මහනුවර සිට කොළඹට විහිදෙන ප්රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප්රකට ගැටඹේ රාජෝපවනාරාමයේ පඬුරු දමන බෝධිය පාර අද්දර පිහිටා ඇත. මේ බෝධිය පිළිබඳ රසවත් කතා පුවතක් මෙහි දැක්වෙයි. මහනුවර සිට ගැටඹේ බෝධිය තෙක් දුර කිලෝමීටර පහක් පමණ වෙයි. මේ බෝධිය මහනුවර නිර්මාණය වූ කරත්ත සීපදවල වර්ණනා වනුයේ එදා සිය ගණනක් වූ කෝපි කොළඹට රැගෙන ගිය ගැල් රෑට නවාතැන් ගත් තිප්පලක් වශයෙනි. මේ බෝධිය සිට කිලෝ මීටර් භාගයක් පමණ දුරින් පේරාදෙණිය පොලිසිය අසලින් ඇතුළට ගිය විට එදා තුන් සිංහලයේ ම පයින් ගමන් බිමන් ගිය අය නැවැතී විවේක ගෙන සීතල දිය නා ගිමන් හළ ප්රකට මධ්යස්ථානයක් වූ හාල් මැහි කඳුර නම් හන්තාන කන්දෙන් පොළව යටින් මතු වී බුබුළු දමමින් උඩට ආ සීතල ජල උල්පත විය. පියා හා අමනාප ව කොත්මලේට පලාගිය ගැමුණු කුමරු දිවා ආහාරය ගෙන විවේක ගත්තේ ද හාල් මැහි කඳුරේදී ය. 1947 ගංවතුරෙන් මුළු ප්රදේශය ම වර්ෂා ජලයෙන් යට වෙද්දී ගැටඹේ බෝධිය අවට බිම ගංවතුරට යට නොවී ඉතිරි වීම සමඟ ගැටඹේ බෝධියේ හාස්කම් පැතිරී යාමට විය. වර්තමාන දියුණුවට අඩිතාලම වැටුණේ මේ හාස්කම සමඟ ය.පේරාදෙණිය රාජෝපවනාරාම පඬුරු දමන බෝධිය පිළිබඳ රසවත් කතා පුවත දැන් විමසා බලමු. උඩරට දෙවන රාජසිංහ රජු (1636 / 1687) රජ කරන විට දිගූද මේලෝ කැස්ට්රෝ නමැති පෘතුගීසි සෙන්පතියා යටතේ පෘතුගීසි වරු උඩරට විශාල යුද හමුදාවක් රැගෙන විත් වට කළහ.පරංගි හමුදාව කඳවුරු බැඳගත්තේ මහවැලි ගඟ අද්දර ගැටඹේ තොට අසලයි. පෘතුගීසීන් උඩරටට ඇතුළුවන විට මහනුවර අත හැර කඳුකරයට පළා ගිය රජු ටිකෙන් ටික නගරයට ළංවෙමින් ගරිල්ලා ක්රමයට සතුරා වටලන්නට විය. දැඩි වර්ෂාව සමඟ මහවැලි ගඟ උතුරා යාමට විය. ගැටඹේ බෝධිය අසල මෑතක් වනතුරු ගඟ හරහට ස්වභාවික ගල් බැම්මක් සේ විහිදී ගිය හරස් ගල්තලාවක් විය. ඉන් ගඟේ ජලය ගලායාම සිදුවූයේ ඉතා සෙමිනි. එය ගඟේ ස්වාභාවික බාධකයක් විය.වර්ෂාව සමඟ ම රෝගාබාධ මතු වන්නට විය. පෘතුගීසීන්ගේ යුද කඳවුරේ ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් සියල්ල වර්ෂාවට තෙමී තෙත බරිත විය. පසුදා උදෑසන හිරු රැස් වැටෙන විට තෙමුණු වෙඩි බෙහෙත් ගෝනි බිම එළා සුදු වැලි ඇති ගංඉවුරේ දමා වේලන්නට විය. ගැටඹේ තොට යාව පිහිටි ගන්නෝරු කන්ද හෙවත් දිවි දොස් කන්ද එදා උඩවත්ත කැලේ - හන්තාන – බහිරව කන්ද සමඟ එක ම කැළෑ යායක් ලෙස පැතිර තිබූ දැවැන්ත කැළෑවක් විය. දිවි දොස් කන්ද මුදුනට නැඟගත් සිංහල සෙනෙවියෝ ගැටඹේ ගංඉවුරේ පෘතුගීසීන් තෙත් වූ වෙඩි බෙහෙත් ගෝනි මත එලා වේලනු දුටුවාහ. මේ බව ඊයක බැඳි රහස් තල්පතක් මඟින් රජු වෙත දැනුම් දී ඇත. රාජ නියෝගය වූයේ ඒ වෙඩි බෙහෙත් විනාශ කිරීමයි. දිවි දොස් කන්ද මුදුනේ සිට ඊතලවල බැඳි ගිණි ඇවිල වූ කරුංකා ගෙඩි බැඳ වෙඩි බෙහෙත් වෙත දුනුවලින් ඊතල කීපයක් එක්වර ම පතිත විය. වේලමින් තිබූ වෙඩි බෙහෙත් මහ හඬ නඟා පුපුරා එක ම ගිණි ජාලාවක් බවට පත් විය. ඒ සමඟ ම සැඟවී සිටි සිංහලයෝ තුවක්කු හෙලි දුනු ඊ කඩු රැගෙන පරංගීන් වෙත කඩා පැන්නාහ. අඩ හෝරාවක් ම පැවැති ගන්නෝරු සටනින් පරංගි හමුදාව සමූල ඝාතනය වූ අතර පරංගි ලෙයින් ගැටඹේ තොටේ සුදු වැල්ල රතුපාට විය. මාරාන්තික කඩු පහර කෑ දිගූද මේලෝ කැස්ට්රෝ තම පුතා දෙවන රාජසිංහ රජුට බාර දී අවසන් හුස්ම හෙලුවේය.1638 ගන්නෝරු සටනින් ලැබූ ජය දෙවන රාජසිංහ රජුගේ රාජ සභාවේ සිටි කවීන් නවදෙනා මෙන්ම ප්රශස්ති හා හටන් කාව්ය කරුවන්ගේ ජය සමරු ප්රශස්ති කවිවලට වස්තු බීජ විය. ශ්රී නාමේ – පවන – රාජසිංහ රාජෝත්තමයා එවැනි ප්රශස්ති කාව්ය කීපයකි.ගන්නෝරු සටනේ එය සිහිවීමට දෙවන රාජසිංහ රජු තම සහෝදර විජයපාල කුමරු ලවා ජය සමරු බෝධි අංකුර තුනක් සිටුවීය. ගැටඹේ රාජෝපවනාරාමයේ ඇති පඬුරු දමන බෝධිය එසේ රාජසිංහ රජුගේ නියමය පිට විජයපාල කුමරු 1638 රෝපණය කරවූවකි. එය දැනට අවුරුදු 375කට වඩා පැරැණිය. අතු පතර විහිදී ගිය දැවැන්ත ශාඛා පහක් පමණ එහි ඇත. බෝධි පූජාවලට මේ ස්ථානය නම ගිය ස්ථානයකි.දෙවන ජය සමරු බෝධිය මීට මඳක් නුදුරින් මහනුවර ඇසළ පෙරහර දියකපන තොටුපල අසල පිහිටා ඇත. එය ගඟ අද්දර ම සරු පසක පිහිටි බැවින් මුලවට අඩි හතළිහක් පමණ යුතු හොඳින් ශාඛා පත්ර විහිදී ගිය වෘක්ෂයකි. ඇසළ පෙරහරේ දිය කපන දා මේ දිය කැපුම් බෝධිය අසල දහස් ගණනක් බැතිමත්හු මහ රෑ ගඟට පැන දිය කැපූ පසු නාති. මේ දිය කැපුම් බෝධියේ අතු හා පත්ර හරස් අතට විහිදීම විශේෂයකි. මේ අසළ අලුතින් දිය කැපුම් තොට රක්වංග විහාරය ඇරැඹී ඇත. මේ බිම්කඩ මහනුවර විෂ්ණු දේවාලයට අයිතිය.තුන්වන ජය සමරු බෝධි අංකුරය එදා පේරාදෙණිය මල්වත්තේ සිටුවා ඇත. සරුවට වැඩී තිබූ මේ බෝධිය 1820 ඉංග්රීසින් පේරාදෙණි මල්වත්ත නැවත සකස් කිරීමේදී කපා දමා ඇත. ගැටඹේ බෝධිය දකින විට 1638 ගන්නෝරු සටන හා සිංහලයන් එහිදී ලැබූ අතිවිශිෂ්ට ජය එක්වර සිහියට නැඟෙයි.
