම පස්‌වග භික්‍ෂූන් සමගින් පෙර බුදුසිරිත අනුගමනය කරමින් එම ඉසිපතන මිගදායේම වස්‌විසීම ආරම්භ කරන ලදී. මෙය උන්වහන්සේගේ ප්‍රථම “වස්‌සුපගමනය” හෙවත් බස්‌ සමාදන්වීමයි. එතැන් සිට පන්සාලිස්‌ වර්ෂය තිස්‌සේම ඇසළ පුර පසළොස්‌වක පොහොය දින හෝ අවපෑලවිස? වස්‌ සමාදන් වූහ. එපමණක්‌ නොව එය අනෙකුත් භික්‍ෂුන් වහන්සේලාටද අනුගමනය කරන ලෙස දැන වදාළහ. ප්‍රථම වස්‌විසීම බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගේ ආරාධනාවකින් තොරවම සිදුකළ අතර පසුව සමහර උදවියගේ ආරාධනා මත සිදුකර ඇති බවද පෙනේ. මෙම ක්‍රමය වර්තමාන කාලය දක්‌වාම පැවතගෙන එන ආගමික චාරිත්‍රයක්‌ බවට පත්ව ඇත.
ඇසළ මාසයෙන් ආරම්භ වන අධික වර්ෂා කාලය තුළ ගම්නියම් ගම්වල සංචාරය කිරීම නතර කර ඒ. ඒ. ආරාම තුළ හෝ විහාරස්‌ථානවල රැඳී සිටින ලෙසත්, එම තෙමස තුළ චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව් පසයෙන් නොඅඩුව ඇප උපස්‌ථාන කරන බවට උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වෙත ගෞරවයෙන් ආරාධනා කිරීම වස්‌ ආරාධනාවයි.
සෑම වර්ෂයකම ඇසළ පර පසළොස්‌වක පොහොය දින සිට ඉල්මස පුර පසළොස්‌වක පොහොය දින දක්‌වා උපසම්පදා භික්‍ෂුන් වහන්සේ වස්‌ සමාදන්වනු ලබන වස්‌සාන සමයයි. මෙහිදී පෙරවස්‌ විසීම හා පසුවස්‌විසීම යනුවෙන් ක්‍රම දෙකක්‌ද වේ. ඇසළ පුර පසළොස්‌වක පොහොය දින වස්‌ සමාදන්වීම “පෙරවස්‌” සමාදන්වීමයි. යම්කිසි පාලනය කළ නොහැකි හේතුවක්‌ මත එදින “පෙරවස්‌” විසීමට නොහැකි වූ උපසම්පදා භික්‍ෂුන් වහන්සේ “නිකිණි” පොහොය දින වස්‌ සමාදන්වීම පසුවස්‌ සමාදන්වීමයි. මෙය බුද්ධ නියමයකි. ඒ අනුව “පෙරවස්‌” සමාදන් වූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක්‌ ගතකර වප් පුර පසළොස්‌වක පොහොයදින මහා පවාරනයෙන් වස්‌ හමාර කරනු ලැබේ. පසුවස්‌ විසූ භික්‍ෂුන් වහන්සේ අඛණ්‌ඩව තෙමසක්‌ වස්‌ මාසිකව සිට “ඉල්” පොහොය දින වස්‌ පවාරණය සිදුකරයි. මේ අනුව පොදුවේ ගත්කල “වස්‌සමය” සාර මාසයක්‌ ලෙස ගැනේ.
මෙම කාල පරාසය තුළදී බුද්ධ නියමය පරිදි උපසම්පදාලත් භික්‍ෂුන් වහන්සේ කවුරුන් විසින් හෝ ආරාධනා කළත් නොකළත් වස්‌ ගිවිසිය යුතුය. එසේ නොකළහොත් එය වරදක්‌ වන්නේය. එකල බුදුරජාණන් වහන්සේට අනේපිඩු මහ සිටුතුමා විශාඛා මහ උපාසිකාව මෙන්ම රජදරුවන්ද වේරඤ්ඤා බ්‍රාහ්මණයා වැනි අයලුන් විසින්ද වස්‌ ආරාධනා කර ඇතිව පැහැදිලිය. එහෙත් ප්‍රථම වස්‌ විසීමත් හත්වෙනි වස “තව්තිසා දෙව්ලොව” වස්‌ විසීමත් බුදුරජාණන් වහන්සේ ස්‌ව කැමැත්තෙන්ම කරන ලද බව පෙනේ.
භික්‍ෂූන් වහන්සේ වෙත වස්‌ ආරාධනා කිරීමේදී අනුගමනය කළයුතු චාරිත්‍ර ක්‍රමයක්‌ද ඇත. බුලත්කොළ (දැහැත්) කිහිපයක්‌ ගෙන එය ගොටුවක ආකාරයෙන් සකස්‌කර සුදු ලේන්සුවකින් වසා ඒ ඒ භික්‍ෂුන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබේ. මෙසේ පිළිගැන්වීමේදී එම පිරිසේ අයෙකු විසින් එසේ පිළිගැන්වූයේ කවර කරුණක්‌ නිසාද යන කාරණය හඬනගා ප්‍රකාශ කළ යුතුයි. පින්වත් ස්‌වාමීන් වහන්ස මෙතැන් සිට ඉදිරිතුන් මාසය මුළුල්ලේ මේ විහාරස්‌ථානයේ රැඳී සිටින ලෙස ආරාධනා කරමි. එම කාලය තුළ දායකයන් වන අපි ඔබ වහන්සේලාට අඩුවක්‌ නොකර සිව්පසයෙන් උපස්‌ථාන කරමි. එම කාලය තුළ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේක්‌වා. මීට සමාන ආකාරයෙන් එම ඉල්ලීම කළයුතුය. “දැහැත්ගොටු පූහ්ව” යනු මෙයයි.
