අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2025-03-13
මැදින් පොහොය

3/13/2025 12:25:00 pm

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි...

Read more »
2025-03-11
ඉතින් මැරිලාම බලමු.

3/11/2025 10:05:00 pm

අපි කවුරුත් මරණයට පත්වෙමු. උපන්දා සිට යන ගමන කෙළවරවන්නේ මරණයෙනි. මේ අතරවාරයේ කොයිතරම් වෛවාරන කරන්නේද යන්න ආපසු හැර බලන්නේ නම් බැරෑරුම් සහගත ...

Read more »
2025-03-10
දොට්ට පිලට යනවද  ?.

3/10/2025 01:43:00 pm
1

දොට්ට පිලට යනවද?පිල ගැන නොදන්නා කතා! "රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න" මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑ...

Read more »
2025-03-08
අනවසරයෙන් ඇතුලු නොවන්න - පෞද්ගලික දේපලකි

3/08/2025 01:58:00 pm

නිධාන කථා අපිට අලුත් නැත. කලක් අපේ රාජ්‍ය නායකයෙක් නිධන් කල වස්තුක් සොයා පෞරාණික බිම්වලකැණිම් කරන ලද බව පතල රහසක් විය. පැරණි පුදබිම් සංවර්ධණ...

Read more »
2025-03-07
ඉවසීමේ මානසිකත්වය රටක ජාතීන් ගොඩනංවන්න හේතු වෙනවා...- මැන්ඩෙලා

3/07/2025 07:42:00 pm

මම ජනාධිපති උනාට පස්සේ දවසක් මම මගේ ළගම හිතවත් ආරක්ෂකයින් කීපදෙනෙක් එක්ක නගරයේ ඇවිදින්න ගියා. උදේ වරුවේ ඉදන් ටිකක් වැඩිපුර නගරයේ ඇවිදලා හිටප...

Read more »
2025-03-06
ඩොනල්ඩ් ට්‍රම්ප්  සහ සෙලෙන්සික්.

3/06/2025 09:30:00 pm

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් එලවා දමයි….. ලෝකයේ රාජ්‍යතාන්ත්‍ර  යට ඉතාමත් අදුරු දිනයක් ඊයේ වොෂින්ටන් නුවර ධ...

Read more »
2025-03-05
2025-03-04
Back to home'

3/04/2025 10:57:00 am

  සැලසුම වෙනස් කරන්න සිදුවුනා. 12 වෙනිදා වෙනකම් නන්නාතර වෙන්න හිතාගෙන හිටපු මට ආපසු ගෙදර එන්න සිදුවුනා. කාලෙකින් නොලැබුන අත්දැකීමක් එක්ක. පු...

Read more »
2025-03-02
අහංගම.....

3/02/2025 07:00:00 pm

අහංගම කෙනෙක් අහංගම වෙනස දකින්නේ නැහැ. අද ප්‍රදේශයේ හැමතැනම විදේශික සංචාරකයින්ගෙන් පිරිලා. වෙරළ තීරයේ ,ප්‍රධාන මාවත දෙපස හෝටල් වල විතරක් නෙමෙ...

Read more »
2025-03-01
සනුහරය

3/01/2025 12:00:00 pm
1

සනුහරයක් සොයා ගිය ගමනක් අද කතාව බවට පත්වෙනවා. ඒකවගේ කතා කියවා කියවා ඉන්න අතරට මේකත් ඒක කතාවක්. අපි ලියනගමගේ වාසගමට යෙදුන පරම්පරා කිහිපයක් පැ...

Read more »