තෙරුවන් සරණයි .
පොසොන් පෝය 29 වෙනිදා.
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2025-01-11
ගැටඹේ බෝධිය .
2025-01-09
මුරණ්ඩු සහ හිතුවක්කාර කාන්තාවන්
2025-01-08
ශ්රී ලංකාවේ පොල් වගාව
පොල්ගස ලෝක ජනගහනයෙන් 1 /5 ක්ට පමණ නැතුවම බැරිය. පොල් ගස බහු වාර්ෂික වැවිලි බෝගයකි. ඒක බීජ පත්‍ර ශාකයක් වන පොල් ගස ඌෂ්ණ සහ තෙත් නිවර්තන දේශගුණයට ඉතා හොඳින් අනුවර්තනය වී තිබේ. ඉතා උස් බිම් සහිත ප්‍රදේශ හැරුණ විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පොල් වගා කෙරේ. පොල් වගාව වැඩිපුරම පැතිරී ඇත්තේ පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ හා කළුතර යන දිස්ත්‍රික්කයන් ඇතුළත් වන පොල් ත්‍රීකෝණයෙහිය. මෙය ප්‍රධාන පොල් ත්‍රීකෝණයයි . මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව කුඩා පොල් ත්‍රිකෝණය නමින් පොල් ත්‍රිකෝණයක් හඳුනාගෙන තිබේ. මිද්දෙනිය , රන්න සහ බෙලිඅත්ත එම ප‍්‍රදේශයට අයත් වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 750 ක් පමණ උස ප්‍රදේශ දක්වා වූ බිම්වල පොල් වගා කෙරේ. පොල් ගස හිරු එළියට ප්‍රිය ඝර්ම කලාපීය ශාඛයකි. පොල් ගස හොඳින් වැවීමට පහත සඳහන් සාධක අවශ්‍ය වේ. සෙල්සියස් අංශක 27 ක සාමාන්‍ය වාර්ෂික ඌෂණත්වයක් පැවතීම සුදුසුය. පරිසරයේ ආර්ද්‍රතාවය 80% - 90 % පමණ විය යුතුය. වසර පුරා ඒකාකාරීව පැතිර පවත්වා මිලි මීටර 1500 ක වාර්ෂික වර්ෂාපතනයක් පොල් වගාව සඳහා අවශ්‍ය වේ. පසේ ආම්ලිකතාවය ර්‍ථඩ් - 5- 7 ත් අතර අගය මට්ටමක තිබීම පොල් ගසේ වැඩීමට හිතකරය.අෂ්ටිලය යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා දෙන පොල්, වගා කරන ලෝකයේ රටවල් 90 ක් පමණ තිබේ. ලෝකයේ පොල් වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර් දශ ලක්ෂ එකොළහක ( 1, 000,011 ) වපසරියකි. මේ භූමි ප‍්‍රමාණයෙන් අවුරුද්දකට ලබන ඵලදාව ගෙඩි බිලියන 52 කි. ලොව පොල් වගා කරන්නන් අතර හතරවැනි ස්ථානය ලංකාව ලබා ගෙන සිටී.ලංකාව සමග පොල් වගා කරන අනෙක් රටවල් ලෙස ඉන්දුනීසියාව , ඉන්දියාව, පිලිපීනය, මැලේසියාව , පැපුවානිව්ගිනියාව මීට අමතරව සොලමන් දූපත්, තායිලන්තය වියට්නාමය වැනි රටවල්ය. ලංකාවේ පොල් සම්බන්ධයෙන් 2003 ජාත්‍යන්තර සඟරාවේ මෙසේ සඳහන් වේ. දළ දේශීය නිෂ්පාදනය රු. මිලියන 1.2 ක් පොල් වලින් ලබා ගනී. ලංකාවේ 2003 පමණ වන විට පොල් වගා කර ඇති ප්‍රදේශය හෙක්ටයාර් හාර ලක්ෂ විසි දෙදෙහක් පමණ වේ. ( 422,000 )ශ්‍රී ලංකාවේ වගා කරන ප්‍රධාන වැවිලි බෝගය ලෙස සැලකෙන පොල් ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය බෝගයකි. පොල් දෙවැනි වන්නේ හාල් වලට පමණි. ආහාරයේ මේදය සැපයෙන ප්‍රධාන මාර්ගය පොල් වන අතර එය පුද්ගලයෙකුට අවශ්‍ය මුළු කැලරි ප්‍රමාණයෙන් 22% ක් පමණ වේ. වසරකදී එක් පුද්ගලයෙකු පාවිච්චි කරන පොල් ගෙඩි ප්‍රමාණය 120 - 130 අතර වේ.ලංකාවේ අනෙක් වැවිලි බෝග සමඟ සසඳන විට පොල් වලින් වැඩි දායකත්වයක් රටේ ආර්ථිකයට ලබා දේ. පොල් වලින් දල ජාතික නිෂ්පාදනය 2.6 % වන අතර තේ සහ රබර් වගා වලින් ලැබෙන දායකත්වය පිළිවෙලින් 2.1% සහ 0.5 % වේ. පොල් වලින් විවිධ කර්මාන්ත වලට අමු ද්‍රව්‍ය සපයයි. පොල් කර්මාන්තය ආශි‍්‍රතව රැකියා වල නියුතු වන්නන් 400, 000 වඩා වැඩිය.
ශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රීත කර්මාන්ත
ඈත අතීතයේ සිට ම පොල් ගසට වැදගත් තැනක් හිමිව ඇත. විජය කුමාරයාගේ ලංකා ගමන හා සම්බන්ධ කථා පුවත අනුව එකළ තැඹිලි භාවිත කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ක්‍රි.පු.56161 ත් 11434 ත් අතර දුටුගැමුණු රාජ්‍ය කාලයේ පොල් ගස හදුන්වනු ලැබුවේ "මහා රුඛ්" නමිනි. ඈත අතිතයේ සිට ම පොල් මල සෞභාග්‍යයේ සංකේතයක් ලෙස භාවිත කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එමෙන් ම පොල් වගාව සඳහා රාජ්‍ය අනුග්‍රරහය ලැබී ඇති බව ද වංශ කථාවල සඳහන් වේ. පැරණි ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා සම්බන්ධ තොරතුරු අනුව පොළ් පරිභෝජනය ආරම්භ වන්නේ යාපනය සමයේ සිටය. ලන්දේසි රාජ්‍ය කළ සමයේ පොල් වගාවට වැදගත් තැනක් හිමිවිය.
1258දී ලංකාවෙ වාසයට පැම්නි ලංදේසීහු පොල් සමිබන්ධයෙන් විශේෂ උනන්දූවක් පල කරමින් මාතර සිට හලාවත දක්වා වෙරළබඩ ප්‍රදේශයේ පොල් වගාව ව්‍යාප්ත කළහ. 1670දී ලංදේසීන්ගෙන් බලය ලබා ගත් ඇමරිකන් අය වෙරළබඩ ප්‍රදේශයේ මෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල රට අභ්‍යන්තරයේද පොල් වැවීම ආරර්‍මභ කළහ. ඔවුහු පොල් වගාවට යට වු අක්කර ප්‍රමාණය 1860 දී 250000-සිට 1902 වන විට 850000 දක්වා ඉහළ නැංවුහ. පොල් ගෙඩි, කොප්පරා තෙල්, වියලන ලද පොල් කොහු සහ අරක්කුද ඒ කාල වල ප්‍රධාන අපනයන වෙළඳ ද්‍රව්‍යයක් විය.
1880 ගණන් වල සිට 1927දී පමණ පිලිපීනයට තරඟයට එන තෙක්ම පොල් අනයනයේ ඒකාධිකාරය භුක්ති වන්දේ ශ්‍රී ලංකාවය.
පොල් වගාව සඳහා අවශ්‍ය භෞතික සාධක
• 20 'C - 27'C අතර උෂ්ණත්වයක් අවශ්‍යය.
• 2000mm-2500mm ත් අතර වාර්ෂික වර්ෂාපතනයක් අවශ්‍යය.
• මීටර 100 වඩා පහත් බිම් හිතකරය.
• ලුණු මිශ්‍ර වැලි පස වඩා හිතකරය.
• නමුදු කවර පස් වර්ගයක් වුවද ඒ සඳහා යෝග්‍යය.
