wwwwwwww wwwwwwww wwwwwwwwww
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2025-12-19

ලොව භයානකම ජලාශය .




වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු ,මුහුදු මට්ටමේ සිට මීටර් 640 - 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත පූර්ණ වශයෙන් කළු ගල් අතුරා සකස් කළ උස මීටර් 15 ක් සහ පළල මීටර 14 බැගින් වන සහ එක් වාන්දොරටුවකින් තත්පරයට ජලය ඝන මීටර් 1850 බැගින් මුදා හැරිය හැකි වාන් දොරටු තුනක් සහිත උස මීටර් 87ක් දිග මීටර් 600 ක් සහ මුදුනත පළල මීටර් 10කින් සමන්විත වූ වේල්ලක් ද සහිතව වර්ග කිලෝමීටර් 544 ක ජල පෝෂක ප්රදේශයකින් සමන්විත මෙම ජලාශය විවෘත කරන ලද්දේ 1985 වසරේදීය .

කොත්මලා ඔය මහවැලි ගඟට එක්වීමට කිලෝමීටර් 6.6 කට පෙර තිස්පනේ සහ කඩදොර කඳු වැටි දෙක මැදින් මෙම වේල්ල ඉදිකොට සාදන ලද මෙම “ලොව භයානකම” ජලාශය ශ්රී ලංකාවේ කඩිනම් මහවැලි සංවර්ධන ව්යාපෘතිය යටතේ ඉදිකළ පළමුවන ව්යාපෘතිය වන කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයයි.
මෙම ජලාශයේ ඉදිකිරීමේ ප්රධාන අරමුණවූයේ ජල විදුලිය නිපදවීමයි. ඊට අමතරව ගම්පොළ ප්රදේශයේ ගංවතුර පාලනය කිරීමද මෙහි එක් අරමුණක් විය.
නමුත් මෙය ඉදිකර වසර හතළිහකට පසු එය ලොව ඉදිකළ භයානකම ජලාශය බවට අදාල බලධාරීන් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයාට පවසන ප්රකාශයෙන් තහවුරු වේ.
ඕනෑම ජලාශයක් ජලය පිරවීමේදී පැය 24 පුරාවට සෑම දිනකම එම ජලාශය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින් ජලාශයේ රඳවා ගන්නා ජලය ප්රමාණය නිශ්චිතව පාලනය කිරීමට සහ ජලාශයේ ආරක්ෂාවට වගකිය යුතුවේ. එසේම ගං වතුර පාලනය කිරීම සහ මුදා හරින ජලයෙන් ජලාශයෙන් පහළ පුද්ගලයන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ අවධානීය යුතුකමක් පවතී.

නමුත් පසුගිය නොවැම්බර් මස 27 වන දින සවස හදිසියේ මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා අති විශාල ජල ප්රමාණයක් එකවර මහවැලි ගඟට එකතු වීමෙන් ගම්පොල ප්රදේශයට “මිරිදිය සුනාමියක්” (freshwater tsunami) ඇතිවීම නිසා විශාල ජීවිත සහ දේපල හානියක් සිදුවිය.එකවරම පැමිණි මීටර් දහයක් පමණ උස ජල කඳක් හේතුවෙන් ජීවිත බේරා ගැනීමට ළඟපාත නිවාස වල ඉහළම තිබූ තුන්වෙනි තට්ටුවලට පවා ගිය පිරිස් යට කරගෙන ජල කඳ ගලා ගියේ ඔවුන්ගේ ජීවිතත් ප්රකෝටි ගණන් දේපලත් ඒ සමග රැගෙන යමිනි.මෙය කිසිසේන ස්වභාවික විපතක් සැලකිය යුතු නොවේ. ගං වතුර පාලනය කිරීමත් අරමුණු කර කරගත් කොත්මලේ ජලාශයෙන් මේ තරම් විනාශයක් සිදුවූයේ කෙසේද ?

ජනාධිපතිවරයාගේ විමසීමට පිළිතුරු දුන් අදාල ජලාශය භාර නිලධාරින් ඉතා සැහැල්ලුවෙන් ප්රකාශ කළේ විශාල ජල කඳක් එකවර පැමිණි නිසා වේල්ල බේරාගැනීමේ අදහසින් තමන් ක්ෂණිකව වාන් දොරටු විවෘත කළ බවයි. එම වාන් දොරටු විවෘත කිරීම තුළ අති විශාල ජල ප්රමාණයක් එකවර මුදාහැරීම නිසා පහත ප්රදේශවල ක්ෂණික අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා මිනිස් ජීවිත සහ දේපළ විනාශ වන බව හොඳාකාරව දනිමින් මෙලෙස වාන් දොරටු හැර දැමීම ඔවුන් සිදුකර ඇත.