මේ සමගම සිවුරක්‌ පූජා කිරීමද කරනු ලැබේ. ඒ සඳහා තුන් සිවුරෙන් කවර සිවුරක්‌ වූවද යොදාගත හැකිය. එහි කිසිදු වරදක්‌ නැත. දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කවර සිවුරක්‌ ගෙන වස්‌වසන සියලුම භික්‍ෂුන් වහන්සේ වෙත මෙසේ පූජා කිරීම වැසිසළු පූජාව” නමින් හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ විශාඛා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමක්‌ මත අනුදැන වදාල ක්‍රමයකි. එක්‌ වැසි සමයක භික්‍ෂුන් වහන්සේ පිරිසක්‌ ධාරානිපාත වර්ෂාව මැද තෙතබරිත වූ සිවුරුවලින් යුක්‌තව විහාරයට වඩිනු දුටු විශාඛාවට ඇතිවූයේ මහත් වේදනාවකි. ඒ අනුව බුදුන් වහන්සේ වෙත ගොස්‌ නමස්‌කර කර ඉමියා මහං භන්තේ, සංසස්‌ස යාවජීවං වස්‌සික සාටිකං දාතං” යනුවෙන් ජීවිතාන්තය දක්‌වා භික්‍ෂුන් වහන්සේවෙත වැසිසළු පූජා කිරීමට මම කැමැත්තෙමියි ප්‍රකාශ කළාය. අද දක්‌වාම මෙම ක්‍රමය අනුගමනය කරනු ලැබේ.
දැනට වසර තිහ හතළිහකට පමණ පෙර මෙම දැහැත්ගොටු හා වැසිසළු පූජාකිරීම ඉතාමත් වැදගත් පුණ්‍යෝත්සවයක්‌ ලෙස ඒ ඒ විහාරස්‌ථාන වෙත එම ගම්වල, නගරවල සැදැහැවත් දායක දායිකාවන් සිය ගණනින් ඒකරාශීවී ඉතා උසස්‌ අයුරින් සිදුකළහ. එහෙත් අද මේ කටයුත්ත සඳහා සහභාගි වන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසකි. එය ඉතා කනගාටුදායක සිද්ධියකි.
ලංකාව ඇතුළු පිරිසිදු ථෙරවාදී බුදුදහම පවතින රටවල භික්‍ෂුන් වහන්සේට වස්‌ ආරාධනා කිරීමේදී දැහැත් ගොටුවක්‌ පූජාකරන අතර සමහර රටවල මල් පොකුරක්‌ හෝ මල් වට්‌ටියක්‌ පූජාකර වස්‌ ආරාධනා කරන බව අසා ඇත. ඉන්දියාවේද සමහර වැදගත් ආගමික කටයුතුවලදී මල්වලට ලැබෙන ගෞරවය ලංකාවේදී ලැබෙනුයේ බුලත්වලටය. මේ නිසා අපේ රටේ වැදගත් ආගමික හෝ සංස්‌කෘතික කටයුතු වලදී බුලත් පිරිනමා ආරාධනා කරති. එමනිසා භික්‍ෂුන් වහන්සේට වස්‌ ආරාධනා කිරීමේදී බුලත් හෙවත් දැහැත් භාවිත කරන අතර, පෙරකී පරිදි මල් වට්‌ටිය හෝ මල් පොකුර සංකේතවත් කරමින් එම දැහැත් ගොටුවට මල් කිහිපයක්‌ දැමීමේ සම්ප්‍රදායක්‌ පවතී.
චෛත්‍යයක්‌ ඉදිකිරීමේදී මුල්ගල් තැබීමේ අවස්‌ථාව හා සමාන වැදගත්කමක්‌ භික්‍ෂුන් වහන්සේට වස්‌විසීම සඳහා වස්‌ ආරාධනා කිරීමේ අවස්‌ථාවට හිමිවේ. මෙය මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් පිංකමකි. තෙමස ඉක්‌මවීමෙන් පසු “කඨින චීවර” පූජාකිරීමේ පිංකම චෛත්‍යයක්‌ ඉදිකළ පසු කොත පැළඳවීම හා සමාන උතුම් පුණ්‍ය ක්‍රියාවකි.
අප ගෞතම බුදුරජාණන් වහන්සේට දොළොස්‌වෙනි මස ගතකිරීම සඳහා ආරාධනා කරනු ලැබුවේ වේරඤ්ඤා බ්‍රාහ්මණයා විසිනි. ඒ අනුව භික්‍ෂුන් වහන්සේ 500 ක පිරිසක්‌ සමඟ වේරඤ්ඤා ගමට වැඩම කළහ. එහෙත් ආරාධනා කළ බ්‍රාහ්මණයාට මෙය අමතක වී එම තුන්මාසය තිස්‌සේ ඉතා දුෂ්කර පැවැත්මක්‌ ඇතිව ගතකිරීමට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයන් වර්තමානයේද දක්‌නට ලැබේ. සමහර දායක පිරිස්‌ මෙම වස්‌ තෙමස තුළ තමාට හිමි සලාක දානය පිරිනැමීමට අමතක කරන අවස්‌ථා අප අත්දැක තිබේ. ඒ නිසා වේරඤ්ඤා බ්‍රාහ්මණයා අනුගමනය නොකර නිතර විහාරස්‌ථානය ගැන හා වස්‌ සමාදන්වී ඇති භික්‍ෂුන් වහන්සේ කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කිරීමට අදිටන් කරගත යුතුය. මෙම කාලය “පුණ්‍ය කාලය” ලෙස සලකා කටයුතු කරමු.
වස්‌ ආරාධනාව හා ඒ සමඟ බැඳි සිරිත් විරිත්:
වස් ආරාධනය
භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනා කරනු ලබන්නේ දායකයන් විසිනි. ඒ අනුව විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේට මෙන්ම වෙනත් විහාරස්ථානවල භික්‍ෂූන් වහන්සේටත් ආරාධනා කිරීමට හැකිය. විහාරස්ථානයට පැමිණෙන දායක මහත්වරු බුදුන් වැඳ භික්‍ෂූන් වහන්සේට දැහැත් පිළිගන්වා වස් විසීමට ආරාධනා කරති. මෙම දැහැත් පිළිගැන්වීම සාමාන්‍ය දැහැත් වට්ටියක බුලත් තබා ආරාධනා කරන පිළිවෙළට වඩා වෙනස් ය.