ලංකාවේ පොල් වගා කෙරෙන ප්‍රදේශ
පොල් වගාව විශාල වශයෙන් ව්‍යාප්තව ඇත්තේ දිවයිනේ නිරිතදිග පහත් බිමිවලය. වතු වගාවක් ලෙස විශාල පොල් වතු ව්‍යාප්තව ඇත්තේ පොල්ගහවෙල,අක්කරෙයිපත්තු,' පොල්ගහමුල' නගර සම්බන්ධ කරන ත්‍රිකෝණාකාර ප්‍රදේශය තුළය.කොළඹ සිට පිටකොටුව ගෝල්පේස් දක්වා දිවෙන පටු තීරයේත්, මාතලේ, යාපනය යන ප්‍රදේශවලත් පොල් වගා කෙරේ. එමෙන් ම සෑම දිස්ත්‍රික්කයක ම ගෙවතු වගාවක් ලෙස ද පුවක් දක්නට ලැබේ
ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය හා වෙළඳාම
ශ්‍රී ලංකාවේ කෘෂි භූමි ප්‍රමාණයෙන් 28% ක් පමණ පොල් වගාව සඳහා යොදා ගෙන ඇත. එම භූමි ප්‍රමාණය හෙක්ටාර 439000 කි. (1988 මහ බැංකු වාර්තා අනුව) පොල් පැළ සිටුවා අවුරුදු පහකින් පමණ අස්වැන්න ලබා ගත හැකිය. එමෙන්ම අවුරුදු පනහත් හැටත් අතර දිගු කාලයක් වුවද පොල් ගසකින් ඵල නෙළා ගැනීමට හැකි වේ. ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනේ. ජන සංඛ්‍යාවේ වර්ධනයත් සමඟ ම ශ්‍රී ලංකාවේ ගෘහස්ථව කෙරෙන පොල් පරිභෝජනය දිනෙන් දින වැඩි වීමේ ප්‍රවණතාවක් දක්වයි. පොල් ආශ්‍රිතව විවිධ නිෂ්පාදනයන් සිදු කරනු ලබන අතර ඒ සඳහා හොඳ වෙළඳපොළක් ද දක්නට ලැබේ. පොල් වගාව නිසියාකාරව කරගෙන ගියහොත් හොඳ ලාභයක් ලැබිය හැකි අතර අපනයන කටයුතු සඳහා ද යෙදිය හැකිය.
පොල් ආශ්‍රිත නිෂ්පාදන
පොල් මදය ආශ්‍රිත
පොල් මදය
• කොප්පරා
• පුන්නක්කු
• පිසීමට ගන්නා පොල් තෙල්
• හිස තෙල්
• සුවඳ සබන්
• ෂැම්පු
• බිස්කට්
• කේක්
• නැවුම් පොල් තෙල් (Virgin Coconut Oil)
පොල් කටුව ආශ්‍රිත
• හැදි
පොල් කටුව
• බොත්තම්
• සක්‍රීය කාබන්
• මදුරු දඟර
කෙඳි ආශ්‍රිත
කොහු කර්මාන්තය
• ලණු
• කඹ
• බුරුසු වර්ග
• කොසු
• ලණු පැදුරු
• විසිතුරු භාණ්ඩ
පොල් කඳ ආශ්‍රිත
පොල් කදන්
• ලී කර්මාන්තය සඳහා
පොල් අතු ආශ්‍රිත
• පොල් අතු විවීම සඳහා
පොල් ඉරට ආශ්‍රිත
• ඉදල් නිෂ්පාදනය සඳහා
• විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා
පොල් මල ආශ්‍රිත
පොල් මල
• විනාකිරි
• පැණි
• හකුරු
ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය මුහුණ දෙන ගැටළු [සංස්කරණය]
• හෙක්ටයාරයක්න් ලැබෙන ආදායම අඩු වීම.
• සංකීර්ණ මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පොල් වගා කළ බිම් යොදා ගැනීම.
• පොහොර භාවිතය අඩු වීම.
• දේශීය පරිභෝජනයට ගන්නා පොල් ප්‍රමාණය වැඩි නිසා අපනයනය සඳහා ඉතිර ිවන පොල් ප්‍රමාණය අඩු වීම.
• පළිබෝධ හා කෘමි උවදුරු නිසා පොල් වගාවට හානි පැමිණීම.
*පොල් වගා කර ඇති ඉඩම්වලින් අමතර ආදායමක්ලබා ගැනීමට උත්සාහ නො දැරීම.
• වෙනත් ආදේශක නිසා විදේශ වෙළඳ පොළේ හොඳ මිළක් නො ලැබීම.
මෙවැනි ගැටළු සදහා පොල් වගාව යටතේ අතුරු වගාවක් ලෙස අපනයන කෘෂි භෝග (ගම්මිරිස් , වැනිලා වගාව හදුන්වා දිය හැක ).
2025-01-06
ඩබල්යූ.ඒ.සිල්වා
සිංහල නවකථාව ජනකාන්ත භාවයට පමුූණුවන ලේඛකයා ඩබල්යූ.ඒ.සිල්වා ය.
ඔහුගේ නවකථා කෙතරම් ජනප්‍රියවීදයත්,
ඒවායේ අළෙවියේ ප්‍රාමාණයෙන්ම පෙනේ.
එමතු නොව මෙම සිදුවීමද ඊට නිදසුනකි.
ව්‍යාපාරික පවුලක සාමාජිකයෙකු වූ සිල්වා දිනක්,
මන්නාරම කරා යාම සඳහා රාත්‍රී දුම්රියට නැඟුනේ
එහි "පළමුවැනි පංතියේ නිදන මැදිරියක්" වෙන්කොට ගෙන ය.
තට්ටු දෙකකින් සමන්විත එම නිදන මැඳිරියේ
පහත ඇඳ සිල්වානන් සඳහා වූ අතර
ඉහළ තට්ටුව වෙන් කොටගෙන තිබුණේ ද
"තරබාරු මුදලාලී" කෙනෙකු විසිනි.
දෙදෙනාතර වැඩි කතා බහක් සිදු නොවින.
දුම්රිය ගමණ ඇරඹීය.
සිල්වානෝ තමා අදහස් කළ පරිදි නිදන්නට සූදානම් විය.
නමුත් කුටියේ විදුළි පහණ දැල්වේ.!
මුදලාලී පොතක් කියවයි.
නිඳනු බොරු ය.
මඳ වෙලාවක් ඉවසූ සිල්වානෝ
"ඔය ලයිට් එක නිවන් නැත්දැ?"යි ඇසූ හ.
තරමක් තිගැස්සුන මුදලාලී,
"ංආ මහත්තයට ලයිට් එක කරදරයක් නෙඃ.
මට මේ හොඳ පොතක් හම්බ වුණා.
තව ටිකයි"
මුදලාලී පිළිතුරු දුන්නේ ය.
සිල්වානෝ නිහඬ වූහ.
නමුත් වේලාව ගත වේ.
පහණ නිවන ලකුණක් නැත.
මැදියම් රැයද ලං වේ.
සිල්වානන්ට මල පැන්නේ,ය.
"මේ අයිසෙ,වැඩිපුර මුදලක් ගෙවලා
"බර්ත්"එකක් ගත්තෙ පොත් කියවන්ටද?
නිදා ගන්නවා අයිසේ ඔන්න ඔය උලවු පොත වීසිකරලා!" කී ය
"මහත්තයා,මේක උලවු පොතක් නෙවෙයි වීසි කරන්ට.
මේක හොඳ සිංහල නව කතාවක්.
මහත්තයලා ඉංග්‍රීසි ටිකක් කට ගාගෙන
කළිසමක් ඇඳ ගත්තට මේවයේ වටිනාකම දන්නෙ නෑ!"
මුදලාලී පිළිතුරු දුන්නේය.
"මොකක්ද පොතේ නම?" සිල්වා ඇසී ය.
"හිඟන කොල්ලා" මුදලාලී කීය.
නිරුත්තර වූ සිල්වානෝ දෑස පියා ගත් හ.
පසු කලක මේ සිදුවීම අළලා සිල්වානෝ "සිළුමිණ "පත්‍රයට මෙසේ කියයි.
"හිඟන කොල්ලා කියවමින් එදා මා සමඟ දුම්රියෙන් මන්නාරම් ගිය මුදලාලී
මට බැණුම එපමණකින් නොනැවැත්වී ය.
මා කෙරේ උපන් මහත් පිළිකුලෙන් හෙතෙම පොත වසා,බෑගයේ දමා
මට ඇසෙන්නට නොව,
වැඩියෙන්ම තමාට ඇසෙන්නට මෙන්
මොන මොනවාදෝ දොඩවන්නට විය.