එම නිලධාරියා ප්රකාශ කරන පරිදි නොවැම්බර් මස 27වන දිනන රාත්රියේ ඔවුන් ක්ෂණිකව ජලය මුදා හැර ඇත්තේ කිසිදු පූර්ව දැනුම් දීමක් සහ ජලයට යට විය හැකි ප්රදේශවල පුද්ගලයන් ඉවත් කිරීමකින් තොරවයි.ජලය මුදා හැරීමට පෙර එදින සයිරන් සංඥා නාදයක් ලබාදීමද සිදුකර නොමැත. විශාල ජල ප්රමාණයක් එකවර මුදාහැර ඉන්පසු වාන් දොරටු වසා දැමීමට කටයුතු කර ඇත.නැවත පසුදා සුළු වෙලාවකට වාන්දොරටු විවෘත කිරීමේදී ඊට විනාඩි දහයකට පෙර සයුරන් නලාව නාද කළ බවත් එය නාද කරන්නේ ගඟ පහළ “මාළු ඇල්ලීම, ගඟ බැලීම “ වැනි කටයුතු වල යෙදෙන පුද්ගලයන්ට ඉවත්වීමට බවත් එය ඔවුන්ගේ උපදේශන අත්පොත් වල ලබා දී ඇති උපදෙසක් බවත් ඔහු ප්රකාශ කරයි. නමුත් පෙර දින රාත්රියේ වාන් දොරටු විවෘත කිරීමේදී එලෙස සංඥාවක් නොලැබූ එම නාදය වේල්ල කඩා වැටීමේ අනතුරු සංඥාවක් ලෙස සැලකූ බොහෝ දෙනා මරණ බයට පත්ව හිස් ලු ලූ දිව යන ලදී.

ජනාධිපතිවරයා විමසුවේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව පැය භාගෙකට පැයකට වගේ කලින් දැන ගැනීමේ හැකියාවක් නැද්ද ? යන්නයි.
මෙයට පිළිතුරු දෙන නිලධාරියා එලෙස හැකියාවක් නොමැති බව ප්රකාශ කරයි.
මේක තමා ඉතාම භයානක තත්වය.
මේක තමයි මේ වේල්ල ලොව භයානක තම ජලාශ වේල්ල බවට පත්වීමට හේතුව.

මේ අනුව ඉදිරියේදීත් මෙවන් තත්ත්වයක් ඇතිවන සෑම විටකදීම අනිවාර්යයෙන්ම ගම්පොළ ප්රදේශයේ ජීවිත සහ දේපොළ අති විශාල ප්රමාණයක් හානිවීමත් එතනින් පහළ මහවැලි ගඟ ආශ්රිතව අධිගංවතුර තත්ත්වයක් ඇතිවීමත් වළක්වා ගැනීමේ හැකියාවක් නොමැත. විනාඩි දහයකින් පුද්ගලයන්ට තමන් ඉන්න තැනින් ආරක්ෂිත ස්ථානයකට යෑමට නම්” එර්දියෙන් “ ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පැහැදිලිය.
තත්ත්වය එසේ නම් මෙම ජලාශය මෙගාවොට් 201 ක ජල විදුලියක් නිපදවුවද එමගින් සිදු විය හැකි ජීවිත සහ දේපළ හානි සලකා බැලූ විට මේ “භයානක ජලාශය” වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතුව ඇත
නමුත් මේ නිලධාරින් පවසන්නේ ඇත්තද ?

ඔහු පවසන පරිදි නොවැම්බර් 27 වැනි දින තත්පරයට ඝන මීටර් 2720 ක වේගයෙන් ලැබුණ බව ගණනය කළ හැකිව තිබුණා නම් ආසන්න වශයෙන් සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය පහසුවෙන්ම ගණනය කළ හැකිව තිබුණි.උදාහරණයක් ලෙස වර්ෂාව පටන්ගෙන ජලාශයට ජලය ලැබෙන විට ජලාශයෙන් 85% ක් පිරී තිබුණේ නම් ඉහත සඳහන් වේගයෙන් ජලාශයට ජලය එකතු වී පිටාර මට්ටමට පැමිණීමට නම් ජල විදුලිය සඳහා ජලය මුදා හැරීමක් හෝ වාන් දොරටු වලින් ජලය මුදා හැරීමක් හෝ සිදු නොකර ඇති විට ඒ සඳහා ආසන්න වශයෙන් පැය 2 යි විනාඩි 40 ක් ගතවේ. එසේම ජලය මීටරයක් උසට පිරීම සඳහා විනාඩි 40 ක් ගතවේ. එක් වාන් දොරටුවක් 25% විවෘත කර ඇති විට මේ සඳහා ආසන්න වශයෙන් පැය 3යි විනාඩි 15ක් ගතවන අතර වාන් දොරටු දෙකක් 25% බැගින් විවෘත කර ඇති විට ඒ සඳහා පැය 4 ක් ද වාන් දොරටු තුනක් 25% බැගින් විවෘත කොට තැබුවේ නම් ඒ සඳහා පැය 5යි විනාඩි 30ක් ගත වනු ඇත.