මේ සඳහා බුලත් කොළ දහයක් පමණ ගෙන රවුමට තබා එකිනෙක සම්බන්ධවන ආකාරයට ඉරටු ගසා දැහැත් ගොටුව සකස් කරනු ලැබේ. එය අලංකාර නිර්මාණයකි. එහි මැදට පුවක්, හුණු සහ එනසාල් වැනි සුවඳ ද්‍රව්‍ය දමනු ලැබේ.
එක භික්‍ෂූන් වහන්සේ නමකට නම්, එක ගොටුවක් ප්‍රමාණවත් ය. එහෙත් භික්‍ෂූන් වහන්සේ හතර නමකට ආරාධනා කරනු ලබන්නේ නම්, එවැනි දැහැත් ගොටු හතරක් අවශ්‍ය ය. එයින් පසුව භික්‍ෂූන් වහන්සේට දැහැත් ගොටුව පිළිගන්වා දායක තැන විසින් පහත සඳහන් ආකාරයට ආරාධනා කළ යුතු ය. මේ තුන් මාසයේ අප විහාරයේ අප කෙරෙහි අනුග්‍රහය පිණිස වස් වාසය කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි යනුවෙනි.
එයින් පසුව භික්‍ෂූන් වහන්සේ පහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් ආරාධනාව පිළිගනිති.
ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි,
ඉධ වස්සං උපෙමි යනුවෙනි. (උපෙමි, එළඹෙති)
වස් දානය
වස් තෙමස තුළ භික්‍ෂූන් වහන්සේට දානය පිළිගැන්වීමට දායකයෝ බාර ගනිති. ඒ අනුව හීල් දානය, දවල් දානය, සවස ගිලන් පස දානය සපයමින් ඔවුහු උන්වහන්සේට සංග්‍රහ කරති. මෙම වස් කාලය තුළ සවස් කාලයේ දී දායකයෝ විහාරස්ථානයට පැමිණ මල්පහන් පූජා කරති. ධර්ම සාකච්ඡා කරති. භික්‍ෂූන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කරති. සතර පොහොය දිනවල විශේෂ ධර්ම දේශනා පවත්වති.
කඨිනය
කඨින යන්නෙහි තේරුම තද, කර්කෂ යනුයි. මෙම වචනය නොසැලෙන, නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකටද ව්‍යවහාර කැරේ. තවද දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන සිවුරු වලින් එක් සිවුරක් අරමුණු කරන නිසා සිවුරට කඨින යන නම ලැබෙයි. පිනද කඨින නම් වෙයි. කඨිනය නොසැලෙන, නොබිඳෙන, ස්ථිර, ප්‍රසංශා කටයුතු ඒක ඝන ආනිසංස ඇති පිනකි. එබැවින් බුදුරජාණන් වහන්සේ,
“පඨවි රිව නජාතු කම්පනේ නචලති. මේරු රිවානි වායුනාං වජිර මිව නභිිජ්ජතෙ ඝනං තම්ද මතො කඨිනන්ති චුච්චති”. යනුවෙන් කඨිනානිශංස වදාළහ.
මහ පොළොව මෙන් කම්පා නොවන මහාමේරුව වායුවෙන් සෙලවීමට නොහැකි සේ වජිර (දියමන්ති) පව්ව බිඳ දැමීමට නොහැකි සේ තද වූ බැවින් කඨිනය යැයි කියනු ලැබේ යනු, මෙහි සාමාන්‍ය තේරුමයි.
කඨිනය සිවුරක් නිමිති කරගෙන ඇති ප්‍රඥප්තියකි. සිවුරක්, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ රස ඔජා යන දෙයින් යුක්ත ය. මේ වස්තුවෙන් කළ නොහැකි ආකාරයට බැඳි ඇති හෙයින් එය කඨින නම් වෙයි.
කඨින වස්ත්‍රය
මෙය ‘කඨින දුස්සං’ නමින් හැඳින්වෙයි. ඇතැම්හු දුස්සං යන්න චීවර යනුවෙන් ද හඳුන්වති. පෙර දවස චීවරයක් සකස් කර ගැනීමට සොහොනක, කසල ගොඩක් හෝ ඇති අන් අයිතියක් නැති වස්ත්‍රයක් ලබාගෙන ඇත. එය පිරිසුදු කර පඬු පොවා සිවුරක් කොට ගත්හ. පසු කාලය වන විට සුදු වස්ත්‍රයක් මිලදී ගැනීම සිදුවිය. වර්තමානයේ මේ සඳහා කහ පැහැති වස්ත්‍ර තෝරා ගැනෙයි. අතීතයේ කපු නෙළා, නූල් සකසා එදිනම වස්ත්‍රයක් සකස්කර කපා, මසා, කඨිනය සඳහා අවශ්‍ය සිවුර පිළියෙළ කර ගැනිණි.
කඨිනය බාරගත් අයගේ නිවසේ සිට කඨින වස්ත්‍රය පෙරහරකින් වඩමවා ගෙන යනු ලැබේ. එය අනියම් කාලයේ දී හිස තබාගෙන, ඉමහත් ගෞරවයෙන්, “ඉමං කඨින දුස්සං භික්‍ඛු සංඝස්ස දේම” යනුවෙන් ප්‍රකාශ කරමින් සංඝයා වහන්සේට පූජා කිරීම සිදුවෙයි.
කඨින වස්ත්‍රය එළනු ලබන්නේ ගිහියකු විසිනි. සිවුර සකස් කිරීම සඳහා නියම කරන ලද රාමුවක් ඇත. ඒ අනුව එම වස්ත්‍රය කපා මසා සිවුර පිළියෙළ කැරෙයි. සිවුර මැසීමට කපන කැබෙල්ලක්, සුගත් වියත් හතරකි. චීවරය මීටර් දහයකි. සමහර විට අට හමාරකි. භික්‍ෂූන් වහන්සේගේ උස අනුව චීවරය පිළියෙළ කර ගැනීම සිදුවෙයි.
සුවසේ සැපසේම ධර්මාවබෝධය පිණිස ම හේතූපනිශ්‍රය
වේවා
(උපුටාගත් ලිපියකි )