නින්දට ගොසිනුත් ඔහුගේ දෙඩවිල්ල නොනැවතුනේ ය.
පසුවදා දුම්රියෙන් බසින විටද,ඔහු මට ප්‍රත්‍යාචාර මුඛයෙනි වචනයක්වත් නොතෙපලා
මහත් නොමනාපයකින් යන්නට ගියේ ය.
ඔහුට මා හඳන්වා දෙන්නට නොලැබුණා ගැන දැනුදු කනගාටු වෙමි.
ඉන් පසු එම මුදලාලී මම අදවන තුරුත් නුදුටුවෙමි.
දැනුදු ඔහු ජීවතුන් අතර වෙතොත්
මෙය කියවන ඔහුට එදා යුක්ති යුක්තව බැණ වැදුනේ
කා හටද යන්න මතක් වනු නිසැක ය"
2025-01-05
කටු අතැර මල සිබිමු
කවියා මිනිස් සිත හා ජීවිතය කියවයි. හේ සොබා දහම විදියි. ඔහු මිනිසා විසින් නිර්මිත භෞතික බුද්ධිමය හා කාව්යමය ලොකය ගවේෂණය කරයි.ඉන්පසු එයින් ඇවසි දේ ඇවසි පමනට ගෙන නැවුම් කවියක් නිමවයි. එබදු නැවුම් කවි පිරුණු පොතකි මේ. “ ……………………මෙසේ කියන්නේ විශ්රමලත් කලාප අධ්යාපන අධ්යක්ෂක පී.ජී. ආරියපාල විද්යාරථියාය . සහෘද හිතැති මානව හිතවාදියාය.A day in the life
ඔහු පල කල “ කටු අතැර මල සිබිමු “ ඇත්තෙන්ම කටු අතැර මල සිඹීමකි.
ඔහු කටු අතැර මල සිබින්නේ මෙලෙසිනි.
පස් පව් දස අකුසල් ගැන
මෙලෝ හසරකුත් නොදැනම
ලිව්වා බුදු ගුණ ගීයක්
සදහම් සිසිලස බෙදන්න
අමතක කර ඇගෙ ගුණ කද
නිවසෙහි කුටියක සිරකර
ලිව්වා මව් ගුණ ගීයක්
ඇසු දන දෙනුවන් පියවන
වාරු නොමැති කල පියතුම
පිටමන් කර දොරටු වසා
ලිව්වා පිය ගුණ ගීයක්
කරුණා රස උතුරවන්න.
රුව දන බල ගැනම සිතා
කුලගෙට කැදවාගෙන ඈ
ලිව්වා ආදර ගීයක්
පෙම් හැගුමින් උමතුවන්න.
විචාරකයෙකු නොවන මට රසවිදින්න සීමා මායිම් නොමැත.
එහෙයින් නොදන්නා දේ කියා වරිගේ නසා නොගත්තෙමි.
සරසවි ප්රකාශනයක් වන කටු අතැර මල සිබිමු රුපියල් හයසීයයක් මිල කල එවන් දස ගුණයක් වටිනා සාහිත්ය කෘතියකි.
ආරියපාලයන් අතින් තව තවත් මෙවන් රස කෘතීන් බිහිවෙනවා සිකුරුයි.
එය මගේ පැතුමයි.
2025-01-04
පස්‌ගෝ රස චතුමධුර
Manel Abeysinghe
ක්‍රි.ව. 1284 දී ලංකාවට පැමිණි දේශගවේෂකයකු වූ මාර්කෝපෝලෝ සහල්, කිරි හා මාංශ වර්ග ලක්‌වැස්‌සන්ගේ ප්‍රධාන ආහාරය විය යෑයි සඳහන් කර ඇත. මෑතක් වනතෙක්‌ම අපේ පැරන්නෝ දිනපතාම මුදවන ලද කිරි ආහාරය සමඟ මුසු කර ගත්හ.
පොදුවේ ගත් කළ ප්‍රධාන ආහාරය බත වශයෙන් ප්‍රචලිත වුවද දවසේ තුන් වේලටම කුරුක්‌කන්, බඩඉරිඟු, මුං, මෑ, වැනි කටුසර ධාන්‍ය වර්ග භාවිතයට ගත් පිරිසක් ලංකාවේ වියළි කලාපයේ ජීවත් වූහ. ඔවුන් ජීවත් වූ ප්‍රදේශයන් හි පැවති දේශගුණික තත්ත්වයන්ටත් එම ප්‍රදේශයන්හි පැතිර යන වසංගත රෝගවලටත් ඔරොත්තු දෙන කාය ශක්‌තියක් ඇතිකර ගැනීම සඳහා කුරක්‌කන්, මුං, මෑ, ඉරිගු ආදී ධාන්‍ය ආහාරත් කිරි, ගිතෙල්, දුන්තෙල්, වෙඬරු, දීකිරි ආදී පස්‌ගෝ රසයනුත් ඔවුනට ලැබුණේ පිටිවහලකි.
කුරක්‌කන් පිට්‌ටු සමග මීකිරි මුසුකර කෑමට ගන්නා ගොවියා ව්‍යංජන පිසගැනීමේදී ගිතෙල්, දුන්තෙල් හෝ මී තෙල් යොදා ගනියි.
නැන්දේ මාමට බඩගිනි නැද් දෝ
රෑ ඉවු හැළියේ දන්කුඩ නැද් දෝ
ඒවා කන්නට දී කිරි නැද් දෝ
දීකිරි නැත්නම් කොහොමට කද්දෝ
යනුවෙන් ගැමි දරුවන් එදා ගැයූ ජනගීයෙන් කිරි ආහාරයක් වශයෙන් ගැනීමේ වැදගත්කම කියාපායි.
සිංහල ජන සංස්‌කෘතියේ අනන්‍යතාව විදහා දක්‌වන කිරිබත පිසීම සඳහා පුරාණයේදී යොදා ගන්නා ලද්දේ එළකිරි හෝ මී කිරිය. පසුව එය පොල් කිරිවලට මාරු විය. පැරණි ලක්‌වැසියෝ කැකුළු හාලේ බතුත් සමඟ කිරි කෑමට ලොල් වූහ. ඇතමෙක් ප්‍රධාන ආහාර වේලෙන් පසු අතුරු පසක් ලෙස කිරි වැළදුහ.
කිරි නොමැති ආහාර වේල දුබල ආහාරයක් ලෙස සැලකූ ගැමියෝ ගමේ කවර හෝ නිවසක කිරි නොමැති බව දැනගත හොත් ඔවුනට කිරි කොරහක් දෙකක් යෑවූහ.
දානමානාදී උත්සව අවස්‌ථාවලදී මෙන්ම මඟුලකදී ද කිරි අවශ්‍යම ප්‍රධාන ආහාරයක් බවට පත්වී තිබිණි. දිගාමඩුලු බින්තැන්නේ මෙන් ම රුහුණේ ද මුදවපු කිරිවලට ලැබී තිබුණේ ප්‍රධාන ස්‌ථානයකි. එළකිරි පානයක් වශයෙන් ආහාර වේලට එක්‌කර ගැනීමටත් වඩා "කිරිපුස්‌සා" ගිතෙල් කකාරා ගැනීම වැඩි වශයෙන් සිදුකෙරුණේ ගිතෙල් ශක්‌තිජනක ආහාරයක් මෙන් ම ඖෂධයක් වශයෙන් වැදගත් වූ හෙයිනි. 'ගිතෙල්' හා මී කිරිවලින් ගන්නා දුන්තෙල් ආහාරයට ගැනීමට පුරුදුව සිටි ලක්‌වැසියෝ බත්, පිට්‌ටු, රොටී හා මුසුකර ඒවා අනුභව කරති.
ව්‍යංජන රසවත් කිරීම සඳහා තෙම්පරාදු කිරීමට මෙන්ම මැල්ලුම් සඳහා ද ගිතෙල් හා දුන්තෙල් යොදා ගන්නා අතර භික්‌ෂූන් වහන්සේලා සඳහා දානය දීමේදී ද ගිතෙල් මිශ්‍ර ආහාර පාන පිළියෙළ කර ගනිති. ගැමුණු රජතුමාගේ දානමය පුණ්‍යකර්මයක් ගැන සඳහන් කරන එක් ඡේදයක ගිතෙල් ආහාර සඳහා යොදාගත් අන්දම දක්‌වා ඇත්තේ මෙසේ ය.