එසේ නම් මෙම ඉංජිනේරුවන්ට පූර්වයෙන් මෙම තත්ත්වය ගණනය කර ගත නොහැකි වූයේ ඇයි ? එය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ නොසලකිල්ල නිසා වූවක් නොවේද ? ජලාශයේ ජලය වාන් මට්ටමට ළඟා වූ විට දුවගෙන ගොස් වාන් දොරටු සියල්ල විවෘත කොට දමා” මිරිදිය සුනාමි” තත්ත්වයක් ඇති කිරීම සම්පූර්ණයෙන්ම .ස්වභාවික ක්රියාවක් නොව පුද්ගල ක්රියාවක් බව ඉතා පැහැදිලිය.ජලය මුදා හැරීම පියවර වශයෙන් සිදුකළ බවට ඔහු කළ ප්රකාශය සත්යයක් බව විශ්වාස කළ නොහැක

ගම්පොළ ප්රදේශයේ පුද්ගලයන් ප්රකාශ කරන්නේ එකවර අති විශාල වතුර කඳක් පැමිණි බවයි. පියවරෙන් පියවර ජලය මුදා හැරී නම් එලෙස සිදුවිය නොහැක වේල්ල නොතිබුනෙ නම් ඔහු කියන පරිදි කොත්මලා ඔයට ලැබෙන්නේ තත්පරයට ඝණ මීටර් 2720 ක ජල ප්රමාණය ඒ ආකාරයටම මහවැලි ගඟට එකතු වුවත් මෙතරම් විනාශයක් සිදු නොවේ.එහිදී සිදුවන්නේ ගංවතුර මට්ටම කෙමෙන් ඉහළ යාමක් මිස එකවරම මීටර් දහයක විතර උස ජල කඳක් කඩා වැටීම නොවේ.එම නිසා එවන් ගංවතුරකදී පුද්ගලයන්ට ජීවිත හානි අවම කරන ගනිමින් එම ප්රදේශ වලින් ඉවත් වීමේ හැකියාව ලැබේ.

වර්ෂාව අධිකව ලැබෙන විට සහ ඉදිරියේදීත් විශාල වර්ෂාවක් ලැබෙන බවට සියලු කාලු ගුණික වාර්තාලින් තහවුරු වී තිබියදී ජලාශය පිරෙනතුරු බලා නොසිට එම තත්ත්වය පූර්වේක්ෂණය කොට ජලාශ වාන් දොරටු පූර්වයෙන් ක්රමිකව විවෘත කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමයි.ගං වතුර පාලනය කරන්නේ එලෙසයි.නමුත් එම වගකීම ඔවුන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව ඉතා පැහැදිලිය.
විදුලි බලය අතිරික්තයක් පවතින බැවින් මෙම ජලාශයේ ජලය පහළ මට්ටමක පවත්වාගෙන යාම කිසිසේත් විදුලි බලය නිෂ්පාදනයට බලපෑමක් සිදු නොවේ.එම නිසා එම පූර්වයෙන් ප්රමාණවත්ව ජලය හිස් කිරීම සිදු නොකිරීම සඳහා නිදහසට කරුණක් නොවේ. ප්රමාණවත් කාලයක් තිබූ බැවින් පියවර වශයෙන් ටිකෙන් ටික ජලය මුදා හැරීමටත්, ඒ අනුව යටවිය හැකි ප්රදේශ නිර්ණය කොට ඒ ප්රදේශ වලින් පුද්ගලයන් ඉවත් කිරීමට ක්ෂණිකව කටයුතු කළ යුතුව තිබිණි.එසේ නොකොට මිනිස් ජීවිත නැතිවෙන බව පැහැදිලිවම දැන දැනම ජලය මුදා හැරීමට කටයුතු කිරීම එම නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්රහයේ 293 සමග කියවිය යුතු 294 (ඈ) වගන්තිය පරිදි මිනීමැරුම් චෝදනා එල්ල කළ හැක .

293 වගන්තියේ දැක්වෙන්නේ
තමන් කරන යම් ක්රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින්ම යම් ක්රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තා සාවද්ය මනුෂ්ය ඝාතනය නම් වරද සිදුකරන බවයි.
එසේම 294(ඈ) වගන්තියේ දැක්වෙන්නේ අන්තරාය කොපමණ ආසන්නද කිවහොත් සෑම අතින්ම මරණය සිදු විය හැකි බව හෝ මරණය විය හැකි ශාරීරික පාඩුවක් සිදු විය හැකි බව ක්රියාව සිදු කරන්නා දැනගෙන සිටින විට
එම ක්රියාවෙන් හෝ නොකර හැරීමෙන් සිදුවන මරණයක් මිනීමැරුමක් බවට පත්වන බවයි.

2005 වසරේදී යාන්ගල්මෝදර දුම්රිය මාර්ගයට දුම්රිය ගේට්ටුව වසා තිබියදී බස් රථයක් ඇතුළු කිරීම නිසා දුම්රිය බස් රථේ ගැටීමෙන් සිදුවූ අනතුරේදී බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට අධිකරණය මගින් මරණ දඬුවම නියම කළේ මෙම වගන්ති මගිනි. එම රියදුරාගේ සහ කොන්දොස්තරගේ ක්රියාවත් කොත්මලේ ජලාශයේ වාන් දොරටු වර්ෂාව පටන් ගැනීමත් සමග ක්රමයෙන් විවෘත නොකිරීමත් ජලයෙන් යටවිය හැකි ප්රදේශවල ජනතාව ඊට ප්රථම ඉවත් කිරීමට කටයුතු නොකර සිටීමත් මිනිසුන් මිය යන බව දැන දැනම ජලාශයේ වාන් දොරටු එකවර විවෘත කිරීමත් මගින් මෙම ජලාශයේ පාලන කටයුතු භාරව සිටි පුද්ගලයන් සිදුකළ ක්රියාවත් බොහෝ දුරට සමාන බව දක්නට ලැබේ. .
වෛද්ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ.
2025.12.11