notes of imaginary

2023-08-02

දේශපාලන ආවර්ජනයක් 1.




උතුරේ සහ නැගණහිර ඇතිවී තිබු තත්වය සමනයකට පත්කරන්න 13 ව්‍යවයස්ථා සංශෝධණය ජේ. ආර් ගේ ආණ්ඩුව ඇතිකර ගත්තා. එකලත් මෙම ව්‍යාවස්ථා සංශෝධනයට දකුනේ කැමැත්තක් තිබුනේ නැහැ. ප්‍රභාකරන්ට ඕන වුනේ වෙනම රාජ්‍යයක්. ඉන් මෙපිට වෙනත් විකල්පයක් ඔහුට තිබුනේ නැහැ. ඔහු මේ වන විටත් සන්නද්ධ අරගලයකට පිවිසිලා තිබුනේ. දකුනේ ජවිපෙය ඉන්දියාණු බලපෑමට එරෙහිව සන්නද්ධ වුනා.

JR අඇදිරි නීතිය දාගෙන රජිව් සමග ගිවිසුමකට එළඹවුනා. මේ ගිවිසුම අනුව 13 ව්‍යවස්ථාව උපත ලැබුවා.

සුදු අලියෙක් වු පරිපාලනයක් ලෙස කාලයක් පලාත් සභා ක්‍රියාත්මක වුනා. මේ කාලයේ තේරීපත්වු සහ බලය ලබා ගන්න බලාපොරොත්තුව සිටින දේශපාලනඥයින්ට පලාත් සභාව කප්රුකක්වුනා . මේ ආයතනය සක්‍රීය කර ගන්න අවශ්‍යතාවය තියෙන්නේ ඔවුන්ට. ජනතාවට එවැනි අවශ්‍යතාවනේ නැහැ. පලාත් ,දිස්ත්‍රික් ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලන නිලධාරීන් හරහා පලාත් සභාවෙන් විය යුතු කාර්ය වෙනවා.

වෙනස කතා සාප්පුවක් නැති එක විතරයි.

දකුනේදී කුල වාදයට සැලකීම එතරම් ඉහල සාධකයක් නොවුවත් උතුරේදී කුලවාදය කතාබහට ලක්වන මාතෘකාවක්. ප්‍රභාකරන් සහ ඔහුගේ අරගලය කියවීමේදී පීඩිත කුලවල ජනතා අවධිවීමක් ප්‍රබල ලෙස සාකච්ඡා වන්නක්.

නැවතත් ඉහල යයි සැලකෙන කුලවලට උතුරේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවය ප්‍රභාකරන්ගෙන් මිදීගිය රික්තය තුල ඇති කරගන්න අවශ්‍ය බිම සකස්ව තියෙනවා. දකුනේ සිටිය ජාතිකවාදීන්ගෙන් මේ අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි බව තේරුම් ගත් මොවුන් විසින් කුමන්ත්‍රණකාරීව ගෝඨාභය පාලනයෙන් ඉවත් කලා. එයට යොදා ගත්තේ ගෝඨා බලයට ගෙනා කොටස්මයි. 

ඔවුන් විස යයි සිතුදේ විසෙන්ම නසා දැම්මා.

අරගල භුමියේ සිටියේ රටේ ජීවයයි.ඔවුන් හැදු  හැට නව ලක්‍ෂය ඔවුන් විසින්ම විනාශ කලා.අරගල භූමියේ සිටි තරුන ජීවය ගෝඨා ගිය පසු සිදුවන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබු බවක් පලවුනේ නැහැ. නමුත් අරගලයේ මොළය කාලයක සිට පියවරෙන් පියවර තමන්ට අවශ්‍ය නායකත්වය ජනාධිපති පුටුව ලගට ගෙනවිත් තිබුනා. රනිල් ජනාධිපති වුනා. ගෝල්පේස් අරගලය වාෂ්ප වෙන්න ගියේ දින කිහිපයයි.

අද ගෝඨාගේ පාලනය බැහැරවීම ගැන කම්පා වෙනවා.

රනිල්ට ජනවරමක් නැහැ. ඔහුට ඇත්තේ 69 ලක්‍ෂය විසින් ගෝඨාට දුන් ජනවරමයි. එය පෞද්ගලික බුදලයක් නොවෙයි. ඔහු පවත්වාගෙන යායුත්තේත් නඩත්තු කල යුත්තේත් එම ජනවරමයි.