'සුසාළිස් තැනක නිරන්තරයෙන් තෙල් උපුළුවා පිස කිරිබත් තබා දුන්හ. තවද සුසාළිස් තැනෙක එළඟිතෙලැ බදනා ලද පුළු බදරා සමඟ සූප ව්‍යංජන සහිත බත් දුන්හ.
මහසෑ පින්කමට පැමිණි සඟුන් වැළඳු පාත්‍රා සේදු අභය වැවේ සතර'ඟුලක් ඝනව ගිතෙල් මිදී සිටියේ ලු ය එක්‌ගතක සඳහන් වේ.'
මෙහි අතිශයෝක්‌තිය හැර දැමූවත් එකල ගිතෙල් ආහාරයක් වශයෙන් බහුල ව භාවිත කළ බව පැහැදිලි වේ. ගිතෙල් මිශ්‍ර බත 'කල්‍යාණභත්ත' නමින් හැඳින්වේ. පස්‌ගෝ රසය සිංහලයන්ගේ ආහාරයෙහි අවශ්‍යංගයක් බවට පත්ව තිබුණ බව දේශගවේශකයන්ගේ චාරිකා සටහන්වල පවා සඳහන් ව ඇත.
'ගිතෙල් හා කිරි නැති විටක ඔවුහු රහසේ අහර ගනිති.' යි මහුවාන් නමැති චීන ජාතිකයාගේ වාර්තාවක දක්‌වා ඇත. ගව සම්පත පිරිහී යැම නිසා වර්තමානයේදී පිරිසිදු ගිතෙල් බිඳක් බෙහෙතකටවත් සොයා ගැනීම අසීරු කරුණක් වී ඇත.
එහෙත් පෙර කළ පොහෝ දිනයන්හි බලු කපුටු දානය දීම සඳහා ද ගැමියන් ගිතෙල් මුසු කිරිබත් පිසූ බව පැවසේ. පැරණි ලක් වැසියන් දී කිරි හෙවත් මුදවන ලද කිරිවලට අමතරව වෙඬරු ද ආහාරයට ගත් බව පැවසේ. වර්තමානයේ බටර් නමින් හැඳින්වෙන වෙඬරු සිංහලයන්ගේ ආහාර වට්‌ටෝරුවට ඇතුළත් ව තිබූ බව රොබට්‌නොක්‌ස් සඳහන් කර ඇත්තේ මෙසේය. "කිරි උණුකොට වළඳක බහා තැබීමෙන් දී බවට පත්වෙන කිරි ඊට පසුදා උදැසන යොදය ගෙන බඳුනක බහා, ලී කඩකින් ගටගටා සැලීමෙන් පදම් වූ කල්හි, ඇතිලියක තබා දිය සින්දා ගැනීමෙන් පසු වෙඬරු සෑදෙන්නේ ය. එම වෙඬරු භාජනයක බහා පරිභෝගය පිණිස ගනු ලැබේ.
ආහාර පාන සඳහා කිරි ප්‍රයෝජනවත් වූයේ යම්සේ ද එළවළු සහ පලා වර්ග අපේ ආහාර වට්‌ටෝරුවේ ප්‍රමුඛස්‌ථානයක් හිමි කරගෙන ඇත. හේන්වල හා ගෙවතුවල වගා කරන එළවළුවලට අමතර ව පලා වර්ග ආහාරයට එක්‌කර ගැනීම අපේ ගෘහනියන්ගේ සිරිතකි. බොහෝ විට ගමේ ඕවිටෙන් වනපෙතෙන් ඔවුනට පලා වර්ග හා පලතුරු සපයා ගත හැකි විය.
අප්‍රකට ජීවිතයක් ගතකරද්දී වළගම්බා රජුගේ උප මෙහෙසිය පවා රජතුමාට පෝෂ්‍යදායක ආහාර වේලක් සපයා දීම සඳහා වනපෙතට වැදුන බව ඉතිහාසයේ සඳහන් වේ. පරසතුරු උවදුරුවලින් බේරී තනසීවයන්ගේ නිවසේ සිටියදී රජතුමාට පෝෂ්‍යදායක ආහාර සපයා දීම සඳහා රජ මෙහෙසිය කැලෑ කොළ සෙවූ බව මේ අන්දමට පැවසෙන අතර සාලිය කුමරුගේ පෙම්වතිය වූ අශෝක මාලාවන්ගේ උසස් වූ සූප ශාස්‌ත්‍ර ඥනය කෙරෙහි දුටුගැමුණු රජතුමා පැහැදීමට පත්වූ බව සද්ධර්මාරත්නාකරයෙන් හෙළිවේ. ඇය ඉතා පෝෂ්‍යදායක වූ ඖෂධීය කැඳක් පිසීමට දැන සිටි බවත් ඉන් පිරිහී ගිය කාය ශක්‌තිය ඇත්තන්ගේ ශරීර ශක්‌තිය වර්ධනය වන බවත් සඳහන් වේ.
මස් මාංශ ආහාරයට ගැනීමේ පුරුද්ද ලක්‌වැසියන් තුළ පුරාණයේ සිට පැවත එන්නකි. ගොවි යුගයට පෙර දඩයම් යුගයක් ගත කළ මිනිසා ගොවිතැනට ඇබ්බැහි වුවද දඩයම අත්නොහැරියේ ය. අසල වනපෙත තුළින් ආහාරය සඳහා අවශ්‍ය දඩ මස් ලබාගැනීම සිරිතක් ව තිබුණු බව ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. ඌරන්, මුවන්, ගෝණුන්, වැනි විශාල වර්ගයේ සතුන් දඩයම් කර එම මස් ආහාරය සඳහා ප්‍රයෝජනයට ගැනීම සාමාන්‍ය සිරිත ය. එහෙත් ඇතැම් විටක තලගොයින් වැනි සතුන් ද කුකුළන් ද වළිකුකුලන් ද මස් පිණිස මරා ගත් බව පැවසේ.
අඩ ගැමුණු, ශිලා කාල, හා III කාශ්‍යප ආදී රජවරු සත්ව ඝාතනය සම්පූර්ණයෙන් ම තහනම් කළහ. නමුත් ආහාරයට ගැනීම සඳහා සතුන් මැරීම දීර්ඝකාලීන වශයෙන් නැවැත්වීමට නොහැකි වූ බව වරින් වර සත්ත්ව ඝාතනය පිළිබඳ තහංචි හා සීමා පැනවීමෙන් පැහැදිලි වේ.
පොහෝ දිනයන්හි අන්තඃපුරයට මස් නො ගෙනෙන ලෙස VIII අග්බෝ රජ අණ කළ බව සඳහන් වේ. දඩයම් පිණිස වන වැදීම එකල රජ දරුවන් ඇතුළු ප්‍රභූන්ගේ සිරිතක් ව පැවතිණි. සාමාන්‍ය ජනතාව ද ආහාර සඳහා මස් ලබාගැනීම පිණිස වන වැදීම හෙවත් දඩයමේ යාම සිරිතක් කරගෙන තිබුණි.
මත්ස්‍ය මාංශ ද ලක්‌වැසියන් සිය ආහාර වේල රසවත් කරගැනීම සඳහා යොදාගෙන ඇත්තේ කාලයක සිට ය. වන සතුන් දඩයම් කර ගන්නා මස් දඩ මස් හෙවත් ගොඩ මස් ලෙස හැඳින්වෙන අතර දිය මස් ලෙස හැඳින්වෙන්නේ මත්ස්‍ය මාංශ ය, හෙවත් මාළු ය. ක්‍රි. වර්ෂයෙන් අවුරුදු දෙතුන් සීයකට පෙර සිට ම මෙරට වැසියෝ මත්ස්‍ය මාංශ ආහාරයට ගත් අතර කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදුණෝ ද පුරානයේ සිටම මෙරට විසූහ.
මෙරට විසූවන්ගේ ආහාර වට්‌ටෝරුවට ඇතුළත් ව ඇති රස කැවිලි වර්ග සිය ගණනක් හෝ ඊටත් වඩා වැඩි විය හැකි තරම් ය. අතිරස, කොණ්‌ඩ කැවුම්, පැණි කැවුම්, හැඳි කැවුම්, නාරං කැවුම්, මුං කැවුම්, ආස්‌මී, කොළලාලු, අළුවා, අග්ගලා, තල ගුලි, හැළප, වැලිතලප, පුළුබදර, කොකිස්, දොදොල්, කිරි අළුවා, මුං ගුලි, පැණි වළලු ආදී විවිධ හැඩයෙන් හා රසයෙන් යුත් රස කැවිලි වර්ග ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනස් නම්වලින් හැඳින් වෙයි.