ප්‍රතිචාරය - 

පට්ට කෙබර ලියලා තියෙන්නේ. මේ ඉංජිනේරු සංකල්ප නොතේරෙන පුද්ගලයා පූර්ව වැරදි නිගමන ගොඩක ඉදන් මේ ලිපිය ලියලා තියෙන්නේ . 
1. ආපදා මුලුමනින්ම පාලනයට මිනිසාට හැකි බව ( මෙය ඉතා වැරදි උපකල්පනයක්) . 2. අධික ගංවතුර මුලුමනින්ම පාලනයට මිනිසාට හැකි බව ( මෙය ඉතා වැරදි උපකල්පනයක්). 3. කිසිදා Dam කඩාගෙන නොයන බව (,සදාතනික ඉදිකිරීම් ) . 4. ගංඉවුරුවල හා පහත්බිම්වල අනවසර පදිංචිවීම මේම බැමි වලින් ආරක්ශා කලයුතු බව. 

මේ හදිසි ( Cyclone) ගංවතුර වැවේ capacity එක වගේ 5 ගුනයක් විතර වතුර අරන් ඇවිත් තියෙනවා. ගේට්ටු control කරලා නෙවෙයි, සම්පූර්ණයෙන් ඇරලා තිබ්බත් ඒ ආපදාව පාලනය කරන්න , වැවේ ධාරිතාව මදි. ඒ වගේ ගංවතුර ආවම ලෝකෙ පුරාම කරන්නෙ Dam එක බේරගන්න උපරීම ( සමහරවිට adverse ම weather උනොත් Dam කඩාගෙන ගිහින් තියෙනවා ලෝකෙ දියුනුම රටවලත් ) උත්සාහ කරන එක. එහෙම නොවුනොත් අනතුර ඊට වඩා බරපතළයි. 
ඔය ගෙදර වතුර ටැංකියේ වතුර tap වහලා control කරනවා වගේ disasters වලදි, වතුර පාලනය කරන්න බෑ. ඒ වගේම ජලවිද්‍යාවෙදි උගන්වනවා ( 50 years / 100 Years / 200 years / 500 years flood ගැන. අවුරුදු 200/ 500 දත්ත නැති නිසා බොහෝදුරට මේ 200/ 500 years flood එකක්. Dam එක බේරලා ගම්මාන washout වෙන්න නොදීම ගැන ඔවුන්ට ස්තුති කල යුතුයි. 

මොරගහකන්ද Dam එක ගාව පාර කට හේදුවා වගේ හේදිලා ගියා. ගම්පොල පාලමටත් ඒකම වෙනවා කොත්මලේ ඉංජිනේරුවො හිටියෙ නැත්නම්. ඒ වගේම ඔය ගේට්ටු අරින්න කලින් emergency evacuation වලට notice කරනවා. 
ගම්පොළ police යට , AG office, Schools, University ඔක්කොටම notice කරලා. මෙතැන අවුල, රටේ දොස්තරලා , නීතිඥයෝ , දේශපාලකයො , ඇතුලු ලංකාවෙ බහුතර පුරවැසියන්ට, පවා පූර්ව ආපදා අනතුරු ඇගවිම් නොතේරෙනකම. මේ notice legally issue කරලා තිබුනා.

- Indika Devaan 


A day in the life

2025-12-18

ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම.




ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම දැන සිටියද.  හිරු උදාවට පෙර අවදි වී ව්‍යායාම කිරීම සඳහා පියවර 10,000ක් තැබීමේ සිතුවිල්ල බොහෝ දෙනෙකුට කරදරකාරී දෙයක්  විය හැකිය, 

නමුත් දැන්, විශේෂඥයින් යෝජනා කරන්නේ සැතපුම් ගණනක් දිගු ඇවිදීමකින් තොරව ඇවිදීමේ ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.


ඇත්ත වශයෙන්ම, සෞඛ්‍ය සම්පන්නව සිටීමට තත්පර 30ක  පමණක් ව්‍යායාම් ගත හැකි අතර, එය 'ක්ෂුද්‍ර ඇවිදීම' ලෙස නම් කර ඇත. මෙම ක්‍රියාකාරකම දිගු ඇවිදීමට වඩා ප්‍රයෝජනවත් විය හැකි බව පර්යේෂණවලින් පෙනී යයි.

ක්ෂුද්‍ර ඇවිදීම් යනු ඔබේ ඊළඟ කාලය අතර විවේකයක් සහිතව එකවර තත්පර 10 සිට 30 දක්වා ඇවිදීම ලෙස අර්ථ දැක්වේ. ඒවා පඩිපෙළක් ඉහළට යාම හෝ ඔබේ කාර්යාලය වටා වටයක් කිරීම තරම් සරල විය හැකිය.