  එම ජනවරම බලාපොරොත්තු වන්නේ වෙන අනම්  මනම් කිරීම නොව ගෝඨා අසමත්වු ආර්ථික කළමනාකරනය යථාවත් කිරීමයි.එය පැත්තක තබා රණිල් බලයට පත්කිරීමට කුමන්ත්‍රණය කල පිරිසගේ අභිමාර්ථ ඉටු කිරීම නෙවෙයි.

 69 ලක්‍ෂය නියෝජනය කල ගෝඨාභය හට නිසි ලෙස ආර්ථිකය කළමනාකරනය කරගන්න බැරිවුනා. ඔහුට සේවය කල කේවට්ට ආර්ථික උපදේශකයන් නිසි මගපෙන්වීමක් කලේ නැහැ.  ගෝඨාගේ පාලනය කාලය .තුල විදේශීය ණය ගත්තේ නැහැ. නැත්නම් ණය ගන්න බැරිවුනා. ඒ තරම් ණය උගුලේ රට හිරවෙලා තිබුනා.  අපි ණය උනේ හොරා කෑම නිසයි කියන  සංකල්පයට මීදුම එකග නැහැ.   හොරා කෑමත් එක් සාධකයක් වුනත් එයම හේතුව නෙමෙයි.

මෙවන් ආර්ථික අර්බුදයකට සිරිමාවෝ මැතිණියගේ 1970 රජය මුහුණ පෑවා. එවකට මුදල් ඇමති ආචාර්ය එන් . එම් පෙරේරා.  ඔවුන්ගේ ප්‍රයත්නය වුනේ දේශීය නිෂ්පාදන මත රැදීමට උත්සහා දැරීමයි.

ආහාර හිගයක් ඇතිවුනා. රෙදිපිලි නැතිවුනා. ඖෂධ හිගවුනා එවකට පැවති රජය දේශීය නිෂ්පාදනයට අතහිත දුන්නා.    ඒකට මුහුන දුන්න ජනතාව  රජයත් සමග  අරගලයකට යොමු වුනේ නැහැ. ගොවියෝ වගා කලා. රතුළුණු , මිරිස් සීනි වෙනුවට අතුරු නිෂ්පාදන රට තුල බහුල වුනා.සිමෙන්ති,යකඩ කඩදාසි, පොහොර ,රෙදිපිලි . උපාලි පියට් වැනි වාහන අපේ රටේ නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා. උසස් ප්‍රමිතියෙන් තොරවුනත් බලාපොරොත්තු තැබිය හැකි උසස් තත්වයක් එම නිෂ්පාදන තුල තිබුනා. උතුරේ ගොවීන්ගේ අතමිට සරුවුනා. ඔවුන් සිරිමාවෝ රජයට දැක්වුයේ කැමැත්තක්.

 1977 න් පසු JR ගේ ආර්ථික රටාව දේශීය නිෂ්පාදන අඩපන කරමින් වෙළද ආර්ථිකයට රට යොමු කලා. අපේ රට තුල විවිධ ප්‍ර දේශ විවිධ නිෂ්පාදන රටාවකටයි පැවතියේ. ධීවර ජනතාව වෙරළබඩ ජීවත්වු අතර ගොවි ජනතාව රට අභ්‍යන්තරයේ ජීවත් වුවා. මොවුන්ගේ අභිලාශයන් ජීවත්වු ප්‍ර දේශයන් අනුව වෙනස් වුනා .ඔවුන් සංවර්ධණය කලයුත්තේ ඒ අනුව උවත් අද වන විට උඩින් ගෙනවිත් අතහරින ලද සංවර්ධණයක් තමයි කරන්න උත්සහා දරා තියෙන්නේ.  එය ව්‍යාප්ත කර ගන්න බැරිව අතරමං වෙලා. අසාර්ථක වෙලා.

 ගෝඨාට බොහෝ විරෝධතා ආවා .ඔහුගේ වැඩ පිලිවෙලවල් වලට ජනතා සහෝගය ලැබුනේ නැහැ.  මේ 1970 නෙමෙයි ;2022 කාලයට අනුරුපව කාරිය හැඩ ගස්සවා ගත යුතුයැයි හිතුවේ නැහැ.



මතු සම්බන්ධයිත


notes of imaginary

2023-07-28

වෙනස





පිඹිනවා වගෙ ඇහෙනවා මට
පැට්ටේරියේ හයේ සංඟුව
ඔබ එතැයි මග බලනවා මම
නැවතිලා පෙර උන්නු වංඟුව
මේ තමයි ඉරණම අපේ දැන් දුක්
වෙන්නෙ ඇයි අනේ බම්ඹුව
ලත වුනොත් හිත හිතා මේ ගැන
සුදෝ මට හැමදාම බිංදුව
මව් පියන්ටත් දුක හිතී ඇති
දැන් එදා ගැන මටත් පිම්ඹුව
උං ඉතිං හැමදාම දුන්නේ
මගේ දිවියට අඩුම ලංසුව
හිත හදාගෙන අයින් වෙමු අපි
තවත් මග තොට නොවී සංඩුව
එහෙම බැරිනම් පැනල යමු අපි
පස්සෙ හොඳවෙයි නේද වස්තුව
කාන්ති ඉපලවත්ත


notes of imaginary

2023-07-25

ආචාර්ය ඊ.ඩබ්ලිව් . අදිකාරම් මැතිතුමා.