පුරා වසරක් නරක් නොවී තබාගත හැකි පරිදි පැණි කැවුම් හා කොණ්‌ඩ කැවුම් පිසීමට දත් ගෘහණියන් මහනුවර හා කෑගලු ප්‍රදේශවල සිටි බව පැවසේ. අවුරුදු පතා රාජකීය පෙනුම් කත් සඳහා එබඳු සුවිශේෂී කැවුම් සෑදූ බව කියති.
පලතුරු ආහාරයට ගැනීම හෙළදිව වැසියන්ගේ සිරිතක් ව තිබුණ ද වගාවක් වශයෙන් පලතුරු වැවීමක් පුරාණයේ නොවීය. එහෙත් මෑත භාගයේදී අඹ, කෙසෙල්, පැපොල්, රඹුටන්, දෙහි, දොඩම්, අන්නාසි ආදී වගාවන් වශයෙන් සිදුකරන බව දක්‌නට ඇත.
පැරණි ගැමියන්ගේ හා දරුවන්ගේ ආහාරයට එක්‌වූයේ අඹ, දඹ, නාරං, දිවුල්, පේර, දොඩම්, හිඹුටු, මසං, බෝවිටියා, මොර, කොන්, පලු, වීර, වැල, වරකා ආදියයි.
පැරණි සිංහලයන්ගේ ආහාර පාන පිළිබඳ කිසියම් අවබෝධයක් ලබාගත හැකි වන්නේ ඈත එපිට පිටිසර ගම්මාන වලිනි. මීට අවුරුදු තිහ හතළිහකට පෙර තිබුණු දේශීය ආහාර වර්ග පිළියෙළ කර ගැනීමේ පුරුද්ද එම ගම්මානවලිනුත් බැහැර යමින් පවතින බව දක්‌නට ඇත.
යකැදුරන් විසින් දෙවියන් හා යකුන් උදෙසා තබන පූජා තට්‌ටුවලින් හා පිදේණිවලදී පැරණි ආහාර රටාව පිළිබඳ යම් ඡායාමාත්‍රයක් දැක ගත හැකි වේ. ඇට ඇටි පහ, ගොඩ මස්, දිය මස්, හත් මාළුව හා කැවුම් එහි ඇත්තේ ය.
ඇට ඇටි යනු බදිනු ලබන ධාන්‍ය වර්ගය. හෙවත් පොරි ය. එහෙත් වර්තමානයේ ආහාරයට පොරි යොදා ගන්නේ දිගාමඬුලු බින්තැන්නේ වැසියන් පමණකි. පුරාණයේ ආහාරපාන පිළිබඳ කිසියම් අදහසක් ලබාගත හැකි වන්නේ පැරණි සාහිත්‍ය ග්‍රන්ථ සඳහන් සංඝයාවහන්සේලා උදෙසා පිදූ දානමාන ගැන කෙරෙන විස්‌තර වලින් හා රජ ගෙදර කෑමබීම ගැන විස්‌තර වලිනි.
පැරණි සිංහලයන්ගේ ආහාර අතර වූ බත, කිරිබත, හත් මාළුව මිරිස් වැටිය හෙවත් සම්බෝලය තවමත් නොනැසී පවතී, හත් මාළුව යනු එළවළු හත් වර්ගයක් එකට මුසු කර පිසින ව්‍යංජනයකි. එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට මද වෙනස්‌කම් ඇතිව පිසගත්ත ද එළවළු මාෂ බෝග ආදී හත් වර්ගයක එකතුවකි. රසය ගුණය පමණක් නොව සුවඳින් ද යුතු හත් මාළුව සිංහල ආහාර වට්‌ටෝරුවේ අනන්‍යතාව විදහා දක්‌වන ව්‍යංජනයකි.
මහනුවර රාජ්‍ය සමය වන විට රජු බොජුනෙහි ව්‍යංජන දෙතිසක් තිබූ බව සඳහන් වේ. ඊට පෙර රාජ්‍ය සමයන් හිදී මෙම ව්‍යංජන ප්‍රමාණය හැටක් හැට හතරක් පමණ වූ බව ජනකතාවලින් කියෑවේ.
පැරණි ගැමි ගෘහණියෝ ව්‍යංජන වර්ග ක්‍රම පහකට සාදා ගනිති. එනම් හොද්ද, මාළුව, තියඹලාව, බැදුම, මැල්ලුමයි. හොද්ද ද එක් එක් ගෘහණියෝ තමනට සුවිශේෂී වූ ක්‍රමවේදයන්ට අනුව වෙනස් වෙනස් ආකාරයෙන් පිස ගනිති. ඉන් කිරිහොද්ද පිට්‌ටුවලට අනුපානී වේ.
උඩරටට විශේෂ වූ කිරිහොද්ද පොල් කිරි, ඉතුරු කොච්චි මිරිස් හෝ අමු මිරිස් යොදා දෙහි යුෂ හා ලුණු ස්‌වල්පයක් මිශ්‍රකොට ගින්නෙන් නොපිස සකස් කරගන්නා ව්‍යංජනයකි. රජවරු හා ප්‍රභූවරු අවසාන බත් පිඩ දෙක තුනක් මේ කිරිහොද්ද සමග භුක්‌ති විඳිති. කිරිකොස් කෑමට ද කුරහන් පිට්‌ටු, ඉරිගු පිට්‌ටු කෑමට ද කිරිහොද්ද යොදා ගනිති.
සීනි පිට්‌ටු කෑමේදී මේ කිරිහොද්දට මිරිස් දෙහි යුෂ මුසු නොකොට සාදා ගනිති. බත් හෝ වෙනත් ප්‍රධාන ආහාර වේලක් අනුභවයෙන් පසුව කිරි පැණි ද කැවිලි වර්ග ද අනුභව කර පලතුරු ස්‌වල්ප වශයෙන් කෑමට ගැනීම සිරිතකි.
පරසතුරු උවදුරු නියංසාය ආදී හේතූන් නිසා මෙරට දුගී දුප්පත් වැසියන් පීඩාවට පත්වූ අවදියේදී ඔවුන් කටුක ආහාරයෙන් පමණක් සෑහීමකට පත්වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෑත කාලයේදී පවා දුගී දුප්පතුන්ගේ ආහාර වේල කටුක දේවලින් සමන්විත විය. රොබට්‌නොක්‌ස් ලාංකික ජනතාවගේ ආහාර පිළිබඳ දක්‌වා ඇති විස්‌තරය විමසීමේදී පැහැදිලි වන්නේ ද එබඳු දුර්භාග්‍ය සම්පන්න කාලයක විසූ දුප්පත් වැසියන්ගේ ආහාරපාන පිළිබඳව ය.
ඔවුන්ගේ කෑම ප්‍රමාණය හා ගන්නා ආහාර වර්ග ඉතා ස්‌වල්පයකි. ගෙදර ලුණුත් වතුරත් තිබේ නම් වැඩි දෙයක් ගැන නොබලා ඉන් තෘප්තියට පත් වෙති. නිල් පලා කොළ ටිකක් කඩා දෙහි ගම්මිරිස් හා ලුණු ටිකක් මිශ්‍ර කොට බත් හා අනා බඩපුරාම කති. කිසි කෙනෙක් හරක් මස් නුබුදිති. එය නින්දාවක් කොට සලකන හෙයිනි. මස් මාංශ වඩා සුලභ නොවේ. මසක් මාළුවක් ලැබුණොත් විකොට මුදල් ලබාගැනීමට වෑයම් කෙරෙති. මේවා මිලට ගන්නෝ විදෙස්‌සෝ ය. බෙහෙවින් බලතල කළ රටේ ඇති ප්‍රනීත ආහාර හා මස් මාංශ භුක්‌ති විඳින්නන් විදේශිකයන් බව කිව යුතුය. කටුක ආහාර ගැනීම හා පිරිමසා බිදීම නින්දාවක් කොට නො සලකනු ලැබේ.
රොබට් නොක්‌ස්‌ගේ විස්‌තරයෙන් දැක්‌වෙන පරිදි දුගී දුප්පත්කම නිසා හා අලස බව නිසා ඇතැම් ගැමියන් මෙවැනි කටුක ආහාර භුක්‌ති විඳින බව ප්‍රකට කරුණකි. එහෙත් සරුසාර කෙත්වතුවලින් සැදුන උඩරට හා පහතරට (දකුණේ) ගැමියනට පෝෂ්‍යදායක ආහාර වේලක් සපයා ගැනීම අසීරු නොවේ. කොස් දෙල් අල බතල මෙන් ම පලා වර්ග ද අඹ, කජු, පේර වැනි පලතුරු වර්ග ද සපයා ගැනීම දුෂ්කර කාර්යයක් නොවේ.