රාජකීය සංගමයේ  ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් විවිධ කාල පරතරයන් තුළ ඇවිදීමේ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමට උත්සාහ කරන ලදී.

ඔවුන්ගේ පර්යේෂණයේදී, කණ්ඩායම තත්පර 10 සිට මිනිත්තු හතර දක්වා විවිධ කාල පරිච්ඡේද සඳහා ට්‍රෙඩ්මිල් එකක ඇවිද ගිය හෝ කෙටි පඩිපෙළක් නැග්ග ස්වේච්ඡා සේවකයින් භාවිතා කළහ.

කෙටි ඇවිදීම් වලින් ඇවිද ගිය පුද්ගලයින්, එකම දුරක් ඇවිදීම සිදු කළද, දිගු, මන්දගාමී ඇවිදීම් කළ අයට වඩා සියයට 60 ක් දක්වා වැඩි ශක්තියක් භාවිතා කරන බව ඔවුන් සොයා ගත්හ.


ඔබ වැඩි ශක්තියක් වැය කරන තරමට, ඔබ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කරන අතර ඔබ කැලරි දහනය කරන ප්‍රමාණය වැඩි වේ.


ක්ෂුද්‍ර ඇවිදීම් යනු ඔබේ ඊළඟ ඇවිදීම අතර විවේක සහිතව එකවර තත්පර 10 සිට 30 දක්වා ඇවිදීමයි.

පර්යේෂකයන් නිගමනය කළේ කෙටි ඇවිදීම් කිරීමෙන් ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කළ හැකි අතර දිගු, ස්ථාවර ඇවිදීම් වලට වඩා වැඩි කැලරි දහනය කිරීමට උපකාරී වන බවයි.


ගෝලීය වශයෙන්, වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම් නොලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ, ඇමරිකානුවන්ගෙන් අඩක් පමණ අධික බර හෝ තරබාරු අය වන අතර මරණ 300,000 ක් පමණ සිදුවන්නේ ශාරීරික අක්‍රියතාව සහ දුර්වල ආහාර පුරුදු නිසා බව CDC ඇස්තමේන්තු කර ඇත.


"ක්ෂුද්‍ර ඇවිදීම් විශේෂයෙන් ඵලදායී වන අතර, එය වාඩි වී සිටින පුද්ගලයින්ට හෝ සුවය ලබන අයට, චලනය නැවත හඳුන්වා දීමට ප්‍රවේශ විය හැකි ක්‍රමයක් ලබා දෙයි," රීචාජ් හෙල්ත් හි සම-නිර්මාතෘ සහ සායනික අධ්‍යක්ෂිකා වෛද්‍ය සුලියා ෆ්‍රොස්ට් USA Today වෙත පවසා ඇත.


ව්‍යායාම කිරීම ආරම්භ කිරීම සමහරුන්ට අධික වෙහෙසකාරී බවක් පෙනෙන්නට තිබුණත්, ක්ෂුද්‍ර ඇවිදීම් මඟින් ඔබේ දවසේ විශාල කොටසක් ගත කරන දිගු ව්‍යායාම සඳහා කැපවීමෙන් තොරව ඔබව අලුත් සෞඛ්‍ය සහ යෝග්‍යතාවයේ මාවතකට යොමු කිරීමට පටන් ගත හැකිය.

'ඇත්තටම එය ඔබට කළ හැකි දේ කිරීම ගැනයි,' SoHo Strength Lab හි සම-නිර්මාතෘ, ආහාරවේදියෙකු වන ඇල්බට් මැතිනි කාන්තා සෞඛ්‍යයට පැවසීය.


'ඔබ විශාල ඇවිදින්නෙකු නොවේ නම් සහ "මට සැතපුම් පහක් ඇවිදීමට අවශ්‍ය නැත" යැයි ඔබ සිතන්නේ නම්, තත්පර 30 ක අභ්‍යාස කරන්න. එය වඩාත් පලදායිතාවයක් අත් කරගත හැකිය.'


කෙටි ඇවිදීම් වලින් බොහෝ ප්‍රතිලාභ තිබේ.


ආහාර ගැනීමෙන් පසු මිනිත්තු කිහිපයක් ඇවිදීම පවා ආහාර ජීර්ණයට උපකාරී වන අතර රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වේ.

පර්යේෂණවලින් පෙනී යන්නේ දවස පුරා කෙටි චලනයන් කැලරි දහනයට සහ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට දායක වන බවයි.

දිගු වේලාවක් වාඩි වී සිටීම තද ගතිය, පිටුපස වේදනාව සහ ශක්ති මට්ටම් අඩුවීමට හේතු විය හැක.


සෑම පැයකටම මිනිත්තු පහක ඇවිදීමේ විවේකයක් ගැනීමෙන් රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට, සාන්ද්‍රණය වැඩි කිරීමට සහ තෙහෙට්ටුව අඩු කිරීමට හැකිය.