තම වැටුපෙන් රුපියල් දහය බැඟින් ඉතිරි කොටගත් මුදලින් නුගේගොඩ අනුලා විදුහල ඇරඹූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා ෴
1905 වසරේ මාර්තු මස 29 වන දින සරනේලිස් සහ සිසිලියානා යුවළට පුත් කුමරකු ලැබිණි. පුතුට දොන් එඩ්වඩ් විනිප්රඩ් බ්රිටෝ අදිකාරම් යනුවෙන් නම් තැබිණ. සුරතලයට ඇමතුවේ ‘විනී’ යන නමිනි. විනීට නැගණියක් ද හිමි විය. ඈ මෝඩ් මිලී වූවා ය. මේ වනවිට දෙහිවල පදිංචි වී සිටිය ද ‘විනී’ පුතුගේ මවගේ උපන් ගම වැල්ලම්පිටියේ වෙන්නවත්තේ ය. විනී කුඩා කල දීම පියා හදිසියේ මිය ගියේ ය.
විනී ගේ මවු සිය සැමියාගේ අකල් වියෝවෙන් පසු දරුවන් ද කැටුව තම ගම් පියසට පැමිණියේ දෙහිවල ශාන්ත මේරි විදුහලේ විනී ඉගෙනුම ලබමින් සිටියදී ය. එය පල්ලියේ ඉස්කෝලයකි. පසුව වැල්ලම්පිටියට පැමිණීමෙන් බොරැල්ල, වෙස්ලි විදුහලට ‘විනී’ ඇතුළත් කෙරිණි. එහි දීප්තිමත් ශිෂ්යයකු ලෙසින් ඉගෙනුම කරන විනී වෙස්ලි විදුහලට නිවසේ සිට යන්නේ එන්නේ පා ගමණිනි. කි.මී. 7 ක පමණ දුරක් පයින් ම පාසලට යන්නට ඔහුට සිදුවූයේ බස් ගාස්තුව පවා නැති බැවිනි.
ඒ වනවිට ගමට නුදුරු කලවිටිගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ දහම් පාසලට ද ගිය ‘විනී’ පාසලට වඩා වැඩියෙන් ඇලුම් කළේ දහම් පාසලට ය. ඔහුගේ දිවි මඟ ඔපවත් කරන්නට එහි සද්ධානන්ද හිමියන් ගේ සමීපතම ඇසුර ඉවහල් වූ බව ද පැවසෙයි.
පා ගමනින් පාසලට යන ‘විනී’ දහවල කුසගින්නේ ය. වතුර බී කුස පුරවා ගත්ත ද පන්තියේ දක්ෂතම සිසුවා ඔහු ය. ඉතාමත් කෙසඟ සිරුරකින් හෙබි විනී නිතර නිතර අසනීපයෙන් පෙළෙන්නට විය. එහෙත් ඒ සියල්ල යටපත් කර ගනිමින් ඔහු ඉගෙනුමට මුල් තැන දුණි.
දහම් පාසලේ අවසාන ශ්රේණියේ විභාග ප්රශ්න පත්ර බැලීමට වැඩම කළේ අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්රෙය හාමුදුරුවෝ ය. උන් වහන්සේ ‘විනී ගේ ප්රශ්න පත්රය ද බැලූහ. සැකයක් මතුවිණි. ඒ මේ කොලුවා පොතක් බලාගෙන පිළිතුරු ලියා ඇති බවට ඇති වූ සැකයකි. මේ පිළිබඳ ව සැක හැර දැන ගැනීමට තීරණය කළ හිමියෝ ‘විනී’ පසෙකට කැඳවා ගත්තේ ය.
“මං මේ අහන අභිධර්මයේ එන ප්රශ්න වලටත් හරි උත්තර දුන්නොත් තමා හොඳ” පැවසූ උන් වහන්සේ අභිධර්මයේ ගැඹුරු තැන් අළලා පිළිවිසී ය. ‘විනී’ සන්සුන් ව ඇසූ සියලු පැනයනට පිළිතුරු දුනි. සැකය දුරු කරගත් හිමියෝ ‘බොහොම හොඳා’ යැයි විනී ගේ හිස අත ගෑවේ ය.
ක්රේම්බිජ් කනිෂ්ඨ විභාගය සමත් වූ විනී නොහොත් ඊ.ඩබ්ලිව්. අදිකාරම් කේම්බ්රිජ් ජ්යෙෂ්ඨ පන්තියට ද ඇතුළත් වූයේ ය. එහිදී එස්.ජේ.වී. චෙල්වනායගම් නම් අපූර්වතම ගුරුපියකුගේ ඇසුරට ඔහු පාත්ර විණි. ඔහුගේ ගුරු හරුකම් අවවාද උපදේශ විනී ගේ යහපතටම හේතු විය.
ඔහු 1926 වසරේ දී ශාස්ත්රවේදී සාමාන්ය උපාධියට (බී.ඒ.) පෙනී සිටීමෙන් අනතුරුව ප්රතිඵල බලා සිටියේ ය. ඒ අතරේ දී විනීට හමු වූයේ ජේ.වී.සී. චන්ද්රසේකර මහතා ය. හේ යුනිවර්සිටි කොලීජියේ රසායන විද්යා අංශයේ ප්රධාන ආචාර්යවරයා ය. ඔහු දුන් ලිපියක් ද රැගෙන මේ තරුණයා කොළඹ නාලන්දා විදුහලට ගොස් එහි විදුහල්පතිවරයා හමුවූයේ ය. ඒ උප ගුරු පත්වීමක් ලැබ ගන්නට ය. නොහික්මුණු විදුහල්පතිවරයා විනී ට සරදම් ස්වරයෙන් අමතමින් කතා කරන්නට වූයේ ය. ‘බී.ඒ. කියන්නෙත් උපාධියක් ද? තමුන්ට පන්තියක් පාලනය කරන්ට පුළුවන් ද? කරුණාකරල ඔය තියෙන රජයේ ලිපිකාරකමකට ඉල්ලුම් කරන්ඩ” යි හෙතෙම කියා සිටියදී ආපසු හැරී පැමිණි විනී තිර අදිටනකට එමොහොතේදී ම පිවිසියේ ය. එනම් දර්ශනපති (පී.එච්.ඩී.) උපාධිය ලබා ගැනීමේ අදිටනයි.