ප්‍රධාන ආහාර වේලකින් පසු සිංහල ගැමියෝ බුලත් විටකින් ආහාර කිස නිමවති. බතින් බුලතින් සංග්‍රහ කොට නිමවීම පැරණි චාරිත්‍ර විධියකි. හුණු, දුම්කොළ වලින් හෝ බුලත් විට සැපීම අහිතකර නොවන අතර ඇතැම් ගැමියන් ප්‍රමාණය ඉක්‌මවා බුලත් සැපීමටත් හුණු හා දුම්කොල සැපීමටත් හුරුව සිටීම නිසා සෞඛ්‍ය ගැටලු මතුවී ඇත.
සිංහලයාගේ කට බුලත් විටකින් තොර නොවේ යෑයි මාහුවන් සටහන් කර ඇත්තේ එකල විසූ හැම වැසියෙක් ම බුලත් විට හැපීමට පුරුදුව සිටි හෙයිනි.
තුන්වන මිහිඳු රජු බුලත් මඩුවක් කරවා ඉන් ලැබෙන බද්දෙන් භික්‌ෂූන් වහන්සේලාට බෙහෙත් ද්‍රව්‍ය සැපයූ බව මහාවංශය ආදී වංශකතාවලින් හෙළි වෙයි.
සිංහල ජනයාගේ බුලත් හැපීමේ සිරිත කෙතරම් ප්‍රචලිතව ඇත්තේ ද යනු බුලත සිංහල සංස්‌කෘතියේ සුවිශේෂී අංගයක් වී ඇති සැටියෙන් ම පෙනේ. මඟුලකට, දානයකට, පිරිතකට ඇරයුම් කිරීමේදී මෙන්ම ගොයම් කයියක් සඳහා ඇරයුම් කිරීමේදී බුලත් අතක් දීම අනිවාර්ය වේ.
බුලත නිසා සිංහල සංස්‌කෘතිය ඔප්නැංවී ඇතැයි කීම අතිශයෝක්‌තියක් නොවේ. බුද්ධ පුජාවට පවා දැහැත් විටක් තැබීමෙන් බුලත ආහාරයක් වශයෙන් වැදගත් තැනක් උසුලන බව පෙන්වන්නකි. රජු හට බුලත් මෙහෙ කිරීමට දළුමුර අප්පුහාමි නම් නිලධරයෙක් සිටි බව සඳහන් වේ. ගැමුණු රජුට බුලත් මෙහෙ කළේ බුලත් යෝදයා ය. බුලත් විටේ තරම කියාපාමින් තවමත් සිංහල ගෙවල බුලත් තට්‌ටුව, කිල්ලෝටය, ගිරය ගෘහ භාණ්‌ඩ වශයෙන් ආලින්දය අරා ප්‍රදර්ශනය වෙමින් පවතියි.
මුලාශ්‍ර සහ ජායාරූප පත පොතින් සහ අන්තර්ජාලයෙන් එකතු කරනු ලැබුවා .හෙළ ආහාර රටාව පිලිබද ඔබේ දැනුම වැඩිකිරීමට සහ සංවේදී වීමට.
ස්තුතිය 'රාජ භෝජන' 
2025-01-03
ගොඩ හොද්ද
" ඔය ගොඩ හොද්දක්වත් ඉක්මනට හදල ගනින් යෝදියේ! " කෑම පරක්කු වෙනව නම්, ඉක්මනින්ම උයාගන්න පුලුවන් දේ තමයි ගොඩ හොද්ද.
මේකට ගොඩ හොද්ද කියන්නෙ, ලිපේ තියන්නෙ නැතුව අමුවෙන්ම කෑමට ගන්න නිසා. බත්, දියබත්, පිට්ටු , තලප වගේ දෙයක් එක්ක ආහාරයට ගන්නව.
සමහර උඩරැටියන් මෙයට නිරිහොද්ද කියාත් කියනව. තවත් සමහර ප්‍ර දේශවල දියබත් කියලත් කියනවා.
1 පොල්කිරි සමග හදන ගොඩ හොද්ද:
අවශ්‍ය ද්‍රව්‍ය:
-පොල් කිරි අවශ්‍ය පමණ( ඉන්න අයට කෑමට හොද්දකට සෑහෙන පමණ.)
⁃ වියලි මිරිස් කරල් කීපයක්.
⁃ රතුලූනු ගෙඩි කීපයක්.
⁃ දෙහි ගෙඩියක්.
⁃ උම්බලකඩ ස්වල්පයක්.
⁃ අවශ්‍ය පමණ ලුණු
⁃ කරපිංචා ඉත්තක්
වියලි මිරිස් කරල් ටික හා කරපිංචා ඉත්ත ගින්නට අල්ලා හෝ කබලක දමා හෝ තරමක් කළු පැහැයට එනතුරු බැදගන්න.
ඉන් අනතුරුව, රතුලූනු ගෙඩි හා උම්බලකඩ සිහින්ව ලියා, පොල්කිරි සමග මුසු කර ගන්න.
බැදගත් මිරිස් කරල් ටික, කැබලි වනසේ අතින් පොඩිකර, පොල්කිරිවලට දා ගන්න. දෙහි හා ලුණු කැමති පරිදි දමා කෑමට ගන්න.
උම්බලකඩ නොමැතිව වුවද සකසාගත හැකියි.
ඇතැම් අය වියලි මිරිස් වෙනුවට, අමුමිරිස් සිහින්ව ලියා දමා මෙය සකසා ගන්නා අතර, වඩා රසවත් ක්‍ර්‍රමය වන්නේ වියලි මිරිස් දමා සෑදීමයි.
දියබත් සමග- රාත්‍රීයට ඉතිරිවෙන බත්වලින් සකසන දියබත්වලට මේවා වෙනමම නොදමා , එකටම දමාද සකසනු ලැබේ.
2 ක්‍රමය:
මේ ගොඩ හොද්ද මට කෑමට ලැබුණේ හම්බන්තොට ප්‍රදේශයේදීයි.
එය සකස් කිරීමට අවශ්‍ය වන්නේ රතුලූනු ගෙඩි ටිකක් හා මැටි නෑඹිලියක් පමණි.
රතුලූනු සුද්දකර, සෝදාගත් මැටි නෑඹිලියක ඇති දාරවල අතුල්ලා උරච්චි කළ යුතුයි. එසේ උරච්චි කරගත් තලපයට සුලු ප්‍රමාණයක් ජලය එකතු කොට, අවශ්‍ය පමණට ලුණු යොදා බත්, පිට්ටු , තලප සමග ආහාරයට ගනු ලැබේ. මැටි නෑඹිලියේ දාරවල හැර වෙනත් තැන්වල උරච්චි කර නියම රසය නොලැබෙන බව පැවසේ!
මා සිතුවේ පොල් සොයාගැනීමට අපහසු නිසා සකසන්නක් බව වුවත්, එසේ නොවන බව පසුව දැනගැනීමට හැකි විය.
2025-01-01
සුබ අලුත් අවුරුද්දක්.