ඊට අමතරව, ඉක්මන් ඇවිදීම මනෝභාවය වැඩි දියුණු කිරීමට හේතු විය හැක. ක්ෂුද්‍ර ඇවිදීම් වලට ආතති හෝමෝන අඩු කිරීමට සහ නිර්මාණශීලිත්වය වැඩි කිරීමට හැකියාව ඇති අතර, ඵලදායී ලෙස ඵලදායිතාව ඉහළ නංවයි.


සහ උදාසීන ජීවන රටාවක් හෘද රෝග, තරබාරුකම සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරයි.

ඇවිදීම - කෙටි කාල පරතරයන් තුළ පවා - රුධිර පීඩනය නියාමනය කිරීමට, බර කළමනාකරණය කිරීමට සහ හෘද වාහිනී සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ද උපකාරී වේ.


මීට අමතරව, අධ්‍යයන 60 කට ආසන්න සංඛ්‍යාවක මෑත විශ්ලේෂණයකදී, පර්යේෂකයන්  ඩිමෙන්ශියාව, හෘද රෝග සහ සමහර ආකාරයේ පිළිකා අවදානම අඩු කිරීමට ප්‍රමාණවත් විය.

160,000 ක ජනතාවකගේ සෞඛ්‍ය දත්ත මත පදනම්ව, දිනකට පියවර 7,000 ක් ඇවිද ගිය අයට ඇමරිකාවේ අංක එකේ ඝාතකයා වන හෘද වාහිනී රෝග අවදානම 25% කින් අඩු විය.

ඊට අමතරව, දිනපතා පියවර 7,000 ක් ඩිමෙන්ශියා අවදානම 38% කින් අඩු කිරීමට හේතු විය.


මෙම මිනුම අනුගමනය කළ පුද්ගලයින් දිනකට පියවර 2,000 ක් පමණක් ගත් අයට වඩා මානසික අවපීඩනයෙන් පෙළීමේ සම්භාවිතාව අඩු විය.


A day in the life

2025-12-17

පැරසිටමෝල් .