අනතුරුව ‘ලක්දිව පුරාතන බෞද්ධ ඉතිහාසය’ නමින් ග්රන්ථයක් ඉදිරිපත් කරමින් දර්ශනපති උපාධිය ලබා ලන්ඩන් විශ්වවිද්යාලය බලා පිටත් ව ගියේ ය. ඒ 1933 වසරේ දී ය. ඒ වසර අග දී පෙරළා පැමිණි එතුමා කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ අධිපති ධූරයට පත් වූයේ ය. 1939 වකවානුවේ ලෝක මහා සංග්රාමයේ දී ආනන්ද ශාස්ත්රාලය ද හමුදාවේ ප්රයෝජනයට ගැනීමෙන් පාසලට අනර්ථයක් සිදුවිණි.
ඒ හේතු කොට ගෙන බෞද්ධ පසුබිම යටතේ මහරගම විද්යාකර, නුගේගොඩ අනුලා පාසල් ඇරඹූ අතර මතුගම ආනන්ද ශාස්ත්රාලය, කරවනැල්ල මහා විදුහල, බත්තරමුල්ලේ මහා විදුහල, උඩහමුල්ල මහා විදුහල, මහාමායා මහා විදුහල ආරම්භ කෙරිණි. ඔහු වැටුපෙන් රුපියල් දහය බැඟින් ඉතිරි කොටගත් මුදලින් නුගේගොඩ අනුලා විදුහල ඇරඹීම ඉතිහාසයට ද එක් වී තිබේ. දරු පරපුර උදෙසා නැණැස පෑදීමට පාසල් රැසක් ආරම්භ කළ ඊ.ඩබ්ලිව්. අදිකාරම් තුමන්ගේ නාමය අනුස්මරණීය ය.
යම් යම් සිත් බිඳී යන කාරණා හේතුවෙන් තමන් සතු සියලු දෑ හිත මිතුරනට පවරා දුන් අදිකාරම් තුමන් හදිසියේ ඉන්දියාවට ගියේ ය. එහෙත් අධ්යාපන ක්ෂේත්රයට ඔහුගේ අඩුව තදින් දැනිණි. නැවත කැඳවූ ඔහු පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාඨශාලා සාමාන්යාධිකාරි පදවියෙන් පිදීය. තමන් සිදුකළ සේවයෙන් විශ්රාම ගත්ත ද විශ්රාම වැටුප ප්රතික්ෂේප කළ එතුමා පරම විඥානාර්ථයෙන් ද ඉවත් ව අවිහිංසාව පෙර දැරි වූ තම චින්තනය ඉවහල් කර ගනිමින් දරුවන් හා තරුණයන් යහමඟට ගැන්මේ සමාජ සත්කාරයේ නියැළෙන්නට වූයේ ය. ඔහු මහා චින්තකයකු සේ ම දාර්ශනිකයකු වූ ජේ. ක්රිෂ්ණමූර්තිතුමාගේ දේශනාවෙන් තම දිවිය ප්රභාස්වර කර ගත්තේ ය. සෑම වසරක් අගදී ඒ දේශනාවට සහභාගි වීම හේ අත්යවශයෙන් කළේ ය.
පාලි භාෂාව පිළිබඳ විසල් දැනුමකින් යුතු එතුමා සංස්කෘත, ජර්මන්, ඉංග්රීසි භාෂා පිළිබඳ ප්රවීණයකු විය. පාලි ග්රන්ථ අතුරින් වඩාත් ප්රිය කළේ ඛුද්දක නිකායේ සූත්ර නිපාතයට හා ධම්මපදයට ය.
ඔහුගේ තේමා පාඨය වූයේ තමා සම්මතයෙහි පිහිටා අන් අයට උපදෙස් දිය යුතුය යන්න ය. විද්යාව පිළිබඳව ද හසළ දැනුමින් පිරිපුන් ඔහු සිංහලයෙන් විද්යාව ඉගැන්විය හැකි බව කී අය අතර පුරෝගාමියා වන්නේ ය. ඒ සඳහා 6 වැන්නේ සිට ජ්යෙෂ්ඨය දක්වා සාමාන්ය විද්යා පොත් පෙළක් සම්පාදනය කළේ ය. ඊට අමතරව විද්යාවේ පාරිභාෂික වචන මාලාව සකස් කළේ ය.
සාමාන්ය ජනතාවට හා සිසු කැළට විද්යා අධ්යාපනය ලබාදීමට කැප වූ එතුමා පුවත්පත්වලට තීරු ලිපි ලියුවේ ය. එම්.ඩී. ගුණසේන සහ සමාගමේ සංස්කාරකත්වයෙන් නවීන විද්යා මාසික සඟරා පෙළක් ද එළි දැක්වූයේ ය. ගුවන් විදුලි සාකච්ඡා, එස්.ජේ. ද වීරසිංහ දේවගැතිතුමා මෙහෙයවූ බුද්ධි මණ්ඩල සාකච්ඡා සඳහා ලබාදුන් දායකත්වය සුවිශේෂී කොට සැලකේ. විවිධ ප්රදේශවල යමින් එතුමා කරන ලද දෙසුම් හි සාරාංශය රැගත් ලිපි ඇතුළත් සිතිවිලි නමැති පොත් මාලාව ජනයා අතර වඩාත් ප්රචලිත වූයේ ය.
