නිධාන කථා අපිට අලුත් නැත. කලක් අපේ රාජ්‍ය නායකයෙක් නිධන් කල වස්තුක් සොයා පෞරාණික බිම්වලකැණිම් කරන ලද බව පතල රහසක් විය. පැරණි පුදබිම් සංවර්ධණය කරන මුවාවෙන්
නිධන් ගොඩ ගත් බවට කතාද අපේ කතාබහට එක්වී ඇත.
සමහරුන්ට සංවර්ධනය කරන පුදබිම් ධන බවට පත්ව ද ඇත.
අද කතාව මේ ඕපාදූප වලට අදාල නැතත් නිධානයක් , නිධානයක් කර ගත් සහෝදරයින් දෙදෙනෙකු ගේ කතාවකි.💁💁💁💁
දිනක් සහෝදරයෝ දෙදෙනෙකුට වලලා තිබු නිධාණයක් පිලිබද තොරතුරු මහලු මිනිසෙකු ගෙන් ලැබිනි.
ඔවුන් දෙදෙනා එකිනෙකා කතිකා කරගෙන එම නිධාණය සොයා යාමට තීරණය කලේය.
එම නිධානය වලලා තිබුනේ පැරණි නිවසක් සහිත වත්තකය. ඔවුන් හදිසි තීරණයකින්
සැලසුමකින් තොරව එම ස්ථාණයට ගිය බැවින් , කිසිදු මෙවලමක් රැගෙන නොගියේය.
වාසනාවකට වැසි සමයක් , මොවුන් පිටත්වු කාලය විය.
භුමියද සිනිදු වැලි සහිත පසකින් යුක්ත විය.
ආපසු ගොස් මෙවලම් රැගෙන ඒම පසක ලා දෙදෙන අතින් පස පෙරලන්න විය. මෙසේ දින තුනක් වෙහෙසව පස පෙරලන විට රන්කාසි කිහිපයක් මතුවිය. දැන් මේදෙදෙනාට හරිම සතුටුය.
ඔවුන් අතරින් එක් අයෙකු , අනෙකාට නගරයට ගොස් කෑම බීම ඇදුම් පැළදුම් මිළදී ගැණීමට යෝජනා කලේය.
අනෙකා එයට අකමැති විය.
ඔවුන් සතුවු රන්කාසි වල වටිනාකම වෙන් වෙන්ව පනස් දහසක් පමන විය.
එහෙනම් මම යන්නම් කියා නගරයට ගිය ඔහු වටිනා ඇදුම් පැළදුම් , ආහාර පාන මිළදි ගෙන පේසෝ පනස් දහසම වියදම් කර ගත්තේය.
ආහාර පාන ඇදුම් පැළදුම් මිළදී ගැණීමට අකමැති වුනත් දෙදෙනාම නගරයට ගියේය.
ඔහු දින කිහිපයකට ආහාර ද්‍රව්‍ය ,උදැල්ලක් සවලක් සහ විල්බැරෝවක් වැනි තම කාර්යට අවශ්‍ය බඩු භාණ්ඩ කිහිපයක් මීළදී ගත් අතර ඉතිරි මුදල් සුරක්ෂිතව තබා ගැණීමට උනන්දුවිය.
දෙදෙනාම නැවතත් නිධානය සෙවීමට වැඩ පටන් ගත්තේය.
පලමු වැන්නා අහාරපාන ඇදුම් පැළදුම් සහ සුඛොපබෝගී භාණ්ඩ මිළදි ගත්තත් තම කාර්ය සිදු කර ගැණීමට මෙවලම් ගැණීමට උණන්දු නොවීය.
දෙවෙනියා මුදලුත් ඉතිරි කර ගෙන කාර්ය සිදු සිදු කිරීමට මෙවලම් ගත්තේය.
ඔහු කාර්යක්ෂමව තම කටයුත්තේ නියලුනේය.
වැඩි රන්කාසි තොගයක් සෙයා ගැණීමට ඔහුට හැකිවිය.
පලමුවැන්නා පෙර පරිද්දෙන්ම අතින් පස පෙරළමින් කාසි සොයන්නට පටන් ගත්තේය.
ඔහුට සොයා ගැණීමට හැකිවුයේ කාසි කිහිපයක් පමනක් විය. ලැබු කාසිත් සමග වෙළදපලට ගිය ඔහු පෙර පරදිම බඩු භාණ්ඩ මිළදි ගත්තේය.
නිවෙස් බලා පිටත්ව ගිය මෙවුන් නැවත් මාස දෙකකින් පමණ මුණ ගැසීමට එකිනෙකා ගිවිස්සා ගත්තේය
මේ අතර කාළයේ වැඩි රන්කාසි තොගයක් සොයා ගත් සහෝදරයා නිධානය තිබු නිවසත් ඉඩමත් මිළදි ගත්තේය.
පස පෙරලිම සදහා යාන්ත්‍රික උපකරන මිළදී ගත්තේය.
මාස දෙකක් ගෙවී ගියේය.
කාබී කෙලි දෙලෙන් ගත කල අනෙක් සහෝදරයාට මාස දෙකක් ඉක්ම ගිය බව දැනුනේම නැත.මාස දෙක ගෙවී ගිය දා ගිවිස ගත් පරිදි ඔහු වැඩ බිමට පැමීණියේය.
ඉඩමට ඇතුල්වන ස්ථානයේ "අනවසරයෙන් ඇතුලු නොවන්න - පෞද්ගලික දේපලකි . " යන පුවරුව කියවා ගැණීමට ඔහුට බොහෝ වෙලාවක් ගතවිය.
💁💁💁💁
තම පලමු කාසි කිහිපය නැති නාස්ති නොකර උපකරන මිළදී ගත් සහෝදරයා ජීවිත කාලයම සුව පහසුව ජීවත්වීමට සම්පුර්න නිධාණයම හිමිකර ගත්තේය.බොහෝ මිනිසුන් සිහින දකින අයුරින් සැනසිල්ලෙන් මුලු ජීවිත කාලයම ගතකිරීමට ඔහුට හැකිවිය.
අනෙක් සහෝදරයා සිංදු කියමින් නටමින් ගත කල පළගැටියා මෙන්.....ලැබු ධනය ආයෝජණය නොකරමින් කා බී විනෝදයෙන් ගත කර පසුව දුකට පත්විය.
ධනය වාසනාව ,හැකියාව ,නොපසුබට උත්සහාය විචක්ෂනභාවය, සහ බුද්ධිය ඇත්නම් අධිරාජ්‍යයයක් වුවද ගොඩනැගිය හැකිය
A day in the life
0 comments:
Post a Comment