පැරසිටමෝල්: ඔබේ ගෙදර 'හොඳම මිතුරා' ද, 'සැඟවුණු සතුරා' ද?
උණක්, ඔළුව කැක්කුමක් ආපු ගමන් අපි දුවන්නේ ගෙදර බෙහෙත් පෙට්ටිය ළඟට. එතන ඉන්නවා අපේ "විශ්වාසවන්ත යාළුවා" - පැරසිටමෝල් (Paracetamol) හෙවත් 'පැනඩෝල්'.
මේක නැති ගෙයක් හොයාගන්නත් අමාරුයි. ඒත්, මේ "යාළුවා" හැමවෙලේම හොඳ කෙනෙක්ද?
අපි මේ "වීරයා" ගැනත්, එයාගේ භයානක "සැඟවුණු සතුරා" කියන පැත්ත ගැනත් හරියටම දැනගමු.
😇 "වීරයා" (පැරසිටමෝල් වල හොඳ පැත්ත)
පැරසිටමෝල් කියන්නේ ඇත්තටම නූතන වෛද්ය විද්යාවේ වටිනා නිර්මාණයක්.
වේදනා නාශකයක්: ඔළුවෙ කැක්කුම, ඇඟපත රිදීම, දත් කැක්කුම වගේ පොදු වේදනාවන් පාලනය කරන්න දක්ෂයි.
උණ අඩු කරයි: ශරීරයේ උෂ්ණත්වය (උණ) නැවත සාමාන්ය තත්ත්වයට ගේන්න උදව් වෙනවා.
ආමාශයට මෘදුයි: ඇස්ප්රින් (Aspirin) හෝ ඉබියුප්රොෆෙන් (Ibuprofen) වගේ අනිත් බෙහෙත් වලට සාපේක්ෂව බඩට එතරම් සැර නෑ (බොහෝ දෙනෙක්ට).
ගන්න ලේසියි: බෙහෙත් වට්ටෝරුවක් නැතුවම (Over-the-counter) ෆාමසියකින් ගන්න පුළුවන්.
මේ නිසාම තමයි පැරසිටමෝල් අපේ "හොඳම යාළුවා" වෙලා ඉන්නේ.
👿 "සැඟවුණු සතුරා" (භයානක පැත්ත)
මෙන්න මේකයි අපි කවුරුත් හරියටම දැනගත යුතු දේ: පැරසිටමෝල් භයානක වෙන්නේ "ඕනවට වඩා" (Overdose) ගත්තොත් විතරයි.
ප්රධාන ඉලක්කය: අක්මාව (Liver)
අපේ ශරීරයේ "ෆිල්ටර් එක" තමයි අක්මාව. අපි ගන්න හැම බෙහෙතක්ම වගේ පිරිසිදු කරන්නේ මෙතනින්.
සාමාන්ය මාත්රාවක් (Dose) අක්මාවට කිසිම ප්රශ්නයක් නැතුව පිරිසිදු කරන්න පුළුවන්.
නමුත්, එකපාර පෙති ගොඩක් (උදා: 10-15) ගත්තොත්, හෝ දවසකට ගන්න පුළුවන් උපරිම ප්රමාණය (වැඩිහිටියෙක්ට සාමාන්යයෙන් දිනකට ග්රෑම් 4, එනම් 500mg පෙති 😎 පැනලා දිගටම ගත්තොත්, අක්මාවට මේක දරාගන්න බැරිවෙනවා.
එවිට පැරසිටමෝල් වලින් හැදෙන "විෂ සහිත අතුරු ද්රව්යයක්" අක්මාවේ සෛල මරන්න පටන් ගන්නවා.
ප්රතිඵලය: අක්මාව සම්පූර්ණයෙන්ම අක්රිය වීම (Liver Failure). මෙය මරණයට පවා හේතු විය හැකි ඉතාම බරපතල තත්ත්වයක්.
⚠️ අපිට වරදින ප්රධාන තැන් 3ක්
අපි නොදැනුවත්වම මේ "සතුරාට" උදව් කරන විදි තුනක් මෙන්න:
ළඟ ළඟ බීම: "උණ අඩු වුණේ නෑනේ" කියලා, නියමිත වෙලාව (සාමාන්යයෙන් පැය 4ක් හෝ 6ක්) ඉන්න කලින් ආයෙත් පෙති ගැනීම. මේකෙන් දවසේ උපරිම මාත්රාව පහසුවෙන්ම පනිනවා.
"සැඟවුණු මාත්රාව" (The Hidden Dose): මේක තමයි ලොකුම වරද. ඔබ හිතන්නේ 'පැනඩෝල්' විතරයි ගත්තේ කියලා. ඒත්, ඔබ සෙම්ප්රතිශ්යාවට, කැස්සට ගන්න වෙනත් බෙහෙත් (උදා: Cold & Flu පෙති, කැස්ස පැණි) වලත් පැරසිටමෝල් අඩංගු වෙන්න පුළුවන්. එතකොට ඔබ නොදැනීම දවසට ඕන ප්රමාණය වගේ දෙගුණයක් අරගෙන ඉවරයි!
සැමවිටම ගන්නා වෙනත් බෙහෙත් වල "Paracetamol" හෝ "Acetaminophen" (ඇමරිකාවේ භාවිතා වන නම) තියෙනවද කියලා ලේබලය කියවන්න.
"භයානක මිශ්රණය" (The Risky Mix): මත්පැන් (Alcohol) සමඟ පැරසිටමෝල් ගැනීම කියන්නේ අක්මාවට කරන මාරාන්තික අපරාධයක්. මත්පැන් සහ පැරසිටමෝල් කියන්නේ දෙකම අක්මාවට බර පටවන දේවල්. මේ දෙක එකට ගත්තම, අක්මාවට වෙන හානිය ඉතාම බරපතලයි.
අවසාන වචනය: පිහියක් වගේ...
පැරසිටමෝල් කියන්නේ හරියට කුස්සියේ තියෙන "පිහියක්" වගෙයි.
නිවැරදිව පාවිච්චි කළොත්: එළවළු කපලා රසට කෑමක් හදාගන්න පුළුවන් (වේදනාව, උණ නැති කරන්න පුළුවන්).
වැරදියට, නොසැලකිලිමත්ව පාවිච්චි කළොත්: අත කපාගෙන ලේ විලක් මැද නවතින්නත් පුළුවන් (අක්මාව විනාශ කරගන්න පුළුවන්).
ඒ නිසා, පැරසිටමෝල් කියන "යාළුවා"ව පරිස්සමෙන් පාවිච්චි කරන්න. හැමවිටම දොස්තර හෝ ඖෂධවේදියා කියන නියමිත මාත්රාව පමණක්, නියමිත වෙලාවට ගන්න. සැකයක් ඇත්නම් අනිවාර්යයෙන් වෛද්ය උපදෙස් පතන්න.


- කොහොමද ඒක.
https://www.facebook.com/profile.php?id=100063619304149&__cft__[0]=AZZCPinf912aoBZufqSXgIRGsp8VKKNXJtHNKzTVatdsvyuj8rmTO0G6aLa_ZDUHSeFrx7yJOYQGKKGv3bNYKukztZK4hKIYlSBBo56hnNP_uuY3qTHcbwlDYNRltzAx9a8YQ7pay4T8nLJnp83P8Z0Gk9GJ8xcADeUCI6hy28nSzOzhg1l5_ZdJqBXSz9TYO1ge0mAjj_8h_3RNXuXaz1PANLMQZrHKVymmFkq_rwg-Jg&__tn__=-UC%2CP-y-R

A day in the life

2025-12-16

බුදුරජාණන් වහන්සේත් ධර්මය දේශනා කරන්න මැළිවුණා.




 බුදුරජාණන් වහන්සේ , ධර්මය  දේශනා කරන්න   මැළිවුණා මුලින්.  සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා  කළේ , අවබෝධ කරගන්න පුළුවන්  සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා. 
1.උග්ගට්තඤ්ඤ.                        
2. විපටිතඤ්ඤ.                      
3.ඤෙය්‍ය .                                    
4.පදපරම.
                                    
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.            
දෙවැනියා ,ධර්මය  පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක්  අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.               
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය  කරා යන්නට  නොහැකි වෙනවා.                   