“සමාවෙන්ඩ මහත්මයා, මේ සභාවට පැමිණි ඔබතුමා වියත් දෙසුමකින් අපව දැනුවත් කළා. එහෙත් සභාව ආරම්භයේදී පන්සිල් සමාදන් වීමේ දී ඔබතුමා පන්සිල් නො ගෙන සිටියා.” දිනක් දෙසුමකට සහභාගි වීමට ගිය අදිකාරම්තුමන්ගෙන් සභාවේ තරුණයකු එසේ විමසුවේ ය. වියතාණෝ සන්සුන් ලීලාවෙන් මෙසේ පිළිතුරු දුන්නේ ය.
“ඔව් – ඒක ඇත්ත – මං එක් වරක් පන්සිල් සමාදන් ව තිබෙනවා. මා ආයෙත් සමාදන් විය යුතු නැහැ. මන්ද – මා පන්සිල් රකින අයකු නිසා.”
සත්ය හෙවත් සැබෑ දේ කුමක්ද කියා දැකීමත් ඒ දැකීමෙන් ඇතිවන විලෝපයෙන් මෛත්රිය පහළවීමත් සිදුවන බව පැවසූ මේ චින්තකයාණෝ තම දේශන හා ලේඛනවලින් ඒ සත්ය පාඨකයාට විමසා බලන්නට ආරාධනය කළේ ය. බොහෝ දෙනා සිතන ආකාරයට නොසිතූ ඔහු බුදුදහමේ ආභාසයෙන් හා සොබාදහමේ නිරීක්ෂණයෙන් තම චින්තනයේ ස්වාධීන, නිර්භය හා නිරවුල් බව පෙන්වාදීමට වෙහෙසුණේ ය. මහා දැනුමකින් යුතු අදිකාරම්තුමා නොදන්නා දේ විශ්වාස කිරීමට හෝ ඒ පිළිබඳ කතා කිරීමට මැලිවිය. නොදන්නා දේ නොදන්නා බව කීවේ ය. බොහෝ විට ඔහුගේ ප්රකාශ මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර උසස් ගුණ වැයුම් ද තියුණු අපහාස සරදම් ද ඔහුට හිඟ නොවීය.
අදිකාරම්තුමන් දුක සැප හමුවේ හඬා වැටුණේ නැත. ඒ ඔහුට චින්ත චෛතසික සම වැදීමක් තිබූ නිසා බව කියැවේ. දිවියේ ඉහළම සතුට හෝ දාර්ශනික හරයන් අදිකාරම් තුමා විඳගත්තේ මැදහත් සිතින් යැයි ද පැවැසේ. සියල්ල මැදිහත් සිතින් එකසේ පිළිගත් එතුමා එක් දිනෙක ඉකි බිඳ බිඳ හැඬුවේලු. ඒ මරණයක් වෙනුවෙනි. දාර්ශනිකයකු වූ පසුව ද මුල් වරට එතුමා හඬා වැලපුණේ 1973 ජනවාරි මස 7 වනදා ය. ඒ ඊරියගොල්ල සූරීන් මළදා ය. එතුමා සමඟ සමීපයේ පසුවූ ඩඩ්ලි ද හැඬුවේ ය. තමන්ගේ විශිෂ්ටතම දේශපාලනඥයා මිය යාමේ ශෝකයෙන් ඩඩ්ලි හැඬුවේ ය. එහෙත්, අදිකාරම්තුමා ඉකි බිඳීමින් හඬන්නට වූයේ තම සිත්හි ලැඟුම් ගෙන සිටි කෘතහස්ත, අවංකම බුද්ධිමතා වියෝ වීම නිසා ය.
1922 වසරේදී කොළඹ යුනිවර්සිටි කොලීජියට පැමිණෙමින් 1930 දී ශිෂ්යත්වයකින් ලන්ඩනයට පිවිසෙමින් 1931 දී ශාස්ත්රපති (එම්.ඒ) උපාධිය ද 1934 දී දර්ශනපති (පී.එච්.ඩී) උපාධිය ද සමත් වෙමින් ආචාර්ය එන්.එම්. පෙරේරා, රොබට් ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික්රමසිංහ ආදීන්ගේ ඇසුර ද ලැබුවේ ය. ශ්රී ලංකාවට නිදහස ලබා ගැනීමට මුල පිරීමක් ලෙසින් එන්.එම්. සමඟ කතිකාවක් එංගලන්තයේ දී ආරම්භ කළේ ය. බෞද්ධ අධ්යාපනයට මහත් සේ කැප වූ එතුමා 1966 – 1970 දී ජාතික අධ්යාපන සභාවේ සාමාජිකත්වය ද හෙබවූයේ ය.
1976 – 1983 දී ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ කුලපතිධූරය ද හෙබ වූ එතුමා බුදුදහමට අනුගත චර්යාව ජනයා අතර රඳවා තබන්නට දිවා රෑ වෙහෙසී කැපවී ක්රියා කළේ ය. දැඩි සේ ඇලුම් කළ ජේ. ක්රිෂ්ණමූර්ති තුමා ගේ දෙසුමට සහභාගි වන්නට සූදානමින් පෙරදා එනම් 1985 වසරේ දෙසැම්බර් මස 28 දා නිදි යහනටවන් එතුමා නැවත මෙලොව එළිය නොදුටුවේ ය. සිතේ පැවැති සුපසන් බවින් යුතුව ම එතුමෝ දැයෙන් සමුගත්හ.
- උපුටාගැනීමකි -

notes of imaginary