2024-12-31
ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු
ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු විශ්වාස කරන්න එපා කියලා කියමනක් අහලා තියෙනව නේද .එහෙනම් බලන්නකො මේ කතාවත් අහලාලංකාවේ පිටිසර ගමක ඉතා දක්ෂ වඩුවෙක් වාසය කෙළේය. ඔහුට ඉතා ලස්සන බිරියක්ද සිටියේය. වඩුවා වඩුකමට කොතරම් දක්ෂ වීද යතහොත් ගම්මානයේ හැම තැනකම ඔහු ගැන ප්රසිද්ධ විය. දක්ෂයකුගේ කීර්තිය ගමකට පළාතකට පමණක් සීමා වන්නක් නොවේ. ඉතා ඉක්මනින්ම ඔහුගේ කීර්ති රාවය රට පුරා පැතිර ගියේය. වඩුවාගේ කීර්තිය රට පුරා පැතිරී යත්ම මනනුවන් බඳනා රූසපුවකින් හෙබි ඔහුගේ භාර්යාවගේ කීර්ති රාවයද රට පුරා පැතිරී ගියේය. ඇයගේ මුහුණ පායන චන්ද්රයා වැනි යැයි මිනිස්සු කීහ. එහෙයින් ඕ 'සඳවතී' යනුවෙන් හඳුන්වනු ලැබුවාය.රටක රූමතියක සිටින විට එවක රජවරුන්ට කෙසේ හෝ සැලවීම සිරිති. දැන් සඳවතී ගැන රජ්ජුරුවෝ ද දනිති. තම බිරිය කෙරෙහි වඩුවා තුළ පැවැත්තේ ඉමහත් ස්නේහයකි. වඩු භාර්යාවද තම ස්වාමිපුරුෂයාට මහත් සේ ප්රේම කළාය..මෙසේ දෙදෙනා රන්රස ලෙසින් කල් ගෙවන කාලයේදී දිනෙක වඩු ගෙදරට රාජදූතයෙක් පැමිණියේය. වඩුරාල රජ ගෙදරට කැඳවා ගෙන එන ලෙස රජ්ජුරුවන්ගෙන් අණ ලැබුණු බව දූතයා පැවැසීය. වඩු ගෙදර සිට රජ ගෙදරට විශාල දුරකතරක් ගෙවා යා යුතු විය. රජ්ජුරුවන් තමා කැඳවන්නේ තම වඩුකමේ හාස්කම නිසා නොවේ යැයි සිතූ වඩුරාල තලියේ කිඹුලන් දකින එකකු මෙන් තම බිරියගේ සොඳුරු මුහුණ ගැන සිත සිතා දුක් වන්නට විය. 'මා රජමැඳුරට ගිය විට සඳවතීට කුමකින් කුමක් සිදුවේද? ඇයගේ තරුණ සිත කොයි අත කැරකේද?' මේ ඈ දහසක් සිතුවිලි වඩුවාගේ සිතට නැඟිණි. රජු තමා කැඳවන්නේ තම භාර්යාව කෙරෙහි පිළිබඳ සිතක් ඇති කරගෙන යැයි හේ අන්තිමේදී තීරණය කර ගත්තේය. ඒ කොයි හැටි වෙතත් රජ අණ නොයික්මවිය හැකි හෙයින් වඩුරාල තම භාර්යාවගේ සිත සනසා දෙළොස් හැවිරිදි පමණ වූ තම එකම දරුවාද සිප වැලඳ සනසා දූතයා කැටුව රජමාලිගයට යෑමට පිටත් විය. දැන් මෙන් මහාමාර්ග නැති ඒ කාලයෙහි ඒ සා දුරකතරක් ගෙවීම ලේසි පහසු වැඩක් නොවීය. වඩුවාට මාලිගයට පැමිණීමට දින ගණනක් ගත විය.ඔහුට එය අවුරුදු ගණනක් මෙන් දැනිණි. රජ තෙමේ ඔහු දැක සතුටුව තමාට වුවමනා කර තිබුණු නොයෙක් විසිතුරු සියුම් කැටයම් කර්මාන්ත කරදෙන ලෙස ඔහුට දන්වා සිටියේය. වඩුවා රජුගේ සිත දිනාගනිමින් කැටයම් සියල්ල දක්ෂ ලෙස නිම කෙළේය. මේ වැඩකටයුතු නිම කිරීමට ඔහුට තුන් වසක් ගත විය. තුන් වස වඩුවාට දැනුණේ තුන් කපක් මෙනි. තම සුන්දර බිරියත් ආදරණීය දරුවාත් නොදැක සිටීම අපහසු කාර්යයක් වූ නමුදු රජ අණ නිසා කර්මාන්ත සියල්ල අවසන් කරන තුරු ඉවසිල්ලෙන් කල් ගත කෙළේය.රජතුමා වඩුවාගේ දර්ශනීය කර්මාන්ත නරඹා බෙහෙවින් සතුටට පත් වූයේ ඔහුට ආමන්ත්රණය කොට 'එම්බා වඩුව, තොප කළ මේ අගනා කර්මාන්තයට මිල මුදලක් වේවයි, අවවාදයක් වේවයි ඕනෑ දෙයක් දීමට මම කැමැත්තෙමි. එහෙයින් තොපට වුවමනා දෙය කියව' යි කීයේය. ඉක්බිති වඩුවා ටික වේලාවක් කල්පනා කොට තමා රජතුමාගෙන් අවවාදය පිළිගැනීමට කැමැති බව දන්වා සිටියේය. රජ්ජුරුවෝ ඊට සතුටට තොපට යහපත් අවවාදයක් දෙමියි 'කනින් ඇසුවත් ඇසින් දුටුවත් අතින් අල්ලා ගන්නා තුරු විශ්වාස නොකරව' යන අවවාදය තල්පතක ලියා දුන්හ. තුන් අවුරුද්දක් වැඩ කොටත් හිස් අතින් ගෙදර යෑමට සිදුවීම ගැන වඩුවාට තරමක කනගාටුවක් ඇති වූ නමුදු හේ එය විඳදරාගෙන ආපසු ගමට යෑමට පිටත් වූයේය. ගමරට ළං වෙත්ම දන්නා හඳුනන බොහෝ දෙනෙක් ඔහුට මුණ ගැසුණහ. තම බිරියගේ විත්ති ඔවුන්ගෙන් ඇසූ විට ඔවුහු නොයෙක් අපූරු කතා ඇද බෑහ.වඩුවාට තල්පතේ අවවාදය සිහි වී කනින් ඇසූ පමණින් විශ්වාස නොකොට අතට හසු වන තුරුම ඉවසා සිටියේය. ගමට ළඟා වූ පසු ගෙදර ඉසව්වට නොගොස් රෑ වන තුරු කල් බලා සිට මැදියම් රෑ ගොස් නිවෙසෙහි දොරට තට්ටු කෙළේය.වඩු භාර්යාව මැදියම් රෑ ආ අමුත්තා කවරෙක් දැයි නොදන්නී දොර නාරිමියි කීවාය. දුර ගිය සැමියා තමා යැයි වඩුවා නැවත නැවතත් කියා සිටි නමුත් භාර්යාව එය විශ්වාස නොකොට 'මගේ පුරුෂයා යකුන් ගස් යන මේ මැදියම් වෙලේ කිසි විටෙකත් නොඑති යි එළිවන තුරු දොර නාරින බව' තරයේ කීවාය.තම භාර්යාවගේ රූසපුව ගැනද තරුණභාවය ගැනද කරුණු මෙනෙහි කළ වඩුවාගේ සිතේ උපන්නේ බලවත් කුහුලකි. හේ සිතුවිලි නමැති පඹගාලෙහි තව තවත් එතෙන්නට වන මෙසේ දස අතේ කල්පනා කරමින් ආලින්දයෙහි මහ රෑ ගත කරන්නට වූ ඔහුට එක් අදහසක් පහළ විය. එනම් ඉණිමගක ආධාරයෙන් වහලට නැඟ පොල්අතු ඉවත් කොට තම බිරියගේ හැසිරීම ගැන විපරම් කොට බැලීමයි. එසේ බැලූ විට තම තරුණ බිරිය තවත් තරුණයකු සමඟ එක යහනේ නිදා සිටි බව ඔහුට දක්නට ලැබිණි. වියරු වැටුණකු මෙන් වහලෙන් බැස දිග රිටක ආයුධයක් බැඳ දෙදෙනාටම ඇනීමට තීරණය කර ගත්තේය. එහෙත් මෙහිදීද ඔහුට 'තල්පතේ අවවාදය' සිහි වී 'ඇසින් දුටුවත් අතට හසු වන තුරු විශ්වාස නොකළ යුතු බව සිතා' ඒ නපුරු අදහස සිතින් දුරු කොටගෙන පහන් වූ විට දෙදෙනා අතින්ම අල්ලා ගනිමියි නිසොල්මන්ව සිටියේය.ස්වකීය පුත්‍රයා හා සමඟ නිදා සිටි වඩු භාර්යාව උදෑසනින් පිබිදී දොර විවෘත කළාය. වඩුවා ගේ ඇතුළ පරීක්ෂා කොට නිදා සිටි තැනැත්තා තම පුත්‍රයා බව දැන සිදු වන්නට ගිය මහා විපත්තිය කියා සිය බිරිය හා පුතා සිප වැලඳ ගත්තේය. වඩුවාට රජුගේ අවවාදයෙහි 'තල්පතේ අවවාදයෙහි' වටිනාකම තේරුණේ ඉන් පසුය. ඔහු අවවාදය වෙනුවට රජුගෙන් වස්තුව ලබා ගත්තේ නම් ඔහු සහ මුළු පවුලම විනාශ වීමට ඉඩ තිබුණේය. ඔහු නැවතත් රජු වෙත ගොස් සියලු පවත් සැල කර සිටි කල්හි රජතුමා යළිත් ඔහුට අවවාද කොට බොහෝ සම්පත්ද දුන්නේය.



