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට  දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්,  විල් දියේ ගෑවි,  ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින්  විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ ) 
  
තව සමහර මල් ,  තරමක්  ගැඹුරු  දියේ තිබිලා,  ක්‍රමයෙන්  හිරු එළිය ඊට  වැටුණාම  දියෙන්  මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
              
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම,   අමාරුවෙන්  උඩට  මතුවෙනවා .(ඤෙය්‍ය )
          
 තවත්  කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා,  මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන්  ට කියපු උපමාව.............

බුදුන් වදාළ ධර්ම ය  මොනතරම්  සුන්දරද  ?.


A day in the life

2025-12-15

කන්දට වැස්මක් .



ලංකාවේ "ජනතා විමුක්ති පෙරමුණ" නමින් බිහිවූ පක්ෂ තුනකි.
පළමුවැන්න හැට ගණන්වල ඇරඹී හැත්තෑ එකේ පොළවට සමතලා වන
"ජනතා විමුක්ති පෙරමුණ" යි.
දෙවැන්න හැත්තෑ ගනන්වල අරඹා අසූ අට නවයේ පොළවට සමතලා වන්නයි.
තෙවැන්න වර්තමානයේ බලය හොබවන්නයි.
මේ ත්රිත්වය නමින් එකක් විය.
නමුත් ආකෘතියෙන් තුනක් විය.
පොදුවේ ගත් කල මේ ත්රිත්වයෙහිම අරමුණ වූයේ "සමාජවාදී රටක්' තැනීමයි.
ඒ සඳහා ගත් ක්රියාමාර්ග වල වෙනස්කම් විය.
මා කියන්නට යන්නේ පළමුවැනි ජ.වි.පෙ.යත්
තෙවැන්නත් සමපාත වූ අවස්ථාවක් "ස්වභාව ධර්මය" විසින්
උදා කර ඇති අන්දමයි.
සිදුවූ ව්යසනය අළලා වත්මන් ජනාධිපති වරයා
"අඩි පන්දාහෙන් උඩ කඳුකරය නැවත වන වැස්මක් කරන" බව පවසා ඇත..
නවසිය හැට ගණන්වල ඇරඹූ පළමු ජනතා විමුක්ති පෙරමුණ
කොළඹ හයිඩ් පිටියේ තම ප්රථම මහජන රැස්වීම පවත්වනු ලැබීය.
එහිදී කතා කළ "රෝහණ විජේවීර" පළමුව ⁣
මේ රටේ සමාජවාදය උදා කළ යුත්තේ මන්ද?
යන තේමාවෙන් කතා කොට දෙවැනුව
"අපි මේ,රටේ සමාජවාදය උදා කරලා
ඊ ලඟට කරන්ටෝන පළමුවැනි කාරිය මොකක්ද?
මේ රටේ කඳුකරයේ අඩි පන්දාහට උඩ නැවත වන වැස්මක් කරන්ටෝන.
සුද්දා මේ රට අයිති කරගෙන වතු වගාවට කියලා
කද්රකරයේ තිබුණ කැලෑ කපලා මහා විනාසයක් කළා.
සුද්දන්ගෙන් පස්සෙ බලය ගත්ත කළු සුද්දො
ඊට වඩා හොඳට ඒක කරගෙන ගියා..
අපි අද හෙටම ඒක නැවත වන ගහනයක් නොකළොත් මතක තියාගන්ඩ
තව අවුරුදු විස්සක් යනකොට
මේ රටේ මිනිස්සු පවුල් පිටින් වැළලෙයි.
ගම් පිටින් වැළලෙයි.
එදාට මම ඉන්න එකක් නෑ.!"
ආදී වශයෙනි.(වචන මේවාම නොවිය හැක)
මේ කාලයේ "නාය යෑමි"යනු පාරකට ඉවුරක් සෝදා ඒම පමණක් විය.
නමින් එකක් වන මුත් ආකාරයෙන් දෙකක් වන
එදා ජ.වි.පෙය සහ වත්මන් ජවිපෙය
එකම තැනකට ගෙන ආවේ සොබා දහම විසින් ය.
හැට ගණන්වල කඳුකරයේ පැවති තත්වයට වඩා අද වෙනසිය.
ඊට වඩා විනාසයට පත්ව ඇත.
වැඩේ ලේසි නැත.
නමුත් කළ යුතුය.
කළ හැකි ය.
අමාරුවෙන් හෝ කළ යුතුය.
ඒ මෙදෙසේ බිහි වීමට නියමිත මතු පරපුරු වෙනුවෙනි.
සමාජවාදය හෝ වෙන ඕනෑම දෙයක් කිරීමට
රටක් තිබිය යුතුය.
රට රැකෙන්නට නම් එය කළ යුතුමය.
ජනාධිපතිතුමනි.
වෙනත් මොන කාරණේදි එකඟ නොවුනත්
මේ කාරණේදි මගේ ඉතිරි ජීවිත කොටයත්
එහෙම පිටින් පුද කිරීමට සූදානම් ය.
කතාවට සැලියුට් ය.

- කමල් පී අලහකෝන්.
A day in the life